Header Ads

"විමල්ට කිරි එරීම"

දියර කිරෙන් ස්‌වයං පෝෂිත නොවූ රටකට පිටිකිරි යනු කවදත් මැජික්‌ ය. දියර කිරි කර්මාන්තය ඉතා ඉහළ මට්‌ටමෙන්ම දියුණු කළ හැකි රටක්‌ වන ශ්‍රී ලංකාව එසේ නොකරන්නේ එහි එළදෙනුන්ට ඒ සඳහා ප්‍රමාණවත් කිරි නොඑරෙන නිසා නොව පෙරකී පිටිකිරි මැජික්‌ නිසා ය. ප්‍රසිද්ධියේ කතා නොකළාට ඒ ගැන නොදන්නා හරකෙක්‌වත් ශ්‍රී ලංකාවේ නැත. කොහොමටත්, කවදත් බහුජාතික කිරිපිටි සමාගම් වල අණසකට හිස නමන සහ ඒවාට භය පක්‍ෂපාතී ශ්‍රී ලංකාවේ ආණ්‌ඩු, ආනයනික පිටිකිරිවලට මිස දේශීය පිටිකිරි
නිෂ්පාදනයට හෝ දියර කිරි නිෂ්පාදනයට හෝ අතදිගහැර වියදම් කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම දැන් රටේ බොහෝ මිනිසුන් විසින් සේම, ඒ මිනිසුන් විසින් පත්කරනු ලැබූ ආණ්‌aඩු ද කල්පනා කරනු ලබන්නේ පිටිකිරි නිෂ්පාදනය වන්නේ දියර කිරිවලින් නොවන අතර දියර කිරි නිෂ්පාදනය වන්නේ ද පිටිකිරිවලින් බව ය.

ඒ නිසා ලෝකයේ මොන පිටිකිරි නිෂ්පාදකයාත්, ඔහුගේ ඒජන්තවරයාත්, ප්‍රචාරකයාත් තරම් බලසම්පන්න පුද්ගලයන් අපට "ජිනීවා කානිවල්" එකේදීවත් හමුවන්නේ නැත. ඒ නිසා පිටිකිරි යනු මේ සියල්ල අනිත්‍ය ලෝකයේ එකම නිත්‍ය දේ වශයෙන් සදාකාලිකවම පවතිනු ඇත. ඒ නිසා මිනිසුන්, රජය සහ දේශපාලනඥයන් යන ත්‍රිත්වයම දියර කිරි අතහැර පිටිකිරි මතම යෑපීම පිළිබඳව දැන් අපට ඇති රුදාවක්‌ නැත. අපට ඇති රුදාව නම් ඒ මළ ඉලව්වද ඉතාම සාහසික ආකාරයට අසරණ පාරිභෝගිකයා ගසා කෑමට යොදා ගැනීම ය.

මේ අරභයා වත්මන් රජයේම කැබිනට්‌ අමාත්‍යවරයකු නඟන ප්‍රබල විරෝධය සැලකිල්ලට නොගෙන සිටිය හැක්‌කේ කාටද?

ලෝක වෙළෙඳපොළෙහි කිරිපිටි මිල ඉතා විශාල වශයෙන් පහත වැටී ඇති තත්ත්වයක්‌ යටතේත් එහි වාසිය පාරිභෝගිකයාට සහ ගොවියාට ලබා නොදෙමින් බහුජාතික කිරිපිටි සමාගම් ක්‍රියාකරන ආකාරය නිවාස පොදු පහසුකම් සහ ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බලවත් විරෝධයට ලක්‌වන්නේය.

මේ අරභයා අමාත්‍ය වීරවංශ නිකුත් කළ පුවත්පත් නිවේදනයට අනුව, පසුගිය 06 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් 5200 කට පැවැති කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් එකක මිල ලෝක වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලර් 3873 දක්‌වා පහත වැටී තිබේ.

මේ මිල පහත වැටීමේ වාසිය රටේ පාරිභෝගිකයා වෙත ලබාදිය යුතුය යන අතිශය යුක්‌ති සහගත ඉල්ලීමට අමතරව ඔහුගේ නිවේදනයේ දැක්‌වෙන පහත සඳහන් කාරණා, රජයේ වෙළෙඳ හා පාරිභෝගික පිළිවෙතෙහි පවත්නා අතිශය අගතිගාමී තැන් නිර්දය ලෙස හෙළිදරව් කරයි.

"2014 පෙබරවාරි 02 දා ලෝක වෙළෙඳපොළෙහි කිරිපිටි මිල ඉහළ ගියේ යෑයි ව්‍යාජ ඝෝෂාවක්‌ නගමින් මෙරට කිරිපිටි ගෙන්වන බහුජාතික කිරිපිටි සමාගම් කිරිපිටි පැකට්‌ටුවක මිල ඉහළ දැමීමට රජය පෙළඹවීය. නමුත් එම ඉහළ ගියේ යෑයි සමාගම් ඉදිරිපත් කළ මිල මීට වසරකට පෙර ලෝක වෙළෙඳපොළෙහි තිබූ මිල බව ඔවුන් ප්‍රකාශ කළේ නැත. එම සමාගම්වල ඉල්ලීමට යටත් වූ රජය කිරිපිටි කිලෝවක මිල රුපියල් 152 කින් වැඩිකිරීමට ඉඩ ලබාදීමටත්, ඒ වනවිට එම සමාගම්වලින් කිරිපිsටි කිලෝවක්‌ සඳහා අය කළ බද්ද රුපියල් 57 කින් අඩු කිරීමටත් එකඟ විය. ඒ අනුව එම බහුජාතික කිරිපිටි සමාගම්වලට මහජනයාගෙන් වසරකට රුපියල් මිලියන 15,000 ක්‌ ගසා කෑමටත්, රජයට අය විය යුතුව තිබූ බදු මුදල් වසරකට රුපියල් මිලියන 500 ක්‌ ගසා කෑමටත් අවස්‌ථා ලැබිණ".

තවමත් ජනතා රජයක්‌ යෑයි මහජන විශ්වාසය දිනා සිsටින රජයක වෙළෙඳ ඇමැතිවරයා පමණක්‌ නොව එම සමස්‌ත රජයත් හොම්බෙන් යවන මේ බිහිසුණු හෙළිදරව්ව සිදුකරමින් විමල් වීරවංශ මහතා අපේක්‍ෂා කරන්නේ අතිශය සරල සහ අතිශය යුක්‌ති සහගත කාරණා ත්‍රිත්වයකි.

එකක්‌ නම් කිරිපිටි මිල ලෝක පරිමාණව පහත වැටීමේ වාසිය දේශීය පාරිභෝගිකයාට ලබාදීමය. අනෙක නම් එකී සමාගම්වලට ලබාදුන් බදු සහනය ඉවත්කොට එම අරමුදල් කිරි ගොවියාට සහන ලබාදීමට යෙදවීමය. තෙවැන්න නම් කිරිපිටි ආනයනය සීමාකොට දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා බහුජාතික කිරිපිටි සමාගම් වෙනුවෙන් ආනයනය කළ හැකි කිරිපිටි ප්‍රමාණය නිශ්චිතව සඳහන් කෙරෙන ආනයන බලපත්‍ර ක්‍රමයක්‌ හඳුන්වා දීම ය.

විමල් වීරවංශ වූ කලී හුදු කැබිනට්‌ අමාත්‍යවරයකු පමණක්‌ නොව මේ රජය බලයට පත්කිරීමෙහිලා මහත්ම කාර්යභාරයක්‌ ඉටුකළ ජාතික බලවේගවල පදාසයක්‌ ද වෙයි. ඔහු සහ ඔහු සම්බන්ධ වී සිටින රජය අතර මේ මොහොතේ කුමන දේශපාලන ප්‍රතිවිරෝධ පවතින්නේ ද යන්න පිළිබඳව අපට අවබෝධයක්‌ නැත. එහෙත් මේ රටේ කැබිනට්‌ අමාත්‍යවරයෙක්‌ ඉතාම තියුණු ලෙසත් නිර්භීත ලෙසත් ජනතා ප්‍රශ්නයක්‌ වෙනුවෙන් හඬ නැගීම අපගේ නොමද පැසසුමට ලක්‌වන්නක්‌ බව කිව යුතු ය.

                                                                                                                                               divaina -

No comments

Powered by Blogger.