ජාතිවාදය හා ආගම්වාදය මත නඩත්තු නොවන දර්ශනයක්
ලංකාවේ පැවැත්වෙන 16 වැනි ලෝක තරුණ සමුළුවට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ රටවල් 158කින් මෙහි පැමිණි තරුණ නියෝජිතයන්ට කීවේ රට හා ජාතිය පෙරමුණෙහි තබාගෙන කටයුතු කරන ලෙසය. මෙම කාරණයේදී ලංකාව ඉදිරියෙන් යැයි සිතෙන්නේ ඕනෑම කටයුත්තකදී රටත් ජාතියත් යන දෙකෙන් නොනැවතී ආගමත් කරළියට ගැනීම නිසාය. ලංකාවේ දෙමළ ප‍්‍රජාව සම්බන්ධ ප‍්‍රශ්නයේදී අපි ජාතිවාදී වෙමු. මුස්ලිම් ප‍්‍රජාව සම්බන්ධයෙන් නම් ආගම්වාදී වෙමු. ඉදින් වෙනත් ජන අනන්‍යතාවක් සහිත අනෙකා සතුරෙක්ය යන හැ`ගීම රටෙහි පරිහානියේ කේන්ද්‍රයේ බව ඔප්පු වී හමාරය.
ශී‍්‍ර ලංකාව බහු සංස්කෘතික රටක් වුවත් මේ වනවිට එය අන්තවාදීන්ගේ බහුත්වවාදී රාජ්‍යයක් දක්වා ගමන් කර තිබේ. සංස්කෘතික බහුත්වවාදයක් වෙනුවට රටක අන්තවාදී බහුත්වවාදයක් ජනිත වීම අතිශයින්ම බරපතළ ප‍්‍රතිඵල අත්කර දෙන්නකි. ලංකාවේ බිහිවී තිබෙන ජාතිවාදී පක්ෂ මෙන්ම ආගමික කණ්ඩායම්වල ප‍්‍රාථමික දේශපාලන චලනයන් අතවනන්නේ ජාතීන් අතර සංහිඳියාවට නොව මනා අදේශපාලනික ඛේදවාචකයකටය. මේ තත්ත්වය සමනය කරන්නට හැකි බලවේගයක් බිහිවන ආකාරයක් දක්නට නොලැබෙන අතර දේශපාලනබලය දරන රාජ්‍ය මතවාදය විසින්ද පෝෂණය කරමින් සිටින්නේ ලාංකීය සමාජයේ අන්තවාදී සංරචකයයි. ඒවාට විවිධ ප‍්‍රමාණවලින් වරදාන ලැබෙන අතර අන්තවාදී ආගමික සංවිධාන හා නියෝජිතයෝ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ අතකොළු ලෙස කි‍්‍රයාකරති. එය සංවිධානවල දේශපාලන මෙහෙවර ආණ්ඩුවට ජාතිවාදය ප‍්‍රතිනිෂ්පාදනය කර දීමය.
අන්තවාදී බහුත්ව ලක්ෂ්‍යය ප‍්‍රකට වූ ආසන්න නිදර්ශනය වන්නේ බොදුබල සේනා සංවිධානය ආගමික කටයුතු සඳහා පත්කැරුණු පොලීසියට සිය එක`ගතාව පළ කරන විට රාවණා බලය සංවිධානය ඊට එරෙහිවීමය. මෙම බෙදීම් දෙකම අර්ථ විරහිත හා හාස්‍යජනක වන අතර මෙවැනි ආන්තික බෙදීම් වර්තමානය වනවිට උපයෝගී වන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ පැවැත්ම සඳහාය. මෙම ආගමික කණ්ඩායම් දෙකෙහිම ගිහි පැවිදි නියෝජිතයෝ ආණ්ඩුව සමග මතවාදීමය ලෙස සමීපව සිටිති. ලංකාවේ ජාතිවාදී දේශපාලන පක්ෂවල ස්වරූපයත් එයමය. ව්‍යාජ අනන්‍යතාවක් ප‍්‍රකට කිරීමට කි‍්‍රයාකළත් ඔවුන’තර අනන්‍යතා නැත. මන්දයත් ව්‍යාජ බහුත්ව ලක්ෂණයක් පෙන්නුම් කිරීමට තැත්කළත් ජාතිවාදයට එම ලක්ෂයෙන්ම මිස වෙනම අනන්‍යතාවක් තිබිය නොහැකි බැවිනි.
වගකීම් සහගත ආණ්ඩුවක් මැදිහත් විය යුත්තේ අන්තවාදී කොටස්වලට අනුබල දීම නොව මෙම කල්ලි කණ්ඩායම්වල නිශ්ඵල හා ශිෂ්ඨාචාර විරෝධී ප‍්‍රවේශයන් අතකොළුවක් කර නොගෙන බුද්ධිමත්ව එම අවුල් නිරවුල් කිරීමට පියවර ගැනීමය. එනම් අන්තවාදීන් සමග තදබල ආගමික සමාජයකට හෝ තදබල ලෞකිකවාදී සමාජයකට නොයා ඒ අතරමැදි සමාජ සදාචාරයක් වෙත ශී‍්‍ර ලංකාව රැුගෙන යාමය. ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් නිපන් අර්බුදය ගැන හැ`ගීමක් ඇත්නම් රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ඉන් නිදහස් වීමේ පළමු පියවර මෙසේ තැබිය හැකිය. එනම් ලෝක තරුණ ප‍්‍රජාවට ජාතික වගකීම උගන්වන අතරම ජාතිය හා ආගම තම ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් මෑත්කර ඒවාට නිදහස් වන්නට ඉඩහැරීමය. එමෙන්ම ආගම්වාදය හා ජාතිවාදය මත නඩත්තු නොවන දේශපාලන දර්ශනයක් ගොඩන`ගාගැනීමය.
No comments