Open top menu
Monday, May 19, 2014

අන්තවාදී හින්දු ආගමික දේශපාලන පක්‍ෂයක්‌ වන ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂයේ ඉතාම බලගතු සාමාජිකයකු වන නරේන්ද්‍ර මෝඩි මීළඟ ඉන්දියානු මහ මැතිවරණයේදී විපක්‍ෂය නියෝජනය කරන අගමැති අපේක්‍ෂකයාය. ඔහු සිය සමාජ ජීවිතය පටන් ගන්නේ ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ තිබෙන රාශ්ටි්‍රය ස්‌වයං සේවක සංගමය නමැති හින්දු ජාතිකවාදී සංවිධානයෙනි. ඉන්දියාව තුළ පමණක්‌ නොව ලෝකය පුරාම හින්දු සම්ප්‍රදාය සහ හින්දු ජාතිකයන්ගේ අභිවෘද්ධිය උදෙසා කැප වී සිටින මෙය නිර්දේශපාලනික සංවිධානයකි. මේ සංවිධානය ඔස්‌සේ ඔහුට ලැබුණ ප්‍රචාරය සහ භාරතීය ජනතා පක්‍ෂයේ "හින්දු පමණයි" නමැති අප්‍රකාශිත මතවාදය නිසා ඔහු වසර 2007 සිට අද දක්‌වාත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අපරාජිත මහ ඇමැතිය.

1950 සැප්තැම්බර් 17 වනදා, එවකට බොම්බායට අයත් වූද අද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් වූද බද්නගර් ප්‍රදේශයේදී නරේන්ද්‍ර මෝඩි උපදී. නව යෞවනයකුව සිටියදී පාසල් යන අතරම ඔහු තම ගේ ළඟ තේ කඩයක්‌ පටන් ගනී. ඔහුගේ වැඩිමහලු සහෝදරයකු උදේ සිට දහවල් වන තුරුත් මේ තේ කඩය බලා ගත් අතර පාසල ඇරී ගෙදර එන නරේන්ද්‍ර රෑ වන තුරු තේ කඩය කරගෙන යයි. පාසලේදී ඔහු දක්‍ෂත් නැති අදක්‍ෂත් නැති ශිෂ්‍යයෙකි. එහෙත් විද්‍යාලයීය විවාද කණ්‌ඩාමේ සිටි අති දක්‍ෂතම කථිකයෙකි. පාසල හැර යැමෙන් පසු ඔහු ගුජරාට්‌ ප්‍රවාහන සංස්‌ථාවේ කැන්ටිමේ රස්‌සාවකට යයි. රාශ්ටි්‍රය ස්‌වයං සේවක සංගමයට ඔහු බැඳෙන්නේ ඒ අතරය. එහිදී ඔහුට හින්දි බසින් ප්‍රචාරත් නමැති තනතුර ලැබෙයි. මේ වචනයෙහි ඉංගී්‍රසි පර්යාය පදය ඡරදච්ට්‌එeර ය. ව්‍යාප්ත කරන්නා, පතුරුවන්නා හෝ ප්‍රචාරය කරන්නා යන වචන ඉහත කී ඉංග්‍රීසි වචනයේ පර්යාය පද වෙයි. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ස්‌වයං සේවක සමිතියේ පැවැත්මට හා ව්‍යාප්තියට නරේන්ද්‍ර මෝඩි කටයුතු කළ බවය. ඒ කටයුත්ත කරන අතරම ගුජරාට්‌ විශ්වවිද්‍යාලයේ උපාධි පරීක්‍ෂණයට පෙනී සිටින ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියද ලබයි.

නරේන්ද්‍ර මෝඩි දේශපාලනයට එන්නේ 1987 දීය. එම අවුරුද්දේදී රාශ්ටි්‍රය ස්‌වයං සේවක සංගමය විසින් සිය අතිදක්‍ෂ "ප්‍රචාරක" නිලධාරියා භාරතීය ජනතා පක්‍ෂයට ණයට දෙනු ලැබේ. 1995 දී ගුජරාට්‌ ප්‍රාන්ත සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්‍ෂය ජය ගන්නා මෝඩිගේ දේශපාලන පදනම තහවුරු වීම ඇරඹෙයි. ඒ වසරේදීම භාරතීය ජනතා පක්‍ෂයේ මහලේකම් වන හෙතෙම හර්යානා සහ හිමාචාල් ප්‍රදේශවල පක්‍ෂයේ සියලු කටයුතු භාර ගන්නේය. 1998 දී ඔහු පක්‍ෂයේ ජාතික ලේකම් වෙයි. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ජාතික සංවිධායක වැනි තනතුරකි. 1998 දී ගුජරාටයේ පැවැති ප්‍රාන්ත සභා මැතිවරණයේදී භාරතීය ජනතා පක්‍ෂයේ අපේක්‍ෂක කේශුභායි පටෙල් ජයග්‍රහණය කරවීමට මෝඩි සමත් විය. එහෙත් 2001 වන විට මහ ඇමැති පටෙල්ගේ දේශපාලන චරිතය මෙන්ම බලයද පරිහානියට පත්විය. රෝගී වූ ඔහු බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ චෝදනාවට ලක්‌විය. මේ නිසා පටෙල්ට අනුප්‍රාප්තිකයකු සෙවීමට භාරතීය ජනතා පක්‍ෂයට සිදුවිය. මෝඩිගේ නම අලුත් මහ ඇමැති තනතුරට යෝජනා වූ අතර භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයාවූ ලාල් කෘෂ්වා අද්වානි, නරේන්ද්‍ර මෝඩිගේ ආධුනිකත්වය ගැන සිහිපත් කර මහ ඇමැති තනතුර පටෙල්ටදී එහි බලතල මෝඩිට දෙමු යෑයි යෝජනා කළේය. එවිට බලවත් සේ කෝපයට පත් වූ මෝඩි තමාට ගුජරාටය අවශ්‍ය වන්නේ තනතුරු සහ බලතල යන දෙකම සහිතව බවත් එසේ නැත්නම් කිසිවක්‌ භාර නොගන්නා බවත් කීවේය. අනතුරුව ඔහු ගුජරාටයේ මහ ඇමැති තනතුරට නම් කිරීමට භාරතීය ජනතා පක්‍ෂයට සිදුවිය. මෙකල ඉන්දියන් අගමැති වූයේ භාරතීය ජනතා පක්‍ෂයේ ඒ. බී. වඡ්පායිය.

වසර 2002 දී ගුජරාට්‌ ප්‍රාන්තය තුළ ඉතා භයානක ලෙස මුස්‌ලිම් විරෝධී ජාතිවාදී ගැටුම් පටන් ගත්තේය. එය මෙසේ විස්‌තර කරමු.

ඉන්දියාවේ අයෝධ්‍යා ප්‍රදේශයේ ඉතා පරණ මුස්‌ලිම් පල්ලියක්‌ තිබේ. මේ පල්ලිය තිබෙන තැන බොහෝ කලකට පෙර රාම දෙවියන්ට කැපකළ හින්දු කෝවිලක්‌ තිබූ අතර පසු කාලයේදී බලයට පත් මුස්‌ලිම් ආක්‍රමණිකයෝ කෝවිල සමතලා කර ඒ මත පල්ලියක්‌ තනා තිබිණි. ඔබ්ඳු මස්‌ජිද් ලෙස හඳුන්වන මේ පල්ලිය හින්දු හා මුස්‌ලිම් පාර්ශ්ව දෙකේම ගෞරවයට ලක්‌විය. පාර්ශ්ව දෙකම "මෙය අපේ භූමිය" යෑයි කියමින් වන්දනා මාන කරගන්නා අතර කාලයෙන් කාලයට භූමියේ අයිතිය උදෙසා මිනී මරා ගත්හ. මේ අතර 2002 පෙබරවාරි 27 වැනිදා හින්දු බැතිමතුන් පිරිසක්‌ රැගත් සබර්වති නමැති දුම්රිය අයෝධ්‍යාවේ සිට අහමද්‍රdබාද් බලා ආපසු එමින් තිබිණි. එය ගෝද්ර දුම්රියපළේ නැවැත්වූ මුස්‌ලිම් අන්තවාදීන් පිරිසක්‌ මගීන් දුම්රිය තුළ සිරකර ගිනි තැබූහ. මෙහිදී කාන්තාවන් සහ ළමුන් 58 කගෙන් සමන්විත හින්දු බැතිමත්තු පිරිසක්‌ පණපිටින්ම පිළිස්‌සී මිය ගියහ. මෙය සැලසුම් සහගත ක්‍රියාවකි. ඉන්පසු ප්‍රදේශය පුරා ජාතිවාදී ගැටුම් ඇවිල ගියේය. සිද්ධිය පසුපස හසන් නමැති අන්තවාදී ඉස්‌ලාමියයා සිටින බව හෙළිවිය.

දුම්රියට දමා ගිනි තැබීම සඳහා ඔහු තෙල් ලීටර් 140 ක්‌ ගෙනවුත් තිබිණි. මරණයට බියේ පැනයන හින්දුන් වළක්‌වාලීමට ඔහු සියලු පිවිසුම් මාර්ගවල ගල් දමා තිබිණි.

මේ ගැන පැවැති නඩුව 2011 දී නිමාවට පත් විය. එහිදී මුස්‌ලිම්වරුන් 31 දෙනකු වරදකරුවන් වූ අතර ඔවුන්ගෙන් 11 කට මරණ දඬුවමද 20 දෙනකුට දිවි ඇති තෙක්‌ සිර දඬුවම්ද නියම විය. දුම්රිය ගිනි තැබීමෙන් පසු ගුජරාට්‌ ප්‍රාන්තයේ ඉතා භයානක ජාතිවාදී අරගල ඇතිවිය. ගුජරාටයේ දිස්‌ත්‍රික්‌ක 25 ක්‌ තිබේ. ඒවායින් දිස්‌ත්‍රික්‌ක 16 ක තිබූ ගම්මාන 993 ක සහ නගර 151 ක ජාතිවාදී ගිනි ඇවිලිණ. අන්තිමේදී, පෙබරවාරි මාසයේ ගෝද්රා දුම්රියපළෙන් හටගත් ගැටුම් නිම වන්නේ ජුනි මාසයේදීය. මේ අතර කාලය තුළ මරණ ලද මුස්‌ලිම්වරුන් ගණන 790 කි. හින්දු ජාතිකයන් ගණන 254 කි. තවත් 223 ක්‌ අදටත් අතුරුදන්ය. දර්සා ලෙස හැඳින්වෙන මුස්‌ලිම් පල්ලි 273 ක්‌ද වෙනත් මුස්‌ලිම් පල්ලි 241 ක්‌ද, හින්දු කෝවිල් 19 ක්‌ද, සිද්ධියට කිසිදු ආකාරයකින් සම්බන්ධ නැති කතෝලික පල්ලි 3 ක්‌ද ගිනි තබා අළු කරනු ලැබීය. ප්‍රචණ්‌ඩ ක්‍රියා නිසා බියට පත් මුස්‌ලිම්වරුන් 61000 ක්‌ද හින්දුවරුන් 10000 ක්‌ තම වාසස්‌ථාන අත්හැර පලා ගියහ.

මේ ක්‍රියාවලියේදී වැඩිම අලාභ හානි සිදුවූයේ මුස්‌ලිම්වරුන්ටය. අරගලයේ අතුරුක්‍රියා වශයෙන් දූෂණය කළ ගැහැනු ළමයින් වැඩි පිරිස මුස්‌ලිම් වූහ. ඇමරිකාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශය අදටත් මේ ගැන පරීක්‍ෂණ පවත්වන අතර වසර 2002 දී ගුජරාටයේ මහ ඇමැති වූ "හින්දු අන්තවාදී" නරේන්ද්‍ර මෝඩි නිසි පරිදි ක්‍රියා නොකරීම හෙවත් හින්දු අන්තවාදීන්ට පක්‍ෂව ක්‍රියා කිරීම නිසා තත්ත්වය බරපතළ වූ බව ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වටහාගෙන තිබේ.

නරේන්ද්‍ර මෝඩිට වසර 2000 සිටම ඇමරිකන් වීසා බලපත්‍රයක්‌ තිබිණි. එය ව්‍යාපාරික/ සංචාරක වීසාවකි. එයින් අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක ඇමරිකාවට යැමේ පහසුව මෝඩිට තිබිණි . මේ අතර වසර 2005 දී ඇමරිකන් සංචාරයක්‌ සඳහා මොඩි රාජ්‍ය තාන්ත්‍රික වීසා බලපත්‍රයක්‌ අයෑදුම් කළේය. ඇමරිකාව එම වීසාව දීම ප්‍රතික්‍ෂේප කළා පමණක්‌ නොව ඔහුගේ එතෙක්‌ තිබූ ව්‍යාපාරික/ සංචාරක වීසාවත් අවලංගු කළේය. මෙයින් හෙළිවුණේ ඇමරිකාව මෝඩි ගැන කල්පනාවෙන් සිටි බවය. 2002 ගුජරාට්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට ඔහුද වගකිව යුතු බව ඇමරෑකානුවන්ගේ පිළිගැනීම විය.

මේ අතර නරේන්ද්‍ර මෝඩි ඇමරිකන් වීසාවක්‌ අයදුම් කර නැති බවත් ඇමරිකාව හිටි හැටියේම ඔහුගේ ව්‍යාපාරික/ සංචාරක වීසාව අවලංගු කළ බවත් භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රකාශක ප්‍රකාශ් ජාවේඩ්කාර් පවසා ඇත. 2002 හින්දු මුස්‌ලිම් ගැටුම් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඇමරිකාව මූලික කරගත් සංවිධාන කිහිපයක්‌ දිගින් දිගටම ඉල්ලීමට පටන් ගෙන ඇත. ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 දෙනකු සිය අත්සන් සහිතව ජනාධිපති ඔබාමාට පෙත්සමක්‌ යවා ඇති අතර එම අත්සන් ව්‍යාජ නොවන බව කැලිෙµdaනියාවේ වෝහාරික ලියෑවිලි පරීක්‍ෂකවරයා තහවුරු කර ඇත. එහෙත් වෙනත් ස්‌වාධීන රටක පැවැති ප්‍රචණ්‌ඩ තත්ත්වයක්‌ ගැන කටයුතු කිරීමට ඇමරිකාවට අයිතියක්‌ නැත. එසේ කරනවා නම් එය බලහත්කාරකමකි. කෙසේ වූවද හින්දුන් බහුතරයක්‌ සිටින ඉන්දියාව වැනි රාජ්‍යයක හින්දු අන්තවාදී දේශපාලනඥයකු වන මෝඩිට අගමැති වීම එතරම් දුෂ්කර කාර්යයක්‌ නොවේ.

එතැනින් නොනැවතී තමිල්නාඩුවේ ජයලලිතාගේ උදව් නැතිව වුව ඔහුට පැවැතීමට පුළුවන.

අනුර සොලමන්ස්‌
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts