Header Ads

සුද්දා එක්ක සුදි සුද්දට හදි

2001 මහ ඡන්ද කාලයේ යූ.ඇන්.පී.ය මාර කතාවක් කීවේය. ඒ කතාව කීවේ තමන් ආණ්ඩුව අතට ගත්ත ගමන් එකල ජනාධිපතිනි චන්ද්‍රිකාව ගෙදර යවන හැටි කියලා දෙන්නටය. යූ.ඇන්.පී. ආණ්ඩුවේ පළමු අය - වැයේදී ජනාධිපති නඩත්තු කරන්න දෙන මුදල් කපා හරින බවත්, ජනාධිපති මන්දිරයේ ලයිට් කපන බවත්, වතුර කපන බවත් යූ.ඇන්.පී.ය රස කර කර කීවේය.

යූ.ඇන්.පී.ය කිව්ව මේ කතාව මතක් වන්නේ මහින්දගේ ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් නිසා
මහින්ද සභාපතිකම් කරන පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන අරමුදල් කපන්න කැනඩාව තීරණය කළාය කියන ප්‍රවෘත්තිය කියවන විටදීය.
පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ රටවල් ගණනාවකින් සමන්විත සංවිධානයකි. පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය පිහිටා තියෙන්නේ ලන්ඩනයේය. පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය නඩත්තු කරන්න විශාල මුදලක් වැය වේ. ඒ මුදලින් වැඩි ප්‍රමාණයක් දරන්නේ කැනඩාව, බි්‍රතාන්‍ය, ඕස්ට්‍රේලියාව ඇතුළු ධනවත් රටවල්ය. පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය නඩත්තු කරන්න පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාකච්ඡා, සම්මන්ත්‍රණ සහ උත්සව සංවිධානය කරන්නටත් මුදල් දෙන්නේ මේ රටවල්ය. එහෙව් රටක් වන කැනඩාව මෙතෙක් පොදු රාජ්‍ය මණ්ඩලයට දුන්න මුදල් කපා හැරීම පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය දරුණු ආර්ථික අර්බුදයකට මැදි කිරීමකි. කැනඩාව මහ ලේකම් කාර්යාලයට සහ පොදු රාජ්‍ය මණ්ඩල රටවලට නොකියා කියන්නේ සල්ලි දෙන්න නම් මහින්දව සභාපතිකමෙන් අයින් කරපන් නැතිනම් මහින්දව හදාගනින් කියන එකය. හදාගත්ත කියන්නේ ලංකාවේ මානව හිමිකම් කඩවීම් නතර කරන බවට මහින්දගෙන් සහතිකයක් ගත්ත කියන එකය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා ඉන්දීය ජාතිකයෙකි. මහින්දගේ සමීප මිත්‍රයෙකි. ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට මහින්දට ආරාධිත අමුත්තකු ලෙස ආරාධනා කළා යැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ෂර්මාට චෝදනා කළහ. ඒ වගේම 43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විභාග කරන්න පත් කළ පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ කමිටු වාර්තාව ෂර්මා හැංගුවා යැයි කැනඩාව ෂර්මාට ප්‍රසිද්ධියේ චෝදනා කළේය. ෂර්මා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ තියන්න දිවා - රෑ නොබලා වැඩ කළේ මේ චෝදනා මැදය. ෂර්මා සමුළුව ලංකාවේ තියන්න ඕනෑ යැයි කීවේ සමුළුවට විශාල වියදමක් යන නිසා අනෙක් රටවල් සමුළුව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ නිසාය. හොඳම නිදසුන ලංකාවට පසු සමුළුව පවත්වන්න නියමිත මුරුසිය සමුළුව පැවැත්වීම භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළා පමණක් නොව ලංකාවේ සමුළුව වර්ජනය කළේය.
'සමුළුවට යන විශාල වියදම දරන්න බොහොම රටවල් අකැමැතිය. ඒ වියදම දරන්නේ ඒ රටවල ජනතාවයි. සමුළුවට සල්ලි හොයන්න ජනතාවට බදු ගහලා ජනතාව අතර අප්‍රසාදයට පත් වෙන්න ඒ රටවල නායකයන් අකමැතියි...'
මේ මුරුසිය සමුළුව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ විට එය විග්‍රහ කරමින් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් කී කතාවය.

'ඉතින් ඇයි මහින්ද භාර ගත්තේ...?'
මහින්ද භාර ගත්තේ හේතු දෙකක් නිසාය. එකක් යුද අපරාධ නිසා ජාත්‍යන්තර වශයෙන් තමා කොන්වෙලා යැයි රට තුළ තියෙන මතය නැති කොට තමා ජාත්‍යන්තරයේ පිළිගත් නායකයෙක් බව රටට පෙන්වීමය. දෙවැන්න පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම ප්‍රයෝජනයට ගෙන රටට එරෙහි ජාත්‍යන්තර බලපෑම් අවම කර ගැනීමය. අනෙක් රටවල මෙන් නොව ලංකාවේ සමුළුවට යන වියදම පියවා ගන්න ජනතාව මත බදු බර දැම්මත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න ශක්තිමත් විපක්ෂයක් නැති බව මහින්ද තේරුම් ගෙන සිටියේය. ඔහු බය නැතිව සමුළුව පවත්වන්න භාර ගත්තේ ඒ නිසාය.
ඒකෙන් දැන් කරදරේ වැටිලා ඉන්නේ ෂර්මාය.

'බලන්නකෝ ඔබතුමාව සභාපති කරන්න ගිහින් මට වෙච්ච වැඩේ. මගේ කාර්යාලය නඩත්තු කරන්න දැන් කොහෙන් සල්ලි හොයන්නද?'
ෂර්මා මහින්දට කනට කරලා මෙන්න මෙහෙම කියද්දි මහින්දගේ සභාපති අසුන රත් වුණත් ෂර්මාව නඩත්තු කරන්න සල්ලි හොයන්න වෙන්නේ මහින්දටය.

'ඒකෙනුත් ලංකාවේ ජනතාවගේ බඩටම වදියිද...?'
මහින්ද මේ වනවිට එකක් අවබෝධ කර ගෙන ඇති බව පෙනේ. සභාපතිකමෙන් මහින්දට ලැබිලා තියෙන කෙංගෙඩියක් නැති බව නම් ඔහු තේරුම් ගෙන ඇති බව පෙනේ. ලංකාවේ ජනාධිපති 2009 පළාත් සභා ඡන්දයෙන් ගත්ත ඡන්දවලට වඩා රටවල් 48ක නායකයා ලෙස මහින්ද මේ පළාත් සභා ඡන්දයෙන් ඡන්ද අඩු කර ගැනීමම එය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. ඒ වගේම මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කරන්න පොදු රාජ්‍ය මණ්ඩල සභාපති පුටුවෙන් ප්‍රයෝජනයක් ලැබුණේ නැත.
'ඒ කියන්නේ සභාපතිකම රටේ ජනතාවට වැඩකුත් නැති ජාත්‍යන්තර වැඩවලට ප්‍රයෝජනයකුත් නැති එකක්ද...?' පේන්නේ ඒ වගේය. හැබැයි කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලයට වියදම් කරන සල්ලි කපද්දි වදින්නේ මහින්දට පමණක් නොව රටේ ප්‍රතිරූපයටය.

'පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම මහින්දට රජ ඔටුන්නක් නොව කටු ඔටුන්නකි.'
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පවත්වන්න යෝජනා වූ, කාලයේම ගුරු දින විග්‍රහයෙන් පෙන්වා දුන්නේ ඒ නිසාය.
මේ ආණ්ඩුව එකක් තේරුම් ගත යුතුය. සුද්දා එක්ක සුදි කරන්නයි සුද්දට හදි කරන්නයි දෙකම එක වර කරන්න බැරිය. සුද්දා අතර ලොක්කෙක් වෙන්න නම් සුද්දාගේ වගේ වැඩ තියෙන්න ඕනාය. සුද්දා කියන විදියට වැඩේ කරන්නත් ඕනාය. නැති වුණොත් වෙන්නේ සුද්දා ළඟ වැද්දා ගානට හංවඩු ගසා ගැනීමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
සුද්දා එක්ක සුදි සුද්දට හදි

2001 මහ ඡන්ද කාලයේ යූ.ඇන්.පී.ය මාර කතාවක් කීවේය. ඒ කතාව කීවේ තමන් ආණ්ඩුව අතට ගත්ත ගමන් එකල ජනාධිපතිනි චන්ද්‍රිකාව ගෙදර යවන හැටි කියලා දෙන්නටය. යූ.ඇන්.පී. ආණ්ඩුවේ පළමු අය - වැයේදී ජනාධිපති නඩත්තු කරන්න දෙන මුදල් කපා හරින බවත්, ජනාධිපති මන්දිරයේ ලයිට් කපන බවත්, වතුර කපන බවත් යූ.ඇන්.පී.ය රස කර කර කීවේය.
යූ.ඇන්.පී.ය කිව්ව මේ කතාව මතක් වන්නේ මහින්දගේ ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් නිසා මහින්ද සභාපතිකම් කරන පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන අරමුදල් කපන්න කැනඩාව තීරණය කළාය කියන ප්‍රවෘත්තිය කියවන විටදීය.

පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ රටවල් ගණනාවකින් සමන්විත සංවිධානයකි. පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය පිහිටා තියෙන්නේ ලන්ඩනයේය. පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය නඩත්තු කරන්න විශාල මුදලක් වැය වේ. ඒ මුදලින් වැඩි ප්‍රමාණයක් දරන්නේ කැනඩාව, බි්‍රතාන්‍ය, ඕස්ට්‍රේලියාව ඇතුළු ධනවත් රටවල්ය. පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය නඩත්තු කරන්න පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාකච්ඡා, සම්මන්ත්‍රණ සහ උත්සව සංවිධානය කරන්නටත් මුදල් දෙන්නේ මේ රටවල්ය. එහෙව් රටක් වන කැනඩාව මෙතෙක් පොදු රාජ්‍ය මණ්ඩලයට දුන්න මුදල් කපා හැරීම පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය දරුණු ආර්ථික අර්බුදයකට මැදි කිරීමකි. කැනඩාව මහ ලේකම් කාර්යාලයට සහ පොදු රාජ්‍ය මණ්ඩල රටවලට නොකියා කියන්නේ සල්ලි දෙන්න නම් මහින්දව සභාපතිකමෙන් අයින් කරපන් නැතිනම් මහින්දව හදාගනින් කියන එකය. හදාගත්ත කියන්නේ ලංකාවේ මානව හිමිකම් කඩවීම් නතර කරන බවට මහින්දගෙන් සහතිකයක් ගත්ත කියන එකය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා ඉන්දීය ජාතිකයෙකි. මහින්දගේ සමීප මිත්‍රයෙකි. ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට මහින්දට ආරාධිත අමුත්තකු ලෙස ආරාධනා කළා යැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ෂර්මාට චෝදනා කළහ. ඒ වගේම 43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විභාග කරන්න පත් කළ පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ කමිටු වාර්තාව ෂර්මා හැංගුවා යැයි කැනඩාව ෂර්මාට ප්‍රසිද්ධියේ චෝදනා කළේය. ෂර්මා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ තියන්න දිවා - රෑ නොබලා වැඩ කළේ මේ චෝදනා මැදය. ෂර්මා සමුළුව ලංකාවේ තියන්න ඕනෑ යැයි කීවේ සමුළුවට විශාල වියදමක් යන නිසා අනෙක් රටවල් සමුළුව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ නිසාය. හොඳම නිදසුන ලංකාවට පසු සමුළුව පවත්වන්න නියමිත මුරුසිය සමුළුව පැවැත්වීම භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළා පමණක් නොව ලංකාවේ සමුළුව වර්ජනය කළේය.

‘සමුළුවට යන විශාල වියදම දරන්න බොහොම රටවල් අකැමැතිය. ඒ වියදම දරන්නේ ඒ රටවල ජනතාවයි. සමුළුවට සල්ලි හොයන්න ජනතාවට බදු ගහලා ජනතාව අතර අප්‍රසාදයට පත් වෙන්න ඒ රටවල නායකයන් අකමැතියි...’
මේ මුරුසිය සමුළුව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ විට එය විග්‍රහ කරමින් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් කී කතාවය.

‘ඉතින් ඇයි මහින්ද භාර ගත්තේ...?’

මහින්ද භාර ගත්තේ හේතු දෙකක් නිසාය. එකක් යුද අපරාධ නිසා ජාත්‍යන්තර වශයෙන් තමා කොන්වෙලා යැයි රට තුළ තියෙන මතය නැති කොට තමා ජාත්‍යන්තරයේ පිළිගත් නායකයෙක් බව රටට පෙන්වීමය. දෙවැන්න පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම ප්‍රයෝජනයට ගෙන රටට එරෙහි ජාත්‍යන්තර බලපෑම් අවම කර ගැනීමය. අනෙක් රටවල මෙන් නොව ලංකාවේ සමුළුවට යන වියදම පියවා ගන්න ජනතාව මත බදු බර දැම්මත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න ශක්තිමත් විපක්ෂයක් නැති බව මහින්ද තේරුම් ගෙන සිටියේය. ඔහු බය නැතිව සමුළුව පවත්වන්න භාර ගත්තේ ඒ නිසාය.
ඒකෙන් දැන් කරදරේ වැටිලා ඉන්නේ ෂර්මාය.

‘බලන්නකෝ ඔබතුමාව සභාපති කරන්න ගිහින් මට වෙච්ච වැඩේ. මගේ කාර්යාලය නඩත්තු කරන්න දැන් කොහෙන් සල්ලි හොයන්නද?’
ෂර්මා මහින්දට කනට කරලා මෙන්න මෙහෙම කියද්දි මහින්දගේ සභාපති අසුන රත් වුණත් ෂර්මාව නඩත්තු කරන්න සල්ලි හොයන්න වෙන්නේ මහින්දටය.

‘ඒකෙනුත් ලංකාවේ ජනතාවගේ බඩටම වදියිද...?’
මහින්ද මේ වනවිට එකක් අවබෝධ කර ගෙන ඇති බව පෙනේ. සභාපතිකමෙන් මහින්දට ලැබිලා තියෙන කෙංගෙඩියක් නැති බව නම් ඔහු තේරුම් ගෙන ඇති බව පෙනේ. ලංකාවේ ජනාධිපති 2009 පළාත් සභා ඡන්දයෙන් ගත්ත ඡන්දවලට වඩා රටවල් 48ක නායකයා ලෙස මහින්ද මේ පළාත් සභා ඡන්දයෙන් ඡන්ද අඩු කර ගැනීමම එය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. ඒ වගේම මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කරන්න පොදු රාජ්‍ය මණ්ඩල සභාපති පුටුවෙන් ප්‍රයෝජනයක් ලැබුණේ නැත.

‘ඒ කියන්නේ සභාපතිකම රටේ ජනතාවට වැඩකුත් නැති ජාත්‍යන්තර වැඩවලට ප්‍රයෝජනයකුත් නැති එකක්ද...?’ පේන්නේ ඒ වගේය. හැබැයි කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලයට වියදම් කරන සල්ලි කපද්දි වදින්නේ මහින්දට පමණක් නොව රටේ ප්‍රතිරූපයටය.
‘පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම මහින්දට රජ ඔටුන්නක් නොව කටු ඔටුන්නකි.’

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පවත්වන්න යෝජනා වූ, කාලයේම ගුරු දින විග්‍රහයෙන් පෙන්වා දුන්නේ ඒ නිසාය.
මේ ආණ්ඩුව එකක් තේරුම් ගත යුතුය. සුද්දා එක්ක සුදි කරන්නයි සුද්දට හදි කරන්නයි දෙකම එක වර කරන්න බැරිය. සුද්දා අතර ලොක්කෙක් වෙන්න නම් සුද්දාගේ වගේ වැඩ තියෙන්න ඕනාය. සුද්දා කියන විදියට වැඩේ කරන්නත් ඕනාය. නැති වුණොත් වෙන්නේ සුද්දා ළඟ වැද්දා ගානට හංවඩු ගසා ගැනීමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.