"මිරිවැඩි සඟලක් එල්ලා හැඬුවෙමි"
සපත්තු දෙකක් මිලදී ගැනීමට මුදල් නොමැති නිසා සෙරෙප්පු දෙකක් පැළඳ පාසල් ගිය සේරුනුවර පාසල් දැරියකට මුහුණ පෑමට සිදු වූ අමානුෂික දඬුවම පිළිබඳ පුවත කියවා මේ රටේ බොහෝ මිනිසුන් කම්පාවට පත් වූ බවට අපට සැකයක් නැත.අසරණ ශිෂ්‍යාවක සපත්තු නැති නිසා සෙරෙප්පු දමාගෙන පැමිණීම, ඒවා ඇයගේ කරේ එල්ලා තැබීමට තරම් බරපතල වරදක් ලෙස දකින අඥන සහ උන්මත්තක ගුරුවරිය පිළිබඳව හෝ මෙම ගුරුවරිය ආරක්‍ෂා කිරීම පිණිස, ඇය එසේ කර ඇත්තේ පාසලේ විනය රැකීමට යෑයි ප්‍රකාශ කරන මැටි මෝල් විදුහල්පතියා පිළිබඳව හෝ දිගින් දිගටම වචන නාස්‌ති කිරීමට අපට නොසිතෙන්නේ රටේ අති බහුතර ගුරු පරපුර එබඳු අමනයන් නොවන බව අප හොඳින් ම දන්නා නිසාය.
රටේ අසරණ පාසල් දරු - දැරියනට තමා ලබන සොච්චම් වැටුපෙන් පාසල් පොත්, උපකරණ ලබාදෙන, ඔවුන්ගේ කෑම වේල තම ගෙදරින් ගෙනැවිත් දෙන ගුරුවරුන් - ගුරුවරියන් කොතෙකුත් මේ රටේ සිටින බව අපි දනිමු. එහෙත්, ඒ අතර ගුරු වෘත්තියට කිසිසේත් නොගැලපෙන, නුසුදුසු මෝල්ගස්‌ද, ඒ මෝල්ගස් ආරක්‍ෂා කරන තක්‌කඩියෝ ද සිටිති. අපේ කතාව ඒ ගැන නොවේ, ඒ කතාව තුළින් විදාරණය වූ වෙනත් කතා කීපයක් ය.
ඉන් එකක් සේරුනුවර පොලිස් ස්‌ථානාධිපතිවරයා පිළිබඳව වේ. අදාළ පාසලේ පුදුමාකාර විනය නීතියට අනුව අමානුෂික දඬුවමකට ලක්‌වූ දැරියගේ මවගේ පැමිණිල්ල විමසූ සේරුනුවර පොලිස් ස්‌ථානාධිපතිතුමා සියල්ලට ම ප්‍රථම දැරියට සපත්තු දෙකක් ලබාදුන් බව වාර්තා වෙයි. එම්. බී. වීරරත්න නමැති මේ විශිෂ්ට මිනිසා එසේ කිරීම මඟින් මනුෂ්‍යත්වයටත්, පොලිසියටත් එකවරම මහත් ගෞරවයක් ලබාදෙන අතරම සමාජ සංවේදීත්වය පිළිබඳව රටට ම කදිම පාඩමක්‌ද කියා දෙන්නේ ය.
පොලිසිය බොහෝ විට මහජනතාව සමඟ සමීප ඇසුරක් ගොඩනඟා ගැනීම සඳහා විවිධ දේ කරයි. අවුරුදු කාලයට අවුරුදු ක්‍රීඩාද, වෙසක් සමයට දන්සල් ද ආදී වශයෙනි. එහෙත්, ටික දිනකදී ම මේ සියලු මිතුදම් අමතක වන ස්‌වභාවයක් හිමි පොලිසිය අවුරුදු උත්සවය පැවැත්වූ අය ද අල්ලා පොලිසිය තුළ "ලිස්‌සන ගහේ" නැංවීම ද කරයි. දන්සල් දැමූ අය ද අල්ලා "බඩකට පිරෙන්නට ම පොලිස් බත්" ද දෙයි. මිනිසුන් වරද කරනවුන් නම් ඔවුන් පොලිසිය සමඟ කෙතරම් මිත්‍රව සිටිය ද ඔවුන් අල්ලා සබ්බුව දීමේ වරදක් අප දකින්නේ නැත. එහෙත්, ඇතැම්විට දේශපාලන මැර බලය හමුවේ පොලිසිය බබාලාවීමත්, නීති විරෝධී මහා ව්‍යාපාරිකයන් හමුවේ උක්‌කුං බබාලා වීමත්, අහිංසකයන් හමුවේ පමණක් නීති ආරක්‍ෂක චණ්‌ඩීන් වීමත් ඉවසුම් නො දෙන්නකි. මේ පරස්‌පරයට හේතුව කුමක් වුවත් පොලිසියට මහජන සබඳතාව පවත්වා ගැනීමට නොහැකි වන ප්‍රධාන හේතුව එය ය. අපරාධ මර්දනයෙහිලා වර්තමාන පොලිස් සේවය දක්‌වන පැසසිය යුතු දක්‌ෂතා කොතෙකුත් තිබියදී වුවත් පොලිසියට මහජන සහයෝගය නොලැබී යැමේ හේතුව එය ය.
සේරුනුවර පොලිස් ස්‌ථානාධිපති එම්. බී. වීරරත්න වැන්නන් මෙහිදී නිසැකවම පොලිස් සේවය තුළ පවත්නා මේ හිදැස පුරවනු අපට දැනෙයි. ඊට හේතුව හැටියට අපට පෙනෙන්නේ මේ නිලධාරියා තුළ ඉතාම සංවේදී මනුෂ්‍යයකු ජීවත්වීමය. සංවේදී මනුෂ්‍යයකු තමා තුළ ජීවත් කරවන පොලිස් නිලධාරියා රටට සම්පතකි. එවැන්නන් සපිරුණු පොලිස් සේවය රටට සම්පතකි.
දැන් අපි අනෙක් කතාවට පිවිසෙමු.
තවමත් මේ රටේ ගම්බද පාසල්වල (හෝ වෙනත් ඕනෑම පාසලක වේවා) පය ලා ගැනීමට සපත්තු නොමැති දරුවන් සිටිතිය යන්න ඒ පාසල්වල ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් හෝ ලඡ්ජාවට පත්විය යුතු කරුණක් නොව ඒ අදාළ පළාතේ දේශපාලනඥයන් ලඡ්ජාවට පත්විය යුතු කරුණකි. ඒ අදාළ පළාතේ ධනවතුන් හා ව්‍යාපාරිකයන් ලඡ්ජාවට පත්විය යුතු කරුණකි. ඒ අදාළ පළාතේ විපක්‍ෂ දේශපාලනඥයන් ලඡ්ජාවට පත්විය යුතු කරුණකි.
මේ රටේ දේශපාලනඥයන් මැතිවරණ ව්‍යාපාරයකදී එළියට දමන මුදල් ප්‍රමාණයෙන්, මිනිසුන් රැවටීම සඳහා බෙදාහරින භාණ්‌ඩවල ප්‍රමාණයෙන්, ඒ සියල්ලම පසෙක තිබේවා ශෝභනය සඳහා වැය කරන මුදල් කන්දරාවෙන් දාහෙන් එකක් වැය කළත් මුළු රටේ සියලුම පාසල්වල දරුවන්ට සපත්තු ලබාදිය හැකිය.
අපගේ රටේ බොහෝ ව්‍යාපාරිකයන් දෙව් ලෝ සැප වෙනුවෙන් සිදු කරන ඇතැම් පුණ්‍යකර්මවලට අදාළ මුදලින් දාහෙන් එකක් වැය කළත් මේ රටේ අසරණ පාසල් දරු දැරියනට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරනු හැකිය. අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව මොහොතක් සිතා බැලීම පමණය. මේ සිතිවිල්ල ගැන වැඩිදුරටත් දැනගැනීමට වුවමනා අයකු වේ නම් ඔහු සේරුනුවර පොලිස් ස්‌ථානාධිපතිවරයා මුණ ගැසිය යුතුය.
ාසඩ්සබ් -

Thamange lamayinte sapaththu, badumuttu, bag aran denna barinam school yawanna nathuva inna one.. Uba ugathek nam ugath aya venuven vitharak kathakaranna..
ReplyDelete