Open top menu
Monday, May 12, 2014

ටිරන් කුමාර බංගගමආරච්චි 
අපට පන්දුව සහ පිත්ත වෙනුවට සරම සහ කොණ්ඩය ගැන කතා කරන්නට සිදුව ඇත. 1996 දී අපි කි‍්‍රකට් ලෝක ශූරයෝ වීමු. 2014 අපි නැවත ලෝක කි‍්‍රකට් ශූරයෝ වීමු. එදා අර්ජුනගේ නායකත්වය මෙදා මාලිංග අතට පත්ව විය. එක්දින තරග සහ විස්සයි විස්ස තරග මුළුමනින්ම වෙනස් අන්ත දෙකකි. එය වෙනම කතා කළ යුත්තකි. ඒ කුමක් වුවද මේ දෙකෙහිම අප ලෝක ශූරයන් වීම එක තැනක පිහිටා කතා කළ යුතු දෙයකි. ඒ ගැන විවාදයක් නොපවතී.
මාලිංගගේ වේග පන්දු යැවීම හමුවේ පිතිකරුවෝ අසරණ වෙති. එහෙත් කුමන හෝ කරුණක් මත මෙරට මාධ්‍යද ලසිත් මාලිංග හමුවේ අසරණ වෙති. මාධ්‍යයට අවනත නොවුණායැයි වරක් මාලිංග පතුරු ගැසූහ. නැවත මාලිංග මාධ්‍ය ගොදුරක් වී ඇත. ඒ මාලිංග කී කතාවක එල්ලීය. වෙබ් අඩවිවල මාලිංග පතුරු ගසති. ඒ ඔහු ති‍්‍රකෝණ මාධ්‍යයක් යැයි කී නිසාය. මේ ති‍්‍රකෝණ මාධ්‍යය කවුද? මාලිංග ව්‍යංගයෙන් කියන දේ රිදෙන තැනට රිදී ඇති බව සහතිකය. යෝකර් පන්දුව දෙකකුල් මතට පතිත වී ඇත.

මේ ති‍්‍රකෝණයේ කෙරුමෝ කවුද? රණතුංගලාය. මෙරට කි‍්‍රකට් රණතුංගලාගේ බූදලයක්ය යන මතයක් ඒ අයගේ සිත්වල පවතී. එයට හේතුව 96 දී මෙරටට ලෝක කුසලානය දිනාගෙන ඒමත් සමගය. එහිදී අර්ජුන රණතුංග නායකයා ලෙස කළ මෙහෙය අතිවිශාලය. එහෙත් එය අර්ජුනගේ තනි ප‍්‍රයත්නයක් නම් නොවේය. එහෙත් අනූහයේ කෙරුවාව තමාගේ නමට පමණක් අදටත් අර්ජුන ලකුණු කරගෙන සිටී. අද ඒ මහත්තුරුම මාලිංග පමණක් කප් එක ගෙනාවා සේ කි‍්‍රයා කරන්නේයැයි පාරම්බාති. මේ මාලිංග සමග ඇති වෛරයය. මාලිංගගේ කොණ්ඩය සමග ඇති වෛරයය. තිලකරත්න ඩිල්ෂාන්ගේ කරාබුව ගැන කතා කළ අර්ජුනට ඩිල්ෂාන් නායකයා වූ විගස කරාබුව ගලවා දැමීම ඉහළ ජයග‍්‍රහණයක් විය. එහෙත් මාලිංග එසේ නොවේ. අපි සැබවින්ම මාලිංගගේ කොණ්ඩයට කැමතිය. ඒ අර්ජුනගේ සරමට වඩා එය අවංක බැවිනි.

ලෝක කුසලානය දිනා මෙරටට පැමිණි මාලිංගගේ නායකත්වයට වඩා අර්ජුන කතා කරනුයේ චන්දිමාල්ගේ පරිත්‍යාගය ගැනය. තරග තහනමක් නොලැබුණේ නම් චන්දිමාල්ගේ පරිත්‍යාගයක් ගැන සිතිය හැකිද? සුදුස්සාට සුදුසු තැන හිමිවිය. එතෙක් සුදුස්සාට සුදුසු තැන හිමි නොවීම ගැන කතා නොකරනුයේ මන්ද? පරිත්‍යාග කතා විහිළුය. අර්ජුන නායකත්වය අත නොහැර සිටීම නිසා කී දෙනකුට නායකකම අහිමි විණිද? අනූහයේ කළ දේ අනූනවයේදී කරන්නට ගොස් ඇනගත් ඇනගැනීම අර්ජුන කොතැනකවත් කතා කරනු ඇත්ද? අනූහයේදී ගෞරවාන්විතව සමු නොගෙන තවත් අල්ලාගෙන සිටියේ ඇයි? එහෙත් අර්ජුනට අද ලෝක කුසලාන ජයග‍්‍රහණය ගැන සැබෑ සතුටක් ඇත්දැයි යන්න ප‍්‍රශ්නයක් ඉතිරි වේ. අර්ජුන මෙතෙක් කි‍්‍රකට් හිමිකරුවා වූයේ අනූහය පෙන්වමිනි. එහෙත් දැන් 2014ක් ද තිබේ. එකම දේ දෙවරක් සිදු වූ විට එකකට පමණක් තිබූ අමුතු වටිනාකම දෙකඩ වී ඇත. අර්ජුන යමක් කළේ ද ඊට සාපේක්ෂව අද මාලිංගද යමක් කර ඇත. මාලිංග තරගය ජයග‍්‍රහණය කරන්නට දුන් දායකත්වය ඉතාම ඉහළය. එය කතා නොකිරීම කුහකකමකි. එහෙත් මාලිංග අගයන්න බැරි කුහකයන්ට මාලිංග නොපෙනෙනුයේ ඇයිද යන ප‍්‍රශ්නය අපට ඇත. ඒ කොණ්ඩය නිසාද? මාලිංග මේ අයියලාට අයියලා සේ නොසලකන නිසාද? කි‍්‍රකට් අයියලාගේ යුගය අහවරය. දැන් මල්ලිලාගේ යුගයය. මේ යුග දෙක තුළ අහසට පොළොව සේ වෙනස්කම් තිබිය හැකි මුත් එදා හොඳයි. අද නරකයි කිව හැකිද? සරම හොඳයි. කොණ්ඩය නරකයි කිව හැකිද? රටේම කි‍්‍රකට් විනය ගැන කතා කරමින් වත්මන් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට බණ කියන අර්ජුනට කි‍්‍රකට් ආයතනයේ වත්මන් අයිතිකාරයා වී ඇති මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවම විනාශයට ගෙනයන තම සහෝදරයාට අවවාද දිය නොහැකිය. අප මුලදී කුමක් සිතුවද නිශාන්ත යනු අර්ජුනගේම කි‍්‍රයාවලියේ දිගුවකි. ති‍්‍රකෝණ මාධ්‍යය කරනුයේ ද රණතුංගලාගේ කි‍්‍රකට් කී‍්‍රඩාවක් බිහි කිරීමය. එහි කී‍්‍රඩා පුරෝගාමියාද රණතුංග කෙනෙකි. මේ පිටුපස ඇති හයියය. ඒ මාධ්‍ය හිමිකරුවන්ය. ඔවුන්ට ඕනෑද තමාගේ අණට නතුව බොහෝ දෑ කිරීමය.

මාලිංග තමා සැබවින්ම සල්ලි වෙනුවෙන් කී‍්‍රඩා කරන බවත් අයිපීඑල් නිසා මේ තරම් දුර ආ බවත් නිර්භයව කියමින් සිටී. එය අසත්‍යයක්ද? එහෙත් එය එළිපිට කී විට ඔහුට බැණ වදිනුයේ ඇයි? මාලිංග එහිදී සංගක්කාරටද වඩා අවංකය. අපේ කොඳු නාරටිය වෙනුවෙන් කිරි පොවන සංගක්කාරට වඩා මාලිංග අවංකය. එහෙත් බොරු කුහකයන්ට සදාචාරවාදීන්ට මාලිංග අරහංය. ඒ තම තමන්ගේ බොරුවට මාලිංග නොඅඳින නිසාය.
                                                                                                                                               ravaya -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

  1. Oh Brother is this guy for true! look at the talk Malinga gave after the whole incident! Did he really appreciate Chandimal? Did he really appreciate Sanga and mahela? Get a life!! Be precise with your reporting, don't take sides. Arjuna played all formats till the end and he performed well in the final test against South Africa, when he got out for 80 odd the team collapsed and we lost a sure match, You are hacking a guy who stood by Murali, Who came back from a hospital bed to win a match and Who scored a boundary of Akram with a broken wrist to win a match. The problem is you guys don't know the history of Sri Lankan cricket!!!!

    ReplyDelete
    Replies
    1. This motherfucker is getting paid to pretend to be a cricket knig.Maliga is a asshole!!

      Delete

Popular Posts

Popular Posts