ගාල්ලේ කෝප්පයා සහ හම්බන්තොට බාප්පලා
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය මෙහෙයවන ලද පළමු මැතිවරණ සටන නිම විය.
වෙනදාට වඩා මෙවර මෙම මැතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂය සෘජුව බද්ධව සිටිනු
පෙනිණි. එ.ජා.ප.යේ නව ප්‍රවණතාව වන නායකත්ව මණ්ඩලය පක්ෂය දිනවීම පිණිස යම්
විධික්‍රම උපාය මාර්ග අනුගමනය කළහ.ඒ සඳහා වෙනම කාර්ය සාධක කණ්ඩායම් පවා
සක්‍රීයව තිබිණ. ඒ සියල්ල නායකත්ව මණ්ඩලයේ ශක්තිය වේ. එහෙත් ඒ ව්‍යායාමය
තුළ වෙනදා මෙන්ම පක්ෂ නායකත්වය, පක්ෂ වැඩපිළිවෙළ සහ එක්සත් නායකත්ව මණ්ඩලය
මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළ සජිත් ප්‍රේමදාස තවදුරටත් තමන් බැඳි හම්බන්තොට
රාජපක්ෂ ගහ වටේම එතෙමින් පැටලෙමින් සිටියේය. මේ මැතිවරණ කාලයෙහි ඔහු
එ.ජා.ප.ය ඔහු අගය කළ එ.ජා.ප. අපේක්ෂකයන් මෙන්ම තමන්ට ජන ආකර්ෂණයක් ඇතැයි
විශ්වාස කළ සියලු ප්‍රදේශ අමතක කළේය. ඔහු හම්බන්තොටින් පිට නොගියේ තම
ශක්තිය එ.ජා.ප. ජයග්‍රහණයට ලබානොදීමටය. ඔහුට අවශ්‍යව තිබුණේ හම්බන්තොට
පමණක් දිනා ගැනීමය. ඉන්පසුව පෙරහරෙන් කොළඹ පැමිණ සිරිකොත අල්ලා ගැනීමය.
‘දැක්කද මම නැති තැන යූ.ඇන්.පී.යක් නැත’ කියන්නටය. එහෙත් මේ වනතුරු පෙරහර
නැත. ශිරාල් ලක්තිලක එ.ජා.ප. නායකත්වය ඉල්ලා ලියුම් ලියන්න පටන් ගෙන ඇත.
සජිත් කණ්ඩායම හැසිරෙන හැටි එ.ජා.ප.ය මැනවින්
නිරීක්ෂණය කර තිබිණ. එකී වැඩපිළිවෙළ පක්ෂයට තර්ජනයක් අභියෝගයක් ලෙස නායකත්ව මණ්ඩලය හෝ රනිල් වික්‍රමසිංහ තුට්ටුවක් හෝ තරම් ගණන් ගත්තේ නැත. පක්ෂ තීරණය අනුව ශාඛා පිහිටුවීම, සාමාජිකයන් බැන්දවීම ආදී පොදු ක්‍රියාවන් කෙරෙහි සජිත් ප්‍රේමදාස කිසි විටෙකත් අනුගත වුණේ නැත. හම්බන්තොට එ.ජා.ප.යට බද්ධ ශාඛා තරුණ කාන්තා සංවිධාන දක්නට නොලැබිණ. ඔහුට
පක්ෂය ගැන විශ්වාසයක් නොවීය. සජිත් ජන සරණ, සසුනට අරුණ වැනි පුණ්‍ය සාධක ව්‍යාපෘති සමග සිටිනු දක්නට ලැබිණ. මේ මැතිවරණ සටනේදී යෝධ ජයග්‍රහණයක් හම්බන්තොටින් වාර්තා කිරීමට ඔහු විශ්වාස කළේ පක්ෂ ප්‍රතිපත්ති නොවේ. ආධාර බෙදීමේ ක්‍රමවේදයයි. එය ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවේ ක්‍රමවේදයම විය. එය දුප්පතා, නැති බැරි මිනිහා ඒ වළේම ඔබා ඡන්ද මඩිය පුරවා ගන්නා ක්‍රමයයි. සජිත් ප්‍රේමදාස බත් බෙදුවේ නැත. ෆෝන් බෙදුවේ නැත. සල්ලිම බෙදුවේය. වරක් ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් මේ තත්ත්වය දැඩිව අවධාරණය කර තිබිණ. එතුමන් කීවේ රුපියල් පනස් දාහකින් විහාරයක් ගොඩගන්නා තරමට ලංකාවේ බුද්ධාගම පිරිහී නැති බවය.
වාර්තාවන අන්දමට සජිත් ප්‍රේමදාසගේ හම්බන්තොට මැතිවරණ වැඩසටහන යූ.ඇන්.පී. එකක් නොවේ. එය සැලසුම් සහගතව මෙහෙයවූ හුදෙකලා ගමනක් විය. එහෙත් සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට මැතිවරණ කාලය පුරාම රන්ජිත් මද්දුමබණ්ඩාර, වසන්ත අළුවිහාරේ, මධ්‍යම පළාත් සභා විපක්ෂ නායක රන්ජිත් අළුවිහාරේ, තලතා අතුකෝරාළ ආදී එ.ජා.ප. මන්ත්‍රීහු එක්ව සිටියහ. ඒ සමගම විනය හේතු මත පක්ෂයෙන් ඉවත් කළ ශිරාල් ලක්තිලක සහ මෛත්‍රි ගුණරත්න දෙදෙනාද වේදිකා දෙදරවමින් නායකත්ව මණ්ඩලය පට්ටා ගැසූහ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැමිණි රැස්වීමට පවා සජිත් ප්‍රේමදාස සහභාගි නොවූ බව කියති. වැස්සෙන් හරි පින්නෙන් හරි ගමේ වැව පිරෙයි නම් ඊට කිසිවකු එරෙහි නොවේ. ඒ නිසා නායකත්ව මණ්ඩලය රනිල් වික්‍රමසිංහ මතු නොව එ.ජා.ප.යට හිතවත් මධ්‍යස්ථ මතධාරීන් පවා සජිත්ගේ උත්සහය දෙස බලා සිටියේ මුවට නගා ගත් උපහාස සිනාවෙනි.
මේ අතර සජිත් කණ්ඩායම මෛත්‍රි ගුණරත්න ලවා ගාල්ලට එක්සත් ලංකා පොදු ජන පක්ෂය නමින් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබිණ. එහි කණ්ඩායම් නායකයා දර්ශනය. ඔහු කාගෙ කවුදැයි ගාල්ල දනිති. කෙළින් වැඩ කරන ගාලු ජනතාව ඒ කැත වැඩේ දුටුවේ කොන්ද පණ නැති වැඩක් ලෙසය. එ.ජා.ප.ය කඩා වට්ටන උගුලක් ලෙසය. මෙහිදී මෛත්‍රි ගුණරත්න තරග නොකිරීමත්, මාතරදී ගුටි කෑ සගයන් බැලීමට හෝ සජිත් නොපැමිණීමත් ප්‍රදර්ශනය කළේ එකම චරිත ලක්ෂණයකි. ඒ ආසයි බයයි සිරික්කියයි. ගාලු ජනතාව මේ අපූරු නායකයාගේ බියගුලුකම ගැන සිනාසෙති. මේ වැඩපිළිවෙළ රනිල් එළවීමක් නොවේ. තනිකරම ආණ්ඩුවට කඩේ යාමක් බව කියති. මෙසේ ගාල්ලේදී ඇටවූ උගුලේ අන්තිමේ සජිත්. මෛත්‍රි දෙදෙනාම හිරවිය. කොළඹදී සජිත් කීවේ ඒ ගැන තමන් නොදන්නා බවය. ඒ උත්තරය තුළ මේ වනවිට සජිත් මෛත්‍රි ගුණරත්න පාවාදී හමාරය. එක්සත් ලංකා පොදුජන පක්ෂයට වැටුණ ඡන්ද 1623න් 600ක් ලැබුණේ හබරාදූවෙනි. හබරාදූව මෛත්‍රිගේ ආසනයයි. මේ ප්‍රකාශ වුණේ එ.ජා.ප.යෙන් බැහැරවූ කළ සජිත්ලාට ගාලු දිස්ත්‍රික්කයේ ඇති සකල ශක්තියයි.
මේ මැතිවරණය එ.ජා.ප.ය, ජ.වි.පෙ.ය හා ෆොන්සේකා පිල (ප්‍ර.ප) පෙරමුණු තුනක්ව රාජපක්ෂ ආණ්ඩුව වටකළ මොහොතකි. හම්බන්තොට ගොස් අලියා දිනවන්නට වලි කෑ රන්ජිත් මද්දුමබණ්ඩාර, වසන්ත අළුවිහාරේ, රන්ජිත් අළුවිහාරේ, තලතා අතුකෝරාළ, ශිරාල් ලක්තිලක ආදීහු මෙසේ මෛත්‍රි ගුණරත්න ලවා කෝප්පයක් දමා තැත් කළේ අර පෙරමුණු ශක්තිය බිඳීමටය. ඔවුන් හිතන්නේ සජිත් නැති යූ.ඇන්.පී.යක් රටේ නැත කියාය හෝ රටට අනවශ්‍ය බවය. මේ කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකකි. එහෙම නොවේ නම් සිරිකොත අල්ලන්න ආ පෙළපාළියේදී අනවසර ගිනි අවියකින් වෙඩි තැබූ මෛත්‍රී ගුණරත්නගේ තාත්තා බේරා ගැනීමට ඔහු වෙඩි තැබූ පිස්තෝලය අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි? ඒ රාජපක්ෂ ආණ්ඩුව සජිත්ලාගේ සෙල්ලම පිටුපස සිටින නිසාය. සරත් ෆොන්සේකා වයඹ සහ මධ්‍යම පළාතේදී කඩා ගත්තේ යූ.ඇන්.පී. ඡන්ද බව කවුරුත් කියති. යූ.ඇන්.පී. ඌරන් කැකුණ ඇට තලන විට මගුල් කන හබන් කුකුළා සරත් ෆොන්සේකාය. ඔහු මේ එකතු කරන්නේ එ.ජා.ප. ආරවුලේ කෑලිබෑලිය. ෆොන්සේකා මෙවර ගාල්ලෙන් ඡන්ද 45,000ක් ගෙන මන්ත්‍රී ආසන 2ක්ද හිමිකර ගනී. මාතරින් ඡන්ද 20501ක් ගෙන මන්ත්‍රී ආසන 1ක්ද දිනාගෙන ඇත. එහෙත් හම්බන්තොටදී ෆොන්සේකාට ලැබුණේ ඡන්ද 9547කි. මන්ත්‍රී ආසන ගණන බිංදුවකි. එහෙම වුණේ සරත් ෆොන්සේකාට හම්බන්තොට යන්න ඉඩ නොදුන් නිසාය. එහෙම කළේ සජිත්ලා නොවේ. ආණ්ඩුව විසින්ය. ෆොන්සේකාට ගම්පහට, කොළඹට, කළුතරට, ගාල්ලට, මාතරට ඡන්ද කරන්න ඉඩ දුන් ආණ්ඩුව යන්න නොදුන්නේ හම්බන්තොටට පමණකි. එහෙම වුණේ ඇයි? ඒ රාජපක්ෂ ආණ්ඩුව සජිත්ලාගේ සෙල්ලම පිටුපස සිටින නිසාය.
හම්බන්තොටට වැඩි වූ ආසනය ෆොන්සේකාට නොගියේ ඒ නිසාය. ඒ ජයග්‍රහණය ආණ්ඩුව හරහා එ.ජා.ප.යට ලැබුණේ සජිත් කණ්ඩායම නිසාය. එයින් ආණ්ඩුව අපේක්ෂා කළේ එ.ජා.ප.ය අවුල් කිරීමය. සජිත් ප්‍රේමදාසගේ ව්‍යාපාරය වෙනුවෙන් සමහර මාධ්‍ය සහ ආණ්ඩුව මෙසේ සෘජුව පෙනී සිටියි. ඒ පක්ෂය විනාශ කිරීම පිණිසය. ආණ්ඩුව මෙහිදී කළේ සරත් ෆොන්සේකා හම්බන්තොටින් එලවීම පමණක් නොවේ. දුලාංජලී ප්‍රේමදාසගේ හොර සල්ලි කතාව ආණ්ඩුවට ලැබුණ ඡන්ද ලොතරැයියකි. එය ඇසූ සකල එ.ජා.ප.යම අංගුලිමාල දැක්කා මෙන් බයෙන් බිරාන්ත විය. මීගමුවේ මංකොල්ලයට එ.ජා.ප. අපේක්ෂකයකු සම්බන්ධ වීම, මංගල සමරවීරගේ නිවෙස කොල්ලකෑම කණපිට පෙරළීම
ආදී අවස්ථාවල ආණ්ඩුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහා මාධ්‍ය මෙහෙයවූ හැටි රටම දනිති. එහිදී දුලාංජලීගේ ආරක්ෂාව වෙනුවෙන් යමක් කිරීමට එ.ජා.ප. ප්‍රබලයෝ පවා උත්සහ කළහ. ඒ සිද්ධිය වූ සැණින් සජිත්, දුලාංජලී මෙන්ම හේමා ප්‍රේමදාසද ජනාධිපතිවරයාට කතා කළ බව රහසක් නොවේ. එහෙත් එ.ජා.ප.යට සැනසිලිදායක ලෙස දුලාංජලී නිදොස් කොට නිදහස් වී ගෙදර ගියාය. මේ සිද්ධිය ආණ්ඩුව ඡන්ද තුරුම්පුවක් කර ගත්තේ නැත. යන්ට හැරියේය. එ.ජා.ප.ය පට්ට ගැසූ සමහර මාධ්‍ය දුලාංජලී සිද්ධියේදී ආණ්ඩුව සමග එක්සත්ව එක් සිත්ව ප්‍රේමදාස පවුල ආරක්ෂා කළේය. එහෙත් එ.ජා.ප.ය පට්ට ගසයි. සජිත් එ.ජා.ප.ය නැගිටුවන යෝධයා නම් ආණ්ඩුව ප්‍රේමදාසලාට මෙහෙම සලකාවිද?
2014දී සජිත් හම්බන්තොටින් 18000ක් සමග ආසනයක්ද වැඩිකර ගත් බවට වාර්තාවක පළ විය. එහිම තවත් තැනක කළුතර අජිත් පෙරේරාගේ පරාජය උලුප්පා තිබිණ. ඒ විග්‍රහය ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමකි. හම්බන්තොටින් එ.ජා.ප.යට වැඩි වූ නිවැරදි ඡන්ද ප්‍රමාණය 18000ක් නොවේ. 17438කි. කළුතර වැඩි වූ ඡන්ද ප්‍රමාණය 20500කි. වෙනස 3062කි. මේ අනුව කළුතර එකය. හම්බන්තොට දෙකය. 2009දී කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 124426 සහ සභික ධුර 5ක් දිනාගෙන තිබිණ. 2014දී එ.ජා.ප.ය ඡන්ද 144924කි. දිනාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 6කි. 2009දී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 62391ක් සහ සභික ධුර 3ක් දිනාගෙන තිබිණ. 2014දී එ.ජා.ප.ය ඡන්ද 79829කි. දිනාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 4කි.
හම්බන්තොට එ.ජා.ප. සටනට කිසිදු බාධාවක් නොවීය. ලැබුණ රාජ්‍ය අනුග්‍රහයන් බොහෝය. එහෙත් ආසන්න වසරක පමණ සිට පාලිත තෙවරප්පෙරුම ලවා සිදුකළ කෙනහිළි සහ දැඩි පීඩනය නිසා එ.ජා.ප.යේ කළුතර ශක්තිය සහ අධිෂ්ඨානය අඩපණ වී තිබිණ. එය සූක්ෂම සැලැස්මක් විය. තෙවරප්පෙරුම මුලින්ම උපවාසයක් කළ අතර කරු ජයසූරියට කුණු හරුපයෙන් බැණ වැදිණ. දෙවනුව පිහියක් ගෙන රනිල් වික්‍රමසිංහ පසුපස එලවා පහර දීමට තැත් කළේය. තෙවරප්පෙරුම කුපිත කොට වීරයෙක් කරවීමට බොහෝ අය දායක වූහ. ඒ සඳහා අවශ්‍ය මාධ්‍ය සත්කාරය සැපයීමේදී රාජ්‍ය මාධ්‍ය මෙන්ම සජිත් ප්‍රේමදාස එ.ජා.ප. නායකයා කරවීමේ ව්‍යාපෘති භාර මාධ්‍යයන්ද, නොමැලිව දර දිය ඇද්දාහ. තෙවරප්පෙරුම මෙම මැතිවරණය අවසන් වන තෙක්ම ඔහු සිය ජන පදනම එ.ජා.ප.යට එරෙහිව යෙදවීය. එහෙත් කළුතර ජනතාව සිටියේ පක්ෂය සමගය. සජිත් හම්බන්තොටින් ලැබූ ජයග්‍රහණයට වඩා කළුතර වෙනස් වෙන්නේ මෙසේය. තෙවරප්පෙරුම මෙන් මෛත්‍රි ගුණරත්න වාගේ සජිත් ප්‍රේමදාස අලියා නැතිව දිව්වා නම් රඟ බලා ගන්න තිබුණි.
හම්බන්තොටින් වැඩි වූ ඡන්ද 17438 කියන්නේ සජිත්ට යූ.ඇන්.පී.ය භාරදිය යුතුය කියාද? එසේ නම් විවීධ බාධක මැද කළුතර ජයග්‍රහණයට පෙළ ගැසුණ ඡන්ද 20,500 කියන්නේ නායකත්ව මණ්ඩලයට යූ.ඇන්.පී.ය මෙහෙයවීමට බලපත්‍රයක් දුන්නා කියාද?
මෙහිදී පාක්ෂිකයාට අවශ්‍ය පක්ෂය දිනවීම පමණකි. බස්නාහිර දකුණ එ.ජා.ප. පාක්ෂිකයන් නිකුත් කළ තියුණු පණිවුඩය කුමක්ද? එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටම් පක්ෂයේ සියලු හතුරන් ඩීල් කාරයන්, වෛරක්කාරයන් ප්‍රතික්‍ෂේප කරන බව පමණකි. ඉන් ප්‍රකාශ වන්නේ යූ.එන්.පී.ය රටේ උරුමය බවය. ඊට ආවේණික ගමනක් සටන් කලාවක් ඇති බවය. 1956 වැටුණ යූ.ඇන්.පී.යම 1970 නැවතත් වැටුණ බව සැබෑය. ඒ යූ.ඇන්.පී.යම 1977දී වාගේ හැමදාම නැවත නැවත යෝධ හයියෙන් පිබිදුණ බවය. ඒ නැගිටීම එක් මිනිසකුගේ ශක්තිය නොවේ. මිනිස් දම්වැලක එකතුවකි. ඒ සටන දිනන තෙක් රැක ගත්තේ එක් මිනිසකු නොවේ. මිනිස් පළිහකි. ඒ පක්ෂ ඉතිහාසයෙහි පක්ෂයේ හිමිකම එක් මිනිසකු ඉල්ලා මෙසේ නාසයෙන් පිඹිමින්, බිම පහුරු ගෑම මුග්ධ විහිළුවකි. එසේම මේ ප්‍රතිඵලය කියන්නේ කුමක්ද? එක්සත් ජාතික පක්ෂය කිසිවකුට අල්‍ලේ නටවා කැරකිය නොහැකි පක්ෂයක් බවය. එ.ජා.ප.යේ ඉරණම අරයාගේ මෙයාගේ මුදලට පත්තර කෑල්ලට ආණ්ඩුවේ හයියට කුහක කුමන්ත්‍රණවලින් වෙනස් කළ නොහැකි බවය. මේ පිරිස අලියා නැතිව එයි නම් කරන දේ ගාල්ලේ ජනතාව ප්‍රකාශ කර හමාරය.
හම්බන්තොට කළුතර එක්සත් ජාතික පාක්ෂිකයන් සිය තීන්දුව දී හමාරය. ගෙවුණු මැතිවරණය පුරා හම්බන්තොට එ.ජා.ප. සටන් පෙරමුණට පැවැති ආරක්ෂාව ගැන දන්නේ හම්බන්තොට ජනතාවය. එකී මැතිවරණ ආරම්භ වීමටත් පෙර සිට කළුතර කොළ බලකොටුවට ඇතුළතින් කළ හූනියම් දන්නෝ කළුතර ජනතාව පමණකි. හම්බන්තොට ජයග්‍රහණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස අප්‍රමාණව කැපවිය. ඒ සඳහා නිසි ගෞරවය ඔහුට හිමිවිය යුතුවේ. එකී මැතිවරණය අතර, ෆොන්සේකාගේ ගමන වළකා සජිත් ප්‍රේමදාසට පහසුකම් සැලසීම ගැන සජිත් ප්‍රේමදාසත් කාට හෝ කෘතගුණ සැළකිය යුතුව ඇත. ඒ කෘතගුණ සැලකීම සජිත් දැන් කරමින් සිටී. රටම පොදු විපක්ෂයක් ගැන කතා කරනවිට සජිත් ප්‍රේමදාස එ.ජා.ප.යේ ජනාධිපති අපේක්ෂකයකු ගැන කතා කරයි. සජිත් ඒ කතා කරන්නේ පක්ෂය වෙනුවෙන් නොවේ. ෆොන්සේකාගෙන් හම්බන්තොට රැක දුන් පොලීසියෙන්, දුලාංජලී බේරාදුන් මාස්ටර්ගේ වාසියටය. කළුතර සටන එ.ජා.ප.ය දිනුවේ ෆොන්සේකා සැරිසරන අතරය. එය මෙහෙයවන ලද්දේ එක්සත් නායකත්ව මණ්ඩලය විසිනි. සජිත්, ශිරාල්, මෛත්‍රී කණ්ඩායම සිරිකොත ඇල්ලීමට නැවත පෙළපාළියකින් එන බවට හම්බන්තොට ඡන්ද වේදිකාවල කියා තිබිණ. ආණ්ඩුවට අවශ්‍ය වුණේ සජිත් ශක්තිමත් කර හම්බන්තොට සිට සජිත් කණ්ඩායම සිරිකොතට එවීමය. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී ඇත. එක්ව වැඩ කිරීම පිණිස එකඟ නොවේ නම් පොල්ලට ලොකු වළං තිබිය නොහැකිය. ඡන්ද පොළට නොගිය තිස් පන් ලක්ෂයක් දෙනා තවමත් පවත්නා ප්‍රබල විකල්පයක් ගැන හදාරමින් සිටිති. එහෙත් එකම විකල්පය එ.ජා.ප.ය බව ආණ්ඩුව දනී. එය යටපත් කිරීමට ආණ්ඩුව මෙසේ හම්බන්තොට ව්‍යාපෘතිය පාවිච්චි කරමින් සිටියි.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

like
ReplyDelete