හදිසි ජනපතිවරණයකට නොයන්නේ ඇයි?
'හදිසි ජනාධිපතිවරණයක් නැත්තේ ඇයි...?'
මේ බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්දය අවසන් වූ විගස හැමෝම අහන ප්‍රශ්නයය.
'ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව බය වුණා...'
මේ යූ.ඇන්.පී.ය කියන කතාවය.
'ඇත්තටම ආණ්ඩුව බය වෙලාද...?'
ඇත්ත කතාව නම් ජනාධිපතිවරණය කල් යන්න යන්න ආණ්ඩුව බය විය යුතුය. හේතුව යන්න යන්න
ආර්ථිකය වැටෙනවා මිස ගොඩයෑමක් නැත. යන්න යන්න ජාත්‍යන්තරයෙන් ආණ්ඩුවට එන බලපෑම් වැඩිය. උදාහරණයක් ලෙස ජිනීවා යෝජනාව ගතහොත් වසරක් තුළ පරීක්‍ෂණය අවසන් කළ යුතුය. පරීක්‍ෂණ කාලය තුළ හෝ ඉන් පසු ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසම එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නැතිනම් යුරෝපා රටවල් ලංකාවට ආර්ථික සම්බාධක පනවන්න තියෙන ඉඩ කඩ වැඩිය. එවිට බඩ පටි තද කරගන්න වෙන්නේ ජනතාවටය. ජනතාව බඩ පටි තද කරගෙන ඉන්න වෙලාවක ආණ්ඩුවකට ඡන්ද තියන්න බැරිය.
'එහෙම බලන කොට හොඳම වෙලාව දැන් ජනාධිපතිවරණයකට යන එකනේ...?'
කතාව ඇත්තය. ප්‍රශ්නය ආණ්ඩුව ඇයි හදිසි ජනාධිපතිවරණයකට නොයන්නේ කියන එකය. විපක්‍ෂය තවමත් එක්සේසත් වී නැති නිසාත්, පොදු අපේක්‍ෂකයකුත් හොයාගෙන හැමෝම එක ලාංඡනයක් යටතට ගන්න සාකච්ඡා කිරීම සඳහාම කාලයක් යන නිසාත් හදිසි ජනාධිපතිවරණයකට යන්න හොඳම වෙලාව මේකය.
2013දී ආණ්ඩුව මුට්ටිය දමලා කීවේ තමන් 2014 හදිසි ජනාධිපතිවරණයකට යන බවය. ආණ්ඩුවට ප්‍රශ්නය තිබුණේ දෙවැනි නිල කාලයේ වසර හතර අවසන් වීමට පෙර හදිසි ජනාධිපතිවරණයකට යන්න පුළුවන්ද කියන එක ගැනය. ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයකුට පළමු නිල කාලයේ පළමු වසර හතර අවසන් වූ විගස ජනාධිපතිවරණයකට යා හැකිය. එහෙත් දෙවැනි නිල කාලයේ වසර 6 සම්පූර්ණ වූ විගස ජනාධිපතිවරණය පවත්වන බලය තියෙන්නේ මැතිවරණ කොමසාරිස්ටය. හේතුව වාර දෙකකට වඩා ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි සේ පනවා තිබූ ව්‍යවස්ථා බාධාවය. 2005 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු වසර සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය මතු විය. එහිදී ජනාධිපතිවරයාගේ නිල කාලය ගණන් කිරීම සහ මැතිවරණ දිනය තීරණය කිරීම අගවිනිසුරුවරයාගේත්, මැතිවරණ කොමසාරිස්වරයාගේත් මතය අනුව තීරණය විය.
මහින්ද දෙවැනි නිල කාලයට ජනාධිපති වී තෙවැනි වරට ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි සේ පනවා තිබූ ව්‍යවස්ථා බාධාව ඉවත් කර ගත්තාට තෙවැනි වර ජනාධිපතිවරණය පවත්වන්න දෙවැනි නිල කාලයේ පළමු වසර හතර ගෙවන තෙක් සිටිය යුතුද යන ප්‍රශ්නයට නීතිමය අර්ථ නිරූපණයක් ගෙන තිබුණේ නැත.
2013දී මාධ්‍යවල සඳහන් වූයේ දෙවැනි නිල කාලයේ පළමු වසර හතර අවසන්වීමට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්න පුළුවන්ද නැතිද යන්න ගැන නීතිමය අර්ථ නිරූපණයක් ගැනීම සඳහා එය අගවිනිසුරුවරයා වෙත යොමු කොට ඇති බවය. මෙය ඇතැම් මාධ්‍යවල ප්‍රධාන පුවත් සිරස්තලය විය. නමුත් මාස ගණනක් ගෙවී ඇතත් අගවිනිසුරුවරයාගේ මතය තවම ප්‍රසිද්ධියට පත්කොට නැත.
'වසර හතර ගත වීමට පෙර ජනාධිපතිවරණයකට නොයන ලෙස ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරමින් අගවිනිසුරුවරයා උපදෙස් දුන්නාද...?'
මේ ප්‍රශ්නයට පිළිතුර දන්නේ අගවිනිසුරුවරයාත් මහින්දත් පමණි. කෙසේ හෝ අගවිනිසුරුවරයා ගේ මතය ප්‍රසිද්ධියට පත් නොකළත් ආණ්ඩුව කීවේ තමන් හදිසි ජනාධිපතිවරණයකට නොයන බවය.
'හදිසි ජනාධිපතිවරණ නැහැ...'
මේ ආණ්ඩුවේ මාධ්‍ය පමණක් නොව මහින්දත් ඇමැති මණ්ඩලය තුළදීත්, මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම්වලදීත් මතුරපු මන්තරය ය. මෙයට කලින් හදිසි ජනාධිපතිවරණයක් කිය කියා විපක්‍ෂය බය කරපු ආණ්ඩුව හිටි හැටියේ යකා ගැහුවා වගේ තුෂ්ණිම්භූතව හදිසි ජනාධිපතිවරණ නැහැ කියන්න පටන් ගත්තේය.
දකුණු පළාත් සභා ඡන්දයේදී ඡන්දය දමන්න යන ගමන් මහින්ද කීවේ හදිසි ජනාධිපතිවරණ ඉල්ලන්න එපා කියලාය.
43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එන්න මූලිකම හේතුව හදිසි ජනාධිපතිවරණයකට යන්න අවශ්‍ය ව්‍යවස්ථා අර්ථ නිරූපණය ලබා ගන්න ඇය බාධාවක් වීම යැයි එකල එ.ජා.ප. සහ ජ.වි.පෙ. මන්ත්‍රිවරු කීහ. නව අගවිනිසුරුවරයා යටතේත් ආණ්ඩුවට හදිසි ජනාධිපතිවරණයකට යන්න නොහැකි වී ඇත.
මෙහි ලස්සනම කතාව මහින්දට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් වුණේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනාධිපතිවරණය 2005 පැවැත්විය යුතු යැයි දුන් අධිකරණ තීන්දුව නිසාය. අගවිනිසුරුවරයා එම තීන්දුව නොදුන්නා නම් එකල ජනාධිපතිනි චන්ද්‍රිකාට තව වසරක කාලයක් හිමිවේ. එම වසර තුළ ඇය මහින්දව අගමැති ධුරයෙන් ඉවත් කොට සුනාමි යාන්ත්‍රණය නිසා ජ.වි.පෙ. සමඟ ඇති වූ ප්‍රශ්න බේරාගෙන ජ.වි.පෙ. සන්ධානය ශක්තිමත් කරගන්න හැකියාව තිබිණි. නැතිනම් රනිල්ව අගමැතිකොට ජාතික ආණ්ඩුවකට යා හැකිව තිබිණි. එම කාලය තුළ ව්‍යවස්ථාව වෙනස් කොට විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීමට හැකියාව තිබිණි. එහෙත් හිටපු අගවිනිසුරු දුන් තීන්දුව නිසා ඇයට හදිසියේ ජනාධිපති අපේක්‍ෂකයකු හොයාගන්න සිදුවිය. අගමැති මහින්දව නම් කිරීම හැර ඇයට වෙන විකල්පයක්ද නොවීය.
මහින්ද ජනාධිපති වී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් චන්ද්‍රිකා මුහුණ දුන්නා වැනි අර්බුදයකට මුහුණ දීම වළක්වා ගත්තේය. ඒත් ඔහුටත් ඔහුට ඕනෑ වෙලාවට ජනාධිපතිවරණය පවත්වා ගන්න නොහැකි වී ඇත.
'ඒ කියන්නේ චන්ද්‍රිකා මුහුණ දුන් අභියෝගය වෙන විදියකට මහින්දටත් මුහුණ දෙන්න වෙලාද...?'
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි පසුවෙන කොට කොහු කොහු වෙන්නේ මහින්දයි ආණ්ඩුවයි දෙකමය.
උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments