එල්ලාවල හිමියන්ට සවන් දෙමු
'අතීතයට අයත් කිසිවක් නූතනත්වය මඟින් අතපත නොගෑ යුතුය. අතීත සිතුවමක තැවරෙන තීන්ත පහරක් විසින් අපට අහිමි කරනු ලබන්නේ අතීත උරුමය තාක්‍ෂණය පමණක් නොව එදා විසූ මිනිසුන්ගේ ජීවිතයේ සරලභාවයයි. අල්පේච්ඡතාවයි. නවීනත්වය විසින් අහිමි කරනු ලබන උරුමය මිල කළ නොහැකිය. කිසිදා යළි ගොඩනැඟීමටද හැකියාවක් නැත' ආචාර්ය ආනන්ද කුමාරස්වාමි සූරීන් පළ කළ මේ අදහස් වර්තමානයේ අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර
කර දමා ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන ලෙස සැලැකෙන සේරුවිල චෛත්‍යයේ පාදම ගලවා දමා පෞරාණිකත්වය විනාශ කිරීම, වටිනා සෙල්ලිපි සහිත හොරොව්පොතාන දියතිත්තවැව ආරණ්‍ය සේනාසනයේ පුරාවස්තු විනාශ කිරීම, පානම කුඩුම්බිගල පුරාවස්තු විනාශ වන ආකාරයට මහල් තුනක ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ඊට ආසන්නම උදාහරණ කිහිපයක් පමණි. තවත් උදාහරණ එමටය.
පුරාවිද්‍යා වටිනාකමක් ඇති පැරැණි ආගමික ස්ථාන හා වෙනත් ඉදිකිරීම් විනාශ කිරීමේ ප්‍රමුඛයන් වන්නේ පුරාවස්තු කොල්ලකරුවන්ය. 'ඇන්ටික්' භාණ්ඩවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. අධික මිලකට අලෙවි කළ හැකිය. නිධන් හාරන්නන් තවත් කණ්ඩායමකි. නිධාන ලබා ගැනීම සඳහා මිල කළ නොහැකි ජාතික නිධානයක් බඳු පුරාවිද්‍යාත්මක ස්ථාන ඔවුහු විනාශ කර දමති. දැන හෝ නොදැන නව ඉදිකිරීම් කර පුරාවිද්‍යා ස්ථාන වනසා දමන්නෝ අනෙක් පිරිසය.
ජපානය වැනි රටක පුරාවිද්‍යා වටිනාකමින් යුතු ස්ථාන හමුවූ විට ඒවා පැවැති ලෙසට තිබෙන්නට හැර නැරැඹීම සඳහා ඒ අසල ආකෘති ගොඩනඟන ක්‍රමයක් පවතී. එහි අරමුණ පෞරාණික දේවල් ඉදිරියටත් නොනැසී පවත්වා ගැනීමය. ඉන්දියාවේ ඇති පෞරාණික බෞද්ධ ආගමික ස්ථාන හා වෙනත් කිසිදු පුරාවිද්‍යාත්මක ස්ථානයක නිත්‍ය ලෙස රැඳී සිටීමට කිසිවකුට අවසර ලබාදී නැත. එවැනි ස්ථානවල භික්‍ෂුන්ට, පූජකයන්ට හෝ වෙනත් පුද්ගලයන්ට රැඳී සිටීමට ඉඩ ලබාදී ඇත්තේ සවස 6.00 දක්වා පමණි. එහෙත් මෙරට තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.
පෞරාණික වටිනාකමික් ඇති බෞද්ධ ස්ථාන රැසක භික්‍ෂුන් රැඳී සිටින අතර ඔවුන්ගේ අභිමතය පරිදි නව ඉදිකිරීම් කර ඇති අවස්ථා බහුලය. පෞරාණික ස්ථානවල මුල් මුහුණුවර හඳුනා ගැනීමට නොහැකි තරමට විකෘති කළ ස්ථානද මේ අතර තිබේ. යාපනය කොටුව, ගාලු කොටුව, කොළඹ තුරඟ තරග පිටියේ ගොඩනැඟිලි ඇතුළු මුල් මුහුණුවර එලෙසම රැකගනිමින් ප්‍රතිසංස්කරණය කළ ස්ථාන තිබෙන බවද මෙහිදී අවධාරණය කළ යුතුය.
කෙසේ වුවද පුරාවස්තු විනාශ කරන්නන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රමුඛ අදාළ ආයතන අවශ්‍ය පියවර ගත්තද අදෘශ්‍යමාන හස්තයකින් එම පිරිස් බේරාගන්නා බවට දශක කිහිපයක සිට පුරාවිද්‍යා පර්යේෂණ කරන ඊට අදාළව කෘති රැසක් ලියා පළ කර ඇති එල්ලාවල මේධානන්ද හිමියන් නඟන චෝදනාව බරපතළය.
උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ ජාතික උරුමයන් රැකගැනීමට බලධාරීන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් ක්‍රියා නොකිරීම නිසා පුරාවිද්‍යා ගවේෂණවලින් තමන් වහන්සේ ඉවත්වීමට තීරණය කර ඇති බවය.
එල්ලාවල මේධානන්ද හිමියන් ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයකු වීම නිසා ආණ්ඩුවට මඩගහන බව කියා චෝදනාවලට පිළිතුරු නොදී ලිස්සා යෑමට ආණ්ඩුවේ බලධාරීන්ට කිසිදු ඉඩක් නැත.
පුරාවස්තු විනාශ කරන්නන් ආරක්‍ෂා කිරීමට අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වේ නම් ඒ ගැන දන්නා සියලු තොරතුරු නොවළහා හෙළි කිරීම එල්ලාවල මේධානන්ද හිමියන්ගේ යුතුකමකි. උන්වහන්සේ මේ සම්බන්ධව ජනාධිපතිවරයාට යැවූ ලිපියේ අදාළ සියලු තොරතුරු ඇතුළත්ව ඇතැයි විශ්වාස කළ හැකිය. එය අදෘශ්‍යමාන හස්තය සොයා ගැනීමට ජනාධිපතිවරයාට පහසුවක් වනු ඇත.
අවුරුදු 2500ක අඛණ්ඩ ඉතිහාසයක් ගැන උදම් අනමින් ඓතිහාසික උරුමයන් ගැන ආඩම්බරයට පත් වුවද ඒ උරුමයන් විනාශ මුඛයට යෑමට ඉඩදී බලා සිටීනම් එය යළි නිවැරැදි කළ නොහැකි වරදක් වනු ඇත. එල්ලාවල මේධානන්ද හිමියන් නඟන චෝදනාව ගැන සියලු දෙනාගේ අවධානය යොමුවිය යුත්තේ ඒ නිසාය.
mawbima -

No comments