ආමි අමිලගේ අමිල ජීවිතය
-ලියනගේ අමරකීර්ති
තංගල්ලේ පොඩි කඬේක ‘ආමි අමිල’ බීම පැකට් එකක් බොමින් සිටියේය. හිටි හැටියේ කඩා වැදුණ තුවක්කුකරුවෝ ඔහුට වෙඩි තබා බාගෙට මරා දැම්මහ. මේ සාමය සහිත ශ‍්‍රී ලංකාවය. එහෙත් හිටිවනම මිනිසුන් මරා දමන තුවක්කුකරුවෝ තවම සිටිති.
ඒ පුවත කියවද්දී මගේ සිත වහා ඇදී ගියේ ඒ තරුණයාගේ ”අමිල” යන නම වෙතය. අමිල මිනිමැරුම් හා ස්ත‍්‍රී දූෂණ 12කට චෝදනා ලැබූවෙකු බව
කියවිණ. ඒ අමිල ”ආමි අමිල” වූයේ හමුදාවේ සිටි නිසාද හමුදාවට නොගොස්ම හමුදාවේ අය කරන්නාක් වැනි හිංසක කි‍්‍රයා කළ නිසාදැයි මම නොදනිමි. අමිල යනු මිල කළ නොහැකි යන්නය. ඔහුගේ දෙමාපියන්ට ඔහු අමිල පුතෙකි. ඔහු අපරාධකාරයෙකු වූයේ කෙසේද?
ඉස්සර නම් අපරාධකරුවන්ගේ නම් ලෙස අපට අසන්නට ලැබෙන්නේ ”සිරා” ”ජොරා” ”පරා” ”තට්ට සෝමෙ” ”සොත්ති උපාලි” ”කළුවා” ”වම්බොට්ටා” ආදියය. ඒවා අසන විටම බයක් ඇති වේ. දැන් අපාරාධකාරයින්ගේ නම් සාමාන්‍යය නම්ය. එහෙත් ඒවාට ”ආමි” වැනි විශේෂණයක් එක් වූ විට සෑදෙන්නේ මර බිය දනවන නමකි. අමිල යනු ඕනෑම දහම්පාසැල් පැමිණීමේ ලේඛනයක සොයාගත හැකි ආකාරයේ නමකි. එවැනි සාමාන්‍ය නම්ද අපරාධකාර නම් හැටියට ප‍්‍රසිද්ධ වීමෙන් පෙනෙන්නේ අලුත් පරම්පරාවක් අපරාධකාර වෘත්තියට පිවිස සිටින බව පමණක් නොව අපරාධකාරකම් සාමාන්‍යකරණය වී ඇති බවය.
කුරුණෑගලදී පොලිස් කොස්තාපල් කෙනෙකු මරා දමන ලද මැරයන් අතරද ආමි මල්ලිලා දෙදෙනෙකු සිටින බව සැල විය. ඒ පුවතේ උණුසුම යන්නටත් පෙර ආමි මල්ලි කෙනෙක් ඇල්පිටියේදී සිය පෙම්වතිය පිහියෙන් ඇණ මරා දැම්මේය.
මෑතකදී සිදු වූ බොහෝ අපරාධවලට ආමි මල්ලිලා සම්බන්ධ වූහ. මෙයින් පෙනෙන්නේ ආමි මල්ලිලා අපේම මල්ලිලා සේ රැකබලා ගන්නා වැඩපිළිවෙලක් අපට නැති බවයි. මිනිස් ජීවිත සුණුවිසුණු වී යන හැටි අතදරුවන් පවා කෑලි කෑලිවලට කැඩී මිය යන සැටි සියසැසින් දුටු අමිල වැනි මල්ලිලාට මානසික වශයෙන් නිරෝගී පුරවැසියන් සේ ආපසු සමාජයට එක්වන්නට උදව් අවශ්‍ය වේ.
එවැනි උපකාර වැඩපිළිවෙලක් පවතින බවක් නොපෙනේ. රණවිරු ස්ටාර් වැනි ප‍්‍රදර්ශනාත්මක වැඩසටහන්වලට සහභාගිවීම සහ නැරඹීම එවැනි එක් වැඩපිළිවෙළක් විතරය. එය හොඳම වැඩපිළිවෙළ දැයිද නොදනිමි. එය පවතින්නේ සාමාන්‍ය සොල්දාදු මල්ලිලා නංගිලාගේ දක්ෂතා පෙන්වීමටත් වඩා එක් බලවත් පවුලක් යුද්ධය දිනාදුන් වීරයන් සේ ඔප දැමීමටයි. ඒ සංදර්ශනය අස්සේ යන්නේ දේශපාලන ගේමකි. ඒවාට විනිශ්චය මණ්ඩලය ලෙස සහභාගි වන වාචාලයන් කරන්නේ අර බලවත් පවුලේ සාමාජීකයන්ගේ ප‍්‍රතිරූප නැංවීමයි. ඒකත් ගේමකි.
රණවිරු රියල් ස්ටාර් වෙත පැමිණ අත්පොළසන් දෙන්නටවත් අවස්ථාව නැති හෝ අකමැති ආමි මල්ලිලා හා නංගිලා සිටිති. ඒ අය ගැන ඇත්තේ කවර අවධානයක්දැයි පැහැදිලි නැත. දියුණු රටවල නම් සොල්දාදුවන්ට රණබිම කටයුතු අවසන් වූ පසු වැඩිදුර අධ්‍යාපන අවස්ථා ඇත. අපේ ආමි මල්ලිලාට සහ නංගිලාට එවැනි අවස්ථා ඇතිද යන්න පැහැදිලිව නොපෙනේ. පෙනෙන්නට තිබෙන්නේ ආමි මල්ලිලා එළවළු විකුණන බවය. මල්වලට වතුර දාන බවය. උයන් සුව විඳින අයගේ ආරක්ෂාවට ටිකක් ඈතින් හිටගෙන සිටින බවය. වෙරළේ ලයිෆ් ගාඞ් වැඩේ කරන බවය. බදාම අනන බවය. ව්‍යායාම කරන ලොකු නිලධාරීන්ගේ තනියට දුවන බවය. මේවා උපකාර වැඩසටහන් නොවේ. රණබිම මෙහෙයුම්වලට සහභාගි වූ ආමි මල්ලිලාට මනෝවිද්‍යාත්මක උපකාර අවශ්‍ය වී තිබෙන්නට පුළුවන. සිවිල් ජීවිතයේ ආචාරධර්ම ගැන නැවත මතක් කර දීමක් අවශ්‍ය වන්නට පුළුවන.
මෑතකදී ආමි මල්ලිලා සහ ආමි අය්යලා සම්බන්ධ වූ හිංසක ක‍්‍රියාවන්හි ගොදුරු බවට වැඩි වශයෙන් පත්වූවෝ ස්ත‍්‍රීහුය. බොහෝ විට ඉතා ළාබාල ස්ත‍්‍රීන්ය. මේ ස්ත‍්‍රීන් ඔවුන්ගේ පෙම්වතියෝ හෝ ඔවුන්ගේ ආදර ආකර්ෂණය දිනූ කෙල්ලෝ හෝ වූහ. අහම්බෙන් ආමි අය්යා කෙනෙකුට එස්එම්එස් එකක් යැවූ නංගී කෙනෙකුට ඒ අය්යාගෙන් වූ හිරිහැරද වාර්තා විය. ස්තී‍්‍රහු යනු අපේ සමාජ ව්‍යූහය තුළ නිර්බල පිරිසක් වෙති. ඔවුන් තමන් කියන දේකට කැමති විය යුතු යැයි සිතීම ”ආමි චින්තනයට” ගැළපුණත් පුරවැසි චින්තනයට ගැළපෙන්නේ නැත.
ආදරය යනු බලය භාවිත කොට දිනා ගන්නා දෙයක් හෝ පවත්වා ගන්නා දෙයක් නොවේ. එය මනුෂ්‍යයන් දෙදෙනෙකු අතර සිදු වන ශිෂ්ට හුවමාරුවකි. ස්ත‍්‍රී චිත්තය හා ශරීරය යනු ඇම්බුෂ් කර අල්ලා ගෙන දිනා ගන්නා දෙයක් බව සිතන පිරිමින් එන්න එන්නම වැඩි වෙන බවක් පෙනේ. එවැනි පිරිමි සමාජයේ කොහෙත් සිටින්නට ඉඩ ඇත. එහෙත් ශරීර බලය පාවිච්චි කරන හැටි හොඳින් දන්නා ආමි අය්යලා වෙත එවැනි රණකාමී ආදර සිතිවිලි තිබීම භයානකය. ඇල්පිටියේදී මරා දමන ලද සරසවි ශිෂ්‍යාව මුහුණ දුන්නේ මේ භයානකත්වයට බව පෙනේ.
මේ ආමි අය්යලා හා මල්ලිලා යනු රණකාමී දෘෂ්ටිවාදයක ගොදුරු මිස උපතින්ම නරක අය නොවේ. ආමි අමිලාගේ ජීවිතද අමිලය. මොවුන් මානසිකව නිරෝගී වැසියන් සේ සමාජය වෙත යළි කැඳවාගෙන ඒම ජාතික කාර්යක් විය යුතුය. එය වාචාල කලාකාරයෙකු වේදිකාවට නංවා ප‍්‍රශස්ති ගායනා කරවා ගැනීම වැනි වැඩක් නොවේ. එවැනි ප‍්‍රශස්ති අවශ්‍ය වීම තවත් මානසික රෝගයක් බව නම් ඇත්තය.
- ඇත්ත -
සිව් මංසල කලා සංග්‍රහය

No comments