Header Ads

රාජපක්ෂ පාතාලය දේශපාලනය කිරීම

ඔස්ටේ‍්‍රලියානු ජාතික ජේම්ස් පැකර් ලෝකයේ කැසිනෝ අධිරාජ්‍යයේ අංක එකේ අයිතිකරුවා ය. රාජපක්ෂ පවුල් පාලනයට ජේම්ස් පැකර්ගේ කරට අත දාගැනීමට අවශ්‍ය වූයේ ඒ නිසාය. ඒ පැකර්ගේ කැසිනෝ පාතාලයට ලංකාව බිලිදීම සඳහා ය. මෙම කි‍්‍රයාමාර්ගය රට තුළ දේශපාලනය උණුසුම් කළේය. රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් මෙතෙක් සැඟවී තිබූ බොහෝ කරුණු කාරණා එළියට පැන්නේ ය. මෙම
හෙළිවීම් රාජපක්ෂ පවුල් පාලනයට කිසිසේත්ම හිතකර නොවීය. ශී‍්‍ර රෝහණ ජනරංජන වෝහාරපති පර්සි මහින්ද රාජපක්ෂ සුදුවතින් සැරසී අසීමිත ආගමික භක්තියක් ප‍්‍රදර්ශනය කිරීමේ ඇත්ත ඇතුළාන්තය හෙළිවීම පවුල් පාලනයේ ඉදිරි අරමුණුවලට හිතකර නොවේ.

ඉක්මනින් පැවැත්වීමට සැලසුම් කරන ජනාධිපතිවරණයට පෙර මෙම රහස් හෙළිවීම රාජපක්ෂ පවුල් පාලනයට වේදනාකාරී වටපිටාවක් නිර්මාණය කළේය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කැසිනෝ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තොරතුරු තුළින් රටේ අර්ථිකය පාතාල කරණය කරමින් තිබෙන අයුරු ඉතා මැනවින් හෙළිදරව් කළේය. එපමණක් නොවේ, පාතාල ආර්ථිකයට රාජපක්ෂවරුන්ගේ තිබෙන සම්බන්ධය හෙළි කෙරිණ. මෙම හෙළි කිරීම් මඩගැසීම් නොවීය. කරුණු සහිතව සත්‍යය මත පදනම්ව කළ ඒවාය. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක අපේ‍්‍රල් 25 වෙනිදා පාර්ලිමේන්තුවේදී තොරතුරු රැසක් හෙළි කිරීම නිදර්ශනයක් ය.

"මේවා කරන්නේ කවුද? ගරු මන්තී‍්‍රතුමනි, සාටකය පැළඳ ගත්තු, කුරහන් තලප ගිලින, ගිරුවා පත්තුවේ ඉපදුණු, පපුවට ගහගන්න, දේශපේ‍්‍රමිත්වය පිළිබඳව හඬ නඟන, වේදිකාවේ කතා කරනකොට අපේ හාමුදුරුවනේ කියල කියන, අපේ හාමුදුරුවෝ, මහානායක හාමුදුරුවෝ කියන කිසිවක් ගණන් නොගන්න මහා දේශපේ‍්‍රමී පුත‍්‍රරත්නය තමයි මේවා ගේන්නෙ."

පූජ්‍ය මහානායක හිමිවරුන් "පාරට බහින්න සිද්ධවෙන" බවට අනතුරු ඇඟවූයේ මෙවැනි හෙළිකිරීම් නිසාය. "අපි කියන දේවලට ආණ්ඩුව ඇහුම්කන් දෙන්නෙ නෑ" යැයි රටට කීවේද ඉන් පසුවය. අනෙකුත් ආගමික පූජකතුමන්ලා කැසිනෝ වලට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කරන්නට වූයේය. "නිල වශයෙන් රාජ්‍ය අනුග‍්‍රහය" සහිතව ශී‍්‍ර ලංකාව තුළ කැසිනෝ ප‍්‍රමුඛ කොට පාතාල ආර්ථිකය පිළිබඳව විරෝධයක් පොදු සමාජයේ ඇති වූයේය. ජේම්ස් පැකර් සමග එක්වී සිටින පාතාල ආර්ථිකයේ පියවරුන්ගේ නම් ගම්ද ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙළි කර තිබිණ.

"මේ වසාපද්ධතිය කාගෙ ද? එක් කෙනෙක් ජේම්ස් පැකර් එක්ක  හවුල් වෙන රවී විජේරත්න. අපි මේවා කතා කරමු හරියට. ක්වීන්ස් බේව් කැසිනෝ එක අයිති ධම්මික පෙරේරාට. අනිත් කෙනා තමයි ජෝන් කීල්ස් මුදලාලි ග්ලේන් අක්බාර් වීදියේ එක. කැසිනෝ අයිති මුදලාලිලා තුන්දෙනා තමයි මේ. මේ මුදලාලිලා තුන්දෙනා ගැවසෙන්නෙ කොහෙද? මේ අය ගැවසෙන්නෙ අරලියගහ මන්දිරයේ.

දැන් රවී විජේරත්නට කොහෙන්ද සල්ලි? රවී විජේරත්න මහත්මයා ජේම්ස් පැකර් එක්ක එකතු වෙනවා. මේ ගිවිසුම අනුව. රවී විජේරත්න මහත්මයා තමන්ගෙ කොටස වෙනුවට දෙන්නෙ විජේවර්ධන මාවතේ අක්කර හතරේ මේ ඉඩමයි. ලයිසන් එකයි. රවී විජේරත්න මහත්මයාට මේ ඉඩම හම්බවුණේ කොහොම ද? මේ ඉඩම අයිති නාගරික සංවර්ධන අධිකාරියට. නාගරික සංවර්ධන අධිකාරියෙන් රවී විජේවර්ධන මහත්මයාට බදු දුන්නා කාර් පාක් එකක් දාන්න. කාර් පාක් එකක් දාන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් දීපු ඉඩම අද කැසිනෝ දාන්ඩ රවී විජේරත්නට අවසර ලැබෙන්නෙ කොහොම ද?

මේ ආකාරයට පාතාල ආර්ථිකයට රාජපක්ෂ පාලනයේ තිබෙන සහ සම්බන්ධතාව ඉතා මැනවින් හෙළි කිරීමෙන් භූමිතෙල් වැදුණු ගැරඬින් සේ කලබල වී ප‍්‍රතිචාර දක්වන්නට විය. ඒ ප‍්‍රතිචාර දැක්වීම දේශපාලනික අර්ථයකින් ආරම්භ වී තිබේ. ජනමාධ්‍ය මෙහෙයුම් ඒ අතර මූලිකය. මෙහෙයුමට "රිවිර" පත්තරය මුල පිරීය. ඊළඟට ආණ්ඩුවේ දිනමිණ පත්තර කඩමාල්ලය. "දිනමිණ" ආණ්ඩුවේ නිල පත්තර කඩමාල්ල වුවත් රාජපක්ෂ පවුල් පාලනයේ නිල පත්තරය  "රිවිරය". මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් සෞඛ්‍ය ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන ය. රිවිර පත්තරයේ හිමිකරුවා රවී විජේරත්නය. 25 වැනිදා පාර්ලිමේන්තුවේදී අනුර දිසානායක හෙළිකළේ කැසිනෝවලට සහ රාජපක්ෂ පවුලට රවී විජේරත්නගේ තිබෙන සම්බන්ධය ගැනය.

අපේ‍්‍රල් 28 වෙනි සඳුදා රවී විජේරත්නගේ පත්තරේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය මෙසේ ය. "ඉන්දියානු තානාපති නිලධාරියෙකුගේ කපුකමෙන් සෝභිත හිමි, අනුර කුමාර සම්බන්ධන් රහසේ හමුවෙති." යන්නය.

ප‍්‍රවෘත්තිය ගොඩනඟා තිබුණේ "මාදුළුවාවේ සෝභිත හිමි, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිස ඊයේ (27) කෝට්ටේ නාගවිහාරය තුළදී රහසිගත සාකච්ඡාවක් සිදු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි" යනුවෙන් ය.

මෙම ප‍්‍රවෘත්තියට ප‍්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක ප‍්‍රකාශ කර තිබුණේ තමන්ට කිසිවෙකු සමග හෝ රහසිගත සාකච්ඡා නැති බවය. කවරෙකු සමග හෝ සාකච්ඡා කරන්නේ නම් ඒ සාකච්ඡා පිළිබඳව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන බවය. සෝභිත හිමි හමුවීමට ඉන්දියානු තානාපති කපුවෙකු අවශ්‍ය නොවන බවත් අදාළ ප‍්‍රවෘත්තිය පිළිකුලෙන් හෙළා දකින බවත් ය.

පුවත්පත්වල ප‍්‍රවෘත්ති පළ කිරීමට අමතරව මෙවැනි ප‍්‍රවෘත්ති "පැළ කරන" බව සාමාන්‍ය ජනතාව බොහෝවිට නොදන්නා කරුණක් ය. මෙවැනි ප‍්‍රවෘත්ති පැළ කිරීමට සිදු වූයේ නිකම් නොවේ. බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුවේ පල්ලම් බැසීම ඇරඹී තිබෙන අතර, රාජපක්ෂ පවුල සහ පාතාල ආර්ථිකය අතර තිබෙන සහජීවනය හෙළි කිරීමෙන් ඇතිවෙන්නේ ඉතා බියකරු තත්ත්වයක් වන නිසාය. රාජපක්ෂලාගේ පවුල් පාලනය පැවතීමට නම් තමන්ගේ පාතාලය තිබිය යුතුය. ඔවුනගේ පාතාලය පැවැතීමට නම් රාජපක්ෂ පවුල් පාලනය තිබිය යුතුය. එනිසා දේශපාලන අනතුර තේරුම් ගනිමින් දේශපාලන ගේමක් ගැසීමට මෙසේ ප‍්‍රවෘත්ති පළ කරන බව පැහැදිලිය.

පළාත් සභා ඡන්දයෙන් බලය බිඳ වැටීම ආරම්භවී කැසිනෝ බදු සහන පනතේදී රාජපක්ෂ පාලනයට ලබාගත හැකිවූයේ ඡන්ද 112ක් සහ 109ක් පමණය. මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුව අනිවාර්යය කර තිබියදී ආණ්ඩුවේ මන්තී‍්‍රන් පනහකට වැඩි පිරිසක් ඊට සහභාගි නොවීම සහ ඡන්දය නොදීම බරපතළය. මහජන ඡන්දයෙන් රාජපක්ෂ පාලනය පල්ලම් බහින විට පාර්ලිමේන්තුව තුළදී ද පල්ලම් බැසීමට සිදුවීම රාජපක්ෂ පවුල් පාලනයට ඉතාම අනතුරු දායකය.

මෙසේ තිබියදී මැයි පළවෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලිය සහ රැළිය අතිවිශාල ජනකායකගේ සහභාගිවීමෙන් පැවැත්විණ. රාජපක්ෂ පවුල් පාලනයේ ඉහමොළ තවත් රත්වී ඇත. ඔවුන් ඒකාධිපති හිට්ලර්ගේ උපදේශක ගොබෙල්ස්ගේ න්‍යාය කි‍්‍රයාවට නඟා තිබේ. ආණ්ඩුවේ නිල පත්තර කඩමල්ල ද ගේමට බැස ඇත්තේ ඒ අනුවය. රිවිර "පැළ කළ" ප‍්‍රවෘත්තියට දිනමිණ පන දී තිබුණේ ය. මැයි 05වෙනි සඳුදා පළ කරන්නේ "සෝභිත හිමි - සම්බන්ධන් - අනුර දිසානායක නාග විහාරයේදී හොර සාකච්ඡාවක” යනුවෙන් ය.

මෙම ප‍්‍රවෘත්තිය ගොඩ නඟා තිබුණේ "ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ය. වාර්තා කරුවෙකුගේ අන්වර්ථ නාමයක් නොයොදා එය  පළකර තිබුනේ මෙසේය. "ඒකීය ශී‍්‍ර ලංකාවක් වෙනුවෙන් කිසිදා පෙනී නොසිටි දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡාවකට මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එක්වූයේ රට බෙදීමේ ප‍්‍රතිපත්තිය අනුමත කරන නිසාදැයි දේශපාලන විචාරකයෝ ප‍්‍රශ්න කරති. ගොබෙල්ස් ඒකාධිපති ෆැසිස්ට් නායක හිට්ලර්ට උපදෙස් දුන්නේ, බොරුව නැවත නැවත ප‍්‍රකාශ කිරීමෙන් ජනතාව එය සත්‍යයක් ලෙස භාරගන්නා බවය. රාජපක්ෂ පවුල් පාලනය සහ පාතාලය කි‍්‍රයාවට නඟන්නේ ගොබෙල්ස්ගේ එම න්‍යාය ය.

ඉදිරියේදී මෙවැනි ප‍්‍රවෘත්ති කථිකාවන් වැඩි වැඩියෙන් පැළ කරනු නොඅනුමානය. ඒවා තහවුරු කිරීමට කැරැට්ටුව හොඳ නැති හිමිවරු "බ්ලැක්මේල් කර" යොදා ගැනීමට ද ඉඩ නැතුවා නොවේ. ඒ කුමන ආකාරයෙන් ප‍්‍රවෘත්ති පැළ කළ ද රාජපක්ෂ - පාතාල හවුලට ගොඩයා නොහැකි ය. හිට්ලර්ට ගොබල්ස් හමුවන්නේ හිට්ලර්ගේ නඟින කලාවේදී ය. ඒ තත්වය මත ගොබෙල්ස්ගේ උපදෙස් ද ටක්කයටම ඵල දැරීය. ලංකාවේ ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනය දැන් සිටින්නේ බහින කලාවේ ය. බහින කලාවේ සිටින රාජපක්ෂ පවුල් පාලනය දැන් විවිධ ප‍්‍රවෘත්ති පැළ කළ ද වැඩක් නැත. ජනතාව ඒවා ගණන් ගන්නේ නැත.

ඉදිරියේදී රාජපක්ෂ පවුල් පාලනය එළවා දැමීමට ජනතාව පෙළ ගැසීම වැලැක්විය නොහැකිය. පාතාල ආර්ථිකය එයින් දෙදරුම් කන්නේ ය. රාජපක්ෂ පවුල් පාලනය රැකගැනීම පාතාලයට වුවමනාය. ඒ පාතාලයේ පැවැත්ම වෙනුවෙන් ය. ඒ සඳහා කළ හැකි හැමදෙයක්ම පාතාලය විසින් කරන්නේය. රාජපක්ෂ පාලනය ද එම පාතාලය ශක්තිමත් කරන්නේ ය. පාතාලය තමන්ගේම කොටසක් කරගෙන තිබෙන නිසාය. රටේ ඇතිවන සියලුම දේශපාලන තත්වයන්ට රාජපක්ෂ පවුල් පාලනය උත්තර හොයන්නේ තමන්ගේම කොටසක් වූ පාතාලය ද සමගය. මේ එළි දකින්නේ එහි ප‍්‍රවේශ යයි. ජනතාවගේ පෙළ ගැසීම් අවලාදවලින් සහ ප‍්‍රවෘත්ති පැළ කිරීම්වලින් ජනතා බලය යටපත් කළ නොහැකිය. රටක ආර්ථිකය පාතාල කල්ලියක් වෙත භාරදීමට ජනතාව සූදානම් වන්නේ ද නැත.

මේ වන විට ජේම්ස් පැකර් ලංකාවට නොඑන තැනට කටයුතු සිදුවී තිබේ. ජාතික ආර්ථිකය ජාතික සම්පත් දේශීය හෝ  විදේශීය පාතාලයට බිළිදීමට ජනතාව ඉඩ නොදෙනු ඇත. දැනට තිබෙන්නේ කාළය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණය. අවශ්‍ය නිසි  පරිසරය සැකසෙන තුරු රාජපක්ෂ පාතාලය මේ රටේ දේශපාලනය කරනු ඇත. "සැමදා නියං එකදා වැහිවලාවේ" කීවාසේ එය එකදා වැසිවලාවෙන් සේදී යනු ඇත.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

No comments

Powered by Blogger.