Open top menu
Friday, May 16, 2014

ලංකාවේ අද දේශපාලනය රත් වෙනවා කියන්නේ ඇතුළතින් රත්වීමය. හැම ආණ්ඩුවකම පාලනයකම ඇතුළතින් රත්වූ අවස්ථා එමටය.
එසේ රත්වූ විට එය පිපිරී පත්තු වී පාරට විසිවන ආකාර බොහෝය. ඉන් එකක් 1964 පත්තර පනත සම්බන්ධව සිදුවූ පිපිරීමය. ඒ දේශපාලන පෙරළියට පිපිරීමට දුන් නොයෙක් නිර්වචන අප අසා ඇත. එකක් සී.පී.ද සිල්වා මැතිනියට පිටුපසින් සිට පිහියෙන් ඇනීමය. ඇතුළත හැම සටනම පේළි ගැසෙන්නේ බලවතාට පිටුපසින් සිටය.
එනිසා වැදගත් වන්නේ පිපිරීම මිස පිපිරුණ ආකාරය නොවේ. සමහර පිපිරීම් සිද්ධ වෙන්නේ දේව සාපයක් පරිද්දෙනි. 1993 මැයි පළවෙනිදා ආමර් වීදියේදී එවැනි දේව ශාපයක් කි‍්‍රයාත්මක විය. ඒ බෝම්බයක් පත්තුවීමෙනි. එදා විනාශ වුණේ එජාප නායකයාය. රටේ විධායක ජනාධිපතිය. පොදු ජනයාගේ හිතවතාය. මරණය ඇසූ ලංකාවම ඊට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය සදාචාර සම්පන්න නොවේ. එහෙත් එය එහෙම විය. දේව ශාප කියන්නේ සමහර විට එහෙම ආකාස්මික එසේම අභව්‍ය සිද්ධීන්ටය.

මේදවස්වල විමල් වීරවංශ එළියට දමා යම් යම් බලි ශාන්ති කර්මයක් කරමින් සිටී. මේ බලන්නේ රෝගය යටපත් කරන කෙමක් හඳුනා ගැනීමට බව දන්නෝ දනිති. ඒ රැ`ගුම අවසන් වන්නේ අර 12 වැදෑරුම් ප‍්‍රඥප්තිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂට භාරදී සටන පාවා දීමෙනි. ලංගම බස් ගිනි තබා විමුක්තිය සොයන්න ගිය හාදයන් ඉන්නා තුරු ආණ්ඩුව තියා ආර්ථීක ඝාතක ජයසුන්දරවත් බිය විය යුතු නැත. 1994දී විධායක ක‍්‍රමය අහෝසි කරන්න චන්ද්‍රිකා සමග ගිවිසුම් ගැසූ විමල් වීරවංශ 1994දී ඇය සමග පරිවාස ආණ්ඩු ගැසුවේය. අද මහින්දගේ බේරුමට කුමක් කියයිද? විධායකය නැති කරනවා නම් සමානුපාතිකයත් නැති කළ යුතුුවේ. කතා කරන්නේ බොක්කෙන්  නම් කළ යුත්තේ ඒක කරන්න පෙළ ගැසෙන පෙරමුණට එක්ව කොන්දේසි දැමීමය. ඩිංගි සෙල්ලමට කුතාඬි කොල්ලන් ගලවන්නේ කමිසය පමණකි. මේ හාදයාගේ සුපුරුදු රිළා නැටුමට නූල් පොටක් නැතිව සූදානම්ව සිටියි. වීරවංශගේ කොන්දේසි 12ට යුගයේ පොදු වුවමනා ඇත්තේම නැත.

නැවත ලිපියේ මුලට යයි නම්  රටේ දේශපාලනය උණුසුම් වී හමාරය.  දැන් ගිනි කන්ද විදාරණය වෙන්න පටන් ගෙන තිබේ. මේ වනවිට ලාංකේය දේශපාලනය දේශීය හා විදේශීය වශයෙන් මහා සුළ`ගක්ව ඇත.දැන් සිද්ධ වෙමින් පවත්නා දේට දිය හැකි හොඳම උදාහරණය ගිනි කන්දය. ගිනි කන්ද පුපුරන්නේ ඇතුළතිනි. ලාවා උණුවී බුබුළු දමා පිටතට විසි වෙන්න පටන් ගන්නවාය. එය අභ්‍යන්තර පීඩනයක ප‍්‍රතිඵලයකි. ඒ නිසා විනාශ වෙන්නේ ඇතුළත පමණක් නොවේ.  විනාශ වෙන්නේ් අහලපහළ ගම්බිම්ය. මහ නගරය. මිනිසුන්ය. ගැහැනුන්ය.

රෝමයේ පොම්පේ නුවර විසුවියස් ගිනි කන්ද විදාරණයවීම ගැන නොදන්නා කෙනෙක් නැත. එය අදටත් වරින්වර විදාරණය වෙනවාය. විසුවියස් ගිනි කන්ද බොහෝ වර විදාරණය විය. කි‍්‍රස්තු වර්ෂ 79 අගෝස්තු 24 වෙනිදා සිදුවූ මහා ඛේදවාචකය ඓතිහාසික එකකි. ඒ දවස මියගිය බවට කියන සංඛ්‍යාව දස දහසක් හා විසිපන්දහස අතර ගණනකි. ඒ බිහිසුණු අවස්ථාව ගැන ප‍්‍රකට සාහිත්‍ය ග‍්‍රන්ථයක් ලියැවී ඇත. එය  The Last Days of Pompeii  නමින් හැ`දින්නේ වේ. 1834 ලියැවුණ මේ නවකතාවේ කතුවරයා එඞ්වඞ් බුල්වර් ලේටන්ය. ඒ ග‍්‍රන්ථයේ විශිෂ්ට පරිවර්තනයක් ”දේව තාපය” නමින් සිංහලෙන් පළවී ඇත. ලාංකේය දේශපාලනයෙහිද විශිෂ්ට චරිතයක් වූ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල එකී පරිවර්තන කෘතියේ සාර්ථකත්වයේ හිමිකරුවා වෙයි. විසුවියස් ඛේදවාචකය යනු සාහිත්‍ය නිර්මාණයක්  පමණක් නොවේ. ඒ නව කතාව විස්තර කරන ගිනි කන්ද විදාරණය සිදුවූ විනාශය  පොම්පේ නුවර පුරා විද්‍යා කැණීම් හරහා තහවුරු කර ඇත. විසුවියස් ඛේදවාචකයේ නටබුන් අදටත් එහි යන කෙනෙකුට දැකගත හැකිය.

පැරණි ලිපි ලේඛන සහ විමර්ශකයන්ට The Last Days of Pompeii  අනුව විස්තර කරන්නේ අසාධාරණ පාලනයට එරෙහිව දෙවියන් දුන් දඬුවමකි. එකල එහි පැවති ප‍්‍ර‍්‍රබල පාලනය හරහා එහෙත් එහි පැවති වටිනාකම් විනාශ විය. දුරාචාරය අසාධාරණකම් ඉහවහ ගියේය. නීතිය වල් වැදිණ. සියල්ල සිද්ධ වුණේ බලය අත පැවති අයට යහපත් යැයි ඔවුන් කල්පනා කළ ආකාරයට පාලනය පැවති නිසාය. නගරය පුරා සුරාසල් ගනිකා නිවාස ඇති විය. ඒ ව්‍යාපාර පවත්වා ගෙන යාමේදී මුදල විසින් සියල්ල තිරණය කෙරිණ. මුදල යනු දෙවියන්ගේ මල්ලිය. මුදල් අතැති කෙනෙකුට ඔහු අපේක්‍ෂා කරන දේ ළ`ගා කර ගැනීම පහසුය. එය ගනුදෙනුවකි. මුදල් ඇති ධනවතා තමන්ට අවශ්‍ය දේ එක්කෝ මුදලට හුවමාරු කර ගනිති. නැතොත් බලෙන් අත්පත් කර ගනියි. සමාජ අසාධාරණය නිර්මාණය වන්නේ බලෙන් අත්පත් කර ගැනීමට යාමේදීය. එහිදී  ශක්තිය ඇත්තෝ සටන් කරති. ඊට ගොදුරු වන බෙලහීනයන් පෑගී විනාශ වෙති. ඔවුන්ට කළ හැක්කේ ශාප කිරීම පමණකි.

බෙලහීනයන් පෑගෙන පන්තිය සාප කරන්නේ කෙසේද? මේවා බලන්න දෙයියෙක් නැද්ද කියාය. අතීතයේ විසුවියස් ගිනි කන්ද ලවා සකල සමාජයටම දඬුවම් කරවූ ඒ දේව ශාපය මතුවුණේ එහෙමය. ලංකාවේ අද දේශපාලනය රත් වෙනවා කියන්නේ ඇතුළතින් රත්වීමය. හැම ආණ්ඩුවකම පාලනයකම ඇතුළතින් රත්වූ අවස්ථා එමටය. එසේ රත්වූ විට එය පිපිරී පත්තු වී පාරට විසිවන ආකාර බොහෝය. ඉන් එකක් 1964 පත්තර පනත සම්බන්ධව සිදුවූ පිපිරීමය. ඒ දේශපාලන පෙරළියට පිපිරීමට දුන් නොයෙක් නිර්වචන අප අසා ඇත. එකක් සී.පී.ද සිල්වා මැතිනියට පිටුපසින් සිට පිහියෙන් ඇනීමය. ඇතුළත හැම සටනම පේළි ගැසෙන්නේ බලවතාට පිටුපසින් සිටය. එනිසා වැදගත් වන්නේ පිපිරීම මිස පිපිරුණ ආකාරය නොවේ. සමහර පිපිරීම් සිද්ධ වෙන්නේ දේව සාපයක් පරිද්දෙනි. 1993 මැයි පළවෙනිදා ආමර් වීදියේදී එවැනි දේව ශාපයක් කි‍්‍රයාත්මක විය. ඒ බෝම්බයක් පත්තුවීමෙනි. එදා විනාශ වුණේ එජාප නායකයාය. රටේ විධායක ජනාධිපතිය. පොදු ජනයාගේ හිතවතාය. මරණය ඇසූ ලංකාවම ඊට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය සදාචාර සම්පන්න නොවේ. එහෙත් එය එහෙම විය. දේව ශාප කියන්නේ සමහර විට එහෙම ආකාස්මික එසේම අභව්‍ය සිද්ධීන්ටය.

ස්වභාවධර්මය යනු අපට පාලනය කළ නොහැකි අත්පත් කර ගත නොහැකි බලවේගයකි. එය නිරන්තරවම සකි‍්‍රය වෙමින් පවතී. පෙරදිග කල්පනා අනුව ස්වභාවධර්මය යනු පඨවි, ආපෝ, තේජෝ, වායු ආදී පංච මහා භූතයන් කිපීමය. ආයුර්වේදය අනුව එසේ සිද්ධ වූ විට පුද්ගල ශරීරයන් පවා ඔවුන්ටම පාලනය කරගත නොහැකි තැනට තල්ලූවේ. පාසල යනු ශුද්ධ ස්ථානයකි. එහි සේවය කරන්නේ ගුරුවරුය. අපේ සාම්ප‍්‍රදායික චින්තනය අනුව ශාස්ත‍්‍රය දෙන්නා සැලකෙන්නේ ගුරු දෙවියන් හැටියටය. මෑතක ගෙවුණ පනස් වසර තුළ අපේ රටේ පාසල් නොගිය කෙනකු සොයා ගැනීම දුෂ්කරය.

වයඹ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාරද කීයේ පන්තියට හෝ පාසල් ගිය කෙනෙකි. එහෙත් ඔහු තම දරුවාගේ දෑස් පාදන ගුරුවරියක දණ ගැස්සුවේ සිද්ධස්ථානයක් වැනි පාසලට පැනලාය. එවැනි මදාවි වැඩක් පාසල් වේලාවක සිද්ධ වීම පවත්නා පාලනය පිළිබඳ ඛේදවාචකයකි. ඒ තත්ත්වය විස්තර කිරීමට සම්මත වචන නැත. ඒවාට කිව හැක්කේ දේව කෝපය දේව ශාපය කියා පමණකි. අසාධාරණයක් ඉස්මතු වූ විට දේව කෝපය ඇති වෙන්නේ ඉතාලියේ පමණක් නොවේ. ලංකාවේද ඒක වෙන්න පුළුවනිය.  එහෙම මිනිසුන් හැසිරෙන්නේ සිහි බුද්ධියෙන් නොවේ. රටේ පුදුමයට හෝ රටේ සතුටට හේතුවන පරිදි ආනන්ද සරත් කුමාරට අධිකරණය විසින් දඬුවම් කර ඇත. ඒ තීන්දුව රටේ පුදුමයට හේතු වුණාය කීවේ හැම විටෙකම හැම තැනකම එහෙම නොවන නිසාය. එසේ දඬුවම් කිරීම සාධාරණ සමාජයක් අපේක්‍ෂා කරන්නකි. ඒ  සිද්ධිය එයින් අවසන්වේ. එහෙත් මේ රටේ දඬුවම් නොලද පොලිසියට අධිකරණයට ඉදිරිපත් නොකළ නඩු නොදැමූ අපරාධකාරයන් කොපමණද? හම්බන්තොට පිස්තෝල සෙල්ලම එවැන්නකි. මාතර හර්මන් ගුණරත්න මිනිසුන්ට මහ නගරය මැදට පැන වෙඩි  තැබිම එවැන්නකි. ඒ සිද්ධි දෙකෙහිදීම එවැනි අවස්ථාවල රටේ අනෙක් මිනිසුන්ට කි‍්‍රයාත්මක වන නීතිය කි‍්‍රයාත්මක වුණේ නැත. ඊට හේතුව ඒ සිද්ධි දෙකම රටේ ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව සිදුවූ නිසා විය හැකිය.

එහෙත් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය දේශපාලකයෙක් පනාමුරේදී ටි 56 ගිනි අවියක් ලෙළවා බිය ගන්වන ලද්දේ රාජකාරි කළ පොලිස් නිලධාරින්වය. එහෙත් ඒ ස්වයංක‍්‍රිය ගිනිඅවිය අධිකරණයට ඉදිරිපත් කළේ නැත.ඊයේ පෙරේදා  කුරුණෑගලදී සිද්ධ වුණේ පොලිසියට එරෙහිව පොලිසිය කි‍්‍රයා කිරීමකි. පොලිස් නිලධාරියකු බිලිගත් කුරුණෑගල තක්කඩි ප‍්‍රහාරය කියන්නේ කුමක්ද? අනේක ප‍්‍රාදේශීය දේශපාලනඥයන් පොලිසිය තළා පෙළීමේ ක‍්‍රමය අනුව සාමාන්‍ය මිනිසුන් ද අත්හදා බලමින් සිටින බවය. ඉස්සර පොලිසියට ගැහුවා කියන්නේ පරම්පරාවක් කපෝතියි කීමකි. එහෙත් අද තත්ත්වය කුමක්ද?  සාමය නීතිය ජන ජීවිතය රකින පොලිසිය මෙවැනි අවදානමකට තල්ලූවීමත් දේව සාපයක් නොවේද?  මේවා සියල්ල සිද්ධ වෙන්නේ පොම්පෙයි නගරයේ මෙන් බලය පිස්සු බල්ලන් මෙන් දඩාවතේ  හැසිරීම නිසාය.

ඇත්ත නැත්ත ගැන ප‍්‍රශ්න පවතී. එහෙත් රාජකාරි අතර, පොල් කඩන්න බල්ලන් නාවන්න කඬේ යන්න දර පලන්න සිද්ධ වීම ගැන වාර්තා ලැබෙමින් පවතී. එහීදී අප සැලකිල්ලට ගත යුත්තේ ඒවා සිද්ධ වෙන ගෙවල්වල වාසය කරන බලවතුන් ගැන නොවේ. ඒ තැනට රටේ නීතිය සාමය රකින පොලිසිය තල්ලූවීම ගැනය. ඒ පොල් කැඩිල්ල බල්ලන් නෑවිල්ල දර පැලිල්ල සිද්ධවුණේ එතැන පමණක් නොවේ. නීතිය අනුව රාජකාරියක් ලෙස හෙල්මට් නැතිව පාරේ ගිය යතුරුපැදිය නතර කළ විට ප‍්‍රදේශයේ නගරාධිපති නාන ඇඳුම් පැමිණ කළ කී දේ වාර්තා වුණේද බල්ලන් නෑවූ දර පැලූ ගම්පහෙනි. එහෙම වුණා කියා පොලිසියේ ලොකු තැන් කළ කී දෙයක් ඇද්ද? එහෙම වුණාම පොලිස් සේවය නිවට වෙති. නියාලූ ඉන් පසුව කුමක් සිද්ධ වේද? නිවට ඇම්බැට්ටයාට එළුවෝත් මගෙත් කපාපිය කියා හොම්බ දික් කිරීම පමණකි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට එරෙහි කර්කෂ දේශපාලන විවේචන පවතී. එවැනි අවස්ථාවක කළ යුත්තේ වහා එකී නිලධාරියා ඉවත් කර පොලිසියේ ගෞරවය රැුකීමය. එහෙත් දැන් ඒවා සිද්ධ නොවේ. දැන් දේශපාලනඥයන් සමග පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ද, රෙදි සෝදන කඬේ යන කාටූන් චිත‍්‍ර පුවත්පත්වල දැකිය හැකිය. පසුගිය දවසක දේශපාලනඥයකු එකතු කළ සල්ලි තම ගිණුමක තැන්පත් කළ ප‍්‍රාදේශීය ලේකම්වරියක ගැන වාර්තා විය. තත්ත්වය එය නම් ඒ ප‍්‍රදේශයේ ඇය යටතේ සේවය කරන ග‍්‍රාමසේවා නිලධාරින්ගේ චරියාව සොයන්නේ පාලනය කරන්නේ කවුද?

කුරුණෑගල පොලිස් නිලධාරියාගේ ඝාතන සිද්ධියේදී කියවුණේ කුමක්ද? තමුසෙලාත් පොලිසියට අහුවෙන එවුන්ට  එල්ලලා ගහනවානේ කියාය. ඒ කතාව බරපතළ එකකි. ඒ පිළිබඳ පළමුවෙනි නිරීක්‍ෂණය, පොලිස් කි‍්‍රයාකාරකම් ගැන සිවිල් මිනිසා එසේ හැසිරෙන්නට පටන් ගන්නවා කියන්නේ තවත් 1971ක් නොවේද? කුරුණෑගල සිද්ධිය අපරාධයකට යන සොරමුලක් අතින් සිදුවූ අහඹුවක් නම් එය වෙනම කතාවකි. එහෙත් සොයා බැලිය යුතු දෙවැනි නිරීක්‍ෂණයක් ඇත. මේ මැරුම් කෑ නිලධාරියා බරපතළ අපරාධ නඩුවක පැමිණිල්ලේ සාක්‍ෂිකාරයකු වී සිටියාද යන්නය. කුරුණෑගල පවතින්නේ එවැනි කටකතා වෙති.

මුල්ම කාලයේ මර්වින් සිල්වා තනියම රූපවාහිනියට පැන යමක් කළේය. ඊට නඩු නැත. කලකට පසුව මර්වින් සිල්වාගේ පුත‍්‍රයා මහ මද්දහනේ ගුටි  කෑවේය. ඊටත් නඩු නැත. මේ කියන්නේ එකම රේඛාව මැදින් කැඩි කැඞී යන හැටිය. මේ කියන රේඛා උපකල්පනය ගස් දෙකක් අතර බැඳි අතුරක් නම්...? දැන් සිද්ධ වී ඇත්තේ එයයි. ගිනි කන්ද විදාරණය වී ඇත. එය විමල් වීරවංශලාට පාඨලී චම්පිකලාට අතුරු ර`ගපෑම් හරහා නතර කළ හැකි නම්...? එයත් හපන්කමකි. ති‍්‍රත්ව මිනීමැරුමක චූදිත වෙනුවෙන් මම පෙනී සිටිමි. ඒ නඩුව ඇසෙන්නේ මහනුවර මහාධිකරණයෙහිය. වරද පිළිගෙන නඩුව කෙටි මගකින් නිම කිරීමට පැමිණිල්ලෙන් සලකා බැලිණ. මම මගේ සේවාදායකයාට කාරණය පැහැදිලි කළෙමි. ඔහු මගෙන් මෙසේ ඇසිය. ‘‘මම නොකළ වරදක් පිළිගන්නේ ඇයි? ඒ කතා කළේ උගතෙක් පණ්ඩිතයෙක් මාන්නක්කාරයෙක් නොවේ. වැලි ගොඩ දමා ජීවත්වන පාසල් නොගිය මිනිසෙකි. ඔහුටත් ආත්ම ගෞරවය ගැන අදහසක් ඇත. අපගේ දේශමාමකයන්ගේ හැසිරීම දෙස දෙවියන්ද ඇස ගසා බලා සිටිති.

නීතිඥ
චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts