ආණ්ඩුව හෙල්ලීම
“මට මේ ඡන්ද ප්‍රතිඵලය දකිද්දී මතක් වෙන්නේ 94 දකුණු පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය. 94දී දකුණේ ජනතාව අවුරුදු 17ක් ආණ්ඩු කළ යූ.ඇන්.පි.ය පරාජය කළා. හැබැයි ඒ ජනප්‍රිය නායිකාවක් ප්‍රබල විපක්‍ෂයක් හිටපු නිසා. මේපාර දකුණේ වගේම බස්නාහිර ජනතාවට ජනප්‍රිය නායකයෙක් ප්‍රබල විපක්‍ෂයක් නැති නිසා මේ ආණ්ඩුව පරද්දන්න බැරි වුණා. හැබැයි ආණ්ඩුව වැට්ටුවා....”
මේ පරණ ශ්‍රී ලංකාකාරයෙක් කී කථාවකි.
ඔහු කතා කරන 94 දකුණු පළාත් සභා ඡන්දය තිබ්බේ 1994 මාර්තු 24 වැනි දිනය. මෙවර දකුණු පළාත් සභා ඡන්දය තියන්න මහින්දගේ රාජකීය ජේයාතිෂවේදියා දින දී තිබුණේත් 24ය. මහින්ද ඒ දිනය 29ට ගත්තේ ජේයාතිෂවේදියාගෙන් අහලාද කියන්න දන්නේ නැත. 94 මාර්තු 24 එකල බලයේ හිටි එ.ජා.ප. ආණ්ඩුවට ගෙදර යන්න දකුණෙන් සිග්නල් එක දුන්නා වගේ මේ 24ත් තම ආණ්ඩුවට දකුණෙන් ඒ සිග්නල් එක එයි කියන බයට මහින්ද ඡන්දය 29 වැනි දිනට යොදා ගත්තාද දන්නේ නැත. කොහොම හරි ඡන්ද 29ට කල් ගියත් දකුණේ ජනතාව පමණක් නොව බස්නාහිර ජනතාවත් මහින්දට දීලා තියෙන්නේ 94 මාර්තු 24 එ.ජා.ප.යට දුන්න ගෙදර යන්න සිග්නල් එක නොවූවත් ආණ්ඩුව හොල්ලන සිග්නල් එකක්ය.
94දී ආණ්ඩුව පරාජය කරන්න ජනතාවට වඩා ඕන වුණේ විපක්‍ෂයටය. විපක්‍ෂය සංවිධානය වී ගමක් ගමක් ගාණේ ගිහින් ජනතාව පාරට අරගෙන ජනතාව ලව්වා ආණ්ඩුව පරාජය කළේය.
මෙවර ආණ්ඩුව පරාජය කරන්න ඕන වුණේ විපක්‍ෂයට නොව ජනතාවටය. හැබැයි ජනතාවට ඕන දේ මෙරට ප්‍රධාන විපක්‍ෂය වූ යූ.ඇන්.පි.ය තේරුම් ගත්තේ නැත. මේ නිසා යූ.ඇන්.පි.ය ජනතාවට ජනප්‍රිය නායකයෙක් සහ ප්‍රබල විපක්‍ෂයක් දුන්නේ නැත. ජනතාව ජනප්‍රිය නායකයකු සහ ප්‍රබල විපක්‍ෂයක් සොයා ගෙන ගියහ. ජනතාව ජ.වි.පෙ. සහ ෆොන්සේකාගේ පක්‍ෂය වැලඳ ගත්තේ ඒ නිසාය. මේ පක්‍ෂ දෙකට ඡන්දය දී ආණ්ඩුව පරාජය කරන්න බැරි බව ජනතාව තේරුම් ගෙන සිටියහ. ජනතාව ආණ්ඩුවට රිද්දන්න වැඩේ කළහ.
1994 වුණේ විපක්‍ෂය මැදිහත් වී යූ.ඇන්.පී. ආණ්ඩුව පරාජය කිරීමය. මෙවර සිදු වූයේ ජනතාව මැදිහත් වී ආණ්ඩුව වැට්ටවීමය. විපක්‍ෂය නැඟිටීමට වඩා මේ ආණ්ඩුවට භයානක සිග්නල් එක ජනතාව නැඟිටීමය.
ජනතාවගේ නැඟිටීම තේරුම් අරගන්න නම් දකුණේ විශේෂයෙන්ම හම්බන්තොට ප්‍රතිඵලය විග්‍රහ කර බැලිය යුතුය.
“මේ හයිවේ එකේ යනකොට හිතෙන්නේ මේ ආණ්ඩුව තව කාලෙකට වට්ටන්න බැහැ...”
මේ ගාල්ලට යන්න හදපු අධිවේගී මාර්ගයේ යන ගමන් මිනිස්සු කී කතාවය. ආණ්ඩුව පළමුව ගාල්ලට අධිවේගී මාර්ගය හැදුවේය. මේ ඡන්දයට දින නියම කරල අධිවේගී මාර්ගය මාතරට දික් කරලා විවෘත කළේය. අධිවේගී මාර්ග නැති කාලේ මේ ආණ්ඩුව 2009දී ගාල්ලෙන් 69.07%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තේය. මෙවර ගත්තේ 57.58%කි. මාතරට අධිවේගී මාර්ගය දික් කරන්න කලින් 67.97%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තේය. හැබැයි මෙවර ගත්තේ 59.19%ක ඡන්ද ප්‍රතිශතයකි.
“හම්බන්තොටට කිරි
අපිට කැකිරි”
මේ පසුගිය දවස්වල රටේ අස්සක් මුල්ලක් නෑර මිනිස්සු කී කථාවය. මේ ආණ්ඩුව හම්බන්තොටට වරායක් දුන්නේය. ගුවන්තොටුපළක් දුන්නේය. ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර වගේ පාරවල් හැදුවේය. සිනමා නළු නිළියන් ගෙන්වා ගන්න චිත්‍රාගාර හැදුවේය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවට නොදෙවැනි සම්මන්ත්‍රණශාලා හදලා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තිබ්බේය. උද්භිද උද්‍යාන හදල ලොව රාජ්‍ය නායකයන් ගෙන්වා ගත්තේය. කොටින්ම කියතොත් හම්බන්තොට සුරපුරයක් කළේය. හැබැයි මේ ඔක්කොම කරන්න කලින් 2009දී ආණ්ඩුව 66.95%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තේය. හම්බන්තොට සුරපුරයක් කරල ගත්තේ 57.42% කි.
2010 මහ මැතිවරණයට රැස්වීම් තියන්න එ.ජා.ප. නායකයන් කොළඹින් හම්බන්තොටට ගියාට පසු මේ ඡන්දය වන තෙක් එ.ජා.ප. නායකයන් හම්බන්තොටට පය ගැසුවේ නැත. ජේ.ආර්. විපක්‍ෂ නායක කාලයේ බණ්ඩාරනායකවරුන්ගේ හදවත වන් අත්තනගල්ලට ගිහින් සත්‍යග්‍රහ කළේය. ඒත් 2010න් පසු යූ.ඇන්.පී.ය හම්බන්තොටට වතු රැස්වීමක් තියන්නවත් ගියේ නැත. යූ.ඇන්.පී. නායකයන්ට ඕන වූයේ හම්බන්තොට මහින්දව ශක්තිමත් කරලා සජිත්ව විනාශ කරන්නටය. මෙවර ඡන්දයේදීත් යූ.ඇන්.පී. නායකයා සජිත්ට රැස්වීමක් දුන්නේ නැත. හම්බන්තොට සජිත්ගේ කකුලෙන් අදින, මෙවර ඡන්දයට තරග කරන්න බය වූ හැමදාම ඡන්ද පරදින මහින්දගේ ගජ මිත්‍රයකු වුණ ආනන්ද කුලරත්න සංවිධානය කරන රැස්වීමකට ගියේය.
“මම හම්බන්තොට සුරපුරයක් කළා. රනිල් හම්බන්තොටට ඇවිත් මට කරදර කරන්නේ නැහැ. මේ පාර හම්බන්තොට මට 70%කට වඩා ලැබෙයි.”
මහින්ද හිතන්න ඇත්තේ එහෙමය. ඒත් එහෙම වුණේ නැත. ආණ්ඩුව ඡන්දයට කලින් කළ ජනමත සමීක්‍ෂණයකට අනුව හම්බන්තොටින් ආණ්ඩුව 65%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා යැයි ඩලස් කීවේය. ඒත් ලැබුණේ 57.42%කි. පළාත් සභා දෙකෙන්ම 65%ත් 67%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා යැයි ජනමත සමීක්‍ෂණයට අනුව ඩලස් අනාවැකි පළ කළේය. ඒත් ලැබුණේ 53%ත් 58%ත් අතර ප්‍රතිශතයකි.
හම්බන්තොට විශේෂත්වය අනෙක් සෑම දිස්ත්‍රික්කයකින්ම ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය වැටෙද්දී ප්‍රධාන විපක්‍ෂය වූ එ.ජා.ප.යට සිය ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීමට හැකි වූයේ නැත. එ.ජා.ප. ඡන්ද ප්‍රතිශතය ඒ දිස්ත්‍රික්කවල වැටිණි. ඒත් හම්බන්තොට 2009දී ලබාගත් 21.66% සිට 26.24%කට ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීමට එ.ජා.ප.ය සමත් විය. ඒ කියන්නේ රාජපක්‍ෂලාගේ බලකොටුව ඇතුළේ තනිවම සටන් කරලා එ.ජා.ප.ය ගැන ඒ බලකොටුවේ ජනතාව අතර බලාපොරොත්තුවක් ඇති කරන්න සජිත් ප්‍රේමදාස සමත් වී ඇත.
අනෙක් දිස්ත්‍රික්කවල ජනතාව ආණ්ඩුව වට්ටන්න බලාපොරොත්තු ඇති කර ගත්තේ ෆොන්සේකා සහ ජ.වි.පෙ. ගැනය. ජ.වි.පෙ. මේ යළි පටන් ගත්තේ 1999 පළාත් සභාවල යන්න පටන් ගත් අලුත් ගමනය. උනුත් එකයි මුනුත් එකයි, මෙදා පාර අපි ජවිපෙට කියල ජ.වි.පෙ. 1999 පළාත් සභා ඡන්දයෙන් බස්නාහිරින් සහ දකුණෙන් ආසන 15ක් ගත්තේය. එතකොට ජ.වි.පෙ.ට තිබුණේ පාර්ලිමේන්තුවේ ආසන 01කි. 2000 මහ මැතිවරණයේදී ජ.වි.පෙ. එය ආසන 10ක් කර ගත්තේය. පසුගිය පළාත් සභා ඡන්දවලදී ජ.වි.පෙ. හතර ගාතෙන් වැටිණි. මධ්‍යමින් එක ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි වූ ජ.වි.පෙ. වයඹින් යාන්තමට එක ආසනයක් දිනා ගත්තේය. ජ.වි.පෙ. මෙලෙස වැටුණේ විමල් වීරවංශ පක්‍ෂයෙන් කඩා ගෙන යෑමත්, පෙරටුගාමීන් පක්‍ෂයෙන් කඩා ගෙන යෑමත් නිසා ඇති වූ අර්බුද නිසාය. අර්බුදවලින් හෙම්බත් වී පසුගිය පළාත් සභා ඡන්දවලදී පැදුරෙන් බිමටම වැටුණු ජ.වි.පෙ. මාස තුන හතරක් තුළ වෙනස් වී පක්‍ෂයට අලුත් නායකයෙක් හඳුන්වා දුන්නේය.
“සෝමවංශව අයින් කරල කවුද ඉන්නේ...?”
ජ.වි.පෙ. මේ වගේ කෙස් පැළෙන තර්ක කර කර සිටියේ නැත. අනුර කුමාරව නායකයා කරල ටෙස්ට් එකක් කළේය. 1994 පාර්ලිමේන්තුවේ එක් ආසනයකින් පටන් ගෙන 1999දී 15කට ගියා සේ ජ.වි.පෙ. මෙවර පසුගිය පළාත් සභාවේ එක් ආසනයකින් පටන් ගෙන මෙවර එය 11ක් කර ගත්තේය.
“ඒ කියන්නේ ඊළඟ මහ ඡන්දයෙන් ජ.වි.පෙ. ආසන 10 ඉක්මවයිද...?”
මේ යන විදියට නම් විමල් ආණ්ඩුවට යන කොට හොරකම් කර ගෙන ගිය ජ.වි.පෙ. ආණ්ඩු හදන රජුන් තනන යතුර ඊළඟ මහ ඡන්දය වන විට අනුර කුමාර යළි සෝමවංශගේ අතට ගෙනත් දෙන බව නම් පැහැදිලිය.
ජ.වි.පෙ. පමණක් නොව ෆොන්සේකාත් පෙන්නුවේ ආණ්ඩුවේ කැඩෙන ඡන්ද දිනන්න පුළුවන් තමන්ට කියන එකය. යූ.ඇන්.පි.යට ඒ ඡන්ද දිනන්න බැරි යූ.ඇන්.පි.යේ දුර්වල නායකත්වය නිසාය. යු.ඇන්.පි.යේ හදවත සහ යූ.ඇන්.පී. නායකයාගේ බලකොටුව තුළ ආසන පහේ ඡන්ද ප්‍රතිශත වැටීමත්, රාජපක්‍ෂ බලකොටුවේ හම්බන්තොට ඡන්ද ප්‍රතිශත වැටීමත් දෙකම එකය. 2009 බස්නාහිර පළාත් සභා ඡන්දය තිබ්බේ යුද්ධයේ අවසන් දින කිහිපය තුළය. ඒ වෙලාවේ යූ.ඇන්.පි.ය හිටියේ නන්නත්තාර වෙලාය. එලෙස නන්නත්තාර වෙලා හිටියදී යූ.ඇන්.පි.ය මැද කොළඹින් ඡන්ද 45,414ක් ගත්තේය. යුද්ධය අවසන් වී වසර 5ක් ආසන්න වූ මෙවර පළාත් සභා ඡන්දයේදී යූ.ඇන්.පිය මැද කොළඹින් ගත්තේ ඡන්ද 40,170කි. ඒ කියන්නේ ඡන්ද 5,244ක අඩුවීමකි. බොරැල්ල 1,672ක අඩුවීමකි. උතුරු කොළඹ 11,700ක අඩුවීමකි. බටහිර කොළඹ 5,171ක අඩුවීමකි.
යූ.ඇන්.පි.යට සාමාන්‍යයෙන් හොඳම පළාත් දෙක මධ්‍යම සහ බස්නාහිරය. 2009 යුද්ධයේ කට ළඟ යූ.ඇන්.පි.ය බස්නාහිරින් 29.58%ක් ගත්තේය. ආණ්ඩු විරෝධය උත්සන්නව ඇති මාස තුන හතරකට සැරයක් යූ.ඇන්.පි.ය උද්ඝෝෂණ දියත් කරන බස්නාහිර මෙවර යූ.ඇන්.පි.ය අරන් තියෙන්නේ 26.59%කි. යූ.ඇන්.පි.ය හැමදාම වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරන්නේ නුවර සහ කොළඹිනි. පසුගිය මධ්‍යම ඡන්දයේදී නුවරින් එ.ජා.ප.ය 31.37%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේය. නුවරට වඩා එ.ජා.ප.ය ශක්තිමත් කොළඹින් මෙවර යූ.ඇන්.පි.ය ලබා ගෙන ඇත්තේ 29.21%කි. මධ්‍යම ඡන්ද ප්‍රතිශතය 27.79%ක් වෙද්දී බස්නාහිර ඡන්ද ප්‍රතිශතය 26.59%ට අඩුවී ඇත.
මේ යූ.ඇන්.පි.යේ දුර්වල නායකත්වය නිසාය. ආණ්ඩුවෙන් කැඩෙන ඡන්ද ජ.වි.පෙ. නව නායකත්වය සහ ෆොන්සේකාගේ ආකර්ෂණීය නායකත්වය වටා එකතු වූයේ යූ.ඇන්.පී. නායකයා වටා එකතු වෙන්න අකැමැති නිසාය.
ෆොන්සේකා පක්‍ෂ යාන්ත්‍රණයක්ද නැතිව වෙනත් චරිතද නැතිව මේ ඡන්ද ගත්තේ තනිකරම තමන්ගේ ප්‍රතිරූපයටය. එය හාස්කමක් වැනිය.
මේ ඡන්දෙන් පේන්නේ මිනිස්සු අලුත් නායකයෙක් හොයන බවය. යූ.ඇන්.පි.ය මිනිස්සු හොයන අලුත් නායකයා දෙන්න කැමැති නම් ඊළඟ ජනාධිපති යූ.ඇන්.පී. ජනාධිපතිවරයෙකි. පොදු අපේක්‍ෂකයෙක් දිනවන්නත් යූ.ඇන්.පී. ඡන්ද පදනම 40%ක් කර ගත යුතුය. මේ දකුණ සහ බස්නාහිර ඡන්ද තිබ්බ කාලය සම කරන්න පුළුවන් යුද්ධය දිනන්න කලින් පැවැති 2008 අගෝස්තු මස උතුරු මැද සහ සබරගමු ඡන්දය පවත්වපු කාලයටය. ඒ ඡන්දවලදී යූ.ඇන්.පි.ය 40%ට ආසන්න ප්‍රතිශතයක් ගත්තේය. මෙවර ලක්‍ෂ ගාණක් ඡන්දදායකයන් වැඩි වෙලාත් යූ.ඇන්.පිය අරන් තියෙන්නේ 25%යි, 26%යි අතර ප්‍රතිශතයකි. ඒ කියන්නේ පොදු අපේක්‍ෂකයෙක් දිනවන්නත් යූ.ඇන්.පිය අලුත් නායකයෙක් පත් කර ගෙන පරදින විට යූ.ඇන්.පිය රැක ගත් 40% ඡන්ද ප්‍රතිශතය යළි දිනා ගත යුතුය.
මහින්ද මෙය දනී. හැබැයි බස්නාහිර සහ දකුණේ ජනතාව ආණ්ඩුවේ ඔළුව හොල්ලලා තියෙන්නේ උතුර දකුණ හොයා ගන්න බැරි වන විදියටය. මහජනතාව මෙහෙම ආණ්ඩුවක ඔළුව හෙල්ලුවාම ආණ්ඩු තීරණ ගන්නේ ඔළුවෙන් නොව බයටය. ඒ ගන්නා තීරණවලින් කියන්නේ බුදු බණෙත් තියෙන සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය කියන කතාවය.
උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments