ඡායාරූපයක කතාව
ඊයේ රටේ ජාතික පුවත්පත් සියල්ලේම පාහේ මුල් පිටු සැරසුණේ අතිශය ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ඡායාරූප කීපයකිනි. කලවා අග දක්‌වා සරම උස්‌සාගත් එකෙකුත්, නිල් - රතු කමිසයක් හැඳ නිල් තොප්පියක් ද දමා පිස්‌තෝලයක් අතින් ගත් එකෙකුත්, මේ සමහර ඡායාරූපයක සිටි අතර, නිල් රෙදිකඩකින් හිස ඔතා බිත්තර ප්‍රහාරයක් එල්ල කරන්නකුගේ ඡායාරූපයක් ද ඒ අතර තිබුණේය. හැම විටම නිශ්චලව ද, නිහඬව ද මහා දිග කථා ප්‍රකාශයට පත් කරන
ප්‍රවෘත්ති ඡායාරූප කලාවට අනුව ඒවා විසින් මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ඉතාම නරකම සහ බාලම වර්ගයේ මැරවරයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවන් ය. දැනට කලක පටන් රටේ දැකිය හැකි ප්‍රවණතාවකට අනුව බලන විට නම් මේවා ඉතින් දුර්ලභ ඡායාරූප වශයෙන් සැලකිය හැකි ද නොවේ. එහෙත්, මේ ඡායාරූප අතර වඩාත් කැපී පෙනෙන ඡායාරූපය වු 'සරම ඔසවා ගත් පුද්ගලයා සහ නිල් තොප්පියක් පැළඳ පිස්‌තෝලයක් අතින් ගත් පුද්ගලයා' නමැති ඡායාරූපයේ පෙනී සිටින්නේ වර්තමාන හම්බන්තොට නගරාධිපතිවරයා යෑයි කියෑවෙන විට එම ඡායාරූපයට ඉතාම දුර්ලභ වටිනාකමක් ද, ඉතාම දුර්වල වටිනාකමක් ද ලැබෙයි.
ඡායාරූපය ඉතාම දුර්ලභ වටිනාකමකින් යුක්‌ත එකක් වන්නේ කලිසම් කමිසවලින් සැරසී පිස්‌තෝලයක් අතින් ගෙන දිවඑන පුද්ගලයා හම්බන්තොට නගරාධිපතිවරයා වුවද, ඡායාරූපය මගින් ඔහු දේශපාලන වශයෙන් හෙළුවැල්ලෙන් දිව එන තත්ත්වයට පත් කර ඇති නිසා ය. ඡායාරූපයට දුර්වල වටිනාකමක් ලැබෙන්නේ හම්බන්තොට වැනි මෑත කාලයේදී විශ්මයජනක සංවර්ධනයක් සිදු වූ පළාතක දැන් දේශපාලනයේ යෙදෙන්නේ මෙබඳු 'අයියලා' ය යන හැඟීම ප්‍රකාශයට පත් කෙරෙන නිසා ය.
දේශපාලකයන්ට චණ්‌ඩින් සිටීම වෙනත් නරක කතාවකි. එහෙත් දේශපාලකයන්ම චණ්‌ඩින් බවට පත්වීම හොඳටම නරක කතාවකි. මේ නරක කතාව ගෙන හැර දක්‌වන ගමන්ම කවුරුත් පිළිගන්නා ඇත්ත කතාවක් ද ප්‍රකාශ කිරීමට අප කැමැති ය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත් වීමට පෙර හම්බන්තොට සැලකුණේ ඉතාම නො දියුණු සහ දුෂ්කර පළාතක් හැටියට ය. හම්බන්තොටට ජාත්‍යන්තර මට්‌ටමේ ගුවන් තොටුපළක්, ජාත්‍යන්තර මට්‌ටමේ වරායක්, ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩාංගණයක්, ජාත්‍යන්තර මට්‌ටමේ සම්මන්ත්‍රණ ශාලාවක් පමණක් නොව ඉතාම ඉහළ මට්‌ටමේ ග්‍රාමීය සහ නාගරික ජීවිතයක් ද උදාකර දුන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාම මිස අනෙකකු නොවේ.
මහ මැතිවරණයකදී වේවා, පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා මැතිවරණයකදී මතු නොව සමුපකාර මැතිවරණයකදී වේවා මහින්ද රාජපක්‍ෂ ලාංඡනය සහිත. ඕනෑම කෙනකු ජයග්‍රහණය කරවීම මෙහි සිටින බහුතර ජනතාවගේ සිරිත ය. මේ සිරිතට අනුව සුදුස්‌සෝ ද නුසුදුස්‌සෝ ද යන දෙවර්ගයම හම්බන්තොට දේශපාලන කරළියෙහි ආසනවලට පත්වෙති. (මුළු රට පුරාම බැලුවද මේ තත්ත්වයෙහි වෙනසක් නැත.) මේ නුසුදුස්‌සන් රටට ජනතාවට පමණක් නොව තම කීර්තිමත් දේශපාලන ප්‍රතිපත්තිවලට ද කරන හානිය ඉමහත් බව ජනාධිපතිතුමා ඉක්‌මනින් ම වටහා ගත යුතුය යන්න අපගේ අවංක අදහසය.
ඒ කෙසේ හෝ වේවා මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කිරීම සඳහා පෙරේදා එහි ගිය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමට ආයුධ සන්නද්ධව පැමිණ පහරදීමත්, ඔවුන් පළවා හැරීමත් අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
රජයේ වැරදීම් සේ ම රජයට වැරද්දවීම ද තම පරම ප්‍රාර්ථනාව කරගත් එජාප දේශපාලනය මත්තලට, හම්බන්තොටට තම නිරීක්‍ෂණ කණ්‌ඩායමක් යවන්නේ එහි ප්‍රගතිය දැක වශීව පැමිණීමට නොවේ. ජනතා විමුක්‌ති පෙරමුණට, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට වඩා තියුණු විවේචනයක් සඳහා තම දැස් සහ මුඛයන් සූදානම් කරගන්නට ය. ඊට නොපැකිළව ඉඩදීමෙන් රජය ජයග්‍රහණ දෙකක් ලබයි. එකක් නම් වැරදි විවේචනයන්ට පිළිතුරු දීම මගින් රජය අදාළ මාතෘකාව තුළ තවත් ශක්‌තිමත් වීම සහ සැබෑ විවේචනයන් පිළිගැනීම මගින් වැරදි ඇත්නම් ඒවා නිවැරැදි කර ගැනීම. අනෙක නම් විවේචනයට ඉඩදීම නමැති නිර්භීත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව ඉහළට ඔසවා තැබීම ය.
ගෙවල සිටින හාම්පුතුන් මිස වත්තේ සිටින මුර බල්ලන් මේ දියුණු සංස්‌කෘතිය නො දන්නා බවට අපට සැකයක් නැත. එහෙත් තමන්ගේ ඉහටත් උඩින් පැන මිනිසුන් සපා කන මුර බල්ලන් බැඳ දැමීම යහපත් හාම්පුතුන්ගේ යුතුකම හා වගකීම වන්නේ ය.
ාසඩ්සබ් -

ලංකාවේ අනාගත අගනුවර නගරාධිපතිතුමා ගේ පෞරුෂය තමා මෙම දුර්ලභ ඡායාරූපයෙන් පෙන්නන්නේ!
ReplyDeleteමෙ බලු වෙඩ සේරම කරන්නේ එක්සත් නිදහස් සන්දනයෙන් පත්වු විශේෂයෙන්ම දකුනු පලාතේ ප්‍රදෙෂීය සබා මන්ත්‍රී වරුන් නාගරික මන්ත්‍රී වරුන් සහ එම පක්ෂයේ සමහර මති අමති වරුන් විසින් . නූගත් කසිප්පු කාරයන් මත් කුඩු වෙලෙන්දන් හොර වන්චා කරුවන් තනකොල කන පිදුරු කන පුනක්කු බොන නුගත් මිනිසුන් රවටා ගන චන්දයෙන් බලයට පෑමින චන්ඩි මෙන් හෙසිරෙමෙන් මෙවෙනි තුප්පහි ක්‍රියා වල යෙදෙන්නෙ ජානධිපති වරයාගෙ සහ ආර්කෂක ලෙකම්ගේ අනුමතිය සමගය . මෙම දෙදෙනාගෙ අනුමතිය නොවන්නට කිසිම කෙනෙක් මෙසේ හෙසිරෙන්නෙ නෑත, මෙම දූෂිත පාලන ක්‍රමය නෑති කරනා තුරු මෙයින් ගෙලවිමක්ද නොමත , එහෙත් බලගතු විපක්ෂයක් නොමති කමත් විපක්ෂෙය උනුත් සමහරු මෙසෙ හෙයින් අහින්සක අප තවත් කාලයක් මෙවෙනි තුප්පහි බලු රජයක් යටතේ සියල්ල වින්දගෙන ජිවත් වීමට සිදුව එත
ReplyDelete