උයනක් කියන්නේ මේකද? - රුවන් බන්දුජීව
"තවත් උයනක් ජනතා අයිතියට පැවරේ" -පුවතක්
උයනක් කියන්නේ මේකද
බට පඳුරු, තණ පිඩලි, මල් ගොමු
පහන් කණු, ගල් බංකු රොත්තක්
බලෙන් ළං කළ එකටද?
උයනක් කියන්නේ මේකද
රවුම් වනතුරු පුකවල්
ගෑනු දුවනා එකටද?
උයනක් කියන්නේ මේකද
පැතලි වනතුරු බඩවල්
පිරිමි ඇවිදින එකටද?
උයනක් කියන්නේ මේකද
චුම්බන කුදලගෙන යන්නට
කාකි විහඟුන් ඉන්න එකටද?
උයනක් කියන්නේ මේකද
දෙතොල් උල්කර ඉහළට
වැරෙන් දුම් ගුලියක් විදින්නට
අහස ඇහිරූ එකටද?
උයනක් කියන්නේ මේකද?
උයන් පල්ලෙක් ඇහැට නොගැටී
රුදුරු කප්පාදුවෙන් බේරී
හිතේ හැටියට වැඩුණු තුරු වැල්
මල් පුරෝගෙන නටන පෙදෙසක්
උයනක් නොවන්නේ ඒකද?
උපුටා ගැනීම - බූන්දි
No comments