පුටින් කළ දේ මෝඩි ලංකාවටත් කරයිද?
ජේ. ආර්. කියන්නේ ජේයාතිෂය එහෙමට විශ්වාස කරපු නායකයකු නොවේ. 1977 ජේ. ආර්. පළමු ඇමැති මණ්ඩලය දිවුරුම් දුන්නේ රාහු කාලයේය. හොඳ වේලාවක් බලන්න යැයි ජේ. ආර්.ගේ සමීපතමයන් උපදෙස් දුන්නත් ජේ. ආර්. කීවේ හැම වේලාවක්ම හොඳ වේලාවක් බවය. හැබැයි ජේ.ආර්.ගේ දෙවැනි නිල කාලයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දුන්නේ හොඳ වේලාවක් බලලාය. ජේ. ආර්.ගේත් ආණ්ඩුවේත් නරක කාලය ආවේ ඒ දිවුරුමෙන් පසුවය. ජේ. ආර්. පසු කාලයේ ජේයාතිෂය ගැන උනන්දු වූයේ ජේ. ආර්.ට ජේයාතිෂවේදියකු පළ කළ අනාවැකියක් නිසාය. මේ ඒ අනාවැකියය.
“ඔබතුමා දැන් හිතන්නේ ඔබතුමාට අභියෝග කරන්න කවුරුත් නැහැ කියලනේ. ඔබතුමාගේ ලොකුම තර්ජනය වෙච්ච මැතිනියට ඡන්ද කරන්න බැහැ. ෆීලික්ස් ඩයස් ගෙදර. ශ්‍රී ල.නි.ප.ය දෙකට තුනට කැඩිලා. බණ්ඩාරනායක පවුල අවුල්. විජය හිරේ. ජ.වි.පෙ. තහනම්. හැබැයි ඔබතුමාට දෙවැනි නිල කාලයේ ලොකු තර්ජනයක් එනවා. ඒ එන්නේ රට ඇතුළෙන් නෙවේ. පිටතින්. ඒකෙන් ඔබතුමාගේ ආණ්ඩුව විනාශ වෙලා යනවා. නරක කාලය එන කොට තර්ජනය කොහෙන් හරි එනවා. ඒක වළක්වන්න බැහැ...”
මේ ජේයාතිෂවේදියා කී අනාවැකිය හරියටම හරි යැයි ජේ.ආර්.ට තේරුණේ 1983 ජූලි කෝලහාලවලට පසු ඉන්දියාව උතුරේ යුද්ධය නිර්මාණය කරද්දීය.
ජේ.ආර්. බලයට ආවේ 1977දීය. 1977 සිට 1983 තෙක් ජේ.ආර්. විපක්‍ෂය විනාශ කළේ දෙවැනි නිල කාලයේ නිදහසේ රට පාලනය කරන්නටය. ඒකට ජේ.ආර්. මැතිනියගෙයි ෆීලික්ස් ඩයස්ගෙයි ප්‍රජා අයිතිය අහෝසි කළේය. මැතිනිය සහ මෛත්‍රි හැප්පුවේය. මැතිනිය සහ අනුරව හැප්පුවේය. මැතිනිය සහ විජය - චන්ද්‍රිකා කෙටෙව්වේය. විජයව අත්අඩංගුවට ගත්තේය. 1982 ජනමත විචාරණයක් පවත්වා ශ්‍රී ල.නි.ප.යේ තරුණ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට ඒම වැළැක්වූයේය. ජ.වි.පෙ. තහනම් කළේය.
ඒත් ජේ. ආර්.ගේ දෙවැනි නිල කාලය පටන් ගත්තේම මහා විනාශයකිනි. ඒ 83 ජූලි කලබලවලිනි. එතැන් සිට ජේ. ආර්.ට ඉන්දියාව එක්ක හැප්පෙන්න සිදු වූවා පමණක් නොව උතුරේත්, දකුණේත් යුද්ධ දෙකකට මුහුණදෙන්න සිදුවිය. ඒ, ජේ.ආර්.ගේ අවසානය විය.
“මහින්ද අවසන් වෙන්න යන්නෙත් ඒ විදියටද....?”
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉස්සරහ තියෙන ලංකාවට එරෙහි යෝජනාවයි, ඉන්දියාවේ මහ මැතිවරණයයි දිහා බලන කොට මහින්ද ලොකු අමාරුවක වැටෙන්න යන බව පැහැදිලිය. මහින්ද බලය ගත්තේ 2005දීය. මහින්දත් ජේ.ආර්. වගේ 2005 සිට දෙවැනි නිල කාලය තෙක් කළේ විපක්‍ෂය විනාශ කරලා දෙවැනි නිල කාලයේ නිදහසේ රට පාලනය කරන්න ඉඩකඩ හදා ගැනීමය. මහින්ද යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන් බාගෙන ඒ පක්‍ෂය දෙකඩ කළේය. ජ.වි.පෙ. දෙකඩ කළේය. ෆොන්සේකා හිරේට දැම්මේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හදාගෙන තුන්වැනි වරට ජනාධිපතිවරණය තරග කරන්න අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේය.
හැබැයි මහින්දටත් ජේ.ආර්. වගේම බලාපොරොත්තු වුණ නිදහස දෙවැනි නිල කාලයේ ලැබී නැත. ජේ.ආර්.ගේ විනාශය 83 කෝලාහලය. මහින්දගේ විනාශය යුද්ධයේදී සිදු වූවාය කියන අපරාධය.
“1983න් පස්සේ ජේ.ආර්. ගේ ඔළුව වැඩ කළේ රට ඇතුළේ දේශපාලනයට නොවේ. ජේ.ආර්. හැම තිස්සේම හිතුවේ ඉන්දියාව සල්ලන් කරන්නේ කොහොමද කියලයි. ජේ. ආර්.ගේ වැටීමේ ආරම්භය එතැනයි...”
මේ ජේ.ආර්.ගේ සමීපතමයෙක් කී කතාවය.
“අද මහින්දට වෙලා තියෙන්නෙත් ඒකමයි. උදේ, දිවා, රෑ හිතන්නේ ඇමෙරිකාව, පිල්ලේ සල්ලන් කරන්නේ කොහොමද කියලයි. රට ඇතුළේ දේශපාලනය ඔළුවට එනවා අඩුයි...”
මේ මහින්දගේ සගයෙක් කී කතාවය.
ජේ.ආර්.ගේ විනාශය 1983 කෝලාහලයය.
ඉන් පස්සේ ඉන්දියාව හොට දමන්න ගත්තේය. 1983 සිට 1986 දක්වා අවුරුදු තුනක් ජේ. ආර්. කොහොමහරි ඇදගෙන ගියේය. ඉන්දියාව ජේ. ආර්.ව නට්ටන් කළේ 1987දීය.
මහින්දගේ විනාශය සේ පෙනෙන යුද අපරාධ චෝදනා එළියට ආවේ 2010දීය. ඒ බෑන් කී මූන්ගේ කමිටු වාර්තාවෙන්ය. එතැන් සිට අවුරුදු තුනක් ඒ කියන්නේ 2013 තෙක් මහින්ද ජේ.ආර්. වගේ කොහොමහරි ඇදගෙන ගියේය.
මේ 2014ය. ජේ.ආර්. වගේම මහින්දත් කොටු වෙලා තියෙන වර්ෂයය. මහින්ද කොටුවෙලාය කියන්නේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තියෙන යෝජනාව නිසාම නොවේ. ඒ යෝජනාවට අනුව පිල්ලේ පත් කරන නියෝජිතයාට හෝ කමිටුවට ලංකාවට එන්න මහින්ද අවසර නොදුන්නොත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවනු ඇත. එතකොට වදින්නේ මිනිසුන්ගේ බඩටය.
මහින්ද ඇත්තටම කොටුවෙලා තියෙන්නේ ඒ යෝජනාවටත් වඩා ඉන්දීය මහ මැතිවරණය නිසාය. ඉන්දීය මහ මැතිවරණයෙන් මෝඩි බලයට එන්නේ තනිවම නොවේ. මෝඩි එන්නේ ජයලලිතාවත් කරේ තියාගෙනය. ජයලලිතා සිය ඡන්ද සටන දියත් කරමින් මාර කතාවක් කළාය.
“කොංග්‍රස් ආණ්ඩුව ඉන්දියාව දුර්වල රටක් කරලා. අසල්වැසි රාජ්‍ය අතර බයගුල්ලෙක් කරලා. අපි බලයට ආවොත් හමුදාව ශක්තිමත් කරලා ඉන්දියාවේ අභිමානය බලවත්කම ලොවට පෙන්වනවා....”
මේ ඇගේ ඒ කතාවය.
“මම බලයට ආවොත් ලංකාව ගැන තීන්දු තීරණ ගනිද්දී තමිල්නාඩුවේ මතය විමසනවා...”
මේ මෝඩි කී කතාවය.
මෝඩිගේ භාරතීය ජනතා පක්‍ෂය ඇමෙරිකානු වන්දනාවේ යන පක්‍ෂයකි. 2001 රනිල්ගේ ආණ්ඩු පෙරළියට මෙන්ම නෝර්වේ සාම ප්‍රයත්නයටත් ඉන්දියාව සහාය පළ කළේ ඇමෙරිකානු හිතවාදී භාරතීය ජනතා පක්‍ෂ ආණ්ඩුවක් බලයේ හිටි නිසාය.
“හොඳයි මෝඩි ජයලලිතාගේ කරුවෙන් බලයට එනවා. එතකොට විග්නේශ්වරන් පළාත් සභාවට බලය දෙන්න කියලා උතුරේ මහ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් කරනවා. ආණ්ඩුව ඒ සත්‍යග්‍රහ ව්‍යාපාරය මර්දනය කරනවා. රතුපස්වල වගේ තත්ත්වයක් ආවොත් මිනිසුන් මැරෙයි. ජයලලිතා මෝඩිට කියනවා අපේ මිනිස්සු ආරක්‍ෂා කරලා දීපන් කියලා. මෝඩි උතුරට ඉන්දීය සාම සාධක හමුදාව යවන්න තීරණය කරනවා”
මේ ඉන්දු - ලංකා සබඳතා ගැන විශේෂඥයෙක් කී කතාවය.
“මෝඩිට එහෙම කරන්න පුළුවන්ද....”
මාධ්‍යවේදියෙක් ඔහුගෙන් එසේ ඇසුවේය.
“මොකද බැරි...? අද මහින්දගේ ආණ්ඩුවට එරෙහිව තියෙන ලෝක ජනමතය 87දී ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව තිබුණේ නැහැ. ඒත් ඉන්දියාව ලෝක ජනමතය ගණන් නොගෙන හමුදාව යවන්න තීරණය කළා. අද ලෝකය එකතු වෙලා උතුරට බලය දෙන්න යූ.එන්. කොමිසමේ යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා. 87 ගාන්ධිට වඩා අද මෝඩිට වැඩේ ලේසියි...
මේ ඔහු කී කතාවය.
“දැන් රුසියාවේ පුටින් යුක්රේනයේ තමන්ගේ ජනතාව ආරක්‍ෂා කර ගන්න කියලා හමුදාව යැව්වේ. මහින්දගේ ආණ්ඩුවත් ඒ වැඩේ හරි කියන්නා වගේ නිවේදනයක් නිකුත් කළේ. පුටින්ට පුළුවන් නම් මට බැරි ඇයි කියලා මෝඩි අහයි. එතකොට මහින්දගේ ආණ්ඩුව එපා කියන්නද...?”
මේ ඔහු අන්තිමට කී වචනය.
“ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ. ඕනෑවට වඩා කපටි වුණාමත් කපටි සූට් එක බේරාගන්න අමාරුයි. මහින්ද මට වුණෙත් ඒකමයි”
ජේ.ආර්.ට වළෙන් නැඟිටින්න පුළුවන් නම් මහින්දගේ කනට කරලා ඔය ටික නොකිව්වොත් පුදුමය.
උපුල් ජෝශප් ප්‍රනාන්දු

මහ මෝඩ කතාවක් මේක. පුටින්ගෙ තත්වයයි මෝඩිගෙ තත්වයයි වෙනස්.රුසියාව ලෝක මහ බලවතුන් දෙදෙනාගෙන් කෙනෙක්.අනෙක ක්‍රිමියාව 1954 වන තුරු රුසියාවෙ පලාතක්.ඉන්දියාව කලාපීය බලවතෙක් මිස ලෝක බලවතෙක් නොවෙයි.උතුරට ඇවිත් කාපු කෑම ඉන්දියාවට තවම වමාරන්න බැරිවයි ඉන්නෙ. ඒ නිසා ලංකාව ඉන්දියාවෙ වියට්නාමය කර ගන්න ඉන්දියාව කැමති නෑ.
ReplyDelete