මාලිනී එන්න, මල් පිපීදැ’යි බලන්න – චින්තන ධර්මදාස
මාලිනී ගැන ලියන්න… මාලිනී ගැන හෝ නන්දා මාලිනී ගැන තව මොනවා ලියන්නද? ඒවා ඉවරවෙච්ච චරිත.
ඒ කියන්නේ මාලිනීලා අතින් යමක් නොවුණා කියලා නෙමෙයි. ඒත් වර්තමානයේ ඔවුන් ගත කරන ජීවිතය විසින් අතීතයේ ඔවුන්ට ආදරය කළ මං වගේ චරිත තුළ ඇති කරන ජුගුප්සාව නොලියාම බෑ.
මාලිනීට ප්‍රංශයේ පැවැත්වෙන ආසියානු සිනමාව ගැන සම්මාන උළෙලකින් ගෞරවනීය ඇගයීමක් ලැබෙනවා මෑතක. ඒ හින්දා හිස් වර්ණනා වෙනුවෙන් පිටු ගණන් එම්බාම් කඩ එකදිගට ඇරෙනවා
නොඅනුමානයි. ඒක හින්දා මං කියන අගුණක් වුණත් ප්‍රතිශතයක් විදිහට නොසලකා හැරිය හැකි කුඩා වෙයි. ඒත් මං ටිකකට ආපස්සට හිතන්න පටන් ගත්තා, ඇත්තටම මාලිනී මොනවාද කළේ? (නන්දා මාලිනී ටිකකට පැත්තකින් තියලා අපි මන්ත්‍රී මාලිනීට කලින් හිටපු නිළි මාලිනී එක්ක කළු සුදු නොස්තැල්ජියාවකට ඇතුළු වුණොත්..)
මාලිනී අතිශය සංකීර්ණ මානවභාවයන් සියුම් විදිහට නිරූපණය කිරීමට සමත් ගැඹුරු නිළි ප්‍රතිභාවක් තියෙන කෙනෙක් කියලා කිව්වොත් මං හිතන්නේ ඒක බොරුවක්. මාලිනී ඒ වගේ ගැඹුරු චරිතවලට ඇතුල් වෙන්න ට්‍රයි කරන හැමතැන ඇන ගන්නවා. උදාහරණ විදියට එයා ර`ගපාන ඕනෑම සම්භාව්‍ය චිත්‍රපටියක් අරගෙන බලන්න. මහා සිනමා කෘතියක් විදිහට පසසන නිධානයේ පවා මාලිනීගේ රංගනය හරිම මතුපිට එකක්. ඒත් එයාගේ සිනමා ඉතිහාසයේ එක තැනකදී විතරක් එයා මේ කියන කතාව බොරු කරනවා. ඒ චිත්‍රපටිය මොන විදිහකින් ඒ තරම් සංගතව නිර්මාණය වුණාද කියලා මම නැවත නැවත බලමින් පුදුම වෙනවා. චිත්‍රපටියේ නම ‘එයා දැන් ලොකු ළමයෙක්’. මාලිනී ර`ගපෑ කොයිම චිත්රපටියකවත් මට මුණ නොගැහුණු, හරිම සියුම් තැන්වලින් අල්ලන විශිෂ්ට රංගනයක් එයා එතනදි කරනවා.
ඒත් මං මාලිනීට කැමති එයා කරපු ජනප්‍රිය චිත්‍රපටි හින්දා. ඒ චිත්‍රපටිවල මාලිනී අපිට දැනෙන්න ලොකුම හේතුව මං හිතන්නේ එයා තිරේ උඩට අරගෙන එන සෙක්සුවල් එනර්ජි එක. ඒ ශක්තිය තිරය උඩ ඕනෑම ආකාරයකින් වැඩ කරනවා. ඒක නළු නිළි පාඨමාලාවලින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. සමහරවිට හොඳ චරිතාංග නිළියක් විදියට මාලිනී අසාර්ථක වෙන්න හේතුවත් මේ භාග්‍යයම වෙන්න පුළුවන්. ඒත් මාලිනී ලංකාවේ හැම කොල්ලෙකුගේම පෙම්වතිය වෙන්න තරමට විශාල ස්ත්රීත්වයක් මැවුවා.හොඳ නිළියක් වෙන්න නම් හොඳට පිරිමිත් එක්ක නිදා ගන්න ඕනෑ කියන කතාව මීට ටික කාලෙකට කලින් මං විශ්වාස නොකළත් අද මං හිතන්නේ ඒක ඇත්තක්. සදාචාරය හෝ ස්ත්‍රීවාදය පැත්තෙන් ඒක කොයි විදිහක වුණත් දැවැන්ත නිළියක් විදිහට ඒ තරං විශාල ආදරයක් ගොඩනැගෙන්නේ නෑ ඒ දුර තරණය නොකළා නම්. ස්ත්‍රීත්වය සදාචාර සීමාවන් ජයගත යුතුමයි. දැවැන්ත නිළියක ඉඳන් නිරෝගී ගෑනියෙක් වෙනකල් හැම හොඳ දෙයක්ම සිද්ද වෙන්නේ එතකොට විතරයි.
මං හිතන්නේ මාලිනී තිරය උඩට අරන් එන ජවය වෙන කිසිම නිළියකට ගේන්න බැරිවුණ හේතුව එයාගෙ සෙක්සුවල් කැරිස්මාව. මාලිනී විජය එක්ක ගොඩනගන ආදරය බිඳින්න වෙන කිසිම නිළියකට බැරිවුණා. විජය ජනප්‍රිය වුණේත් එයා චරිතවල ගැඹුරු තැන් අතපත ගාන නළුවෙක් හින්දා නෙමෙයි. මාලිනීට වගේම විජයටත් මේ එනර්ජිඑක තිබුණා. මේක පිරිමි හෝ ගෑනු කොච්චර ගානක් එක්ක නිදාගන්නවාද වගේ සරල කාරණයක් නෙමෙයි. ඒක ඇෙ`ගන් අරගෙන එන දෙයක්. ඒගොල්ලන්ට තියෙන්නේ නිකං හිටගෙන ඉන්න විතරයි. ඉතින් විජය තිරේට අරගෙන ආපු ඒ ලිංගික පෞරුෂය දරන්න පුළුවන් වුණේ මාලිනීට විතරයි. එයා එතනට එන්නෙ ගාමිණීව ඉවර කරලා.
”මං හිතන්නේ ඒක අපේ ඇතුළත ශක්තිය එක්ක සම්බන්ධ කාරණයක්. අපි කොයිතරම් අපේ ලිංගික ශක්තීන් හෝ උතුරායෑම් ගැන පහසුවෙන්ද ඉන්නේ.. අපිට පුළුවන්ද ඒවාට ඉඩදෙන්න… අපේ ඇතුළෙම විවෘත වෙන්න.. මං හිතන්නෙ තමන්ව බාර ගන්න පුළුවන්, තමන්ව ඇති සැටියෙන් පිළිගන්න පුළුවන් මිනිස්සු විරලයි..’: ජෙමාකායේ, ඕස්ටේ්රලියානු නළුවෙක්.
මාලිනී කියන්නේ ලංකාවෙ සෙක්සුවල් කැරිස්මා එකක්. එයා නිළියක් විදිහට වැදගත්ම වෙන්නේ දැන් මළකඳන් වගේ ඉන්න නිළියන්ට මේ කාරණය මතක් කරන හින්දා. ඒත් මාලිනී කියන්නේ සෙක්ස් සිම්බල් එකක් නෙමෙයි. ඒක නිසා තිරය උඩ මාලිනී වගේ චරිතවලට ලැබෙන ආධිපත්‍යය විශාලයි. සෙක්ස් සිම්බල් එකක් ඇඳක් උඩට විතරක් සීමාවෙද්දී සෙක්සුවල් කැරිස්මා එකක් පේ්රක්ෂකයෙකුගේ ජීවිතේම වෙන්න පුළුවන්.
ඒත් අවාසනාවට ඒ පිරිමි ටික ඉවරවෙලා යද්දි මාලිනීගේ මේ කැරිස්මාවත් හිඳිලා ගියා. ඊට පස්සේ නළුවො විදියට ආපු ‘වෙන්න පිරිමි’ එක්ක මේ කෙමිස්ටි්ර එක වැඩකළේ නෑ. ඒක නාකිවෙන කොට දියවෙලා යන එකක් නෙමෙයි. උදාහරණයක් විදිහට ෂබානාඅස්මි, ඒ උදාහරණය දුර වැඩි නම් රේඛා අරගෙන බලන්න (බටහිර උදාහරණ අමතක කළොත්). ඒත් මාලිනීගේ කැරිස්මාව, සිනමාවත් එක්ක ඒක දියවෙලා ගියා.
ඒ කොහොම වුණත් මාලිනී කියන්නේ ලංකාවෙ එකම නිළි රැුජිණ. ඒක ඉස්සරහටත් පස්සටත් එහෙමමයි. මං හිතන්නේ ඒ ගැන දුක්වෙන්න ඕනෑ මාලිනී නෙමෙයි, අපි.
ravaya -

No comments