Header Ads

මඩත් කමු, මුදලුත් ගෙවමු!.............ඇය බුදු රුව කොටා ගත්තේ කකුලේ නොව අතේය.

පොලිසියේ උඩඟු බූරුවන් කිහිප දෙනකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නූගත් මෝඩයන් කිහිප දෙනකු එක්‌වී, සිය දකුණු බාහුවේ බුදුරුවක්‌ පච්ච කොටාගෙන මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්‌ අත්අඩංගුවට ගැනීමෙන් කළ ගොන් ක්‍රියාව දැන් පලදීමට පටන් ගෙන තිබේ. අත්අඩංගුවට පත්වීමෙන් පසු හිරගෙදර රඳවා සිටි දෙදිනක කාලය තුළ බන්ධනාගාර නිලධාරියක ඇයට ලිංගික බලපෑම් කළ බවද බන්ධනාගාර නිලධාරිනියක්‌ රුපියල් 2000 ක අල්ලසක්‌ ලබාගත් බව ද කියමින් ඇය නඩුවක්‌ පවරා තිබේ. එහිදී තමාට වූ කායික හා මානසික හානිය වෙනුවෙන් ඇය රුපියල් කෝටියක වන්දියක්‌
ඉල්ලයි. පැමිණිලිකාර නයෝමා කොල්මාන් නමැති කාන්තාව බොදු බැතිමතියකි. ඇය දකුණු බාහුවෙහි උරහිස ආසන්නයෙහි කොටාගෙන සිටියේ බුදුන් වහන්සේ නෙළුම් මලක්‌ මත වැඩ සිටින ආකාරයයිs. පච්චයක්‌ කෙටීම යනු කාගෙන් හෝ පගාවක්‌ ඉල්ලනවාක්‌ මෙන් පහසු වැඩක්‌ නොවේ. එය මහත්සේ වේදනා ගෙනදෙන ක්‍රියාවකි. විදේශික කාන්තාවක බුදු දහම කෙරෙහි පැහැදී බුදුන් වහන්සේ අගය කිරීම සඳහා උන්වහන්සේගේ රුව සිරුරේ නිසි තැනක කොටා ගත් විට ඒ ගැන අප සතුටු විය යුතුය. තමන් බොදුනු කතක්‌ බව ඇය නිලධාරීන්ට කියන ලද කල්හි ඔවුන්ට ඒ කිසිදු මඟුලක්‌ තේරී නැත. කටුනායක පොලිසියේ ඕ.අයි.සිsS. ද ඇය නිදහසට කියූ කාරණාවලින් සෑහීමකට පත්වී නැත. එසේ වූයේ ඔහුටද ඉංග්‍රීසි නොතේරෙන නිසාද? සිද්ධියට සම්බන්ධ ලංකා ආණ්‌ඩුවේ පාර්ශ්ව (පොලිසිය සහ ආගමන විගමන නිලධාරීන්) කොටළුවන් සේ හැසිරී තිබෙන බව පෙනෙයි. බුදුරුවක්‌ අතේ කොටා ගැනීම නෛතික වශයෙන් අර්ථකථනය කිරීමට ඔවුන් දන්නේද? මෙබඳු කාරණා එන්නේ ඊක්‌sචයෑපහ හෙවත් දේවාපහාස නීතිය නමැති කොටස යටතේය. බහුතර පිරිසක්‌ විසින් අදහනු ලබන ආගමකට, ආගමික නායකයකුට, ආගමික සංකේතයකට හෝ ආගමික ග්‍රන්ථයකට අපහාස කිරීම මේ නීතිය මගින් වළක්‌වනු ලැබේ. එවැනි වැරදි කරන අයට දඬුවම්ද දෙනු ලැබේ. රටින් රටට මේ නීතිය වෙනස්‌ය. යුරෝපයේදී මේ නීතිය යටතේ විත්තිකරුවන්ට හිර දඬුවම් පැමිණවිය හැකිය. මධ්‍ය කාලීන යුගයේ නම් දේවාපහාසය කළ එකා කණුවක බැඳ පුලුස්‌සා මරනු ලැබේ. නැත්නම් වස පොවනු ලැබේ. කතෝලික දේව චර්යාවට පටහැනි විද්‍යාත්මක අදහස්‌ පළ කරන්නට ගිය ගැලීලියෝ ගැලීලි වස පොවා මරණයට පත්වීමේ දඬුවම මඟ හැර බෙල්ල බේරා ගන්නේ තමන් පළකළ විද්‍යාත්මක අදහස්‌ ඉල්ලා අස්‌කරගෙන, මාර ගේමක්‌, දීමෙනි. (මාර ගේමක්‌ යනු කුණුහරුපයක්‌ නොව "ඉතා විශාල මෙහෙයුමක්‌" යන අදහස ගෙන දෙනු පිණිස යොදන එදිනෙදා ව්‍යවහාරගත කියුමකි.) අරාබිය පැත්තට යන විට ආගමට අපහාස කළ එකාට කස පහරක්‌ දී ගෙලත් කපනු ලැබේ.

එහෙත් අතේ බුද්ධ රූපයක්‌ කොටාගෙන මෙහි පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බුදු දහමට කවර අපහාසයක්‌ කළේද යන්න අපට නම් වැටහෙන්නේ නැත. ඇය බුදු රුව කොටා ගත්තේ කකුලේ නොව අතේය. ලැම තලය මත නොව බාහුවේ ඉහළම තැනය. මෙහි තිබූ ලොකුම වරද ඇය ලංකාවට පා තැබූ විට නූගත් බූරුවන්, ගොනුන් සහ කොටළුවන් විසින් පිරිවරනු ලැබීමය. දැන් ඉතින් ජාත්‍යන්තර වශයෙන් මඩත් කා රුපියල් වලින් කෝටියකුත් ගෙවා පල්ලාකෝ!

                                                                                                                    divaina -

No comments

Powered by Blogger.