Open top menu
Wednesday, June 25, 2014
  හිට්‌ලර්ගේ ගෝලයෙක්‌ යළි ඉපදීම

වටරැක විජිත නමැති චීවරධාරියා තවදුරටත් භික්‌ෂුවක ලෙස හැඳින්වීම අප විසින් කරනු ලැබිය යුතුද? බොදු බලසේනාව සමග ගැටුමක්‌ ඇතිකරගෙන සිටි ඔහු එම සංවිධානයේ සිවුරු ගැලවීම සඳහා තෙමේම ගුටි ඇනගෙන, තෙමේම අත් පා කපාගෙන පානදුරේ හිරණ පාලම අසල නිරුවතින් වැටී සිටීමෙන් පත්තු කරන්නට තැත් කළ බෝම්බය පොඩි එකක්‌ නොව ලොකුම ලොකු එකකි. චීවරධාරී විජිත වැටී සිටි ආකාරයට අනුව වැඩි දෙනකු සැක කළේ බොදුබල සේනාව ඔහුට
Read more
Friday, June 20, 2014
දේවදත්තවත් මෙහෙම නැහැ...............නීතිය ප්‍රයිවට්‌ ලිමිටඩ් කොම්පැනියක්‌ නොවේ

බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක්‌ දුව යති. උන්වහන්සේට පහර දීම සඳහා කට්‌ටියක්‌ පන්නාගෙන යති.
ඉහතින් සඳහන් වන්නේ මෙයට මාස දෙකකට පමණ පෙර අන්තර්ජාලය ඔස්‌සේ අප දුටු ඉතාම කාලකණ්‌ණි දර්ශනයකි. මේ සිද්ධියේදී දිව ගිය භික්‍ෂුව වටරැක විජිත හිමියෝ ය. පසුපසින් එළවාගෙන පැමිණි අය එක්‌කෝ බොදු බල සේනාවේ කට්‌ටිය ය. නැත්නම් ඒ කටිටිය සහ ඒ කට්‌ටියට සල්ලි 'පම්ප්' කරන කට්‌ටිය ය. (සල්ලි පම්ප් කිරීම ලෙස මෙහිදී හැඳින්වෙන්නේ සද්භාවයෙන් කරන දායකත්වය හෙවත් ටූත් පේස්‌ට්‌ අරන් දීම, ගමන් බිමන් සඳහා වාහන සැපයීම, දාන මාන පිරිනැමීම සහ වෙන වෙන පොඩි පොඩි වැඩවලට සපෝට්‌ දීම යනාදී වශයෙන් සද්භාවයෙන් කරන වැඩ ය.)

භික්‍ෂුන් වහන්සේ නමක්‌ පසුපස, පහර දීමේ ෙච්තනාව සහිතව පිරිසක්‌ පන්නාගෙන යැම දැකීමට තරම් පව් කිසිදුÊබෞද්ධයෙක්‌ නො කළ යුතු ය. එසේම මේ නපුරු දර්ශනය වෙනත් ආගමක්‌ ආශ්‍රයෙන් වුව ඇති නො විය යුතු ය. දේවදත්තවත් මෙහෙම හැසිරී නැත.

කෙසේ වුවද එදා දීමට බැරි වූ ගුටි පූජාව 'ඇරියස්‌' එකත් සමඟම වටරැක විජිත හිමියන්ට මෙයට දින දෙක තුනකට පෙර ලැබිණ. උන්වහන්සේ පැහැරගත් පිරිසක්‌ ඉතා දරුණු ලෙස උන්වහන්සේට පහර දී සිවුර ගලවා අත් පා බැඳ දමා පානදුරේ හිරණ පාලම අසල දමා ගොස්‌ තිබියදී හමුවිය.

වටරැක හාමුදුරුවන්ට පහර දුන්නේ අරගොල්ලන්ද? එහෙමත් නැත්නම් මේ ගොල්ලන්ද? කවුරු ගැහුවත් මේ වෙලාවේදී මේ ගහන්නේ බරපතළ න්‍යාය පත්‍රයක්‌ අත තබාගෙන ය. වටරැක හාමුදුරුවන්ට බොදු බල සේනාව පහර දුන් බව කිව්වොත් වැඩේ ඩබල් වෙයි. එම පහරදීම කළේ බොදුÊබල සේනාවේ එකවුන්ට්‌ එකට බැර කිරීම සඳහා ඉස්‌ලාමීයයන් යයි කිව්වොත් වැඩේ ටි්‍රබල් වෙයි.

එහෙත් මේ වෙලාවේ දී ඒ කුණු වැඩේ මේ කවුරුවත් කරන්නේ නැත. එය කළ එකා සර්ව සම්පූර්ණ තුන්වන පාර්ශ්වයක්‌ විය යුතු ය. ඒකා හෝ උන් සොයා හතර හන්දි ගැලවිය යුතුම ය.

මේ දිනවල ලෝකය පුරා විවිධ අරගල තිබේ. ත්‍රස්‌තවාදී ප්‍රචණ්‌ඩත්වය, රටවල් ඇල්ලීමට මූලධර්මවාදීන් හමුදා තැනීම, ස්‌ත්‍රී දූෂණ සහ සොරකම්, මිනී මැරුම් සහ ආගමික යුද්ධ මේ දිනවල ඉතා දරුණුවට පවතී. මේ දිනවල තිබෙන රැල්ල එය ය. ඒ රැල්ල එහෙ මිස මෙහෙ ගැසිය යුතු නැත. ඒ රැල්ල මෙහෙ ගැසීමට මහජන ඡන්දයෙන් පත් වූ විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉඩ දෙන්නේ ද නැත. දිය යුතුත් නැත. මහජනයා නීතිය අතට ගැනීම තුළ මේ කාලය ඉතා නරක කාලයක්‌ බවට පත් වී තිබේ. නීතිය තිබිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ නො වන බව ඇත්ත. එය තිබිය යුත්තේ සමාජය තුළ ය. එය ක්‍රියාත්මක කළ යුත්තේ පොලිසිය සහ උසාවිය ය. මහජනයා නීතිය අතට ගත් විට ආණ්‌ඩුවේ ඉස්‌කාගාර සංස්‌ථාව පෞද්ගලික අංශයට වික්‌කා හා සමාන තත්ත්වයක්‌ ගනී. නීතිය ප්‍රයිවට්‌ ලිමිටඩ් කොම්පැනියක්‌ නොවේ. එය ජනයාගේ ආරක්‍ෂාව පතා ව්‍යවහාර කළ යුතු රජයේ දේපළකි. එහි 'කොටස්‌' පුද්ගලික අංශයේ කාටවත් නැත.

මේ අතර බෞද්ධ භික්‍ෂුවක සහ ප්‍රවීණ ධර්මධරයකු වූ කිරම විමලජෝති නායක හාමුදුරුවන් වහන්සේ බොදුÊබල සේනාවෙන් ඉවත් වූ බව අපි දැන ගතිමු. මෙය ඉතා කාලීන හොඳ තීරණයක්‌ නිසා උන්වහන්සේට හිස නමා ආචාර කරමු.

                                                                                                                                             divaina -
Read more
Tuesday, June 17, 2014
යකා බැඳ තබමු!

කා අතේත් වැරදි තිබෙන බව ඇත්ත. කා අතේත් පවු ටිකක්‌ ගෑවී තිබෙන බවත් ඇත්ත. එහෙත් මනුස්‌සයන් හැටියට අප මෙසේ පාරවල් දිගේ ගහ මරා ගත යුතුද? කඩ ගිනි තැබිය යුතුද? ඇඳිරි නීතිය පනවාගෙන, අප කන්නට බලා සිටින දේශපාලන සහ ආගමික බලවේගවලට විනෝදාස්‌වාදය සැපයිය යුතුද? අලුත්ගම සහ බේරුවල යන දෙපෙදෙසෙහි ගත වූ පැය හැත්තෑදෙක තුළ වූ සිද්ධි සමූහය කැතයá ලඡ්ජා සහගතයá නින්දිත ය. ලුණු ඇටයක්‌ දැක ලුණු ලේවායක කතා පතුරුවාහරින ඇතැම් මිනිස්‌සු පේන්ට්‌ කරන ලද අශූචි බාල්දි වැනි තම මුඛ කුහර විවර කර තප්පරයට හැට ගානේ තමන් ඇසූ දුටු කතන්දර කීමට පටන් ගෙන ඇත්තාහ.

අසූ තුනේ කලු ජූලිය පුනරුච්ඡාරණය කිරීමට අප කාටවත් අවශ්‍යද? නැත. අසූ තුනේ ජුලි මාසයේදී ගලා ගිය ලේ ගංගා යළි දැකීමට කවුරුත් කැමැතිද? කිසි ලෙසකින්වත් නැත. අප අකැමැති වුවද මේ ලේ ගංගා දැකීමට කැමැති පරපීඩකයෝ අප අතර සිටිති. උන්ට ජාති භේදයක්‌ නැතá ආගම් භේදයකුත් නැතá කුල භේදයකුත් නැත. මේ දෙක තුනෙන් කොයි එක හෝ යොදාගෙන කඩයක්‌ ගිනි තැබීම, ගෙයක්‌ කොල්ල කෑම, මිනිසකු මැරීම, අන් කෙනකුගේ බිරියක හෝ දියණියක හෝ සොයුරියක හෝ කෙළෙසීම උන්ගේ අරමුණ ය. මේ නීච අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා උන් ඉදිරියෙන්ම රැගෙන යන බෝඩ් ලෑල්ල එක්‌කෝ zආගම බේරා ගැනීමZ ය. එහෙමත් නැතිනම් zජාතිය බේරා ගැනීමZ ය. එහෙත් මිනිස්‌කම බේරා ගැනීමට කා තුළවත් උනන්දුවක්‌ නැත. ඒකට හෙන ගහලා පලච්චාවේද?

අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජගොඩ විහාරස්‌ථානයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට පසුගිය පොහෝ දින කිසියම් පිරිසක්‌ විසින් පහර දෙනු ලැබීම පසුගිය පැය හැත්තෑදෙක තුළ සිදුවූ සියලු zඅපාය සහායZ සිදුවීම්වල නිමිත්ත ලෙස දැනට පෙන්වා දෙනු ලැබේ. කිසිදු ආගමකට අයත් පූජ්‍ය පක්‍ෂයේ කෙනකුට පහරදීමට අප එකහෙලා විරුද්ධ වෙමු. එසේම එම පහරදීම ඉත්තකු බවට පත් කරගෙන දේශපාලන බඩ වඩා ගැනීමකට කිසිදු පුද්ගලයකු, කණ්‌ඩායමක්‌ හෝ ආගමික කල්ලියක්‌ උත්සාහ කරන්නේ නම් එයට ද අප තරයේa විරුද්ධ වෙමු. ජාතිවාදය යනු ඉතා ජනප්‍රිය මාතෘකාවකි. ආගම්වාදය ද, එසේම ය. මේවා ලේ හැලෙන සහ ලේ හලන මාතෘකා ය. මනුෂ්‍යා යනු තවමත් ගෝත්‍රික ලක්‍ෂණ කරපින්නාගෙන සිටින සත්ත්වයෙකි. ලේ දැකීමට ප්‍රිය කරන යක්‍ෂයෙක්‌ ඔහු තුළ සිටී. මේ යක්‍ෂයා පළවා හැරීමට බැරි නම් අඩුම ගණනේ බැඳ තැබීමවත් අප කළ යුතුය. එයට අකැමැති වන තැන්වලදී යකාත් ඒ යකා සඟවාගෙන සිටින මිනිසාත් යන දෙදෙනාම බැඳ තැබිය යුතුය.

මේ රට සිංහලයන් ප්‍රමුඛ සියලු ජාතීන්ගේ භූමියයි. ඉස්‌ලාමීයයෝ ද, දෙමළ ජනයා ද අපගේ සහෝදරවරු ය. බර්ගර් ජාතිකයෝද, මැලේ ජාතිකයෝ ද අපගේ සහෝදරවරු ය. සියලු ආගම්වලට රට තුළ පිළිගැනීමක්‌ තිබේ. ඒ අතර කාලකණ්‌ණි කුලභේදය පමණක්‌ තැන තැන දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාව යනු තිස්‌ අවුරුදු යුද්ධයක්‌ දිනා ශිෂ්ඨාචාරයක්‌ අලුතින් ආරම්භ කළ රටකි. මේ ශිෂ්ඨාචාරය දිගින් දිගටම ඉදිරියට ගෙන යැමට නම් අප තුළ සිටින ජාතිවාදී සහ ආගම්වාදී යකා බැඳ තැබිය යුතුමය.

divaina -
Read more
Thursday, June 12, 2014
මම බොදු බලයට බයයි!!! - උපුල් ශාන්ත සන්නස්ගල

යොවුන් ම යොවුන් කවියෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලගෙ කුළුඳුල් කවි පොත ජනගත කෙරුණෙ පසුගිය හතරවෙනිද. එදා කතාබහට එකතු වුණේ උපුල් ශාන්ත සන්නස්ගල සහ මංජුල වෙඩිවර්ධන. (ස්කයිප් තාක්ෂණය හරහා) වැඩේ ඉවරවෙලා ගියපු වැඩේ කරගන්න (තේ පැන් සාදය භුක්ති විඳින්න) ගිය වෙලාවෙ මගේ හිතවතෙක් කියනව... ‘අදනං සන්නගෙ දේශනය අන්තිමයි.
ඌ පොත ගැන කතා කරේ නැහැනෙ.’ කියල. මම කිව්ව... ‘ උපුල් පොත ගැන කතා නොකළට පොතේ අන්තර්ගත දේශපාලනය ගැන හොඳ සවිඥානයකින් යුතුවයි කතා කරේ’ කියල. මිත්‍රයට ම කියපු දේ වැටහුණා ද නොවැටහුණා ද කියල මට වටහා ගන්න බැරි වුණා. මොකද ඊට වඩා දෙයක් ඔහු කතා නොකළ නිසා.

මෙවැනි සංවාදවලට සහභාගිවන බහුතරයකගෙ මතයත් ඒ වගේ නම්, ඔවුන් වර්තමාන දේශපාලනය ගැන කොතරම් අවිඥානික ද කියන කාරණය දැන් පැහැදිලියි. එහෙම නැත්නම් සවිඥානික වුනත් පැවැත්ම සඳහා අවිඥානික විදියට ජීවත් වෙන්න උත්සාහ කරනව ද දන්නෙත් නැහැ. කොහොම වුනත් එදා සන්නස්ගල කළේ තැනට සුදුසු ම ආකාරයේ දේශනයක්. ඒ කියන්නෙ කසුන්ගෙ පොත පිළිබඳව සහ වර්තමාන දේශපාලන සන්දර්භය පිළිබඳ අති සවිඥානික දැක්මක් සහිත කතාවක්. ඒක එහෙම ද නැද්ද කියල බලන්න අපි ඒ දේශනය උපුල්ගෙ වචනවලින් ම කියවමු.

මට මේ වගේ තැනක දේශනයක් කිරීම අපහසු කාරණයක් නෙවෙයි. ඒක මට කජු කනව වගේ වැඩක්. නමුත් කසුන්ගෙ පොත ගැන දේශනය කරන්න මම ටිකක් තිගැස්සුණා සහ බියක් දැනෙනවා. මොකද මම මේ පොත දරුණුවට විවේචනය කරල කසුන්ගෙ දේශපාලනය කතා කළොත් මම මෙතනින් බැස්සට පස්සෙ කසුන් මෙතනට නැගල මට බනින්න ඉඩ තියෙනව.

මම කසුන්ව දන්නකාලෙ යි, කසුන්ගෙ කවි ටිකයි, මම විශ්වවිද්‍යාලෙ සිටි අවධිය යි, අද දේශපාලනය යි සහ උතුර පිළිබඳ සිතන විදියයි සියල්ල ම ගත්තම මට පළමුවෙන් ම හිතෙන්නෙ කසුන් සංස්කෘතික හැඳුනුම් පතක් සොයමින් සිටින බව. මම මේ කියන්නෙ ජාතික හැඳුනුම්පත නොවෙයි: සංස්කෘතික හැඳුනුම්පත. සාමාන්‍යෙයන් කෙනෙක් මේ හැඳුනුම්පත හොයාගන්නෙ වයසත් එක්ක සහ අත් දැකීම් සමඟ පරිනාමය වෙමින්.

මට අද දේශනය පවත්වන්න කිව්වෙ කුමාර හෙට්ටිආරච්චි ගැන, රත්න ශ්‍රී ගැන හෝ අවම වශයෙන් මස්ඉඹුල පිළිබඳව නම් කිසිම තිගැස්මක් නෑ ඒ කෙනාගෙ කවි ටිකක් උපුටාගෙන දේශනය කරන්න අවශ්‍ය සම්පත් වුවමනාවටත් වඩා තියෙනව. නමුත් මම කියන්නෙ කසුන්ගෙ සංස්කෘතික ජිවිතය මොකක් ද කියල කසුන්ගෙ අම්ම තාත්වත් දන්නෙ නැහැ. මේ කාරණය කවුරුවත් පටලවා ගන්න එපා. මම මේ කියන සංස්කෘතික හැඳුනුම්පත අනාගතයේ දි කසුන් හොයාගනීවි. මම අද එයාගෙ හැඳුනුම්පත ගැන පැවසුවොත් ඒක අසාධාරණයි. මම බය යි කිව්වෙ ඒ නිසයි. මොකද මේ විදියට හැඳුනුම්පත් දීල කෙළවගත්ත අය ඕන තරම් ලංකාවෙ ඉන්නව. මම ඒකට මගෙන් ම උදාහරණයක් ගන්නම්.

මගේ පළවෙනි පොත (සරසවි දියණියෝ) එළිදැක්වුවෙ ජෝන්ද සිල්ව එකේ. ඒකට හේතු තිබුණ. එකක් විශ්වවිද්‍යාලෙ යාළුවො ඔක්කොම පොඩි ශාලාවක දාන්න බැරි නිසා. දේශනවලට කැඳෙව්වෙ: දයාසේන ගුණසිංහ මහතා, මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය සහ සරත්විජේසූරිය මහතා. මේ තුන්දෙනා තෝර ගන්නත් හේතු තිබුණ. මට පත්තර කලාව ඇතුළෙ යම් උදව්වක් කළේ දයාසේන ගුණසිංහ මහත්මය. විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරිය වුණේ කුසුමා කරුණාරත්න මහත්මිය. හැබැයි එයාට එන්න කිව්වෙ එයාගෙ විචාර ගැන පැහැදීමකින් නෙවෙයි. විභාගෙ අන්නයි, ලකුණු කපයි කියන බයට. සරත් විජේසූරිය මහත්මය තමයි ඒකාලෙ විශ්වවිද්‍යාලෙ රැඩිකල් කථිකය; විශ්වවිද්‍යාලෙ සංස්කෘතික නියෝජිතය. එදා ඒ අය කරපු කතාවෙ කැසට් එකක් තවම මගේ ළඟ තියෙනව. දැන් මට හිතෙනව එදා මොනවද ඒ අය කිව්වෙ කියල. මගෙන් කාලයක් ඉගෙනගත්ත, ගෝලයෙක් නොවන, ශිෂ්‍යයෙක් වන කසුන් ඔය වැඩේ ම කරන බව මට විශ්වාසයි. මොකද කසුන් ඒ ජාතියෙ කෙනෙක්.

ඒක උදාහරණයක් එක්ක ම කියල මගේ කතාවට ප්‍රවේශ වෙන්නම්.

කසුන් මට දණගහල වඳිනව. නමුත් ඔයාල දැක්කනෙ පොත පිළිගන්වල මෙයා අම්ම තාත්තටවත් වැන්දෙ නැහැ. මේක වරදක් විදියට මම දකින්නෙ නැහැ. මේක තමයි කසුන්ගෙ ස්වභාවය. ඒදෙන්නට පොත් පිළිගන්වල වැන්දෙ නැත්නම් මට වඳින්නෙ කොහොම ද? ඒ නිසා තමයි ඒ දෙන්නට හාදුවක් දීල මටත් හාදුවක් දුන්නෙ. මේ දෙබිඩ බවක් නෙවෙයි.

මේක තමයි කසුන් තිගැස්සෙන තැන. මොකද ඕනෑම අම්ම තාත්ත කෙනෙකුට මේ වගේ අවස්ථාවක් ආඩම්බරයට කාරණයක්. මේක මේ විදියට ම ප්‍රභාකරන්ගෙ, තිලීපන්ගෙ සහ මැරුම්කෑවත් දයා පතිරණගෙ අම්ම තාත්තටත් ඒ ආඩම්බරය තිබෙන්න ඇති. මේ වන විට අනුර කුමාර දිසානායකගෙ අම්මටයි තාත්තටයි කොච්චර ආඩම්බරයක් ඇත්ද? ආඩම්බරය කෙසේ වෙතත් දැන් බය නැතුව ඇති. ඒ ආඩම්බරය සහ බයත් එක්ක පුතා තිගැස්සෙන එක තීරණාත්මක යි.
මම දැන් එන්නෙ කසුන්ගෙ කවිවලට...

තමන් දේශපාලනිකව සහ අත්දැකීම්වලින් පරිනාමය වෙන්න කලින් එයා ඔළුවෙන් පරිනාමය වෙලා. මේ මොහොතෙ එළියට පැනල තියෙන්නෙ කසුන්ගෙ ඇඟ නෙවෙයි ඔළුව. ඇඟ කොයි කාලෙ පනීවිද දන්නෙ නැහැ. ඒ නිසයි මම කලින් කිව්වෙ හැඳුනුම්පත තියෙන්නෙ කොහේද කියල කියන්න බැරි බව. මොකද තව අවුරුදු දහයකින් පහළොවකින් කසුන් කවි පොතක් ලිව්වොත් එදාට කියන්න පුළුවන් වේවි කසුන් හැඳුනුම්පත හොයාගත්ත කියල. එතකන් මට කසුන් විශ්වාස නැහැ.

මම මේකටත් පොඩි උදාහරණයක් දෙකක් කියන්නම්. අද දොරට වඩින්නෙ ‘කවි ඇසිඩ්’ වුණාට මේක තමයි කසුන්ගෙ පළමු කවි පොත. මේ පොත ටයිප්සෙටින් කරල, පෘෘෆ් කියවල, ලේඅවුට් කරල ඔක්කොම ඉවරවුණාට පස්සෙ කසුන් කියනව මේ පොත ප්‍රකාශ කරන්නෙ නැහැ කියල. දැන් ඔයාලට පැහැදිලි ඇති ඇයි මම කසුන්ට හැඳුනුම්පතක් නොදෙන්නෙ කියල.

මේ පොතේ නම ‘‘ටැටූ’’.මේ කසුන්ගෙ පළවෙනි කවි පොත. මේකෙ ප්‍රේමණීය කවි වැඩියි. මේ පොතේ පිදුම වෙනස්. නමුත් මාස හයක් ඇතුළත කසුන් තීරණය කරනව මේ පොත ප්‍රකාශයට පත් නොකරන්න. අද ප්‍රකාශයට පත්වෙන්නෙ ‘‘කවි ඇසිඩ්’’. හිතාගන්න පුළුවන් නේද චේන්ජ් එක. දැන් පැහැදිලියි නේද මම මේ වෙලාවෙ කසුන්ට හැඳුනුම්පතක් දුන්නොත් ඒක අසාධාරණයි කියල. කසුන් පරිනාමය වෙන්නෙ අපිට වඩා ඉක්මණින්.

Kasun-Mahendra-Heenatigala-Kavi-Acid
කසුන් පටන්ගන්නෙ පිළියන්දල කනිටු විදුහලෙන්. පස්සෙ තමයි ලුම්බිණියට යන්නෙ. ඊටත් පස්සෙ රාජකීය නොවෙන දරුවෙක් රාජකීය විද්‍යාලයට යනව. ඊළඟට කසුන් නතරවෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ. මේ විදියට ම කසුන් දේශපාලනිකවත් පැන පැන යනව. මම ඒක නිශ්චිතව දන්නෙ නැහැ. නමුත් මම මෙහෙම කියන්නම්. යුඑන්පි එකෙන් ශ්‍රිලංකා එකට ශ්‍රීලංකා එකෙන් ජේවිපි එකට ජේවීපි එකෙන් පෙරටුගාමි එකට පෙරටුගාමි එකෙන් ප්‍රංශයට වගේ ඉතා ඉක්මණින් ම පැන පැන යනව. මම නැවතත් කියන්නෙ... අපි කොහොමද කසුන්ට හැඳුනුම්පතක් දෙන්නෙ? කසුන්ගෙ ගමන අධිවේගියි. ඒක පාලනය කරන්න කවුරුවත් උත්සාහ කරන්න එපා. මොකද එහෙම වුණොත් මිනිහ ඇක්සිඩන්ට් වෙනව. කසුන්ගෙ ජිවිතය සහ නිර්මාණ තුළ පවා දකින්න ලැබෙන්නෙ කසුන් හැඳුනුම්පතක් සොයාගෙන යන එක.

අපි කරන්නෙ අම්මගෙ පෙකනි වැල කඩාගෙන නගරෙට ඇවිල්ල නගරෙ නන්නත්තාර වෙලා අත්දැකිම් සමුදායක් ලබනවා. නගරෙ පිම්පියොත් එක්ක, සමලිංගිකයොත් එක්ක, ගණිකාවොත් එක්ක, ගංජ බොන එවුන් එක්ක, ජේවිපි, එල්ටීටීඊ එකත් එක්ක එකතුවෙලා කඳවුරුබැඳල ආයුද පුහුණු වෙලා දේශපාලකයොත් එක්ක ගැවසිලා පරිනාමය වෙලා ඇවිල්ලත් තවම හැඳුනුම්පත හොයනව. නමුත් තවම හම්බවෙලා නැහැ. ඒ නිසා මගේ සමහර යාළුවො කියන්නෙත් මාව තවම විශ්වාස නැහැ කියල. වර්තමාන කාලින විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක ගත්තම මට කසුන් වීරයෙක්. සාහිත්‍ය කලා කටයුතුවල ඉන්න විශ්වවිද්‍යාලයේ ගැහැනු සහ පිරිමි වැඩිහරියක් ඉන්නෙ ලිංගිකත්වය නමැති සාධකය මත. ඒක එහෙම වෙන්නෙ ඇයි කියල අත්දැකීම්වලින් ම කියන්නම්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ තිබුණ ලොකු මියුසිකල් ෂෝ එකක්. අපි හොඳට ම දන්නව විශ්වවිද්‍යාලවල යම් ෂෝ එකක් පැය භාගයක්, පැයක් හෝ පැය එකහමාරක් පරක්කු වුනොත් අඩුගනෙ ‘‘හූ’’වක්වත් කියනවනෙ. විසිල් එකක් ගහනවනෙ. මොන... නිශ්ශබ්දව ඉන්නව. පැය දෙකක් පරක්කුයි... පන්දාහක් විතර සෙනඟත් ඉන්නව. ඒගොල්ලො ඉතාම කිකරුව ෂෝ එක බලන්න බලාගෙන ඉන්නව. හරියට රොබෝල වගේ. යම් කටයුත්තකදි පොල්තෙල් පහනක් පත්තු කරනවනෙ. ඒ වෙලාවෙ මේ නිවේදකය කියනව... ‘අපිට පළමුව තිබෙන්නේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවි දුන් විරුවන් වෙනුවෙන් විනාඩියක් නිශ්ශබ්ද වීම’ කියල. මේ විශ්වවිද්‍යාල ප්‍රජාව විනාඩි පහක් විතර නිශ්ශබ්දව ඉන්නව. මම අහන්නෙ මේකට මෙන්න මේ වගේ වාක්‍යයක් දාන්න කියල කියන්න කොන්ද පණ තියෙන එකෙක් හිටියෙ නෑ. මොකක්ද වාක්‍යය...? ‘යුද්ධයේ දී මිය ගිය සියල්ලන් වෙනුවෙන්’ කෑල්ල. අඩුගානෙ ඒකවත් යොදන්නෙ නැහැ. වර්තමාන විශ්වවිද්‍යාලෙ තත්ත්වය මේකයි.

මේ වාතාවරණ ඇතුළෙ මට කසුන් ගැන බියක් දැනෙන්නෙ අද ගැන නෙවෙයි. කසුන් එක වෙබ්සයිට් එකකට උත්තර දෙනව එයා ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනව කියල. මේක ඇත්තක් ද බොරුවක් ද කියල මම දන්නෙ නැහැ. පසු කාලෙකදි කිව්වොත් එහෙම ‘නෑ මම නොමේරු කාලෙ එහෙම කිව්ව’ කියල. මොකද ජේ ආර් එහෙම කිව්ව.

දැන් මවුබිම පත්තරේ කර්තෘ තුෂාර ගුණරත්න ඉන්ටර්වීව් එකක දි ජේ ආර්ගෙන් මෙහෙම අහනව.

‘ජනමත විචාරණය තිබ්බ වෙලාවෙ, ලාම්පු කළගෙඩි සෙල්ලම තිබුණ වෙලාවෙ හරියට වංචා සිද්ධ වුණා නේද? හොර ඡන්ද දැම්ම නේද?’ කියල.

එතකොට ජේ ආර් පත්තරකාරයගෙන් මෙහෙම අහනව.

‘කොයි කාලෙද එහෙම එකක් තිබ්බෙ...?’

එතකොට පත්තරකාරය කියනව

‘දැනට අවුරුදු පහළොවකට කලින්’

එතකොට ජේ ආර් දෙන උත්තරය මොකක්ද...?

‘ආ... ඉතිං ඔයාට තිබුණනෙ ඒක ඒ කාලෙ අහන්න. ඒ කාලෙ පියවරක් ගන්න’
ඊට පස්සෙ පත්තරකාරය අහනව...

‘ඔබ ලෝ කොලේජ් එකේ ඉද්දි සම සමාජ පක්ෂයේ වැඩ කළා. කොමිනිස්ට් පක්ෂයෙ වැඩ කළා?
එතකොට ජේ ආර් කියනව...

‘ඔව්... ඔව්... කොල්වින් එන් එම් දෙන්නත් මාක්ස්වාදය ගැන පොත් කියෙව්වෙ මගේ පුස්තකාලෙන් තමයි.’

ඊට පස්සෙ පත්තරකාරය ආයෙත් මෙහෙම අහනව...

‘ඊට පස්සෙ ඔබ තමයි විවෘත ආර්ථිකය ගෙනල්ල, මේක අංශක තුන්සිහ හැටකින් අනිත් පැත්තට හරවල අපේ රටට ධනේශ්වරය අරගෙන එන්නෙ’ කියල.

එතකොට ජේ ආර්ගෙ උත්තරය මොකක් ද...?

‘ඔව්... අවුරුදු දහඅටේ දි වාමාංශිකයෙක් නොවුනොත් ඔහුට හදවතක් නෑ. අවුරුදු තිස්පහේදි දක්ෂිණාංශිකයෙක් නොවුණොත් ඌට මොළයක් නෑ’ කියල.

පත්තරකාරය ඊළඟට අහනව....

‘ඔබ යුරෝපයෙ ඉද්දි විස්කි බොනව, බ්‍රැන්ඩි බොනව, ඔබ වැඩිහරියක් බිව්වෙ රෙඩ් වයින්. ඒ බිව්වෙත් ඉතාලියෙන් ගෙනාපුව විතරයි. නමුත් මෙහේ ඇවිත්, සුදු ඇඳගෙන, ධර්මිෂ්ට සමාජය කියල තමයි දේශපාලනය කරන්නෙ?

මොකක්ද ජේ ආර්ගෙ උත්තරය...?

‘ඔව්... මම ගෙදරට කලිසම. රටට රෙද්ද.’

දැනටත් හුඟක් ය එහෙමනෙ. රටට රෙද්ද. ගෙදරට කලිසම. ඉතිං අපිට කවුද විශ්වාස කරන්න පුළුවන්...? දැන් කසුන් විශ්වවිද්‍යාලෙ ඉද්දි කවි ලියනව. ඉස්සර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෙයා විදියට ඉද්දි කවි ලියපු අයගෙන් සියයට එකක්වත් දැන් කවි ලියන්නෙ නෑ. මම උදාහරණයක් කියන්නම්.

ඉස්සර අපි විශ්වවිද්‍යාලෙ ඉන්නකාලෙ හැම ඉරිදාවක ම විපුලහේවා වලිමුනිගෙ සහ සුනන්දා රණසිංහගෙ කවි පළ වුණා. දැන් ආසාවට ඒ අයගෙ එක කවියක් දකින්න පුළුවන් ද...? එහෙම නම් ඒ අය කොහොමද කවියො වෙන්නෙ...? මොකද නියම කවියෙක් නම් පුද්ගලය මළත් කවිය මැරෙන්න විදියක් නෑ. සමහරු කවි ලියන්නෙ ගීත රචකයෙක් වීමේ පෙරහුරුවක් විදියට. එහෙම නම් අපිට යම් පුද්ගලයකුට කවියෙක් විදියට හැඳුනුම්පත දෙන්න වෙන්නෙ, ඒ පුද්ගලය කවියෙක් විදියට පිළිගන්න වෙන්නෙ වසර ගණනාවක් තිස්සෙ කවි ලිව්වොත් විතරයි. මම ඒකටත් හොඳ නිදර්ශනයක් කියන්නම්.

අපි දන්නව භාෂණ කියල සහෝදරයෙක් ගැන. රෝහිත භාෂණ. රෝහිත භාෂණ සහෝදරය අවුරුදු දහඅටේ දි පෙනී හිටපු දේශපාලනය අපි දන්නව. භාෂණ සහෝදරය අවුරුදු විසි එකේදිත් ඒ දේශපාලනය වෙනුවෙන් පෙනී හිටිනව. ඊට පස්සෙ භාෂණ අවුරුදු තිස් පහේදිත් ඒ දේශපාලනය වෙනුවෙන් ම පෙනී හිටිනව. භාෂණට ලංකාවෙන් යන්න වෙනව. අදත් අපි භාෂණ ලියන ඒව දකිනව. ඒ නිසා අපිට පුළුවන් භාෂණට හැඳුනුම්පතක් දෙන්න.

නමුත් මම නම නොකිය ඉඟියක් කියන්නම්. යුද්දෙ අවසාන කාලෙ පැල් බැඳගෙන ස්වයංතීරණ අයිතිය ගැන ලියපු: වේගයෙන් ලියපු කෙනෙක් හිටිය. යුද්ධය අවසන් වෙනවත් සමඟ ම ගියා. දැන් ඔහු කවි ලියනව ද...? නෑ... එහෙම නම් එයා මොකටද කවි ලිව්වෙ...?‘අනේ මාව අත්අඩංගුවට ගන්නකො’ කියල තමයි ලියල තියෙන්නෙ. එහෙම නම් එයාගෙයි භාෂණ සහෝදරයගෙයි අතර වෙනසක් තියනවනෙ. භාෂණගෙ ගොඩට ඔවුන් දාන්න බැහැනෙ. ඒ වගේම ඒ අය එක්ක එකට දේශපාලන වැඩ කරල හිරබත් කන මොල සෙනෙවිරත්නල ගැන කවුද කතා කරන්නෙ...? අවම වශයෙන් මොලාල ගන ෆේස් බුක් එකේ ලියන කෙනෙක් ඉන්නව ද? ඒ නිසා භාෂණට දෙන දේශපාලන හැඳුනුම්පත අර මම කියපු අයට දෙන්න බැහැ. මංජුල අදත් කවි ලියනව: අදත් දේශපාලන කවි ලියනව. මංජුලට ඒකෙන් මිදෙන්න බෑ.

මම කිව්වනෙ මට කසුන්ට හැඳුනුම්පතක් දෙන්න බෑ. කසුන් විශ්වාස කරන්න බැ කියල. ඇයි ඒ...? කසුන් මෝඩයෙක් නොවන නිසා. කසුන් හම්බ බ්‍රයිටෙක්. අපි කිව්වොත් දැන් කවි ලියමු කියල මෙතන වාඩිවෙලා කවි ලියයි. මම දවසක් කසුන්ට කියනව මට අම්ම ගැන කවියක් ලියල එවන්න කියල. කසුන් එක දවසෙන් විහිෂ්ට කවියක් ලියල එවනව. එහෙම හැමෝට ම කවි ලියන්න බැහැ. කසුන්ට ඒ ප්‍රතිභාව තියෙනව.

කසුන්ට උපාධිය පාස්වෙලා ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් කසුන් ඒ ඔක්කොම පැත්තක තියල තමන්ගෙ ජිවිතයට දේශපාලනික අර්ථයක් දෙනව.

මම මෙතෙක් වෙලා කියපු ටික කසුන්ගෙ කවියක තියෙනව. හැත්ත අටවෙනි පිටුවෙ ‘මගේ කවි’ කියන කවිය කියවන්න.

රට්ටුන්ට පේන්ට මහ උජාරුවට
කවි ලිව්ව බොට කප්පරක් මට
තේරෙන නොතේරෙන කවි නොකවි
මේ මඟුල් අදටත් තුට්ටුවකවත්
වටින් නැහැ තොට
ඒ වුනත්
මට්ටුවක් නැහැ මට

හරියට ම හරි. මේ කියන්නෙ මම මෙතෙක් වෙලා කියපු ටික ම යි. සමහර පුංචි පුංචි සිද්ධිවලින් අපි රිද්දගන්නෙ නැත්නම් එයාට කවියෙක් වෙන්න බැහැ. මම ඒකට උදාහරණයක් කියන්නම්.

මම මාසයක් විතර දුක් වින්ද එක දෙමළ කොල්ලෙක් ගැන හිතල. ඒ ළමයගෙ නම මනෝහරන්. අදත් හපුතලේ ඉඳන් තංගමලේ පාරෙ ගියොත් පුල්ලෙ කාමරේ කියන ලැයිම් කාමරේ මේ මනෝහරන් කියන කොල්ල ඉන්නව. වතු දෙමළ අය වත්තෙ හිටියට ගමත් එක්ක එකතුයි. කුලී වැඩ කරන්න ගමට ආවම ඒ අය දන්නෙ නැහැ තමන් දෙමළ ද සිංහල ද කියල. ඒ අය ගමේ වතුවල වැඩකරන්න පටන්ගත්තම ඔවුන්ට දෙමළ නෙවෙයි පුළුවන්. සිංහල. සමහර අයට ඇත්තට ම දෙමළ වචන බැහැ. ඇහුවම ‘අපි දන්නැ මාත්තිය. අපිට දෙමළ බේ’ කියල කියනව. අපේ ඥාතින්ට කතාකරන්නෙත් ‘අක්ක, අයිය, නැන්ද, මාම, නංගි, මල්ලි’ කියල. ‘අපි ශීතක්ලගෙ ගෙදර වෙඩට යෙනව. අද අබේ අයිගෙ පෝර දාන්න තියෙනවනෙ. අබේ අයියගෙ වෙඩේට නොගිහින් බේනෙ’ එහෙම තමයි ඒ අය කියන්නෙ.

මනෝහරන් හැන්දෑවට ක්‍රිකට් ගහනව. ශ්‍රී ලංකා සංචිතයට කවුරුහරි තෝරගන්න පුළුවන්ද බලන්න බදුල්ල දිස්ත්‍රික්කයේ තරගයක් පවත්වනව. ඒ තරගය පවත්වන්නෙ ක්‍රීඩාංගනයේ කෙළවරක එක රිටක් ගහල. තරගකරුව මේ රිටේ වදින්න බෝල හයක් දාන්න ඕන. මනෝහරන් සරමෙන් අමුඩෙ ගහගෙන බෝල හයම ඉලක්කයට ම දානව. මේ සිදුවීම දැකල ක්‍රිකට් පාලක මණ්ඩලේ අය විශ්මයට පත්වෙනව. ඊට පසුසෙ එක දිගට බෝල තිස්හයක් දාන්න දෙනව. ක්‍රිකට් පාලක මණ්ඩලය මනෝහරන් ගැන පැහැදිලා සංචිතයට තෝරාගන්නව. කොළඹ එන්න කියල ආරාධනා කරල දිග බඩු ලැයිස්තුවකුත් දෙනව. නමුත් මනොහරන් යන්නෙ නැහැ. මම ඇහුව ඇයි ගියෙ නැත්තෙ කියල. ‘මාත්තිය... මම ගියාම දරුවන්ට කන්න දෙන්නෙ කවුද අප්පා’ ඒක තමයි මනෝහරන්ගෙ පිළිතුර.

මනොහරන්ට ළමයි හයදෙනෙක් ඉන්නව. ලොකු පුතාගෙ නම අර්ජුන. දෙවෙනි පුතා අරවින්ද. ඊළඟ පුතා සනත්. ඊළඟ කෙනා කළුවිතාරන. මනෝහරන්ගෙ ගෙදර ක්‍රිකට් කණ්ඩායමේ නම් දාපු කොල්ලො හය දෙනෙක් ඉන්නව. මම ඇහුව ඇයි ඒ නම් දැම්මෙ කියල. ‘මාත්තියා... මට ටීම් එකට යන්න බැරි වුණානෙ. ඒනිසා මම ටීම් එක තමයි හැදුවා.’ කිව්ව. එයාට යන්න බැරිවුණ නිසා දරුවන්ට ටීම් එකේ නම් දාල. එයාගෙ මල්ලිගෙ ළමයින්ටත් ටීම් එකේ නම් දාල. හැන්දැවට ක්‍රිකට් ගහනව. කොහොම ද කැගහන්නෙ... ‘ඒයි සනත්... සනත්... දාපං... දාපං... ඒයි කළුෑ අල්ලපං... අල්ලපං...’ ඒක හරියට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වගේ.

හැමදාම හවසට යහලබැද්ද කදුරුගමුව හරහා බස් එකක් දියතලාවෙ ඉඳන් හපුතලේට යනව. ඒ බස්එක දියතලාවෙ විනාඩි හතළිස් පහක් නවත්තල තියෙනව. මේ බස් එකේ යන අය යන්නෙ හාල්, පොල්, සීනි, එළවළු ගේන්න නෙවෙයි. මේකෙ යන්නෙ අර වතුවල වැඩකරපු අය. සමහර අය යන්නෙ මඩපිටින්. මොකටද යන්නෙ...? ඇඟේ පතේ අමාරුවට පොඩි අඩියක් ගහන්න. මේ බස් එකට නම දාල තියෙන්නෙ ‘සමගි බස්එක’ කියල. මේ බස් එකේ සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන හැමෝ ම යනව. බස් එක විනාඩි හතළිස් පහක් නවත්තල තියන්නෙ කාලක් ගහල, වඩේ එකක් කාල සිගරට් එකක් බිල එනකන්. බස් එකේ ගෙදර යන ගමනුත් අරගෙන එන අරක්කු ටික සමගියෙන් බෙදාගන්නව.

යුද්දෙ ජයග්‍රහණ වෙලාවෙ හරි අපූරු සිදුවීමක් වෙනව. මනෝහරන්ට සින්දු කියන්නත් පුළුවන්. යුද්දෙ දිනුව කියල මෙහේ කාලකණ්නි කිරිබත් කන වෙලාවෙ එහේ අය මොකද කෙරුවෙ... වෙනද වගේ ම සමගි බස් එකේ එනගමන් සින්දුවක් කිව්ව. මොකක්ද කියපු සින්දුව...? ‘සෙබළාණනේ ඔබ මැරුණා නොවේ’ ඊට පස්සෙ මොකක් ද වෙන්නෙ. ඒ බස්එකේම හිටපු අල්ලපු ගමේ සිංහල කොල්ලො ටිකක් මනෝහරන්ගෙ අත පය කැඩෙන්න ගහනව. ගහන්නෙ කොහොම ද...? ‘පර දෙමළ තෝ සිංහල සින්දු කියන්න එපා’කියල.

මෙන්න මෙතන තමයි කවියා: නිර්මාණකරුවා: රිද්දන තැන. මගේ ප්‍රශ්නය මනෝහරන් දෙමළෙක් ද...? මනෝහරන්ට සිංහල සින්දු කියන්න තහනම් ද...? කවුද මේ ම්ලේච්ඡ දේශපාලනය ගමට ගෙනිච්චෙ...? මේ වගේ කතා විමල් වීරවංශ අහල තියෙනව ද...? මේ වගේ කතා රතන හාමුදුරුවන්ට තේරෙනව ද...? මේ වගේ කතාවක් ඇහුවම චම්පික ඇමතිතුමා මොකද කියන්නෙ...? එතකොට ඒ අයත් ගෙදරට කලිසම රටට රෙද්ද ද...? නැත්නම් මොන රෙද්ද ද...? ඔබලට මේක වැටහෙනව ද...? ඔබට නොවැටහෙන: අනෙක් මිනිහත් මිනිහෙක් කියන එක, අනෙකාගෙ ප්‍රශ්නයත් ප්‍රශ්නයක් කියන එක කසුන් තේරුම් ගන්න උත්සාහ කරනව නම් ඒක වැරැද්දක් ද...?

කසුන් මීට පෙර ලියපු ප්‍රේමණිය කවි පොත සම්පූර්ණයෙන් ම ඉවත් කරල කරන්නෙ මේ දේශපාලනික කවි මඟට පිවිසීම. ඒ නිසා ඒ චැප්ටර් එක දැන් ඉවරයි. ඔහු අපිට වඩා ඉක්මණින් අත් දැකීම් ලැබුව. අපි ජේවීපී එකත් එක්ක වසර දහයක් ගනුදෙනු කළත් තේරුම් නොගත්ත දේ කසුන් වසර දෙකෙන් තේරුම් ගන්නව. මොකක් ද...? ඒ පක්ෂයේ පිළිවෙත. අපි උසස් පෙළ කාලෙ අත් දැකීම් වසර පහළොවක් පමණ රස කර කර ඉද්දි කසුන් ඒ අත්දැකීම් ඉක්මණින් ග්‍රහණය කරගෙන ඉක්මණින් මුදාහරිනව. අවුදුරු තිස් පහේ අය ළමයි බවට පත්වෙද්දි කසුන් තීරණය කරනව මම මේක හොයාගෙන යනව කියල.

කසුන් කතා කරන දේ ඇත්ත නම්, මේ හැඳුනුම්පත නම් ඔහු දිගට ම අරගෙන යන්නෙ ඔහු අපේ කාලයේ වීරයෙක්. ඔහු දේශපාලනය කරන්නෙ අවිවලින් නෙවෙයි. මේ වගේ අය දස දහස් ගණනක් හදාගන්න ඕන කාලයක් මේක; එහෙම අය වපුරගන්න ඕන කාලයක් මේක; එහෙම අය බෝ කරගන්න ඕන කාලයක් මේක.

අර ජාතිවාදී, ආගම්වාදි ජඩ රැළ වෙනුවට මෙහම දරුවෙක් ඉන්න එක අම්ම තාත්ත සතුටු වෙන්න ඕන කාරණාවක්. කසුන් මැරෙන්න නොදී බේරා ගැනීම ඔබේ වගකීම. සමහර විට කසුන්ට වෙඩි තියල මරන්න පුළුවන්. මේ වාගෙ අයගෙ මිනී අපි විශ්වවිදයාලෙ ඉන්න කාලෙ ඕන තරම් උස්සල තියෙනවා. රෝහණ රත්නායකගෙ මිනිය උස්සන් ගියේ දයා පතිරණ. අපි ඒ ඡායා රුපය ළඟ තියාගෙන හිටිය. ඊට පස්සෙ අපිට සිද්ධවෙනව දයාපතිරණගෙ මිනිය උස්සන් යන්න. අපි විශ්වවිද්‍යාලෙ ඉද්දි වැඩිපුර ගියේ අනිත් අයගෙ මඟුල් ගෙවල්වල නෙවෙයි, පාටිවලට නෙවෙයි. මළ ගෙවල්වල. අපි බැච් ෆොටෝ එක ගත්තම ඒකෙ සියයට තිස් පහක් මිය ගිය අය; දෙපැත්තෙන් ම මැරුම් කාපු අය. මේක කොළේ වහල නොකියන කසුන් මරා දමාවි කියල මට බයක් දැනෙනව. කවියව නෙවෙයි...

මගෙන් ඇහුවොත් එහෙම ‘ඔයා ස්වයං තීරණ අයිතියට එකඟයි ද...?’ කියල. මම කියනව ‘ඔව්... හබැයි පත්තරේට ලියන්න එපා’ කියල. එතකොට පත්තරකාරය මගෙන් අහනව ‘ඒ ඇයි...?’ කියල. මම කියනව ‘මම බයයි’ කියල. දැන් මගෙන් කවුරුහරි ඇහුවොත්... ‘ඔයා ඔය එක එක අය ගැන කිව්ව බොදුබල එක ගැන කිව්වෙ නෑනෙ’ කියල. මම කියනව ‘මේ දවස්වල මම ඒගොල්ලො ගැන කතාකරන්න බයයි’ කියල. අපි එක එක කාලෙට එක එක අයට බය වෙනව.

විශ්වවිද්‍යාලෙ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙ ඉන්නකොට ජේවීපී එකට බයයි. ඒ බය ඉවර වුණා. ඊට පස්සෙ එල්ටීටීඊ එකට බය වුණා. දැන් ඒ බයත් ඉවරයි. දැන් කරුණා අම්මාන්ට ‘අඩෝ’ කියල බනින්න පුළුවන්. දැන් මම බොදු බල සේනා එකට බයයි. අනාගතේ දි මේ වගේ තව බිල්ලෙක් හෝ බිල්ලො හැදෙයි ද මම දන්නෙ නෑ. විශේෂයෙන් මහ ඡන්දයක් එන කාලෙදි, ජනාධිපතිවරණයක් එන කාලෙදි, විශාල ඝාතන රැල්ලකට ඉඩක් තිබෙන බව කූඹි පුකක් තරම් මොළයක් තියන එකෙකුට තේරෙනව. හැත්ත එක වගේ, අසු අට වගේ කැරැල්ලකින් නෙවෙයි ඊළඟ පරම්පරාව මැරෙන්නෙ. ඡන්දෙකින් මැරෙන්නෙ. මොකද ඒකාධිපතියො බලය ලේසියෙන් දෙන්නෙ නැහැ. එදාට ඝාතනය ආරම්භ වෙනව.

දැන් මේ දවස්වල බිල්ලෙක් හදමින් ඉන්නව. ‘ඩයස්පෝරා බිල්ලා’ ෆිල්ම් එකක වීරය හදන්න බෑ දුෂ්ටය නැතුව. ඒ නිසා බොරුවට හරි දුෂ්ටයෙක් හදන්න ඕන. ඒ නිසා දැන් මැරිච්ච ප්‍රභාකරන්ට පණ දෙමින් දුෂ්ටයෙක් හදමින් ඉන්නව. ඉවක් තියෙන මිනිහ දන්නව අනාගතයෙදි ඒ බිල්ලා විසින් පුපුරවන එල්ටීටීඊ බෝම්බ කොළඹ පුපුරුණවා ම යි. පිපිරුණේ නැත්නම් මේ දේශපාලනය කරන්න බෑ. එතකොට තමයි ආයෙ එල්ටීටිඊ එක තියෙනව කියල දැනෙන්නෙ. ඒක පුපුරුවන්නෙ බිල්ල ද එල්ටීටිඊ එකද කියල අපි දන්නෙ නැහැ. එදාට තමයි ඝාතනය ආරම්භ වෙන්නෙ. ඒ නිසා මට දේශපාලනික බයක් දැනෙනව.

දැන් කෙනෙක් කියන්න පුළුවන් අලුත් කොල්ලන්ව බය කරන්න හදනව කියල. මේ මල්වාගෙ දරුවන්ට ඕක නොකිය ‘මැරියං පුතේ. ළය දීපං පුතේ’ කියල යවල අපි ඒ මරණයට වගකියන්න ඕන ද...? හැත්ත එකේ අසු අටේ මැරිච්ච අය ගැන අපි වගකියන්න ඕනනෙ. අනිත් අයට ස්වයං විවේචනයක් නැතිවුණාට අපිට තියෙනව. වීරවංශට මැරිච්ච එවුං ගැන ගැටලුවක් නොතිබෙන්න පුළුවන්. එදා කොල්ලො කෙල්ලො කී දහක් මැරුණ ද...? ඒ නිසා කසුන් ග්‍රීස් ගහේ මුදුනට නග්ගල ‘කොඩිය ගනිං පුතේ උඹ මාර පොරක්, උඹ විතරයි ස්වයං තීරණ අයිතිය කතා කරන්නෙ. දිගටම ලියපිය’ කියන්න මට නම් බෑ. මොකද මට මළ ගෙදර ඇවිල්ල ස්තුති කතාව කරන්න බෑ. මම කසුන්ට ආදරෙයි!!!

මෙතන ඉන්නව මාර කවියෙක්; මාර දක්ෂ ශිෂ්‍යයෙක්; ඉක්මණින් තමන්ගෙ බුද්ධිමය ඉන්ද්‍රියයන්වලින් ජීවිතය හොයාගන්න මිනිහෙක්; සංවේදි දේවල් දැනෙන තැනක්.

කසුන්ගෙ පළවෙනි පොතේ ලියල තියෙනව විජය කුමාරතුංග ගැන කවියක්. ඒක හරි ලස්සන යි.

සමනලයෙක් වෙඩි කා නසී
විසිතුරු කැටයම් ඔපළූ - පියාපතින් යුතු වූ
අලංකෘත සමනල හැඩය - දරාගත් පමණින් ම
අහිංසකයෙක් වෙන්න පුළුවන් ද...?
යහපතට මුවා වී - දුගති හැම වළ දමා
නිදහසේ පියඹන්න - අවකාශ සරසන්න
කපටි සමනලයකුට නොහැකිම ද...?
වැරදිලා හරි මවන ලද - රූසිරිය තිබුණහම ඇතිවෙද
වෙඩි වැදුණ විට ම පමණක් ම - සමනලා පැටවුන් සිහිවෙද
පුවත් පියාඹා ඔහේ සැරිසරන - බොළඳ වු සමනලයො නැතිවද
පොළොන් පැටියකු වුණත් උන් හට - ඉතිං සමනලයෙක් නොම වෙද

දැන් ඒ කවියා එතනින් වෙන් වෙලා. ‘කවි ඇසිඩ්’වල තියෙන්නෙ මේක නෙවෙයි. අපි බලමු කසුන්ගෙ කවිවල මාතෘකා ටික.

‘ගරිල්ලා සිහින දුටු කුරුල්ලා’ (දෙමළ දේශපාලන සිරකරුවන් දෙනෛකු ඝාතනය කිරීම මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස සැලකිය නොහැක. අගවිනිසුරු මොහාන් පීරිස්)

මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ බ්‍රෙස්ට්. බ්‍රෙස්ට් මේව ගැන දරුණුවට ලිව්ව. ඒ නිසා ම රටින් පිටුවහල් වෙනව. මේ අගවිනිසුරුවරය පත්වුණ ආසන්න දිනයක මම ඉනියවන් ෆිල්ම් එක වෙනුවෙන් කළ කතාව තමයි: මම කතා කරන්නෙ ලංකාවෙ විනිසුරුවරුන් ගැන නෙවෙයි. බ්‍රෙස්ට් කතා කරපු ‘අසඩක්’ නමැති විනිසුරුවරය ගැන. ඒකෙ බ්‍රෙස්ට් මෙහෙම ලියනව.‘නඩුකාරය කියන එකා හැම තිස්සෙම හොරෙක්.
මෙදා සැරේ හොරෙක් නඩුකාරය වෙලා’ කියල. මේක මම කියපු එකක් නෙවෙයි.

පත්තරේ දානව නම් බ්‍රෙස්ට්ගෙ එකක් මම උපුටා ගත්ත කියල දාන්න’ කියල. වරහන් ඇතුළෙ ලියන්න ‘සන්නස්ගල බයයි’ කියල. ඒනිසයි මම බ්‍රෙෂ්ට් උපුටා දක්වන්නෙ. මොකද මම නෙවෙයි මේ ටික කිව්වෙ බ්‍රෙෂ්ට්. නමුත් මේකට එහෙම මාතෘකාවක් දාන්න පුළුවන් ද...? නමුත් කසුන් මේ කවිය ඇතුළෙ බ්‍රෙෂ්ට්ගෙ කියමන ලියනව.

වාවාගත නොහැකි සංසාරයක සංකාව
සංහාරක දරුවන්ට කෝ භස්මාව
අත පිහිදගත් මහත්තුරු මවන ලංකාව
අම්මේ අපි මේ වගේ ඉන්නව ද හැමදාම

කසුන්ව මට දැනෙන්නෙ ‍ගෝර්කි නිර්මාණය කරපු ‘පාවෙල්’ වගේ. මාර තැන් අල්ලනව. හොඳ සංවේදි බවක් තියෙනවා. ඒ නිසා ඔබ අපට එයාගෙ කවි මඟ ගැන සතුටු වීමේ හැකියාවක් තියෙනව. විශිෂ්ට කවියෙක් බිහිවීමේ, ප්‍රඥාවන්තයෙක් බිහිවීමේ ලකුණු කසුන්ගෙ තියෙනව. මේ වන විට නිර්මාල් රංජිත් කතා කරන දේශපාලනයට ඔහු එන්නෙ මැරෙන්න ඕන තැන්වලින් අහඹු ලෙස බේරිලා. එහෙම නොවෙන්න නිර්මාල්ල මේ සමාජයේ ඉන්න විදියක් නෑ. ඔය ගෙවන්නෙ ජීවිතේ අතිරික්ත කාලයක්.

මාව මරන්න හදපු වෙලාවෙ මගේ යාළුවෙක් මාව බේරගත්තෙ බෝංචි ගෝනියක් අස්සෙ දාල. මට හොඳට මතකයි ගෝව ගෙඩියකට ගහපු පාර වැදුණෙ මගේ ඔළුවට. එහෙම නොවෙන්න එදා මාව මරනව. කොළඹ ඉන්න බෑ ජේවීපි එකෙන් හොයනව. ගමේ ගියාම ආමි එකෙන් හොයනව. ඇයි ඒ...? විශ්වවිද්‍යාලෙ ඕන ම එකෙක් ගමේ එවුන්ට ජේවීපීකාරයෙක්. විශ්වවිද්‍යාලයෙ ඉඳන් ගමේ ගියාම ගමේ එවුන් කියන්නෙ ‘ජේවීපීකාරය ගමේ ඇවිල්ල’ කියල. ඒ නිසා ගමේ ඉන්නත් බෑ... කොළඹ ඉන්නත් බෑ. මම වෙනුවට මගේ අයිය ගෙනිච්ච. අදත් එයා ඉන්නෙ ඔළුව හොල්ල හොල්ල. මේව අපේ අත්දැකීම්. මේ රටේ එවුන්ට යුද්ධෙ කාලෙ තිබුණ විදියවත් මතක නෑ. ඒ තියා අසු අටේ දි වුණ දේවල්වත් මතක නෑ.

අසු හතේ අවුරෙද්දෙ අන්තිම කාලෙ මගේ ගම්පහ පන්තියෙ ළමයි එකසිය දොළහක් හිටිය. දවසක් උදේ යද්දි ඉන්නෙ හැත්ත ගාණයි. කාඩ් කපන කෙනා කියනව... ‘සර් බණ්ඩාරනායක එක ගාව ඉඳං දිගට ම ඔළුගෙඩි වගයක් තියෙනව වැටවල්වල ගහල. යමුද බලන්න’ කියල. එයා ෆුට් සයිකලේක මාව දාගෙන පදිනව.

දැන් මොනවද පේන්නෙ...? කලින් පංති කාමරේ හිටපු ළමයින්ගෙ කඳ නැහැ. ඔළු කපල, බෙලි කපල. ඒ ඔළු ටික වැටවල්වල ගහල ගිහිල්ල. ඔළු විසි දෙකක්. අපි තරුණ පරම්පරාවෙ ඔළුගෙඩිවලින් ලේ එන විදිය නරඹපු එවුන්. ඒ වගේම කුරුණෑගල පළාතෙ දරුවො මරල ඒ දරුවන්ගෙ මස් අම්මලට බලෙන් කැව්ව. දැන් කවුරු හරි අහන්න පුළුවන් ඒ ලංකාවෙද කියල. නෑ... නෑ... ඇමරිකාවෙ... ඇමරිකාවෙ. ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ. එහෙම වෙලත් නෑ. මොකද මේක ධර්ම ද්විපයක්.

ඒ නිසා කසුන් වාගෙ අධිවේගී චරිතයක්; හැඳුනුම්පතක් නැති චරිතයක්; සංස්කෘතික හැඳුනුම්පතක් සොයා යන චරිතයක්; ඉතා ම නිර්මාණශීලි කවි ලියන කෙනෙක් සුහුඹලේ ම කවි පොතක් ලිව්වම මේකට විශාල බරක් දාල කසුන්ව ඔසවා තබන්න හොඳ නෑ. ඔහුට සාධාරණ විවේචනයක්, ඔහුට යායුතු මඟ කියා දීමක්, ඔහුව හරි දිශාවට යොමු කිරිමක්, ඔහුව රැක ගැනීමක් තමයි යහළුවන් ද, මිත්‍රයන් ද, ගුරුවරුන් ද, දෙමාපියන් ද ආදි සියල්ලන් විසින් කළ යුත්තේ.

එහෙම නොවෙන්න දේශපාලනිකව ඔහුගේ ජිවිතය විනාශ කිරීමේ වගඋත්තරකරුවන් බවට අනාගතයේ දි අපි පත්වෙනවා. මම ඔහුගේ අනාගතය විනාශ කිරීමේ කොන්ත්‍රාත්කරුවකු, ප්‍රකාශකයකු හෝ ඔහු මුරුංග අත්තේ තබන්න හෝ ග්‍රීස් ගහේ නැගල කොඩිය අරගෙන ප්‍රංශෙට පලයන් කියල තල්ලු කරන්න කෙනෙක් බවට පත්වෙන්න බැහැ; පත්වෙන්නෙත් නැහැ.


සටහන - ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com

theindependent lk
Read more
Sunday, June 8, 2014
ආමි අමිලගේ අමිල ජීවිතය

-ලියනගේ අමරකීර්ති
තංගල්ලේ පොඩි කඬේක ‘ආමි අමිල’ බීම පැකට් එකක් බොමින් සිටියේය. හිටි හැටියේ කඩා වැදුණ තුවක්කුකරුවෝ ඔහුට වෙඩි තබා බාගෙට මරා දැම්මහ. මේ සාමය සහිත ශ‍්‍රී ලංකාවය. එහෙත් හිටිවනම මිනිසුන් මරා දමන තුවක්කුකරුවෝ තවම සිටිති.

ඒ පුවත කියවද්දී මගේ සිත වහා ඇදී ගියේ ඒ තරුණයාගේ ”අමිල” යන නම වෙතය. අමිල මිනිමැරුම් හා ස්ත‍්‍රී දූෂණ 12කට චෝදනා ලැබූවෙකු බව
Read more
Friday, June 6, 2014
හොල්සිම් තියරිය හා ප්‍රජාතන්ත්‍රවාදය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනතා පාලනයක් ඇතැයි ආණ්ඩුව ආඩම්බරයෙන් ප්‍රකාශ කරයි. ඒත් මේ කියන ජනතාවගේ පාලනය තුළ ජනතාව හැරුණු කොට අනෙකුත් බල පුළුවන්කාරයන් සියල්ලන්ටම ඕනෑම දෙයක් කළ හැකිය.

මේ කතාවට අදාළ අලුත්ම උදාහරණය පුත්තලම සිමෙන්ති කම්හලේ සිද්ධියයි. ඉන්දියාවේ තවක්කාල් සමාගමට ලබාදුන් මේ ෆැක්ටරිය එවකට එක්සත් ජාතික පක්ෂ ඇමැති මණ්ඩලයේ ඇතිවූ ගැටලු නිසා නැවත පවරාගෙන හොල්සිම් සමාගමට ලබා දුන්නේය. දැන් අපේ රටේ සිමෙන්ති රජා බවට පත් වී ඇත්තේ ඒ කියන හොල්සිම්ය. රටේ පත්වන හැම ආණ්ඩුවකම ලොක්කන්ගේ සිට පොඩ්ඩන් දක්වා නටවන්නට මේ හොල්සිම් සමත්ව සිටී.

මේ රටේ තියෙන්නේ ජනතාවගේ පාලනයක් යැයි ලෝකෙට ඇහෙන්නට කෑ මොර දෙන දේශපාලකයෝ ගෙදරට මරගාතයක් වී සිටිති. පසුගිය සතියේ හොල්සිම් සමාගම ඉදිරිපිට පැවැත් වූ උපවාසයට එල්ල කෙරුණු මැර ප්‍රහාරය ගෙදරට මරගාතේ තියරියේ අලුත්ම උදාහරණයයි. මේ කතාව ආරම්භ වූයේ හොල්සිම් සමාගම තමන්ගේ සුළු කොටස්කරුවන්ට අසාධාරණ ලෙස සැලකීමට පටන් ගැනීම නිසාය.

සාමාන්‍යයෙන් පිටරටින් පැමිණෙන දැවැන්ත සමාගම් තමන්ට දෙන ඕනෑම දෙයක් භාර ගැනීමට සූදානම් ජනතාවක් සහ පාලකයන් සිටින රටක මේ උපවාසයත් වටින්නේය. ඔවුන්ට අසාධාරණයක් වී ඇති බව ෆැක්ටරියේ ගිණුම් වාර්තාවලින් තහවුරු වී ඇත.

කෙසේ වෙතත් මැරයෝ තමන්ගේ රාජකාරිය හරියටම ඉටු කළහ. උපවාසකරුවන් අතර පැදුරක නිදා සිටි පස් හැවිරිදි දැරියක පැදුර පිටින්ම ඔසවා වීසි කළේ ඒ නිසාය. පහර කෑ සිවුදෙනකු දැන් ඉන්නේ රෝහලේය. කොන්ත්‍රාත් මැරයන් හොල්සිම් පාලනාධිකාරියේ මුදල් අපතේ යවා නැත. ඒ මේ රටේ උද්ඝෝෂණ, උපවාස කරන්නට ඇති අයිතියේ තරමයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ උද්ඝෝෂණ මර්දනය කරන්නට දැන් අවම බලය යොදා නොගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය බලය යොදා ගැනීමට නීතියේ ප්‍රතිපාදන ඇති බවත්ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ තියරිය මැරයන් අකුරටම ඉටු කර තිබේ.

තවත් කතාවක් කීමට තිබේ. මේ මැර ප්‍රහාරයට පෙර එකී ප්‍රදේශයේ සන්නද්ධ පිරිසක් ගැවසෙන බව කියන්නට හොල්සිම් සේවකයන් කිහිපදෙනකු සහ ගම්වාසීන් පිරිසක් පොලිසියට ගොස් ඇත. ඒත් ඔවුන්ගේ පැමිණිල්ල භාරගැනීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ඔවුන් මාධ්‍යයට පවසා තිබිණි. එසේම මැර ප්‍රහාරයෙන් පසු අපිට ගැහුවා කියන්නට පොලිසියට ගිය අයගේ පැමිණිල්ලද පොලිසිය භාරගෙන නැත. අපිට ගහන්නට හදනවා කියද්දීත් අපිට ගැහුවා කියද්දීත් පොලිසිය නිහඬය. මෙහෙම කියන්නේ ජනතාවගේ පාලනයක් තිබෙනවා යැයි කියන රටේ නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින මහත්තුරුන්ය.

මේ පිටුපස පුත්තලමේ ප්‍රාදේශීය දේශපාලනඥයකු සිටින බවද කියැවේ. දේශපාලනය උඩට එන, නීතිය යටට යන රටක මේවා අරුම පුදුම දේවල් නම් නොවන්නේය.
ඒත් පිටරටින් පැමිණි දැවැන්ත සමාගම් ගහන ගහන පදයට නටන්නට මේ රටේ පාලකයන් කටයුතු කරන්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි. ඒ පාලකයන් ගහන පදයට පොලිසියද නටන්නේය.
මේ සියලු නැටිලිවලින් තැළෙන්නේ පෑගෙන්නේ මහ පොළොවේ සිටින ජනතාවය. මේ ජනතාව හැමදාම රට කරවන්නන්ගේ මේ නැටිලි දෙස නිකම් බලාගෙන සිටින්නේ නැත. ඔවුන් තමන්ගේ පදයට නටන්නට ගත්දාට ඔය කාට කාටත් යන එන මං නැතිවෙන්නේය. ඉතිහාසය එය ඔප්පු කර තිබේ.

                                                                                                                                         mawbima -
Read more
Thursday, June 5, 2014
මහින්දව බය කරන මහින්දලා

පසුගිය සතියේ මහින්ද අපූරු කතා දෙකක් කීවේය. මේ පළමුවැනි කතාවය.

'මම ඒ කාලයේ විපක්‍ෂයේ ඉද්දී මුදල් ඇමැතිට ගැහුවා. හැබැයි ආණ්ඩුවට ආවාට පස්සේ ඇමැතිට ගහන්න බැරි හින්දා මමත් ගැහුවේ මුදල් ලේකම්ට...'
දෙවැන්න ඔහු කීවේ ඇමැති මණ්ඩලයේය. ඇමැති මණ්ඩලයේදී ඔහු කීවේ මෝඩිගේ ඇමැති මණ්ඩලය මෙන් කැබිනට් රහස් ආරක්‍ෂා කරන්න ඇමැති මණ්ඩලයේ දිවුරුම් ගත යුතු බවය.

මේ කතා දෙකෙන්ම පේන්නේ ආණ්ඩුව ඇතුළේ මහින්දලා හැදෙනවාට මහින්ද බිය වී ඇති බවය.
'කවුද මේ ආණ්ඩුව ඇතුළේ මහින්දලා...?'
මහින්ද හිතන්නේ මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දරට විමල් වීරවංශ ගහන කොට විමල් තමන්ගේ ආණ්ඩුවේ මහින්ද කෙනෙක් වෙන්න දඟලනවා කියලාය.
හේතුව මහින්දත් චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ඒ.එස්. ජයවර්ධනට ගැහුවේය. මේ ඒ ගැන මහින්ද රාජපක්‍ෂ චරිතාපදානය වන කුරහන් සාටකයේ සඳහන් වන ආකාරයය.
'එහෙත් පාද යාත්‍රා ගොස්, ජන ඝෝෂා කර තැනූ ආණ්ඩුවේ සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ දේවල්ම සිදු වෙමින් තිබිණ. මහින්ද රාජපක්‍ෂ සමඟ වැඩකිරීමත් සැපතක් යැයි කියා අමාත්‍යංශයේ උපදේශක සභාවට ආ වාසුදේව නානායක්කාර පසු කාලයේ කියූ පරිදි මහින්දලා හැදූ ආණ්ඩුව ජුන්ටාවකට යටවෙමින් තිබිණ.
මුලින්ම මේ ජුන්ටාව සමඟ ගැටෙන්නට සිදුවූයේ මහින්ද රාජපක්‍ෂටය.
ඒ එක්දහස් නවසිය අනූ හතරේ පෙරමුණේ ආණ්ඩුවේ මංගල අය - වැය සකසමින් තිබූ කාලයයි. මේ මංගල අය - වැය පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනාධිපතිනිය ජනාධිපති මන්දිරයට කැඳවා තිබිණ. මේ මංගල අය - වැයෙන් ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පනවන බව ජී.එල්. ජනාධිපති මන්දිරයට ආ මන්ත්‍රිවරුන්ට කීවේය.

ඩීසල් වාහන සඳහා බදු පැනවීමෙන් අමාරුවේ වැටෙන්නේ මධ්‍යම පන්තියේ ජනතාව බව මහින්ද රාජපක්‍ෂගේ අදහස විය. එබැවින් මහින්ද රාජපක්‍ෂ මෙසේ කියන්නට විය.
'ඩීසල් වාහනවලට බදු පැනෙව්වහම කව්ද අමාරුවෙ වැටෙන්නේ? මේ රටේ වෑන්වලින් සියයට අනූ පහක්ම දුවන්නේ ඩීසල්වලින්. කොහොමත් මධ්‍යම පන්තියේ මිනිස්සු පාවිච්චි කරන්නේ මේ ඩීසල් වාහන. ඉඳහිට වන්දනාවක යන්න, ටි්‍රප් එකක් යන්න, ස්කූල් සර්විස්වලට, ගමේ කඩේට බඩු අදින්න පාවිච්චි කරන්නේ ඩීසල් වාහන. දැන් අපේ රටේ පන්සල්වල වැඩිපුර පාවිච්චි කරන්නෙත් ඩීසල් වාහන. ඒ නිසා මේ ඩීසල් වාහනවලට බදු පැනෙව්වහම අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිස්සු. ඒ නිසා යූ.එන්.පී. ආණ්ඩු කාලෙත් ගේන්න හදපු මේ යෝජනාව දැන් නම් ගේන්න දෙන්න බෑ.
සාකච්ඡාව හමාර වී මුදල් අමාත්‍ය ජී.එල්. ඇතුළු මැති ඇමැතිවරු ජනාධිපති මන්දිරයෙන් පිටත්ව යමින් සිටියහ. මුදල් අමාත්‍යංශයේ ලේකම් ඒ.එස්. ජයවර්ධන පිටත්ව යන ජී.එල්. පීරිස් අමාත්‍යවරයා නතර කරගෙන ඔහුට ‍ෙදාස් නඟමින් සිටියේය.
'ගමේ ගොඩේ මුදලාලිලාව පරෙස්සම් කරන්නද හදන්නෙ?'

ඒ.එස්. ජයවර්ධන මුදල් අමාත්‍යවරයා නතර කරගෙන ඩීසල් බද්ද පැනවීම නතර නොකරන ලෙසට බල කරමින් සිටියේය. එතැනින් යන්නට ආ මහින්දටද ඇසෙන ලෙස ඒ.එස්. ජයවර්ධන, ජී.එල්.ට තදින් කතා කළේය. ගමේ ගොඩේ මුදලාලිලා පරෙස්සම් කරන්න හදන්නෙ ඇයි?' සංවාදය කෙරෙන තැනට ආ මහින්ද ඒ.එස්. ජයවර්ධනගේ ටයි පටියෙන් අල්ලා සොලවා තමන් වෙත ඇද ගත්තේය.
'උඹ කොහොමද ඡන්දෙන් පත්වෙලා ඉන්න මන්ත්‍රිවරුන්ට බලපෑම් කරන්නෙ? උඹලට ඕනෑ විදියටද අපි ආණ්ඩු කරන්න ඕනෑ'
ජී.එල්. ද, තවත් මන්ත්‍රිවරුද ඒ.එස්.ව ගලවා ගත්තේ මහත් වෑයමකිනි. එදා ඩීසල් බද්ද පැනවීම නතර කෙරුණද ජුන්ටාවේ වැඩ එතෙකින් නතර කෙරුණේ නැත.'
මහින්ද එදා ඒ.එස්. ජයවර්ධනට ගහලා වීරයෙක් වෙලා චන්ද්‍රිකාව දෙකේ කොළේට දැම්මේ එසේය. දැන් මහින්ද බය වෙලා ඉන්නේ විමල් ඒක කරලා වීරයා වෙලා තමාව දෙකේ කොළයට වට්ටයි කියලාය.

ඊළඟට ඇමැතිවරුන්ගෙන් කැබිනට් රහස් රකින්න දිවුරුමක් ගැනීමය. ලංකාවේ කැබිනට් රහසක් එළියට ගිය පළමු වතාව 1980 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ඇමැති මණ්ඩලය ගත් තීරණය සති අත්ත ඉංග්‍රීසි පුවත්පතක පළවීමය. මේ ඒ පිළිබඳ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය කියන කතාවය.
"ඔහු සැප්තැම්බර් මුලදී යළි ලක්දිවට ආපසු ආ නමුත් වාර්තාවේ පිටපත් 10 වැනි දින හෝ 17 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා සූදානම්ව තිබුණේ නැත. සැප්තැම්බර් 24 වැනි දින රැස්වීම සඳහා යැවුණු ලේඛන සමඟ වාර්තාවේ පිටපත් අමාත්‍යවරුන්ට ලබාදී තිබුණු අතර එහිදී ඒ පිළිබඳ තීරණයක් ගත යුතුව තිබුණේය. එදින වාර්තාව සවිස්තර ලෙස සාකච්ඡා විය. කොමිසමේ සොයා ගැනීම් පිළිගැන්ම ගැන ඒකමතිකත්වයක් තිබුණු නමුත් කොමිසමක් ඉදිරියේ තබන ලද ප්‍රශ්නයක් අරබයා වරදකරුවූවන්ට සාමාන්‍යයෙන් පැනවෙන දඬුවම් බණ්ඩාරනායක මැතිනිය සඳහාද පැනවිය යුතුද යන්න ගැන අමාත්‍ය මණ්ඩලය තුළ බෙදීමක් විය. දඬුවම පැනවිය යුතු නැතැයි අමාත්‍යවරු හතර දෙනෙක් පවසා සිටියහ. ඉන් අදහස් වුණේ බණ්ඩාරනායක මැතිනියට ජනාධිපති සමාවක් දියයුතු බවයි. ඒ සිව් දෙනා නම් ගාමිණී දිසානායක, ආනන්ද තිස්ස ද අල්විස්, අධිකරණ අමාත්‍යවරයා නියෝජනය කළ ෂෙල්ටන් රණරාජා සහ ඇස්. තොණ්ඩමාන්ය. එක් එක් අයට මේ ස්ථාවරය ගැනීම ගැන තමන්ගේම හේතු තිබිණි. දඬුවම පැනවිය යුතුයැයි දැඩි සේ කියා සිටි අයද වූහ. බණ්ඩාරනායක මැතිනිය විසින් ජ.වි.පෙ. කැරැල්ලෙන් පසුව කිසිදු හේතුවක් නොදන්වා අත්අඩංගුවට ගනු ලැබ නඩු විභාගයකින් තොරව සිරගත කර සිටි අයකු වූ සී.පී.ජේ. සෙනවිරත්නද ඒ අතර වූයේය. මේ වධ හිංසාවට භාජන වීමෙන් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තදබල ලෙස පිරිහී තිබිණි.

අන්තිමේදී දඬුවම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය ඒකච්ඡන්දයෙන් තීරණය කළේය. ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඔක්තෝබර් මසදී ඉදිරිපත් කර විවාදයකින් පසුව සම්මත කර ගැනීමට තීරණය විය.
සැප්තැම්බර් 24 වැනි දින අමාත්‍ය මණ්ඩලය රැස්වන විට කොමිසම විසින් බණ්ඩාරනායක මැතිනියට හානිකර වූ වාර්තාවක් ඉදිරිපත් කර ඇත යන ප්‍රවෘත්තිය පැතිර ගොස් තිබිණි. ජේ.ආර්. මෙවැන්නක් බලාපොරොත්තු වූයේ එබඳු, ප්‍රවෘත්තියක් පිටවීම වැළැක්විය නොහැකි බැවිනි. එහෙත් සැප්තැම්බර් 28 වැනිදා වීක්එන්ඩ් සන් පුවත්පතට එහි දේශපාලන ලියුම්කරු 'මිගාර' යන ආරූඪ නාමයෙන් ලියූ ලිපියක් මඟින් සැප්. 24 වැනි දින අමාත්‍ය මණ්ඩලයේ සිදුවූ සාකච්ඡාව හා තීරණය ගැන සාමාන්‍යයෙන් යථානුරූපී වූ විස්තරයක් ඉදිරිපත් කර තිබීම ගැන ජේ.ආර්. කැලඹීමට පත් විය. මේ පුවත අමාත්‍ය, මණ්ඩලයේ අභ්‍යන්තරයෙන්ම පිට වූවක් විය යුතු බව ඔහුට වැටහුණි.
මේ වන විට බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් පැමිණි දූතයන්ගෙන් ඔහු වෙත බලපෑම් එල්ල වෙමින් තිබුණේය. ඔවුන්ගේ අපේක්‍ෂාව වූයේ බණ්ඩාරනායක මැතිනියට ඇගේ ප්‍රජා අයිතිවාසිකම් හා පාර්ලිමේන්තු ආසනය අහිමි නොවන පරිදි ඔහුටද ඇඟ බේරාගත හැකි උපක්‍රමයක් යොදා ගැනීමට ඔහු පෙලඹවීමය. මේ ගැන ඔහු හමුවූවන් අතර බණ්ඩාරනායක මැතිනියගේ සුහුරන් වූ ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සොහොයුරියන්ගේ දරුවෝද, මැතිනියගේ සහෝදර මැකී රත්වත්තේ වෙනුවෙන් පැමිණියෝද වූහ. මැතිනිය මැයි 7 වැනි දින තමන් කොමිසමේ කටයුතුවලට සහභාගි නොවන බව පවසමින් කළ ප්‍රකාශනයේ පිටපතක්ද ඔවුහු රැගෙන ආහ. තවද ඇය වෙනුවෙන් ඉල්ලීමක් සර් ජෝන් කොතලාවල විසින්ද කරන ලදී. මේ හැම දෙනාටම ජේ.ආර්. දුන්නේ එකම පිළිතුරය. එනම් තමා අමාත්‍ය මණ්ඩල තීරණයක් වෙනස් කරන්නට අකැමැති බවය.

බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් සර් ජෝන් ඉදිරිපත් වීම ජේ.ආර්.ගේ හදවතට තදින් දැනුණු දෙයක් විය. මේ කාලයේදී සර් ජෝන්ගේ සෞඛ්‍ය අයහපත්ව තිබුණු අතර ඔහු නිවෙසෙන් බැහැර ගියේ කලාතුරකිනි. ජේ.ආර්.ට තම පැරැණි නායකයා හමුවූ අවසාන අවස්ථාව මෙය වූයේය. 1980 ඔක්තෝබර් 2 වැනි දින සර් ජෝන් අභාවප්‍රාප්ත විය. එම අභාවයන් සමඟ ජේ.ආර්.ට පැරැණි එ.ජා.ප.ය හා සමඟ තිබුණු අවසාන බැඳීමද අවසන් විය.
ඔක්තෝබර් 1 වැනි දින අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ජේ.ආර්. අසාමාන්‍ය පරිදි රණකාමී වෙසක් ගෙන සිටියේය. අමාත්‍ය මණ්ඩලය ඇතුළතින්ම ඔහුට දැනගන්නට ලැබුණු පරිදි 24 වැනි දින රැස්වීමෙන් පසුව ගාමිණී දිසානායක ශ්‍රී ල.නි.ප.යේ ප්‍රධානියකුවූ කොබ්බෑකඩුව හමුවී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමේ තීරණය ගැන දැනුම්දී තිබුණැයි ආරංචි විය. මේ කාරණය ගැන නියෝජ්‍ය අමාත්‍ය පදවි දැරූ මන්ත්‍රිවරුන් දෙදෙනකු අතින් ලිඛිත ප්‍රකාශන ලබාගත් ජේ.ආර්. තමන් ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වන බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය. ඒ සමඟම 'වීක්එන්ඩ් සන්' ලියුම්කරු 'මිගාරට' තොරතුරු පිටවීම ගැනත් පරීක්‍ෂණ පැවැත්වෙනු ඇති බව ඔහු දන්වා සිටියේය. මේ අමාත්‍ය මණ්ඩල පරීක්‍ෂණයෙන් කිසිවක් ඉටු වුණේ නැත. හේතුව ගාමිණී දිසානායක තමා හෙක්ටර් කොබ්බෑකඩුව හමුවූ බව ප්‍රකාශකර සිටීමය. එහෙත් එම හමුවීම සිදුවුණේ අමාත්‍ය මණ්ඩල රැස්වීම දින සවස නොව දින කීපයකට පසුව බව ඔහු කියා සිටියේය. දින වකවානු ගැන ප්‍රශ්නයක් තිබූ මුත් මේ වරද පිළිගැනීම ගැන ජේ.ආර්. සෑහීමට පත්විය. එබන්දක් යළි නොකරන ලෙසට කළ අවවාදයක් සමඟ ගාමිණී දිසානායකට සමාව ලැබිණි.
මෙහිදී වැදගත් කරුණ වන්නේ ජේ.ආර්. ගාමිණී දිසානායකගේ හැසිරීම ගැන විස්මයට පත්වූ බවය. දිසානායකගේ මේ අත්වැරැද්දට සාධාරණ හේතු ඇති බව ඔහුට වැටහුණි. ඔහු ප්‍රචණ්ඩ ක්‍රියා පැන නැඟෙනු ඇතැයි අවංකවම විශ්වාස කළ බව පෙනුණි. ඔහු මහත් කලබලයට පත්ව අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව කොබ්බෑකඩුව වෙත දිව යෑමේ පුදුම සිද්ධියට හේතුව මෙය විය හැකිය යනු ජේ.ආර්.ගේ විශ්වාසය විය. ජේ.ආර්. මෙහිදී පක්‍ෂපාතීත්වය ගැන අමාත්‍ය මණ්ඩලයට දේශනයක් කළේය. දේශපාලන පක්‍ෂයක් තමන්ට පක්‍ෂපාතී පුද්ගලයන්ට කැමැති බවත් අමාත්‍යවරුන් තමා ඇසුරු කරන්නන් ගැන සැලකිලිමත් විය යුතු බවත් පැවැසූ ඔහු විපක්‍ෂ නායකයන් තම පෞද්ගලික මිතුරන් හෝ ඥාතීන් වුවත් ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකිය යුතු බවද කියා සිටියේය.
රජයේත් ජේ.ආර්.ගේත් ප්‍රතිචාරය වූයේ ජනාධිපති කොමිසමේ තීරණ ක්‍රියාවට නැංවීම කඩිනමින් කළ යුතු බවය. එහෙත් අගමැතිවරයා පිටරට සංචාරයකින් පසු පෙරළා එනතෙක් එය ප්‍රමාද කිරීමට ඔවුනට සිදුවිය. තීරණාත්මක පාර්ලිමේන්තු විවාදය යෙදී තිබුණේ 1980 ඔක්තෝබර් 16 වැනි දිනටය. එමඟින් දෙපක්‍ෂයටම ඊට සූදානම්වීම සඳහා සති දෙකක් කල් ලැබිණි.

තමා ගන්නට යන ක්‍රියාමාර්ගය රජයට කීප අතකින් වාසිදායක වන බව ජේ.ආර්.ගේ අදහස විය. කෙටි කාලීනව බලන විට බණ්ඩාරනායක මැතිනිය දේශපාලන කටයුතුවලින් ඉවත් කොට තැබීමෙන් එම පක්‍ෂයේ නායකත්වය සඳහා සිදු වන අරගලයේදී ශ්‍රී ල.නි.ප.ය තුළ ඇති බෙදීම් උග්‍ර වනු ඇත. මේ වන විටත් මැතිනියගේ අනුප්‍රාප්තිකයා පිළිබඳ ගැටුමක් හටගෙන තිබුණු අතර ඇගේ ආධාරකරුවන්ට පක්‍ෂය තුළ එතෙක් කල් පවත්වා ගෙන ආ දැඩි ග්‍රහණය එලෙසම තබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි. ඒ වනවිටත් බණ්ඩාරනායක පවුල පක්‍ෂයේ බල ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑම ගැන සෑහෙන නොරිස්සීමක් ඉස්මතුව පැවැතුණි. මැතිනිය යටතේ නියෝජ්‍ය නායකත්වය දැරූ.
පිටුව 319 - 322
මෙයින් පසු කැබිනට් රහස් එළියට යෑම ගැන ආන්දෝලනයක් ඇති වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේය. එහිදී කැබිනට් රහස් මාධ්‍යයට දෙන රිපෝටර් ලෙස හංවඩු ගැසුවේ එකල ඇමැති මහින්ද රාජපක්‍ෂය. මේ 1998 ජුනි මස 3 වැනි දින චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ කතා බහ වුණ කැබිනට් රහස් එළියට යෑම මා විසින් ලංකාදීප පුවත්පතේ තිරය පිටුපස ලිපියේ ලියා පළ කළේ මෙසේය.

ඉස්සර රිපෝටර්ලා හිටියේ පුවත්පත්වලය. දැන් ආණ්ඩු පක්‍ෂයටත් රිපෝටර්ලා ඉන්නවාය. ආණ්ඩු පක්‍ෂයට පමණක් නොව විපක්‍ෂයටත් රිපෝටර්ලා ඉන්නවාය. රිපෝටර්ලා ඉන්න තරම කොතරම්ද කියනවා නම් රිපෝටර්ලා වෙනුවෙන් දැන් කර්තෘවරයකුත් නම් කළ යුතු තරමට වැහිවැහැලාය. පසුගිය ඇමැති හමුවේදී ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා මේ රිපෝටර්ලා ගැන ප්‍රශ්නයක් ඇසුවේය. දැන් අපි මේ කතා කරන ඔක්කොම ඉරිදා පත්තරවල තියෙයි. ඔහු කීවේ රිපෝටර්ලාගේ තරම ජනාධිපතිනියට පෙන්වා දෙන්නටය. මෙපමණ කල් ආණ්ඩු පක්‍ෂයේ රිපෝටර් තනතුරට නම්කොට තිබුණේ මහින්ද රාජපක්‍ෂ ඇමැතිවරයාය. ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයාගේ කතාව ඔහුගේ හිතට ඇල්ලුවේ නැත.' ඔන්න ගිය සුමානේ නම් මම කැබිනට් මණ්ඩලයේ හිටියේත් නෑ. මම හිටියේ පිටරට. මම දැක්කා පාන් කතාවක් නම් පත්තරවල ගිහින් තිබුණා. කවුද දන්නේ නෑ දුන්නේ?' මහින්ද රාජපක්‍ෂ ඇමැතිවරයා ඇහුවේ ඇඟටපතට නොදැනෙන්නටය. 'ඒකත් හරි ගිය පාර ඇමැති මණ්ඩල රැස්වීමට මහින්ද ආවේත් නෑනේ. නේද? මංගල? ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා ඇසුවේය.' ඔව්, ඔව්, දැන් බලාගෙන ගියාම මෙතැන තව රිපෝටර්ලා ඉන්නවා. 'මංගල සමරවීර ඇමැතිවරයා කීවේ කාට කාටත් දැනෙන්නටය. 'ඔන්න දැන් මගේ රිපෝටර් ජොබ් එක ඉවරයි. දැන් මම එඩිටර්. දැන් තව රිපෝටර්ලා ඉන්නවානේ. ඔන්න ජනාධිපතිතුමියනි ඔබතුමිය බයවෙන්න එපා. ඔබතුමියට අවාසි දේවල් ඔක්කොම කපල කරල පත්තරවලට දෙන්නම්' මහින්ද රාජපක්‍ෂ ඇමැතිවරයා කීවේ අලුත් කර්තෘ තනතුරට තමා විසින්ම තමා නම්කර ගනිමිනි. ජනාධිපතිතුමියට ඒ කතාවට හිනා ගියාය. හිනාවෙමින්ම ඇය ඒ කතාවට තවත් අලුත් යමක් එකතු කළාය. 'මහින්ද එහෙම කිව්වට හරියන්නේ නෑ. මේ පාර ඇමැති මණ්ඩලයේ තියෙන්නේ මහින්දට අවාසි වෙන ඒවා. ඒවා අර සතිඅන්ත පත්තරයේ කර්තෘවරයාගේ ගෙදරටම ගිහිල්ලා දෙන එක්කෙනෙක් ඉන්නවා.' ඇය කියද්දි කවුරුත් එකිනෙකාගේ මුහුණවල් බලා ගත්තේ ඒ කවුදැයි සොයන්නට මෙන්ය. අනේ අපි නම් නෙවෙයි. කියන්නාසේ කවුරුත් කා දිහාත් බලා සිනාසුණාහ.

ආණ්ඩුවේ රිපෝටර්ලා සහ එඩිටර්ලා
07.06.1998
ලංකාදීප

දැන් මහින්ද බය වෙලා තියෙන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්ද වගේ රිපෝටර්ලා ගණනාවක් තමන්ගේ ආණ්ඩුව ඇතුළේ බිහිවී ඇතැයි කියාය.
ඇත්තටම චන්ද්‍රිකාගේ 1994 - 2001 යන ආණ්ඩු කාලයේ ආණ්ඩුවට එරෙහි විවේචනයක් කළ ඇමැතිවරයකු හිටියා නම් ඒ මහින්ද රාජපක්‍ෂ විතරය. ඒත් අද එහෙම නෙවෙයි. අද ආණ්ඩුව විවේචනය කරන ඇමැතිවරුන් වැහි වැහැලාය.
බස්නාහිරින් හා දකුණෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරල තියෙනවා...
නිමල් සිරිපාල ද සිල්වා.
'මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන්...'
චම්පික රණවක
'ආණ්ඩුවේ ලේ නරක් වෙලා...'
රෙජිනෝල්ඩ් කුරේ
'මේක යූ.ඇන්.පී. ආණ්ඩුවක්...'

අතුරලියේ රතනහිමි
'ආණ්ඩුව යන තාලේ වැරැදියි...'
විමල් වීරවංශ
'මම ඕනෑ වෙලාවක විපක්‍ෂයට යන්න ලෑස්තියි...'
රාජිත සේනාරත්න
මේ ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමැතිවරු සහ මන්ත්‍රිවරු කිහිපයකි. වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණද ගහන්නේ ආණ්ඩුවටය.
මේ ඔක්කොම හදන්නේ මහින්දගේ මහින්දලා වෙන්නටය 'වේලා....?'
මහින්දව චන්ද්‍රිකාට අන්දවල ගෙදර යවන්නටය.


උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Wednesday, June 4, 2014
පොරි හැලෙන්ට දීම!...........

ලිංගික අපහරණ ගණනාවක්‌ ඊයේ (4 දා) මේ පතෙහි සඳහන් ය. එයින් පළමුවැන්න බාල වයස්‌කාර සිසුවකුට අතවර කළ තරුණයකු ගැන ය. ඒකා මේ නීච ක්‍රියාව කර ඇත්තේ ලිංගික අතවර නඩුවකට පෙනී සිට ආපසු එමින් සිටියදී ය. තම බිරිඳගේ 83 හැවිරිදි ආච්චිට අතවර කළ 30 හැවිරිදි හමුදා සෙබළකු ගැන එන පුවත දෙවැන්න ය. තුන්වැනි කතාව සිය පෙම්වතා සොයා ගිය 14 හැවිරිදි දැරියක අතින් අත යැම ය. සිවුවන කතාව වූ කලී ආච්චි කෙනෙකුගේ අනියම් පෙම්වතා මිනිබිරියට අතවර කිරීම ය. ඉහත සඳහන් පුවත් සතරට අමතරව තවත් zලිංගාශ්‍රිත නීච ක්‍රියාZ සම්බන්ධ පුවත් තිහ හතළිහක්‌ දිනපතා පුවත්පත් බැලීමෙන් එකතු කර ගත හැකි ය. මෙබඳු ප්‍රවෘත්ති පුවත්පත්වල පළ නොකළ යුතු බවට මෝඩ මතයක්‌ පවතී. මේ පුවත් දැකීමෙන් පොදු ජනයා තුළ වනචරකම් කෙරෙහි පෙළඹීමක්‌ හට ගන්නා බවට සුචරිතවාදීහු තර්ක කරති. මෙය පේන්ට්‌ කළ අසූචි බාල්දියක්‌ වැනි ගොන් තර්කයකි. අසූචි බාල්දියක්‌ පේන්ට්‌ කළ විට ඈතට ලස්‌සනට පෙණුනත් ළඟට එන විට ගඳ දැනෙයි. මෙබඳු තර්කවල පිටත දිලිසුනත් ඇතුළත කුණු ය. පත්තර බලා ස්‌ත්‍රී දූෂණ කරන රටක්‌ ලොව කොතැනකවත් නැත. ටී. වී. බලා ගැහැනුන්ට බලාත්කාරකම් කරන රටක්‌ ද ලොව නැත. එහෙත් වැල්වල එල්ලී ටාසන් පනින අයුරු දැක ලණුවල එල්ලී වීර ක්‍රියා කරන්නට ගොස්‌ තුවාල ලද හෝ මියගිය ළමයින් ගැන පුවත් අප දැක ඇත. මහල්ලකු පෙම් කෙළීම සහ පොඩි ළමයකු සුළඟට උඩ යන සරමක්‌ දිහා බැලීම අතර සුවිශාල වෙනසක්‌ තිබේ. මහල්ලා පෙම් කෙළින්නේ වල් කමටය. පොඩි එකාගේ ක්‍රියාවට හේතුව කුතුහලය ය.

වැරදීමකින් ලංකාවට ගොඩ බැස සිංහල රජතුමාගේ සිරකරුවකු බවට පත් වී බුලත් කමින් සහ පාවට්‌ටා කොළ සුරුට්‌ටු බොමින් රස්‌තියාදු ගැසූ බ්‍රිතාන්‍ය ජාතික රොබට්‌ නොක්‌ස්‌ විටෙක කියන පරිදි සිංහලයා මෝඩයෙකි. අද වන විට සිංහල යන වචනයට ලාංකික යන වචනය ආදේශ වී තිබෙන අතර ලාංකිකයා යනු නිකම්ම මෝඩයකු නොව වනචර මෝඩයෙකි. තිස්‌ හැවිරිදි හමුදා සෙබළකු 83 හැවිරිදි ආච්චි කෙනෙකුට අතවර කරත් නම් ඔහු මොන තරම් මෝඩ මාන්දම් කාරයෙක්‌ දැයි අපට නො තේරේ. තම පුතාගෙත් පුතා වැනි මිනිසකු අතින් කෙළෙසී කට වසා ගෙන සිටින්නට තරම් බංකොලොත්භාවයක්‌ කිසිදු මිත්තණියකට නැත. එ බැවින් ඉන්තේරුවෙන් ම මේ වැඩේ අත උඩම මාට්‌ටු වන බව පෙර කී නීචයා දනී. එහෙත් අරමුණ ඉටු කරගත් පසු වැඩේ මාට්‌ටු වූවාට කම් නැත යන මෝඩ අදහස ඔහු තුළ ඇත. සැකකරු පසුව පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ. ඉතිරි හරිය රාළහාමිලා බලා ගත්තාවේ. නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මස්‌ මාළු නො කෑවාට රාළහාමිලා මස්‌ මාළු කති·

පෙම්වතා සොයා ගිය 14 හැවිරිදි පෙම්වතිය අතින් අත ගොස්‌ කෙළෙසීම මගින් පෙන්වන්නේ සමාජය තුළ ඇති අනාරක්‍ෂිත භාවයයි. සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු, ත්‍රීවීලර් රියෑදුරකු, හෝටල්කාරයකු යනාදීන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව තිබේ. මස්‌ මාළු කන පොලිසිය පමණ දැන, රෝහල් වාර්තා කැඳවීමට බැරි වන පරිදි ඔවුන්ට ආදර සංග්‍රහ කළ යුතු ය. හය හැවිරිදි දැරියකට අතවර කළ තරුණයාට ද සැළකිය යුත්තේ ඒ ආකාරයෙනි. මන්ද, බාල වයස්‌කාර නඩු වැඩි හරියක්‌ උසාවි ගිය විට සාක්‍ෂි මදකමින් විත්තිය නිදහස්‌ වෙයි. අතවර නඩුවක විත්තිය වී සිට ගෙදර එමින් සිටි තරුණයා කුඩා පිරිමි ළමයකු කෙළෙසීම සම්බන්ධයෙන් ද මූලික වශයෙන් යුක්‌තිය පසිඳලිය යුත්තේ පොලිසියම ය. ඒ අයියාටත් පොරි හැලෙන්ට දෙමු!

ාසඩ්සබ් -
Read more
Tuesday, June 3, 2014
පංචායුධය එල්ලා ගැනීමටවත් බෙල්ල නැතිවන වීරවංශ

රටේ "පංචායුධය" ලෙස ඔහුම හඳුන්වාගත් "ජාතික නිදහස් පෙරමුණේ" නායක අමාත්‍ය විමල් වීරවංශට සත්‍ය අවබෝධ වෙමින් තිබෙනවා සේ පෙනේ. එදා 2005 ජනාධිපතිවරණ වේදිකාවේ වීරවංශ නැතුවම බැරි කථිකයෙකු විය. ජනතා විමුක්ති පෙරමුණේ පන්නරය හා ශක්තිය මත කාගේත් අවධානයට ලක් වූ ඔහු, පසුව ඉන් ඉවත් වී 2010 දී සන්ධාන ආණ්ඩුවේ
ප‍්‍රබල අමාත්‍ය ධුරයක් ලබාගෙන තවමත් එහි රැඳී සිටී.

ලේ උරාබොන කූඩැල්ලෙකු මෙන් සන්ධාන ආණ්ඩුවේ ලගිමින්, සිය
Read more
ගංජා ජාවාරමේ ඔබ නොදන්න අලුත්ම කතාව...

* ගංජා වනසන්නට පෙර කේරළ ගංජා මරාලයෙන් ගැලවෙමු!
* වේලන්නේ මදුරු නාශක දියර ගහලා
* කේරළ ගංජා සැර වැඩියි!
* දැන් අපේ රටේ දේශීය වෙදකමට ගන්නෙත් කේරළ ගංජා


කාලයෙන් කාලයට විවිධාකාර මත්ද්‍රව්‍ය සමාජයට එකතු වන්නේය. මෑත කාලයේ අප සමාජයේ ජනප්‍රියම මත්ද්‍රව්‍ය කේරළ ගංජාය. කේ.ජී. කෑල්ලක්‌ මිලට ගත නොහැකි නගරයක්‌ ගමක්‌ නැති ගානය. රට හැම තැනම කේරළ ගංජා විකිණීමට තිබෙන්නේය. කේ.ජී. බට්‌ටෙක්‌ රුපියල් හතළිහට අලෙවි වන විට කේ.ජී. ග්‍රෑම් 10 පැකට්‌ එක රුපියල් දෙදහස්‌ පන්සීයත් තුන්දහසත් අතර මුදලකට අලෙවි වන්නේය. කේරළ ගංජාවලට මෙරට ඇති ඉල්ලුම අතිශය ඉහළය. එහෙත් එවැනි වටිනාකමක්‌ ඇති කේරළ
Read more
Monday, June 2, 2014
දඩ කොළය රාළහාමි හා අවිහිංසාවාදය

පොලිස්‌ නිලධාරියකුට අමානුෂිකව පහර දී ඔහු ගමන් කරමින් සිටි වාහනය ද ගිනි තබා විනාශ කිරීමේ නින්දිත ක්‍රියාවක්‌ පිළිබඳව  "දිවයින" පත්‍රය ඊයේ (02 දා) සිය පළමු පුවතින් අනාවරණය කර තිබිණි. මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත්තේ සුමින්ද සමන් නමැති කොස්‌තාපල්වරයකු බව ද එහි සඳහන් විය. හේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොට්‌ටාව රථවාහන පොලිස්‌ ඒකකයේ සේවයේ නිරත වූ අයෙකි.

ඔහුට පහර දුන් මැරයෝ කවරහුදැයි මේ ලියන විටත් අනාවරණය වී නොතිබිණි. ඒ තොරතුරු අනාවරණය වේද යන්නත්
Read more
රනිලුයි විමලුයි ඉන්නේ එක ඉත්තේ

"ශ්‍රී ලංකාව සමූහාණ්ඩුවක්ද" - පුවත්පතක් අසයි
"අධ්‍යාපනයට රටේ ආදායමෙන් 6%ක් වැය කරන්න"
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (ජ්උඊඒ)
"මං බලයට ආවාම ඔය ධ්ර්ජ් ගිවිසුම ඉරා වීසි කරනවා" - රනිල්ගේ තවත් මෝඩ කතාවක්.
"ශ්‍රී ලංකන් එයාර් ලයින් බිලියන 25ක පාඩුවක්"

- පුවතක්.

මෑතකදී වේරිට් පර්යේෂණ ආයතනය අපූරු පර්යේෂණයක් සිද්ධකොට තිබෙනවා. ඔවුන් පර්යේෂණ සිදුකොට තිබෙන්නේ ලංකාව රටක් විදියට සමාජය වෙනුවෙන් කරන වියදම් ගැනයි.

අපි නමින් කියන්නේ සමාජවාදී සමූහාණ්ඩු රාජ්‍යයක් කියලයි. එවිට සමාජවාදී ආණ්ඩුවක් නම් වැඩියෙන් වියදම් කරන්න ඕනෑ තම සමාජය දියුණු කරන්න නොවේද? එහෙත් අපි වියදම් කරන්නේ කොහොමද? වේරිට් ආයතනය කියන විදියට අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නේ ආදායමෙන් 1.8%යි. නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන්නේ 1.4%යි. අපි ධනවාදී රටවල් යැයි හංවඩු ගහන, විමල් වීරවංශ වැන්නෝ බෙරිහන් දෙමින් හෙළා දකින, බටහිර රටවල් දෙස දැන් බලමු. ඔවුන් තම රටේ අධ්‍යාපනය වෙනුවෙන් 5.3%ක්ද සෞඛ්‍ය වෙනුවෙන් 8.1ක්ද වියදම් කරනවා. වෙනකක් තබා ආසියාවේ අනෙක් දුප්පත් රටවල් පවා 2.9%ක් සහ 2.4%ක් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරනවා. මෙසේ බලන විට ලෝකයේ අඩුම ප්‍රතිශතය වියදම් කරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් අපි තමයි. එහෙත් ජනතාව මේ බව දන්නවාද? නැහැ. අපි හිතන්නේ අපි තමයි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය අතින් ලෝකයේ ඉහළින්ම ඉන්නේ කියලා නොවේද?

• මෙහෙම වුණේ ඇයි?

මේ විදියට ආණ්ඩුව කාටත් හොරෙන්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට, දළ ආදායමේ ප්‍රතිශතය අඩු කිරීමට ප්‍රධාන හේතු දෙකක් වුණා. මීට අවුරුදු 10කට පෙර දළ ආදායමෙන් 3%ක් පමණ අපි අධ්‍යාපනයට වියදම් කරන විට, රටේ අධ්‍යාපනය නොමිලේ නිසා අපි මහ ලොකුවට කීවේ නිදහස් අධ්‍යාපනය කියලයි. එදා තිබුණු අවශ්‍යතාවලට එදා වියදම් කළ මුදලින් අපි පිරිමහ ගත්තා. එදා රුපියල ඩොලරයට සමාන්තරව ඉහළ තැනක තිබුණු නිසා එනම් රුපියල් සියයට අඩු නිසා අඩු පඩියක් දී ගුරුවරු වැඩට ගන්න පුළුවන් වුණා. එහෙත් අද? අද ගුරුවරුන්ට දෙන්නේ ඒ වැටුපමයි. එහෙත් ඔවුන්ට රුපියලේ අගය අඩු නිසා එම පඩියෙන් එදා ගත් භාණ්ඩ ගන්න බැහැ. ඒ නිසා අද වෙලා තියෙන්නේ ඔවුන් හැමෝම ටියුෂන් දෙනවා. ටියුෂන් දෙන විට ඒ මුදල් ගෙවන්නේ ආණ්ඩුවෙන් නෙවෙයි, මවුපියෝයි. ඒ නිසා තමයි අද මේ ටියුෂන් වසංගතය මේ තරම් පැතිරී තිබෙන්නේ. අවුරුදු 6 ළමයිනුත් හවස 6 වන තෙක් ටියුෂන් යනවා! පාසල් ළමයින්ට එදත් අදත් උගන්වන්නේ කළු ලෑල්ලෙන්. එසේ නැතිව දියුණු රටවල වගේ ක්‍රියාකාරකම් තුළින්වත් රසායනාගාරයෙන්වත් පරිගණකයෙන්වත් නෙවෙයි. කළු ලෑල්ලෙන් ඉගෙන ගන්න ළමයින්ට පුළුවන් වන්නේ වැඩිහිටියකු වෙලත් කළු ලෑල්ල ළඟට ඇවිල්ලා උගන්වන්න විතරයි. එසේ නැතිව නවීන ලෝකයට අවශ්‍ය විදියට නිර්මාණාත්මකව සිතන, අලුත් දේවල් කරන, රටේ ධනය නිෂ්පාදනය කරන පුද්ගලයෙක් වන්නේ නැහැ. එවැනි පුද්ගලයකු ඇති කරන්න නම් කළු ලෑල්ලට පිටස්තර අධ්‍යාපනයක් දෙන්න ඕනෑ. එසේ දෙන්න නම් ආණ්ඩුව මුදල් වැය කරන්න ඕනෑ. 1.8%ක් වියදම් කොට එය කරන්න බැහැ. ටියුෂන් පන්තිවලින් එය කළ නොහැකියි. ටියුෂන් පන්ති කියන්නෙත් පෞද්ගලිකව කරන කළු ලෑලි පන්තියක්. සෞඛ්‍යය ගැන කියන්න තිබෙන්නෙත් මෙයමයි.

• ආණ්ඩුවට ජොලි

ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය කියන බෙරේ හොඳට ගහනවා. ජනතාව මීට වඩා හොඳ දෙයක් දන්නේ නැති නිසා එම බෙර ගැහිල්ලට රැවටෙනවා. අපේ මවුපියන් තවම විශ්වාස කරන්නේ අර පරණ කතායි. ඒ කියන්නේ ඉපල් පහර කකා හෝ ළමයින් ඉගෙන ගත යුතු බවයි. නවීන සමාජයේ ඒ විදියට ඉපල් පහර කා ඉගෙන ගන්න බැහැ. එසේ ඉගෙන ගත්තේ රට ඉතා දුප්පත් කාලයේයි.
අද රට මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලැබෙන රටක්. එවැනි රටක ඉගෙනගන්න ඕනෑ නවීන ක්‍රම අනුවයි. සෞඛ්‍යයත් එහෙමම තමයි. සෞඛ්‍ය සේවාවන් නවීන කරන්න ඕනෑ. පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදී එය දියුණු කරන්න බැහැ. පෞද්ගලික ආරෝග්‍යශාලා ඇති කොට එය දියුණු කළ නොහැකියි. නවීන සෞඛ්‍ය සේවාවන්වලට ආණ්ඩුවේ මුදල් වැඩියෙන් යොදවන්න ඕනෑ. ඒ වගේම සාමාන්‍ය ජනතාවට පෞද්ගලික ආරෝග්‍යශාලාවලින් සේවා ලබාගන්න නම් සෞඛ්‍ය රක්‍ෂණ ඇති කරන්න ඕනෑ. එසේ නැතිනම් අපි සමාජයක් වශයෙන් එකම තැන ඉන්න වෙනවා. ඉතින් මෙය කරන්න නම් ජනතාවගේ ඇස් අරින්න ඕනෑ. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය උත්සාහ කරන්නේ ඒ කටයුත්ත කරන්න තමයි. තමන්ගේ රටේ තමන්ට අවශ්‍ය සේවය ලබාගන්න තමන් පත් කරගත් ආණ්ඩුවක් මඟින් අවශ්‍ය මුදල් වෙන් කර ගන්න කියන එක. එහෙත් එය සිදුවන්නේ නැහැ.

• රනිල්ගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ධ්ර්ජ්) කතාවේ ඇත්ත නැත්ත?

අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැය කරන වියදම් කපා හරිනවා යැයි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගිවිසුමකට ආවේ නැහැ. එසේ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධානියායි. ආණ්ඩුව ඔය අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් කප්පාදු කරන ලද මුදල් ආයෝජනය කරන්නේ මොනවටද? ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම බිලියන 25ක් පාඩු ලැබුවා යැයි කී විට එම මුදල් හිලව් කරන්නේ ඔය කප්පාදු කළ මුදල්වලින්. ලංගම රුපියල් බිලියන 3ක් පාඩු ලැබුවා යැයි කී විට එම මුදල් හිලව් කරන්නේ අර කප්පාදු කළ මුදල්වලින්. එයින් වන එකම දේ තමයි ආණ්ඩුවට හිතවත් ලංගම සේවකයෝ හම්බ කරගන්නවා. කබල් ලංගම බස් දුම් පිට කරමින් පාරේ දුවනවා. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සහ පෙට්ට්‍රෝලියම් සමාගමේ 2012දී පාඩුව බිලියන 150ක් යැයි ගණන් බලා තිබෙනවා. එම පාඩුව අපේ රටේ දළ ආදායමෙන් 2%ක් වෙනවා. එනම් එම පාඩුව අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට කරන වියදම්වලට වඩා වැඩියි!! මෙහෙම වෙන්නේ ඇයි? දේශපාලනය සහ පවුල් සංස්ථා පෝෂණය ඊට හේතුවයි. දේශපාලනය කියන්නේ තමන්ට අවශ්‍ය අයට මේ ආයතනවල රක්ෂා දෙන්න පුළුවන්. තමන්ගේ පවුලේ නෑදෑයන්ට මේ ආයතනවල මුල් පුටු දෙන්න පුළුවන්. එසේ නැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා නෙවෙයි, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මුදල් කප්පාදු කරන්නේ. ඔය ටිකවත් රනිල්ට තේරුම් ගන්න බැහැ නොවැ. ඉතින් ඔහු විරුද්ධ පක්‍ෂයේ නායකයා වන්නේ කොහොමද? විරුද්ධ පක්‍ෂයක් තිබෙන්නේ ජනතාව ආණ්ඩුවේ වැරැදි වැඩ ගැන දැනුම්වත් කරන්නයි. ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්න හදන එක ගැන ජනතාවට පෙන්වා දෙන්න. එසේ නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි විදේශ ආයතනවලට ඇඟිල්ල දිගුකොට බනින්න නෙවෙයි. විමල් වීරවංශ වැනි ආණ්ඩු ගැත්තෝ ඉන්නේ ඒකටයි. දැන් රනිලුත් එකයි, විමලුත් එකයි. දෙන්නම ඉන්නේ එක අත්තේ!

මිගාර
Read more
වලව්වට දෙපාරක්ම ගියත් ඇහැළේපොළ උඩරට ගිවිසුමට අත්සන් කළේ නැහැ කියලා ඩොයිලිගේ දිනපොතේ තියෙනවා

ඇහැළේපොළ මහ නිලමේතුමන් පිළිබඳව යමකු විමසුවහොත් බහුතරයක් පවසන කරුණ වන්නේ ඔහු ඉංග්‍රීසීන්ගේ උඩරට ගිවිසුමට අස්සන් කොට සිය ජාතිය ඉංග්‍රීසීන් හමුවේ පාවාදුන් අයකු බවයි. එහෙත් ඇහැළේපොළ නිලමේගේ ඥාතීන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ උදහසට ලක්වී ඉකුත් මැයි 18 වැනිදාට වසර 200ක් සපිරිණි. ඒ වෙනුවෙන් ඇහැළේපොළ ග්‍රාමයේ සංවිධානය කරන ලද උත්සවයකදී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා නව මතයක් ඉදිරිපත් කළේය.

ඔහු පැවැසුවේ ඇහැළේපොළ නිලමේ ජාතිය පාවාදෙන්නකු ලෙස සමාජය පිළිගත්තද එය වැරැදි මතයක් බවයි. එමෙන්ම ඇහැළේපොළ නිලමේ ඉංග්‍රීසින්ගේ උඩරට ගිවිසුමට අස්සන් නොකළ බවද ඉංග්‍රීසින් විසින් ඔහුගේ අස්සන ව්‍යාජ ලෙස එහි යොදන ලද බවට සාධක පවතින බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. මෙම නව මතයෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමේ අරමුණෙන් ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුර මනතුංග මහතා හමුවීමට 'මව්බිම' අපි ගියෙමු. එම නව මතවාදයට පූර්ව කථනයක් දෙමින් මහාචාර්ය අනුර මනතුංග අපට මෙසේ පැවැසීය.
"ඇත්තටම සංස්කෘතික අමාත්‍යවරයාගේ මතයට මමත් එකඟයි. ඇහැළේපොළ මහ නිලමේතුමා ඉංගී්‍රසීන්ගේ උඩරට ගිවිසුමට අස්සන් කළේ නෑ. සත්‍ය වශයෙන්ම සිදු වුණේ ඇහැළේපොළ නිලමේ ගිවිසුමට අස්සන් නොකළ නිසා ඉංග්‍රීසීන් ඔහුගේ අස්සන ව්‍යාජ ලෙස යොදලා ඔහුගේ නමට අපකීර්තියක් එක් කරපු එක පමණයි."
ඇහැළේපොළ නිලමේ උඩරට ගිවිසුමට අස්සන් කළාද නොකළාද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීමට නම් ඔහු කෙබඳු පුද්ගලයකුදැයි විමසීම වටී. ඔහුගේ සමාජ වටපිටාව පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය මනතුංග මහතා මෙසේ පැවැසුවේය."

'ඇහැළේපොළ කියන්නේ උඩරට ප්‍රධාන පවුලකට අයත් රදලවරයෙක්. එතුමා අවසන් වරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ මහ නිලමේ පදවිය දැරුවා. මේ කාලෙ මහ නිලමේ කියන්නේ අද කාලෙ හැටියට රටේ අගමැතිවරයා. ඒ අනුව ඇහැළේපොළ නිලමේ තනතුරෙන් සහ ක්‍රියාවෙන් දෙවැනි වුණේ රජුට විතරයි.
මහ නිලමෙතුමාත් රාජසිංහ රජුන් අතර යම් යම් මතභේද ඇති වුණා කාලයක් යද්දි. ඒ මතභේද ඇති වීමට ප්‍රධානතම හේතුව වුණේ රජු සෑම විටම ඇහැළේපොළ නිලමෙව සැකකිරීම. රජු අප්‍රමාණ භීතියකින් පසු වුණා. ඇහැළේපොළ රජුගේ බලය ලබා ගන්න රජුට එරෙහිව කටයුතු කරයි කියලා. ඒ නිසාම ඇහැළේපොළ කරපු කිසිම හොඳ වැඩක් රජුගේ ප්‍රශංසාවට ලක් වුණේ නෑ. දෝෂයටම ලක් වුණා. උදාහරණයක් විදියට ගත්තොත් ඇහැළේපොළ මහ අදිකාරම තනතුරට අමතරව සබරගමුවේ දිසාපතිවරයා ලෙසත් කටයුතු කළා. ඔහු සබරගමු දිසාපතිවරයාව සිටියදී ඇලපාත නිලමේතුමාගේ අභාවය සිදු වුණා. රාජ නීතිය අනුව ඔහුගේ මරණයෙන් පස්සේ දේපොළ රාජ සන්තක විය යුතුයි. එය එසේ වුණා. නමුත් රාජසිංහ රජු සැක කළා ඒ දේපොළවලින් කොටසක් ඇහැළේපොළ තබා ගත්තා කියලා. ඔවුන් අතර විරසකයක් ඇතිවීමට ඒ හේතුවත් තදින් බලපෑවා.

තවත් කරුණක් තමයි ඇහැළේපොළ නිලමේ සබරගමුවේ ඉඳන් රජුට පිරිනමන්න රන් කඩුවක් සහ ඔටුන්නක් සෑදුවා. නමුත් රජු සිතුවා ඇහැළේපොළ රජ වෙන්න උත්සාහ කරනවා කියලා.
ඒ සියලුම ක්‍රියාදාමයන් නිසා රජු ඇහැළේපොළ නිලමේ ගැන දැඩි වෛරයකින් පසු වුණා. ඒ අතරතුරයි රජු විවාහ දිවියට පත් වුණේ. රජුගේ විවාහයේදී සියලුම රදලවරුන් රජුට මුදල් ත්‍යාග පිරිනැමුවත් ඇහැළේපොළ වෙනත් ත්‍යාගයක් පිරිනැමුවා. එයත් වරදකට ගත් රජු ඇහැළේපොළ තමාට අපකීර්තියට පත් කළා කියලා ඔහුට බැන වැදුණා.
එකී සියලුම හේතුන් මත රජු සහ ඇහැළේපොළ මහ නිලමේ අතර තිබූ විරසකය තව තවත් වැඩි වූ බව මහාචාර්යවරයා පවසයි. ඇහැළේපොළ නිලමේතුමා වටා විශාල ජනකායක්ද එක්ව සිටීම කෙරෙහි රජු බියවී සිටි අතර ඇහැළේපොළ කෙරෙහි මිනිසුන් තැබූ විශ්වාසය පලුදු කිරීමටද රජු දැඩි ලෙස උත්සාහ ගත් බව මනතුංග මහතා පැවැසුවේය.

"ඇහැළේපොළ වටා සාමාන්‍ය ජනතාව එක් රොක්වී සිටීම ගැනත් රජු පසු වුණේ තරමක සැකයකින්. ඒ නිසාම රජු ඇහැළේපොළගෙන් ජනතාව දුරස් කරන්න උපක්‍රමයක් කල්පනා කළා. ඒ අනුව රජු ඔහුට පැවැසුවා සබරගමුවේ බදු අය කිරීම පැරැණි පෘතුගීසි ලැයිස්තුවට අනුවම සිදු කරන්න කියලා. එය ප්‍රායෝගික නොවන දෙයක් බව රජු පවා දැන සිටියත් ඔහු රජ අණ නිසා එය පිළිපදීවි කියන අදහසකින් රජු පසු වුණා. එහෙත් ඇහැළේපොළ මෙය ප්‍රායෝගික දෙයක් නොවන බව රජුට පැවැසුවා. මිනිසුන් එයට අකැමැති බව පවසමින් ඔහු එය ප්‍රතික්‍ෂේප කළා. මේ වගේ තත්ත්වයන් මත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔහු කෙරෙහි උග්‍ර මතභේදයකින් පසු වුණා.
දිනක් ඇහැළේපොළ නිලමේ සබරගමුවේ සිටියදී රජු ඔහුව හදිසි හමුවකට කැඳෙව්වා. අත්‍යවශ්‍ය කාර්යයක් මත පැමිණිය නොහැකි බව පවසා ඔහු පණිවුඩකරුවකු අත තල් පතක් යැව්වා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අතරමඟදී ඇහැළේපොළගෙ තරහකරුවන් පිරිසක් ලිපිය වෙනස් කළා කියලත් මතයක් තිබෙනවා. එයින් වුණේ රජු තව තවත් ඔහු කෙරෙහි උරණ වුණු එකයි."

රජුගේත් ඇහැළේපොළ නිලමේගේත් විරසක බව තේරුම්ගත් ඉංගී්‍රසීහු එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඉටා ගත්හ. ඇහැළේපොළද ඒ වන විට රජු කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවූ අතර ඉංග්‍රීසින්ගේ සහාය මැද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරණයට පත් කොට සිංහාසනය ලබා ගැනීමට හෙතෙම ඉටා ගත් බවත් ඔහුට සිංහාසනය ලබා ගැනීමට උදව් කරන බවට දුන් පොරොන්දුව මත හෙතෙම ඉංග්‍රීසින් හා එක් වූ බවත් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
'ඇහැළේපොළ ඉංග්‍රීසින් සමඟ එක්වූ පුවත සැලවීමත් සමඟ රජු ඔහුව තනතුරෙන් පහ කළා. එයින් කෝපයට පත් වුණු සබරගමුව වැසියන් ඇහැළේපොළට සිදු කළ අසාධාරණයට නුවර රජුට එරෙහිව කැරලි ගැසුවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඒ කැරැල්ල පහසුවෙන් මැඬ පැවැත්වූයේ දරුණු අපරාධයක් කරලා. මොල්ලිගොඩ නිලමේ සබරගමුවට යවලා කැරැල්ලේ සිටි සබරගමු වැසියන් 47 දෙනකු උලතියා මරා කැරැල්ල මර්දනය කළා කියා ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඒ අවස්ථාවේ ඇහැළේපොළ පහතරට පිහිටි අවිස්සාවේල්ලට පැන ඇවිත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලිගෙ පිළිසරණ පැතුවා. ඉන්පසු ඉංග්‍රීසින් ඇහැළේපොළට රජකම ලබා ගන්න උදව් කරන බවට පොරොන්දු දෙමින් ඔහු සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගත්තා."
සිංහලයේ මහා ඛේදවාචකයක් වූ ඇහැලේපොළ පවුලේ ඝාතනය රජු විසින් සිදු කරන ලද්දේ ඉන් අනතුරුවයි. ඇහැළේපොළ ඉංගී්‍රසින් හා එක් වූ පුවත අසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දැඩි ලෙස කෝප වූ අතර ඇහැළේපොළ නිලමේගේ සමස්ත පවුලම අමානුෂික ලෙස ඝාතනය කළේය. කාන්තාවන් දියෙහි ගිල්වීමෙන්ද පිරිමින්ගේ හිස වෙන් කිරීමෙන්ද, කුඩා දරුවන් වංගෙඩියේ කෙටීමෙන්ද සිදු කළ එම ඛේදවාචකය හේතුවෙන් ඇහැළේපොළ නිලමේ රජු කෙරෙහි දැඩි ලෙස වෛරයක් ඇති කර ගත් බව මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

තමන්ගේ පවුලේ පිරිස රජු විසින් ඝාතනය කරනු ලැබීම නිසා ඇහැළේපොළ හිටියේ රජු කෙරෙහි අධික වෛරයකින්. ඒ වගේම දැඩි සිත් තැවුලෙන්. ඒක අවස්ථාවක් කරගත් ඉංග්‍රීසින් රජු විනාශ කර ඔහුට සිංහාසනය ලබා දෙන බවට පවසමින් උඩරටට ඇතුළුවන මාර්ගය ඔහුගෙන් විමසුවා. තමන්ගේ පවුලේ පිරිස කෙරෙහි පැවැති ශෝකයත් රජු කෙරෙහි පැවැති වෛරයත් නිසා ඔහු ඉංග්‍රීසින්ට උඩරටට ඇතුළුවෙන මාර්ගය පෙන්වූවා. ඉන්පසු වර්ෂ 1815 ජනවාරි මාසයේ දිනයක ඉංග්‍රීසින් උඩරට බලා පිටත් වුණා. ඇහැළේපොළත් ඔවුන්ට මඟ පෙන්වූවා. ඔහු බලාපොරොත්තුවෙන් හිටියේ ඉංග්‍රීසින් රජු පන්නා දමා ඔහුට සිංහාසනය දේවි කියලා. නමුත් ඉංග්‍රීසින්ගෙ කපටි උපාය දැන සිටියේ ඔවුන්ම පමණයි."
ඒ අනුව වර්ෂ 1815 පෙබරවාරි මස 14 වැනි දින ඉංග්‍රීසින් විසින් මහනුවර යටත් කර ගන්නා ලදී. මහනුවර යටත් කර ගැනීම කොතෙක් පහසුවෙන් සිදු කළේද යත් එක් ඉංග්‍රීසි ජාතිකයකුගේ සටහනක් එයට කදිම නිදසුනක් බව මහාචාර්යවරයා පවසයි. එනම් ඉංග්‍රීසින්ගේ බඩු බාහිරාදිය ගෙන ගිය අශ්වයකුට හෝ කිසිදු සීරීමක්වත් නොවන අයුරින් ඔවුන් මහනුවර යටත් කර ගත් බව එම සටහනේ සඳහන් වන බව හෙතෙම පවසයි.

'ඉංග්‍රීසින් ඉතාම පහසුවෙන් මහනුවර යටත්කර ගැනීමෙන් පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා ගියා. ඉන්පසු ඇහැළේපොළ නිලමේගේ මිත්‍රයකු වන එක්නැලිගොඩ නිලමේ ඇතුළු පිරිසකගේ සහායෙන් 1815 පෙබරවාරි 18 වැනිදා මැද දුම්බර බෝමුරේ ගමේ උඩුපිටිය ආරච්චිගේ නිවෙසේ සැඟවී සිටියදී රජු අත්අඩංගුවට ගත්තා.
ඇහැළේපොළ නිලමේ කොයි තරම් උතුම් පුරුෂයෙක්ද කියලා පැහැදිලි වන ප්‍රධානතම කරුණක් මෙහි සඳහන් කළ යුතුයි. ඒ තමයි තමන්ගේ බිරිය, දරුවන්, නෑදෑයන් සියල්ලම ඝාතනය කළත් රජු හමු වුණොත් ඔහුගේ ජීවිතය නැති කරන්න එපා කියලා ඇහැළේපොළ සිය මිත්‍රයාට උපදෙස්දී තිබුණා කියලා ඉතිහාසයේත් සඳහන් වෙනවා. එවන් මානුෂීය පැත්තක් පවා හිතලා ඔහු සිංහාසනය තමාට ලබා ගන්න අරමුණු ඇතිව ඉංග්‍රීසින්ගෙන් පවා සහාය ගත්තෙ තමන්ගේ රට වැසියන්ට යහපත් පාලකයකු වී ඔවුන්ට යහපත් සමාජ වටපිටාවක් ගොඩනඟා ගැනීමේ උතුම් අරමුණෙන්. නමුත් රජු අල්ලා ගැනීමෙන් පසුව ඉංග්‍රීසින් ඇහැළේපොළට වූ පොරොන්දුව කඩකරන්න සැරසුණා. මේ ගැන අවබෝධ කර ගත්තට පසුව ඇහැළේපොළ ගොඩක් අසරණව බලාපොරොත්තු කඩවී දැඩි සිත් තැවුලකින් පසු වුණේ.
ඉන් පසුව එවකට ආණ්ඩුකාරවරයා වන රොබට් බ්‍රවුන්රිග් ඔහුගේ නියෝජිතයකු වන ජෝන් ඩොයිලි ලවා ගිවිසුමක් සකස් කළා. එහි සඳහන් වුණේ උඩරට පාලනය ඉංගී්‍රසින් විසින් සිදු කරනු ලබන බව සහ ගිවිසුමකට අනුකූලව ඔවුන් ක්‍රියාකරනවා යන ප්‍රතිඥාව. මේ ගිවිසුමේ සිංහල පිටපත සකස් කරන ලද්දේ ඒබ්‍රහම් ද සේරම් නමැති මුදලිතුමා විසින්.

නමුත් ඇහැළේපොළ රට වැසියාගේ යහපත වෙනුවෙන් රජකම අයැද සිටියත් ඉංග්‍රීසින් එයට කැමැති වුණේ නෑ. ඉංග්‍රීසින් ඔහුගෙන් ඉල්ලා සිටියා නැවතත් මහ නිලමේ තනතුර දරමින් ඔවුන් සමඟ රැඳී සිටින්න කියලා. නමුත් ඔහු ඒ අවස්ථාවේ පැවැසුවේ මට රජකමට වඩා පහළ කිසිම තනතුරක් එපා. මට නිලමේ තනතුරත් එපා කියලි. ඒ ප්‍රකාශයෙන්ම තේරෙනවා ඔහුට තිබුණේ බල තණ්හාවක් නෙවෙයි. තමන්ගෙ රට වැසියා වෙනුවෙන් හොඳ පාලකයන් වෙන්නයි ඔහුට අවශ්‍ය වුණේ.
නමුත් ඇහැළේපොළගේ බලාපොරොත්තු නැති කරමින් ඉංගී්‍රසින් සකස් කළ උඩරට ගිවිසුම 1815 වර්ෂයේ මාර්තු 02 මහනුවර මඟුල් මඬුවෙදි රදලවරුන් ඉදිරියේ ප්‍රකාශයට පත් කළා. සමාජයේ බැසගත් මිථ්‍යා මතයක් තිබෙනවා උඩරට ගිවිසුම මාර්තු 02 අස්සත් කළා කියලා. නමුත් එදින කළේ උඩරට ගිවිසුම රදලවරුන් ඉදිරියේ ප්‍රකාශයට පත් කළ එක පමණයි. උඩරට ගිවිසුමේ බුදු දහම රකින වගන්ති ඇතුළත් නෑ කියලා රදලවරු එයට විරුද්ධ වුණත් පසුව ඉංග්‍රීසින් බුදු දහම රකින වගන්තියක් එයට ඇතුළත් කළා. ඒ සියල්ලම කරලා 1815 මාර්තු 10 ඔවුන් උඩරට රදලවරු කැඳවූවා. එදින ඇහැළේපොළ පැමිණියේ නෑ. එදින ගිවිසුමට කිහිප දෙනකු අස්සන් කළා. අනෙක් පිරිස මඟ හැරියත් මාර්තු 18 වැනිදා හතර කෝරලයේ පිළිමතලාව නිලමේ, ගලගොඩ නිලමේ උඩරට ගිවිසුමට අස්සන් කළා. නමුත් ඇහැළේපොළ නිලමේ ගිවිසුම තැන්පත් කළ මහනුවර මඟුල් මඬුවටවත් පැමිණියේ නෑ. ඒ නිසාම ඉංග්‍රීසින් ඔහුගේ අස්සන ලබා ගන්න ඔහුගේ නිවෙසට දින දෙකක් උඩරට ගිවිසුම රැගෙන ගියත් ඔහු අස්සන් කළේ නෑ. ගිවිසුම නිවෙසට ගෙන ගියත් අස්සන් කළේ නෑ කියලා ජෝන් ඩොයිලිගේ දිනපොතේ පවා සඳහන් වෙනවා. එය ඇහැලේපොළ උඩරට ගිවිසුමට අස්සන් නොකළ බව පවසන්න තිබෙන හොඳ සාධකයක්.

කොහොම වුණත් ඇහැළේපොළ නමින් අස්සනක් උඩරට ගිවිසුමේ තිබෙනවා. සත්‍ය වශයෙන්ම මෙය ඉංගී්‍රසින් යෙදූ බොරු අස්සනක්. ඒ වගේම උඩරට ගිවිසුම හදපු ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලිගේ දින පොතේ 18 වැනි දින වනතුරු ගිවිසුමට අස්සන් කළ රදලවරු ගැන සඳහන් වුණත් ඇහැළේපොළ ගැන සඳහනක් නෑ. ඔහුගේ නම සඳහන් කළ හිස් තීරුවේ ර්ථීඹ්ර්ණී යන කෙටි අක්ෂර ටිකක් පමණයි පවතින්නේ. එයින් තහවුරු වෙනවා උඩරට ගිවිසුමට සම්බන්ධ ඇහැළේපොළගේ සෑම දත්තයක්ම ඉංගී්‍රසින් හොරට හැදූ ඒවා කියලා. ඒ වගේම තමයි උඩරට ගිවිසුමේ අස්සන් කළ සෑම රදලවරයෙක්ගේම අස්සන පවතින්නේ ඔවුන්ගේ නමට ඉදිරියෙන් සඳහන් කරලා. නමුත් ඇහැළේපොළගෙ අස්සන තිබෙන්නේ ඔහුගේ නමක් සඳහන් කර නැති ගිවිසුමේ ඉහළින්ම කොනකට වෙන්න.
මේ වෙනකොට පුරාවිද්‍යාඥයන් පවා තහවුරු කරගත් මතයක් තමයි ඇහැළේපොළ නිලමේ සාමාන්‍ය ලේඛනවල කළ අස්සනේ සහ උඩරට ගිවිසුමේ සඳහන් ඔහුගේ යැයැ කියන අස්සනේ ලොකු පරස්පර තැන් පවතිනවා කියන කරුණ.'
සත්තකින්ම ඇහැළේපොළ උඩරට ගිවිසුම අස්සන් කළේ නැත. දැනට හමුවී ඇති සාධක හමුවේ හෙළි වන කරුණක් වන්නේ අසීමිත දේශප්‍රේමී බවකින් පසුවූ ඇහැළේපොළ නිලමේ ඉංග්‍රීසින්ගේ කපටිකම හමුවේ දේශද්‍රෝහියකු වී සිටින බවයි. ඉතිහාසගත වැරැදි මූලාශ්‍ර මත ඔහු දේශද්‍රෝහී ලැයිස්තුවේ තැබීම අප විසින් සිදු කරනු ලැබිය යුත්තක් නොවේ. සත්තකින්ම ඇහැළේපොළ නිලමේ වනාහි රටට ජාතියට ආදරය කළ දේශප්‍රේමී යුග පුරුෂයෙකි.

සමිත් මධුරංග
Read more
Sunday, June 1, 2014
අයින්ස්ටයින්ගේ මොළයත් සාමාන්‍යයි

අයන්ස්ටයින් පෙන්වා දී තිබූ විශ්මිත සිද්ධාන්තයන් සහ පෙරළිකාර සමීකරණයන් හේතුවෙන් 1955 අප්‍රේල් මස 18 දින ඔහුගේ මරණින් පසු එම හිස තුල පිහිටි අවයව ගැන විද්‍යාඥයින් අධ්‍යනයන් සිදු කළහ.
කලින් විශ්වාස කළේ ඔහුගේ අසාමාන්‍ය බුද්ධි ප්‍රභාව ඇතිවූයේ  විවිධ හෝ සංකීර්ණ වර්ධනයක් පෙන්වූ මොළය හේතුවෙන් බවයි. නවතම පර්යේෂණයක් මගින් යෝජනා කර සිටින්නේ එය එසේ නොවන බවයි. අයන්ස්ටයින්ගේ මොළය ද අනෙක් මනුෂ්‍යයන්ගේ මොළය හා සමාන බවත් එහි වර්ධනයේ වෙනසක් ඇතැයි සිතීම මුලාවක් බවත් පර්යේෂකයෝ කියති.
1985 දී ඩයමන්ඩ් ඉට් අල් ගේ අධ්‍යනයට අනුව අයින්ස්ටයින්ගේ මොළයේ, සීමිත බුද්ධි මට්ටමක් ඇති අයට  වඩා වැඩි ප්‍රමාණයක්  උපස්තම්බක සෛල තිබී ඇති බව කියා  ඇත. උපස්තම්භක සෛල මගින් මොළයේ නියුරෝන ආරක්ෂාකරන අතර මෙ මගින් චින්තන හැකියාව ඉහළ දමන බවත් මොළයට වැඩි  ශක්තියක් ලබා දෙන බවත්   ඉට් අල් පෙන්වා දී තිබිණි. 
අයන්ස්ටයින් පිලිබඳව නවතම පර්යේෂණය කරණ ලද නිවියෝරක් හි පේස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ටෙරන්ස් හින්ස් නියුරොස්කෙප්ටික් නැමැති සඟරාවට වාර්තාවක් සපයමින් පෙන්වා දි ඇත්තේ මෙම සියලුම අධ්‍යනයන් වැරදි බව සහ ඉහත දක්වා ඇති හේතු මගින් ඇත්ත වශයෙන්ම මොලයට විශේෂ තත්වයක් ඇති නොවන බවයි.
අයන්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් යම් තරමක  මතබේද පවති. එනම් කටකථාවකට අනුව කියවෙන්නේ මරණයට පෙර ඔහු විසින්  ඔහුගේ මුළු ශරීරය ම ආදාහනය කරණ ලෙස ඉල්ලා සිටි බවයි.
නමුත් ව්‍යාධවේදියෙක් වු තොමස් ස්ටොල්ස් හාර්වේ මෙම මහා මොළය අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා ආරක්ෂා කිරීමට වැඩි කැමැත්ක් දැක්වූ හෙයින් අයන්ස්ටයින්ගේ මරණයෙන් පැය හතහමාරකට පසු ඔහුගේ මොළය ඉවත් කර ඇත.
මෙම ක්‍රියාව සාමාන්‍ය සිද්ධාන්තයන්ට එරෙහි වුවත් අයන්ස්ටයින්ගේ පුත් හාන්ස් පසුව තම පියාගේ මොලය විද්‍යාත්මක කටයුතු සඳහා භාවිතා කිරීමට තම කැමැත්ත ලබා දුන් බව නැෂනල් ජෝග්‍රැපික් වෙබ් අඩවිය කියයි.
ඒ හේතුවෙන් 1985 දි අධ්‍යනය ආරම්භ විය. එම අධ්‍යනයේ සම ප්‍රධානත්වය  හාර්වේ විසින් දැරීය. එතැන් සිට බොහෝ විද්‍යාඥයින් ‍යෝජනා කර තිබුනේ අයන්ස්ටයින්ගේ මොළය විශේෂිත එකක් වු බව නිරීක්ෂණය කිරීමට තමන් සමත් වූ බවයි.
ආචාර්ය හින්ස් එයට එකඟ වන්නේ නැත.
පළමුව ආචාර්ය හින්ස් පවසන්නේ 1985 දී අයන්ස්ටයින්ගේ මොලය වෙනත් පාලක මොලයක් සමග සංසන්දනය කරමින් පරික්ෂණ 28  ක් කළ බවත් එහිදී එකම එකක් පමණක් නිරවද්‍ය යැයි විශේෂයෙන් පර්යේෂකයන් විසින් එම අවස්ථාවේදී සැලකූ බවයි.
තවදුරටත් ආචාර්ය හින්ස් පෙන්වා දෙන්නේ වෙනත් අන්වීක්ෂීය විශ්ලේෂණ වලට අනුව අයන්ස්ටයින්ගේ මොලයේ සහ අනෙක් පාලක මොලය අතර ඉඳුරාම වෙනස්කමක් නොතිබූ බවයි.
මෙම අධ්‍යනයන් සිදුකළේ අයන්ස්ටයින්ගේ මොලයෙන් ම  පෙතිගසන ලද කුඩා  කැබලි එකක් හෝ  කීපයක් විශ්ලේෂණය කරමින් බවත් එමගින් එහි විශේෂිත ඥානාත්මක හැකියාවන් ගැන අව්‍යජ අදහසක් ලබාගත නොහැකි වු  බවත්ය ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

 ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
Read more

Recent Posts

Popular Posts

Popular Posts