Header Ads

ගම්පහ (බණ්‌ඩාරනායක) ත්‍රස්‌තවාදය

ම්පහ බණ්‌ඩාරනායක විදුහල දින නියමයක්‌ නැතිව වසා දමන ලදැයි (04 දා) "දිවයිනේ" මුල් පුවත ලෙස පළ විය. හේතුව එහි විදුහල්පති ඉවත් කරන ලෙස ඉල්ලමින් සිසුන් කලබල කරන්නට වීම ය. කලහකාරී සිසුන්ගේ හැසිරීම ඉතාම ප්‍රචණ්‌ඩ වූ අතර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ළමා හමුදාවේ ත්‍රස්‌තවාදී හැසිරීමට සමාන විය. ඔවුන් දෑතට ඔ 56 පත් වී නම්, එම අවස්‌ථාවට මැදිහත් වනු පිණිස පැමිණි ගුරු, දෙගුරු, ආදි ශිෂ්‍ය, පොලිස්‌, මාධ්‍යවේදී යන සියලු දෙනාම වෙඩි කනවා ඇත. විදුහලේ ප්‍රශ්න විසඳීම සඳහා විදුහල්පති පොලිසිය හවුල් කරගන්නා බව ශිෂ්‍යයන්ගේ චෝදනාව ය. ශිෂ්‍යයන්ගේ හැසිරීම මේ ආකාර නම් ඔවුන් ගැන පළාතේ ග්‍රාමසේවකට හෝ වෙද මහත්තයාට පණිවුඩ දීමෙන් වැඩක්‌ නැත. මේ ප්‍රශ්නය විසඳීමට මැදිහත්කරුවන් ලෙස එන පූජ්‍ය පක්‍ෂය පවා අනතුරේ ය. අපගේ වැටහීමට අනුව මෙවැනි අවස්‌ථාවකට මුහුණ දිය හැක්‌කේ පොලිසියේ කැරලි මර්දන ඒකකයට හෝ ශ්‍රී ලංකා යුද හමුදාවට පමණි. තමන් තුළ ඉතා පහත් සාපරාධී බලවේගයක්‌ ගොඩනැඟෙමින් පවතින බව මේ ප්‍රචණ්‌ඩ සිද්ධියට සම්බන්ධ වූ සිසුන් පෙන්වා දෙන ලදී. සිද්ධිය පිටුපස ගුරුවරුන් කිහිපදෙනකු ද සිටින බව විදුහල්පති කියයි. මේ සියලු තත්ත්වයන්ගේ අවසන් ඵලය වන්නේ ශිෂ්‍යයන්ට අධ්‍යාපනය නැති වී, පාසලේ හොඳ නම විනාශ වීම ය. මේ සිද්ධියට සම්බන්ධ ත්‍රස්‌තවාදී ගුරුවරුන් කිහිපදෙනා ගැන සොයා බලා වහාම ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත යුතු ය. එසේ කිරීමට බැරි නම් විදුහල්පති ගෙදර යවා ත්‍රස්‌ත ගුරුවරුන් සහ ත්‍රස්‌ත ශිෂ්‍යයන්ගෙන් සමන්විත නායකත්ව මණ්‌ඩලයක්‌ පිsහිටුවා විදුහලේ පාලනය එම මණ්‌ඩලයට භාර දිය යුතු ය.

ශ්‍රී ලංකාවේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් ඉතා ගඳ ගහන "කක්‌කුස්‌සි වළක්‌" බවට පරිවර්තනය වෙමින් පවතී. සියලු ආකාරයේ නිල මැස්‌සන් මේ වළ උඩින් පියාසර කරන අතර සියලු ආකාරයේ පණුවන් මේ වළ තුළ පිහිනතිá අශූචි ගොඩේ ජීවත් වී එහිම මියයති. වැසිකිළි වළක ආධිපත්‍යය පවතින්නේ එහි තිබෙන සියලු ආකාරයේ විෂබීජවලටම ය. බණ්‌ඩාරනායක විදුහලේ ආධිපත්‍යය මේ වෙලාවේ පවතින්නේ ද එහි තිබෙන විෂ බීජ අතේ ය. මේ විෂ බීජ නැසීම සඳහා සමස්‌ත පාසලම ශෝධනය කළ යුතු ය.

පසුගිය මාස කිහිපය තුළදී රට පුරා පාසල් ගණනාවකම කලහකාරී තත්ත්වයන් ඇති විය. එක්‌කෝ එයට මුල ගුරුවරයකු සිසුවකුට පහර දීම ය. එහෙමත් නැතිනම් සිසුන් ගුරුවරයකුට පහර දීම ය. උසස්‌ පෙළ සිසුවකුගෙන් ගුටිකෑ විදුහල්පතිවරයකු රෝහලකට ඇතුළු කළ බව අපි රූපවාහිනියෙන් සහ පුවත්පත් මගින් දැනගතිමු. තවත් තැනකදී පහළ පන්තිවල ළමා පිරිසක්‌ එක්‌ව ගුරු මණ්‌ඩලයේ කිහිපදෙනකු කාමරයක්‌ තුළට දමා වැසූහ. විටෙක විදුහල්පති මාරු කළ විට ඔහු නැවත ඉල්ලා පෙළපාලි ගියහ. බැලූ බැල්මට මෙය විහිළුවක්‌ ලෙස පෙනුණ ද එය යටින් දිවෙන කතාන්දරය විහිළුවක්‌ නොවේ. රට පුරා පැතිර යමින් පවත්නා ඉතා සියුම් ඉතා තුනී කඩාකප්පල්කාරී රැල්ලක්‌ ගැන මෙයින් සංඥ කෙරෙයි. නූල තුනී වුවද එය නයිලෝන් නම් මළාට කැඩෙන්නේ නැත. පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය යටින් පැතිර යන ප්‍රචණ්‌ඩ රැල්ල තුනී වුවද ශක්‌තිමත් ය. එය මහපාරට ත්‍රිවිධ හමුදාවම කැඳවන විනාශකාරී අරගලයක්‌ බවට පත්වීමට තිබෙන ඉඩකඩ වැඩි ය.

මේ රටේ හැම ප්‍රශ්නයක්‌ම උසාවියෙන් පොලිසියෙන් හෝ කඩු පොලුවලින් කෙළවර වීම ෙ€දවාචකයකි. අවසන් විසඳුම, ආරම්භක විසඳුම වීමට ඉඩ හැරීම ඉතා නරක ය. මෙවැනි අදූරදර්ශී අවස්‌ථාවලදී ප්‍රතිඵලය නිතරම විනාශකාරී ය.
දිවයින -

1 comment:

  1. meka liyapu kena danne natuwa ati me iskole kalin hitapu viduhalpathiwaru ekka me sisun kopamana sahayogayen hitiyada kiyala,dawasak me pasale krida pitiyata gihin balanna,etakota me sisunda viduhalpathida visabije kiyala terei,kalin hitiya hamuduruwo jayantha sir wage aya dannawa oya visabija wala watinakama,eka nisa liyaddi kohenwat ahulagatta ewa liyan natiwa hoyala balala liyanna.eya obe anagatayata suba wei?

    ReplyDelete

Powered by Blogger.