තව තවත් තර වෙන මන්ත්‍රි මල්ල
2009 මැයි 18 වැනිදා එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු මුල් පෙළේ කොටි නායකයන් සමූල ඝාතනය කිරීමත් සමඟ තිස් අවුරුදු ඊළාම් යුද්ධය අවසන් විය. මේ උදාවී ඇත්තේ යුද්ධය අවසන් වී හය වැනි අවුරුද්දය. එහෙත් යුද්ධයෙන් පසු අපේක්‍ෂා කළ රට නිර්මාණය වී නැතැයි ආණ්ඩුව ඇතුළෙන්ම විවේචන එල්ල වෙමින් පවතී.
ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සිට ජාතික මට්ටමේ දේශපාලනඥයන් දක්වා වූ විශාල පිරිසකට දූෂණ හා වංචා චෝදනා එල්ල වී ඇත. රජයේ ණය බර
දිනෙන් දින වැඩිවෙමින් පවතී. ඇති - නැති පරතරය පුළුල් වෙමින් තිබේ. "කැසිනෝ" ආර්ථිකයක් ඇති කිරීමට යන බවට මැසිවිලි නැඟෙමින් ඇත. කොමිස් ගැසීම හා ඥාති සංග්‍රහ පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතී. පක්‍ෂ මෙන්ම විපක්‍ෂ මන්ත්‍රිවරුන් රැසකට බලය අයුතු ලෙස පරිහරණය කිරීම, ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ ඇතුළුව එල්ලවී ඇති චෝදනා රැසකි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකට පත්වෙමින් තිබේ.
මේ සියලු කාරණා මැද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන සමූහ රක්‍ෂණය යටතේ එක් මන්ත්‍රිවරයකුට ලබාදෙන වාර්ෂික ප්‍රතිලාභය රුපියල් තුන්ලක්‍ෂ පනස්දහස දක්වා වැඩි කිරීමේ සූදානමක් පවතී. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන වාර්ෂික ප්‍රතිලාභය රුපියල් ලක්‍ෂ දෙකකි. එය තවත් රුපියල් එක්ලක්‍ෂ පනස් දහසකින් වැඩි කිරීමට පාර්ලිමේන්තු කටයුතු ඇමැතිනී සුමේධා ජී. ජයසේන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඇමැතිනිය මෙවැනි යෝජනාවක් කිරීමට හේතුව අන් කිසිවක් නොව පවතින රෝහල් ගාස්තු යටතේ රුපියල් දෙලක්‍ෂයේ වාර්ෂික මුදල ප්‍රමාණවත් නොවන බවට මන්ත්‍රිවරුන් කළ සඳහනකි. මේ යෝජනාව අනුව වාර්ෂිකව රුපියල් මිලියන 23ක් අවශ්‍ය වන බවත්, අදාළ මුදල භාණ්ඩාගාරයෙන් වෙන්කරවාගෙන ජාතික රක්‍ෂණ භාර අරමුදලට ගෙවීමට පියවර ගතහැකි බවත්, ඇමැතිනිය ඇමැති මණ්ඩලය වෙත එකී සන්දේශයෙන් යෝජනා කර ඇත.
රජයේ රෝහල්වල ඔෟෂධ හිඟයක් පවතී. ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ නැත. වෛද්‍යවරුන් හිඟය. ඒ මදිවාට නිතර වැඩ වර්ජනය. එහෙත් පෞද්ගලික රෝහල්වල වර්ජන නැත. සියලු පහසුකම් ඇත. ඔෟෂධ හිඟ නැත. එහෙත් රෝහල් ගාස්තු ඉහළය. රක්‍ෂිත ප්‍රතිලාභය වැඩි කර දෙන ලෙස පක්‍ෂ, විපක්‍ෂ භේදයෙන් තොරව මන්ත්‍රිවරුන් ඉල්ලා සිටින්නේ පෞද්ගලික රෝහල්වලින් බේත් ගැනීමටය. භාණ්ඩාගාරයේ ඇති ණයට ගත් සල්ලිවලින් හෝ කුට්ටියක් අතට දෙනවා නම් මන්ත්‍රිවරුන්ට ගැටලුවක් නැත. රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්නා බහුතරය ලෙඩ වෙලා මළත් මොකද?
ස්කෑනර් යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ බොහෝ රජයේ රෝහල්වල නැත. නොඑසේ නම් තිබෙන සංඛ්‍යාව ප්‍රමාණවත් නැත. රජරට වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ අදාළ රෝහල්වල හිඟය. අවශ්‍ය පහසුකම් හා උපකරණ ලබාදීමට රජයට මුදල් නැති බව මැති-ඇමැතිවරු කියති. රතුපස්වල විස සහිත ජලය වෙනුවට පිරිපහදු කළ ජලය ලබාදීමට පවා මුදල් හිඟවීමෙන් රජය පෙළේ. පක්‍ෂ වේවා, විපක්‍ෂ වේවා මේ ඊනියා මහජන නියෝජිතයෝ එක්වී ඒ වෙනුවෙන් හඬක් නඟනවා වෙනුවට කල දුටු කල වළ ඉහගෙන කෑමට මාන බලති. හැන්ද අතේ ඇති විට රිසි සේ බෙදාහදා ගත හැකිය.
ප්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයද ආණ්ඩුවේ කටයුතුවලට විරුද්ධ වන්නේ බොහෝ විට ප්‍රදර්ශනාත්මකවය. තමන්ගේ මල්ල පුරවා ගැනීමට නොහැකි වීමේ වේදනාවෙන් ඔවුහු වැඩිදෙනෙක් පෙළෙති. ආණ්ඩු බලය ලැබෙන තුරු ඉවසා සිටීමට නොහැකි ඊනියා ජනතා නියෝජිතයෝ කෝකටත් තෛලය වන "දේශප්‍රේමී වෙස්මුහුණ" පැලඳගෙන ආණ්ඩුවට පනිති. ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රිවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිටරට සවාරි යන්නේද මහජන මුදලිනි. ජ.වි.පෙ. මන්ත්‍රිවරුන් පමණක් එවැනි සවාරි ප්‍රතික්‍ෂේප කර ඇත. මේ රක්‍ෂණ ගාස්තුව වැඩි කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ජ.වි.පෙ. මන්ත්‍රිවරු මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
කෙසේ වුවත් ජරාජීර්ණ මේ ක්‍රමය ඇතුළේ ආගම, ජාතිය ඉදිරියට දමාගෙන සිහින ලොවකට පොදු ජනතාව රැගෙන යන මේ ඊනියා ජනතා නියෝජිතයන් එක යුද්ධයක් නොව යුද්ධ දහයක් ජයග්‍රාහීව අවසන් කළත් අලුත් රටක් හැදීමට උර දේ යැයි සිතිය නොහැකිය.
ප්අඉසප් -

No comments