Open top menu
Sunday, May 4, 2014

මේ දිනවල ෆේස්බුක් සංවාද පිටියේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පළ කරන ලද ලංකාවේ හිටපු රැඩිකලුන් ජවිපෙ “විකල්පයක්” ලෙස හුවා දක්වති නමින් ලෝක සමාජවාදී වෙබ් අඩිවියේ පළ වූ ලිපියක් සම්බන්ධයෙන් විශාල කොමෙන්ටි කන්දරාවක් පළ විය. මේ කොමෙන්ට් වලින් කියවෙන කතාන්දරය ගැන යමක් ලියන්නට අප අදහස් කලේ අප
සංවිධානයේ 2004 ඛණ්ඩනය සමග එයට සෘජු  සම්බන්ධයකි තිබෙන බැවැනි.

වසර 2004 දී එක්ස් කණ්ඩායමෙන් නිදහස සොයා අනත්තයට පියඹා ගිය කුරුල්ලන් රෑනක කුරැල්ලන් කිහිප දෙනෙකු මේ සංවාදය සමග පැටලී සිටිනු අප දුටිමු. වසර 2004 දී එක්ස් කණ්ඩායමෙන් පිටව ගිය විමතිකයන් විසින් සංවිධානය කරන ලද වාමාංශික මැයි රැළියට විවිධ විමතිකයන් විසින් විවිධ යෝජනා ගෙනාවෝය. ඒ අනුව මේ අයට ඔබේ වීරයා ඔබ රැගෙන එන්න යැයි කියන විට ඇතිවූ ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වූයේ යමෙකු ප්‍රභාකරන් තම වීරයා වශයෙන් රැගෙන ආවේනම් එයට ඉඩ දෙනවාද නැද්ද යන්න බව ඒ අයම වරෙක ලියා තිබුනි.

අනෙක් අතට වංගීස සුමනසේකර විසින් මේ මැයි රැළියේ දී ගංජා උරන්නට තමන්ට අයිතියක් ඇති බව පිළිගත යුතු යැයි තර්කයක් ගෙනාවේය. ඒ අනුව රැඩිකල් භාවය ඉස්පොල්ලේ යන මේ ප්‍රකාශයෙන් වංගීස නිසා ගොඩක් අය අසරන භාවයට පත්විය. ඒ වගේ ප්‍රසිද්ධ ගායක ඉන්ද්‍ර චාපා ඉල්ලා සිටියේ රැඩිකල් රොක් සංගීතයේ ආනුභාවයෙන් හෙලු වැල්ලෙන් පවා ගිතාරය වයන්නට අයිතිය තිබිය යුතු බවයි. අවසානයේ ඒ ඓතිහාසික මැයි රැළිය අති සාර්ථකව අවසන් විය. අප අසන්නේ එදායින් පසු නව ශිෂ්ඨාචාරයක් බිහිවුවාද යන්නයි.

කලකට පසු අපට වංගීස යලිත් දාර්ශණිකයෙකු සහ බුද්ධිමතෙකු ලෙස මුණ ගැසුන අතර සමහර විට එදා 2005 දී සිටි රැඩිකල් තරුණයා ‍මීට වසර ගණනකට පෙර යළි තැන්පත් මනුෂ්‍යෙයකු ලෙස දකිනට ලැබුනි. නමුත් මේ කොමෙන්ට් තුල ඔහු යළි වසර 2004 දී සිටි අස්ථානයට මාරු වී සිටිනු දක්නට ලැබේ.

විශේෂයෙන් නිර්මාල් වැනි අයෙක් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද පරමාදර්ශී චරිතයක් බවට රූපාන්තරණය වී සිටියි. මෙම මහාචාර්යතුමාට අනුව මාක්ස්වාදය,සමාජවාද,ධනවාදය,ෆැසිසට්වාදය,නව ලිබරල්වාදය යන මේ සියල්ලේ ලේ ගෑවී ඇත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සහ අනෙකා පාරිශුද්ධය. අනෙකා කෙරෙහි දැක්විය යුතු භක්තිය අනත්තය දක්වා දිගු විය යුතුය. කෙටියෙන් කිවහොත් මගේ ප්‍රඥාවේ කේන්ද්‍රය විකේන්ද්‍රීය වී ඇත. මගේ ප්‍රඥාව වඩ වඩා පත්තු කර ගැනීම සදහා අනෙකා දෙසට කිසිදු තර්කයක් නැතිව ඇතුලු විය යුතුය. මේ නිසා එක අතකින් නිර්මාල් සහ එක්ස්.වයි.ඉසෙඩ් ආකාරයේ චරිත බිහිවී ඇත.

මොවුන්ට අදාල පාරිභාෂික වචනය වන්නේ බහුසංස්කෘතිකවාදීන් යන්නය. අනෙක් අතට මෙම කාසියේම අනෙක් පැත්ත වන්නේ මූලධර්මවාදියාය. මූලධර්මවාදියා ගේ විශේෂ ලක්ෂණය වන්නේ ඔහුගේ ප්‍රඥාවේ කේන්ද්‍රය ඔහු තුලම පැවතීමය. අනෙක් අය කළ යුත්තේ මේ අය ලගට ඇවිත් දණ බිම ඔබා ආචාර කර එම ප්‍රඥාව ඉල්ලා සිටීමය. උදාහරණයක් වශයෙන් නිර්මාල් ගේ බහු සංස්කෘතික මිතුරා මූලධර්මවාදියා ඉදිරිපිට තොප්පිය ගලවන්නේ මේ නිසාය. ඥාණසාර ගේ සිට රතන දක්වා මූලධර්මවාදීන් යනු ප්‍රඥාවේ කේන්ද්‍රය තමන් යැයි සිතන මතිභ්‍රමවාදී සයිකෝසිකයන්ය. ඒ අනුව එක පැත්තක අය දිගටම වදින අතර අනෙක් පැත්තේ අය දිගටම පහර දෙති.

අන් සෑම සංකල්පයක් සේම ප්‍රජාතන්ත්‍රවාදයද මිනිස් චින්තනයේ මූලධර්ම වලට යටත්ය. ලංකාවේ දී 71දීත් 89දීත් 2009දීත් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරනු ලැබුවේ නරක මිනිසුන් මගින් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ සාරාර්ථය වෙනුවෙන් පෙනී සිටි විපරිතයන් මගිනි. එකම ගැටලුව වන්නේ ඔවුන් අත්භූත මිනිසුන් ලෙස ඉතිහාසයට එකතු වීම පමණි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේදී යම් ප්‍රතිශතයකට ප්‍රජාතන්ත්‍රවිරෝධී වීමට සිදු වීම අනිවාර්ය වේ.

යක්ෂයා අප බියට පත් කරන මොහොතක කුරුසය පෙන්වා යක්ෂයා බිය ගන්වා අපට පළවා හරින්නට පුලුවන. නමුත් දෙවියන් අප බියට පත් කරනු ලබන්නේ නම් දෙවියන් බියට පත්කර පළවා හරින්නට අප කළයුත්තේ කුමක් ද?

පහත පල වන්නේ අප ඉහතින් සදහන් කළ කොමෙන්ට් මාලාවයි

  • Vangeesa Sumanasekara ම ලිපියේ මෙම කොටස බලන්න: ““මහ අනෙකෙකු” පිලිබඳ මෙම සූත‍්‍රය විඥානවාදී හරඹයකි. මානසිකත්වය හා විඥානය තීන්දු කෙරෙන්නේ සමාජීය කොන්දේසීන්ගෙන් ය: සමාජ කොන්දේසීන් මත් අවසන් වසයෙන් තීන්දු කෙරෙන්නේ නිෂ්පාදන බලවේගවල ද ඊට අනුරූපව නිර්නයවන නිෂ්පාදන සම්බන්ධතාවයන් ද විසිනි. ඉතිහාසයේ අදාලත්වය, මුලධර්ම හා වෛෂයික සත්‍යයක් ඇති බව දේවසිරිගේ පශ්චාත් නූතනවාදය විසින් බැහැර කෙරෙයි.” දර්ශනය පිලිබඳ පළමු උපාධියේ ප්‍රථම වසර පමණක් අවසන් කල කෙනෙකුට මෙම ලිපියේ මෙම කොටස කියවන්නට දුන්නත් මෙය කෙතරම් බැරෑරුම් ලෙස නූගත් මිනිසෙකුගේ ප්‍රකාශයක්ද කියා කියනු ඇත. මෙවැනි නූගතුන් සමග බැරෑරුම් සාකච්ඡා කල යුත්තේ ඇයි?
  • Sumith Chaaminda Dear Nirmal, I would like to hear your response over the RACIST comment made by Vangeesa.
  • Vangeesa Sumanasekara Dear Sumith, instead of dragging Nirmal into this, why don’t we clarify this between ourselves? Can you please explain to me what exactly is the racist comment I have made above?
  • Anton M Fernando කෙසේ වෙතත් ඔබේ ප්‍රතිවාදියාට නූගතා යයි ආමන්ත්‍රණය කිරීම සුදුසු නොවේ යයි සිතමි.
  • Vangeesa Sumanasekara ඇන්ටන්, එය නුසුදුසුය කියා තක්සේරු කිරීමට ඔබට ඇති අයිතියට ගරු කරමි. නමුත් තමන්ගේ ප්‍රතිවාදියා විවේචනය කිරීමට මම තෝරා ගන්නා වචන ජාතිවාදී වන්නේ ඇයි කියා පැහැදිලි කල යුතුය. නැතිව නිකන්ම තමන් එකඟ නොවන අදහසකට ‘ජාතිවාදී’ ලේබලය ඇලවීමට සුමිත් ට දිව්‍යමය වරමක් තියෙනවද? නිදර්ශනයක් විදියට ලැක්ලාව් සහ මුෆ් ඔවුන්ගේ “Post-Marxism Without Apologies” කියන රචනාවේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් ව හඳුන්වන්නේ “the fading epigones of Marxist orthodoxy” (මාක්ස්වාදී ගතානුගතිකවාදයේ වඳ වී යන භ්‍රෂ්ටයන්/පහත අනුකාරකයන්) කියලා. තවත් තැනක ලැක්ලාව් ‘ට්‍රොට්ස්කිවාදී බාල පෝතකයන්’ කියන යෙදුම භාවිතා කරනවා. (මේ වගේ උදාහරණ මට තවත් චින්තකයන්ගෙන් දෙන්න පුළුවන්, ලැක්ලාව් ව යොදා ගත්තේ සුමිත් නිසා). දැන් මේවාත් ‘ජාතිවාදී’ ද? මේ බයිලා ගහන්නේ මොකටද?
  • Anton M Fernando ඇත්තටම ඔබේ කොමෙන්ටුව ජාතිවාදී වන්නේ කෙසේද කියා මටද නොවැටහේ.
  • Sumith Chaaminda Dear Anton, ‘Racism’ කියන ඉංග්‍රීසි වචනය සිංහල කතිකාවන් තුල භාවිත වෙන්නේ ‘ජාතිවාදය’ කියන පටු අරුතින්. මෙය මෙරට දේශපාලන කතිකාවේ ගැටළුවක්. පුළුල් අරුතින් ගත්තොත් තම ප්‍රතිවාදියා නුගතෙකු යෙයි පවසා අපහාස කිරීම සහ එම පහත් විනිශ්චය මත පදනම් වී ඔහුව සංවාද ක්ෂේත්‍රයෙන් බැහැර කිරීම ජාතිවාදී ලෙස සිතන්නට හුරු වූ මනස් තුලින් ගලා එන්නක්. ලෙස සලකා racism වල එක ආකෘතියක් ලෙස ගත හැකියි. වෙනත් දාර්ශනිකයන් මේ දෙය කල නිසාම එය යුක්ති සහගත වේ යයි සිතීම ඉතාම පටු අවබෝධයක් බව කිව යුතුයි.
  • Anton M Fernando //ඔහුව සංවාද ක්ෂේත්‍රයෙන් බැහැර කිරීම ජාතිවාදී ලෙස සිතන්නට හුරු වූ මනස් තුලින් ගලා එන්නක්//
    මෙය ඔබේ අදහසක් පමණි.
  • Vangeesa Sumanasekara සුමිත් සමග ෆේස්බුක් එකේ වාද කර ගන්නකොට තියෙන සුවිශේෂ දෙයක් තමයි එයා මට ඍජුව ආමාන්ත්‍රණය නොකිරීම. ඔහු මට පිළිතුරු දෙන්නේ වෙනත් අයට ආමාන්ත්‍රණය කරමින්. සමහර විට මගේ මනස ‘හිතන්නට හුරු වී ඇති ආකාරය’ ඔහු දන්නා නිසා මෙහෙම වෙනවා වෙන්නට පුළුවනි. කෙසේ හෝ වේවා! සුමිත් චාමින්ද මහතාගෙන් මම ඉල්ලා සිටින්නේ *හැකිනම්* මෙම සරල ප්‍රශ්නයට පිළිතුරක් දෙන ලෙසය. ලැක්ලාව් විසින් ‘ට්‍රොට්ස්කිවාදී බාල පෝතකයන්’ කියා හතර වෙනි ජාත්‍යන්තරය වැනි මාක්ස්වාදීන් හැඳින්වීම ඔබට අනුව RACIST comment එකක්ද? නැතිද? එමගින් ඔවුන් ‘සංවාද ක්ෂේස්ත්‍රයෙන් බැහැර කරන්නේ’ නැතිද? ඔබට අනුව ලැක්ලාව් ගේ එම ප්‍රකාශය RACIST comment එකක් නම්, එසේනම් මම ද ලැක්ලාව් වැනි RACIST කෙනෙක් බව පිළිගන්නෙමි.
  • Sumith Chaaminda Anton, අපි වචන ගැන වාද කරන එක තේරුමක් නැහැ. කෙනෙකුගේ ජන වර්ගය පදනම් කරගෙන අපහාසයට සහ බැහැර කිරීමට ලක් කිරීම මෙන්ම උගත්කම පිළිබද විනිශ්චයන් පදනම් කරගෙන අපහාසයට සහ බැහැර කිරීමට ලක් කිරීම ද වැරදි බැවි මගේ ස්ථාවරයයි.
  • Vangeesa Sumanasekara දයාබර සුමිත්, මා ඔබේ ‘ඇන්ටන්’ මම උගත්කම පදනම් කරගෙන කාටවත් අපහාස කරන්නේ නැහැ. ඉහත ලිපියේ රචකයා/රචකාවිය නිර්මාල් ගේ ‘පශ්චාත්-නූතනවාදය’, ‘වෛෂයික සත්‍යයක් ඇති බව’ ආදී වචන මගින් අපට යෝජනා කරන්නේ කුමක්ද? ඒ තමයි ඔහු/ඇය නිර්මාල් පදනම් වන ලෝක දැක්ම කුමක්ද කියා හොඳින් දන්නා බවත්, එය වැරදි ලෝක දැක්මක් බවත්, ඒ වෙනුවට නිවැරදි එක ඔවුන්ට තිබෙනා බවත්ය. ඒ කියන්නේ ඔවුන් බොහෝ දැන උගත් අය කියා අපිට පිළි ගන්න කියන එකයි. නමුත් මොවුන් ගේ අදහස් වැරදි බව නූතන දර්ශනය පිලිබඳ සුළු හෝ අවබෝධයක් තිබෙන කෙනෙක් දන්නා දෙයක්. නමුත් ඔවුන් සිතන්නේ ඔවුන් නිවැරදි බවත් අනෙක් අය වැරදි බවත්ය. ඒ වෙන කිසිවක් නිසා නොව ඔවුන් ගේ නූගත් කම නිසාය. එවිට ඔවුන් නූගතුන් බව කියන එක අපාහසයක් නොවේ. එය කරුණුමය ලෙස ඇත්තක්. ඒක හරියට ක්‍රිකට් ක්‍රීඩාව තුල අකලංක ගනේගම දුර්වල පන්දු යවන්නෙක් කියන එක වගේ. ඒක කිසි සේත්ම අපහාසයක් නෙමෙයි. එයා ශ්‍රී ලංකා කණ්ඩායමට ගහන්නේ නැත්තේ ඒ නිසානේ. ‘හතරවෙනි ජාත්‍යන්තරයේ’ අය බදියු සහ ජිජැක් සංවිධානය කරන “On the Idea of Communism” කියන සම්මන්ත්‍රණ මාලාවට කථිකයන් ලෙස එන්නේ නැත්තෙත් මේ නිසායි. ඒක අපහාසයක්ද? RACIST comment එකක්ද?
  • Sanjaya Wilson Jayasekera ඉහත ලිපිය පළකරන්නේ නිකම්ම හතරවෙනි ජාත්‍යන්තරය නොවේ. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලිපියකි. ජිජැක් ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙලෙස පලකලා : Zizek is an outgrowth of a reactionary anti-Marxist and anti-materialist tradition that descends from the irrationalism of Schelling, Kierkegaard, Nietzsche and Heidegger. He eclectically draws on the neo-Nietzschean and neo-Heideggerian thought of 1960s French post-structuralism, having adopted the ideas of its leading intellectuals—especially the post-Heideggerian psychoanalysis of Jacques Lacan—when he was a graduate student.

    Many of the French post-structuralists were fellow-travelers of Stalinism or Maoism (e.g., Baudrillard, Derrida, Foucault, Guattari and Kristeva) and it is not surprising that ‌‌Zizek has occasionally said positive things about the Soviet and Chinese dictators.

    ‌‌Zizek is also known to call himself a “good Stalinist”, and there is reason to believe that he fancies himself a petty Stalin, going so far as he sometimes does to adopt Stalin’s habit of clapping for himself with anaudience. ‌‌ Zizek will follow up excitedly telling his listeners who his role model is.Besides irrationalism, post-structuralism and psychoanalysis, a more recent influence on ‌‌Zizek has been the septuagenarian French philosopher Alain Badiou, an admirer of Mao, who advocates the petty-bourgeois concept of “politics without party” and maintains the voluntarist notion that “we must go from politics to economy and never from economy to politics. Zizek has expressed similar-sounding ideas and also adopts Badiou’s mystical concept of the Event—a self-relating and self-inclusive phenomenon that appears to those who see themselves in its call, as it is characterized in ‌‌Zizek’s The Parallax View (2009).[2] Badiou and ‌‌Zizek do, however, have philosophical differences, but these have not been so significant as to compromise their friendship or ‌‌Zizek’s promotion of Badiou.

    As with the post-structuralists and the post-Maoists, ‌‌Zizek is a political opportunist, though crasser and ruder. Despite all the radical-sounding bluster he pumps off, when it comes down to real politics, not the political phantoms in his brain, his positions end up serving interests that are completely hostile to the international working class and to genuine socialism. http://www.wsws.org/en/articles/2010/11/zize-n12.html

    The Slovenian academic Slavoj ‌‌Zizek spoke in New York Monday, wandering frenet… See More
  • Vangeesa Sumanasekara සංජය විල්සන් ජයසේකර මහතාට බොහොම ස්තුතියි. දැන් ඔන්න මගේ තර්කය ඔප්පු කරන්න ප්‍රායෝගික නිදර්ශනයක් ඇස් ඉදිරිපිට තියෙනවා. බලන්න මේ වාක්‍යය : “[Zizek] ECELECTICALLY draws on… the POST-HEIDEGGERIAN psychoanalysis of Jacques Lacan” (my emphasis). දැන් මෙවැනි දෙයක් ලියන කෙනෙක් ලැකෝන් ගැන මෙන්ම හෛඩැගර් ගැනද නිවැරදි අධ්‍යාපනයක් නොමැති බව ඉතා පැහැදිලිය. ඔහු/ඇය කරන්නේ තමන් හොඳින් ඉගෙන ගෙන නැති දෙයක් ගැන බක පණ්ඩිත කතා කියන එකයි. එවැන්නෙකුට ‘නූගතෙක්’ කියන එක අපහාසයක් වෙන්නේ කොහොමද? මෙවැනි අයව ‘සංවාද ක්ෂේස්ත්‍රයෙන් බැහැර කරන්නේ නැතිව’ ඔවුන් සමග සංවාද කල හැකිද? ඔවුන් පළමුවෙන් තමන් නොදන්නා දේ හරියට ඉගෙන ගත යුතු නැතිද? එතෙක් ඔවුන් ‘නූගතුන්’ වීම අපහාසයක්ද නැතිනම් කරුණක්ද? මම ජීව විද්‍යාව ගැඹුරින් හදාරා නොමැත. නමුත් මම ජීව විද්‍යාව සහ එහි ඉතිහාසයේ එන වැදගත් චින්තකයන් ගැන මෙවැනි හතබීරි කතා කිව්වොත් කුමක් වනු ඇතිද? මම ජීව විද්‍යාව ට සාපේක්ෂව නූගතෙක් කියා එවිට කවුරුන් හෝ පැවසුවොත් එක ඇත්ත නොවෙයිද?
  • Voix de Ceylan තමන් ආසියාවේ ලාබාලතම දාර්ශනිකයා ලෙස තමන් විසින්ම මවා ගත්ත ලෝකයක ජිවත්වන එකා කොහොමත් ගොන් මැට්ටෙක්
  • Sanjaya Wilson Jayasekera //”[Zizek] ECELECTICALLY draws on… the POST-HEIDEGGERIAN psychoanalysis of Jacques Lacan” (my emphasis). දැන් මෙවැනි දෙයක් ලියන කෙනෙක් ලැකෝන් ගැන මෙන්ම හෛඩැගර් ගැනද නිවැරදි අධ්‍යාපනයක් නොමැති බව ඉතා පැහැදිලිය. ඔහු/ඇය කරන්නේ තමන් හොඳින් ඉගෙන ගෙන නැති දෙයක් ගැන බක පණ්ඩිත කතා කියන එකයි.// මේ Vangeesa Sumanasekara කරන චෝදනාවක/මතයක් විතරනේ. එක වාක්‍යකින් කොහොමද උගත් ද නුගත් ද මනින්නේ. මම කොමෙන්ට් එකේ දාපු ලිපිය පලකලේ අවුරුදු හතරකට කලින්. එය සහ අදාළ අනෙකුත් ලිපි ගැන කුමන හෝ විවේචනයක් ඒ දවස් වල ඔබ ඉදිරිපත් කලාද මම නොදනිමි. ඒ අනුව ඔබත් ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශන ගැන නිවැරදි අධ්‍යාපනයක් නොමැති බව පැහැදිලියි. කොහොම නමුත් උගත් නුගත ගැන කතා කිරීම වැඩක් නැහැනේ. කෙලින්ම ප්‍රශ්නයට එන්න. ” ලංකාවේ හිටපු රැඩිකලුන් ජවිපෙ “විකල්පයක්” ලෙස හුවා දක්වති ” ලිපියේ කම්කරු පන්තියට ජවිපෙ කරන කෙලවීම ගැන කතා කරනවා. එකට හවුල් අය ගැනත් කතා කරනවා. ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය ලෝක කම්කරු පන්තියේ ආස්ථානය. ජාත්‍යන්තර කමිටුව සංවාදයට එන්නේ කම්කරු පන්ති ආස්ථානයකින්. ඔබ කියන ‘සංවාද ක්ෂේස්ත්‍රය’ කම්කරු පන්ති ආස්ථානයට සම්පාත වෙන්නේ නැත්තම් ඔබ නිරූපනය කරන පන්ති ආස්ථානය පැහැදිලියි වගේම කම්කරු පන්ති ආස්ථානයක් තුල කරන සංවාදයෙන් බැහැරව ඉන්න ඔබට පුළුවන්.
  • Vangeesa Sumanasekara දැන් ඔන්න මම මෙතනින් ඉවත් වෙන වෙලාව ඇවිත්. මම මඩ ගහන අයට බය නැහැ. නමුත් ඒවා සමග ගැටෙන එක කිසි තේරුමක් නැහැ. සුමිත් ගේ ප්‍රශ්නය තුල ආචාර ධාර්මික වටිනාකමක් තිබුනා. මොකද ‘නූගතා’ කියන වචනය ට සිංහල භාෂාව තුල අපහාසාත්මක යටි අරුතක් තියෙනවා. නමුත් මම තර්ක කලේ තමන් නොදන්නා දර්ශනයක් ගැන පොර ටෝක් දෙමින්, අනෙක් අයට ‘සුළු ධනේශ්වර’ වගේ ලේබල් ගහමින් හතර බීරි කතා කියන එකට එම වචනය යෙදීම වරදක් නැති බවත් එය කිසි සේත් ජාතිවාදී නොවන බවත්ය. නමුත් ඔබ සමග රණ්ඩු වීම එහෙම වටිනා දෙයක් නෙමෙයි. මම ‘ආසියාවේ ලාබාලතම දාර්ශනිකයා කියලා’ මම ගැන හිතනවා කියා ඔබට සිතීමට අයිතියක් තිබේ. නමුත් මෙවැනි දේ පල කිරීමෙන් ඔබ ගේ තත්වය බාල වීම පමණයි මිතුර සිදු වෙන්නේ! ඔබට අනුව මම ගොන් මැට්ටෙකි. මට අනුව ඔබ එසේ නොවේ. ඔබ ජ. වි. පෙ. වෙනුවෙන් අවංකව පෙනී ඉන්න යහපත් මිනිසෙකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිර්මාල් ව විවේචනය කරන්නේ ජ. වි. පෙ. ට චන්දය දෙන්න කියපු එකටයි. ඔවුන්ගේ එම විවේචනයට ඔබ එකඟ නොවන බව මම දනිමි. එනිසා අපට වාද කිරීමට දෙයක් ඇත්තටම මෙතන නැත. මෙලෙස මට මඩ ගහන්න ඔබ පෙළඹෙන්නේ ජ. වි. පෙ. නව නායකයා පත් වූ දින අප අතර ඇති වූ අදහස් හුවමාරුව නිසා කියා මම සිතමි. ඒ මා පල කලේ මගේ මතයයි. එයින් ඔබට සිත් තැවුලක් වූයේනම් කණගාටු වෙමි.
  • Vangeesa Sumanasekara සටහන – ඉහත අවසන් කොමෙන්ටුව ලියුවේ Voix de Ceylan වෙතයි.
  • ජාතිකත්වය සඳහාවූ එකමුතුව වමේ බැතිමතුන්ට සුබ මැයි දින මන්ගල්ලයක්වේවා!

    මාක්ස්, ඒංගල්ස්, ලෙනින් යන ත්‍රිවිධරත්නයේ ආනුභාවයෙන්, ඉදිරි සෑම අත්භවයකම මොල ඇත්තන්ව ඉපදේවා!
  • Voix de Ceylan vangeesa sumanasekara මට ඔබත් සමග පුද්ගලික අමනාපයක් නොමැත. නමුත් වඩාත් හොඳ දේ ලෙස මම දකින්නේ ඔබ ඔබටම පළමුව අවංක විය යුතු බවයි. ඔබ ඔබ පිළිබදවම සිදු කර ගනු ලබන වර්ණාව තුලින් ඔබගේ ඇති ඇති දක්ෂතාවයන් විනාශ කරගනු ලබයි. පසුගිය කාලය පුරාවටම පෙරටුගාමී කල්ලි දෙක තුලම සිටියේ තමන්ගේ ෆොටෝ එක තමන්ගේ කැමරාවෙන්ම අරගෙන මුණු පොතේ සටහන් කරන පිරිහුණු මිනිස්සු. එතනින් මිදෙන්න. ජනතාව මැට්ටන් ලෙස හෝ ගොඩේ බයියන් ලෙස නොගන්න. පසුගිය චන්දයේදී ජවිපයට චන්දය දෙනු ලැබූ නාගරික උගත් ජනතාව මෙන්ම ඈත හමබන්තොට ඔබලාගේ වචන වලින්ම හදුන්වන ගොඩේ බයියන්ය. මේ ගමේ බයියන් නාගරික facebook ජනතාවට වඩා රාජපක්ෂලාගේ සුපරි වයුහයේ මාධ්‍ය වලින් වෙනස් නොවූ හා එයට අභියෝග කල ජනතාවය. එහිදී මා SEP මතවාදය සමග 100% එකගය.(ඔවුන්ගේ අනෙකුත් ගොන් පාට් සමග නොවේ) එනම් මිනිසාගේ මානසිකත්වය පාලනය කරනු ලබනුයේ ඔවුන් ජිවත්වන සමාජයේ ආර්ථික කොන්දේසි මත හා පාලක ධනපති පති පන්තියේ සන්නිවේදන ජාලය, සාහිත්‍යය , නීතිය මත පදනම් වූ සමාජය බවයි. මාක්ස්වාදය හා ජර්මන් දුෂ්ටිවාදය වෙන්වන හැරවුම් ලක්ෂය එයයි.
    අනෙක් අතට නිර්මාල්ගේ චන්දය දීමේ අයිතිය පිළිබද ප්‍රශ්න මට අදාල නැත. එය මා දකින්නේ නිර්මාල් ලා මෙන්ම දයාන් ල 1983 යුද්දය ආරම්හ වීමට පෙර ස්වයන් තීරණ අයිතිය සමග හිද 2009 න් පසුව යුද්දයෙන් පසු වූ වසර හතර කාලය තුල තමන් සිටි දෙමල ධනපතිපන්තිය හා දෙමල නිර්ධ්නපනතිය එකක් ලෙස ගෙන ක්‍රියා කිරීමේ මතවාදයෙන් මිදී පොදු සටනට අවතීර්ණ වීමේ මුලික අවස්ථාවක් ලෙසය. ඉදිරි වසර කීපය පන්ති සටන උග්‍ර වන යුගයකට අප අවතීර්ණ වෙමින් සිටිමු. එහිදී තව තවත් අය මෙම ගොඩට එක් වනු ඇත.
    එසේම අනුර කුමාර නායකකමට පත් වූ අවස්ථාවේ ජෙවිපයේ මාද්‍ය ජාලයේ අයෙකු විසින් කරනු ලැබූ අත් වැරැද්දක් මහා ගොෂාවක් ලෙස facebok පුරා පලකල ආකාරය මා දකින්නේ ඔබ වැනි පුද්ගලයෙකු සිදු නොකළ යුතු ක්‍රියාවක් ලෙසයි. එය හුදු කුහකත්වය හා ඔබගේ උපාධි කඩදාසි වලින් පුරවාගත් ඉංග්‍රීසි උගත් කම මත පදනම් වූ උඩගු මානසිකත්වය පෙන්වූ අවස්ථාවක් ලෙස මම දකිමි. ගොයම් ගසේ වී කරලක් මෙන් නැවෙන්න. බුද්දීමතා ගේ චරිත ලක්ෂණය විය යුත්තේ එයයි.
  • Prabath Galagamge Vangeesa Sumanasekara විසින් කේ. රත්නායක මැට්ටෙක් බව කියන්නේ ලිපියේ ඇති ප්‍රධාන චෝදනාවන් මග හැරීමට බව මාගේ අදහසයි. ලිපියේ සමස්ථ අන්තර් ගතයට පිළිතුරක් දෙන්න.
  • Nirmal Dewasiri I warmly welcome Sumith’s intervention about the ethical issue about naming the opponent. We have to unconditionally respect the opponent in a discursive engagement. I am not sure if Vangeesa’s use of ‘නූගතුන්‘ can be understood as a manifestation of racist mentality. But it is quite obvious that there is a derogatory sense in it. Vangeesa will surely say that he had a specific point in mind, that is pointing to the ignorance of the writer of the said article about certain aspects of what is being written. As there are broader social connotation in these words the derogatory sense cannot be avoided. There is no doubt Vangeesa that Sumith is looking at me and you to find some contradiction between what we say and what we do. It is part of the politics. I actually think that that is a good thing. When I want to get information about anti democratic deeds of the West, I watch Russia Today news channel. It shows us the duplicity of Western democratic credentials. But there is no point of asking if the Russia Today equally reports on violation of democratic norms by Russian regime. Like wise I would not ask Sumith whether he is equally attentive towards the language use of, for example, Vidarshana Kannangara, let alone his own. My suggestion to Vangeesa is a find a way to comment on WSWS writer’s ignorance about the subject in question without using this derogatory term.
  • Nirmal Dewasiri Just one more point about “racism”. I am not sure whether I am not a racist. I am trying by best not to be. However I never forget that I am someone who took part in 83 anti Tamil pogrom. To what extent that the mentality that led me to take part in it, still shape my behaviour, I don’t know. Therefor Sumith’s vigilance is a welcome gesture for me to look at myself. I recommend the same to Vangeesa. I can recall wonderful moment how our mutual friend Maduwantha Kumara Liyanawaththa responded to a Sinhala nationalist intruder in one of our meetings in Kurunegala. When Maduwantha was about to speak, this guy ask him to remove his cap. Maduwantha did not argue with him about his right to wear a cap, instead removed it and the intruder was silent.
  • ජාතිකත්වය සඳහාවූ එකමුතුව …………………………………….ඔවුන් භාවිතා කලේ මීට පෙර ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය, කොමිනිස්ට් වාදය දියාරු කිරීම සඳහා අත්හදාබලා සාර්ථකව දියත් කල උපක්‍රමයයි. එනම් ප්‍රධාන ධාරාවේ දේශපාලනයට සමාන්තරව මතවාදීමය වශයෙන් සුළුවෙනස්කම් සහිත කන්ඩායම් බිහිකර ප්‍රධාන මතවාදය සමග ගැටීමට සලස්වා එම බලවේග දෙකම විනාශවීමට සැලැස්වීමයි. රුසියාවතුල ක්‍රියාත්මකවූ ජෝසප් ස්ටාලින්ටලින්ගේ සමාජවාදයට විරුද්ධව, ප්‍රංශයේ සිට ක්‍රියාත්මකවූ ට්‍රොස්කිවාදී හතරවන ජ්‍යාතන්තරයට ඇමරිකන් සී. අයි .ඒ සංවිධානය විසින් ආධාර සපයන ලදී. මේ ආකාරයේම ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවතුලද ඇමරිකාව සහ බටහිර ඔත්තු සේවා විසින් ක්‍රියාත්මක කෙරින. ඒනම් ජනතා විමුක්ති පෙරමුණ බිහිකර පෝෂනය කිරීමට රහසිගතව ආධාර අනුබලදීමයි. නිදහසින් පසු ශ්‍රී ලංකාවතුල ස්මාජවාදි රජයක බලයට ඒමේ අවදානමක් සී. අයි. ඒ සංවිධානය හඳුනාගෙන තිබිනි. එකල ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය උගතුන් සහ බුද්ධිමතුන්ගේ දේශපාලන මතවාදයවිය. ලංකා සමසමාජ පක්ෂයේ ඇ. එම්. පෙරෙරා ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි දෙකකට හිමිකම් කියන්නෙකි. කොල්වින් ආර් ද සිල්වා ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් වන අතරම එකල ලංකාවේසිටි දක්ෂතම නීතිඥයෙකි, එම පක්ෂයේම ඔස්මන්ඩ් ජයරත්න මහතා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි, කොමිනිස්ට්පක්ෂයේ එස්. ඒ. වික්‍රමසිංහ මහතා වෛද්‍යවරයෙකි. එසේම දැනට ජාතිකත්ව මතවාදය නියෝජනය කරන මහාචාර්ය නලින් ද සිල්වා, දොස්තර ගුනදාස අමරසේකර, චම්පික රනවක වැන්නවුන්ද එකල සමාජවාදීන්විය. උගතුන් සහ බුද්ධිමතුන්ගේ ව්‍යාපාරයක්වූ ලංකාවේ සමාජවාදය නූගත්, නොමේරූ, පහල මධ්‍යමපාන්තිකයින් ගෙන් සැදුම්ලත් පිරිසක් වන ජනතා විමුක්ති පෙරමුණ අතට පත් කර අවසානයේ ස්වාභාවික මරණයකට ලඟවෙමින් ඇත. මෙම කාර්යය ඉ‍ටු කිරීම සඳහා හැටේ දශකයේ සහ හැත්තෑව දශකයේ මුල්කාලයේ සී. අයි. ඒ. සංවිධානය විසින් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට රහසේ ආධාර සපයනලදී. එමගින් ඔවුන් බලාපොරොත්තු වුනේ සමසමාජ හෝ කොමිනිස්ට් පාක්ෂිකයින් අතට වැරදීමකෛන්හෝ බලය ලැබීමේ ඉඩප්‍රස්ථා අහෝසි කිරීමයි. හැත්තෑවේදී බලයට පත් සමගි පෙරමුණු ආන්ඩුවේ ප්‍රබල ඇති තනතුරු එන්. එම්. පෙරේරා සහ කොල්වි ආර් ද සිල්වා විසින් දරන ලදී. යම්හෙයකින් සිරිමා බන්ඩාරනායක මැතිනිය බලයෙන් ඉවත්වීමකදී, එන්, එම් හෝ කොල්වින් සමගි පෙරමුණු නායකත්වයට පත්වීමේ ඉඩකඩක් පැවතින. එවැනි සිදුවීමක සම්භාවිතාව අවම වුවද ඇමරිකන් කාරයා, දකුණු ආසියාව තුල තවත් සමාජවාදී රාජ්‍යක් බිහිවීමට කුඩා ඉඩක් හෝ තබීමට කැමති නෑත. එබැවින් ඉහල තත්වයේ සමාජවාදය අඩපන කර විනාශ කිරීම සඳහා පහල තලයේ සමාජවාදයකට රහසිගතව ආධාර කිරීමට ඇමරිකාව පෙළඹින. මේ සඳහා ඔවුන්ගේ උපක්‍රමය වූයේ, ජනතා විමුක්ති පෙරමුණේ, තීරණ ගැනීමේ මණ්ඩළ තුලට උවුන්ගේ උපාය දූතයෙක් හෝ කිහිපදෙනෙක් ඇතුල්කිරීමයි. 88/89 කාලයේ රන්ජිදම් ගුනරත්නම් විසින්ද, මෑත කාලයේදී, රන්ජිදම්ගේ සොහොයුරු කුමර් ගුනරත්නම් විසින්ද, වර්ථමානයේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් විසින්ද ඉ‍ටු කරනුයේ එම කාර්යභාරයයි. මගේ මේ අනුමානය සනාථවන ප්‍රධාන සාධකයක් වනුයේ, පැහැර ගැනීමට ලක්වූ, කුමාර් ගුනරත්නම් බේරා ගැනීම සඳහා, ඕස්ට්‍රේලියානු තානාපතිවරියගේ සීමාව ඉක්මවූ මැදිහත්වීමයි.
  • ජාතිකත්වය සඳහාවූ එකමුතුව හෙල උරුමයට එරෙහිව බොදුබල සේනා සහ සිහල රාවයට ආධාර අනුබල සැපයීමට පෙළබෙන්නේ මෙම පූර්වාදර්ශය අනුව යමිනි. ඊලම් යුද්ධය අවසන්වූ වහාම උගතුන් සහ බුද්ධිමතුන් අතර තිබූ සිංහල ජාතිකත්ව මතවාදය දියකර හැරීමට පිඹුරුපත් සකස් කිරීමට දෙමල ඩයස්පෝරාව සහ ඔවුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන නෝර්වේ රාජ්‍ය, ඇමරිකන් රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ රෝබට් ඕ බ්ලේක් ඇතුළු බටහිර බලවේග කටයුතු කලහ.මොවුන් ඒ සඳහා ‍තෝරා ගත්තේ කලක් හෙල උරුමයේ සාමාජිකයින්ව සිට පසුව එයින් වෙන්වූ, අක්මීමන දයාරත්න, ගලබොඩ අත්තේ ඥාසාර, සහ කිරම විමල ජෝති වැනි භික්ෂූන් පිරිසකි. ජාතිකත්ව මතවාදය දියකර හරින අතරතුර එයට සමගාමීව මුස්ලිම් විරෝධයත් මේ හරහාම කරලියට ගෙන ඒමට ඒකී බලවේග කටයුතු කරන ලදී. එතරම් දැන උගත්කමක් හෝ පරිණතබවක් නොවූ මේ භික්ෂූන් නම්වවා ගැනීම බටහිරයින්ට අපහසු නෝවීය, කලක් වර්ල්ඩ් විෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයේ ‍රැකියාව කල ඩිලන්ත විදානගේ නම් තනැත්තා ලවා ඥානසාර සහ විමලජෝති නම් භික්ෂූන් සම්භන්ධකර ගැනීමට ඔවුනට හැකිවිය. මේ ආකාරයටම තවම හඳුනා නොගත් කිහිප දෙනෙකු ලවා අක්මීමන දයාරත්න භික්ෂුවද සම්බන්ධ කර ගැනීමට ඔවුනට හැකිවිය. ඉන්පසු විවිධ රහසිගත ස්ථානවලට කැඳවා මුස්ලිම්වරුන් මගින් ජාතියට එල්ලවන තර්ජන නමින් දේශන මාලාවක් මේ පිරිසට ලබාදී, මුස්ලිම් ආක්‍රමනයට එරෙහිව සටන් කරන්නේ නම් සියළු පහසුකම් දෙන බවටත්, එම හිමිවරුන්ගේ ප්‍රතිරූපය ඉහල නැංවීමට අවශ්‍ය සියළු ප්‍රචාරක කටයුතු සඳහා විය පැහැදම් දරන බවටත් නෝර්වේ නියෝජිතයින් සහතිකවිය. බොදු බල සේනා සහ සිහල රාවය සංවිධාන ආරම්භයේදී ඔවුන්ගේ වෙබ් අඩවි වලට පිවිසීමට ලියුම්කරුට හැකිවිය, ඉතා සැලසුම් සහගතව එම වෙබ් අඩවි සකසා තිබින, පරිඝනක පිළිබඳ මලපොතේ අකුරක් නොදත් මෙම භික්ෂූන් කෙසේ මෙවැනිදේ සිදු කරනවාදැයි පුදුම එලවන සුලුය. එසේම මෙම සංවිධාන සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් කතාකලහැකි හෝ ෆැක්ස් පනිවිඩ යැවිය හැකි දුරකථන අංක විශාල සංඛ්‍යාවක් එම වෙබ් අඩවිවල සඳහන්විය. පසුව එම වෙබ් අඩවි ඉවත් කරගෙන තිබේ.
  • Vangeesa Sumanasekara Since there seem to be a general consensus that my use of the word ‘නූගත්’ is inappropriate I will take that word back and apologize. Let me add, however, that I have no sympathies towards the WSWS writers and Nirmal’s initial statement that he wishes to seriously engage with these people is, in my opinion, a futile waste of time. These people are nothing more than the ruins of a bygone era of emancipatory politics (or to use Laclau and Mouffe’s non-RACIST words, they are ‘the fading epigones of Marxist orthodoxy’) that has no significant stake in contemporary debates. They write as if they have championed all serious philosophical work from Schelling, Nietzsche, Heidegger to Lacan and Badiou, but it is quite obvious that they have not engaged with the serious scholarship that had been done on these thinkers. Since this can be easily misinterpreted as if I am suggesting that one has to read these writers in order to engage in political discussions, let me say this as precisely as possible. I am not saying that in order to write about emancipatory politics one must read Schelling (after all the he is one who has made the worst RACIST remarks out of all the German Idealists!). All I am saying is that if one’s criticism of the opponent is based, to a certain extent, on the way he/she reads Schelling (irrationalism of Schelling, etc), then one must show that he/she has done justice to Schelling by reading him carefully. Or, one must simply not mention Schelling. But the WSWS has shown time and again that they will continue to base their arguments on very simplistic ‘Wikipedia’ readings of these thinkers. What’s the point in seriously engaging with these sort of arguments? This is, after all, the point I initially wanted to make, although it has subsequently turned out to be an entirely different discussion. P.S. To Sumith, I will simply say this – please continue to work the way you think is best and I will work the way I see best. As Castro said, History will absolve us all!
  • Samal Vimukthi Hemachandra මගේ අදහස තමයි WSWS එකයි වන්ගීසයි (සුමිත් ආදින් ) සිටින්නේ එකම බෝට්ටුවේ බව.
    1. දෙගොල්ලොම හිතනවා සමාජය පිලිබද දාර්ශනික ස්තාවරයක් තිබිම අත්‍යවශ්‍යබව. (මම දර්ශනය කියලා හිතන්නේ සරලවම සමාජය දිහා විවේචනාත්මකව බෑලිමකට. ඒ අර්තයෙන් කම්කරුවාද දාර්ශනිකයෙක් විය හෑක. නමුත් මේ කණ්ඩායම් දෙකට අනුව දර්ශනය යනු එවෑනි දෙයක් නොව විවිධ බටහිර දාර්ශනිකයින් සම්බන්ද දෑනුමයි. WSWS ට මාක්ස්ලා, ලෙනින්ලා, අනෙක් අයට බදියුලා, ග්‍රම්ස්චිලා, ලෑකොන්ලා, ඩෙරිඩලා ) 
    2. දෙගොල්ලොම හිතනවා ඒ අය ඉන්න දාර්ශනික ආස්තානය හරි කියලා. WSWS හිතනවා මාක්ස්, ලෙනින් තමයි සමාජය වෙනස් කිරිමේ විද්‍යාත්මක ක්‍රමය කියලා. අනෙක් අය හිතනවා වර්තමාන දාර්ශනිකයින් හරි කියලා. ඒකෙදි මුලින් අල්තුසර්. එයා මදි. ඉට පස්සෙ ඩෙරිඩා. එයත් මදි. ඉට පස්සෙ ජිජෑක්. එයාත් මදි. ඉට පස්සෙ ලෑක්ලාවු. එයත් මදි. ඉට පස්සෙ බදියු. එයත් මදි. ඉට පස්සෙ මියෑසු…
    3.දෙගොල්ලොම හිතනවා අනෙකාගේ ආස්තානය වෑරදි බව, අනෙකා “නුගත්” කියලා. මෙය කිසිදා නිමනොවන අසමානතාවයේ චක්‍රයක්.

    මට දෑන ගන්න ඔන දේ තමයි ස්පාර්ටකස් සත්තු කියලා හිතපු වහල්ලු ටිකක් එක්ක බලගතු රොම අධිරාජ්‍යට විරුද්ධව සටන් කලේ මොන දාර්ශනිකයව දෑනගෙනද කියලා.
  • Vangeesa Sumanasekara සමල් ට මේක කියවන්න පුළුවන් නිසා මම පරිවර්තනය කරන්නේ නැතුව මගේ ඉහත කොමෙටුවේ අදාළ කොටස විතරක් උපුටන්නන්. “Since this can be easily misinterpreted as if I am suggesting that one has to read these writers in order to engage in political discussions, let me say this as precisely as possible. I am not saying that in order to write about emancipatory politics one must read Schelling (after all the he is one who has made the worst RACIST remarks out of all the German Idealists!). All I am saying is that if one’s criticism of the opponent is based, to a certain extent, on the way he/she reads Schelling (irrationalism of Schelling, etc), then one must show that he/she has done justice to Schelling by reading him carefully. Or, one must simply not mention Schelling.” දැන් මම කියලා තියෙන්නේ විමුක්ති දේශපාලනයට දාර්ශනික ස්ථාවර අත්‍යවශ්‍ය බවද? දෙවෙනි එක දැන් අපි ඔක්කොම වැරදි බෝට්ටු වලනේ ඉන්නේ. ඔයා ඉන්න බෝට්ටුවට අනුව අපි මේ වෙලාවේ කරන්න ඕන මොනවද?
  • Vangeesa Sumanasekara මට අමතක උනා. දැන් සමල් ගේ ඉහත ලැයිස්තුවේ ගොඩක් දාර්ශනිකයෝ ඉන්නවා. මෙතන notable absentee තමයි රොන්සියර්. දැන් ඔයාට මේ විමුක්තිය පිලිබඳ අදහස ආවේ රොන්සියර් කියවන්න ඉස්සෙල්ලද පස්සෙද?
  • Shen Makelvi නිර්මාල්ගේ බැරෑරුම් සාකච්ඡාව අහන්න කවුද ඉන්නෙ?වංගීස පැටියයි නිර්මාලුයි විතරයිනෙ…හැලපයා මහතා මැද්දට පැනල මොනවද කරන්නෙ?
  • Thushara N Daskon වංගිස මේ දිගින් දිගටම කියන්න හදන කතාවම තමයි මට හිතෙන්නේ 2004 දිත් වුනේ. එතනදී සුමිත්ට පැහැදිලිවම සංවිදානය ගැන ස්ථාවර දෙකක් තිබුනා.
    01 ප්‍රභා සහ බුද්දිකගේ පුද්ගලික ප්‍රශ්නය
    02 එක්ස් කණ්ඩායම ඇතුලේ තමන්ටම ස්වාධීන අනන්‍යතාවයක් නැතිවීම
    එතකොට සුමිත්ම සංවිධායෙන් එළියට යන්න තිබිච්ච එකට උපාය මාර්ගය තමයි අංක 01 ගැන දැන දැනම නොදන්නවා වගේ ඉදගෙන සාමුහිකව අනිත් අයත් එක්ක අත්වැල් බැද ගන්නා එක
    මේ කාරණයේ දී සුමිත් සසල වෙන්නේ අංක 01 සහ 02 අතර තියෙන පරතරය ගැන ‍නොදන්නවා වගේ අනිත් අය හැසිරෙන නිසයි. නමුත් එයා පංතියට වඩා අනන්‍යතාවයට තමයි තැන දෙන්නේ. ලැක්ලාව්ට එයා අවිඥාණකව අනන්‍ය වීම සමාජ ක්‍රමයෙන් එයාට ලැබෙන ලුබ්ධ් පගාවයි. එතනදී පංතිමය වශයෙන් සමානයන් වන නිර්මාල් සහ සුමිත් එකමග යාම අහම්බයක් නොවේ. 
    නමුත් වංගීස අනන්‍යතාවයට වඩා එහා දෙයක් ඒ කියන්නේ අශාව,අනන්‍යකරණය,හබායාම,වගේ ක්ෂේත්‍රයක දැනට සැරි සරනව. 2004 දී අනන්‍යතාවයට විරුද්ධව අනන්‍යකරණය සදහා දීප්ති ඇතුලු අය කරපු අරගලයත් ඕකම තමයි කියලයි මට හිතෙන්නේ.
    වංගීස දැන් මුහුණ දෙන්නේ 2004 දි දීප්තිලා මුහුණ දුන් ගැටළුවටමයි. මේ ගැටළුව විසදා ගන්න නම් දැනට හැමෝම ක්‍රීඩා කරන විවෘත නරුමවාදයෙන් ගැලවෙන්න වෙන බවයි මගේ අදහස. අනික වංගීස මේ හොර නමින් වලින් ලියන තක්කඩියන්ට උත්තර දෙන්න එපා. ඕකුන් ගේ ඇත්ත විස්තර හොයා ගෙන අඩු කඩන්නයි වටින්නේ
  • Shen Makelvi දස්කොන් කියන ඇත්ත නමින් ලියන්නේ දීප්ති කියන දේවල් නෙමෙයිද?මොකද දස්කොන්ට මෙච්චර චින්තනයක් පහළ වෙන්න නම් මොළේ හයි ස්පීඩ් වැඩ කරන්න ඕනෙ.මොකද දස්කොන් 2004 සිදුවීම කියන එක ගැන දැනගන්න විදිහක් නෑ.අනිත් එක මහත්තයෝ දීප්තිට කියන්න එයා කොච්චර ‌හොර නම් ගාණකින් මූණු පොතේ ඉන්නවද කියන එක හැමෝම දන්න කාරණයක් කියන එක.දීප්තිගෙත් වෙලාවකට ලොරි ටෝක් ටිකක් අනික් පැත්තෙනුත් හිත රිදෙන ඒවා කිව්වහම තමයි සදාචාරය, දේශපාලනය, ලෙනින්, විනය, අවංකකම වගේ ඒවා මතක් වෙන්නෙ.දැන් හැලපයා මහත්තයාවත් දීප්තිට චින්තකයෙක් වෙලා වගේ..ඔහොම යං ඔ‌ෙහාම යං….
  • Shen Makelvi දැන් එතකොට 2004 වෙලා තියෙන්නෙ බඩු කේස් එකක්ද?බඩුවකට සංවිධානයක් කඩන්න පුලුවන් නම් ඒ කාලෙ තිබුණු සංවිධානයේ තරම හිතාගන්න පුලුවන්….දීප්ති මේ කාලේ වගේම (සුදර්ශන, මනෝරි ….. වගේ) ඒ කාලෙත් අහක යන කබ්බො (නිර්මාල්, සුමිත්, වංගීස…..) ටිකක් පෝම් කළා. කබ්බො උඩ ගියා.බිමට බා ගන්න දීප්තිටත් බැරිවුණා. කබ්බොත් දන්නෙ නෑනෙ තමන්ගෙ තරම. එළියට ගියහම තමන්ට මාර තැනක් හම්බ වෙයි කියල හිතුවා..වෙච්ච දේකුත් නෑ අන්තිමට.දැන් දීප්තිත් හිතේ දුකට කවි ලිය ලියා ඉන්නවා තමන් පෝම් කරපු කබ්බො ගැන….මේවට දේශපාලනය කියනවා නම් ෂොක්….
  • Prabath Galagamge මම හිතන්නෙ මේ සාකච්ඡාවට අදාළ ලිපිය බැරෑරුම් එකක්. හැබැයි මෙතන කතා වෙන්නෙ අපි ඉස්කෝලෙ උසස් පෙළ කරන කාලෙ කරපු කතා බහටත් වඩා සිල්ලර එකක්. මේකට එක හේතුවක් තමයි මේ බොහොමයක් කතා මධ්‍යම පංතියේ කෑම දිරවනකං කරන කතා බහ වීම.
  • Thushara N Daskon මොකද දස්කොන් 2004 සිදුවීම කියන එක ගැන දැනගන්න විදිහක් නෑ. එහෙම නම් 1917 රුසියන් විප්ලවය ගැන කතා තරන්න අපි කාටවත් විදිහක් නැහැ මොකද අපි ඒ සිදුවීම දන්නේ නැහැනේ අනේ යකෝ ඇත්ත නම් කියපන් තොට දර්ශණය උගන්වන්න. උබ කැමති නම් මාව ඩිරෙක්ට් හම්බ වෙයන් මම උබට දේශපාලන උගන්වන්නම්
  • Vidarshana Kannangara නිර්මාල් විසින් මේ කොමෙන්ටු සංවාදයට මා පිළිබඳව කළ සටහන නිසා මෙසේ ලියමි. අපගේ සාමූහික ක‍්‍රියාකාරීත්වය තුළ නියෝජනය වන මගේ පුද්ගලික අදහස මෙසේය. විමුක්ති දේශපාලනයට භ‍්‍රෂ්ඨයා, වලිප්පුකාරයා, තක්කඩියා, නරුමයා, කාලකණ්ණියා වැනි වචන පමණක් නොව ප‍්‍රතිවාදියාගේ ම…See More
  • Samal Vimukthi Hemachandra දෙපෑත්තම ශේප් කරගන්න හදන මෙවෑනි ප්‍රකාශනම් “තක්කඩි” ප්‍රකාශ ය. //එහෙත් වන්ගීසගේ ඒ ශෛලිමය ප‍්‍රවේශයට මම එකඟය. එසේම එහි වර්ගවාදී මූලයන් සොයන සුමිත්ගේ මැදිහත් වීමට ද එකඟය…//
    · Like
  • Nirmal Dewasiri Vidarshana Kannangara //මම ප‍්‍රතිවාදියාට සක්කිලියා, තුප්පහියා, පොන්නයා, මාළුකාරයා, වට්ටිඅම්මා වැනි වචන භාවිතා කරන්නේ නැත. //
    විමල් වීරවංශත් චම්පික රණවකත් මේ වචන පාවිච්චි කරන්නේ නැත.
    11 hours ago · Like · 2
  • Vidarshana Kannangara නිර්මාල් මේ කියන්නේ විමල් හා චම්පික සිය ප‍්‍රතිවාදීන්ට වර්ගවාදී වාග් ප‍්‍රහාර එල්ල කරන්නේ නැති බව නම් මට ඒ ගැන කීමට දෙයක් නැත. එහෙත් විමල් හා චම්පික විසින් ‘අහිංසක නිවැරදි මිනිසුන්ව’ සතුරන්ගේ හා ප‍්‍රතිවාදීන්ගේ තැනට ඇද දැමීමේ ශෛලියට මම ඉඳුරා එකඟය. එහෙත…See More
  • Nirmal Dewasiri විදර්ශන ඔයා හිතන්නේ මම කියන්න උත්සාහ කරපු දේ ඔයා තේරුම් ගත්තා කියලද? අනෙකා තේරුම් ගැනීම ඔබ සිතනවාට වඩා දුෂ්කර බවයි මගේ අදහස.
  • Chathu Ranga මා දුටුවා ජ වි පෙ මැයි රැලියේ ඉදිරියෙන්ම ගිය සාම්ප්‍රදායික මුහුනු අතර චීනෙකුත් සිටිනවා.. ඔහු චීන ජාතිකයෙක් විය යුතුයි. අනෙක් කාරනාව වන්නේ පැකර් වැන්නන්ගේ නම ඇසු වනම කිපෙන ජ වි පෙ චීනය කර ඇති විනාසකාරී ආයෝජන ගැන බකමුනූ තියරිය යෙදීමයි. ජවිපේ මේ ක්‍රමය වෙනස් කොට නැවත තනන්නේ චීනයක් නම් පවතින ක්‍රමය ඊට වඩා හැම අතින්ම හොදය…. චීනයේදී අඩු තරමේ මෙසේ දේශපාලනික සංවාදයක් කොට ලබාගත හැකි හීනි විනෝදයවත් සාමාන්‍ය මහජනයාට නොලැබේ..
    6 hours ago · Like · 2
  • Hadi Sheriff @Chathu Ranga JVP principal backer is China.
  
3 mana -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts