Header Ads

අයින්ස්ටයින්ගේ මොළයත් සාමාන්‍යයි

අයන්ස්ටයින් පෙන්වා දී තිබූ විශ්මිත සිද්ධාන්තයන් සහ පෙරළිකාර සමීකරණයන් හේතුවෙන් 1955 අප්‍රේල් මස 18 දින ඔහුගේ මරණින් පසු එම හිස තුල පිහිටි අවයව ගැන විද්‍යාඥයින් අධ්‍යනයන් සිදු කළහ.
කලින් විශ්වාස කළේ ඔහුගේ අසාමාන්‍ය බුද්ධි ප්‍රභාව ඇතිවූයේ  විවිධ හෝ සංකීර්ණ වර්ධනයක් පෙන්වූ මොළය හේතුවෙන් බවයි. නවතම පර්යේෂණයක් මගින් යෝජනා කර සිටින්නේ එය එසේ නොවන බවයි. අයන්ස්ටයින්ගේ මොළය ද අනෙක් මනුෂ්‍යයන්ගේ මොළය හා සමාන බවත් එහි වර්ධනයේ වෙනසක් ඇතැයි සිතීම මුලාවක් බවත් පර්යේෂකයෝ කියති.
1985 දී ඩයමන්ඩ් ඉට් අල් ගේ අධ්‍යනයට අනුව අයින්ස්ටයින්ගේ මොළයේ, සීමිත බුද්ධි මට්ටමක් ඇති අයට  වඩා වැඩි ප්‍රමාණයක්  උපස්තම්බක සෛල තිබී ඇති බව කියා  ඇත. උපස්තම්භක සෛල මගින් මොළයේ නියුරෝන ආරක්ෂාකරන අතර මෙ මගින් චින්තන හැකියාව ඉහළ දමන බවත් මොළයට වැඩි  ශක්තියක් ලබා දෙන බවත්   ඉට් අල් පෙන්වා දී තිබිණි. 
අයන්ස්ටයින් පිලිබඳව නවතම පර්යේෂණය කරණ ලද නිවියෝරක් හි පේස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ටෙරන්ස් හින්ස් නියුරොස්කෙප්ටික් නැමැති සඟරාවට වාර්තාවක් සපයමින් පෙන්වා දි ඇත්තේ මෙම සියලුම අධ්‍යනයන් වැරදි බව සහ ඉහත දක්වා ඇති හේතු මගින් ඇත්ත වශයෙන්ම මොලයට විශේෂ තත්වයක් ඇති නොවන බවයි.
අයන්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් යම් තරමක  මතබේද පවති. එනම් කටකථාවකට අනුව කියවෙන්නේ මරණයට පෙර ඔහු විසින්  ඔහුගේ මුළු ශරීරය ම ආදාහනය කරණ ලෙස ඉල්ලා සිටි බවයි.
නමුත් ව්‍යාධවේදියෙක් වු තොමස් ස්ටොල්ස් හාර්වේ මෙම මහා මොළය අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා ආරක්ෂා කිරීමට වැඩි කැමැත්ක් දැක්වූ හෙයින් අයන්ස්ටයින්ගේ මරණයෙන් පැය හතහමාරකට පසු ඔහුගේ මොළය ඉවත් කර ඇත.
මෙම ක්‍රියාව සාමාන්‍ය සිද්ධාන්තයන්ට එරෙහි වුවත් අයන්ස්ටයින්ගේ පුත් හාන්ස් පසුව තම පියාගේ මොලය විද්‍යාත්මක කටයුතු සඳහා භාවිතා කිරීමට තම කැමැත්ත ලබා දුන් බව නැෂනල් ජෝග්‍රැපික් වෙබ් අඩවිය කියයි.
ඒ හේතුවෙන් 1985 දි අධ්‍යනය ආරම්භ විය. එම අධ්‍යනයේ සම ප්‍රධානත්වය  හාර්වේ විසින් දැරීය. එතැන් සිට බොහෝ විද්‍යාඥයින් ‍යෝජනා කර තිබුනේ අයන්ස්ටයින්ගේ මොළය විශේෂිත එකක් වු බව නිරීක්ෂණය කිරීමට තමන් සමත් වූ බවයි.
ආචාර්ය හින්ස් එයට එකඟ වන්නේ නැත.
පළමුව ආචාර්ය හින්ස් පවසන්නේ 1985 දී අයන්ස්ටයින්ගේ මොලය වෙනත් පාලක මොලයක් සමග සංසන්දනය කරමින් පරික්ෂණ 28  ක් කළ බවත් එහිදී එකම එකක් පමණක් නිරවද්‍ය යැයි විශේෂයෙන් පර්යේෂකයන් විසින් එම අවස්ථාවේදී සැලකූ බවයි.
තවදුරටත් ආචාර්ය හින්ස් පෙන්වා දෙන්නේ වෙනත් අන්වීක්ෂීය විශ්ලේෂණ වලට අනුව අයන්ස්ටයින්ගේ මොලයේ සහ අනෙක් පාලක මොලය අතර ඉඳුරාම වෙනස්කමක් නොතිබූ බවයි.
මෙම අධ්‍යනයන් සිදුකළේ අයන්ස්ටයින්ගේ මොලයෙන් ම  පෙතිගසන ලද කුඩා  කැබලි එකක් හෝ  කීපයක් විශ්ලේෂණය කරමින් බවත් එමගින් එහි විශේෂිත ඥානාත්මක හැකියාවන් ගැන අව්‍යජ අදහසක් ලබාගත නොහැකි වු  බවත්ය ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

 ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

1 comment:

  1. මම අහල තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්ට වඩා මොලේ භාහිර මස්තිෂ්කයේ වර්ගපලය වැඩි නිසා වැඩිපුර හිතන්න පුළුවන් උනා කියලා.එත් මටනම් අයින්ස්ටයින්ගේ චින්තන හැකියාව විස්වාස කරන්නත් අමාරුයි මිනිහෙක්ට මෙච්චර හිතන්න පුළුවන් කොහොමද කියලා.තාමත් අයින්ස්ටයින්ගේ දේවල් ලෝකෙට තේරුම ගන්න අමාරු තැන් තියනවා.ඒ ඒ තරම් බුද්දිමත් කෙනෙක් අයෙ පහල වෙලා නැති නිසා.ඒ නිසා ඔහුගේ මොලේ සමානයි කියන එකනම් විස්වාස කරන්න අමාරුයි. මොනවා උනත් හොද ලිපිය.

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete

Powered by Blogger.