අහෝ දෙවියණි! ග්‍රිස් ගාමිණි නොදුටු මොක් පුර
දරුවන්ට හොදම දේ දෙන්න යැයි වරක් කීවේ ලෙනින්ය. පව්කාරයාට පළමු ගල ගැසිය යුත්තේ කිසිදු පවක් නොකළ අයෙකු බව පැවසූයේ යේසුස්ය. ලෙනින් මෙන්ම යේසුස් ද ප්‍රාර්ථනා කලේ මනුෂ්‍ය වර්ගයාට යහපත් සමාජයක් අවශ්‍ය බවය. යේසුස්ට තරම් මිනිසුන් ලෙනින්ට ආකර්ශණය නොවීය. දෙවියන් අපට අවැසි දේ ලබා දෙන්නට පොරොන්දු වී ඇත. අප කළ යුත්තේ අපේ දුක දෙවියන්ට කියා යාඥා කිරීම පමණි.
අප තුල තිබිය යුතු නමුත් ඇත්ටම අප තුල නැති දයාව,කරුණාව,සෙනෙහස, මිත්‍රත්වය, වැනි සමාජ සම්මත හොද යැයි පිළිගනු ලබන සියල්ල අප විසින් දෙවියන් තුළ ඇතැයි සිතා යහපත දෙවියන් වෙත පරාරෝපණය කර දෙවියන්ට යාඥා කරමින් පව්කාරයන් වන අපව පාපයෙන් මුදා ගන්න යැයි දෙවියන්ට කන්නලව් කරන්නෙමු. තමන් පව්කාරයෙකු ලෙස පිළිගැනීමත් අප වෙනුවෙන් හොද දෙවියන් සිටින නිසා සහ අප කරන පව් දෙවියන් කමා කරන නිසා අපට කැමති ලෙස අප වෙනුවෙන් යහපත්ව සිටින කිසිදා නොදුටු දෙවියන්ට සියල්ල බාරකර දිගින් දිගටම පව් කරමින් ජීවත් වන්නට පුළුවන.
ලෙනින් ගේ අරගලය දෙවියන් ගේ අරගලයට වඩා වෙනස්ය. ඔහු පවසන්නේ දැනටමත් පවතින ධනවාදී සමාජය වෙනස් කිරීමේ පංතිමය විභවතාවය ඇත්තේ කම්කරු පංතියට බවත් සමාජය ධනවාදය සිට පංති විරහිත කොමියුනිස්ටි සමාජයක් දක්වා පරිවර්ථනය කිරීමේ ගාමක බලවේගය වන්නේ කම්කරු පංතිය බවත්ය. ඒ නිසා ලෙනින් ගේ ක්‍රමයට පවතින සමාජයට එරෙහිව අරගල කර සමාජය වෙනස් කරන්නට නම් අප සෘජුවම අරගලය සමග බද්ධ විය යුතුය. නරක සමාජය යහපත් සමාජයක් බවට පත්කළ හැක්කේ දෙවියන්ට නොව මිනිසුන්ටය. ඒනිසාම ලෙනින් කියන්නේ හොදම දේ දරුවන්ට දිය යුතු බවය.
පසුගියා දා ග්‍රීස් ගාමිණි විසින් පැහැරගත් පමාරා දැරිය ගේ කතාව දැන් නොදන්නා කෙනෙක් නැත. ජනාධිතිතුමාගේ සිට ආරක්ෂක ලේකම්වරයා ඔස්සේ සියලුම අය මේ අහිංසක දැරිවියගේ ජීවිතය බේරා ගන්නට කලේ දැවැන්ත සටනකි. පොලීසියේ මහත්වරුන් සමග එකට අත්වැල් බැදගත් ගමේ තරුණ කොටස් එකා වන්න එකට රෝක් වෙමින් පොල්වතු පීරමින් ග්‍රීස් ගාමිණි සොයා කැලෑ වැදුනෝය. ආරක්ෂ අංශ වල නිළධාරීන් ගේ ලයිසන් ආයුධ වලට අමතරව ගමේ කොලු කුරුට්ටන් බියකින් තොරව කඩු පොලු අමෝරා සාමය රැකීමට සිටින පොලිස් නිළධාරීන් සමග ඒකා වන්න ග්‍රිස් ගාමීණි සෙවූහ. අවසානයේ පව්කාර ග්‍රිස් ගාමිණි අල්ලා ගන්නට කිසිදාක පව් නොකළ මිනිසුන් සමත් විය. පව්කාරයා නිරුවත් කර ලේ වැගිරෙන්නට පහර දී නීතියේ යුක්තිය ඉටු කරන්නට අහිංසක මිනිසුන් නොකළ වැරදි වලට පොලීසියට කුදලා ගෙන ගොස් අතපය කැඩෙන්නට පහර දී කොච්චි මිරිස් ලිංගේන්ද්‍රෙය් අතුල්ලන පොලිස් නිළධාරීන් සාමාන්‍ය මිනිසුන්ම උපකාර කලෝය.
එදා නන්දිකඩාල් කලපුවේ දී ජාතියේ මහා සතුරා මරා නිරුවත් කර සිරුරේ මඩ තවරා ජාතික රූපවාහිනියෙන් වෙඩි වැදුන තුවාලය හරව හරවා ප්‍රදර්ශණය කළ විශිෂ්ඨ ජාතියක් වූ අප මස්වැදලි තවරා ලේ වලින් කලතා විජයග්රහනයේ කිරිබත් කෑහ. ලෝකයේම විනයගරුකම හමුදාව ගැන ආඩම්බර වූ අප රතු පස්වලදී එදා කෑ කිරිබත් වමාරන්නට කළහොද පස්සෙන් එලවන්නට වූ විට අහසට දත නියවා බලා සිටියෙමු. ජාතිය නම් ලුබ්ධි පගාවෙන් ඇස් ගිණිකනා වැටුණ සාමාන්‍ය මිනිසුන් සිටින අප වැනි රටක සමාජ ප්‍රශ්ණ අමතක කරවන්නට ග්‍රිස් ගාමිණි යනු මිහිබට සුරදූතයෙකි.
පමාරා දැරිය පැහැරගත් ග්‍රිස් ගාමිණි පවසන්නේ වැඩිහිටි වූ පසු කසාද බදින්නට ඇය පැහැර ගෙන ගිය බවය. පමාරා පවසන්නේ ඒ මාමා මට කුරුල්ලන් පෙන්නුවා. කන්න බිස්කට් ගොඩක් දුන්නා. කිරි අම්මා මගේ කොන්ඩේ කැපුවා. එතකොට මම ලස්සණ වෙයි කියලා කීවා කියාය. පමාරා ගේ මව පවසන්නේ තමන් ගේ දරුවා බේරා දුන් ජනාධිපතිතුමාට සහ ආරක්ෂක ලේකම්වරයාට ස්තූති කරන බවයි. ලෙනින් පැවසුවේ දරුවන්ට හොදම දේ දියයුතු බවය. මහින්ද රාජපක්ෂ අපට ඉගැන්වුයේ හොදම දේ මගේ දරුවන්ට කියාය. තත්ත්වය එහෙම වුනත් හෙට අනිද්දාට පමාරාට ද අලුත් නිවසක් ලැබෙනු ඇත. ඌව මැතිවරණයේ උණුසුම්ම අවස්ථාවේ ජාතියටම එය පෙන්වන්නට අයි.ටී.එන් නාලිකාවට පුලුවන. මහින්ද මාමා ගෙයක් දුන් නිසා පුංචි පමාරා ට සතුටින් ඉන්නට පුලුවන. අනිත් අතට පව්කාර ග්‍රිස් ගාමිණි අවසානයේ පමාරාට නිවසක් පවා ලබා ගන්නට උපකාර කළ පින්වන්තයෙකු වනු ඇත.
ග්‍රිස් ගාමිණි මානසික රෝගියෙකු බව දැන් බොහෝ අය පවසා අවසන්ය. ඒ අනුව කවුරුත් දැන් කියන්නේ ග්‍රිස් ගාමිණි යනු විකෘති කාමාශාවන් සහිත නිල් චිත්‍රපට බලා ඔලුව අවුල් කර ගත් පිස්සෙකු බවය. කාමාශාව කොහොමටත් විකෘතිය. එහි ප්‍රකෘත්ති කියා දෙයක් නැත. මේ පිංවත් මහත්වරුන් බහුතරයක් දෙනා රගපාන්නේ ද මේ රංගනයමය. මනෝ විශ්ලේෂණයේ විග්‍රහය අනුව ගාමිණි යනු පර්වට් චරිතයකි. එය ඇත්තටම මානසික ආබාධ තත්ත්වයකි. ගොඩක් අය හිතන්නේ මෙවැනි අයට හොදට ගුටි දුන්වහාම රෝගය සුව වනු ඇති බවය. නමුත් හාස්‍යයට කරුණ නම් මෙවැනි අය බලාපොරොත්තු වන්නේ ද මේ ආකාරයෙන් අම්බානකට ගුටි කා සමාජය ඉදිරියේ දැඩි ආපදාවට ලක්වීමය. මෙවැනි අයගේ අවසාන අවිඥාණක ආශාව වන්නේම මේ අකාරයෙන් ගුටි කා සමාජ අපවාදයට ලක්වීමය.
පව්කාර ග්‍රිස් ගාමිණි දැන් සිර ගෙදරය. දරුවන්ට හොදම දේ දෙන්නට ලෙනින්නට පුළුවන් විය. පව්කාරයාට දඩුවම් දෙන්නට දෙවියන්නට පුලුවන් විය. දවසකට රජ වන්නට දුප්පත් මිනිසුන්ට පුළුවන් විය. මීඩියා වලට තවත් හොද නිවුස් මාලාවක්ම හිමි විය.

ග්‍රීස් ගාමිණි ගැන හොයන්නයි මිනිහට අඩන්තෙට්ටම් කරන්නයි තිබුණ උවමනාව අර කොතලාවල විද්‍යාලේ ගෑනු ළමය සාරි පොටෙන් එල්ලිලා මලාට පස්සේ ඒකට සම්බන්ධ විදුහල්පතිට දඬුවමක් දෙන්න තිබුණේ නෑ. තිබුණේ ඇල්මැරුනු තත්වයක්. අනෙක් දේ තමයි ග්‍රීස් ගාමිණි සමලිංගිකයෙක් උනානම් ඔය කවුරුත් ඔච්චර නටන එකක් නෑ. අපේ රටේ බොරු හැදියාව ඒකයි. ග්‍රීස් ගාමිණි දැරිය කිසිම ලිංගික කටයුත්තකට යොදාගෙන නෑ කියන එකයි ඔප්පු වෙලා තිබුණේ. ඔය මිනිහා එච්චර දෙයක් නොකර ඒ ගෑනු ළමයව තියාගෙන හිටපු එක එක් අතකින් වාසනාවක් වෙච්ච දේ හැටියට. පවු කාරයාට ගල් ගහන්න යන අනෙක් එවුනුත් මොනම පාපකර්මයක් හරි කරපු එවුන්.ග්‍රීස් ගාමිණිගේ කතාව පැත්තක තිබ්බත් මේ රටේ සමලිංගිකයන් හොරෙන් කරන ළමා අපචාර ඒ සේරටම වඩා භයානකයි. ඒ ගැන කතා කරන්න දිව නැමෙන්නේ නැඑ ඝොඩක් පින්වතුන්ගේ.
ReplyDeleteදරුවන්ට හොදම දේ දෙන්න යැයි වරක් කීවේ ලෙනින්ය. ??? under Lenin 's orders 14 year old prince Alexei was killed in 1918
ReplyDeleteපර්වට් කියන්නේ හින්දි බාසාවෙන්ද ඔහේ ළඟ සිංහල වචන තියන සද්ද කෝසයක් නැතෙයි
ReplyDelete