ඊළම නැතිව පස්ස බලන්නේ නැහැ .....රටින් පිට ඊළාම් අගමැති කියයි
ශ්‍රී ලංකා ගාඩියන් කර්තෘ නිලන්ත ඉලංගමුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී එල්
ටී ටී ඊ සංවිධානයේ නීති උපදේශකයා ලෙස කටයුතු කළ රටින් පිට පිහිටුවා ගත්
‘ඊලාම් සංක්‍රාන්ති රජයේ අගමැති‘ විෂ්වනාදන් රුද්‍රකුමාරන් හෙවත් රුද්‍රා
සමග සමූඛ සාකච්ඡාවක් පැවැත්වීය.
කොටි සංවිධානයේ නීති උපදේශකයා ලෙස කටයුතු කළ විෂ්වනාදන් රුද්‍රකුමාරන් හෙවත් රුද්‍රා තමන් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ අගමැති ලෙස හදුන්වාගනී. ඇමරිකා පුරවැසියෙකු වන ඔහු නිව්යෝර්ක් නුවර වාසය කරයි. ඔහු නීතිඥවරයෙකි. යාපනය හිටපු පුරපති විශ්වනාදන් ගේ පුත්‍රයා වන රුද්‍රකුමාරන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයයේ හා කොළඹ නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි.
විෂ්වනාදන් රුද්‍රකුමාරන් නොඑසේනම් රුද්‍රා ඔහු සම්බන්ධවී සිටින වැඩකටයුතු නිසාම නිතර දෙවේලේ දැකිය හැකි චරිතයක් නොවූවත් දශක ගණනාවක සිටම ඔහුගේ නම පොදු ජනතාව හොදින්ම හදුනන්නකි. වරක් දමිළ ඊළාමය සදහා වන විමුක්තිකාමී කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ නීති උපදේශකයා ලෙස අන්තර්ජාතික තලයේ පෙනී සිටි ඔහු එල්.ටී.ටී.ය සහමුලින්ම විනාශ කර දැමීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දියත් කළ අවසන් මෙහෙයුමේදී මැරුම් කෑ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාරකරන් කිට්ටුවෙන්ම ආශ්‍රය කළ අයකුද වේ.
රුද්‍රා දැන් එල් ටී ටී ඊ සංවිධානයේ ප්‍රභාකරන්ගේ අඩුව පුරවන්නා ලෙස සැළකේ. ඔහුගේත් එල් ටී ටී ඊ සංවිධානයේ ඉතිරිව සිටින සෙසු සාමාජිකයන්ගේත් නවතම උත්සාහය වී ඇත්තේ අවිගත් අරගලකට පරිබාහිර ක්‍රියාවලියකින් ඊළම දිනාගැනීමට වෑයම් කිරීමයි. මේ සදහා ඔහු දෙමළ ඩයස්පෝරාව හා එක්ව කටයුතු කරමින් සිටී.
මෙම දීරඝ සම්මුඛ සාකච්ඡාවේදී රුද්‍රා සමග එල්.ටී.ටී.ඊ සංවිධානයේ අලූත්ම මුහුණුවර වන ‘දෙමළ ඊළමේ සංක්‍රාන්ති රජය‘ පිහිටුවීමේ සැබෑ අරමුණ හා ඒ හා බැඳුණු ගැටලූකාරී කරුණු කාරනා සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අපි කටයුතු කළෙමු. කෙසේවුවත් ඇතැම් ප්‍රශ්න හමුවේදී රුද්‍රා උපක්‍රමශීලීව ඒවා මගහැර යන අයුරුත් අපගේ අවධානයට හසුවිය.
ප්‍රශ්නය - ඔබ දැන් නව රජයක එනම් ‘දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයේ‘ නායකයා. මෙය ‘සෙවණැලි රජයක්‘. ඒ කියන්නේ මොන්ටෙවීඩියෝ සම්මුතියට අනුව සැබෑ රජයක් පිහිටුවීමට අවශ්‍ය වන නීතිමය පදනම නොමැති රජයක්. ඒ කොහොම වුවත් 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන වෙනවාත් එක්කම ඔබ එක සැරේට එහි නායකයා වෙනවා. මේ වගේ රජයක පැවැත්ම ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?
පිළිතුර - මොන්ටෙවීඩියෝ සම්මුතිය බලපැවැත්වෙන්නේ රටවල් වලට පමණයි. නමුත් දෙමළ ඊළම සදහා වන බහුජාතික රජය රටක් පාලනය කිරීම සදහා පිහිටුවාගත්තක් නොවන අතරම තහනම් කරනු ලැබූ රජයක්ද නොවේ. ඔව්, ඇත්තටම දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය නව සංකල්පයක්. එය අප පිහිටුවාගත්තේ දෙමළ ඩයස්පෝරාවේ දේශපාලන වැඩකටයුතු වලටත් ඩයස්පෝරා සාමාජිකයින්ගේ දේශපාලනය සදහා වන නිදහස තහවුරු කර දීමටත් පිළිවන් වන මාර්ගයක් විදියට. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තමන් කැමති දේශපාලනයක් කිරීමට හෝ දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටීමට හෝ ඉඩක් නැහැ. දෙමළ සඳහා වන බහුජාතික රජයේ ප්‍රධාන අරමුණ වන්නේ ඩයස්පෝරාව නියෝජනය කිරීම. ඒ එක්කම කාසියේ අනිත් පැත්තේ සිටින්නේ දෙමළ ජනතාව. ඔවුන් තමා සවෛරී ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම වෙනුවන් හඬනගමින් සිටින්නේ. මෙම රජයේ නියෝජිතයන් පත්වන්නේ සාමාන්‍ය රජයක මෙන් ඡන්ද ක්‍රමයක් හරහා. මම පෙර කී සාමාන්‍ය දෙමළ ජනතාව තමයි ඡන්දදායකයෝ. ඡන්දදායකයින්ගේ සහභාගීත්වය මත තමයි නියෝජිතයන් පත්වන්නේ.මේ නිසා අපගේ රජයට සැබෑවටම පැවැත්මක් තිබෙනවා.
බලයෙන් පහ කැරුණු රජයක් හා අපගේ රජය සැළකූ විට යම් යම් සමානකම් හදුනාගන්න පිළිවන්. නමුත් ඒවා න්‍යායාත්මකව විමසා බැලූවහොත් බලයෙන් පහ කැරුණු රජයක් හා අපගේ රජය අතර කිසිදු සමානකමක් නැහැ.
බලයෙන් පහ කැරුණු රජයක් ලෙස සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ එක් රටක රජයක් තාවකාලිකව වෙනත් රටක පිහිටුවීමක්. මෙම පිහිටුවීම සිදුකරන්නේ අදාළ රටෙහි සිටියදී රජය නියෝජනය කළ නමුත් කුමන හෝ හේතුවක් නිසා එම රටෙන් පිටුවහල් කර හෝ එළවා දමා සිටින නියෝජිතයන් පිරිසක්. ඔවුන් මෙසේ වෙනත් රටක රජයක් පිහිටුවීමේ අරමුණ වන්නේ ඔවුන් පිටුවහල් කර දැමීමට තරම් ඔවුන්ගේ මව් රටෙහි ඇතිව තිබෙන වාතාවරණය සමනය වූ දිනයක ක්‍රියාකාරී රජයක් රැගෙන යළිත් සියරට කරා ගොස් බලය තහවුරු කර ගැනීම. මේ ආකාරයේ රජයකට ඔවුන් නවාතැන් ගෙන සිටින නව රටේ අනුමැතිය ලැබීම පමණක්ම ප්‍රමාණවත්. බලයෙන් පහකෙරුණු රජයකට ඩයස්පෝරාවක් අවශ්‍ය වන්නේ නැහැ.
සංක්‍රාන්ති රජයක් කියන සංකල්පය දශක දෙකකට පමණ පෙර සිට අද දක්වාම සමාජ විද්‍යාඥයින්ගේ අවධානයට ලක්වන දෙයක්. එය පුද්ගලයින්ගේ බහුජාතික සබඳතා හා බහුජාතික දේශපාලන බැදීම් එකතුවෙන් ඇතිව තිබෙන දෙයක්.
ඩයස්පෝරාවේ සාමාජිකයන් ඔවුනොවුන් අතර සබදතා පවත්වාගන්නා අතරම ඔවුන්ගේ මව්රටවල් වල පුද්ගලයින් සමග, වෙනත් රටවල් වල වෙසෙන ඩයස්පෝරාවට අයත් ඔවුන්ගේ නෑහිතවතුන් සමග, කොටින්ම කියතොත් ඔවුන් වෙසෙනේනේ කොතැනද එතැන සිටින්නවුන් සමග සබඳතා පවත්වා ගන්නවා. මෙවන් දිවි පෙවෙතක් ගත කරන ඩයස්පෝරා සාමාජිකයින් දේශසීමා වල පිහිටා එක් එක් රටකට අයිතියි කියලා කියන්න බැහැ. මෙනිසා දෙමළ ජාතිකයන් බහුජාතික සමාජයක් පිහිටුවාගෙන සිටිනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන්ට නවාතැන් සැපයෙන රටේ නීතිරීති වලට ඔවුන් අනුගත වී සිටින්නේ. නමුත් ඔවුන්ගේ දේශපාලනික, සමාජමය, ආර්ථීකමය කරුණු සම්බන්ධයෙන් වන කටයුතු වලදී ඔවුන් කටයුතු කරන්නේ මේ කියන බහුජාතික සමාජය ඇතුලේ ඉදගෙන.
ඊළාම් ඩයස්පෝරාවේ දිවි පෙවෙතත් මේ වගේම තමයි. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එකිනෙකාගෙන් වෙන්වෙලා ජීවත් වන්නේ ලොව පුරා රටවල. නමුත් ඔවුන් තම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඒ එකිනෙකා හා විවිධ මාර්ග භාවිතා කරමින් සබදතා පවත්වාගනිමින් සිටිනවා. මේ ආකාරයේ පවුලේ, සංස්කෘතිකමය, සමාජමය සබදතා භෞතික දේශසීමා ඔබ්බවා යන්නක්.
සංක්‍රාන්ති රජයේ අරමුණක් වන්නේ මේ කියන සබදතා වැඩිදියුණු කිරීම.මේ සබදතා වලට අර්ථයක් දීමට සාමාජිකයින් අතර දේශපාලනමය සංහිදියාවක් ඇතිකිරීමට, ඒ සමගම තමන්ට කැමති දේශපාලන මතිමතාන්තර දැරීමට අවැසි නිදහස ඇතිකිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වනු ඇත්තේ සාමාජිකයින් දැනට ජීවත් වන කුමන හෝ රටෙහි නීති රීති වලට අනුකූල වන අන්දමින්. දේශසීමාවන් වලට ඔබ්බෙන් විහිදෙන මේ සබදතා උපයෝගී කර ගැනීමෙන් හා ඒවා වර්ධනය කරගැනීමට අවැසි කටයුතු සම්පාදනය කිරීමෙන් තමයි සංක්‍රාන්ති රජයේ දේශපාලන ව්‍යුහය සකස් වන්නේ.
අපගේ මව්බිමේ සිටින සාමාජිකයින්ද ඇතුලත් සකළ දෙමළ ඩයස්පෝරාව මේ කියන බහුජාතික සබදතා ආරක්ෂා කර ගැනීමටයි කටයුතු කරමින් සිටින්නේ. දෙමළ ඊළමේ සාමාජිකයින්ට අපගේ වෙනම සැළකීමක් නැහැ. ඔවුනුත් මා පෙර සදහන් කළ සංක්‍රාන්ති සමාජයේ සාමාජිකයින්. ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තර උතුරුකරයට පමණක් සීමාවී නැහැ. ඒවා සංක්‍රාන්ති දේශපාලන ව්‍යුහය දක්වාම විහිදෙනවා. දෙමළ ජාතිය කියන්නේ ඉතාම විහිදුණු, ඒ නිසාම සාමාජීය කරුණු සම්බන්ධයෙන් ඉහළ දියුණුවක් ඇති, ප්‍රජාතාන්ත්‍රික කරුණු මත පදනම් වුණු ජන කොට්ඨාශයක්.
දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පිහිටුවෙනු ඇත්තේත් මේ කියන බහුජාතික සමාජය තුළමයි. අපගේ මව්බිමෙහි වෙසෙන දෙමළ සහෝරත්වයේ දේශපාලනික වුවමනා එපාකම් මුළු මහත් ඩයස්පෝරාවටම දැන හදුනාගැනීමට අවස්ථාව විවර කර දීම තමයි එහි අරමුණ.අනෙක් කාරණය තමයි දෙමළ ජනතාවගේ සමාජමය, ආර්ථීකමය හා සංස්කෘතිකමය කටයුතු ප්‍රවර්ධනය කිරීමට මෙය යොදාගත හැකිවීම.
රජය ගොඩනැගී ඇත්තේත් ක්‍රියාත්මක වන්නේත් ජනතාව මත පිහිටා බැවින් රජයේ පැවැත්මට රටක් තිබිය යුතු වීම අත්‍යාවශ්‍ය නොවන්නක්. ප්‍රජාතන්ත්‍රික රටවල් ප්‍රජාතන්ත්‍රවාදී කරුණු වෙනුවෙන් එක්රැස්වීමේ අයිතිය පිළිගන්නවා හා ආරක්ෂා කරනවා සේම අපිත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කරුණු වෙනුවෙන් එක්රැස්වීමක්. එය ආරක්ෂා කරන්නේ අපම පිහිටුවාගෙන තිබෙන රජය. මෙනිසා රටක රජයක් හා අප අතර වැඩි වෙනසක් නැහැ. දෙමළ ජනතාව අතර පවතින සමිති සමාගම් තමයි දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයේ බලකණු විය යුතුව තිඛෙන්නේ. අප ස්වාධීන, ස්වෛයිරී දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම සදහා සැළසුම් හා ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමට සූදානමිනුයි සිටින්නේ.
ප්‍රශ්නය - දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයේ වැදගත්කම කුමක්ද? ඔබගේ රජයේ මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරලා නැත්තේ ඇයි? රජයක් නම් නිර්නාමික නියෝජිතයින් සිටින්නේ කොහොමද?
පිළිතුර - දෙමළ ජනතාවගේ දේශපාලන අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලීමට ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයේ ඉඩක් නැහැ. හය වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන රාජ්‍යයක් ලබාගැනීම සදහා කෙරෙන සාමකාමී මැදහත්වීම් අපරාධ හැටියට වර්ග කරලා තිබෙනවා. එය භාෂණයේ නිදහස උල්ලංඝණය කර තිබීමක් ලෙසත්, එවන් අවස්ථාවක මිලිටරි බලය යොදාගැනීම සාධාරණීකරණය කිරීමක් ලෙසත් පෙන්වා දෙන්න පිළිවන්.
දෙමළ ජනතාවගේ සාමාජීය පැවැත්ම තීරණය වන්නේ ඔවුන්ට අනන්‍ය දේශපාලනික, ආර්ථීකමය හා සංස්කෘතිකමය අංග වලින් සමන්විත ඔවුන්ගේ දිවි පෙවෙත ගෙවීමට ඔවුනට කෙතරම් නිදහසක් ඇත්ද යන කාරණය මතයි. දෙමළ ජාතිකයින්ට ලොව අනෙක් ජන සමාජයන් සමග උරෙනුර ගැටෙමින් ජීවත්වීමටත්, සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් අවස්ථාව තිබිය යුතුමයි. මෙම ඉලක්ක කරා යාමට හා එම යන ගමනේදී මතුවිය හැකි බාධා ජයගැනීමට සවිමත් දේශපාලන ව්‍යුහයක් අවශ්‍යයි. මේ සදහා මූලික පියවරක් වූයේ 1976 දී ඉදිරිපත් වුණු වදුක්කොඩ්ඩයි ප්‍රඥප්තියයි. පසුව 1977 පාර්ලිමෙන්තු මැතිවරණයේදී උතුරේ ජනතාව එය පිළිගන්නා බව පෙන්වන ජනමතයක් පළ කළා. 1985 දී ඉදිරිපත්වූ තිම්පු ප්‍රතිපත්තීන් හා 2003 වසරේදී ඉදිරිපත් කෙරුණු අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් වන අධිකාරියක් සදහා වන යෝජනා වලින් මේ ඉලක්ක කරා යෑම පහසුවන ලකුණු පෙනුනා.
ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය වසර 60 කට අධික කාලයක් තිස්සේ පවතින්නේ දැඩි සේ මිලිටරිකරණය වෙලා. රටේ ව්‍යවස්ථාව සකස් වී තියෙන්නේ බහුතර බොදු ජනතාවට වුවමනා හැටියට. මෙනිසා සුළුතර ජන කොටස් වල මූලික මිනිස් අයිතීන් හා යහපැවැත්ම ගැන අවධානය යොමුවීමක් සිදුවෙලා නැහැ. රටේ වත්මන් දේශපාලන ව්‍යුහය දෙමළ ජනතාවගේ පමණක් නොව රටේ ජීවත්වන සිංහල බෞද්ධ නොවන අනෙක් ජනකොටස් වලත් දේශපාලන අයිතීන්, සමාජ පැවැත්ම හා සංස්කෘතික ප්‍රගමණය වැනි කරුණු කාරණා වලට බාධා එල්ල කරමින් නැගී තිබෙන්නක්.
රට අභ්‍යන්තරයේ පවතින්නේත් දෙමළ ජාතීන්ට යහපත් වාතාවරණයන් නොවේ. ඔවුන්ට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට, තමන් කැමති දේශපාලන කටයුතු වල යෙදීමට, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට, දෙමළ ජාතිකයින් ලෙස පෙනී සිටීමට අවස්ථාවක් සපයා දී නැහැ.
ශ්‍රී ලංකාව එහි වෙසෙන දෙමළ ජාතිකයින්ට එළිමහන් සිරකඳවුරක්. මෙවන් තත්ත්වයක් තියෙද්දී රටේ දේශපාලඥයින්, නීති සම්පාදකයින්, හමුදා නිළධාරීන්, ලොව පුරා බොරු ප්‍රචාර ගෙන යන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට කිසිදු ගැටලූවක් නොමැති බවත් ඔවුන්ට දේශපාලනමය විසදුමක් අවශ්‍ය නොමැති බවත් කියමින්.
මේ ගැටලූ වලට විසදුම් සෙවීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ඩයස්පෝරා සාමාජිකයින්ට. වෙනස්ම ක්‍රමවේදයන් භාවිතා කරලා දෙමළ ජාතිකයින්ට හිමි අයිතීන් දිනා දීමට ඔවුන්ට කටයුතු කිරීමට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ප්‍රජාතන්ත්‍රවාදී කරුණු මත පදනම්ව මනා අධීක්ෂණයක් යටතේ සිදුවුනු දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයේ උපත.
ප්‍රශ්නය - තමන් දෙමළ ඊළම සදහා වන රජයේ කැනඩා මන්ත්‍රීවරයායැයි හදුන්වාදෙන එක්සත් ජනපද වාසී දෙමළ ජාතිකයකු සිටිනවා. ඔහු කවරක්ද, නියෝජනය කරන්නේ?
පිළිතුර - මෙම ප්‍රශ්නයට පදනමක් නැහැ. එනිසා මට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දිය නොහැකියි.
ප්‍රශ්නය - මම දන්නා හදුනන ඩයස්පෝරා සාමාජිකයින් මා සමග පැවසුවා ඔවුන් කිසිවෙකුටවත් ඡන්දය දීමට හෝ කාට ඡන්දය දිය යුතුදැයි හෝ කිසිදු දැනුම්වත් කිරීමක් සිදුකර නැතැයි කියා. ඔවුන් ඡන්දයක් පැවැත්වෙනවායැයි කියාවත් දැන සිටියේ නැහැ. ඡන්දයක් පැවැත්වුණා නම් කොහේදීද ඒ සම්බන්ධයෙන් වන තොරතුරු බෙදා හරිනු ලැබූයේ? තොරුතුරු බෙදා දුන්නේ ඊලාම් කවයන්ට පමණද? සියලූදෙනා ඡන්දය ප්‍රකාශ කර ඇති බවක් පෙනෙන්නට නැති නිසා ඔබට ඔවුන්ගේ නියෝජිතයින් ලෙස පෙනී සිටීමට හැකිද?
පිළිතුර - ඔබ පවසන්නේ මොනවාදැයි මා දන්නේ නැහැ. ඡන්දයක් පැවැත්වෙනවායැයි අප සියලූදෙනාම දෙමළ ඩයස්පෝරාවේ රූපවාහිනී නාළිකා, ගුවන්විදුලි නාළිකා, පුවත්පත් ආධාරයෙන් දැනුම්වත් කළා. ඡන්දය සම්බන්ධයෙන් වන රැස්වීම්ද පැවැත්වුවා.
දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පිහිටුවීමේ පළමු පියවර වුණේ දෙමළ ඩයස්පෝරාව පැතිර තිබෙන ප්‍රදේශ වල ඡන්ද පැවැත්වීමෙන් සභිකයින් තෝරාගෙන රජයේ ව්‍යවස්ථාපිත ව්‍යුහය සැකසීමයි.
ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිහිටුවීම සදහා පොදුජනතාවගේ එක්රැස්වීම අන්තර්ජාතික නීතිය මගින්ද ස්ථාපිත කර තිබෙන්නක්.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ව්‍යවස්ථාවක් සකස් කිරීමට එක්රැස්වීම අයිතිවාසිකමක් ලෙස පිළිගන්නක්. මේ සදහා පොදු ජනතාව සහභාගී කරවා ගත හැකි හොඳම මාර්ගය වන්නේ ඔවුන් ලවා තොරාගන්නා නියෝජිතයින් එකතු කරගෙන මූලික ව්‍යවස්ථාව සැකසීමයි. මේ සදහා යොදාගත හැකි ජනප්‍රියතම යාන්ත්‍රණය වන්නේ ඡන්දයක් පැවැත්වීමයි.
සහභාගී කරවා ගැනීම යනු වර්තමානයේ අවශ්‍යතාවක් වගේම අයිතියක්. එය අයිතියක් බවට පත්ව තිබෙන්නේ සහභාගීකම අරබයා ජාත්‍යන්තර තලයේ ඉදිරිපත්ව ඇති ප්‍රඥප්තීන් හා සම්මුතීන් නිසාවෙන්. එය අවශ්‍යතාවයක් වන තැනට තල්ලූ කර තිඛෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.මොකද විශ්වාසනීය අයුරින් රජයක් පිහිටුවන්නට නම් පදනම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.රජයක් පිහිටුවන්නට සහභාගීකරවාගතයුතු වන්නේ ජනතාවයි.මෙනිසා විශ්වසනීය රජයක් පිහිටුවාගැනීමට නම් සහභාගීකරවාගැනීම අවශ්‍යතාවක් වෙලා තිඛෙනවා.සහභාගීකරවාගැනීම මාර්ගයෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම ඉක්මනින් ප්‍රගමනය වෙමින් පවතින්නක්.ක්‍රියාවට නැංවීමේදී යම් යම් ගැටලූ පැනනැගිය හැකිවුවත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක් යනු අප්‍රිකා විමර්ෂකයෙකු වන ජුලියස් ඉවොන්හ්බරේගේ වචන වලින් කිවතොත්
‘ශක්තිමත්, පිළිගතහැකි හා විශ්වසනීය නිමැවුමක්‘ ලබාගත හැකි මාර්ගයක්.
මේ සදහා වන මූලික පියවර ගනු ලැබූවේ 2009 වසරේ ඔක්තෝබර් මාසයේදී. මුලින්ම ඇති කෙරුණේ රට රටවල වෙන්වූ ක්‍රියාකාරී කණ්ඩායම්. පළමු වටයේදී බ්‍රිතාන්‍යය, කැනඩාව, ඇමරිකාව, දකුණු අප්‍රිකාව හා නෝර්වේ යන රටවල කණ්ඩායම් ඇති කෙරුණා.පසුව ඕස්ෙට්‍ර්ලියාව, නවසීලන්තය හා ප්‍රංශය යන රටවල කණ්ඩායම් ඇති කෙරුණා.
මෙම ක්‍රියාකාරී කණ්ඩායම් වලට පැවරුණු වගකීම වූයේ දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පිහිටුවීම සදහා ඒ ඒ රටවල සිටින දෙමළ ජාතිකයින්ගේ හා එම රටවල ක්‍රියාත්මක වන දමිළ සංවිධානයන්ගේ සහය ලබාගැනීමයි. නමුත් මෙම කණ්ඩායම් එයිනුත් නොනැවතී අදාළ රටෙහි සිටින වෙනත් ජනකොට්ඨාශයන්ගේ සහය පවා දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පිහිටුවීමට ලබාගත්තා.අනතුරුව මෙම කණ්ඩායම් තමන් සිටින රටේ හොදින් සමාජගතවුනා.ඔවුන් එම රටවල සිටින දේශපාලන පක්ෂ නායකයින් හා ඇතැම් අවස්ථාවන්හි රජයන් සමග හොද සබදතා ගොඩනගාගැනීමට සමත්වුනා.ඒවැනි සබදතාවලින් අපගේ රජය පිහිටුවීමට ලැබුණේ ලොකු ශක්තියක්.
ස්වාධීන මැතිවරණ කමිටුවක් බැගින් දමිළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයට නියෝජිකයින් පත්කරගැනීම සදහා ඡන්ද විමසීමට තෝරාගැනුණු රටවල ඇති කෙරුණා.මේ කමිටු ඇතිකිරීමේ වගකීම පැවරුනේත් එම රටවල සිටි ක්‍රියාකාරී කණ්ඩායම් වෙතටයි.ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් එක් එක් ඡන්ද මධ්‍යස්ථානයකට මැතිවරණ නිරීක්ෂකයින් අනුයුක්ත කිරීමද සිදුකෙරුණා.
ඡන්ද ප්‍රකාශය කිරීම සදහා සුදුසුකම් ලෙස සැළකුණේ ඡන්ද විමසීමේ දිනය වන විට වයස අවුරුදු 17 ට වැඩි වීමත්, දෙමළ ඊළාම් සංස්කෘතියට පරම්පරාවෙන්, විවාහයෙන්, දරුකමට රැගෙන හදාවඩා ගැනීමෙන් හෝ හිමිකම් කීමත්ය.ඊළාම් දමිළයන් යැයි තමන් හදුන්වාගත් දමිළ ජාතිකයින්ටද ඡන්දය ප්‍රකාශය කිරීමේ අයිතිය ලබා දෙනු ලැබුණා.එසේ වුවත් ඊට පෙර ඔවුන් සැබෑ ලෙසටම ඊළම වෙනුවෙන් පෙනී සිටින්නේදැයි සොයාබැලීම සිදුකෙරුණා.
ප්‍රශ්නය - ඔබ ලෝක ඉතිහාසයෙන් උකහාගත් කිසියම් දෙයක් ඊළම සදහා වන බහුජාතික රජය පිහිටුවීමේ කටයුතුවලදී භාවිතා කළාද?
පිළිතුර - මම පෙරදීත් සදහන් කළා වගේ මේක නව සංකල්පයක්.
ඊළම සදහා වන සංක්‍රාන්ති රජය දෙමළ ජනතාවගේ ජාතිකත්වය, භූමිය, ස්වාධීනත්වය හා නිදහස දිනා දීමේ අරමුණින් දේශපාලන ව්‍යුහයක් ඇතිව නිර්මානය වූවක්.එය දෙමළ ජනතාවට මෙන්ම සමස්ත ලෝකයටම අලූත් දෙයක්.
දැනට පවතින තත්ත්වය අනුව දෙමළ ජනතාව තමන්ගේ මාතෘභූමියේදී දේශපාලන මතයන් වෙනුවෙන් පෙනී සිටීමට හා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩගෑමට කිසිසේත් උත්සාහ කරන්නේ නැහැ.මොකද ශී්‍රලංකා රජය නීති මගින්, මිලිටරි බලය යෙදවීම මගින්, ඇතැම් අවස්ථාවන්හි මිනී මැරීම මගින් ඔවුන්ගේ මග අහුරා දමායි තිඛෙන්නේ.
මෙම තත්ත්වය සළකා බලා අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාව කළේ ඔවුන් ස්ථානගතව සිටින රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අනුව යමින් දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය නිර්මානය කිරීමයි. මෙය දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම අරබයා තිඛෙන දේශපාලනික ව්‍යුහයකින් යුත් උත්තරීතරම සංවිධානයයි.දෙමළ ඊළම නියෝජනය කරනා දෙමළ දේශපාලඥයින් හා ජනතාව සියලූදෙනා මෙම රජය වෙත ඇතුළත් කර ගැනීම ප්‍රායෝගික නොවූ හෙයින් රජයේ නියෝජිතයින් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත්වූ මැතිවරණයන්ගෙන් තෝරාගත්තේ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින්වයි.දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය දෙමළ ජනතාවගේ හිතසුව සදහා ශී්‍රලංකාවේ සිට ක්‍රියාකාරී වන සියල්ලන් හා සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අතර ඔවුන් අතරට ඊළමේ ජනතාව නියෝජනය කරනා දේශපාලනික හා සමාජ නායකයින් ඇතුළත්.
ප්‍රශ්නය - තමන්ගේ සිහිනයන් දිනාගත් සංක්‍රාන්ති රජයන් සම්බන්ධයෙන් ඉතිහාසයේ උදාහරණ තිබෙනවාද?
පිළිතුර - දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පළමුවැන්න වනු ඇති.
ප්‍රශ්නය - මට පෙනීගිය කරුණක් තමයි ඔබ රට හා රජය යන වචන දෙක පරිස්සමින් වෙන් වෙන් කොට භාවිතා කිරීම. ඔබ ශ්‍රී ලංකාව එනම් රටට එරෙහිව නැගී සිටීමක් ගැන පැවසූවත් රජයට එරෙහිවීමක් සම්බන්ධයෙන් කිසිත් සදහන් කළේ නැහැ. ඔබට ගැටළු ඇත්තේ රට සමගද? නැත්නම් ශ්‍රී ලංකා රජය සමගද?, කරුණාකර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන රට මුල්කරගෙන ඔබගේ ඇති ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් වන කරුණු පැහැදිලි කරන්න.
පිළිතුර - එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ මණ්ඩල වාර්තාව හා අභ්‍යන්තර තොරතුරු විමර්ෂණ වාර්තාවේ සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යුක්තිය සොයා යා හැකි දේශපාලනික හෝ නීතිමය හෝ වාතාවරණක් නැහැ.නිදහස ලැබූ දා පටන්ම විවිධ රජයන් එකක් පසුපස එකක් පත්වුනත් දෙමළ ජනතාව කොන් කර සැළකුනේ.එම නිසා වැරැද්ද තිඛෙන්නේ රටේ.
ඊළමේ දෙමළ ජනතාව ස්වාධීන හා ස්වෛරී අන්තර්ජාතික තලයේ පිළිගත් රටක් වෙනුවෙන් කරනා දීර්ඝ අරගලය වර්තමානයේ බොහෝ දෙනාට ආර්ශයක් බවට පත්වෙලා.අද දිනයේ එම අරගලය ලෝකයේ හැදින්වෙන්නේ තමන් උපන් භූමියෙන් සමාජමය, සංස්කෘතිකමය ලෙස තමන්ව සහමුලින්ම අතුගා දැමෙනු ඇතැයි බියෙන් විරුද්ධව පැමිණී බලවේග වලට එරෙහිව සටන් කළ ජනතාවකගේ අරගලයක් ලෙසයි.එමෙන්ම අද එයට ඇත්තේ ඛේදනීය මුහුණුවරක්.
මේ සියල්ල ආරම්භ වූයේ මීට දශක 06 කට පමණ ඉහතදී බ්‍රිතාන්‍යයින් යටත්විජිතය අතහැරයාමේදී ඊළාම් දේශයේ පාලනයත් බහුතර සිංහලයන් අතට ලබාදීමත් සමගයි. බහුතර බලය හිමිව තිබූ, වර්ගවාදී කොළඹ පාලකයින් දෙමළ ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමට පටන් ගත්තා.මෙයට මුලින් දෙමළ ජාතිකයින් විරෝධය දැක්වූයේ සාමකාමී, ප්‍රචණ්ඩකාරී නොවන අරගල යොදාගෙන.නමුත් පසුව මෙම තත්ත්වය ස්වාධීනත්වය සදහා අවි අතට ගෙන කරන යුද්ධයක් තරමටම වර්ධනය වුනා.
2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වුනේ දහස් ගණනක් සිවිල් වැසියන් මරුදැකලා.ගැටුම් මෙහෙයවූ නායකයින් මරණයට පත්කෙරුණේ දරුණු අන්දමින්. දහස් ගණනක් දමිළ තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීම ඇරඹුනා.ඔවුන් බොහෝ දෙනෙක්ට අත්වූයේ මරණයයි.ඇතැමෙක් වධකාගාර වලට ගාල් කෙරුණා.කාන්තාවන් දහස් ගණන් හිංසාවට ලක්කෙරුණා.අහිංසක සිවිල් වැසියන් නිස්කාරනයේ රැදවුම් කදවුරු වල රැදවීමත් සිදුවුනා.
අද මෙතරම් අපරාධ සමූහයක් සිදුවුණු මුල්ලිවයික්කාල් ප්‍රදේශය දැකීමේදී, අපරාධ සිදුවෙද්දී ඊට එරෙහිව හඩ නැගීමට අන්තර්ජාතික ප්‍රජාවට කොදුනාරටියක් නොතිබුණීද යැයි සිතීමේදී ඊළම වෙනුවෙන් පෙනී සිටි ඕනෑම කෙනෙක් අධෛර්යමත් වනවා නිසැකයෙන්ම.
වාතාවරණය තවදුරටත් දෙමළ ජාතිකයින්ට ස්වාධීන ස්වෛරී තමන්ට වෙන්වූ භූමියක් තිබිය යුතුයැයි යන මතය තවදුරටත් සාධාරණීකරණය කරන්නක්.විනාශවී යාමෙන් වැළකීමට, ආරක්ෂාව සහතික කිරීමට එවන් භූමි ප්‍රදේශයක් දෙමළ ජාතිකයින්ට තිබිය යුතුමයි. අන්තර්ජාතිකනීතියෙන්ද මෙවැනි පියවරක් ගතහැකි බවද පැවසෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රෙෂ්ඨාධිකරණයේදී විභාග වුනු ක්විඛෙක් නඩුවේදී ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සළකා බැලු අධිකරණය එවන් වාතාවරණයක් පවතී නම් ස්වාධීන භූමි ප්‍රදේශයක් වෙන්කර දීමේ කිසිදු වරදක් නැතැයිද එය එම ජනතාවගේ අයිතියක් යැයිද ප්‍රකාශ කළා.
ප්‍රශ්නය - ඇයි අපට එකම රටක ඉදගෙන විසදුමකට එන්න බැරි?
පිළිතුර - එකම රටක ඉදන් කෙරෙන විසදුමක් ගැන කතා කළ යුත්තේ ඇයි? ඇයි අපට මිත්‍රශීලී රටවල් දෙකක් හැටියට මේ දූපතේ ජීවත් වන්න බැරි? අප උත්සාහ කළා නිදහස ලැබූ දා පටන්ම සහයෝගයෙන් ජීවත් වන්න.නමුත් දේශපාලනමය වෙනස්කම් එක්ක එය කළ නොහැක්කක් බව පෙනී ගියා. 1974 දී එස්.ජේ.වී.චෙල්වනායගම් තමයි මෙය හදුනාගෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවිය යුතුයැයි මුලින්ම මතයක් ගෙන ආවේ.දමිළයන් පීඩාවට පත්කිරීම ශ්‍රී ලංකා පාලකයින් ඇරඹුවේ ඉන්දියා දෙමළ ජාතිකයින්ට ඡන්දය අයිතිය අහිමි කිරීමෙන්.පසුව ඔවුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව වන්නේ සිංහල පමණක් යැයි පණතක්ද සම්මත කර ගත්තා.දෙමළ තරුණයින්ට විශ්වවිද්‍යාල වෙත ඇතුල්වීමේ වරම් අහිමි කිරීම, දෙමළ ජාතිකයින් සංවිධානය කළ විරෝධතාවන් දරුණු ලෙස මැඩපැවැත්වීම, දමිළයින්ට එරෙහිව 1958, 1960, 1977 හා 1983 යන වසරවලදී එවක පැවති රජයන්ගේද සහය ඇතිව ඇතිවුණු කෝළහාල, මේ සියල්ල දෙමළ ජාතිකයින් මඩින්නට කළ දේවල්. 1975 දී කන්කසන්තුරේ මැතිවරණ ජයෙන් පසු ඊළමේ ගාන්ධි ලෙස අප ආදරයෙන්
හැදින්වූ එස්.ජේ.වී.සෙල්වනායගම් මෙසේ ප්‍රකාශයක් කළා..
‘අපි පසුගිය වසර 25 පුරාවට අපගේ දේශපාලන අයිතීන් තහවුරු කර ගැනීමටත් සිංහලයින් හා සහයෝගයෙන් එක්සත් ශ්‍රී ලංකාවක ජීවත් වීමටත් උත්සාහ කළා.නමුත් කණගාටුයි කියන්න.නිදහසින් පසු පත්වුනු රජයන් සියල්ල කළේ නිදහසින් පසු ඔවුන් සතුවුනු බලය යොදාගෙන අපගේ මූලික අයිතිවාසිකම් පවා අපට අහිමි කිරීමට කටයුතු කිරීම මගින් අපව කොන්කර දැමීම.අද මේ ලැබූ ජයග්‍රහණයෙන් පෙනී යනවා දෙමළ ජනතාව ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයකට හිමිකම් කීමට කැමැත්තන් බව.මම මේ අවස්ථාව යොදාගන්නවා ඒ බව මුලූ රටේම හා මගේ ජනතාවට ඒ බව හඩගා පවසන්නට‘
චෙල්වනායගම්ගේ ජයග්‍රණයෙන් පසු සියලූම දෙමළ පක්ෂ වඩුක්කෝඩයි පිළිගත් අතර වඩුක්කෝඩයි යෝජනාවලිය ඔවුනොවුන් අතර ඒකමතිකව සම්මත කර ගත්තා.මෙම යෝජනාවලිය මුලින්ම කරලියට පැමිණියේ 1976 මැයි 14 වැනිදා පැවැත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පළමු ජාතික සමුලූවේදී. 1977 වසරේ පැවැති මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගීවූයේ මේ යෝජනාවලයෙහි පිහිටා යෝජනාවලියෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ඊළාම් රාජ්‍යය වෙනම ස්වෛරී රාජ්‍යයක් විය යුතුයැයි වන තම මතය ඉදිරිපත් කළා.දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පැවැත්වූ සමුලූවේ මුලසුන හෙබවූයේ එස්.ජේ.වී.චෙල්වනායගම්.පහත දැක්වෙන්නේ එම යෝජනාවලියේ දමිළ බසින් සදහනව තිබූ කරුණු කිහිපයක සිංහල පරිවර්තනය.
‘මෙම යෝජනාවලියෙන් මෙම රටෙහි දෙමළ ජනතාවගේ පැවැත්ම තහවුරු කරනු වස් නිදහස්, ස්වෛරී, ස්වායක්ත, සමාජවාදී දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවාලිය යුතුවීමේ අවශ්‍යතාවය හොදින්ම පෙන්වා දෙනවා‘
යෝජනාවලිය අවසානයේ සදහන්වූයේ දෙමළ ජාතිකයින්ට විශේෂයෙන් දමිළ තරුණ පරම්පරාවට ඉදිරියට පැමිණ නිදහස හා ස්වාධීනත්වය දිනාගැනීම සදහා වන ශුද්ධවු යුද්ධයට ඉදිරිපත් වන ලෙස වුනු ඉල්ලීමක්. නමුත් මේ කියන යුද්ධයට ඉදිරිපත්වීම කළ යුතුව තිබුණේ ස්වෛරී රාජ්‍යයක් ඇතිකළ හැකිවීමේ පෙර ලකුණු පෙනෙන්ට තිබුණේ නම් පමණයි. දමිළ ඊළම සදහා වන විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානය දශක 03 ක් පුරාවට සටන් වැදුනේ දෙමළ ජනතාවටත් ස්වාධීනත්වයක් ඇති බව පෙන්වා දීමේ අරමුණ ඇතිව.නමුත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හමුවේ සාර්ථකව තම ඉලක්කය කරා යාමට ඔවුන්ට නොහැකිවුනා.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වැසි වසින්නාක් මෙන් එල්ල කළ ෂෙල් ප්‍රහාර වලින් යුධ මුක්ත කලාපයේ 2009 වසර මැද භාගය වන විට රැදී සිටි දමිළ සිවිල් වැසියන් දස දහස් ගණනින් ඝාතනය වුනා.යුද්ධය අවසන් වීමෙන් පසු ශී්‍රලංකා රජය ලක්ෂ 03 ක පමණ දෙමළ ජාතිකයින් රැදවුම් කදවුරු වලට ගාල් කළා.රැදවියන්ගේ තත්ත්වය පිළිඹද සොයාබලන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත්, වෙනත් රාජ්‍ය නොවන සංවිධානවලටවත්, මාධ්‍යවේදීන්ටවත් රජය අවසර ලබා දුන්නේ නැහැ.මෙම පුද්ගලයින් රැදවුම් කදවුරු වල රැදවීමට රජය ට ඉදිරිපත් කළ හැකිවූ එකම හේතුව වූයේ ඔවුන් දෙමළ ජාතිකයින් වීම පමණයි.මෙය ඇත්තටම ඔවුන් දෙමළ ජාතිකයින් වීම නිසාවෙන්ම ඔවුන්ට ලබාදුන් දඩුවමක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මුල් කාලයේදී මේ රැදවුම් කදවුරු වල රදවා සිටි රැදවියන් රාශියක් හාමතෙන් මියගොස් තිඛෙනවා.ඇම්නෙස්ටි ජාත්‍යන්තරයට අනුව ඇතැම් ගර්භණී කාන්තාවන්ට විළිබිය පසෙකලා ආගන්තුක පුද්ගලයින් ඉදිරියේම දරුවන් බිහිකිරීමට සිදුවූ අවස්ථාවන් වාර්තා වෙලා තිඛෙනවා. බ්‍රිතාන්‍යයේ චැනල් 04නාළිකාව රැදවුම් කදවුරු වල තත්ත්වය වාර්තා කළේ පුද්ගලයින් ජලය හා ආහාර නොමැතිව මිය යමින් සිටින බවත්, මියගොස් සිටියවුන්ගේ මළ සිරුරු ඔවුන් මියගිය ස්ථානවලම තිඛෙන්නට ඉඩ හැර ඇති බවත්, කාන්තාවන් පවුල් වලින් වෙන්කර ඇතැම් අවස්ථාවන්හි ඔවුන්ට ලිංගික අඩත්තේට්ටම් පවා පමුණුවමින් තිඛෙන බවත් සදහන් කරමින්.රදවා සිටි පුද්ගලයින්ගෙන් සැළකිය යුතු තරමේ සංඛ්‍යාවක් 2009 වසර අගභාගය වන විට බාහිරෙන් මෙන්ම අභ්‍යන්තරයෙන් මතුවන්නට ගත් පීඩනය නිසා නිදහස් කර හැරීමට රජය කටයුතු කර ඇතත් එසේ නිදහස් කරනු ලැබූ පුද්ගලයින් ජීවත් වන්නේ බියෙන්.ඔවුනට මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ පහසුකම්වත් සපයා දී නැහැ. ඔවුන්ව නිසි පරිදි වෙනත් ප්‍රදේශයක ජනාවාස කර හෝ ඔවුන්ගේ පැරණි ජනාවාස වෙත යාමට අවසරය ලබාදී හෝ නැහැ.
කදවරු වලින් පිටත වෙසෙන දමිළ ජනතාවගේ තත්ත්වයත් මිීට වෙනස් නැහැ.විශේෂයෙන් උතුරේ, දෙමළ ජනතාවගේ නිජබිම වන ප්‍රදේශයේ ඔවුන්ට ජීවත්වීමට
සිදුවෙලා තිඛෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයින් එක්ක.ආරක්ෂක අංශ දෙමළ ජාතිකයින්ගේ නිජබිම බලහත්කාරයෙන් අත්පත් කරගෙනයි සිටින්නේ.දකුණ සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ සිංහල ජාතික රජය අතින්.බහුතර සිංහල ජාතිකයින් ඔවුන් සමග දකුණේ වෙසෙන දෙමළ ජාතිකයින් දකින්නේ උවදුරක් හැටියට.මෙනිසා දකුණේ දෙමළ ජාතිකයින්ට ජීවත්වීමට සිදුවෙලා තිඛෙන්නේ කළහකාරී තත්ත්වයක් ඇතිවේයැයි බියෙන් මුලූගැන්විලා.දෙමළ ජාතිකයින් ඔවුන්ගේ ජාතිය නිසාම නොයෙක් ආකාරයේ හිංසනයන්ට නොනවත්වාම ලක්වෙමින් සිටිනවා.අතුරුදන් කිරීම් හා ඝාතනයන්, දමිළ සංස්කෘතිකමය කරුණු බලහත්කාරයෙන් වෙනස් කිරීම සදහා එල්ල කෙරෙන බලපෑම්, කොන් කිරීම් හා කොළණීකරණය මගින් දෙමළ ජාතිය මුලූමනින්ම අතුගා දමන්නටයි ඔවුන් කටයුතු කරමින් සිටින්නේ.
අමතරව දෙමළ ප්‍රදේශයන්ගේ ක්‍රමානුකූලව සිදුකෙරන කොළණිකරණය මගින්, ඡන්ද කොට්ඨාශ වල සීමා මායිම් වෙනස් කිරීම මගින්, රජය තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්නට කටයුතු කරමින් සිටිනවා.යුධ සමයේදී දෙමළ ජනතාව තමන් වාසය කරමින් සිටි ප්‍රදේශවල ඇවිලෙන්නට පටන්ගත් ගැටුම් නිසා එම ප්‍රදේශයන් අත්හැර වෙනත් ප්‍රදේශ වෙත පැමිණීයා.මෙසේ දෙමළ ජනතාව අත්හැර දැමූ ප්‍රදේශවල දැන් රජය කොළණි පිහිටුවමින් සිටිනවා.මෙනිසා භූමියේ පෙර අයිතිය හිමිව තිබූ දෙමළ ජනතාවට දැන් ඒ අයිතිය නැහැ.මේ වගේ වාතාවරණයක් ඇති ප්‍රදේශයක ඡන්දයක්පැවැත්වුවහොත් වාසි රජයට.අනෙක් කාරණය තමයි නව ඡන්දදායකයින් ලියාපදිංචි වීම දෙමළ ජාතිකයින් සැළකීමේදී ඉතා අඩු අගයක් ගැනීම.මේ දෙකේම එකතුවක් හැටියට බැලූවොත් ඇත්තෙන්ම නිදහස ලැබූ දා පටන්ම රටේ නීති රාමුවේ දෙමළ නියෝජනය ඉතා අඩු මට්ටමක පැවතුනේ.තවත් දෙයක් තමයි ශී්‍රලංකාවේ ඡන්ද ක්‍රමය වාර්ගික මුහුණුවරක් ගන්නා එකක් වීම.මෙනිසා තව තවත් දෙමළ ජනතාව කොන්වුනා.මේ දක්වා පැවැත්වුනු කිසිදු මැතිවරණයකදී තම ජාතිය වෙනුවෙන් හඩ නැගීමට ඔවුනට අවස්ථාව මේ නිසාම අහිමිවී තිඛෙනවා.දමිළ ජාතිකයින්ට රටේ දේශපාලන සැකිල්ලේ කොටසක් වීමට ඉඩක් නැහැ.එකසත් ජාතීන්ගේ විද්වත් මණ්ඩල කමිටු වාර්තාවේ මේ බවත් සදහන් වනවා.එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතිවුණු වාර්ගික ගැටුමට මූලිකම හේතුව වී ඇත්තේ ජාතිකත්වය මත පදනම් වී දේශපාලනයෙන්, සමාජයෙන්, ආර්ථීක කටයුතු වලින්, දමිළ ජනතාව කොන් කර දැමීම ලෙසටයි.
මේ දැක්වුණු කරුණු වලින් ශ්‍රී ලංකා රජය දෙමළ ජාතිකයින්ට අමානුෂිකව සළකන ආකාරය පැහැදිලි වනවා ඇති.මේ නිසාම දෙමළ ජාතිකයින් තමන්ගේ ස්වාධීන අයිතිය
වෙනුවෙන්, ජාතියක් ලෙස අතුගෑවීයාමට පෙර ඔවුන්ගේ ආරක්ෂාව සළසා ගැනීමේ අරමුණින් රටේ ඔවුන්ටම කියා ස්වෛරී රාජ්‍යයක් වෙනුවෙන්, කරනා ඉල්ලීම් වල පදනම තවත් ශක්තිමත් වෙනවා.
ප්‍රශ්නය - ඔබ පසුගිය ජනවාරි මාසයේ නිකුත් කළ අලූත් අවුරුදු පණිවුඩය ‘2014 වසරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ තවදුරටත් කොන්කර දැමීමට පියවර ගනිමු. දෙමළ ජාතියට නිදහස දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියටම යමු.‘ අනුව මේ කියන ආකාරයට ශී්‍රලංකාව ජාත්‍යන්තර තලයේ කොන්කර දැමීමට ඔබ ගැනීමට යන පියවර මොනවාද?
පිළිතුර - පොදුරද මඩුලූ සමුලූව අතරතුරදී සිදුවූ දේවල්, මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය හා නවී පිල්ලේගේ වාර්තාව ශ්‍රී ලංකාව ඉතාම වේගයෙන් අන්තර්ජාතික තලයේ කොන්වෙමින් සිටිනා බව පෙන්වා දෙන්නන්.මම ශ්‍රී ලංකා රජයට ස්තූති කරන්නත් කැමතියි අපත් සමග තරගයට වැඩකරනවාට.
ප්‍රශ්නය - දෙමළ දේශපාලඥයින් රජයත් සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.රටේ ප්‍රධාන දෙමළ විපක්ෂය වන දෙමළ ජාතික සංවිධානය පවා රජය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ජනපතිවරයා හා සාකච්ඡා පවත්වමින් සිටිනවා.මට නම් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ තත්ත්වය ඉහළ නැංවෙමින් තිඛෙන බවක්. නමුත් ඔබ තවදුරටත් ශී්‍රලංකාව කොන් කිරීමක් ගැන පවසනවා. මේ ගැන ඔබ කුමක්ද කියන්නේ?
පිළිතුර - දෙමළ දේශපාලඥයින් බොහෝමයක් රජය හා සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවායැයි ඔබ කියන ප්‍රකාශය හා මම එකග වන්නේ නැහැ.ඇත්තෙන්ම තත්ත්වය ඔබ පවසන ආකාරයේ නම් මම ශ්‍රී ලංකා රජයට අභියෝග කරනවා රජය සමග සිටිය යුතුද නොඑසේනම් වෙනම ස්වාධීන රාජ්‍යයක් පැවතිය යුතුද මැයෙන් දෙමළ ජනතාව ඉලක්ක කරගෙන සිදුකරන ජනමත විචාරණයක් පවත්වන ලෙසට.
පිළිතුර - එල්.ටී.ටී.ඊ සංවිධානය දරුණු ලෙස මර්දනය කර ඇති නිසා ඔබ කියන දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයට හොද පදනමක් රටේ නැහැ.නමුත් එල්.ටී.ටී.යට එය නැසුණා වුවත් එය හා හොදින් සම්බන්ධවී තිබුණු දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් එකතුවෙන් සැදුණු ජාලයක් තිබුණා. තවමත් තිඛෙනවා.ඔබ කියන දෙමළ ඊළාම් දේශය ඔබ කොහේද පිහිටුවන්නේ?
පිළිතුර - අපගේ ලාංඡනයේ දැක්වෙන පරිදි ඊළාම් දේශය පිහිටවෙනු ඇත්තේ ශී්‍රලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ.දෙමළ මාතෘභූමිය දිස්ත්‍රික්ක 8 එකතුවක්.අම්පාර, මඩකළපුව, යාපනය, කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය හා වව්නියාව තමයි ඒ දිස්ති්‍රක්ක 08.
ප්‍රශ්නය - ඕක හිතලූවක් නොවෙයිද? ඒ කියන්නේ ඔබට ඔය කියන භූමි ප්‍රදේශයන් අහිමි වෙලා තිබියදී තවදුරටත් වෙනම රාජ්‍යයක් ගැන සිහින මැවීම?
පිළිතුර - නැසී ගිය චෙල්වනායගම් හා දමිල එක්සත් විමුක්ති පෙරමුණ ස්වාධීන දේශයක් වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවේදීත් ඔවුන්ට ඔවුන්ගේම යැයි කීමට භූමියක් තිබුනේ නැහැ.නමුත් ඉන්දියා සාගරකලාපයේ දේශපාලනික පෙරැළි දකින විට අප විශ්වාස කරනවා ස්වාධීන දෙමළ රාජ්‍යයක් ශී්‍රලංකාවේ පිහිටා තිබීම ඉන්දියාවට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වනු ඇතැයි කියා.
ප්‍රශ්නය - ඔබ පවසන දෙය ගැන අවධානය යොමු කරමු.ඔබට වෙනම දේශයක් පිහිටුවීමට අවශ්‍යයි.නමුත් ඒ සදහා වන අවශ්‍යතා කිසිවක් සපුරාගැනීමට ඔබ සමත්වී නැහැ.ඔබට වෙනම දේශයක් පිහිටුවීම වෙනුවෙන් ඔබේය කියා ඇත්තේ ඔබේ ධෛර්යමත්භාවය පමණයි.අනෙක් අතට ඉන්දියාව දෙමළ අරගලයේ මුල් කාලයේ සිටම වෙනම දේශයක් පිහිටුවීම සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වනවා.මේවා ජයගැනීමට ලෙහෙසි අභියෝගයන් නම් නොවේ නේද?
පිළිතුර - අප විශ්වාස කරනවා දෙමළ දේශපාලන වුවමනා එපාකම් ඉන්දියාවේ වත්මන් දේශපාලනමය වුවමනා එපාකම් සමග හොදින් ගැලපෙන බව.
ප්‍රශ්නය - ඔබ අවසානට ශී්‍රලංකාවට පැමිණියේ කවදාද? ඔබගේ පාර්ලිමෙන්තු සභිකයින් මොන කාලවලදීද ශී්‍රලංකාවට පැමිණෙන්නේ? ඔවුන් ඔවුනොවුන් සමග හෝ ජනතාව සමග හෝ සබදතා පවත්වා ගනිමින්ද සිටින්නේ? නැත්නම් ඔවුනුත් අප සේම ඔබගේ පාර්ලිමෙන්තුවේ සිටින්නේ කවුරුන්දැයි දන්නේ නැති අයද?
පිළිතුර - මම පෙර අවස්ථාවකදීත් මේ බව පැහැදිලි කළා.පාර්ලිමෙන්තු මන්තිී්‍රවරුන්ගේ නම් අපගේ වෙබ් අඩවියේ දක්වා තිඛෙනවා.
ප්‍රශ්නය - ඔබට අනුව ශී්‍රලංකා හා දෙමළ සංස්කෘතීන් සැළකීමේදී භාෂාව, සිරිත්විරිත්, හා වෙනත් දේ සම්බන්ධයෙන් දෙක අතර සමානතා තිඛෙනවාද?
පිළිතුර - ශී්‍රලංකා සංස්කෘතිය හා භාෂාව කියා දෙයක් නැහැ.සිංහල සංස්කෘතිය හා දෙමළ සංස්කෘතිය අතර නම් සමානකම් බොහෝමයි.ඒ නිසා මට විශ්වාසයි ශී්‍රලංකාව හා දෙමළ ඊළාම් රාජ්‍යය මිත්‍රශීලීව කටයුතු කරනු ඇතැයි කියා.
ප්‍රශ්නය - ඔබ වැනි පුද්ගලයින් රැසක් සිටිනවා මේ රටේ දේශපාලඥයින් පිළිකෙව් කරන.නමුත් ඔවුන් බොහෝ දෙනා රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන්ට අයත් ජනතාව ගැන එසේ සිතන්නේ නැහැ.ඔබ මේ රටේ ජනතාව දකින්නේ කොහොමද?
පිළිතුර - සියලූ මනුෂ්‍යයින් ස්වභාවයෙන්ම නිර්මානය වී තිඛෙන්නේ මොන වෙනස්කම් තිබුණත් එකිනෙකාට ගෞරව කළ හැකි, එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරයට බව මා විශ්වාස කරනවා.නමුත් ශී්‍රලංකා දේශපාලනයට හසුවන කිසිවෙක් ඒ ගණයට වැටෙන්නේ නැහැ.මොකද ශී්‍රලංකා දේශපාලනයේ විවිධත්වයට ඉඩක් නැහැ.
ප්‍රශ්නය - ඔබ නීතිඥයෙක්.රටක නීති පද්දතිය කවරාකාරයෙන් කි්‍රයාත්මක විය යුතුදැයි හොදින් දන්නා පුද්ගලයෙක්.දැන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන සැළකීමේදී ඔබ සිතනවාද වර්තමානයේ රටේ කඩාවැටී ඇති අධිකරණ පද්දතිය හේතුවෙන් රටවැසි සියලූදෙනා එකම ආකාරයේ වැරදි කරමින් සිටිනවායැයි කියා?
පිළිතුර - 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතියේ පැවැත්මට හා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කර පහරේ ප්‍රතිවිපාක ඔව් රටවැසි සියලූදෙනා කෙරෙන් දැකගත හැකියි.නමුත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය ලේඛණ ගතකර ඇති පරිදි බරපතලම තත්ත්වය වන්නේ කඩා වැටී ඇති අධිකරණ පද්දතිය හා රටේ නීතිය නිසා තවදුරටත් අනාරක්ෂිත වී ඇත්තේ දෙමළ ජාතිකයින් වීමයි.මූලික මානව හිමිකම් ගැටලූ සියල්ල පාදක වී තිඛෙන්නේ් ජන කොට්ඨාශයක් කුමන ජාතියකට අයත්වන්නේදැයි යන්න මත.ඒ අනුව රටේ මේ දක්වා සිදුවුනු සියලූම ආකාරයේ ප්‍රචණ්ඩ කි්‍රයා සියල්ලටම පදනම වී තිඛෙන්නේත් ජාතියමයි.
ප්‍රශ්නය - නමුත් පොදු ගැටලූ ගැන කතා කරනවාට වඩා ඔබේ වෑයම වෙනම රාජ්‍යයක් ඇති කර ගැනීමට.එහෙම නේද?
පිළිතුර - ඇත්ත වශයෙන්ම ඔව්.දැනට අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් සිදුවෙමින් තිඛෙනවා.රජය මැදහත්වෙලා පිහිටුවන සිංහල ජනාවාස ඇතිවෙමින් තිඛෙනවා.ඊට අමතරව පෙර දෙමළ ජනතාවට වෙන්ව තිබූ ප්‍රදේශ වල මායිම් වෙනස් කරමින් තිඛෙනවා.දෙමළ ජනයා වෙසෙන ප්‍රදේශ වල ස්ථාන ගත කර සිටින යුධ හමුදා සාමාජිකයින් ගණන දිනෙන් දින වැඩිකෙරෙමින් පවතින්නේ.පෞරාණික දෙමළ ඉදිකිරීම් හා නිමැවුම්වලට, පාසැල්වලට, කෝවිල් වලට, පහර එල්ල කෙරෙමින් පවතිනවා.දෙමළ ජනතාව පීඩාවට පත්කෙරෙමින් තිඛෙනවා. දෙමළ කාන්තාවන් ලිංගික වදහිංසනයට ලක්කෙරෙමින් තිඛෙනවා.මෑතකදී හෙළිවුනු කරුණක් තමයි දෙමළ කාන්තාවන්ට උපක්‍රමශීලී ලෙස උපත්පාලන ක්‍රම හදුන්වාදීමක් සිදුකෙරෙමින් පවතින බව.ඇතැම් අවස්ථාවන්හීදී මෙය චාටුවෙන් සිදුවූවත් බලහත්කාරයෙන් සිදුකෙරෙන අවස්ථාද වාර්තා වී තිඛෙනවා.මේ සියල්ලටම ඉහළින්, වර්ගවාදය නිසා දෙමළ ජනතාවට ශී්‍රලංකාවේ දේශපාලනයට සකිී්‍රයව දායක වීමට අවස්ථාව අහිමි කර තිඛෙනවා.මෙනිසා එක්සත් ජාතීන්ගේ 2625 වන සභාවාර යෝජනාවලිය අනුසාරයෙන් සකස්වී ඇති අන්තර්ජාතික නීති අනුව හා කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පවතින තත්ත්වය යටතේ දෙමළ ජාතිකයින්ට ආරක්ෂාකාරීවත්, ගෞරවාන්විතවත් ජීවත්විය හැක්කේ ඔවුනටම වෙන්වූ දේශයක පමණක් යැයි අප විශ්වාස කරනවා.
ප්‍රශ්නය - ශී්‍රලංකාවේ බරපතල ගණයේ කැරලි කෝළහාල කිහිපයක්ම ඇතිවුනා.පළමුවැන්න ඇතිකළේ එල්.ටී.ටී.ය හා අවිගත් දෙමළ කණ්ඩායම්.දෙවැන්න ඇතිකළේ සිංහල තරුණ තරුණියන්ගේ එකතුවෙන් ඇතිවුනු ජේවීපී ය.ජේවීපීයේ නායකයා එවක සිටි රජය අතින් ඝාතනය වීමෙන් පසු ජේවීපීය රටේ දේශපාලන ප්‍රවාහයට ඇතුල්වුණා. නමුත් එහි නායකයා ඝාතනය වීම දක්වා අපට දක්ෂ, රටේ අනාගතය භාරගැනීමට සිටි සියගණනක් තරුණ තරුණියන්ගේ ජීවිත අහිමිවුනා.රට පස්සට ගියා.මේ සිද්ධි වල ප්‍රතිඵල ලෙස රටේ බලය නැවතත් තහවුරු කරගත්තේ එසමෙයහි සිටි රජයේ මුල්පෙල පුද්ගල පිරිසමයි.මේ මුල්පෙල පුද්ගලයින් අතර අසීමාන්තික බලයක් රටේ ව්‍යවස්ථාවෙන් ලබාදීලා තිඛෙනවා. 18 වැනි සංශෝධනය තමයි එහි අලූත්ම පියවර.ඒ වගේම එය අවසාන පියවරත් වන එකක් නැහැ.ඔබට හැගෙන හැටියට රටේ මේ වගේ තත්ත්වයක් ඇතිවන්න මුල් වුනේ මොකක්ද? ඇයි මේ කැරළි කෝළහාල ඒවා ඇතිවන අවස්ථාවන් වල සිටි රට පාලනය කළ පුද්ගලයින්ගේ බලය තවත් වැඩිකිරීමට මිස රජය තවත් ජනතාවට සමිීප කිරීමට සමත් නොවුනේ?
පිළිතුර - මුලින්ම මම පෙන්වා දෙන්න ඕනෙ ජේවීපී ගැටළුවේදී රජය සිංහල ජනතාවගේ ගම්මාන වෙත බෝම්බ හෙළන්න, ආර්ථීක බාධක නවන්න කටයුතු කළේ නැහැ.නමුත් රජය ඒ සියලූ දේ දෙමළ ජනතාවට කළා හා කරමින් සිටනවා.රටක ජනගහණයේ කිසියම් ජන කොට්ඨාශයක් ස්වාධීනත්වය ඉල්ලා කරන හඩනැගීමක් බලය යොදා මර්දනය කළ අවස්ථාවල, හෝ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නවුන් මර්දනය කිරීමට බලය භාවිතා කළ අවස්ථාවල ප්‍රතිඵල ලෙස කළහකාරී වාතාවරණ වලින් යුත් පාලන තන්ත්‍රයන් ඇතිවුණු රටවල් පිළිඹද උදාහරණ වුවමනා තරම් ඉතිහාසයේ තිඛෙනවා.අයුක්තිසහගත කි්‍රයා නිකම්ම යට ගසා හෝ බහුතර ජනතාව මුලා කර හෝ බලය භාවිතයෙන් මර්දනය කර හෝ තැබිය නොහැකියි.ලෝකයේ සියලූම ශිෂ්ඨ සම්පන්න සමාජයන් සියල්ල දැන් ඒ තත්ත්වයට පැමිණිලා තිඛෙන්නේ එවන් ගැටලූ ඇතිවුනු අවස්ථාවල ඒවා ගැන මානුෂීයව පුද්ගලයින් අතර හා කණ්ඩායම් අතර එකිනෙකාගේ අවශ්‍යතාවන් ගැන අවබෝධයක් ඇතිව සොයාබලා අවශ්‍ය පියවර ගෙන තිබීම හා සුදුසු පරිදි සමාජ ක්‍රමයේ වෙනස් කම් සිදුකිරීම නිසා.
ප්‍රශ්නය - එල්.ටී.ටී.යේ යුධමය අතින් පරාජය කිරීමෙන් පසු මේ එළැඹ ඇති කාලය දෙමළ ජාතිකයින්ට ස්වාධීනත්වය සදහා කළ අරගලයට තමන් කළ කැපවීමෙන් ප්‍රතිඵලක් ඇත්දැයි විමසා බැලීමට හොදම අවස්ථාව බවට සැක නැහැ.ඔබ හිතනවාද රටේ දෙමළ ජාතිකයින් දිවයිනේම වෙනම රාජ්‍යයක් ඇති කර ගැනීමට සහයවේය කියා?
පිළිතුර - ඔබ මේ ගෙවෙන සමය එල්.ටී.ටී.යෙන් පසු යුගයක් ලෙස සැළකුවත් ශ්‍රී ලංකා රජය එසේ සළකන්නේ නැහැ.එල්.ටී.ටී.ය තවමත් රජයේ ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ තිඛෙනවා.අනෙක් කාරණය ස්වාධීන රාජ්‍යයක් සදහා වන අවශ්‍යතාව එල්.ටී.ටී.ය බිහිවීමට පෙර සිටම තිබුණු දෙයක්.
ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටවුනු ලැබුවහොත් ඔබ ඔබගේ පවුලේ සාමාජිකයින් හා ඔබගේ රජයේ සාමාජිකයින් සමග බටහිර රටවල ඔබලා විදින සියලූ සැප සම්පත් අතහැර එහි පදිංචියට එනවාද? ඊළමේ පදිංචිවූ විට ඔවුන්ට දෙමළ භාෂාව භාවිතයේදී ගැටලූ මතුවනු ඇත්ද? මම කියන්නට අදහස් කරන්නේ පෙනුමට නොව සැබෑවටම දෙමළ ජාතිකයෙකු වීම පිළිබදව?
පිළිතුර - පෞද්ගලික ප්‍රශ්න වලට පිළිතුර දීමට මම අකමැතියි.මගේ දෙමළ ගතිය මගේ කැමැත්ත අනුව ඇතිවන්නක්.ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටවත් ප්‍රශ්න නගන්නට බැහැ.
ප්‍රශ්නය - රටේ කිසිවෙකුටවත් නැවත යුද්ධයක් කරා යාමේ වුවමනාවක් නැහැ.අනෙක බහුතරයක් දෙනා රටේ දේශසීමා පැනවීමක් ගැන මනාපයකුත් නැහැ.ඔවුන් සියලූදෙනාට අවශ්‍ය සාමකාමිී ගෞරවාන්විත දිවිපෙවෙතක්.දමිළ ඊළම සදහා වන බහුජාතික රජයට එය සහතික කළ හැකිද? නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධයෙන් ඔබ කටයුතු කරන්නට යන්නේ මොන ආකාරයටද? වතුකරයේ දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කොහොම?
පිළිතුර - අප ආරාධනා කරනවා වතුකරයේ දෙමළ ජනතාවට උතුරු නැගෙනහිර ප්‍රදේශයක් කරා පැමිණෙන්න කියලා.මුස්ලිම් ජාතිකයින් ගැන පවසනවානම් අන්තර්වාර පාලන රජයක් සදහා වන අධිකාරී ප්‍රකාශයේ මෙහෙම සදහන් වෙනවා.
‘අන්තර්වාර පාලන රජය සදහා වන අධිකාරියේ මුස්ලිම් නියෝජනයක් සදහා ඔවුන්ට අයිතිය ඇත.එයින් ඔවුන් අරබයා අධිකාරී ප්‍රකාශයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඔවුන්ට සහය විය හැක.‘
‘එක් පාර්ශවයකට වාසි සහගත වන හෝ තවත් පාර්ශවයකට අවාසි සහගත වන කිසිම ආකාරයක නීතියක්, නියෝගයක්,අණ දීමක් හෝ තීන්දුවක් මෙම ප්‍රකාශයේ අන්තර්ගත නොකෙරෙන අතර පාර්ශවයක ආගමික හෝ සංස්කෘතිකමය අවශ්‍යතාවක් සළකා වෙනස්කමක් සිදුකිරීම කෙරෙහි පමණක් සළකා බැලෙනු ඇත.‘
ප්‍රශ්නය - ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසදුමක් සම්බන්ධයෙන් සාකච්ඡාවකට පැමිණෙන්නැයි ඔබට ආරාධනාවක් කළහොත් ඔබගේ ප්‍රතිචාරය කෙබදු වනු ඇත්ද? ඔබ ඔහු හමුවීමට යන්නේ නම් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන ගැටළු මොනවාද?
පිළිතුර - දෙමළ ජනතාවට කිසිවෙකුගේ බලපෑමකින් තොරව තම තමන්ගේ දේශපාලන දැක්මවල් අනුගමනය කිරීමේ අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අප අන්තර්ජාතික ප්‍රජාවගේ සහය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින්නේ.
ප්‍රශ්නය - අප එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට එරෙහිව තෙවන වරටත් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ගැන කතාබහ කරමු.පෙර ඉදිරිපත්වූ යෝජනාවලීන් 02 සේම මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකාවයි.ඒත් එක්කම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ ශී්‍රලංකාවේ සිදුව ඇතැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට අන්තර්ජාතික පරීක්ෂණයක් කළ යුතුයැයි වාර්තාවක්ද ඉදිරිපත් කරලා. ශ්‍රී ලංකා රජය ඇයගේ වාර්තාව ප්‍රතික්ෂේප කරන අතරම ඇයට චෝදනා නගනවා රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගසන්නට පැමිණෙනවාය කියා.නමුත් දෙමළ ජාතික සන්ධානය මෙම වාර්තාවට සහය පළ කර තිඛෙනවා.ඔවුන් අතීතයේදී මේ ආකාරයටම කටයුතු කළා.උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ අදහස කොහොමද?
පිළිතුර - ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් මේ ආකාරයේ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමේ යාන්ත්‍රණයක් ඉදිරිපත්වීම අප ඉතා අගය කොට සළකන්නක්.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒඑච්ආර්සී25එල්1 පළමු සංස්කරණය යන යෝජනාවලිය සම්මත කරගෙන තිඛෙන අතර එයට අනුව විධිමත් අන්තර්ජාතික පරීක්ෂණයක් කරන්න ඔවුනට බලය ලැබී තිඛෙනවා.අප යෝජනා කර සිටින්නේ 2009 දී යුද්ධය අවසන් වීමට පෙර සමයේදී, යුද්ධයේ අවසන් සමයේදී හා මේ ගෙවෙන පශ්චාත් යුධ සමයේදී යන අවස්ථා 3 මුල් කරගෙන පරීක්ෂණය සිදුවිය යුතුබවයි.
අප කණාගටුවනවා ඉන්දියාව මෙවන් පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම ගැන.ඉන්දියාව ඊළාම් දමිළයන් හා අවබෝධාත්මක ලෙස කටයුතු කරන සංස්කෘතිකමය කරුණු නිසා ඊළාම් දමිළයින් අතීතයේ සිටම ආරක්ෂා කළ රටක්.නමුත් ඉන්දියාව අන්තර්ජාතික පරීක්ෂණයක් සදහා පැවැත්වුණු ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම අපව කළකිරවන්නක්.
අප එක්සත් ජාතීන්ට බල කර කියා සිටිනවා මේ පරීක්ෂණයේදී සාක්ෂිකරුවන්ගේ, යුද්ධයෙන් දිවිගලවාගත්තවුන්ගේ හා මානව හිමිකම් කි්‍රයාධරයින්ගේ ආරක්ෂාව හා ගෞරවය ආරක්ෂා කිරීම සදහා යාන්ත්‍රණයක් මුලින් ඇති කර සිටිනා ලෙස.මෙම කාරණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය යටතේ කි්‍රයාවට නැංවිය යුතුව ඇතැයි අප කියා සිටිනවා.
ප්‍රශ්නය - නවී පිල්ලේ එල්.ටී..ටී.ඊ සංවිධානය අතින් සිදුවූ යුධ අපරාධ සම්බන්ධයෙන්ද චෝදනා නගා තිඛෙනවා.මේ චෝදනා වලට උත්තර බදින්නේ කවුද, ඔබද? නෙදියවන්ද? ඒ එක්කම දෙමළ ජාතික සන්ධානයේ කි්‍රයාකාරකම් නිසා එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔබට ගැටලූකාරී වාතාවරණයක් ඇතිව තිඛෙනවාද?
පිළිතුර - අප සියලූදෙනා මානව හිමිකම් මහකොමසාරිනියගේ පරීක්ෂණය සාර්ථක කර ගැනීමට සහය වනවා ඇති.
ප්‍රශ්නය - ශී්‍රලංකාවට සම්බාධක පැනවිය යුතුව ඇතැයි ඇතැම් දෙමළ සංවිධානයන් යෝජනා කරනවා.නමුත් එසේ සම්බාධක පැනවූවොත් තැලෙන්නේ රටේ පාලකයා, ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ ඔහුගේ සහචරයින් නොව රටේ ජනතාවමයි.එසේ ජනතාවට හානි පැමිණෙනවානම් අන්තර්ජාතික ප්‍රජාව ශී්‍රලංකාවට එරෙහිව සම්බාධක පැනවීම ඔබ දකින්නේ කොහොමද? දෙමළ ජාතිකයින් මෙසේ සම්බාධක වලට යටවෙලා ජීවත් වීමට කැමතිවනු ඇද්ද?
පිළිතුර - මෙය රටවල් වලට සම්බාධක පැනවීම ආරම්භ වූ කාලයේ සිටම එයට එරෙහිව නැගෙන තර්කයක්.නමුත් සම්බාධක ඇත්තටම සාර්ථක වී ඇති බව පෙන්වන අවස්ථා ඉතිහාසයේ තිඛෙනවා.වැරැද්දකට දඩුවම් කිරීමේදී ඒ වැරැද්දටම පමණක් දඩුවම් කළ හැකි ක්‍රමවේදයක් ලෝකයේ නැහැ.නමුත් ඉතිහාසයට අනුව සම්බාධක වලට වටිනාකමක් තිඛෙනවා.එය රටකට පැනවිය හැකි දරුණුම දණ්ඩනය වන යුධමය අතපෙවීමක් හා රටක කටයුතු වලට මැදහත්විය හැකි සරලතම මාර්ගය වන දේශපාලනය අතපෙවීමක් යන 2 අතරමැද පවතින්නක්.සම්බාධක පනවා දළ දේශීය නිශ්පාදිතය සියයට 2.5 කින් වැනි කුඩා අගයකින් පහළ යවා රටේ වෙනසක් ඇති කිරීමට මාර්ග පාදා ගත් අවස්ථා ඉතිහාසයේ තිඛෙනවා.තවත් අවස්ථා 11 තිඛෙනවා සම්බාධක පණවා දළ දේශීය නිශ්පාදිතය සියයට 5 ක් වැනි අගයකින් පහත හෙලු.ඒවායින් 9 කදීම අවසානයේ දේශපාලන විසදුමක් කරා ඒමට හැකිවුනා.
ප්‍රශ්නය - මානව හිමිකම් ක්‍රියාධරයින් ඔබගේ එල්.ටී.ටී.ඊ සංවිධානයට නගන බරපතලම චෝදනා වන්නේ ඒ අදුරු සමයේදී ජාතිකත්වය පවිත්‍ර කිරීමටැයි යැයි කියමින් මුස්ලිම් ජාතිතයින් මරා දැමුණු විට දෙමළ ජාතිකයින් බහුතරයකගේ කැමැත්ත ඊට හිමිවීමත්, කි්‍රස්තියානි පූජකයින් එම මිනීමැරම් සාධාරණීකරණය කිරීමත්, එල්.ටී.ටී.ය එයට විකල්ප මත දැරීමේ වරදට යාපනයේ නගරාධිපතිවරුන් වූ අමිර්තලිංගම්, නීලන් තිරුදෙල්වම් ආදීන් හා වෙනත් නිරායුධ පුද්ගලයින් රාශියක් ඝාතනය කළද දෙමළ ප්‍රජාව එල්.ටී.ටී යට දිගින් දිගටම සහය පළ කිරීමත් යන ඒවාය.මෙයින් කියැවෙන්නේ දෙමළ සංස්කෘතිය (කොටි සංස්කෘතිය පමණක් නොවේ) ශී්‍රලංකා පාලන තන්ත්‍රය සේම ලේ පිපාසිතවූ බවද? එල්.ටී.ටී.ඊ සංවිධානයේ නීති උපදේශකයා ලෙස කටයුතු කළ හා ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ඔහුගේ තැන ගැනීමට සිටින්නේයැයි සැළකෙන ඔබ මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ කොහොමද?
පිළිතුර - ජාතිකත්වය පිරිසිදු කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ කිසියම් ජාතියක් සහමුලින්ම රටකින් පහ කර දැමිීමට කටයුතු කිරීම.උදාහරණයක් හැටියට සර්බියාවේ මුස්ලිම්වරුන්ට සිදුවූ දේ පෙන්වා දිය හැකියි.පල්ලි කඩාදමමින් මුස්ලිම් ජාතිකයින් සංහාරය කරමින් සිදුවුණු එම කි්‍රයාවලිය අවසානයක් දුටුවේ සර්බියාවේන් මුස්ලිම්වරුන් පිටමං වූ පසු.යාපනයේ සිදුවූයේ මෙය නොවේ.එනිසා එහි සිදුවූ දේවල් ජාතිකත්වය පිරිිසිදු කිරීම කියන ගණුමට බැර කරන්න බැහැ.එල්.ටී.ටී.ඊ නායකයින් බොහෝ දෙනෙක් සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කළේත් මුස්ලිම් නම්.
ප්‍රශ්නය - ඊළාම් රාජ්‍යයක් සදහා වන බහුජාතික රජය ත්‍රස්ත සංවිධානයක් හැටියට ශී්‍රලංකා රජය පසුගියදා ලැයිස්තු ගත කරනු ලැබුවා.මේ ගැන ඔබේ අදහස් මොනවාද?
පිළිතුර - ජ් ශ්‍රී ලංකා රජයේ විහිළුකාර ක්‍රියාකලාපය ඔවුන්ගේ බලාපොරොත්තු කඩවීම, වාර්ගිකභාවය හා බලයේ අයුතු භාවිතය යන කාරණා හොදින් පෙන්වා දෙන්නක්. ඊළාම් රාජ්‍යයක් සදහා වන බහුජාතික රජය ප්‍රජාතාන්ත්‍රික පදනමක් මත පිහිටැවුනු ඡන්ද විමසීම මගින් සාමාජිකයින් පත්කරගෙන සිටින, ජාතිය, මාතෘභූමිය හා ස්වාධීන කැමැත්තට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ඇති වුනක්.අපගේ අරමුණු දිනා ගැනීමට අප භාවිතා කිරීමට අදහස් කරගෙන සිටින්නේ නීත්‍යානුකූල හා සාමකාමිී මාර්ග.සියලූ දමිළ ඩයස්පෝරාවන් ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යානුකූලව හා මනා විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන සංවිධානයන්.දෙමළ ඊළම සදහා වන බහුජාතික රජය සැළකීමේදී මම පෙර සදහන් කළා සේ සාමාජිකයින් පත්කර ගැනෙන්නේත් විනිවිද භාවයකින් යුත් ප්‍රජාතාන්ති්‍රක කි්‍රයාවලියක් ආධාරයෙන්.
සියලූම දෙමළ සංවිධානයන් ත්‍රස්ත සංවිධානයන් යැයි තහනම් කිරීමට ශී්‍රලංකා රජය කටයුතු කිරීමෙන් ප්‍රජාතාන්ති්‍රකව එම සංවිධානයන් හා ගනුදෙනු කිරීමට රජය දක්වන බිය හොදින්ම පෙනෙනවා.
6 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මිලිටරි බලය පෙන්වා දෙමළ ජනතාව බියපත් කර තමන් කැමති දේශපාලන ප්‍රවාහයකට එක්වීමට හා කටයුතු කිරීමට තිඛෙන නිදහස ඔවුනට අවුරා දමා තිඛෙනවා.නමුත් මෙම සංශෝධනයට රටෙන් බැහැර අන්තර්ජාතික තලයේ කිසිම බලයක් නොමැති බව ශී්‍රලංකා රජය අමතක කර දමා තිඛෙන්නක්.මෙම සංශෝධනයෙන් රටේ වෙසෙන දෙමළ ජාතිකයින්ව අන්තර්ජාතික තලයේ වෙසෙන දෙමළ ඊළාම් සාමාජිකයින් හා අදහස් හුමවාරු කිරගැනීම,එක්ව වැඩකටයුතු කිරීම ආදියෙන් වළකා ඔවුන්ව රටේ තනිකරවා දුර්වල කිරීම තමා ශී්‍රලංකා රජයේ බලාපොරොත්තව වන්නේ.
සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයින් උපන්ගෙයිම සිරකරුවන් බවට ශී්‍රලංකා රජය පත්කර ඇති ආකාරය පැහැදිලිව දැකගත හැකියි.ඇත්තෙන්ම මේ සංශෝධනය පිහිටුවීමට ශී්‍රලංකා රජය කටයුතු කර තිඛෙන්නේ ඔවුන්ට නියමිතව තිඛෙන බලතල වලින් ඔබ්බට ගොස්.
ප්‍රජාතාන්ත්‍රික රාමුව යටතේ සිට ක්‍රියාත්මක වන අනෙක් රටවලට මෙවන් සංශෝධනයක් පිහිටුවාගැනීමට ප්‍රජාතාන්ත්‍රිකයැයි කියාගන්නා ශී්‍රලංකාව කටයුතු කර තිබීම නින්දාවක්.
2009 වසරේදී ත්‍රස්තවාදයට එරෙහිව යැයි පැවසුනු නාටකය සාර්ථකව රගදැක්වීමට ශී්‍රලංකා රජය සමත්වුනා.නමුත් මෙවර ප්‍රේක්ෂකයා පෙර මෙන් මෝඩ නැහැ.ශී්‍රලංකා රජයේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන කි්‍රයාකාරකම් මෙවර නම් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්වනු ඇතැයි අප බලාපොරොත්තුවෙන් සිටින්නේ.දමිළ ඊළාම් රාජ්‍යයක් සදහා වන බහුජාතික රජය සමූලඝාතනයන්ට වගකිව යුතු යුධ අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරියේදී නිකුත් කිරීමට සිටිනවා.අප එම ලැයිස්තුව ලොව සියලූ රටවල රජයන් වෙත ලබා දී ඒවායේ නම් සදහන් පුද්ගලයින්ට වෙනත් රටවලට ඇතුල්වීම තහනම් කරන ලෙසටත් කිසියම් විදෙස් රටක ඔවුන්ගේ වත්කම් හා දේපළ ඇත්නම් ඒවා එම රටෙහි රජය වෙත පවරාගන්නා ලෙසත් ඉල්ලා සිටීමට අප සැළසුම් කර තිඛෙනවා.අපගේ මේ වැඩකටයුතු වල සකස් කර තිඛෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල 1373 සභාවාරයේදී සම්මත කරගත් ත්‍රස්ත විරෝධී කමිටුවේ ක්‍රියාකාරීත්වය අනුසාරයෙනුයි.
මේ දීර්ඝ සම්මුඛ සාකච්ඡාව අවසන් කිරීමට කාලය පැමිණිලා. ස්තූතියි අපත් සමග එකතු වුණාට.
පිළිතුර - බොහොම ස්තූතියි.
පරිවර්තනය - කෝවිද ගුණසේකර

No comments