Open top menu
Tuesday, May 20, 2014

 වික්ටර් අයිවන් - 
අත් බාහුවේ බුදුරුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා රටින් පිටුවහල් කළ බි‍්‍රතාන්‍ය කාන්තාවගෙන් ශ‍්‍රී ලංකා සංචාරක බලධාරීන් සමාව ඉල්ලූ බව පසුගිය සතියේදී වාර්තා විය. ඇයට සිදු වූ අපහසුතාව ගැන පසුතැවිලි වන බවත් සංචාරයක් සඳහා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා යන වියදම ලබාදීමට සුදානම් බවත් ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ බලධාරීන් ප‍්‍රකාශ කර තිබේ. ඒ බව දන්වා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය බීබීසීයට ඊමේල් පණිවුඩයක් යවා ඇති බවද වාර්තාවෙයි.

මේ අතර, තමා මීගමුව බන්ධනාගාරයේ රදවා සිටියදී එහි ආරක්ෂක නිලධාරියකු තමන්ට ලිංගික ඇසුරකට ඉඟි කළ බවත් ඒ හේතුවෙන් රාත‍්‍රිය පුරා තමා දූෂණය වීමට ඉඩ ඇතැ’යි බියෙන් පසුවූ බවත් පිටුවහල් කිරීමට ලක් වූ තිස් හත් හැවිරිදි නයෝමි කෝල්මන් මාධ්‍ය වෙත පවසා තිබේ. මිරිහාන විශේෂ රැුඳවුම් මැදිරියට ඇය රැුගෙන යෑමට ප‍්‍රථම මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි අතර එහිදී තමා පරීක්ෂා කිරීමට පැමිණි කාන්තා නිලධාරීන් තමාගෙන් මුදල් ඉල්ලා සිටි බවද ඇය හෙළි කර ඇත.

රජය ඇයට නොමිලේ සංචාරයකට පහසුකම් සලසාදීමට කැමැති වුවද, ඇය මාධ්‍යවලට පවසා ඇත්තේ යළි කිසි දිනෙක ලංකාවට නොපැමිණෙන බවයි. තමාද බෞද්ධයකු වන බැවින් බුදුදහමට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවද එහෙත් තමාට අපරාධකාරයෙකුට මෙන් සැලකූ බවද ලංකාවේදී අත්විඳි පිළිකුල් සහගත අත්දැකීම හේතුවෙන් තමා යළිත් වරක් ලංකාවේ සංචාරය නොකරන බවද ඇය කියා තිබේ. බි‍්‍රතාන්‍යයේ සිය නිවසේ සිටිමින් බීබීසීය සමග තවදුරටත් කතාකරමින් ඇය කියා ඇත්තේ, ‘විශේෂයෙන්ම ලංකා ආරක්ෂක නිලධාරීන්ගේ නොමනා හැසිරීම සහ බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීම පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව ලංකාවේ සංචාරය කිරීම ආරක්ෂා සහිතයැ’යි තමාට නොහැෙඟන බවය.

බුදුරුව සහිත පච්චයද ඇතිව 2008 දී සහ 2009 දී ලංකාවේ සංචාරය කළ නමුත් මෙවැනි කර්කශ අත්දැකීමකට මුහුණ නොදුන් බව පවසන ඇය අවධාරණය කරන්නේ මෙවර සංචාරයේදී තමන්ට මුහුණ දීමට සිදුවූයේ ලංකාවේ වෙසෙන අන්තවාදීන් පිරිසකට බවයි. ‘මගේ පච්චය බුදුන් වහන්සේට සහ මම අදහන ධර්මයට පුදන ප‍්‍රණාමයක්. අපහාසයක් නොවේ. ඒ වගේම ඒක මම අදහන දේ ප‍්‍රකාශ කිරීමේ මගේ අයිතිය.’ යනුවෙන්ද ඇය සඳහන් කර තිබේ.

ලංකා බලධාරීන් තමාට සැලකූ ආකාරය නීති විරෝධී බව පවසන නීතිවේදීන් පිරිසක් තමා වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානම් බැවින් අදාළ බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් එම නීතිවේදීන් සමඟ සාකච්ඡුා පවත්වමින් සිටින බවද ඇය වැඩිදුරටත් කියා තිබේ.
සිදුවූ දේ සම්බන්ධයෙන් බොහෝ ශ‍්‍රී ලාංකිකයන් බරපතළ කනගාටුව පළ කළ බවත් නයෝමි කෝල්මන් බීබීසීයට කියා තිබේ. ‘සමහරු මට පණිවුඩ එවලා තියෙනවා ශ‍්‍රී ලාංකිකයන් වීම ගැන ඔවුන් ලජ්ජා වෙනවා කියලා. මට පළිගැනීමේ චේතනාවක් නෑ. ඒත් මම කර්මය විශ්වාස කරනවා. කළ කළ දේ පල පල දේ කියන එක මම දැඩිව විශ්වාස කරනවා.’

කුමන්ත‍්‍රණ ප‍්‍රවෘත්තිවලට ජවිපෙ විරෝධය

‘ඉන්දියානු තානාපති නිලධාරියෙකුගේ කපුකමින් සෝභිත හිමි හා අනුර කුමාර, සම්බන්ධන් රහසේ හමුවෙති.’ යනුවෙන් පසුගිය 28වැනිදා ‘රිවිර’ දිනපතා පුවත්පතේ ප‍්‍රධාන ශීර්ෂපාඨය ලෙස පළ වූ ප‍්‍රවෘත්තිය මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එය ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කුමන්ත‍්‍රණකාරී ලෙස, හිතාමතාම ගොතන ලද, අසත්‍ය හා ද්වේෂසහගත ප‍්‍රවෘත්තියක් බවත් එය දැඩි පිළිකුළෙන් යුතුව මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

ජවිපෙ දේශපාලන මණ්ඩලය අපේ‍්‍රල් 28වැනිදා නිකුත්කළ නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.

‘පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලද ජයග‍්‍රහණයත්, ජවිපෙ දිනෙන් දින ජනතාව අතර තහවුරු වීමත් ආණ්ඩුවට දරා ගැනීමට නොහැකි වී තිබේ. වර්තමාන ආණ්ඩුවේ ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට, විශේෂයෙන්ම කැසිනෝවලට බදු සහන දීමේ නීති ඇතුළු ආණ්ඩුවේ රටට හානිකර කි‍්‍රයාමාර්ගවලට එරෙහිව විශාල හඬක් නැගීමට ජවිපෙ රට පුරාද, පාර්ලිමේන්තුව තුළද කටයුතු කිරීමත් ආණ්ඩුවට අභියෝගයක් වී ඇත. මෙම ප‍්‍රවෘත්තිය සැලකිය හැක්කේ, මෙම තත්ත්වය දරාගත නොහැකි ආණ්ඩුව හා එයට සම්බන්ධ කල්ලි විසින් දියත් කර ඇති ජවිපෙ විරෝධී හා එහි නායකයන්ට මඩ ගැසීමේ කුමන්ත‍්‍රණයේම එක් අවස්ථාවක් ලෙසය.

මෙම අසත්‍ය හා ද්වේෂසහගත ප‍්‍රවෘත්තිය පළකර ඇති අදාළ පුවත්පත ආණ්ඩුවට සම්බන්ධ එකක් බව මීට පෙර අවස්ථාවක ශ‍්‍රිලනිප ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළේය. එයින්ද පැහැදිලි වන්නේ, මෙම ප‍්‍රවෘත්තිය පළකළ පුවත්පත ආණ්ඩුවේ වුවමනාව වෙනුවෙන් කටයුතු කරන බවය. ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කැසිනෝවලට බදු සහන දීමේ ගැසට් නිවේදනයන්ට එරෙහිව ජවිපෙ කටයුතු කිරීම ජවිපෙට එරෙහි අවලාද හා මඩගැසීම් වේගවත් කිරීමට ආසන්නම හේතුව වන්නට ඇතැයි අපි සිතමු. වත්මන් ආණ්ඩුව රට පාලනය කළද දැන් ආණ්ඩුව පාලනය කරනු ලබන්නේ කැසිනෝකාරයන් විසින් බව මේ මගින් තහවුරු වේ.

කෙසේ වෙතත් ජවිපෙට එරෙහිව ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය හා පුද්ගලයන් විසින් අරඹා ඇති මඩ ගැසීමේ හා අවලාද නැගීමේ බංකොලොත් දේශපාලනය හෙළා දකින අපි මෙවැනි බොරු ප‍්‍රවෘත්තිවලින් නොමග නොයන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එසේම රටේ ඕනෑම පුද්ගලයකු හෝ සංවිධානයක් සමඟ සාකච්ඡුා කිරීමට ජවිපෙට ශුද්ධ වූ අයිතියක් තිබෙන බවත් ජවිපෙ කිසි විටෙක ආණ්ඩුව මෙන් රහස් සාකච්ඡුා නොපවත්වන බවත් ජවිපෙට අන් අයත් සමඟ සාකච්ඡුා කිරීමට අවශ්‍ය නම් ඊට තානාපති කාර්යාලවල ‘කපුකම්’ අවශ්‍ය නැති බවත් අවධාරණය කරමු.’
රිවිර පුවත්පත ලංකාවේ ප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු වන රවී විජේරත්නට අයත් ව්‍යාපාරයක් වන අතර, ආන්දෝලනයට හේතුවූ ජේම්ස් ඩග්ලස් පැකර්ගේ කැසිනෝ මුල්කොටගත් සුපිරි හෝටල ව්‍යාපෘතියේ මෙරට බලපත‍්‍ර හිමි පාර්ශ්වකරුවා වන්නේද රවී විජේරත්නයි.

කාරක සභාවට ආවොත තහනම ඉවත්කිරීම ගැන බලන්නම්ලූ

දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන්නේ නම්, දෙමළ ඩයස්පෝරා සංවිධානවලට එරෙහිව පනවා තිබෙන තහනම ඉවත් කිරීම සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි ඉල්ලීම් පිළිබඳව සාකච්ඡුා කිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බීබීසීය සමග පවසා තිබේ.

ශ‍්‍රී ලංකා රජය විසින් තහනම් කරන ලද්දේ ජාතික ආරක්ෂාවට හානිකර සංවිධාන හා පුද්ගලයන් බවද ඇමතිවරයා කියා ඇත. මේ අතර දෙමළ ඩයස්පෝරා සංවිධානවලට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කරනු ලැබුවේ උතුරු පළාත් සභාවට එවැනි සංවිධාන සමඟ තිබෙන දේශපාලන සම්බන්ධතා හේතුවෙන් බවද අමාත්‍යවරයාගේ මතයයි.

‘එහෙත් මෙවැනි නීති ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය නැහැ කියන කාරණය සම්බන්ධව ටීඑන්ඒ සංවිධානයට හෝ තහනම් කරපු සංවිධානවලට හෝ මහඇමතිතුමාට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඉදිරියට ඇවිල්ලා කරුණු කරන්න පුළුවන්කමක් තිබෙනවා.’ යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මත වීම පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාවට ප‍්‍රණාමය පුද කරන යෝජනාවක් ඇතුළු යෝජනා ගණනාවක් උතුරු පළාත් සභාව 28වැනි සඳුදා සම්මත කළේය.
ravaya -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts