දේවදත්තවත් මෙහෙම නැහැ...............නීතිය ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනියක් නොවේ
බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් දුව යති. උන්වහන්සේට පහර දීම සඳහා කට්‌ටියක් පන්නාගෙන යති.
ඉහතින් සඳහන් වන්නේ මෙයට මාස දෙකකට පමණ පෙර අන්තර්ජාලය ඔස්‌සේ අප දුටු ඉතාම කාලකණ්‌ණි දර්ශනයකි. මේ සිද්ධියේදී දිව ගිය භික්‍ෂුව වටරැක විජිත හිමියෝ ය. පසුපසින් එළවාගෙන පැමිණි අය එක්‌කෝ බොදු බල සේනාවේ කට්‌ටිය ය. නැත්නම් ඒ කටිටිය සහ ඒ කට්‌ටියට සල්ලි 'පම්ප්' කරන කට්‌ටිය ය. (සල්ලි පම්ප් කිරීම ලෙස මෙහිදී හැඳින්වෙන්නේ සද්භාවයෙන් කරන දායකත්වය හෙවත් ටූත් පේස්‌ට් අරන් දීම, ගමන් බිමන් සඳහා වාහන සැපයීම, දාන මාන පිරිනැමීම සහ වෙන වෙන පොඩි පොඩි වැඩවලට සපෝට් දීම යනාදී වශයෙන් සද්භාවයෙන් කරන වැඩ ය.)
භික්‍ෂුන් වහන්සේ නමක් පසුපස, පහර දීමේ ෙච්තනාව සහිතව පිරිසක් පන්නාගෙන යැම දැකීමට තරම් පව් කිසිදුÊබෞද්ධයෙක් නො කළ යුතු ය. එසේම මේ නපුරු දර්ශනය වෙනත් ආගමක් ආශ්‍රයෙන් වුව ඇති නො විය යුතු ය. දේවදත්තවත් මෙහෙම හැසිරී නැත.
කෙසේ වුවද එදා දීමට බැරි වූ ගුටි පූජාව 'ඇරියස්' එකත් සමඟම වටරැක විජිත හිමියන්ට මෙයට දින දෙක තුනකට පෙර ලැබිණ. උන්වහන්සේ පැහැරගත් පිරිසක් ඉතා දරුණු ලෙස උන්වහන්සේට පහර දී සිවුර ගලවා අත් පා බැඳ දමා පානදුරේ හිරණ පාලම අසල දමා ගොස් තිබියදී හමුවිය.
වටරැක හාමුදුරුවන්ට පහර දුන්නේ අරගොල්ලන්ද? එහෙමත් නැත්නම් මේ ගොල්ලන්ද? කවුරු ගැහුවත් මේ වෙලාවේදී මේ ගහන්නේ බරපතළ න්‍යාය පත්‍රයක් අත තබාගෙන ය. වටරැක හාමුදුරුවන්ට බොදු බල සේනාව පහර දුන් බව කිව්වොත් වැඩේ ඩබල් වෙයි. එම පහරදීම කළේ බොදුÊබල සේනාවේ එකවුන්ට් එකට බැර කිරීම සඳහා ඉස්‌ලාමීයයන් යයි කිව්වොත් වැඩේ ටි්‍රබල් වෙයි.
එහෙත් මේ වෙලාවේ දී ඒ කුණු වැඩේ මේ කවුරුවත් කරන්නේ නැත. එය කළ එකා සර්ව සම්පූර්ණ තුන්වන පාර්ශ්වයක් විය යුතු ය. ඒකා හෝ උන් සොයා හතර හන්දි ගැලවිය යුතුම ය.
මේ දිනවල ලෝකය පුරා විවිධ අරගල තිබේ. ත්‍රස්‌තවාදී ප්‍රචණ්‌ඩත්වය, රටවල් ඇල්ලීමට මූලධර්මවාදීන් හමුදා තැනීම, ස්‌ත්‍රී දූෂණ සහ සොරකම්, මිනී මැරුම් සහ ආගමික යුද්ධ මේ දිනවල ඉතා දරුණුවට පවතී. මේ දිනවල තිබෙන රැල්ල එය ය. ඒ රැල්ල එහෙ මිස මෙහෙ ගැසිය යුතු නැත. ඒ රැල්ල මෙහෙ ගැසීමට මහජන ඡන්දයෙන් පත් වූ විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉඩ දෙන්නේ ද නැත. දිය යුතුත් නැත. මහජනයා නීතිය අතට ගැනීම තුළ මේ කාලය ඉතා නරක කාලයක් බවට පත් වී තිබේ. නීතිය තිබිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ නො වන බව ඇත්ත. එය තිබිය යුත්තේ සමාජය තුළ ය. එය ක්‍රියාත්මක කළ යුත්තේ පොලිසිය සහ උසාවිය ය. මහජනයා නීතිය අතට ගත් විට ආණ්‌ඩුවේ ඉස්‌කාගාර සංස්‌ථාව පෞද්ගලික අංශයට වික්‌කා හා සමාන තත්ත්වයක් ගනී. නීතිය ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනියක් නොවේ. එය ජනයාගේ ආරක්‍ෂාව පතා ව්‍යවහාර කළ යුතු රජයේ දේපළකි. එහි 'කොටස්' පුද්ගලික අංශයේ කාටවත් නැත.
මේ අතර බෞද්ධ භික්‍ෂුවක සහ ප්‍රවීණ ධර්මධරයකු වූ කිරම විමලජෝති නායක හාමුදුරුවන් වහන්සේ බොදුÊබල සේනාවෙන් ඉවත් වූ බව අපි දැන ගතිමු. මෙය ඉතා කාලීන හොඳ තීරණයක් නිසා උන්වහන්සේට හිස නමා ආචාර කරමු.
divaina -

No comments