Header Ads

ආණ්ඩුව ඇතුළේ ඉඳන් ගේම් ගහන කුරේ කවුද?

"ප්‍රේමදාස මැරුණාට පස්සේ තිබුණ විජේතුංග ආණ්ඩුව මතකද? ඒ වගේ තමයි දැන් මහින්දගේ ආණ්ඩුවත් දුවන්නේ..."

මේ ප්‍රේමදාසගේ ළඟ හිටපු සමීප උපදේශකයකු කී කතාවකි.
"විජේතුංග ආණ්ඩුව ඇතුළේ හිටියා ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුව වට්ටන කෙනෙක්. ඒ සිරිසේන කුරේ. මේ ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා කුරේ කෙනෙක්...."
මේ ඔහු කී කතාවය.

විජේතුංග ආණ්ඩුව සම්බන්ධයෙන් ඔහු කී කතාව හරිය. ප්‍රේමදාස ඝාතනය වූයේ 1993 මැයි පළමුවැනි දිනය. ප්‍රේමදාස ඝාතනය වුණාට පසු
ජනාධිපති ධුරයට පත්වූ විජේතුංග පළමුවෙන්ම කළේ ප්‍රේමදාසගෙ මිනිස්සුන්ගේ තටු කපන එකය. ඔහුගේ ලොකුම ඉලක්කය වුණේ එ.ජා.ප. මහ ලේකම් කුරේය. ඔහු කුරේට පල නොකියා පලා බෙදුවේය. හැබැයි විජේතුංග එකක් දැන සිටියේ නැත. ප්‍රේමදාස ජනාධිපති කාලයේ ආණ්ඩුව වගේම පක්ෂයත් දුවවන මැෂිම කුරේ කියල ඔහුට දැනුණේ නැත. විජේතුංග ජනාධිපති වූවාට පසු අගමැති ධුරය භාරගන්න කුරේගේ ආශාවක් නොතිබුණත් විජේතුංග තමාට අගමැති ධුරය භාර ගන්න යැයි කියා කියනු ඇතැයි කුරේ බලාපොරොත්තු විය. එවැනි ආරාධනාවක් කළහොත් එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්න කුරේ සිතා සිටියේය. ඒත් අගමැති ධුරයට සුදුස්සන් තෝරද්දී විජේතුංග කුරේව මායිම් කළේ නැත. ජනාධිපති ධුරයට පත්වූ දින සිට විජේතුංග උත්සාහ කළේ පක්ෂ මහ ලේකම්කමින් කුරේව පන්නා ගන්නටය. කුරේටත් මෙය තේරුණි. තමාව කොන් කොට විජේතුංග දේශපාලන තීන්දු තීරණ ගනිද්දී කුරේ තමන්ගේ වැඩක් බලා ගත්තේය. එයින් වුණේ ආණ්ඩුවේත් පක්ෂයේත් දේශපාලන යාන්ත්‍රණය ක්‍රියා විරහිත වීමය. විජේතුංග එක වරම කුරේව ඉවත් කරන්නත් බය විය. ඔහු 1994 මාර්තු දකුණු පළාත් සභා ඡන්දයට ගියේ කුරේව පක්ෂ මහලේකම් කමේ තියාගෙනය. තමාව කොන් කිරීම නිසාත් ප්‍රේමදාස වැඩපිළිවෙළ සහ මිනිස්සු කොන් කිරීම නිසාත් හිතේ වේදනාවෙන් සිටි කුරේ දකුණේ ඡන්දයට වැඩ කළේ නැත.

1994 දකුණු පළාත් සභා ඡන්දයෙන් ආණ්ඩුව පරාජයට පත් විය. පරාජයට පත් වූවාට පසු කුරේ කීවේ ප්‍රේමදාස නාමය අකාමකා දමන්න ගිය නිසා මේ ප්‍රතිඵලය ලැබුණු බවය. විජේතුංග එය ආයුධයක් කරගෙන දකුණේ පරාජය කුරේ පිට තියා කපා කුරේට අයින් වෙන්න කීවේය. ප්‍රේමදාස ඝාතනය වූයේ 1993 මැයි 1ය. කුරේ 1994 මැයි 1 මහලේකම්කමින් ඉවත් විය. විජේතුංග ජනාධිපති වූ විගසම කුරේව ඉවත් කොට නව ලේකම් කෙනෙක් පත් කළා නම් ආණ්ඩුව ඒ විදියට වැටෙන්නේ නැත. එක්කෝ විජේතුංග කුරේව ළං කරගෙන කුරේගෙන් වැඩ ගන්න තිබිණි. විජේතුංග මේ දෙකම කළේ නැත. ඔහු කුරේව ළං කර ගත්තේත් නැත. අයින් කළේත් නැත. කළේ කුරේව තියාගෙන පල නොකියා පලා බෙදන එකය. කුරේ ඇතුළෙන් ආණ්ඩුව අක්‍රිය කොට වට්ටවන ගේම ගැහුවේ ඒකය.

"එතකොට මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න කුරේ කරන්නෙත් ඒකමද...?"
ප්‍රේමදාසගේ උපදේශකයා කී විදියට වෙන්නේ එහෙමය.

හොඳම නිදසුන පසුගිය පළාත් සභා ඡන්දයය. ඒ ඡන්දයේ අපේක්ෂකයන් තම තමන් තනිවම දිව්වා විනා කැම්පේන් එකක් තිබුණේ නැත. කැම්පේන් කමිටු කියා එකක් තිබුණද දන්නේ නැත. ඒ කාලයට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රධානීන්වත් රැස් වෙලා තිබුණේ නැත. 2010 ජනාධිපතිවරණය, 2010 මහ මැතිවරණය, උතුරු මැද, සබරගමු පළාත් සභා, වයඹ, මධ්‍යම පළාත් සභා ඡන්දවල එසේ නොවේ. අරලියගහ මන්දිරයෙන් මෙහෙයවපු කැම්පේන් එකක් තිබිණි. කැම්පේන් කමිටු තිබිණි. බස්නාහිර සහ දකුණේ ඡන්ද සටන ගියේ යන්නන් වාලේ අයාලේය.
අනෙක බස්නාහිර සහ දකුණේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය වැටුණු පසු එයින් ගොඩ එන්න මේ දක්වා ආණ්ඩුව පැත්තෙන් කිසිම කැම්පේන් එකක් හෝ වැඩපිළිවෙළක් දියත් වී නැත.

"මාර සිග්නල් එකක් දුන්නේ. මොනවා හරි නොකළොත් අපි ඉවරයි...."
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කියන්නේ මේ කතාවය.
"ආණ්ඩුව වැටෙන්න යන්නේ කියල ගම්වල ජේ.වී.පී. කාරයෝ, යූ.ඇන්.පී.කාරයෝ අළුගහල දමල නැඟිටිනවා..."

ශ්‍රී ල. නි. ප. පාක්ෂිකයන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගමට ආවාම පෝලිමේ ගිහින් කියන්නේ ඔය කතාවය.
"ඒ දවස්වල ඡන්දයකින් නොවුණත් මොකක් හරි ප්‍රශ්නයකට ආණ්ඩුවේ මේ වගේ පසුබෑමක් ආවාම මහින්ද යූ.ඇන්.පී.යේ මන්ත්‍රිවරයෙක් අරන් විපක්ෂය දුර්වල කරනවා. දැන් එහෙම වත් එකක් නැහැ...."
මේ ආණ්ඩුවේම අය කියන කතාවය.

"බලන්නකෝ මේ පාර ආණ්ඩුවේ මැයි දිනය දියාරු එකක් වෙයි..."
මේ මැයි දිනය සංවිධානය කරන කමිටුවලින්ම ඇහෙන කතාය.
ඊළඟට පසුගිය කැසිනෝ ගැසට් පත්‍රය සම්මත කර ගත්ත විවාදයට දවස් දෙක තුළම සියලුම ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු සභා ගැබේ සිටිය යුතු යැයි ආණ්ඩුව නියෝගයක් නිකුත් කළේය. ඒත් මන්ත්‍රිවරු 48ක් පමණ නියෝගය කඩ කළහ. මොවුන් අතර ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරු වූහ.

"මේකෙන් පේන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දැන් මහින්දට බය නැතැයි කියන එකයි..."
මේ පරණ ශ්‍රී ලංකාකාරයෙක් කී කතාවක්ය.
කතාව ඇත්තය. ඔය විදිහට විපක්ෂය විශ්වාස භංග යෝජනාවක් ගේන දවසට මැති ඇමැතිවරුන් හිටියේ නැති නම් ආණ්ඩුව කොට උඩය.

"මට කරන්න දෙයක් නැහැ... පාර්ලිමේන්තුවට ආපු නැති අය ගැන මම වාර්තාවක් දෙනවා..."
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අත සෝදා ගත්තේ එහෙම කියලාය.
40කට විතර විනය පරීක්ෂණ තියන්නද...?
ආණ්ඩුවේම ලොක්කෝ කතා කරන්නේ එහෙමය.
"හොඳයි චම්පිකලා රතන හාමුදුරුවෝ විරුද්ධව ඡන්දය දුන්නා කියල මොනවද කරන්න පුළුවන්..."

ආණ්ඩුව ඇතුළේ අය අසති.
"චම්පිකලාට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තොත් චම්පිකලා අහයි අගවිනිසුරු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය නොදුන් ඩියාලාට එරෙහිව ඇයි ක්‍රියා මාර්ග නොගත්තේ කියලා....?
ආණ්ඩුව ආණ්ඩුවේ හිත හදා ගත්තේ එහෙම හිතලාය.
"මම හොඳට බලාගෙන හිටියා. මූලාසනයෙන් චම්පිකගෙන් පක්ෂද විපක්ෂද කියලා තුන් පාරක් ඇහුවා. චම්පික තුන් පාරම විපක්ෂයි කිව්වා. ඒ වේලාවේ ආණ්ඩුවේ එක මන්ත්‍රිවරයෙක් චම්පික දිහා වෛරයෙන් බැලුවේ නැහැ. ඔවුන් චම්පික දිහා බැලුවේ වීරයෙක් දිහා බලනවා වගේ..."
මේ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් කී කතාවය.
මන්ත්‍රිවරුන් 48ම ආවේ නැත්තේ සෙල්ලමට කියල හිතනවාද? මේක ආණ්ඩුව ඇතුළේම ගේම් එකක්. මේ මන්ත්‍රිවරුන් දන්නවා තමන් නොගියාට තමන්ව ආරක්ෂා කරන්න ආණ්ඩුව ඇතුළේ ලොක්කෙක් ඉන්නවා කියලා...

ප්‍රේමදාසගේ උපදේශකයා තර්ක කරන්නේ එහෙමය.
"කවුද ඒ....?"
කියන්න දන්නේ නැත.
"ඒක මම දන්නේ නැහැ. එක කුරේ කෙනෙක් හෝ කුරේලා දෙතුන් දෙනෙක් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. එයා ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුව වට්ටනවා. මහින්ද හිතනවා 2015 මුල ජනාධිපති ඡන්දෙ තියන්න. බලන්න ඊට කලින් ආණ්ඩුව හොම්බෙන් යන වැඩ දෙක තුනක් එනවා. අන්තිමට මහින්ද බය වෙනවා ජනාධිපති ඡන්දයට යන්න. මහින්ද 2016 වෙනකන් ඉන්නවා. ඒ වෙනකොට මහින්ද හොඳටම වැටිලා. කාට හරි ජනාධිපතිවරණයට තරග කරන්න කියල මහින්ද ගෙදර යන්නත් පුළුවන්. 1994 ජනාධිපතිවරණය දිනන්න ගාමිණීලා, අනුරලා, රුක්මන්ලා, රොනීලා එකතු කරගෙන උඩ පැන්න විජේතුංග 94 මැද වෙන කොට වැටිලා ජනාධිපතිවරණයට තරග නොකරන්න තීරණය කළා. මහින්දටත් ඒක වුණොත් පුදුමයක් නෙවේ...

මේ එම උපදේශකයා ආණ්ඩුව ඇතුළේ ඉන්නා කුරේගෙ විග්‍රහය අවසන් කළේ එහෙමය.
එතකොට ආණ්ඩුව ඇතුළේ ඉන්නා කුරේට මොකද වෙන්නේ...?
"එක්කෝ එයා ජනාධිපතිවරණයට තරග කරයි. නැති නම් විපක්ෂයට ගිහින් ශ්‍රී ල. නි. ප. නායකයා වෙන්න උත්සාහ ගනියි. නැති නම් සිරිසේන කුරේ වගේ ආණ්ඩුවත් එක්කම නැති වෙලා යයි...
මේ ඔහුගේ අනාවැකියයි.
මේ මැයි දිනය සංවිධානය කරන කමිටුවලින්ම ඇහෙන කතාය.

ඊළඟට පසුගිය කැසිනෝ ගැසට් පත්‍රය සම්මත කර ගත්ත විවාදයට දවස් දෙක තුළම සියලුම ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු සභා ගැබේ සිටිය යුතු යැයි ආණ්ඩුව නියෝගයක් නිකුත් කළේය. ඒත් මන්ත්‍රිවරු 48ක් පමණ නියෝගය කඩ කළහ. මොවුන් අතර ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරු වූහ.
"මේකෙන් පේන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දැන් මහින්දට බය නැතැයි කියන එකයි..."
මේ පරණ ශ්‍රී ලංකාකාරයෙක් කී කතාවක්ය.
කතාව ඇත්තය. ඔය විදිහට විපක්ෂය විශ්වාස භංග යෝජනාවක් ගේන දවසට මැති ඇමැතිවරුන් හිටියේ නැති නම් ආණ්ඩුව කොට උඩය.

"මට කරන්න දෙයක් නැහැ... පාර්ලිමේන්තුවට ආපු නැති අය ගැන මම වාර්තාවක් දෙනවා..."
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අත සෝදා ගත්තේ එහෙම කියලාය.
"40කට විතර විනය පරීක්ෂණ තියන්නද...?"
ආණ්ඩුවේම ලොක්කෝ කතා කරන්නේ එහෙමය.
"හොඳයි චම්පිකලා රතන හාමුදුරුවෝ විරුද්ධව ඡන්දය දුන්නා කියල මොනවද කරන්න පුළුවන්..."
ආණ්ඩුව ඇතුළේ අය අසති.

"චම්පිකලාට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තොත් චම්පිකලා අහයි අගවිනිසුරු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය නොදුන් ඩිව්ලාට එරෙහිව ඇයි ක්‍රියා මාර්ග නොගත්තේ කියලා....?"
ආණ්ඩුව ආණ්ඩුවේ හිත හදා ගත්තේ එහෙම හිතලාය.
"මම හොඳට බලාගෙන හිටියා. මූලාසනයෙන් චම්පිකගෙන් පක්ෂද විපක්ෂද කියලා තුන් පාරක් ඇහුවා. චම්පික තුන් පාරම විපක්ෂයි කිව්වා. ඒ වේලාවේ ආණ්ඩුවේ එක මන්ත්‍රිවරයෙක් චම්පික දිහා වෛරයෙන් බැලුවේ නැහැ. ඔවුන් චම්පික දිහා බැලුවේ වීරයෙක් දිහා බලනවා වගේ..."

මේ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් කී කතාවය.
"මන්ත්‍රිවරුන් 48ම ආවේ නැත්තේ සෙල්ලමට කියල හිතනවාද? මේක ආණ්ඩුව ඇතුළේම ගේම් එකක්. මේ මන්ත්‍රිවරුන් දන්නවා තමන් නොගියාට තමන්ව ආරක්ෂා කරන්න ආණ්ඩුව ඇතුළේ ලොක්කෙක් ඉන්නවා කියලා..."
ප්‍රේමදාසගේ උපදේශකයා තර්ක කරන්නේ එහෙමය.
"කවුද ඒ....?"
කියන්න දන්නේ නැත.
"ඒක මම දන්නේ නැහැ. එක කුරේ කෙනෙක් හෝ කුරේලා දෙතුන් දෙනෙක් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. එයා ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුව වට්ටනවා. මහින්ද හිතනවා 2015 මුල ජනාධිපති ඡන්දෙ තියන්න. බලන්න ඊට කලින් ආණ්ඩුව හොම්බෙන් යන වැඩ දෙක තුනක් එනවා. අන්තිමට මහින්ද බය වෙනවා ජනාධිපති ඡන්දයට යන්න. මහින්ද 2016 වෙනකන් ඉන්නවා. ඒ වෙනකොට මහින්ද හොඳටම වැටිලා. කාට හරි ජනාධිපතිවරණයට තරග කරන්න කියල මහින්ද ගෙදර යන්නත් පුළුවන්. 1994 ජනාධිපතිවරණය දිනන්න ගාමිණීලා, අනුරලා, රුක්මන්ලා, රොනීලා එකතු කරගෙන උඩ පැන්න විජේතුංග 94 මැද වෙන කොට වැටිලා ජනාධිපතිවරණයට තරග නොකරන්න තීරණය කළා. මහින්දටත් ඒක වුණොත් පුදුමයක් නෙවේ..."
මේ එම උපදේශකයා ආණ්ඩුව ඇතුළේ ඉන්නා කුරේගෙ විග්‍රහය අවසන් කළේ එහෙමය.
එතකොට ආණ්ඩුව ඇතුළේ ඉන්නා කුරේට මොකද වෙන්නේ...?
"එක්කෝ එයා ජනාධිපතිවරණයට තරග කරයි. නැති නම් විපක්ෂයට ගිහින් ශ්‍රී ල. නි. ප. නායකයා වෙන්න උත්සාහ ගනියි. නැතිනම් සිරිසේන කුරේ වගේ ආණ්ඩුවත් එක්කම නැති වෙලා යයි..."
මේ ඔහුගේ අනාවැකියයි.


උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.