Open top menu
Friday, May 23, 2014

මකරුන්ගේ අත් ගලවා ඒවායින් සොල්දාදුවන් තනා සටනට යෑවූ Cadmus (කැඩ්මස්‌) නමැති රාජ කුමාරයකු ගැන මෙයට වසර 2700 කට පෙර ග්‍රීක දේව කතාවල සඳහන්ය. කැඩ්මුස්‌ගේ සහෝදරිය වූ යුරෝපා කුමරිය, ග්‍රීක දෙවියකු වූ සියුස්‌ විසින් පැහැරගෙන යනු ලැබේ. ඇය ආපසු රැගෙන ඒම පිණිස කැඩ්මුස්‌ කුමාරයා සියුස්‌ දෙවියන් සොයා යයි. මකරුන්ගේ අත්වලින් ඔහු යුද සෙබළුන් සාදන්නේ මේ ගමනේදීය. ලෝකයේ වාර්තා ගැන ඉතිහාසයේ පළමු රොබෝවරුන් වන්නේ මෙකී මකර අත් සෙබළ මුළුවය. කැඩ්මුස්‌ කුමාරයා සතුව තවත් විශේෂත්වයක්‌ තිබේ. ලෝක ඉතිහාසයේ මුල් වරට විවාහ මංගල්‍යයක්‌ පවත්වා තරුණියක විවාහ කරගත් තැනැත්තා හැටියට සැළකෙන්නේ කැඩ්මුස්‌ය.

ග්‍රීක දේව කතාවල කාල නිර්ණයට අනුව ඒ මෙයට අවුරුදු 20,000 කට පමණ පෙරය. ඔහුගේ මනාළියගේ නම Harmonia(හාමෝනියා) ය. මෙහිදී අප විසින් සැළකිල්ලට ගත යුතුව ඇත්තේ කැඩ්මුස්‌ සහ හාමෝනියා යන දෙදෙනාම මනුෂ්‍යයන් නොව සියුස්‌ බඳවට දේව සමාජයේ සාමාජිකයන් වූ බවය. මන්ද වසර 20,000 කට පෙර විසූ ප්‍රාථමික මනුෂ්‍යයන් විවාහ වීම තබා හරියාකාරව විලි වසා ගන්නේවත් නැත.

රොබෝවරුන්ගේ ඉතිහාසය පිළිබඳව ඔබට කීමට අපට සිත් වූයේ අන්තර්ජාලයේ Xpatjobs.com නමැති වෙබ් අඩවියේ පළවූ පුවතත් දැකීමෙනි. (Xpatjobs.com යනු ලෝකයේ රැකියා ඇබෑර්තු විශාලම සංඛ්‍යාවක්‌ තිබෙන වෙබ් අඩවි කිහිපයෙන් එකකි. ඕනෑම රටක තිබෙන ඇබෑර්තු මෙම වෙබ් අඩවියේ පළවෙයි.) එම වෙබ් අඩවිය කියන පරිදි ඉදිරි වසර 30 තුළ මනුෂ්‍යයාගේ තැන 100% ක්‌ ස්‌වයංක්‍රීය රොබෝවරුන්ට හිමි වන්නේය. එම රොබෝවරුන් කෙතරම් දියුණුද යත් ඔවුන්ගේ ශරීර පණ ගැන්වීම සඳහා අවශ්‍ය බැටරි සාදා ගැනීමට ඔවුන්ටම හැකිය. එම බැටරි චා- කරගැනීම සඳහා පේනුවකට (ප්ලග් පොයින්ට්‌ එකකට) සම්බන්ධ වීමටද ඔවුන්ට හැකිය. එම ප්ලග් පොයින්ට්‌ එකට අවශ්‍ය විදුලිය සපයා ගැනීම සඳහා ඕනෑම ආකාරයක විදුලි බලාගාර සාදා ගැනීමටද ඔවුනට හැකිය. මේ අනුව මතු යම් දවසකදී සමස්‌ත ලෝකයේම බහුතර ප්‍රජාව රොබෝවන් වී, ලෝකය එකම රටක්‌ වී එහි ජනාධිපති රොබෝවකු වීමටද ඉඩ තිබේ. එකලම මනුසත් ප්‍රජාව සුලුතර ප්‍රජාව වනු ඇත. ක්‍ෂුද්‍ර ජීවීන් හැර සෙසු තිරිසනුන් සහමුලින්ම වඳවී ගොස්‌ තිබෙන්නටද ඉඩ ඇත.

පෙර සඳහන් සමීක්‍ෂණය මගින් හෙළිදරව් කර ඇති පරිදි වසර්a 2040 යනු පෘථිවියට විශේෂ වූ අවුරුද්දකි. මේ වසර වන විට කුලී රථ ධාවනය කරන්නේ ඨදදටකැ සමාගමට අයත් රොබෝ රියෑදුරන් විසිනි. ලොව දියුණු නගරවල තිබෙන සියලු කඩ සාප්පු වැසී යන අතර සියලු දෙනාම බඩු ගන්නේ අන්තර්ජාලයෙනි. බඩු ප්‍රවාහනය () ගුවන් යානා මගින් සිදු කෙරෙයි. රොබෝවන් සහ මිනිසුන් අතර වැඩ කිරීමේ කාර්යක්‍ෂමතාව හා වේගය වෙනුවෙන් තරගයක්‌ ඇති වන අතර මනුෂ්‍ය ශරීරයට යාන්ත්‍රික බලය ගෙන දීම සඳහා කෘත්‍රිම යාන්ත්‍රික කොටස්‌ සවි කිරීම ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබනවා ඇත. රොබෝ මොළ තුළ තිබෙන දැනුම් සම්භාරය ඉක්‌මවන මිනිස්‌ මොළ අවශ්‍ය නිසා ඒවා තුළ දත්ත චිපයන් (Data Chipsි) තැන්පත් කරන සැත්කම් බහුල වීමට ඉඩ තිබේ. රොබෝවන් පැරදවීමට හැම මොහොතකම මිනිසාට සිදුවන අතර එසේ නොවන සෑම මොහොතකම රොබෝවා විසින් මිනිසා පාගනු ලබනවා ඇත.

Xpatjobs.com වෙබ් පර්යේෂණයට අනුව මනුෂ්‍යයාගේ අත්පා අර්ධ යාන්ත්‍රික අර්ධ මනුෂ්‍ය තත්ත්වයට පත්වීම තව වසර 30 කින් ස්‌ථිරවම සිදුවනු ඇත. මෙවිට බිහිවන්නේ ශරීරයේ ඇතැම් කොටස්‌ වෙනුවට ලෝහමය යන්ත්‍ර බද්ධ කළ "බයොනික්‌" මිනිසුන්ය. ඔවුන් ශරීරයේ පැවැත්මට ආහාරද තම ශරීරය තුළ ඇති යන්ත්‍රවල පැවැත්මට අවශ්‍ය ඉන්ධනද පරිභෝජනය කරනවා ඇත. එසේ නොවන මනුෂ්‍යයන්ට නිෂ්පාදන ඉලක්‌ක (Targat) සඳහා යැමට දවසේ පැය 24 න් 20 ක්‌ වැඩ කිරීමට සිදුවේ.

කෙසේ වුවද වසර 2040 වනවිට මනුෂ්‍ය ශ්‍රමිකයන්ගේ ඇස්‌වල පෙනුමට වඩා රොබෝවරුන්ගේ දෘෂ්‍ය හැකියාව බෙහෙවින් දියුණු වන නිසා මනුෂ්‍ය ඇස්‌ දුර්වල දැක්‌මක්‌ ඇති ඉන්ද්‍රීන් ලෙස හැඳින්වෙනවා ඇත. එසේම දවසේ දීර්ඝ කාලයක්‌ වැඩ කිරීම හේතුවෙන් අන්තර් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අවකාශ නොලැබීම නිසා වසර 2040 දී දියුණු රටවල ජීවත්වන ගැහැනුන් හා පිරිමින්ගේ ජනනේන්ද්‍රීන් කුඩා වනවා ඇත. ශරීරය මගින් පරිහරණය නොකරන ඉන්ද්‍රීන් ක්‍රමයෙන් කුඩාවට පත් වීමට ඉඩ හැරීම පරිණාමයේ ස්‌වභාවය.

යුරෝපය දැනට සතියකට වැඩ කරන ප්‍රමාණය පැය 37.4 කි. වසර 2040 වන විට මේ ගණන පැය 50.5 ඉක්‌මවන බව පර්යේෂකයන්ගේ මතය වී තිබේ. මිනිසුන් කොතරම් කාර්යබහුල වන්නේද යත් අඹු සැමියන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම සාමාන්‍ය මසකට වාර 2 ක්‌ දක්‌වා පහළ යනු ඇත. මෙහි වර්තමාන සාමාන්‍යය මසකට වාර 5 කි.

වසර 2040 දී ජීවත්වන ජනයා වැඩපොළවල් කරා යන්නේ ඉතා ස්‌වල්ප වශයෙනි. ඔහු නිදන කාමරයේ පිහිටි පරිගණකය ඉදිරිපිටදී ලෝකයේ රටවල් ගණනාවක රැකියා කිහිපයක්‌ එකවර කරනවා ඇත. මේ අනුව මගී ප්‍රවාහනය වැඩ නිමවූ පසු මිතුරන් සමග එක්‌වී මත්පැන් පානය කිරීම, කාර්යාලයීය නත්තල් සාද හෝ වෙනත් සුහද හමුවීම් (Get to gethers) නැත්තටම නැති වන්නේය. එයට නිදහසට කාරණා වනු ඇත්තේ "මම ඊයේ ඉඳලා පාන්දර වනතුරු වැඩ කළා" යන්නය. පසුදින තත්ත්වයත් එසේම වනවා ඇත.

අනාගතය ගැන පර්යේෂණ කරන කණ්‌ඩායම් කියන පරිදි මේ කාලයේදී ලොව ? රාජ්‍යය වනු ඇත්තේ චීනයයි. එක වර රැකියා හතරක්‌ හෝ පහක්‌ කිරීමට සිදුවන නිසා මේ කාලයේ වෙසෙන මිනිසා බොහෝ දේ පිළිබඳ බොහෝ දැනුම ඇත්තෙකි. නිව්යෝර්ක්‌ නගරයේ කොම්පැණි අයිතිකාරයකුගේ පාරිභෝගික සබඳතා කටයුතු කරන අතරම සිංගප්පූරු සමාගමක ගණකාධිකරණ කටයුතු කිරීමටත් දිල්ලියේ නිෂ්පාදකයකුගේ සන්නාම කළමනාකරණය (Brand Manage) කිරීමටත් ඔහුට සිදුවන්නේය.

වසර 2040 කවර වර්ගවල අලුත් රැකියා පහළ වනු ඇද්ද යන්න සිතා ගැනීමට පවා විද්‍යාඥයන්ට නොහැක. මනුෂ්‍යයන් අතර වියෑකී යන අන්තර් මානව සම්බන්ධකම් යළි ගොඩනගන්නේ කෙසේද යන්න 2040 වන විට ලෝකවාසීන් කල්පනා කරන්නට පටන් ගන්නවා ඇත. රොබෝවරුන් විරුද්ධ මානවවාදී ව්‍යාපාර බිහිවීමට ඉඩ තිබෙන අතර ඒවා මර්දනය කෙරෙන රොබෝ ව්‍යාපාර හට ගැනීමටද ඉඩ ඇත.

මේ කාලය වන විට දියුණු රටවල ජනගහනයෙන් වැඩි දෙනා වසර 100 වයස්‌ සීමාව ඉක්‌මවූ අය වෙති. එයට හේතුව වෛද්‍ය විද්‍යාව විශාල වශයෙන් දියුණු වී තිබීමය.

වසර 2040 දී පිsරිමි තුළ දැකිය හැකි ප්‍රධාන ලකුණු මෙසේය.

* රතු ඇස්‌ - දිගු වේලාවක්‌ එක දිගට වැඩ කිරීම නිසා දෙඇස්‌ විඩාපත්ව අධික ලෙස රත් පැහැ ගැනීම

* දුර්වල ඇස්‌ - ක්‍ෂුද්‍ර දේ දැකීම සඳහා නිතර දෘශ්‍ය උපකරණ පාවිච්චි කිරීම නිසා පියවි ඇස්‌වල පරිහරණය අඩු වීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ඇස්‌ දුර්වල වීම

* ජනනේද්‍රීන් කුඩා වීම - ලිංගික ජීවිතය ශූන්‍ය වීම නිසා ජනනේද්‍රියේ අවශ්‍යතාව අවම වීමෙන් පරිණාමය විසින්ම එම ඉතින් කුඩා වීමට සැළැස්‌වීම.

* පරිගණක වැඩසටහන් සහිත මෘදුකාංග සහ චිපයක්‌ බද්ධ කිරීම නිසා මොළය විශාල වීම.

* විශාල උදරයක්‌ සහ පශ්චාත් භාගයක්‌ - හටගැනීම - ව්‍යායාම අඩුවීම සහ එකම තැන සිට ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වීම නිසා පෙර සඳහන් ශරීර කොටස්‌ ස්‌ථුල වීම.

* විශාල ඇහිබැම සහ ඉදිරියට නෙරු ඇස්‌ කුහරයේ උඩ කොටස - අධික ආතතිය නිසා පරිගණකය දෙස බැලීමේදී නලල් තලය රැළි කිරීමේ හේතුවෙන් ඉහත සඳහන් ලක්‍ෂණ හට ගැනීම.

විවිධ කාර්ය කිහිපයක්‌ එකවර කර ගත හැකි වීම සඳහා දැත් පමණක්‌ නොව ඇඟිල්ල වෙන් වශයෙන් ක්‍රියා කිරීමට හැකි වීම.

* චීන, හින්දු, ස්‌පාඤ්ඥ, පෘතුගීසි භාෂාවල එක ලෙස දෑතට ලබා එම භාෂා තිබෙන රටවල් සමග ගනුදෙනු කිරීමේ හැකියාව ලැබීම. (මේ සියල්ල ඉංග්‍රීසි බසට අමතරවය.)

* බ්ලූටූත් වෙනුවට කර්ණශංඛය තුළ තැන්පත් කළ උපාංගයක්‌ මගින් සංවාදයෙහි යෙදීමට හැකි වීම.

* පරිගණක චිප් බද්ධ කළ අතැඟිලි තිබීම.

* ශරීරයේ අත්පාවලට බද්ධ කළ ලෝහමය අමතර කොටස්‌ නිසා සුවතාව සහ ශක්‌තිය වැඩිවීම.

අනුර සොලමන්ස්‌
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. අපොයි දෙයියනේ හැබැයි ඕකෙන් එකකින් අපේ ලංකාවෙ මිනිස්සු බේරෙයි ඒ ලින්ගේන්ද්‍රිය කුඩා වන එක කෙසේ වෙතත් ලංකාවේ උන්ගේ ලොකු වෙයි මොකද මේ ස්ත්‍රී අපචාර තොගේ බලනකොට මුන් වැඩ කරනවට වඩා කරන්නේ ලිංගිකව එකතු වෙන එකනෙ

    ReplyDelete

Popular Posts

Popular Posts