කොස්‌තාපල් මනුෂ්‍යයකු වීම? (1)
ඉතා මූසල වූ ද කෲර වූ ද පුවත් දෙකක් 02 වැනිදා පුවත්පතේ පළ විය. පළමුවැන්න තම බිරිඳ රට රැකියාවකට යෑවූ නීච සැමියෙක් තම නිවසේ කුලියට සිටි බාල වයස්‌කාර දැරියක කෙළෙසීම ය. දෙවැන්න නිතර බීමතින් නිවසට එන පොලිස් කොස්‌තාපල් කෙනකු සිය පහළොස් හැවිරිදි දියණියට හිංසා පීඩා කිරීම ය. පළමුවැනි සිද්ධියේ හැටියට නීච සැමියා දැරිය දූෂණය කරන්නේ ඇගේ මවගේ ද අනුමැතිය සහිතව ය. මේ අම්මා පෙර කී නීචයාට අනුමැතිය දීම අපට මහත් පුදුමයකි. වඩාත් නිවැරැදි
පියවර වන්නේ දියණියගේ ආරක්‍ෂාව පතා නීචයාට මන්නයකින් කෙටීම ය. (එහෙත් මිනී මැරීමට අපි අනුබල නොදෙමු.) දෙවැනි සිද්ධියට අදාළ පොලිස් කොස්‌තාපල් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමට ගොස් පොලිසියට මාට්‌ටු වී වැඩ තහනමට ලක් වූ කෙනෙකි. මේකා සිය දියණියට හිංසා කරන විට ඇගේ මව හෙවත් මේකාගේ බිරිය මන්නයකින් සංග්‍රහ නො කළේ ඇයි? (සමාවෙන්න අපි මිනී මැරීමට අනුබල නො දෙමු.) කොස්‌තාපල්ගේ ගෙදර හැසිරීම ද මෙසේ නම් ඔහු කාකි කලිසමට බැස්‌ස විට හැසිරෙන ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු නැත. මෙහි වරද පොලිසියේ හෝ කොස්‌තාපල් තනතුරෙහි නො වන බව අවධාරණය කරමු. මෙහි වරද ඇත්තේ කොස්‌තාපල් තුළ ජීවත්වන මනුෂ්‍යයා තුළ ය. මනුෂ්‍යයා තුළ යකෙක් ද ජීවත් වෙයි. මේ සිද්ධියට සම්බන්ධ කොස්‌තාපල් ඒ යක්‍ෂයා අවදි කර ගත් පුද්ගලයෙකි. පළමුව ඔහු පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී ඒ යකා අවදි කළේ ය. දෙවනුව ගෙදරදී සිය දියණිය ඉදිරිපිට යකා අවදි කළේ ය.
සෑම සමාජයක් තුළම අපරාධ සිදු වෙයි. වරදකරුවන්ට දඬුවම් දී ඒ වැරදි සම්බන්ධයෙන් පියවරක් ගත හැකි ය. එවිට තරාදියේ එක පැත්තකට වැරදිත්, අනෙක් පැත්තට දඬුවමත් දමා පාර්ශ්ව දෙක සමාන කළ හැකි ය. එහෙත් අපරාධය යන සංකල්පය සමාජගත වී තේ බීම, බනිස් කෑම, මුහුණ සේදීම, බස් එකේ යැම වැනි සාමාන්‍ය ක්‍රියාවලියක් වූ විට හටගන්නා තත්ත්වය ඉතාම නරක ය. විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමයින්ට අපරාධ කිරීම සමාජගත වූ විට ඇතිවන තත්ත්වය ඉතාම රුදුරු ය. ළන්කවෙබ් නමැති අන්තර්ජාල අඩවියට අනුව ශ්‍රී ලංකාව තුළ සෑම විනාඩි 90 කට වරක් ස්‌ත්‍රී දූෂණයක් සිදු වෙයි. සෑම දිනකම දරුවන් 3 - 5 අතර ගණනක් දූෂණය කරනු ලැබේ. කහවත්තේ කොටකෙතනදී මරණ ලද කාන්තාවන් ගණන 28 කි. බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ කුරාම් ෂෙයික් මරා ඔහුගේ රුසියන් පෙම්වතිය වූ වික්‌ටෝරියා තකෂෙවා දූෂණය කිරීම මගින් අන්තර්ජාතික සංචාරක ක්‍ෂේත්‍රය තුළ ලංකාවට වැදුණු අසූචි පහර ඉතා ගඳ ය. මෙහි ප්‍රධාන සැකකරුවා දේශපාලනඥයෙකි. පසුගියදා ඔහු උසාවියට ඉදිරිපත් කළ විට ඔහුගේ හිතවත්තු බන්ධනාගාර නිලධාරීන්ට බැණ වැදුණාහ. අද මිනිසුන් අපරාධ කිරීමට බය නැත. එල්ලුම් ගස නැති වීම එයට ප්‍රධාන හේතුව වන්නේ ද නැත. මන්ද හැම අපරාධයකටම එල්ලන්නේ නැත. ස්‌ත්‍රී දූෂණයකදී විත්තිකරුගේ ඇඟේ වැදගත් කෑලි - බෑලි ඡේදනය කර ඔහු මැරිය යුතු නමුදු බොහෝ දුරට සිදු වන්නේ ඔහු පස් අවුරුද්දකට නැත්නම් තුන් අවුරුද්දකට ඇඟ බැඳ එළියට එවීම ය. එයට හේතුව දණ්‌ඩ නීති සංග්‍රහයේ එම නීති කොටස පණ මදි වීම ය. දැනට තිබෙන නීති රීති තුළ 'ක්‌වික් ඇක්‌ෂන්' ගත හැකි එකම නීතිය අල්ලස් නීතියයි. මේ යටතේ මම අල්ලස් දුන්නෙමි යනුවෙන් එක සාක්‍ෂියක් ද මම අල්ලස් දෙනු දැක්‌කෙමි යනුවෙන් තව සාක්‍ෂියක් ද ඉදිරිපත් කළ හැකිනම් තුන්වැන්නකු කූඩුවට දැමීම ඉතා පහසුය. නීතියේ සෑම කොටසක්‌ම බල ගැන්විය යුතුව තිබේ. ඒ සඳහා රජයේ අවධානය යොමු වේවා·

No comments