මම බොදු බලයට බයයි!!! - උපුල් ශාන්ත සන්නස්ගල
යොවුන් ම යොවුන් කවියෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලගෙ කුළුඳුල් කවි පොත ජනගත කෙරුණෙ පසුගිය හතරවෙනිද. එදා කතාබහට එකතු වුණේ උපුල් ශාන්ත සන්නස්ගල සහ මංජුල වෙඩිවර්ධන. (ස්කයිප් තාක්ෂණය හරහා) වැඩේ ඉවරවෙලා ගියපු වැඩේ කරගන්න (තේ පැන් සාදය භුක්ති විඳින්න) ගිය වෙලාවෙ මගේ හිතවතෙක් කියනව... ‘අදනං සන්නගෙ දේශනය අන්තිමයි.
ඌ පොත ගැන කතා කරේ නැහැනෙ.’ කියල. මම කිව්ව... ‘ උපුල් පොත ගැන කතා නොකළට පොතේ අන්තර්ගත දේශපාලනය ගැන හොඳ සවිඥානයකින් යුතුවයි කතා කරේ’ කියල. මිත්‍රයට ම කියපු දේ වැටහුණා ද නොවැටහුණා ද කියල මට වටහා ගන්න බැරි වුණා. මොකද ඊට වඩා දෙයක් ඔහු කතා නොකළ නිසා.
මෙවැනි සංවාදවලට සහභාගිවන බහුතරයකගෙ මතයත් ඒ වගේ නම්, ඔවුන් වර්තමාන දේශපාලනය ගැන කොතරම් අවිඥානික ද කියන කාරණය දැන් පැහැදිලියි. එහෙම නැත්නම් සවිඥානික වුනත් පැවැත්ම සඳහා අවිඥානික විදියට ජීවත් වෙන්න උත්සාහ කරනව ද දන්නෙත් නැහැ. කොහොම වුනත් එදා සන්නස්ගල කළේ තැනට සුදුසු ම ආකාරයේ දේශනයක්. ඒ කියන්නෙ කසුන්ගෙ පොත පිළිබඳව සහ වර්තමාන දේශපාලන සන්දර්භය පිළිබඳ අති සවිඥානික දැක්මක් සහිත කතාවක්. ඒක එහෙම ද නැද්ද කියල බලන්න අපි ඒ දේශනය උපුල්ගෙ වචනවලින් ම කියවමු.
මට මේ වගේ තැනක දේශනයක් කිරීම අපහසු කාරණයක් නෙවෙයි. ඒක මට කජු කනව වගේ වැඩක්. නමුත් කසුන්ගෙ පොත ගැන දේශනය කරන්න මම ටිකක් තිගැස්සුණා සහ බියක් දැනෙනවා. මොකද මම මේ පොත දරුණුවට විවේචනය කරල කසුන්ගෙ දේශපාලනය කතා කළොත් මම මෙතනින් බැස්සට පස්සෙ කසුන් මෙතනට නැගල මට බනින්න ඉඩ තියෙනව.
මම කසුන්ව දන්නකාලෙ යි, කසුන්ගෙ කවි ටිකයි, මම විශ්වවිද්‍යාලෙ සිටි අවධිය යි, අද දේශපාලනය යි සහ උතුර පිළිබඳ සිතන විදියයි සියල්ල ම ගත්තම මට පළමුවෙන් ම හිතෙන්නෙ කසුන් සංස්කෘතික හැඳුනුම් පතක් සොයමින් සිටින බව. මම මේ කියන්නෙ ජාතික හැඳුනුම්පත නොවෙයි: සංස්කෘතික හැඳුනුම්පත. සාමාන්‍යෙයන් කෙනෙක් මේ හැඳුනුම්පත හොයාගන්නෙ වයසත් එක්ක සහ අත් දැකීම් සමඟ පරිනාමය වෙමින්.
මට අද දේශනය පවත්වන්න කිව්වෙ කුමාර හෙට්ටිආරච්චි ගැන, රත්න ශ්‍රී ගැන හෝ අවම වශයෙන් මස්ඉඹුල පිළිබඳව නම් කිසිම තිගැස්මක් නෑ ඒ කෙනාගෙ කවි ටිකක් උපුටාගෙන දේශනය කරන්න අවශ්‍ය සම්පත් වුවමනාවටත් වඩා තියෙනව. නමුත් මම කියන්නෙ කසුන්ගෙ සංස්කෘතික ජිවිතය මොකක් ද කියල කසුන්ගෙ අම්ම තාත්වත් දන්නෙ නැහැ. මේ කාරණය කවුරුවත් පටලවා ගන්න එපා. මම මේ කියන සංස්කෘතික හැඳුනුම්පත අනාගතයේ දි කසුන් හොයාගනීවි. මම අද එයාගෙ හැඳුනුම්පත ගැන පැවසුවොත් ඒක අසාධාරණයි. මම බය යි කිව්වෙ ඒ නිසයි. මොකද මේ විදියට හැඳුනුම්පත් දීල කෙළවගත්ත අය ඕන තරම් ලංකාවෙ ඉන්නව. මම ඒකට මගෙන් ම උදාහරණයක් ගන්නම්.
මගේ පළවෙනි පොත (සරසවි දියණියෝ) එළිදැක්වුවෙ ජෝන්ද සිල්ව එකේ. ඒකට හේතු තිබුණ. එකක් විශ්වවිද්‍යාලෙ යාළුවො ඔක්කොම පොඩි ශාලාවක දාන්න බැරි නිසා. දේශනවලට කැඳෙව්වෙ: දයාසේන ගුණසිංහ මහතා, මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය සහ සරත්විජේසූරිය මහතා. මේ තුන්දෙනා තෝර ගන්නත් හේතු තිබුණ. මට පත්තර කලාව ඇතුළෙ යම් උදව්වක් කළේ දයාසේන ගුණසිංහ මහත්මය. විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරිය වුණේ කුසුමා කරුණාරත්න මහත්මිය. හැබැයි එයාට එන්න කිව්වෙ එයාගෙ විචාර ගැන පැහැදීමකින් නෙවෙයි. විභාගෙ අන්නයි, ලකුණු කපයි කියන බයට. සරත් විජේසූරිය මහත්මය තමයි ඒකාලෙ විශ්වවිද්‍යාලෙ රැඩිකල් කථිකය; විශ්වවිද්‍යාලෙ සංස්කෘතික නියෝජිතය. එදා ඒ අය කරපු කතාවෙ කැසට් එකක් තවම මගේ ළඟ තියෙනව. දැන් මට හිතෙනව එදා මොනවද ඒ අය කිව්වෙ කියල. මගෙන් කාලයක් ඉගෙනගත්ත, ගෝලයෙක් නොවන, ශිෂ්‍යයෙක් වන කසුන් ඔය වැඩේ ම කරන බව මට විශ්වාසයි. මොකද කසුන් ඒ ජාතියෙ කෙනෙක්.
ඒක උදාහරණයක් එක්ක ම කියල මගේ කතාවට ප්‍රවේශ වෙන්නම්.
කසුන් මට දණගහල වඳිනව. නමුත් ඔයාල දැක්කනෙ පොත පිළිගන්වල මෙයා අම්ම තාත්තටවත් වැන්දෙ නැහැ. මේක වරදක් විදියට මම දකින්නෙ නැහැ. මේක තමයි කසුන්ගෙ ස්වභාවය. ඒදෙන්නට පොත් පිළිගන්වල වැන්දෙ නැත්නම් මට වඳින්නෙ කොහොම ද? ඒ නිසා තමයි ඒ දෙන්නට හාදුවක් දීල මටත් හාදුවක් දුන්නෙ. මේ දෙබිඩ බවක් නෙවෙයි.
මේක තමයි කසුන් තිගැස්සෙන තැන. මොකද ඕනෑම අම්ම තාත්ත කෙනෙකුට මේ වගේ අවස්ථාවක් ආඩම්බරයට කාරණයක්. මේක මේ විදියට ම ප්‍රභාකරන්ගෙ, තිලීපන්ගෙ සහ මැරුම්කෑවත් දයා පතිරණගෙ අම්ම තාත්තටත් ඒ ආඩම්බරය තිබෙන්න ඇති. මේ වන විට අනුර කුමාර දිසානායකගෙ අම්මටයි තාත්තටයි කොච්චර ආඩම්බරයක් ඇත්ද? ආඩම්බරය කෙසේ වෙතත් දැන් බය නැතුව ඇති. ඒ ආඩම්බරය සහ බයත් එක්ක පුතා තිගැස්සෙන එක තීරණාත්මක යි.
මම දැන් එන්නෙ කසුන්ගෙ කවිවලට...
තමන් දේශපාලනිකව සහ අත්දැකීම්වලින් පරිනාමය වෙන්න කලින් එයා ඔළුවෙන් පරිනාමය වෙලා. මේ මොහොතෙ එළියට පැනල තියෙන්නෙ කසුන්ගෙ ඇඟ නෙවෙයි ඔළුව. ඇඟ කොයි කාලෙ පනීවිද දන්නෙ නැහැ. ඒ නිසයි මම කලින් කිව්වෙ හැඳුනුම්පත තියෙන්නෙ කොහේද කියල කියන්න බැරි බව. මොකද තව අවුරුදු දහයකින් පහළොවකින් කසුන් කවි පොතක් ලිව්වොත් එදාට කියන්න පුළුවන් වේවි කසුන් හැඳුනුම්පත හොයාගත්ත කියල. එතකන් මට කසුන් විශ්වාස නැහැ.
මම මේකටත් පොඩි උදාහරණයක් දෙකක් කියන්නම්. අද දොරට වඩින්නෙ ‘කවි ඇසිඩ්’ වුණාට මේක තමයි කසුන්ගෙ පළමු කවි පොත. මේ පොත ටයිප්සෙටින් කරල, පෘෘෆ් කියවල, ලේඅවුට් කරල ඔක්කොම ඉවරවුණාට පස්සෙ කසුන් කියනව මේ පොත ප්‍රකාශ කරන්නෙ නැහැ කියල. දැන් ඔයාලට පැහැදිලි ඇති ඇයි මම කසුන්ට හැඳුනුම්පතක් නොදෙන්නෙ කියල.
මේ පොතේ නම ‘‘ටැටූ’’.මේ කසුන්ගෙ පළවෙනි කවි පොත. මේකෙ ප්‍රේමණීය කවි වැඩියි. මේ පොතේ පිදුම වෙනස්. නමුත් මාස හයක් ඇතුළත කසුන් තීරණය කරනව මේ පොත ප්‍රකාශයට පත් නොකරන්න. අද ප්‍රකාශයට පත්වෙන්නෙ ‘‘කවි ඇසිඩ්’’. හිතාගන්න පුළුවන් නේද චේන්ජ් එක. දැන් පැහැදිලියි නේද මම මේ වෙලාවෙ කසුන්ට හැඳුනුම්පතක් දුන්නොත් ඒක අසාධාරණයි කියල. කසුන් පරිනාමය වෙන්නෙ අපිට වඩා ඉක්මණින්.
Kasun-Mahendra-Heenatigala-Kavi-Acid
කසුන් පටන්ගන්නෙ පිළියන්දල කනිටු විදුහලෙන්. පස්සෙ තමයි ලුම්බිණියට යන්නෙ. ඊටත් පස්සෙ රාජකීය නොවෙන දරුවෙක් රාජකීය විද්‍යාලයට යනව. ඊළඟට කසුන් නතරවෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ. මේ විදියට ම කසුන් දේශපාලනිකවත් පැන පැන යනව. මම ඒක නිශ්චිතව දන්නෙ නැහැ. නමුත් මම මෙහෙම කියන්නම්. යුඑන්පි එකෙන් ශ්‍රිලංකා එකට ශ්‍රීලංකා එකෙන් ජේවිපි එකට ජේවීපි එකෙන් පෙරටුගාමි එකට පෙරටුගාමි එකෙන් ප්‍රංශයට වගේ ඉතා ඉක්මණින් ම පැන පැන යනව. මම නැවතත් කියන්නෙ... අපි කොහොමද කසුන්ට හැඳුනුම්පතක් දෙන්නෙ? කසුන්ගෙ ගමන අධිවේගියි. ඒක පාලනය කරන්න කවුරුවත් උත්සාහ කරන්න එපා. මොකද එහෙම වුණොත් මිනිහ ඇක්සිඩන්ට් වෙනව. කසුන්ගෙ ජිවිතය සහ නිර්මාණ තුළ පවා දකින්න ලැබෙන්නෙ කසුන් හැඳුනුම්පතක් සොයාගෙන යන එක.
අපි කරන්නෙ අම්මගෙ පෙකනි වැල කඩාගෙන නගරෙට ඇවිල්ල නගරෙ නන්නත්තාර වෙලා අත්දැකිම් සමුදායක් ලබනවා. නගරෙ පිම්පියොත් එක්ක, සමලිංගිකයොත් එක්ක, ගණිකාවොත් එක්ක, ගංජ බොන එවුන් එක්ක, ජේවිපි, එල්ටීටීඊ එකත් එක්ක එකතුවෙලා කඳවුරුබැඳල ආයුද පුහුණු වෙලා දේශපාලකයොත් එක්ක ගැවසිලා පරිනාමය වෙලා ඇවිල්ලත් තවම හැඳුනුම්පත හොයනව. නමුත් තවම හම්බවෙලා නැහැ. ඒ නිසා මගේ සමහර යාළුවො කියන්නෙත් මාව තවම විශ්වාස නැහැ කියල. වර්තමාන කාලින විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක ගත්තම මට කසුන් වීරයෙක්. සාහිත්‍ය කලා කටයුතුවල ඉන්න විශ්වවිද්‍යාලයේ ගැහැනු සහ පිරිමි වැඩිහරියක් ඉන්නෙ ලිංගිකත්වය නමැති සාධකය මත. ඒක එහෙම වෙන්නෙ ඇයි කියල අත්දැකීම්වලින් ම කියන්නම්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ තිබුණ ලොකු මියුසිකල් ෂෝ එකක්. අපි හොඳට ම දන්නව විශ්වවිද්‍යාලවල යම් ෂෝ එකක් පැය භාගයක්, පැයක් හෝ පැය එකහමාරක් පරක්කු වුනොත් අඩුගනෙ ‘‘හූ’’වක්වත් කියනවනෙ. විසිල් එකක් ගහනවනෙ. මොන... නිශ්ශබ්දව ඉන්නව. පැය දෙකක් පරක්කුයි... පන්දාහක් විතර සෙනඟත් ඉන්නව. ඒගොල්ලො ඉතාම කිකරුව ෂෝ එක බලන්න බලාගෙන ඉන්නව. හරියට රොබෝල වගේ. යම් කටයුත්තකදි පොල්තෙල් පහනක් පත්තු කරනවනෙ. ඒ වෙලාවෙ මේ නිවේදකය කියනව... ‘අපිට පළමුව තිබෙන්නේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවි දුන් විරුවන් වෙනුවෙන් විනාඩියක් නිශ්ශබ්ද වීම’ කියල. මේ විශ්වවිද්‍යාල ප්‍රජාව විනාඩි පහක් විතර නිශ්ශබ්දව ඉන්නව. මම අහන්නෙ මේකට මෙන්න මේ වගේ වාක්‍යයක් දාන්න කියල කියන්න කොන්ද පණ තියෙන එකෙක් හිටියෙ නෑ. මොකක්ද වාක්‍යය...? ‘යුද්ධයේ දී මිය ගිය සියල්ලන් වෙනුවෙන්’ කෑල්ල. අඩුගානෙ ඒකවත් යොදන්නෙ නැහැ. වර්තමාන විශ්වවිද්‍යාලෙ තත්ත්වය මේකයි.
මේ වාතාවරණ ඇතුළෙ මට කසුන් ගැන බියක් දැනෙන්නෙ අද ගැන නෙවෙයි. කසුන් එක වෙබ්සයිට් එකකට උත්තර දෙනව එයා ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනව කියල. මේක ඇත්තක් ද බොරුවක් ද කියල මම දන්නෙ නැහැ. පසු කාලෙකදි කිව්වොත් එහෙම ‘නෑ මම නොමේරු කාලෙ එහෙම කිව්ව’ කියල. මොකද ජේ ආර් එහෙම කිව්ව.
දැන් මවුබිම පත්තරේ කර්තෘ තුෂාර ගුණරත්න ඉන්ටර්වීව් එකක දි ජේ ආර්ගෙන් මෙහෙම අහනව.
‘ජනමත විචාරණය තිබ්බ වෙලාවෙ, ලාම්පු කළගෙඩි සෙල්ලම තිබුණ වෙලාවෙ හරියට වංචා සිද්ධ වුණා නේද? හොර ඡන්ද දැම්ම නේද?’ කියල.
එතකොට ජේ ආර් පත්තරකාරයගෙන් මෙහෙම අහනව.
‘කොයි කාලෙද එහෙම එකක් තිබ්බෙ...?’
එතකොට පත්තරකාරය කියනව
‘දැනට අවුරුදු පහළොවකට කලින්’
එතකොට ජේ ආර් දෙන උත්තරය මොකක්ද...?
‘ආ... ඉතිං ඔයාට තිබුණනෙ ඒක ඒ කාලෙ අහන්න. ඒ කාලෙ පියවරක් ගන්න’
ඊට පස්සෙ පත්තරකාරය අහනව...
‘ඔබ ලෝ කොලේජ් එකේ ඉද්දි සම සමාජ පක්ෂයේ වැඩ කළා. කොමිනිස්ට් පක්ෂයෙ වැඩ කළා?
එතකොට ජේ ආර් කියනව...
‘ඔව්... ඔව්... කොල්වින් එන් එම් දෙන්නත් මාක්ස්වාදය ගැන පොත් කියෙව්වෙ මගේ පුස්තකාලෙන් තමයි.’
ඊට පස්සෙ පත්තරකාරය ආයෙත් මෙහෙම අහනව...
‘ඊට පස්සෙ ඔබ තමයි විවෘත ආර්ථිකය ගෙනල්ල, මේක අංශක තුන්සිහ හැටකින් අනිත් පැත්තට හරවල අපේ රටට ධනේශ්වරය අරගෙන එන්නෙ’ කියල.
එතකොට ජේ ආර්ගෙ උත්තරය මොකක් ද...?
‘ඔව්... අවුරුදු දහඅටේ දි වාමාංශිකයෙක් නොවුනොත් ඔහුට හදවතක් නෑ. අවුරුදු තිස්පහේදි දක්ෂිණාංශිකයෙක් නොවුණොත් ඌට මොළයක් නෑ’ කියල.
පත්තරකාරය ඊළඟට අහනව....
‘ඔබ යුරෝපයෙ ඉද්දි විස්කි බොනව, බ්‍රැන්ඩි බොනව, ඔබ වැඩිහරියක් බිව්වෙ රෙඩ් වයින්. ඒ බිව්වෙත් ඉතාලියෙන් ගෙනාපුව විතරයි. නමුත් මෙහේ ඇවිත්, සුදු ඇඳගෙන, ධර්මිෂ්ට සමාජය කියල තමයි දේශපාලනය කරන්නෙ?
මොකක්ද ජේ ආර්ගෙ උත්තරය...?
‘ඔව්... මම ගෙදරට කලිසම. රටට රෙද්ද.’
දැනටත් හුඟක් ය එහෙමනෙ. රටට රෙද්ද. ගෙදරට කලිසම. ඉතිං අපිට කවුද විශ්වාස කරන්න පුළුවන්...? දැන් කසුන් විශ්වවිද්‍යාලෙ ඉද්දි කවි ලියනව. ඉස්සර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෙයා විදියට ඉද්දි කවි ලියපු අයගෙන් සියයට එකක්වත් දැන් කවි ලියන්නෙ නෑ. මම උදාහරණයක් කියන්නම්.
ඉස්සර අපි විශ්වවිද්‍යාලෙ ඉන්නකාලෙ හැම ඉරිදාවක ම විපුලහේවා වලිමුනිගෙ සහ සුනන්දා රණසිංහගෙ කවි පළ වුණා. දැන් ආසාවට ඒ අයගෙ එක කවියක් දකින්න පුළුවන් ද...? එහෙම නම් ඒ අය කොහොමද කවියො වෙන්නෙ...? මොකද නියම කවියෙක් නම් පුද්ගලය මළත් කවිය මැරෙන්න විදියක් නෑ. සමහරු කවි ලියන්නෙ ගීත රචකයෙක් වීමේ පෙරහුරුවක් විදියට. එහෙම නම් අපිට යම් පුද්ගලයකුට කවියෙක් විදියට හැඳුනුම්පත දෙන්න වෙන්නෙ, ඒ පුද්ගලය කවියෙක් විදියට පිළිගන්න වෙන්නෙ වසර ගණනාවක් තිස්සෙ කවි ලිව්වොත් විතරයි. මම ඒකටත් හොඳ නිදර්ශනයක් කියන්නම්.
අපි දන්නව භාෂණ කියල සහෝදරයෙක් ගැන. රෝහිත භාෂණ. රෝහිත භාෂණ සහෝදරය අවුරුදු දහඅටේ දි පෙනී හිටපු දේශපාලනය අපි දන්නව. භාෂණ සහෝදරය අවුරුදු විසි එකේදිත් ඒ දේශපාලනය වෙනුවෙන් පෙනී හිටිනව. ඊට පස්සෙ භාෂණ අවුරුදු තිස් පහේදිත් ඒ දේශපාලනය වෙනුවෙන් ම පෙනී හිටිනව. භාෂණට ලංකාවෙන් යන්න වෙනව. අදත් අපි භාෂණ ලියන ඒව දකිනව. ඒ නිසා අපිට පුළුවන් භාෂණට හැඳුනුම්පතක් දෙන්න.
නමුත් මම නම නොකිය ඉඟියක් කියන්නම්. යුද්දෙ අවසාන කාලෙ පැල් බැඳගෙන ස්වයංතීරණ අයිතිය ගැන ලියපු: වේගයෙන් ලියපු කෙනෙක් හිටිය. යුද්ධය අවසන් වෙනවත් සමඟ ම ගියා. දැන් ඔහු කවි ලියනව ද...? නෑ... එහෙම නම් එයා මොකටද කවි ලිව්වෙ...?‘අනේ මාව අත්අඩංගුවට ගන්නකො’ කියල තමයි ලියල තියෙන්නෙ. එහෙම නම් එයාගෙයි භාෂණ සහෝදරයගෙයි අතර වෙනසක් තියනවනෙ. භාෂණගෙ ගොඩට ඔවුන් දාන්න බැහැනෙ. ඒ වගේම ඒ අය එක්ක එකට දේශපාලන වැඩ කරල හිරබත් කන මොල සෙනෙවිරත්නල ගැන කවුද කතා කරන්නෙ...? අවම වශයෙන් මොලාල ගන ෆේස් බුක් එකේ ලියන කෙනෙක් ඉන්නව ද? ඒ නිසා භාෂණට දෙන දේශපාලන හැඳුනුම්පත අර මම කියපු අයට දෙන්න බැහැ. මංජුල අදත් කවි ලියනව: අදත් දේශපාලන කවි ලියනව. මංජුලට ඒකෙන් මිදෙන්න බෑ.
මම කිව්වනෙ මට කසුන්ට හැඳුනුම්පතක් දෙන්න බෑ. කසුන් විශ්වාස කරන්න බැ කියල. ඇයි ඒ...? කසුන් මෝඩයෙක් නොවන නිසා. කසුන් හම්බ බ්‍රයිටෙක්. අපි කිව්වොත් දැන් කවි ලියමු කියල මෙතන වාඩිවෙලා කවි ලියයි. මම දවසක් කසුන්ට කියනව මට අම්ම ගැන කවියක් ලියල එවන්න කියල. කසුන් එක දවසෙන් විහිෂ්ට කවියක් ලියල එවනව. එහෙම හැමෝට ම කවි ලියන්න බැහැ. කසුන්ට ඒ ප්‍රතිභාව තියෙනව.
කසුන්ට උපාධිය පාස්වෙලා ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් කසුන් ඒ ඔක්කොම පැත්තක තියල තමන්ගෙ ජිවිතයට දේශපාලනික අර්ථයක් දෙනව.
මම මෙතෙක් වෙලා කියපු ටික කසුන්ගෙ කවියක තියෙනව. හැත්ත අටවෙනි පිටුවෙ ‘මගේ කවි’ කියන කවිය කියවන්න.
රට්ටුන්ට පේන්ට මහ උජාරුවට
කවි ලිව්ව බොට කප්පරක් මට
තේරෙන නොතේරෙන කවි නොකවි
මේ මඟුල් අදටත් තුට්ටුවකවත්
වටින් නැහැ තොට
ඒ වුනත්
මට්ටුවක් නැහැ මට
හරියට ම හරි. මේ කියන්නෙ මම මෙතෙක් වෙලා කියපු ටික ම යි. සමහර පුංචි පුංචි සිද්ධිවලින් අපි රිද්දගන්නෙ නැත්නම් එයාට කවියෙක් වෙන්න බැහැ. මම ඒකට උදාහරණයක් කියන්නම්.
මම මාසයක් විතර දුක් වින්ද එක දෙමළ කොල්ලෙක් ගැන හිතල. ඒ ළමයගෙ නම මනෝහරන්. අදත් හපුතලේ ඉඳන් තංගමලේ පාරෙ ගියොත් පුල්ලෙ කාමරේ කියන ලැයිම් කාමරේ මේ මනෝහරන් කියන කොල්ල ඉන්නව. වතු දෙමළ අය වත්තෙ හිටියට ගමත් එක්ක එකතුයි. කුලී වැඩ කරන්න ගමට ආවම ඒ අය දන්නෙ නැහැ තමන් දෙමළ ද සිංහල ද කියල. ඒ අය ගමේ වතුවල වැඩකරන්න පටන්ගත්තම ඔවුන්ට දෙමළ නෙවෙයි පුළුවන්. සිංහල. සමහර අයට ඇත්තට ම දෙමළ වචන බැහැ. ඇහුවම ‘අපි දන්නැ මාත්තිය. අපිට දෙමළ බේ’ කියල කියනව. අපේ ඥාතින්ට කතාකරන්නෙත් ‘අක්ක, අයිය, නැන්ද, මාම, නංගි, මල්ලි’ කියල. ‘අපි ශීතක්ලගෙ ගෙදර වෙඩට යෙනව. අද අබේ අයිගෙ පෝර දාන්න තියෙනවනෙ. අබේ අයියගෙ වෙඩේට නොගිහින් බේනෙ’ එහෙම තමයි ඒ අය කියන්නෙ.
මනෝහරන් හැන්දෑවට ක්‍රිකට් ගහනව. ශ්‍රී ලංකා සංචිතයට කවුරුහරි තෝරගන්න පුළුවන්ද බලන්න බදුල්ල දිස්ත්‍රික්කයේ තරගයක් පවත්වනව. ඒ තරගය පවත්වන්නෙ ක්‍රීඩාංගනයේ කෙළවරක එක රිටක් ගහල. තරගකරුව මේ රිටේ වදින්න බෝල හයක් දාන්න ඕන. මනෝහරන් සරමෙන් අමුඩෙ ගහගෙන බෝල හයම ඉලක්කයට ම දානව. මේ සිදුවීම දැකල ක්‍රිකට් පාලක මණ්ඩලේ අය විශ්මයට පත්වෙනව. ඊට පසුසෙ එක දිගට බෝල තිස්හයක් දාන්න දෙනව. ක්‍රිකට් පාලක මණ්ඩලය මනෝහරන් ගැන පැහැදිලා සංචිතයට තෝරාගන්නව. කොළඹ එන්න කියල ආරාධනා කරල දිග බඩු ලැයිස්තුවකුත් දෙනව. නමුත් මනොහරන් යන්නෙ නැහැ. මම ඇහුව ඇයි ගියෙ නැත්තෙ කියල. ‘මාත්තිය... මම ගියාම දරුවන්ට කන්න දෙන්නෙ කවුද අප්පා’ ඒක තමයි මනෝහරන්ගෙ පිළිතුර.
මනොහරන්ට ළමයි හයදෙනෙක් ඉන්නව. ලොකු පුතාගෙ නම අර්ජුන. දෙවෙනි පුතා අරවින්ද. ඊළඟ පුතා සනත්. ඊළඟ කෙනා කළුවිතාරන. මනෝහරන්ගෙ ගෙදර ක්‍රිකට් කණ්ඩායමේ නම් දාපු කොල්ලො හය දෙනෙක් ඉන්නව. මම ඇහුව ඇයි ඒ නම් දැම්මෙ කියල. ‘මාත්තියා... මට ටීම් එකට යන්න බැරි වුණානෙ. ඒනිසා මම ටීම් එක තමයි හැදුවා.’ කිව්ව. එයාට යන්න බැරිවුණ නිසා දරුවන්ට ටීම් එකේ නම් දාල. එයාගෙ මල්ලිගෙ ළමයින්ටත් ටීම් එකේ නම් දාල. හැන්දැවට ක්‍රිකට් ගහනව. කොහොම ද කැගහන්නෙ... ‘ඒයි සනත්... සනත්... දාපං... දාපං... ඒයි කළුෑ අල්ලපං... අල්ලපං...’ ඒක හරියට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වගේ.
හැමදාම හවසට යහලබැද්ද කදුරුගමුව හරහා බස් එකක් දියතලාවෙ ඉඳන් හපුතලේට යනව. ඒ බස්එක දියතලාවෙ විනාඩි හතළිස් පහක් නවත්තල තියෙනව. මේ බස් එකේ යන අය යන්නෙ හාල්, පොල්, සීනි, එළවළු ගේන්න නෙවෙයි. මේකෙ යන්නෙ අර වතුවල වැඩකරපු අය. සමහර අය යන්නෙ මඩපිටින්. මොකටද යන්නෙ...? ඇඟේ පතේ අමාරුවට පොඩි අඩියක් ගහන්න. මේ බස් එකට නම දාල තියෙන්නෙ ‘සමගි බස්එක’ කියල. මේ බස් එකේ සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන හැමෝ ම යනව. බස් එක විනාඩි හතළිස් පහක් නවත්තල තියන්නෙ කාලක් ගහල, වඩේ එකක් කාල සිගරට් එකක් බිල එනකන්. බස් එකේ ගෙදර යන ගමනුත් අරගෙන එන අරක්කු ටික සමගියෙන් බෙදාගන්නව.
යුද්දෙ ජයග්‍රහණ වෙලාවෙ හරි අපූරු සිදුවීමක් වෙනව. මනෝහරන්ට සින්දු කියන්නත් පුළුවන්. යුද්දෙ දිනුව කියල මෙහේ කාලකණ්නි කිරිබත් කන වෙලාවෙ එහේ අය මොකද කෙරුවෙ... වෙනද වගේ ම සමගි බස් එකේ එනගමන් සින්දුවක් කිව්ව. මොකක්ද කියපු සින්දුව...? ‘සෙබළාණනේ ඔබ මැරුණා නොවේ’ ඊට පස්සෙ මොකක් ද වෙන්නෙ. ඒ බස්එකේම හිටපු අල්ලපු ගමේ සිංහල කොල්ලො ටිකක් මනෝහරන්ගෙ අත පය කැඩෙන්න ගහනව. ගහන්නෙ කොහොම ද...? ‘පර දෙමළ තෝ සිංහල සින්දු කියන්න එපා’කියල.
මෙන්න මෙතන තමයි කවියා: නිර්මාණකරුවා: රිද්දන තැන. මගේ ප්‍රශ්නය මනෝහරන් දෙමළෙක් ද...? මනෝහරන්ට සිංහල සින්දු කියන්න තහනම් ද...? කවුද මේ ම්ලේච්ඡ දේශපාලනය ගමට ගෙනිච්චෙ...? මේ වගේ කතා විමල් වීරවංශ අහල තියෙනව ද...? මේ වගේ කතා රතන හාමුදුරුවන්ට තේරෙනව ද...? මේ වගේ කතාවක් ඇහුවම චම්පික ඇමතිතුමා මොකද කියන්නෙ...? එතකොට ඒ අයත් ගෙදරට කලිසම රටට රෙද්ද ද...? නැත්නම් මොන රෙද්ද ද...? ඔබලට මේක වැටහෙනව ද...? ඔබට නොවැටහෙන: අනෙක් මිනිහත් මිනිහෙක් කියන එක, අනෙකාගෙ ප්‍රශ්නයත් ප්‍රශ්නයක් කියන එක කසුන් තේරුම් ගන්න උත්සාහ කරනව නම් ඒක වැරැද්දක් ද...?
කසුන් මීට පෙර ලියපු ප්‍රේමණිය කවි පොත සම්පූර්ණයෙන් ම ඉවත් කරල කරන්නෙ මේ දේශපාලනික කවි මඟට පිවිසීම. ඒ නිසා ඒ චැප්ටර් එක දැන් ඉවරයි. ඔහු අපිට වඩා ඉක්මණින් අත් දැකීම් ලැබුව. අපි ජේවීපී එකත් එක්ක වසර දහයක් ගනුදෙනු කළත් තේරුම් නොගත්ත දේ කසුන් වසර දෙකෙන් තේරුම් ගන්නව. මොකක් ද...? ඒ පක්ෂයේ පිළිවෙත. අපි උසස් පෙළ කාලෙ අත් දැකීම් වසර පහළොවක් පමණ රස කර කර ඉද්දි කසුන් ඒ අත්දැකීම් ඉක්මණින් ග්‍රහණය කරගෙන ඉක්මණින් මුදාහරිනව. අවුදුරු තිස් පහේ අය ළමයි බවට පත්වෙද්දි කසුන් තීරණය කරනව මම මේක හොයාගෙන යනව කියල.
කසුන් කතා කරන දේ ඇත්ත නම්, මේ හැඳුනුම්පත නම් ඔහු දිගට ම අරගෙන යන්නෙ ඔහු අපේ කාලයේ වීරයෙක්. ඔහු දේශපාලනය කරන්නෙ අවිවලින් නෙවෙයි. මේ වගේ අය දස දහස් ගණනක් හදාගන්න ඕන කාලයක් මේක; එහෙම අය වපුරගන්න ඕන කාලයක් මේක; එහෙම අය බෝ කරගන්න ඕන කාලයක් මේක.
අර ජාතිවාදී, ආගම්වාදි ජඩ රැළ වෙනුවට මෙහම දරුවෙක් ඉන්න එක අම්ම තාත්ත සතුටු වෙන්න ඕන කාරණාවක්. කසුන් මැරෙන්න නොදී බේරා ගැනීම ඔබේ වගකීම. සමහර විට කසුන්ට වෙඩි තියල මරන්න පුළුවන්. මේ වාගෙ අයගෙ මිනී අපි විශ්වවිදයාලෙ ඉන්න කාලෙ ඕන තරම් උස්සල තියෙනවා. රෝහණ රත්නායකගෙ මිනිය උස්සන් ගියේ දයා පතිරණ. අපි ඒ ඡායා රුපය ළඟ තියාගෙන හිටිය. ඊට පස්සෙ අපිට සිද්ධවෙනව දයාපතිරණගෙ මිනිය උස්සන් යන්න. අපි විශ්වවිද්‍යාලෙ ඉද්දි වැඩිපුර ගියේ අනිත් අයගෙ මඟුල් ගෙවල්වල නෙවෙයි, පාටිවලට නෙවෙයි. මළ ගෙවල්වල. අපි බැච් ෆොටෝ එක ගත්තම ඒකෙ සියයට තිස් පහක් මිය ගිය අය; දෙපැත්තෙන් ම මැරුම් කාපු අය. මේක කොළේ වහල නොකියන කසුන් මරා දමාවි කියල මට බයක් දැනෙනව. කවියව නෙවෙයි...
මගෙන් ඇහුවොත් එහෙම ‘ඔයා ස්වයං තීරණ අයිතියට එකඟයි ද...?’ කියල. මම කියනව ‘ඔව්... හබැයි පත්තරේට ලියන්න එපා’ කියල. එතකොට පත්තරකාරය මගෙන් අහනව ‘ඒ ඇයි...?’ කියල. මම කියනව ‘මම බයයි’ කියල. දැන් මගෙන් කවුරුහරි ඇහුවොත්... ‘ඔයා ඔය එක එක අය ගැන කිව්ව බොදුබල එක ගැන කිව්වෙ නෑනෙ’ කියල. මම කියනව ‘මේ දවස්වල මම ඒගොල්ලො ගැන කතාකරන්න බයයි’ කියල. අපි එක එක කාලෙට එක එක අයට බය වෙනව.
විශ්වවිද්‍යාලෙ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙ ඉන්නකොට ජේවීපී එකට බයයි. ඒ බය ඉවර වුණා. ඊට පස්සෙ එල්ටීටීඊ එකට බය වුණා. දැන් ඒ බයත් ඉවරයි. දැන් කරුණා අම්මාන්ට ‘අඩෝ’ කියල බනින්න පුළුවන්. දැන් මම බොදු බල සේනා එකට බයයි. අනාගතේ දි මේ වගේ තව බිල්ලෙක් හෝ බිල්ලො හැදෙයි ද මම දන්නෙ නෑ. විශේෂයෙන් මහ ඡන්දයක් එන කාලෙදි, ජනාධිපතිවරණයක් එන කාලෙදි, විශාල ඝාතන රැල්ලකට ඉඩක් තිබෙන බව කූඹි පුකක් තරම් මොළයක් තියන එකෙකුට තේරෙනව. හැත්ත එක වගේ, අසු අට වගේ කැරැල්ලකින් නෙවෙයි ඊළඟ පරම්පරාව මැරෙන්නෙ. ඡන්දෙකින් මැරෙන්නෙ. මොකද ඒකාධිපතියො බලය ලේසියෙන් දෙන්නෙ නැහැ. එදාට ඝාතනය ආරම්භ වෙනව.
දැන් මේ දවස්වල බිල්ලෙක් හදමින් ඉන්නව. ‘ඩයස්පෝරා බිල්ලා’ ෆිල්ම් එකක වීරය හදන්න බෑ දුෂ්ටය නැතුව. ඒ නිසා බොරුවට හරි දුෂ්ටයෙක් හදන්න ඕන. ඒ නිසා දැන් මැරිච්ච ප්‍රභාකරන්ට පණ දෙමින් දුෂ්ටයෙක් හදමින් ඉන්නව. ඉවක් තියෙන මිනිහ දන්නව අනාගතයෙදි ඒ බිල්ලා විසින් පුපුරවන එල්ටීටීඊ බෝම්බ කොළඹ පුපුරුණවා ම යි. පිපිරුණේ නැත්නම් මේ දේශපාලනය කරන්න බෑ. එතකොට තමයි ආයෙ එල්ටීටිඊ එක තියෙනව කියල දැනෙන්නෙ. ඒක පුපුරුවන්නෙ බිල්ල ද එල්ටීටිඊ එකද කියල අපි දන්නෙ නැහැ. එදාට තමයි ඝාතනය ආරම්භ වෙන්නෙ. ඒ නිසා මට දේශපාලනික බයක් දැනෙනව.
දැන් කෙනෙක් කියන්න පුළුවන් අලුත් කොල්ලන්ව බය කරන්න හදනව කියල. මේ මල්වාගෙ දරුවන්ට ඕක නොකිය ‘මැරියං පුතේ. ළය දීපං පුතේ’ කියල යවල අපි ඒ මරණයට වගකියන්න ඕන ද...? හැත්ත එකේ අසු අටේ මැරිච්ච අය ගැන අපි වගකියන්න ඕනනෙ. අනිත් අයට ස්වයං විවේචනයක් නැතිවුණාට අපිට තියෙනව. වීරවංශට මැරිච්ච එවුං ගැන ගැටලුවක් නොතිබෙන්න පුළුවන්. එදා කොල්ලො කෙල්ලො කී දහක් මැරුණ ද...? ඒ නිසා කසුන් ග්‍රීස් ගහේ මුදුනට නග්ගල ‘කොඩිය ගනිං පුතේ උඹ මාර පොරක්, උඹ විතරයි ස්වයං තීරණ අයිතිය කතා කරන්නෙ. දිගටම ලියපිය’ කියන්න මට නම් බෑ. මොකද මට මළ ගෙදර ඇවිල්ල ස්තුති කතාව කරන්න බෑ. මම කසුන්ට ආදරෙයි!!!
මෙතන ඉන්නව මාර කවියෙක්; මාර දක්ෂ ශිෂ්‍යයෙක්; ඉක්මණින් තමන්ගෙ බුද්ධිමය ඉන්ද්‍රියයන්වලින් ජීවිතය හොයාගන්න මිනිහෙක්; සංවේදි දේවල් දැනෙන තැනක්.
කසුන්ගෙ පළවෙනි පොතේ ලියල තියෙනව විජය කුමාරතුංග ගැන කවියක්. ඒක හරි ලස්සන යි.
සමනලයෙක් වෙඩි කා නසී
විසිතුරු කැටයම් ඔපළූ - පියාපතින් යුතු වූ
අලංකෘත සමනල හැඩය - දරාගත් පමණින් ම
අහිංසකයෙක් වෙන්න පුළුවන් ද...?
යහපතට මුවා වී - දුගති හැම වළ දමා
නිදහසේ පියඹන්න - අවකාශ සරසන්න
කපටි සමනලයකුට නොහැකිම ද...?
වැරදිලා හරි මවන ලද - රූසිරිය තිබුණහම ඇතිවෙද
වෙඩි වැදුණ විට ම පමණක් ම - සමනලා පැටවුන් සිහිවෙද
පුවත් පියාඹා ඔහේ සැරිසරන - බොළඳ වු සමනලයො නැතිවද
පොළොන් පැටියකු වුණත් උන් හට - ඉතිං සමනලයෙක් නොම වෙද
දැන් ඒ කවියා එතනින් වෙන් වෙලා. ‘කවි ඇසිඩ්’වල තියෙන්නෙ මේක නෙවෙයි. අපි බලමු කසුන්ගෙ කවිවල මාතෘකා ටික.
‘ගරිල්ලා සිහින දුටු කුරුල්ලා’ (දෙමළ දේශපාලන සිරකරුවන් දෙනෛකු ඝාතනය කිරීම මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස සැලකිය නොහැක. අගවිනිසුරු මොහාන් පීරිස්)
මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ බ්‍රෙස්ට්. බ්‍රෙස්ට් මේව ගැන දරුණුවට ලිව්ව. ඒ නිසා ම රටින් පිටුවහල් වෙනව. මේ අගවිනිසුරුවරය පත්වුණ ආසන්න දිනයක මම ඉනියවන් ෆිල්ම් එක වෙනුවෙන් කළ කතාව තමයි: මම කතා කරන්නෙ ලංකාවෙ විනිසුරුවරුන් ගැන නෙවෙයි. බ්‍රෙස්ට් කතා කරපු ‘අසඩක්’ නමැති විනිසුරුවරය ගැන. ඒකෙ බ්‍රෙස්ට් මෙහෙම ලියනව.‘නඩුකාරය කියන එකා හැම තිස්සෙම හොරෙක්.
මෙදා සැරේ හොරෙක් නඩුකාරය වෙලා’ කියල. මේක මම කියපු එකක් නෙවෙයි.
පත්තරේ දානව නම් බ්‍රෙස්ට්ගෙ එකක් මම උපුටා ගත්ත කියල දාන්න’ කියල. වරහන් ඇතුළෙ ලියන්න ‘සන්නස්ගල බයයි’ කියල. ඒනිසයි මම බ්‍රෙෂ්ට් උපුටා දක්වන්නෙ. මොකද මම නෙවෙයි මේ ටික කිව්වෙ බ්‍රෙෂ්ට්. නමුත් මේකට එහෙම මාතෘකාවක් දාන්න පුළුවන් ද...? නමුත් කසුන් මේ කවිය ඇතුළෙ බ්‍රෙෂ්ට්ගෙ කියමන ලියනව.
වාවාගත නොහැකි සංසාරයක සංකාව
සංහාරක දරුවන්ට කෝ භස්මාව
අත පිහිදගත් මහත්තුරු මවන ලංකාව
අම්මේ අපි මේ වගේ ඉන්නව ද හැමදාම
කසුන්ව මට දැනෙන්නෙ ගෝර්කි නිර්මාණය කරපු ‘පාවෙල්’ වගේ. මාර තැන් අල්ලනව. හොඳ සංවේදි බවක් තියෙනවා. ඒ නිසා ඔබ අපට එයාගෙ කවි මඟ ගැන සතුටු වීමේ හැකියාවක් තියෙනව. විශිෂ්ට කවියෙක් බිහිවීමේ, ප්‍රඥාවන්තයෙක් බිහිවීමේ ලකුණු කසුන්ගෙ තියෙනව. මේ වන විට නිර්මාල් රංජිත් කතා කරන දේශපාලනයට ඔහු එන්නෙ මැරෙන්න ඕන තැන්වලින් අහඹු ලෙස බේරිලා. එහෙම නොවෙන්න නිර්මාල්ල මේ සමාජයේ ඉන්න විදියක් නෑ. ඔය ගෙවන්නෙ ජීවිතේ අතිරික්ත කාලයක්.
මාව මරන්න හදපු වෙලාවෙ මගේ යාළුවෙක් මාව බේරගත්තෙ බෝංචි ගෝනියක් අස්සෙ දාල. මට හොඳට මතකයි ගෝව ගෙඩියකට ගහපු පාර වැදුණෙ මගේ ඔළුවට. එහෙම නොවෙන්න එදා මාව මරනව. කොළඹ ඉන්න බෑ ජේවීපි එකෙන් හොයනව. ගමේ ගියාම ආමි එකෙන් හොයනව. ඇයි ඒ...? විශ්වවිද්‍යාලෙ ඕන ම එකෙක් ගමේ එවුන්ට ජේවීපීකාරයෙක්. විශ්වවිද්‍යාලයෙ ඉඳන් ගමේ ගියාම ගමේ එවුන් කියන්නෙ ‘ජේවීපීකාරය ගමේ ඇවිල්ල’ කියල. ඒ නිසා ගමේ ඉන්නත් බෑ... කොළඹ ඉන්නත් බෑ. මම වෙනුවට මගේ අයිය ගෙනිච්ච. අදත් එයා ඉන්නෙ ඔළුව හොල්ල හොල්ල. මේව අපේ අත්දැකීම්. මේ රටේ එවුන්ට යුද්ධෙ කාලෙ තිබුණ විදියවත් මතක නෑ. ඒ තියා අසු අටේ දි වුණ දේවල්වත් මතක නෑ.
අසු හතේ අවුරෙද්දෙ අන්තිම කාලෙ මගේ ගම්පහ පන්තියෙ ළමයි එකසිය දොළහක් හිටිය. දවසක් උදේ යද්දි ඉන්නෙ හැත්ත ගාණයි. කාඩ් කපන කෙනා කියනව... ‘සර් බණ්ඩාරනායක එක ගාව ඉඳං දිගට ම ඔළුගෙඩි වගයක් තියෙනව වැටවල්වල ගහල. යමුද බලන්න’ කියල. එයා ෆුට් සයිකලේක මාව දාගෙන පදිනව.
දැන් මොනවද පේන්නෙ...? කලින් පංති කාමරේ හිටපු ළමයින්ගෙ කඳ නැහැ. ඔළු කපල, බෙලි කපල. ඒ ඔළු ටික වැටවල්වල ගහල ගිහිල්ල. ඔළු විසි දෙකක්. අපි තරුණ පරම්පරාවෙ ඔළුගෙඩිවලින් ලේ එන විදිය නරඹපු එවුන්. ඒ වගේම කුරුණෑගල පළාතෙ දරුවො මරල ඒ දරුවන්ගෙ මස් අම්මලට බලෙන් කැව්ව. දැන් කවුරු හරි අහන්න පුළුවන් ඒ ලංකාවෙද කියල. නෑ... නෑ... ඇමරිකාවෙ... ඇමරිකාවෙ. ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ. එහෙම වෙලත් නෑ. මොකද මේක ධර්ම ද්විපයක්.
ඒ නිසා කසුන් වාගෙ අධිවේගී චරිතයක්; හැඳුනුම්පතක් නැති චරිතයක්; සංස්කෘතික හැඳුනුම්පතක් සොයා යන චරිතයක්; ඉතා ම නිර්මාණශීලි කවි ලියන කෙනෙක් සුහුඹලේ ම කවි පොතක් ලිව්වම මේකට විශාල බරක් දාල කසුන්ව ඔසවා තබන්න හොඳ නෑ. ඔහුට සාධාරණ විවේචනයක්, ඔහුට යායුතු මඟ කියා දීමක්, ඔහුව හරි දිශාවට යොමු කිරිමක්, ඔහුව රැක ගැනීමක් තමයි යහළුවන් ද, මිත්‍රයන් ද, ගුරුවරුන් ද, දෙමාපියන් ද ආදි සියල්ලන් විසින් කළ යුත්තේ.
එහෙම නොවෙන්න දේශපාලනිකව ඔහුගේ ජිවිතය විනාශ කිරීමේ වගඋත්තරකරුවන් බවට අනාගතයේ දි අපි පත්වෙනවා. මම ඔහුගේ අනාගතය විනාශ කිරීමේ කොන්ත්‍රාත්කරුවකු, ප්‍රකාශකයකු හෝ ඔහු මුරුංග අත්තේ තබන්න හෝ ග්‍රීස් ගහේ නැගල කොඩිය අරගෙන ප්‍රංශෙට පලයන් කියල තල්ලු කරන්න කෙනෙක් බවට පත්වෙන්න බැහැ; පත්වෙන්නෙත් නැහැ.
සටහන - ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com
theindependent lk

No comments on this......truth
ReplyDeleteMAMATH BODU BALAYATA BAYAI MALLIYE
ReplyDeletewho is this Sannasgala? Ara parana dewal gena liyana gal kasayada?
ReplyDelete