Open top menu
Sunday, December 27, 2015
එප්පාවල පියසේන සහ කොට්‌ටාවේ ජයසේන

එප්පාවල පියසේනට සමේ රෝගයක්‌ ඇති විය. ඔහු රජරට වසන ගොවියෙකි. කවුද දන්නේ ඔහුගේ වකුගඩු කුට්‌ටමවත් නරක්‌ වෙලාද කියලා. ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලවලින් ප්‍රතිකාර කළද පලක්‌ නොවූ නිසා පියසේන වී බුසල් දෙකක්‌ විකුණා රුපියල් 1200 ක්‌ හොයාගෙන අනුරාධපුරයට ගොස්‌ චැනල් දොස්‌තර කෙනකු හමුවිය. දොස්‌තර ගාස්‌තුව රුපියල් 850 කි. බෙහෙත් ගාස්‌තුව රුපියල් 1800 කි. අතේ තිබූ මඟුල් මුද්ද රුපියල් 2000 කට උකස්‌ කළ පියසේන බෙහෙත් රැගෙන ගෙදර ගියේය.

මේ අතර කොට්‌ටාවේ ජයසේනට බඩේ අමාරුවක්‌ සෑදින. ටැප් එක ඇරියාක්‌ මෙන් ඔහුගේ බඩ බුරුල් වූයේ මාළු පාන් ගෙඩියක්‌ කෑමෙනි. මාළු පාන් ගෙඩියේ පාන් කවරය අලුත් වුවද එහි ඇතුළත තිබූ එළවළු + පරණ කොත්තු රොටි + පරණ මාළු + පරණ මස්‌ මිශ්‍රණයට පුරාවිද්‍යා පනත යටතේ අත්පත් කරගත හැකි තරමට පරණ ය. තම උදරය තුළ ගිsණිකෙළි සංදර්ශන පැවැත්වෙන්නා වගේ දැනුණු නිසා ජයසේන පෞද්ගලික රෝහලකට ගියේය. මුලින්ම ඔහු OPD දමන ලදී. එතැන රෝග නිශ්චය ගාස්‌තුව රුපියල් 500 කි. ජයසේනගේ උදරය තුළ සැල්මොනෙල්ලා විෂබීජය ඇති බව අනුමාන කළ දොස්‌තර ඔහුගේ සිරුර විජලනය වීමට ඇති ඉඩකඩ කල්පනා කර පෞද්ගලික රෝහලේම පිහිටි දැඩි සත්කාර ඒකකයට ඔහු යොමු කළේය. එතැනදී ඔහු අත්අඩංගුවට ගත් හෙදි - හෙද දොස්‌තර හමුදාවක්‌ ඔහු ඇඳක හොවා, ඔක්‌සිජන් දී, සේලයින් පොම්ප කර එන්නත් කිහිපයක්‌ ද විද්දේ ය. ඉන්පසු ඔහු කාමරයකට දමා තවදුරටත් බෙහෙත් දෙන ලදී. පිටතින් ගෙන්වන ලද විශේෂඥ දොස්‌තරයෙක්‌ දිනකට තුන්වරක්‌ ඔහු බැලුවේය. පැය 48 කට පසු රුපියල් තිස්‌දහසක බිලක්‌ සමඟ ජයසේන ගේ ටිකට්‌ කපන ලදී. ගෙදර සිට පැමිණි බිරිය මාලය උකස්‌ කර ඒ මුදල ගෙවා සැමියා ගෙදර ගෙන ගියාය. ප්‍රතිකාරය කොතරම් ඉහළ තත්ත්වයක පැවැතියේද යත් ඩයිනමයිට්‌ ගිලලාවත් වැසිකිළි නොයන තත්ත්වයකට ජයසේන පත්විය.

ඉහත සඳහන් කතන්දර දෙකෙන් පළමුවැන්න ඊයේ (27 දා) "දිවයිනේ" පළ විය. දෙවැන්න, තව දින කිහිපයකින් "දිවයිනේ" හෝ වෙනත් පත්තරයක හෝ පළවෙනවා ඇත. මෙය මේ රටේ පවතින සැබෑ තත්ත්වයයි. එක අතකට එප්පාවල දොස්‌තර හොඳය. ඔහු අය කරන්නේ වී බුසල් එකහමාරක (රු.850) පමණ මිලය. එහෙත් කොළඹ සිටින ඇතැම් චැනල් දොස්‌තර මහතෙක්‌ වී බුසල් තුනක පමණ ගාස්‌තුවක්‌ අය කරයි. (මෙහිදී එප්පාවල ජයසේන ගේ රේට්‌ එකට වී බුසල රුපියල් 600 ක්‌ වන පරිදි තක්‌සේරු කළෙමු.) බෙහෙත් ගාස්‌තු ඉතා ඉහළ ය. බෙහෙත්වල 'ඉන්ඩියන් බ්‍රෑන්ඩ් එක' ලාභ නමුදු 'බ්‍රිටිෂ් බ්‍රැන්ඩ් එක' හුඟක්‌ මිල ය. ඒ නිසා හොඳ දොස්‌තරලා නිතරම නියම කරන්නේ 'ඔරිජිනල් බ්‍රිටිෂ්' බෙහෙත් ය. එම බෙහෙත් ඉතා ඉක්‌මනින් රෝගය නැති කරයි. එසේම අතේ ඉතිරි කරගත් මුදල ඉතා ඉක්‌මනින් ක්‍ෂය කරයි.

මෙය නැවැත්වීමට බැරිද? අප ඉතා විශ්වාසවන්ත ලෙසත්, පැහැදිලිවත් කියන්නේ මේ තත්ත්වය නැති කිරීමට බැරි බව ය. මන්ද වවුලාගේ මඟුල් ගෙදර ගිය විට ඔලුව පහළට වැටෙන පරිදි එල්ලී සිටිය යුතුවාක්‌ මෙන් තිස්‌ අවුරුද්දකට වැඩි කලක්‌ චැනල් ක්‍රමයට අනුගතව සිටින රටක්‌ එයින් ගලවා ගැනීමට නොහැක. ලංකාව රෝගීන්ගෙන් සහ ඖෂධවලින් ස්‌වයංපෝෂිත වුවද එය කළ නොහැක. මෙතැන තිබෙන එකම විසඳුම රටේ ජනතාව සඳහා සමාජ ආරක්‍ෂණ පද්ධතියක්‌ සාදා එයින් සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයක්‌ ඇති කිරීම ය. එවිට එප්පාවල පියසේනගේ වී ආදායමින් සැබෑ කොටසක්‌ ඒ සඳහා ලබාගත හැකිය. කොට්‌ටාවේ ජයසේනගේ ක්‌ලාක්‌ ජොබ් එකෙන් සුළු වැටුප් කොටසක්‌ද ලබාගත හැකි ය. මෙයින් මාරයාට හැර අන් සියලු දෙනාට ගොඩ යා හැකිය. දැන් තිබෙන ක්‍රමයේ හැටියට ගොඩ යන්නේ මාරයා පමණ ය.

divaina -
Read more
Saturday, November 14, 2015
ඇවන්ගාඩ්ලා නිවපු තැටිය රත්වෙනවා හාමුදුරුවනේ

"තිලක් මාරපන අයින් වෙන්න දවස් දෙක තුනකට කලින් අයින් කර ගත්තා නම් සෝභිත හාමුදුරුවෝ තව සතියක් දෙකක් ජීවත් කරගන්න තිබුණ...."
මෙහෙම කිව්වේ සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ අභීත සෙන්පතියකු වූ මහාචාර්ය සරත් විජේසූරිය ය. ඔහු එලෙස කියා තිබුණේ මාධ්‍යවේදියකුටය.
ඔහු කීවා හරිය. සෝභිත හිමි අපවත් වන විට හිටියේ දැඩි හිත් වේදනාවකින්ය. හේතුව තමන් හදපු ජනාධිපති සහ ආණ්ඩුව හොරු අල්ලන්නේ නැතිව හොරු ආරක්‍ෂා කරගන්න ගිහින් ජනතාව තමාට
Read more
Friday, August 7, 2015
ඩාලි මයි ඩාලිං

චින්තන ධර්මදාස

මට ඕන වුණේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983දී ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු 87යි.
ඔව්, ගලා අවුරුදු 10ක් විතර වැඩිමල් ඩාලිට වඩා.

මතකයන් සහ සුන්දර මොහොතවල හොඳම පණිවුඩකරුවා. ඩාලි පර්ෆියුම් හඳුන්වන්නෙ එහෙම. ඩාලි මේ පර්ෆියුම් එක හදන්න එයාගෙ කැමතිම මල් දෙක, එකක් එයා වැඩ කරද්දිත් කනේ ගහගෙන ඉන්න පිච්ච මල, අනෙක රෝස පාවිච්චි කරනවා. මේ තමයි ආර්ටිස්ට් කෙනෙක් අතින් ලෝකෙ නිපදවුණු පළවෙනි පර්ෆියුම් එක. ඉතින් මං ඒක ගැන හොය හොය හිටියෙ. එතනදි නිකංම අධිසත්තාවාදී චිත‍්‍රකරුවෙක් විදිහට වඩා වෙන විදිහකට ඩාලි ගැන බලන්න දොරක් ඇරුණ. ඩාලි අධිසත්තාවාදී චිත‍්‍රවල පියා නොවුණත් අධිසත්තාවාදී චිත‍්‍ර කලාවෙ යතුර නිතරම තිබුණෙ එයාගෙ සාක්කුවෙ. එයාව මේ ගුරුකුලෙන් පිටමං කරද්දි ඩාලි කියනවා,
‘අධිසත්තාවාදය කියන්නෙ මම නෙ’ කියල.

ඩාලි මේ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. ඒ කියන්නෙ සැල්වදොර් ඩාලි සහ අධිසත්තාවාදී චිත‍්‍රය කියන්නෙ දෙකක් නෙමෙයි. ඩාලි එහෙම් පිටින්ම සරියල් ප‍්‍රකාශනයක්. චිත‍්‍ර කියන්නෙ ඒ ප‍්‍රකාශනයේ එක කෑල්ලක් විතරයි.

ඩාලිගෙ අපි හැමෝම දන්නවා පොකට් ඔරලෝසු දියවෙලා වැක්කෙරෙන චිත‍්‍රය. සමහර ඔරලෝසු කූඹි කනවා. විචාරකයො කියන විදිහට කාලය යනු දැඩි හෝ නිශ්චිත යමක් නෙමෙයි කියන අදහසලූ මේ කියන්නෙ.

චිත‍්‍රයක මේ විදිහට තේරුම හොයන්න යන එක චිත්‍රෙ නැති කරන වැඩක්. මට හිතෙන්නෙ චිත‍්‍රයක තේරුමට වඩා ගොඩක් ලොකුයි. ඒක වචනවලට වඩා වෙන අදහසක් අවිඥානයට ඇතුළු කරනවා. අපි නොදන්නා වූ අතාර්කික සම්බන්ධයකින් අපි චිත‍්‍රවලට යක් එක්ක බැඳෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩාලිගේ වගේ චිත‍්‍ර. මේ තේරුම හෙවීම හැම ආර්ට් එකකම විචාරයේ ලොකු අවුලක්.

මට අනුව ඩාලි කියන්නෙ සයිකඩෙලික් චිත‍්‍ර කලාවෙ ආරම්භය. ඒ වෙද්දි එල්එස් හොයාගෙනත් නෑ. ඒත් වැගිරෙන ඔරලෝසු තියෙනවා. අනික ඩාලිම කියන විදිහට එයා කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒත් හොඳම ‘ඇසිඞ්’ විෂුවල්ස් නිර්මාණය වෙන්නෙ එයාගෙ අතින්.
‘මම ඩ‍්‍රග්ස් ගන්නෙ නෑ. මොකද මං කියන්නෙම ඩ‍්‍රග්ස් -ඩාලි.’

කලාකාරයෙක් වුණාම දුප්පත් වෙන්න ඕන, දුක් විඳින්න ඕන, කඩමාළු අඳින්න ඕන කියල ඒ කාලෙ යුරෝපෙත් බෝවෙලා තිබුණු සම්ප‍්‍රදාය ඩාලි කණපිට හරවනවා. එයා හොඳම ජේත්තුකාරයෙක්. සුඛ විහරණයට අසීමිතව ඇලූම් කළ කෙනෙක්. අනික එයා වාමාංශිකයෙක් නෙමෙයි. ඒ කාලෙත් සැබෑ කලාකාරයෙක් නම් වාමාංශිකයෙක් වෙන්න ඕන කියල එකක් තිබුණ. විශේෂයෙන්ම මේ අධිසත්තාවාදී ගුරුකුලයේ් ආන්ද්‍රේ බ්‍රෙටෝන් වගේ හතරැුස් චරිත ඩාලිට විරුද්ධ වුණා තදටම. එයා ඩාලිට කිව්වෙ අවිඩා ඩොලර්ස් (ඩොලර් පෙරේතයා* කියල.
විලාසිතාවක් විදිහට ඒ කාලෙ ප‍්‍රබුද්ධ කලාකාරයො හැමෝම හිට්ලර්ට විරුද්ධ වුණා. මේක දැනුත් එහෙමයි. 2011 කාන් ෆෙස්ටිවල් එකේ ලොකු විරෝධයක් එනවා ලාර්ස් වොන් ටි‍්‍රයර්ට එයා හිට්ලර්ට පක්ෂපාත වුණා කියල. වොන් ටි‍්‍රයර්ට කාන්ස් එන්න දෙන්නෙ නැති වෙනවා. ඒ වොන් ටි‍්‍රයර් හිට්ලර්ව එයාට තේරෙනවා කියල කියපු හින්ද. හිට්ලර් මනුස්සයෙක් විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා ඉන්ටර්වීව් එකක කියපු කතාවකට. ආර්ටිස්ට් කෙනෙක් විදිහට ලෝකෙ දරුණුම මිනිහගේ පවා මිනිස් නිමේෂයන් එක්ක බැඳෙන්න පුළුවන් වීම මුනිවර තත්වයක්. ඒත් කාන්ස් සම්මාන උළෙලට සහ ඒ කලා නෙඬ්ට ඊට වඩා දේශපාලනික හේතු ලොකු වුණා.

ඒත් මේ දේශපාලන අදහස් විසින් කලාව බදු ගැනීම ගැන අවුලක් ඩාලිට තිබුණ. එයාගෙ අදහස වුණේ අධිසත්තාවාදයට පවතින්න දේශපාලනය අවශ්‍ය නෑ කියන එක. අපොලිටිකල් අධිසත්තාවාදයක් තියෙන්න පුළුවන් කියන එක.

මට කරන්න දෙයක් නෑ හිට්ලර්ගෙ පස්ස දැක්කම මගේ ශෘංගාරය අවදි වෙනවා, ඩාලි තමන්ගෙ අදහස කිව්වා. ඩාලිගේ ආර්ට් පිටිපස්සෙ තිබුණෙ උපවිඥානයේ ප‍්‍රකාශන. මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකළට අවශ්‍ය විටෙක උපවිඥානයට යන්න පුළුවන් ටෙක්නික්ස් ඩාලි දියුණු කළා. ඒකට එයා කිව්වෙ ‘පැරනොයික් ක‍්‍රිටිකල් මෙතඞ්’ කියල. දිගවෙලාවක් ඔළුවෙන් හිටගෙන ඉඳීම සහ නැවත ප‍්‍රකෘති තත්ත්වයට ආ විගස ඇස් යට මැවෙන රූප, නින්ද යාගෙන එන විට ඇඳෙන යථාර්ථය සහ සිහිනය අතර රූප ඩාලි චිත‍්‍රවලට අරගෙන ආවා. මේ උපවිඥානය ඇක්සස් කරන එක තමයි එයා කිව්වෙ උපරිම ක‍්‍රියේටිවිටි එක කියල. ඩාලි තියරියක් නෙමෙයි. ඩාලි ජීවිතයක්.

ඩාලිගේ පුනරුත්පත්ති කතාව.

සැල්වදොර් ඩාලි ඉපදෙන්න අවුරුද්දකට කලින් ඩාලිගේ දෙමව්පියන්ට තව දරුවෙක් බිහිවෙන්න ඉන්නවා. ඒ ගොල්ලො එයාටයි මුලින්්ම නම තියන්නෙ ඩාලි කියල. ඒත් ඒ ළමයා ඉපදෙද්දිම මැරෙනවා. ඊට අවුරුද්දකට පස්සෙ ඉපදෙන්න එන දරුවටත් ඒ ගොල්ලො නම තියන්නෙ ඩාලි කියල. ඒ මදිවට අවුරුදු 5දි ඩාලිව එක්කගෙන ගිහින් කලින් මළ දරුවගේ සොහොන පෙන්නලා ඒ ගොල්ලො කියනවා ඒ ඔයා තමයි මේ ඉපදිලා ඉන්නෙ කියල. ඩාලිගේ මේ සංකීර්ණය එයාගෙ පහුකාලෙ චිත‍්‍රවල පවා හොල්මන් කරනවා. එයා විශ්වාස කරනවා එයා මැරිච්ච අයියාගේ පුනරුත්පත්තිය කියල.

‘අපි දෙන්නා එක වගේම වතුර බිංදු දෙකක්. ඒත් අපි දෙන්නගෙන් පෙනෙන පරාවර්තන වෙනස්’- ඩාලි
ඩාලිගේ ලෙජන්ඩරි රැුවුල.

ජෝ්න් ලෙනන් කියන්නෙ ඩාලිගේ හොඳ යාළුවෙක්. ඒ යාළුකමට යෝකෝ ඔනෝ එකපාරක් මුණගැහුණු වෙලාවක ඩාලිගෙන් රැුවුල් ගහක් ඉල්ලනවා සැමරුමක් විදිහට. ඩාලිගේ රැුවුල විශේෂ රැුවුලක්නෙ. ඩාලි කියන විදිහට ඒ රැුවුලෙ අග උල්වුණු අග‍්‍ර දෙකෙන් තමයි මුළු ලෝකෙටම අවශ්‍ය ශක්තිය සම්පේ‍්‍රෂණය වෙන්නෙ. කොහොම වුණත් ඩාලි මේ රැුවුල් ගහට හිතාගන්න බැරි ගාණක් ඉල්ලනවා. මට ගාණ මතක නෑ. ඒත් ඒක අහපු ගමන් යෝකෝ ඔනෝ පස්සට විසිවෙනවා.

ගොඩක් අය කියන්නෙ ඒ ඩාලිගේ සල්ලි පෙරේතකම කියල. ඒත් ළ`ගම අය දන්න ඇත්ත හේතුව ඩාලි විශ්වාස කරනවා යෝකෝ ඔනෝ එයාට හූනියං කරයි කියල රැුවුල් ගහ අරන් ගිහින්.
ඩාලිගේ මනස තාර්කික, දේශපාලනික හෝ නූතනවාදී වගේ සීමාවක හිරවුණේ නෑ. ඒ වෙනුවට එයාට මිථ්‍යාවට, අදේශපාලනයට, අතීතයට, පෙර ආත්මයට පවා යන්න නිදහස තිබුණ. ඩාලි කියන්නෙ මොඩර්න් වෙන්න ද`ගලන්න ඕන නෑ, මොකද කොහොමටත් අපිට කරන හැම දෙයක්ම මොඩර්න් වීම වළක්වන්න බැරි හින්ද කියල.
මට කියන්න ඕන වුණේ ඩාලිගේ පේ‍්‍රමය ගැන. ඒත් කතාව කැලේ ගියා.

ගලා කියන්නෙ රුසියානු යුවතියක්. ඩාලිට එයාව මුලින්ම මුණගැහෙද්දි එයා පෝල් එලාර්ඞ් කියන ප‍්‍රසිද්ධ ප‍්‍රංශ අධිසත්තාවාදී කවියගේ බිරිඳ. ඒත් ඩාලිට කොහොම හරි ගලාව තමන්ගෙ කරගන්න ඕන වෙනවා.
පෝල් සහ ගලා අතරත් තියෙන්නෙ විවෘත විදිහෙ සම්බන්ධයක් ( ඕපන් රිලේෂන්ෂිප්). ඔවුන් අතරෙ වෙනත් ලිංගික සම්බන්ධතාවලට බාධා පැනවෙන්නේ නෑ. ඒ විවෘතකම ඇතුළෙ ඩාලි එක්ක පෑහෙන ගලා අන්තිමට ඩාලි එක්කම නවතින්න තීරණය කරනවා. ඒ ආදරය වෙනුවෙන් ඩාලි එයාට ලොකු මන්දිරයක් තෑගි කරනවා. ගලා ඒ මන්දිරය භාරගන්නෙත් එක කොන්දේසියක් උඩ. ඒ ඩාලි වුණත්් ඒ මන්දිරයට එනවා නම් ලිඛිත දැනුම්දීමකින් පස්සෙ එන්න ඕන කියන එක.
ඩාලි එක`ග වෙනවා. ගලාට මන්දිරය ලැබෙනවා.

ඩාලිගේ සියලූ දේ වෙන්නෙ මේ ආදරය. මුල්කාලෙ එයා හැම චිත‍්‍රයක්ම අවසන් කළේ එයාගෙයි ගලාගෙයි දෙන්නගෙම අත්සන් එක්ක. ඒ චිත‍්‍රවලට ඉන්ස්පිරේෂන් එක වුණේ ගලාගේ ආදරය. ඒත් ඒක අපි උපකල්පනය කරන විදිහෙ සරල ලව් එකක් නෙමෙයි. පෝල් එලාර්ඞ් වගේ කවියෙක් අත්ඇරලා ඩාලි ළ`ගට එන්න තරම් හේතුවක් තියෙන්න ඕන එතන. අනික ගලා කියන්නෙ තමන්ගෙ නිදහස කිසි හේතුවක් හින්ද පාවලා නොදෙන වර්ගයේ ගැහැනියක්.

ගලාට මුණගැහෙනකල් ඩාලි ස්ත‍්‍රියක් එක්ක වෙන කිසි ලිංගික අත්දැකීමක් ලබලා නෑ. ඒකට හේතුව ස්ත‍්‍රී යෝනිය සම්බන්ධයෙන් ඩාලිට තියෙන නොදන්නා භීතියක්. මේ හැම සවිඥාණික අවිඥාණක කඩතොළුවක්ම ආදරෙන් සිපවැළඳගනිමින් තමයි ගලා ඩාලි එක්ක ආදරේ පටන් ගන්නෙ.
ඩාලි සහ ගලා අතර පේ‍්‍රමයෙත් කවදාවත් දොර අ`ගුළු දාලා තිබුණෙ නෑ. ගලා වරින් වර පෝල් සහ තවත් නොයෙක් කලාකාරයන් එක්ක සම්බන්්ධතා තියාගත්තා. එයාගෙ සෙක්ෂුවල් එනර්ජි එක දැවැන්තයි.

කොහෙත්ම එක පිරිමියෙකුට ඒක දරන්න අමාරුයි. එයත් එක්ක නිදාගන්න ආර්ටිස්ට්ලා ලයිට් දාහක් එකපාර පත්තු වුණා වගේ වුණේ මේ ජෙනරේටරේ හින්ද. ඒක ආණ්ඩුවෙ කරන්ට් එක වගේ නෙමෙයි.
ගලාට තිබුණ පිරිමින්ව හදන්න පුළුවන් විදිහෙ නිර්මාණාත්මක ශෘංගාර ආවේශයක්. එයාට පැවරිලා තිබුණෙ මේ ආර්ටිස්ටික් පිරිමින්ගෙ හැංගිලා වකුටු වෙලා තියෙන මැජික් එක කෙළින් කරන්න.

ගලාට ලිංගිකත්වය පෙරටු කරගත් තමන්ගේ චාරිකාව යන්න ඩාලි බාධාවක් වෙන්නෙ නෑ.
ඩාලි ගලාව නොයෙක් විට සිත්තමට නගනවා. ඒ අසීමිත පේ‍්‍රමය නිසාම. එකතැනක ඇයව ඩාලි නිරූපණය කරන්නෙ කන්‍යා මරියා විදිහට. මේ සම්බන්ධය ඇතුලෙ ඩාලි ගොඩක් පරිණත වෙනවා. ගොඩක් වැඩ කරනවා. පිරිමියෙක්ගෙ හොඳම දේ අරගෙන සමාජයට දෙන්න පුළුවන් විදිහෙ ගෑනියෙක් ගලා කියන්නෙ. වාමාංශික කලා නඩය එයාට කලාකරුවන් විනාශ කරන පිළිලයක් කියද්දි එයාව ආශ‍්‍රය කරපු අය කියන්නෙ එයා තමන්ව කොයිතරම් ඉන්ස්පයර් කළාද කියල.
ඩාලි පර්ෆියුම් එක හදන්නෙ එයාව මතක් වෙන්න. ගලා මැරුණට පස්සෙ ඩාලිට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා. කීප වතාවක්ම එයා දිවි නසා ගන්න උත්සාහ ගන්නවා. ඩාලි අසූවියැති මහල්ලෙක් විදිහටත් ආදරය කරනවා දරුණුවට.

ඩාලිට මුණගැහෙන්න කලින් ගලා පෝල් එලාර්ඞ් කවියාගේ බිරිඳ. පෝල්ව ඇයට මුණගැහෙන්නෙ අවුරුදු දාහතේදී විතර. පෝල් ඒ කාලෙදි පෙරුම්පුරන කවියෙක්. කවියෙක් වෙන්න දුක් විඳින්න ඕන කියල පෝල් දැඩිව විශ්වාස කරනවා. කවදාහරි ඔයා ලොකු කවියෙක් වෙනවා, ගලා පෝල්ට ස්ථිරව කියනවා. එයා නොකියා කියන කතාව වෙන්නෙ ‘මං ඔයාව කවියෙක් කරනවා’ කියන එක.

ගලා කියන්නෙ පුදුමාකාර ආදරයක් තිබුණු ගැහැනියක්.
පෝල්ට ඕන වෙන්නෙ දුක් විඳින ජීවිතයක්. එයාගෙ හොඳම කවි ලියවෙන්නෙ යුද්දෙ කාලෙ රෝහලක මළමිනී මැද්දෙ. දවසකට මළ උන් ගැන පවුල් සීයකට දෙසීයකට ලියුම් ලියන්න පැවරෙන්නෙ පෝල්ට. මිනී වළදාන, කුණු ගඳ ගහන අපාය මැද්දෙ පෝල් කවීත්වය පසක් කර ගන්නවා. ඒ කවියා ජීවත් කරන්න ගලා මේ අපායට වුණත්් එනවා. එයා හැමදුකක්ම විඳගෙන පෝල් එක්ක ජීවත් වෙනවා.

‘ඔයා ඉක්මනටම හොඳ තැනකට එනවා’ වැටෙන හැමවෙලාවකම ගලා පෝල්ව නැගිට්ටනවා.
ගලා සහ පෝල් කියන්නෙ අයිකොනික් ආදරයක්. පෝල් එලාර්ඞ් කිව්වම කව්ද කියල දන්නෙ නැති නිසා එයාගෙ කවියකින් කොටසක් පරිවර්තනය කරන්නම් මෙතන.

ඔබ නැගෙන විට දිය
දෙබෑ වෙනවා
ඔබ නිදන විට දියේ මල් පිපෙනවා
පතුලෙන්ම ගලා යනූ
දිය උල්පතයි ඔබ
හැම දෙයක් මුල් ඇදුණු
පිහිටි මහපොළොව ඔබ
ශබ්ද කාන්තාරය මැද්දේ ඔබ
නිශ්ශබ්දතාවයේ බුබුළු නගනවා
දේදුනු පාලම මත්තේ ඔබ
රාත‍්‍රී ගීතිකා ගයනවා
ඔබයි මේ හැම තැනම..
පාරවල් ඕන නෑ ලෝකෙට

මේ ඉන්න අතරෙදියි ඩාලි සහ ගලා අතර මුණ ගැහීම සිද්ද වෙන්නෙ. ඒ වෙද්දි ගලාට පෝල් එක්ක තිබ්බ මිෂන් එක ඉවරයි. පෝල් පරිණත කවියෙක්.
ඒත් ගලා සහ ඩාලි ආදරය පටන් ගත්ත තැන ඉඳන් අවුරුදු ගාණක් පෝල් ආගිය අතක් නැති වෙනවා. ඒ වේදනාව දරාගන්න එයා ලංකාවටත් ගොඩවෙනවා.
පෝල් වෙනුවෙන් කළ දේවල් නිමා කරලා ගලා ඩාලි ළ`ගට එනවා,
ඩාලි ගලා ගැන එයාගෙ ආදරේ කියන්නෙ මේ විදිහට.
‘මං ගලාට උපරිමයෙන් ආදරෙයි. කොච්චර ආදරේද කිව්වොත් එයා මැරුණොත් මං එයාව කනවා.. එයා තමයි ලෝකෙ බිහිවුණු හොඳම ආර්ටිස්ට්.’
ගලා කියන්නෙ ඩාලිගේ අධිසත්තාවාදී පේ‍්‍රමය.
මට සැල්වදොර් ඩාලි පර්ෆියුම් එකක් ගන්න ඕනි. ඒ ඩාලිවත් පෝල්වත් හින්ද නෙමෙයි. මට ගලා කියන්නෙ ඒ තරම් විශාල ගැහැනු ජීවිතයක් හින්ද. ඩාලිගේ අධිතාත්විකවාදී නාසයට ඇගේ සුවඳ දැනුණු විදිහ විඳින්න වටින හින්ද.
මට ගලාව ඉඹින්න තියෙන එකම සජීවී විදිහ ඒක හින්ද.

ravaya -
Read more
Thursday, August 6, 2015
හිරුණිකාට කැමති මොන වගේ පිරිමිද.....















හිරුණිකාට කැමති මොන වගේ පිරිමිද.....
හිරුණිකාට කැමති මොන වගේ පිරිමිද.....
Posted by Srilanka team on Thursday, August 6, 2015
Read more
Monday, July 6, 2015
අශූචිවලින් පහරදීම -  වික්ටර් අයිවන්

රාවය සහයෝගිතා ව්‍යාපාරය රාවය පාඨකයන් සමග එකතු වී මට දක්වන ලද ප‍්‍රණාමය ගැන ලියන ලද සටහනේ තීන්ත වේලෙන්නටත් පළමුව දැන් මට ලියන්නට සිදුවී තිබෙන්නේ මට එල්ල කර තිබෙන අශූචි ප‍්‍රහාරයක් ගැනය. මා පොදු යහපත වෙනුවෙන් සමාජ විරෝධී භාවිතයක් ඇති බලවත් පුද්ගලයන්ට එරෙහිව පෑනෙන් පහරදීම් කරන ලද පුද්ගලයකු වනවා සේ ම එවැන්නන්ගෙන් එල්ල වන ප‍්‍රතිප‍්‍රහාරයන්ට මුහුණ දුන් පුද්ගලයකු ලෙසද සැලකිය හැකිය. එසේම මා බලවත් පුද්ගලයන් සෝදිසියට ලක් කොට ඇති පුද්ගලයකු වනවා සේ ම විවිධ පුද්ගලයන් අතින් විටින් විට සෝදිසියට ලක්ව ඇති පුද්ගලයකු ලෙසද සැලකිය හැකිය. අනුන් විවේචනයට ලක් කරන පුද්ගලයන් ප‍්‍රතිවිවේචනයන්ටද මුහුණ දිය යුතුය.

මෙවර මට අසූචිවලින් පහර දෙන්නන් බවට පත්ව සිටිනුයේ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින්, මගෙන්ද, රාවයෙන්ද විවිධ ඵල ප‍්‍රයෝජන ලබාගෙන ඇති පුද්ගලයන් දෙපළකි. එක් අයෙක් ජනමාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින්නකු වන අතර අනෙකා නීතිඥයෙකි. ජනමාධ්‍යවේදියා ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය හේතුවක් කරගනිමින් ආත්මාර්ථකාමී අරමුණින් රටින් පලා ගොස් එක්සත් රාජධානියේ දේශපාලන රැුකවරණය මත ජීවත් වන්නෙකි. නීතිඥයා හිටපු රේගු නිලධාරියෙකි. රේගු නිලධාරි සුජිත් ප‍්‍රසන්න ඝාතන සිද්ධියේදී එක්සත් රාජධානියට පලා ගොස් නීති වෘත්තිකයකු බවට පත්වී එහි පුරවැසිකම ලබාගත්තෙකි.

ජනමාධ්‍යවේදියා

ජනමාධ්‍යවේදියා කලක් නිදහස් ලේඛකයකු ලෙස රාවයේද වැඩ කර තිබෙන්නෙකි. හැම කලකදීමත් ජනමාධ්‍ය වේදීන්ගේ හාස්‍යයට හා අවිශ්වාසයට හේතුවූ ගුප්ත චරිතයක් ඇති පුද්ගලයෙකි. රටින් පලා යන අවස්ථාව වන විට ඔහු වැඩ කළේ රාජ්‍ය නොවන සංවිධානයකය. ඒ වනවිට අපකීර්තියක් ඇති කිරීමට හේතුවන නඩුවක වගඋත්තරකරුවකු වන අතර වගඋත්තරකරු රටේ නොසිටීම හේතු කොටගෙන එම නඩුව දැන් තිබෙන්නේ බහා ලූ තත්ත්වයකය. ඔහු රටින් පලා ගිය වහාම වගේ ඔහු කිසියම් වෙබ් අඩවියකට ලියන ලද ලිපියක් මට කියවන්නට ලැබුණි. එහි මාතෘකාව වූයේ ලසන්තගේ ඝාතනයට වගකිවයුත්තේ අන් කවුරුවත් නොව මහින්ද රාජපක්ෂ බවය. බැලූ බැල්මට එම මාතෘකාව අනුව නිර්භීතව ලියන ලද්දක් ලෙස කියවන්නන්ට හැෙඟන්නට ඇතත්, ඔහුගේ යටි අරමුණ වූ බව මට පෙනුණේ එක්සත් රාජධානියෙන් ආපසු ලංකාවට නොඑන තත්ත්වයක් ඇතිකර ගැනීමය.
මෙම ජනමාධ්‍යවේදියා හා නීතිඥයා සහයෝගයෙන් එකට එකතු වී ක‍්‍රියාකරන මිත‍්‍රයන් ලෙස සැලකිය හැකිය. මා කෙරෙහි වෛරසහගත ආකල්පයක් ඇතිකර ගැනීමට ඒ දෙදෙනාට බලපා තිබෙන හේතුද එක සමාන බවද පෙනෙන්නේය. ජනමාධ්‍යවේදියා ලංකාවෙන් තෝරාගත් පුද්ගලයන් ගණනාවකට සිය වෙබ් අඩවියෙන් පහර දුන්නේය. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ජයන්ත ධනපාල හා ජේ.සී. වැලිඅමුණ ඔහුගේ පහරදීම්වලට ලක්වූ පුද්ගලයෝ් වූහ.

මෙම පුද්ගලයා දුරකතනයෙන් කරන කතා අසන්නට මා කැමති නැතත් ඔහු හෙළිදරව් කිරීම්වල නාමයෙන් ඉහත කී පුද්ගලයන්ට ඔවුන් වෙන් වෙන්ව ගෙන පහර දුන් හැම අවස්ථාවකදීම ඒවා ඔහුගේ වෙබ් අඩවියේ පළකිරීමෙන් පසු සිරිතක් වශයෙන් මට දුරකතනයෙන් කතා කළේය. ඔහුගේ දුරකතන කතාබහට ඇහුම්කන්දීම ප‍්‍රියජනක කාරණයක් නොවූවද මට දුරකතනයෙන් කතා කරන ඕනෑම කෙනෙකුට ඇහුම්කන්දීම මාගේ සාමාන්‍ය පුරුද්දක් වීම නිසාම බොහෝවිට ඔහු බීමත්ව දුරකතනයෙන් කරන කතාබහට ඇහුම්කන්දීමට මට සිදුවිය. ඔහු ඒ හැමවිටම උත්සාහ කළේ ඔහු කරන හෙළිදරව් කිරීම්වලට රාවය සම්බන්ධ කරගැනීමය. තමන් කරන හෙළිදරව් කිරීම් ඉංග‍්‍රීසි වෙබ් අඩවියක පළවීම ප‍්‍රමාණවත් නොවන බවත් ඒවා රාවයේ පාඨකයන්ටද දැනගන්නට සැලැස්වීම ඉතා වැදගත් බවත් කියමින් ඔහු සිරිතක් වශයෙන් හැමවිටම ඉල්ලා සිටියේ තමන් කරනු ලබන හෙළිදරව් කිරීම්වලට රාවයෙන් ආවරණයක් ලබාදෙන ලෙසය.

මා සාමාන්‍යයෙන් යුක්තිය සඳහා සටන් කරන්නකුට උදව් කරන පුද්ගලයකු වුවත් ඔහුගේ අවංකභාවය ගැන මට ප‍්‍රශ්න තිබුණු නිසාත්, ඔහු සටන් කරන ක‍්‍රමය සදාචාර විරෝධී බව මගේ පිළිගැනීම වී තිබුණු නිසාත් මා ඔහු කරන දේවලට ආවරණයක් ලබාදෙන තැනකට ගියේ නැත. ඔහු හෙළිදරව්වක් කරන හැම අවස්ථාවකදීම පාහේ සිරිතක් වශයෙන් මට කතා කළේය. ඔහුගේ සමහර ලිපි ලේඛන මගේ ඊමේල් ලිපිනයට එව්වේය. ඔහුගේ ඊනියා හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් මා අනුගමනය කරමින් සිටි නිහඬව බලා සිටින පිළිවෙත වෙනස් කිරීමට ඔහු සමත් වූයේ නැත. ඔහු මා පිළිබඳව ලොකු ද්වේෂයක් ඇතිකර ගන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

නීතිඥයා

නීතිඥයා ඉහත කී පුද්ගලයා වැනි අධම පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. ඔහු රටින් පලායෑමෙන් පසු මා දන්නා තරමින් ලංකාවට ආවේ මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුවය. මට දුරකතනයෙන් කතා කොට ජනාධිපතිගේ ඉල්ලීම පරිදි රේගුව සකස් කරන ලද විශේෂ වාර්තාවක් සකස් කොට ජනාධිපති වෙත යවන ලද බවත් තමා රේගුවේ උසස් තනතුරකට පත්කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන බවත් ඔහු කීවේය. ඔහු එම ගනුදෙනුවේදී අතරමැදියා බවට පත්කරගෙන සිටියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළ ගාමිණී සෙනරත්ය. තෝරාගෙන සිටින අතරමැදියා නම් එතරම් හොඳ කෙනකු නොවන බව මම ඔහුට කීවෙමි. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා දෙවරක් හෝ තුන්වරක් ලංකාවට පැමිණියද ඔහුට එම අරමුණ ඉටුකර ගැනීමට හැකිවූයේ නැත. ඔහු ලංකාවේ නඩු කියන නීතිඥයකු බවට පත්වූයේ ඉන් තවත් කලකට පසුවය.

ඔහු කියන ලද නඩු අතුරින් දේශපාලන වැදගත්කමක් ඇති නඩුවක් ලෙස මට පෙනුණේ රේගු නිලධාරියකු වෙනුවෙන් පෙනී සිටිමින් කොළඹ ඩොක් යාඞ් සමාගමට එරෙහිව පවරන ලද නඩුව පමණය. ඒ නඩුවට නීතිපති ධුරයටත් පසුව අගවිනිසුරු ධුරයටත් පත්වූ මොහාන් පීරිස් ද පැටලී සිටියේය. ඔහුද එම නඩුවේ වගඋත්තරකරුවෙක් විය. මෙම නඩුවලට අදාළ සියලූ තොරතුරු ඔහු මගේ ඊමේල් ලිපිනයට එවා තිබුණි. ඊට මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියත් මා ඊට මාධ්‍ය ආවරණයක් ලබා දුන්නේ ඔහු ඉල්ලා සිටි වහාම නොව ප‍්‍රශ්නය කරළියට ගැනීමට හොඳම අවස්ථාව ලෙස මට පෙනුණු අවස්ථාවකදීය. එනම් මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්කිරීමට සැලසුම් කර තිබූ අවස්ථාවකදීය. එය අවදානම් සහගත ගණයට වැටෙන වාර්තාවක් ලෙස සැලකිය හැකි අතර ඒ ගැන මා ලියන ලද ලිපියේදී නඩුවට පෙනී සිටින නීතිඥයා වශයෙන් ඔහුගේ නම හිතාමතාම සඳහන් කිරීමෙන් වැළකී සිටින ලදි. මා එසේ කළේ නඩුවක් කියන නීතිඥයකුගෙන් ලබාගන්නා තොරතුරු මත පළකරන වාර්තාවකින් නීතිඥයාට ප‍්‍රසිද්ධියක් ලබාදීම සදාචාර විරෝධී ක‍්‍රියාවක් වේයැ’යි සැලකූ නිසය.

ඉන්පසුත් ඔහු තමන් කරන දේවල් ගැන මට දුරකතනයෙන් කතා කොට කීවේය. අදාළ තොරතුරු මගේ ඊමේල් ලිපිනයට එවීය. ඒ හැමවිටමත් ඔහු මාධ්‍ය ආවරණයක් ලබාගැනීමට උනන්දුවක් දැක්වීය. ඉහත කී අවස්ථාවේ හැර ඔහු කරන සටන් ආවරණය කිරීමක් මා අතින් සිදු නොවීය.

අතිධාවනකාරී සටන්

එහෙත් ඔහු නොකඩවා මට කතා කළේය. ඔහු කරන සටන්වලට මාධ්‍ය ආවරණයක් ඉල්ලා සිටියේය. නිදර්ශනයක් වශයෙන් ශිරාණි බණ්ඩාරනායක අර්බුදයේදී ඔහු අධිකරණ භූමියේ ඒකපුද්ගල සත්‍යග‍්‍රහයක් කළේය. ඔහු කරන්නට යන සටන ගැන මට විස්තර කියා ඡුායාරූප ශිල්පියකු එවා ඊට මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් මා ඔහුගේ එම ඉල්ලීම ඉටු කළේ නැත.

මේ අතර ඔහු කරන සමහර අරගලවලදී මාගෙන් උපදෙස් ලබාගත් අවස්ථාද තිබෙන්නේය. මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුද ඔහු වගඋත්තරකරුවකු කරමින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගන්නට ඔහු උත්සාහ කළේය. එහෙත් අධිකරණය ඊට ඉඩ දුන්නේ නැත. ඔහු මට දුරකතනයෙන් කතා කොට තමාගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයක තිබෙන බව කීවේය. සටන් කරන අවස්ථාවලදී අඩියක් පස්සට ගන්නට සිදුවන අවස්ථා තිබෙන බවත් එසේ කිරීමට හික්මීම නැති සටන්කරුවන් විනාශ වන බවත් කියා මේ මොහොතේ අඩියක් පස්සට ගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු මගේ අදහස පිළිගනිමින් ටික කලකට රටින් පිටවී සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපතිවරණයට තහනම් නියෝගයක් ඉල්ලා නඩුවක් කීවේය. ඔහුගේ පෙත්සම විභාගයට ගැනීමට තීරණය කෙරුණේ නාමයෝජනා භාරගැනීමෙන් පසු ජනාධිපතිවරණය ජනාධිපති රාජපක්ෂගේ අවාසියට හැරී තිබුණු අවස්ථාවකදීය. ඔහු ඒ ගැන මට කතා කළ විට මම ඔහුට දොස් කීවෙමි. නඩුව විභාගයට ගැනීමට ඉඩ නොලැබෙන පරිදි වහාම පෙත්සම ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට එකඟ වූවා පමණක් නොව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඒ බව මට දුරකතනයෙන් දැනුම් දීමක්ද කළේය.

ඒ සියල්ල එසේ සිදුවෙමින් තිබියදීත් රාවයෙන් මාධ්‍ය ආවරණයක් ලබාගැනීම සඳහා ඔහු පෙන්නුම් කරන ලද උනන්දුව ඔහු අත්හැරියේ නැත. ජනාධිපතිවරණයෙන් පසුත් ඔහු කිහිප අවස්ථාවකදීම මට දුරකතනයෙන් කතා කොට පුවත්පත සමග කරන සම්මුඛ සාකච්ඡුාවකට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. දැන් මා රාවයේ අන්තර්ගතය පාලනය කරන හෝ තීන්දු කරන පුද්ගලයා නොවන බව කියමින් ඒ ගැන මම රාවයට කතා කරන බව කීවෙමි. මා ඔහුට රාවයට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙන බවට පොරොන්දු වී තිබුණේ නැතත්, එවැන්නක් සඳහා මා පොරොන්දු වී තිබූ ආකාරයට තමාට සම්මුඛ සාකච්ඡුාවක් ලබා නොදුන්නේ ඇයිදැයි මේ මෑත දිනකදී ඔහු මගෙන් ප‍්‍රශ්න කළේය.

ඔහු හිතන මතන විදිය ගැන මට කාලයක් තිස්සේ ප‍්‍රශ්න තිබුණි. ඔහුට හරි ඉදිරි දැක්මක් නොතිබුණු අතර ඔහු කරන සමහර සටන්වල අතිධාවනකාරී බවක්ද තිබුණි. තමන් එක සතයක්වත් හොරකම් කර නැතත්, සොරකම් ඇල්ලීමෙන් ලොකු ධනයක් උපයාගෙන ඇති බව ඔහු රේගුවේ සිටින කාලයේදී වරක් මා සමග කීවේය. රේගු සේවයේදී හොරකම් නොකර හොරකම් ඇල්ලීමෙන් සොරකමින් උපයන ධනයට වඩා ලොකු ධනයක් උපයා ගතහැකි බව තමන් තම රේගු නිලධාරීන්ට කියන බවද ඔහු කීවේය. මම ඔහුගේ එම දර්ශනය විවේචනයට ලක් කළෙමි. රේගුවේ සිදුවන වංචාවන් අල්ලා ගත්විට ඒ සඳහා පනවන දඩ මුදලෙන් තුනෙන් එකක් යන්නේ ඔත්තුකරුට හා වංචාව අල්ලන ලද නිලධාරියාටය. ඔත්තුකරුගේ නම රහසක් ලෙස තබාගැනීමේ අයිතිය රේගු නිලධාරියා සතුය. ඔත්තුකරුවකු නැතිවද ඔත්තුකරුවන් සිටින බව ව්‍යාජ ලෙස මවා පෙන්වමින් ඒ සම්පූර්ණ මුදල තමන් වෙත හිමිකර ගැනීමේ හැකියාව රේගු නිලධාරීන්ට ලැබී තිබෙන්නේය.

මෙම ක‍්‍රමය සමාජ විරෝධී හා සදාචාර විරෝධී ක‍්‍රමයක් බව මගේ මතය විය. එවැනි දූෂිත ක‍්‍රමයක් ඇතිවිට රේගු නිලධාරීන් නීතිය ක‍්‍රියාත්මක කරන්නේ සමාජ වගකීමක් ලෙස සඳහා නොව මුදල් උපයා ගැනීමේ අරමුණිනි. දූෂණ ඇල්ලීමෙන් ලොකුවට ධනය උපයාගත හැකි නම් එවැනි නිලධාරීන් කැමති වනු ඇත්තේ දූෂණය රජකරන රේගු සේවයකට මිස දූෂණයෙන් තොර රේගු සේවයකට නොවේ. එහිදී හොරකම් කරන අයගේ සේ ම සොරකම් අල්ලන අයගේද අරමුණ එක සමානය. දෙයාකාරයෙන්ම අපේක්ෂා කරන්නේ මුදල් උපයා ගැනීමය. මාගේ එම විවේචනය ඒ කාලයේදී වුවත් ඔහුගේ සතුටට හේතුවූයේ නැත.

සදාචාර විරෝධී බව

ඔහු නීතිඥ වෘත්තියට එකතුවීමෙන් පසුව නෛතික තලයේ අරගල කරන්නකු බවට පත්වුවද මීට පෙරද සඳහන් කර තිබෙන ආකාරයට ඔහු කරන සටන්වල ආත්මාර්ථකාමී තත්ත්වයක් තිබුණා සේ ම එම සටන්වල ඉදිරි දැක්මේද අවුල්සහගතභාවයක් තිබුණේය. මෙම නීතිඥයාට නීතිය ගැන සේ ම දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් පිළිගත් නීතිඥ ගුණධර්ම ගැනද හරි අවබෝධයක් නොතිබුණේයැ’යි සිතමි. එවැනි අවබෝධයක් තිබුණේ නම් විද්‍යුත් කැලෑ පත්තරයක ගණයෙහිලා සැලකිය හැකි වෙබ් අඩවියක් සමග එකට එකතු වී වැඩ කරන කෙනකුගේ තත්ත්වයට පත්විය නොහැකිය.

මෙම වෙබ් අඩවියේ ජනප‍්‍රියම අංගයක් වී ඇත්තේ ලංකාවේ විවිධ පුද්ගලයන් ගැන කරන හෙළිදරව් කිරීම්ය. එය ලංකාවේ නොව එක්සත් රාජධානියේ සිට පවත්වාගෙන යන වෙබ් අඩවියකි. ඒ නිසා වෙබ් අඩවිය විසින් කරන කවර බරපතළ වරදකදී වුවත් වෙබ් අඩවියට එරෙහිව නීති මගින් ක‍්‍රියාකිරීම ඉතාමත් දුෂ්කරය. ඒ නිසා නීතියෙන් එල්ල විය හැකි අභියෝගයන්ට බිය නොවී නීති විරෝධී නොසණ්ඩාල දේවල් කිරීමේ හැකියාව මෙම වෙබ් අඩවියට ලැබී ඇත්තේය. වෙබ් අඩවියේ භූමිකාව සැඟවී සිට ගල් ගසන්නකුට සමානය. නැතහොත් එය විද්‍යුත් ස්වරූපයකින් පළකෙරෙන කැලෑ පත්තරයක් ලෙස සැලකිය හැකිය. නීතිඥයකු එවැනි කැලෑ පත්තරයක හවුල්කරුවකු ලෙස ක‍්‍රියාකිරීම නීතියට පටහැනි වනවා සේ ම නීතිඥ සදාචාරයටද පටහැනිය.

මෙම වෙබ් අඩවිය මා ගැන පළ කර තිබෙන ප‍්‍රවෘත්තිය වී ඇත්තේ රාවයට එකතු කරන ලද අමුදල්වලින් රුපියල් මිලියන 5ක් මා පික් පොකට් ගසා ඇති බවය. මෙම ප‍්‍රවෘත්තිය සකස් කරන්නට පෙර වෙබ් අඩවිකාරයා රාවය සහයෝගිතා ව්‍යාපාරයේ ප‍්‍රධානීන් දෙදෙනකු ලෙස සැලකිය හැකි ගාමිණී වියන්ගොඩට හා කුසල් පෙරේරාට කතා කොට දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇතත් මෙම අවමන්සහගත ප‍්‍රවෘත්තිය පළකොට ඇත්තේ ඔවුන් දෙදෙනා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම් මුළුමනින් නොසලකාය.

එම වෙබ් අඩවියේ පළවූ එම ප‍්‍රවෘත්ති කියවූ හා එය පවත්වාගෙන යන්නාද දන්නා පුද්ගලයන් තිදෙනකුම මට කීවේ එය මුළුමනින් නොසලකා හැරිය යුතු ප‍්‍රවෘත්තියක් මිස පිළිතුරු දිය යුතු ප‍්‍රවෘත්තියක් නොවන බවය. එහෙත් එය මගේ ප‍්‍රතිපත්තිවලට පටහැනිය. ඒ ගැන වන මගේ මතය පාඨකයන්ට දැනගන්නට සැලැස්විය යුතුය.

මගේ භූමිකාව

රාවයේ මගේ භූමිකාව එක දේකට සීමාවූ භූමිකාවක් ලෙස සැලකිය නොහැකිය. එය බහුවිධ භූමිකාවක් වීයැ’යි කිව හැකිය. රාවයේ නිර්මාණ සැලැස්ම මගේය. එම සැලැස්ම මෙහෙයවන්නා වූයේද මාය. ප‍්‍රතිපත්ති සම්පාදකයා වූයේද මාය. එය ව්‍යවසායක් ලෙස සැලකිය හැකි වුවද සාමාන්‍ය ව්‍යවසායකයට වඩා වෙනස් විය. එහි පැවැත්ම මුළුමනින් රඳා පැවතියේ අලෙවිය මතය. එහෙත් අලෙවිය වැඩිකර ගැනීමට හෝ වැඩිපුර ලාභ ලැබීමට මහජනයාගේ හිත දූෂණය කරන දේවලට බර නොතැබීය. තමන්ගේ පැවැත්ම තරමට පොදු යහපතට බර තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. පොදු යහපත වෙනුවෙන් සාමාන්‍යයෙන් පුවත්පතක් නොකරන දේවල්ද කළේය. තවත් සමහරවිට පොදු යහපත සඳහා පැවැත්ම පරදුවට තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය.
ලංකාවේ වෙනත් කිසිම පුවත්පතකට නැති රාවයට පමණක් ආවේණික විශේෂ සම්පතක් ලෙස සැලකිය හැක්කේ රාවය නොකඩවා කියවන, රාවයෙන් ඉගෙන ගන්නා, රාවය වෙනුවෙන් හඬ නගන නිත්‍ය පාඨක පිරිසක් රාවයට සිටීමය. ව්‍යාපාරික අර්ථයෙන් සලකතොත් රාවය සැලකිය හැක්කේ පදික වෙළෙඳාමෙන් ආරම්භ කොට මහා සාප්පු සංකීර්ණයක් බවට පත්වූ ව්‍යාපාරයක් ලෙසය.

මා රාවයේ රඟපෑ භූමිකා අතර හිමිකාර භූමිකාවක්ද රඟපෑවා වුවත් මාගේ එම භූමිකාවද සාමාන්‍ය හිමිකරුවකුගේ භූමිකාවට වඩා වෙනස් විය. මෙම ව්‍යාපාරය විශාල ලෙස ධනය උපයන ව්‍යාපාරයක් බවට පත්කිරීමට මට අවශ්‍ය නොවීය. මා ආයතනයෙන් ලබාගන්නේ මට ලැබෙන වැටුප හා අනෙකුත් පහසුකම් පමණය. රටේ අනෙකුත් පුවත්පත් කතුවරුන්ට ගෙවන වැටුප් සමග සසඳන විට මගේ වැටුප සැලකිය හැක්කේ සොච්චම් වැටුපක් ලෙසය. මා විශ‍්‍රාම යන අවස්ථාව වනවිට මට ලැබුණු වැටුප රුපියල් 62,000ක් විය. ආයතනයේ හිමිකරුවා ලෙස සැලකිය හැක්කේ මා වුවද සේවකයන්ටද කොටස් හිමිකමක් තිබිය යුතු බව මගේ මතය විය. එය බාහිරෙන් එල්ල වූ බලපෑම අනුව සිදුවූවක් නොවීය. මගේම අදහසක් අනුව නීතිගත කර තිබූ සංකල්පයක් විය. සමාගම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කොට තිබෙන ආකාරයට සමාගම සතු මුළු කොටස් සංඛ්‍යාව 238900කි. ඉන් කොටස් 137500ක් මා සතු වන විට ඉතිරි කොටස් සංඛ්‍යාව හිමි සේවකයන්ටය.

මා මගේ ආයතනයේ සේවකයන්ට සිත් පිත් නැති දරදඬු පාලකයකු ලෙස ක‍්‍රියාකර නැත. වැරදි කරන අයට දඬුවම් කළ අවස්ථා ඇතත් උපරිම මානුෂික ආකල්පයකින් ක‍්‍රියාකර ඇතැ’යි කිව හැකිය. සේවකයන්ට ගෙවන වැටුප් සමහර ජනමාධ්‍ය ආයතනවල තරම් ඉහළ මට්ටමක නැතත්, ඔවුන්ගේ වැටුප් නීතියෙන් නියම කර තිබෙන මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින්නේයැ’යි කිව හැකිය. සමහර ජනමාධ්‍ය ආයතනවලට ඉහළ වැටුප් ලබාදීමට හැකිවී තිබෙන්නේ එම ආයතනවලින් උපයන ආදායමෙන් නොව හිමිකරුවා වෙනත් මාර්ගවලින් එම ආයතනවලට පොම්ප කරන ධනය නිසාය. මාගේ ආයතනයේ වැටුප්වල තරම තීන්දු කරනු ලැබුවේ ආයතනය උපයන ආදායමේ තරමය. අර්ථසාධක අරමුදල් ප‍්‍රමාදයකින් හෝ හිඟයකින් තොරව ගෙවා තිබෙන අතර අස්වී යන සේවකයන්ට ලැබිය යුතු ප‍්‍රසාද දීමනාද ප‍්‍රමාදයකින් තොරව ගෙවා තිබේ. කොටස් නිකුතුවෙන් පසුව එක් සේවකයකුට ලැබී තිබෙන කොටස් අයිතියේ වටිනාකම ඔවුන් විශ‍්‍රාම යනවිට අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්ති අරමුදල යන අරමුදල් දෙකෙන් ලැබෙන මුදල් ප‍්‍රමාණයට වඩා වැඩිය.

මට මගේම වන ජීවන දර්ශනයක් තිබෙන්නේය. ධනය ඉපැයීම කවදාවත් මගේ වැදගත් අරමුණක් වී නැත. ධනය අවශ්‍ය වන්නේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප‍්‍රමාණයට මිස ගොඩගසා ගැනීම සඳහා නොවේ. මා අගහිඟකම්වලින් පිරුණු දුක්ඛදායක ජීවිතයකට කැමති නැතත් වියදම් අධික නාස්තිකාර ජේත්තුකාර ජීවිතයකටද කැමති නැත. මා විවිධ දේ කරන අතර පවුල් ජීවිතයේදී මා අතින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ කෙනෙකු ලෙසද සැලකිය හැකිය. මා මාගේ දරුවන්ට වියදම් අධික සුඛෝපභෝගී ජීවිතයක් ලබාදී නැතත්, අගහිඟකම්වලින් පිරුණු දුක්ඛිත ජීවිතයක්ද ලබාදී නැත. මා ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී තිබෙන අතර ඔවුන් ජීවත් වන තරගකාරී ලෝකයේ ගුණධර්මද ආරක්ෂා කරගනිමින් ආත්ම විශ්වාසයකින් ජීවත්වීමට අවශ්‍ය දැනුම හා ශික්ෂණය ඔවුන්ට ලබාදී තිබෙන්නේයැ’යි කිව හැකිය.

මා විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම ජීවිතය යහපත් හා ප‍්‍රීතිමත් තත්ත්වයක තබාගැනීමට අවශ කරන මගපෙන්වීම් ලබාදී තිබෙන පුද්ගලයෙකි. ඒ නිසා මට මගේ විශ‍්‍රාම ජීවිතය සඳහා සැලැස්මක් තිබීම පුදුමයට හේතුවන දෙයක් විය යුතු නැත. මට කිසිවෙකු විශ‍්‍රාම යෑමට බල කළේ නැත. මට අවශ්‍ය වී නම් මැරෙන තෙක් රාවයේ වැඩ කළ හැකිව තිබුණි. රාවය බදාගෙන හැමදාමත් ජීවත් විය යුතු නැති බව මගේ මතය විය. රාවයේ අලූත් පරපුරට වගකීම් භාරදී මා විශ‍්‍රාම යායුතුයැ’යි කියන අදහස මා ඇති කරගෙන තිබුණේ කලකට පෙරය. විශ‍්‍රාම යෑමෙන් පසු මැරෙන තෙක් කළ යුතු වැඩ ගැනද මට දළ අදහසක් තිබුණි. විශ‍්‍රාම යෑමෙන් පසු මට රාවයෙන් වැටුප් ලබාගැනීමේ හැකියාවක් නැත. එම සංක‍්‍රමණික කාලයේ මා ජීවත් විය යුතු අතර මගේ බිරිඳද ජීවත් කළ යුතුය. දරුවන්ගෙන් යැපෙන්නට කැමති නැති බව මා ලියා ඇත්තේ මීට බොහෝ කලකට ඉහතදීය. විශ‍්‍රාම යන්නේ නම් කිසිවකුට අත නොපා ජීවත්වීමට යම් අරමුදලක් තිබිය යුතුය. එම අරමුදල සොයාගත හැකි හොඳම මාර්ගය ලෙස මා දැක්කේ මට හිමි කොටස්වලින් කිසියම් පංගුවක් විකිණීමය. විශ‍්‍රාම යන අවස්ථාවේදී රාවයට අවසන් වශයෙන් කළ යුතු දේවල් කිහිපයක්ද තිබුණේය. රාවයේ එක් ගොඩනැගිල්ලක වහල අබලන් වී එය පැවතියේ ජරාජීර්ණ තත්ත්වයකය. කාර්ය මණ්ඩලය පාවිච්චි කරන මේස පුටු හා ගෘහභාණ්ඩ තිබුණේ ජරාජීර්ණ තත්ත්වයකය. මාගේ වියදමෙන් ඒ සියල්ල වෙනස් කොට කාර්යාලය ප‍්‍රසන්න තත්ත්වයට ගතයුතුයැ’යි කියන අදහසක්ද මගේ සිතේ තිබුණි. රාවයේ අනාගත සුරක්ෂිතභාවයට හානියක් නොවන ලෙස මට හිමි කොටස්වලින් කිසියම් පංගුවක් විකුණා ඒ සිහින දෙකම ඉටුකර ගැනීමට මට අවශ්‍ය වී තිබිණි.

මාගේ සිහිනය සැබෑකර ගැනීම සඳහා මගේ කොටස් අයිතියෙන් කිසියම් පංගුවක් මිලදී ගැනීමට මිලින්ද මොරගොඩ එකඟ වී තිබූ අතර ඒ සඳහා කේපීඑම්ජී සමාගම ආයතනය පිළිබඳ විගණනයක් හා වටිනාකම පිළිබඳ තක්සේරුවක්ද කරන ලදි. මිලින්දට කරන අලෙවියට විරෝධයක් එල්ල වන්නට වූ අතර රාවය සහයෝගිතා ව්‍යාපාරය බිහිවූයේ එම සංවාදය ආශ‍්‍රයෙනි.

එම ව්‍යාපාරයේ මතය වූයේ මිලින්දට විකුණන්නට යන පංගුව ඔවුන්ට විකිණිය යුතු බවය. මා ඔවුන්ගේ යෝජනාවට මුලදී එක පයින් එකඟ නොවූවද ඒ සියලූදෙනා රාවයට ආදරය කරන පිරිසක් වීම නිසාත්, එවැනි පිරිසක් රාවයේ පංගුකාරයන් වීම රාවයේ යහපතට හේතුවනු ඇතැ’යි පෙනුණු නිසාත් අවසානයේදී එම යෝජනාවට එකඟවීමට මට සිදුවිය. මාගේ කොටස් අයිතියෙන් සියයට 20ක් සහයෝගිතා ව්‍යාපාරයට විකිණීමෙන් මට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 100කි. මා ඉන් ලක්ෂ 50ක් මගේ අනාගත සුරක්ෂිතතාව සඳහා තබාගනිමින් ඉතිරි ලක්ෂ 50 රාවය ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කොට රාවයට අවශ්‍ය ගෘහභාණ්ඩ මිලදී ගැනීමට වැය කළෙමි. මා මට ලැබුණු ආදායමෙන් කරන්නට යන දේ රාවය සහයෝගිතා ව්‍යාපාරයට හෝ මාගේ කාර්ය මණ්ඩලයට රහසක් නොවූ අතර රාවය සහයෝගිතා ව්‍යාපාරය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමටද ඒ කාරණා ඇතුළත්ව තිබුණි. ඒ හැමදෙයක්ම සිදුවූයේ නිතියට අනුකූලවය. ලක්ෂ 50ක ස්ථිර තැන්පතුවකට ලබාගත හැකි මාසික ආදායම රුපියල් 29666ක් පමණය. මාගේ එම ක‍්‍රියාව නීතියට පමණක් නොව සදාචාරයටද අනුකූලය.
Read more
Sunday, June 7, 2015
ආර්යාවගේ භූමිකාව -- මහාචාර්ය සරත් විජේසූරිය

මහාචාර්ය සරත් විජේසූරිය
විධායක ජනාධිපති පදවිය නිර්මාණය කළ බවට ජේ ආර් ජයවර්ධනට කවුරුන් කොපමණ විවේචන ඉදිරිපත් කළත් ඔහුගේ භාර්යාවට කිසිවෙකු ෙදාසක් කියන්නේ නැත. එදා කීවේත් නැත, අද කියන්නේත් නැත. ඊට හේතුව ඇය සිය සැමියාට මහජනයාගෙන් ලැබුණ බලය තමන්ට අවශ්‍ය අන්දමට පරිහරණය නොකිරීම බව කිව යුතු නැත. එ් සැබවින්ම එලීනා ජයවර්ධන මැතිනියගේ චරිතයේ ප‍්‍රශස්ත ගුණයකි. ඇය ධනවත් පවුලක ඉපදුණ, පාරම්පරික කීර්තියක් උරුම කාන්තාවක බැවින් ඇයට ධනය හෝ කීර්තිය බලහත්කාරයෙන් පැහැර ගැනීමට අවශ්‍ය වූයේ නැත. එතුමිය සතු දේපළ, දනට පිනට මෙන්ම මහජන යහපතට පරිත්‍යාග කිරීමෙන්ද විදහා දැක්වූයේ උසස් චරිතයක අගනා පුරුෂාර්ථයන්ය.

අවාසනාව වන්නේ ජේ ආර් ජයවර්ධනගේ අනුප‍්‍රාප්තිකයා වන ආර් ප්‍රේමදාසට සිය නායකයාගේ ප‍්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කිරීමට නොහැකිවීමයි. එහි වරද සම්පූර්ණයෙන්ම ප්‍රේමදාස ජනාධිපතිට පැවරීම අසාධාරණය. මන්ද, ඔහුගේ භාර්යාව එලීනා ජයවර්ධන මැතිනියට වෙනස් පසුබිමක කෙනෙකු බැවිනි. නෙට්බෝල් කී‍්‍රඩිකාවක වීම, ගායිකාවක වීම සහ අසුන් පැදීම යනාදි කටයුතු ඔස්සේ ඇය ස්වකීය ජීවිතයට තාරුණ්‍යය කැඳවා ගන්නට උත්සාහ කළාය. ප්‍රේමදාස මහතා ද ඔය අල්ල පනල්ලේ ෆුට් බෝල් කී‍්‍රඩකයෙක් විය. තතු කෙසේ වෙතත් ජනාධිපති ප්‍රේමදාස, මහජනයාගේ අප‍්‍රසාදයට ලක්වීමට එතුමාගේ භාර්යාවගේ කි‍්‍රයා කලාපය වඩාලාත් හේතු වූ බව සත්‍යයකි.

ඞීබී විජේතුංග තමන්ට සමීප කිසිවෙකුගේ බැබළීමට පදවිය හෝ එහි බලය ඉවහල් කර නොගත් අතර, එ් බලයෙන් ඔහුගේ පවුලේ කිසිවෙකු බැබළෙන්නට උත්සුක වූයේ ද නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමය තුළ ඇගේ දරු දෙදෙනා රාජ්‍ය බලය පරිහරණයට අවතීර්ණ වන්නේ නැත. එ් දරු දෙදෙනාට, විධායක බලය පරිහරණය කර නීති විiාලයට ඇතුළත් කර අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේ ද නැත.

මහින්ද රාජපක්ෂ සිය බිරිඳට මෙන්ම දරු තිදෙනාට රාජ්‍ය බලය හිතු හිතූ අන්දමට පරිහරණයට ඉඩ දුන්නේය. රාජ්‍ය ධනය හා රාජ්‍ය සම්පත් සහ දේපළ පරිහරණයට ඉඩ දුන්නේය. මේ රට පාලනය කළ කිසිවෙකු නොකළ අන්දමට රාජ්‍ය බලය ස්වකීය භුක්තියට සවි කර ගත්තේය. කැබිනට් අමාත්‍යවරුන්ට කළ නොහැකි දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ බිරිඳට සහ දරුවන්ට කළ හැකි වූ බව නොරහසකි.

මහින්ද විධායක ජනාධිපති පදවිය උසුලන විට, සම විධායක ජනාධිපති පදවියක් ඉසිලූ නාමල් රාජපක්ෂ අද පවසන්නේ, තමන්ට සහ පියාට මොනවා කළත් අම්මාට සහ මල්ලිලාට නීතිය කි‍්‍රයාත්මක නොකරන ලෙසයි. නාමල් රාජපක්ෂ සිය මව දේශපාලනය නොකළ බව කියන්නේ අවසිහියෙන් ද?
දරුවෙකුට සිය මව ගැන හැඟීමක් තිබීම ස්වාභාවිකය. නාමල් රාජපක්ෂට එ් හැඟීම දස දහස් ගුණයකින් වැඩි අන්දමකින් තිබිය යුතුය. එ් මන් ද? තමන්ට සහෝදරයන් දෙදෙනාටත් රටේ නීතිය කෙළෙසීමට, රාජ්‍ය බලය අව භාවිත කිරීමට, රාජ්‍ය සම්පත් දේපළ භුක්ති විඳීමට ‘ආදර අම්මා’ ඇස් කන් පියාගෙන ඉඩ දී සිටියා පමණක් නොව සමහර කටයුතුවලට පිඹුරුපත් ද සකස් කළ බැවිනි.

මවකට සිය දරුවන්ගේ සියලූ කටයුතු පාලනය කිරීමට නොහැකිය. එමෙන්ම දරුවන්ගේ නොපනත් කි‍්‍රයාවලට මවකට වග කියන්නට ද නොහැකිය. එහෙත් ශිරන්ති මව සම්බන්ධයෙන් එ් පොදු තත්ත්වය අදාළ නැත. ඇගේ දරුවන් කළ කී දේ සියල්ලට ඇය වගකිව යුතුය. දරුවන්ට අභිමත ලෙස ඇගේ ස්වාමි පුරුෂයා වැඩ කළේ ඇගේ නියමයන්ට අනුව බව අද පවසන්නේ එ් ආණ්ඩුවේ හිටපු රාජපක්ෂ පවුලට සමීප උදවියම වේ.

අවිනීත අශිෂ්ට රාජ කුමාරවරුන් ගැන අප අසා ඇත, කියවා ඇත. එ් කුමාරවරුන්ට එරෙහිව කතා කිරීමට අතීතයේ ද මැති ඇමතිවරුන්ට හයියක් තිබී නැත. කතා කළොත් හිස කඳින් වෙන් වන බැවිනි. රාජපක්ෂ පාලනය ද ඊට නොදෙවෙනි එකක් බව දන්නේ හිටපු මැති ඇමතිවරුන්ය.

යුද්ධය අවසන් වූ වහාම විශාල ධනස්කන්දයක් වැය කරමින් සිදු කළ කටයුත්තකි, අයිෆා සම්මාන උළෙල. එය පැවැත්වූයේ කාගේ උවමනාවට ද? මේ නිරර්ථක කි‍්‍රයාව රජ දරුවන්ගේ අවල කෙළි පිණිස නොවන්නේ ද? තම දරුවන්ගේ මන ෙදාළ සංසිඳවා ගැනීමට මේ කටයුතුවලට උඩ ගෙඩි දෙන අම්මා මොන ජාතියේ කෙනෙකු ද යන්න හිතා ගැනීමට නොහැකිය.

අගනුවර මාවත් වසා දමමින් මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට පියවර ගත්තේ කව්රුන් ද? එ්වාට වැය කළ ධනස්කන්දය තක්සේරු කිරීමට පවා නොහැකි බවය අසන්නට ලැබෙන්නේ. රණවිරුවන්ට එ්වා සම්බන්ධයෙන් දරදිය අඳින්නට සිදු වුණේ මහජනයාට අනේක විධ හිරිහැර කරමිනි. එ්වා මහින්ද වෙනුවෙන් නැඟිටිමු කියන හිටපු මැති ඇමතිවරුන් අනුමත කරනවා ද?

දළදා මාලිගාව අබියස රේස් පැදීම අවශ්‍ය වුණේ කාට ද? ඉතිහාසයේ ප‍්‍රථම වරට දළදා මාලිගාව අබියස නිරුවත් රැුඟුම් නැටීමක් සිදු විය. මහනායක හිමිවරුන් ඊට අකමැත්ත පළ කළත් එ් තිරශ්චීන කටයුත්ත සිදු විය. එ් කාගේ බල මහිමයෙන් ද? මේ මේ නිරර්ථක කි‍්‍රයාව රජ දරුවන්ගේ අවල කෙළි පිණිස නොවන්නේ ද?
තම දරුවන්ගේ මන ෙදාළ සංසිඳවා ගැනීමට මේ කටයුතුවලට උඩ ගෙඩි දෙන අම්මා මොන ජාතියේ කෙනෙකු ද යන්න හිතා ගැනීමට නොහැකිය. ඇය බුද්ධිමත් කාන්තාවක නම්, ඇය බෞද්ධ කාන්තාවක නොවන නිසාම දරුවන්ට අවවාදයක් දිය යුතුව තිබුණි. එබඳු විනයක් ඇයට තිබී නැත. කතෝලික පූජකවරයෙකු මේ ගැන කතා කරමින් පවසා සිටියේ මේ පහත් වැඩ ආගමික සංහිඳියාවට අනර්ථකාරී බවයි. එ් පූජකවරයා එ් කි‍්‍රයා කලාපය විනිවිද දුටු බවය අපට හොඳින් වැටහුණේ.
සූරියවැව කී‍්‍රඩාංගණය සුදු අලියෙකු බවය පවසන්නේ. ලංකාව නම් වූ කුඩා රටේ, ටෙස්ට් තරඟ පැවැත්වීමට සුදුසු කි‍්‍රකට් කී‍්‍රඩංගණ කීයක් තිබෙනවා ද? එසේ තිබිය දී මේ රටට ඔරොත්තු නොදෙන අන්දමට ණය වී කී‍්‍රඩාංගණ ඉදි කළේ කුමට ද? එ් රටේ දරුවන්ගේ යහපතට ද? තම දරුවන්ට කී‍්‍රඩා කිරීමට පාරවල් වසා දමා, මහජනයාට හිරිහැර පමුණුවා, ජය පැන් බීමට අවිනීත අන්දමට සමහර කී‍්‍රඩාවන් භුක්තියට සවි කර ගැනීම ශීලාචාර ද? අසීමිත ලෙස රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතනවල ධනය ලබා ගෙන සංවිධානය කළ කී‍්‍රඩා තරඟ රජ දරුවන්ගේ විනෝදය පිණිසය. දරුවන්ට අභිමත අන්දමට පවත්වන කී‍්‍රඩා තරඟ නැරඹීමට ‘ශිරන්ති මව’ නොවරදවාම යෑමෙන් ඇය එ්වා දැනුවත්ව අනුමත කළ බව විශද වන්නේය.

‘තාරුණ්‍යයට හෙටක්’ සහ ‘නිල් බලකාය’ ගොඩනැඟුවේ නාමල් කුමරුන් උපයාගත් ධනයෙන් ද? රාජපක්ෂ පවුලට උරුම පාරම්පරික ධනයෙන් ද? මේ දේශපාලන ව්‍යාපෘතිවලට අවශ්‍ය තරම් ධනය තිබුණි. යාන වාහන තිබුණි. ඉහළම මට්ටමෙන් කාර්යාල පහසුකම් තිබුණි. එ්වාට වැය කළේ රාජ්‍ය බලය ඉවහල් කරගෙන සාවi සාපරාධී අන්දමට ලබා ගත් ධනයයි. මේ කටයුතු ගැන, එ්වායේ සිදු වන දේවල් ගැන ශිරන්ති මව නොදැන සිටියා නම් එය විස්මයකි. රූපවාහිනී නාළිකාවක් සහ ගුවන් විදුලි නාලිකාවක් දරුවන්ට උරුම බව ශිරන්ති මව නොදන්නේ ද?

නාමල් රාජපක්ෂ ඉහළින්ම විභාග සමත් කළ නීතිඥයෙකි. වැඩිම මනාප ලබා ගත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකි. මේ කටයුතු සිදු වුණේ ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුව, රටේ සියලූ තරුණයන්ට පොදු සන්දර්භයක් තුළ ද? යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ නිලධාරියෙකු ලෙස විදේශීය පුහුණුවක් ලබා ගත්තේ, ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුව, රටේ සියලූ තරුණයන්ට පොදු සන්දර්භයක් තුළ ද? මේ හැම කටයුත්තක් පිටු පසම ශිරන්ති මවගේ බලය නොතිබුණායැ’යි සිහි මොළයක් ඇති කෙනෙකුට නම් කිව නොහැකිය.

මවක දරුවන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු ඇති කර ගැනීම ස්වාභාවිකය. එහෙත් රාජ්‍ය බලය හා රාජ්‍ය ධනය අවභාවිත කරමින් ගන්නා පියවර ශිෂ්ටසම්පන්න නැත. තම සැමියා හැකිතාක් කල් විධායක ජනාධිපති පදවිය හොබවා, කල් මැන පුත‍්‍රයාට එ් පදවිය උරුම කර දීම ශිරන්ති මවගේ සිහිනය වූ බව පැහැදිලිය. අපරාජිත බලයක් ඇත යන තිරසර ආකල්පයක පිහිටා ඇය කටයුතු කළ බව ද පැහැදිලිය. එ් නිසා ඇයට එලීනා ජයවර්ධන මෙන් ජීවත්වීමට සූදානම් වූයේ නැත. ඇය අනාගත විධායක ජනාධිපති වෙනුවෙන් දේශපාලනයේ නිමග්න විය යුතුය යන අවබෝධයෙනි කටයුතු කළේ, බලය භාවිත කළේ.

කාල්ටන් පෙර පාසල සහ සිරිලිය සවිය වැඩ සටහන ආදිය රාජ්‍ය ධනයෙන් ශක්තිමත් කළේ අනාගත විධායක ජනාධිපතිට සේවය කිරීමට නොවේ ද? ලංකාවේ ඉහළම පාසල්වලට කාල්ටන් ඔස්සේ දරුවන් ඇතුළත් කිරීමට හැකිවන තත්වයක් නිර්මාණය කළේ දීර්ඝකාලීන සැලසුම් ඇතිව බව නොරහසකි. මේවා අහිංසක කටයුතු ලෙස අමතක කළ හැකි ද?

මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පළිගැනීම් ගැන නිරතුරුව අද කටමැත ෙදාඩවති. දේශපාලනයක් නොකළ පවුලේ සාමාජිකයන්ගෙන් පළිගන්නා බවට හිරිකිතයකින් තොරව දෙදෙනාම, අනුකම්පාව ලැබීම පිණිස බොරු කියති. සැබවින්ම අවුරුදු අටක් තිස්සේ රාජපක්ෂ පවුල මේ රටේ පුරවැසියන් කී දෙනෙකුගෙන් පළි ගෙන තිබේ ද? ඇතැමුන්ට රට තුළ ජීවත්වීමේ වරමවත් අද නැත.

ශිරන්ති රාජපක්ෂ සිය සැමියා සතු බලය හොඳ හැටි පරිහරණය කළ බව රටට නොරහසකි. ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවන්නේ බරපතළ ගනුදෙනුවලට ඇය සම්බන්ධ නිසා බව හොඳින් අනාවරණය වී ඇත. මේ අනාවරණය වීම් ඔස්සේ සිදු විය හැකි දේ වළක්වා ගැනීමට, දීර්ඝ කාලයක් තමන් සන්තකව තිබුණ බලය ඉවහල් කරගෙන අදාළ අංශවල කටයුතුවලට බලපෑම් කළත්, හෙළිව තිබෙන ඇතැම් දූෂණයන් සම්බන්ධ තතු නැත්තටම නැති කිරීමට නොහැකි වී තිබේ. ඇය කිසිදු වරදක් කර නැත්නම්, කිසිම දූෂණයකට සම්බන්ධ නැත්නම්, නිර්භයව හැම පරීක්ෂණයකටම ඉදිරිපත් වී තම සැමියාට සහ සැමියාගේ ආණ්ඩුවට එල්ලවන චෝදනා නිෂ්ප‍්‍රභ කළ යුතු නොවන්නේ ද?

එලීනා ජයවර්ධන මැතිනිය දේශපාලනයක නිමග්න නොවූ නිසා ඇයට මහ මඟ යන්නට ආරක්ෂක වළල්ලක් අවශ්‍ය වුණේ නැත. එතුමිය නිදහස් දිවි පෙවෙතක් ගත කළ නිසා ඇය මහජනතාවට කිසි අවස්ථාවක වදකාරියක වුණේ නැත. එහෙත් පසුගිය කාලයේ අප අත් වින්දේ කුමක් ද? ශිරන්ති මැතිනිය මහමඟට බහින්නට ලක ලෑස්ති වන විට අවට පාරවල් වසා දමා රැුකවල් තර කිරීමය. ඇය දරුවන්ගේ කී‍්‍රඩා තරඟ නැරඹීමට යන විට ද, පාරවල් වසා දමා රැුකවල් තර කිරීම නිරතුරුව සිදු විය. ඇය රකින්නට විශාල ආරක්ෂක හමුදාවක් සිටි බව පැහැදිලිය. එ් අන් කිසිවකටත් නොව බලය විදහා දැක්වීමට නොවන්නේ ද? ඇගේ දිවි පෙවෙත තුළ විද්‍යාමාන වූ තවත් නොමනා ලක්ෂණයක් වන්නේ බලය පොදු ජනතාවට කරදරකාරී වන අන්දමට අවිනීත ලෙස භුක්ති විඳීමයි. ඊට අදාළ එක් නිදසුනක් පමණක් දක්වමි.
ලෝක ප‍්‍රකට යානි නම් වූ සංගීතඥයා ලංකාවට පැමිණි අවස්ථාවේ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණය රසික ජනයාගෙන් පිරී ඉතිරී ගියේය. විශාල මිලක් ගෙවා ප‍්‍රවේශපත‍්‍ර ලබා ගත් රසිකයන්ට, නිල වශයෙන් ප‍්‍රසංගය ආරම්භ කළ පසු පළමු අංගය දකින්නට ඔහේ බලා සිටින්නට සිදු විය. ඊට හේතුව ආර්යාව පැමිණ අසුන් ගන්නා තෙක් ප‍්‍රසංගය පටන් නොගන්නා ලෙසට ඇගේ ආරක්ෂක සේනාව උපදෙස් දී තිබීමයි. එය අශිෂ්ටය. ඊටත් වඩා අශිෂ්ට කි‍්‍රයාව වන්නේ ඇය පැමිණ ටික වේලාවකට පසුව උස් තොප්පි පැළඳ ගත් වේටර්වරුන් පිරිසක් පැමිණ ඇයට සංග‍්‍රහ කිරීමට පටන් ගැනීමය. ප‍්‍රසංගයේ ආස්වාදය උපරිමයෙන් රසිකයන් විඳිමින් සිටි අවස්ථාවේ රසිකයන්ට සිදු වුණේ ආර්යාවට සංග‍්‍රහ සත්කාර කරනු බලා සිටීමටය.
Read more
Tuesday, June 2, 2015
ආගමික අන්තවාදය මිනිස් නිදහස සීමා කළා |    රටින් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකා ෂර්මිලා සෙයියිද්

අජිත් නිශාන්ත
ajith_vithana@yahoo.com

ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛිකාවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ලේඛනයේ හෝ නිර්මාණකරණයේ යෙදෙන මුස්ලිම් කාන්තාවන් හිග වීමය. එහෙත්, ද්‍රවිඩ සහ ඉංගී‍්‍රසි බසින් මෙන්ම සිංහලෙන් ලියන මුස්ලිම් ලේඛිකාවන් ද අතළොස්සක් පමණ පිරිසක් හෝ අප අතර සිටීම සතුටට කරුණකි. ඒ කෙසේවූවද, ලංකාවේ එවැනි එක් මුස්ලිම් ලේඛිකාවක් මේ වන විට බරපතළ අර්බුදයකට මැදිව සිටින්නීය. ෂර්මිලා සෙයියිද් නම් වන ඇයට පසුගිය වසර කිහිපයක් තිස්සේ මෙරට මුස්ලිම් මූලධර්මවාදීන්ගෙන් දිගින් දිගටම එල්ල වෙමින් පැවැති තර්ජන ගර්ජන සහ තාඩන පීඩන නිසාම ඇයට ලංකාව අත හැර යන්නට පවා සිදුවී තිබේ.

ද්‍රවිඩ බසින් නිර්මාණකරණයේ යෙදෙන ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකාවක, කිවිදියක සහ සමාජ කි‍්‍රයාකාරිණියක වන ෂර්මිලා මේ වන විට සැගවී ජීවත් වන්නියක බවට පත්ව සිටියි. එරාවුර් හි ප‍්‍රජා කටයුතු පිළිබද සංවිධානයක් වන සමාජ සංවර්ධන සංවිධානයේ නිර්මාතෘවරිය වන ඇය 30 හැවිරිදි, එක් දරු මවකි. සිවිල් යුද්ධය නිමා වීමෙන් පසු ගෙවී ගිය වසර තුනක කාලය පුරා ඇය නැගෙනහිර පළාතේ සුළු ජාතික කාන්තාවන් සමග සමීපව කටයුතු කළාය.

ඇය විසින් රචනා කරන ලදුව, 2012 වසරේදී පළ වූිසිරගු මුලයිත්ත පෙන්’ සහ 2015 වසරේදී පළ වූිඌව්ව’ යන කාව්‍ය සංග‍්‍රහයන් දෙකට මෙන්මිඋම්මත්’ නමින් 2014 වසරේදී පළ වූ ඇගේ ප‍්‍රථම නවකතාවට ද තමිල්නාඩුවේ ප‍්‍රගතිශීලී ලේඛක සහ කලා සංගමයෙන් සම්මාන පිරිනැමිණි.

‘පියාපත් වැඩුණු ගැහැනු’ යන අදහස සහිත ඇගේිසිරගු මුලයිත්ත පෙන්’ කාව්‍ය සංග‍්‍රහය පළ වීමෙන් පසුව, 2012 නොවැම්බර් 18 වැනිදා බී.බී.සී. ද්‍රවිඩ (BBC
Tamil) සේවය සමග ඇය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකින් පසුව ඇගේ ජීවිතය කණපිට පෙරැළිණි. කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබදව එම සම්මුඛ සාකච්ඡාවේදී අසන ලද ප‍්‍රශ්නයකට අවංකව පිළිතුරු දෙමින්, ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ඔවුන්ට කිසියම් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි ඇය කියා සිටියාය. ඇගේ එම ප‍්‍රකාශය මගින්, ඉස්ලාම් ආගමට අනුවිහරාම්’ හෙවත් තහනම් වෘත්තියක් ලෙස සැලකෙන ගණිකා වෘත්තිය පිළිගන්නා බවක් කියැවෙන්නේ යැයි කියමින් මූලධර්මවාදී කණ්ඩායම් හඩ නගන්නට වූහ. මේ සම්බන්ධයෙන් සමාව ගැනීමට සේයිද් එකග වූ නමුදු, මූලධර්මවාදී කණ්ඩායම් තරයේ කියා සිටියේ එම ප‍්‍රකාශය ඇය විසින් ඉල්ලා අස්කරගත යුතු බවය. එහෙත් ඇය එයට එකග වූයේ නැත.

ඇගේ එම ස්ථාවරය නිසා බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත විය. ඇයත්, ඇගේ සොයුරියත් එක්ව පවත්වාගෙන ගිය ඉංගී‍්‍රසි අධ්‍යාපන ආයතනයකට පහර දී අලාභ හානි සිදු කළ මූලධර්මවාදී කණ්ඩායම් විසින් දිගින් දිගටම එල්ල කරන ලද බලපෑම් හේතු කොටගෙන ඇයටත්, ඇගේ පවුලේ සියලූ දෙනාටත් රටෙන් පිටවීමට සිදුවිය.
පසුගිය මාර්තු මාසයේදී පර්දාව නොමැතිව ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ (Facebook) පළ වූ අතර, ඒවා ඉවත් කරගන්නැයි මූලධර්මවාදීන් විසින් ඇයට කරන ලද බලපෑම් ද ඇය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසුව, මූලධර්මවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් ඇගේ මරණය පිළිබද ප‍්‍රවෘත්තියක් ද සමග දූෂණය කර මරා දමන ලද’ ඇගේ සිරුර සේ පෙනෙන පරිගණක පොටෝෂොප් තාක්ෂණ යෙන් නිර්මාණය කළ පින්තූර ද ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි.
මේ සියල්ල මෙසේ සිදු වන අතර, ශී‍්‍ර ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් ඇයට සහාය පළ කිරීමට මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් පිරිස් සහ ලේඛක ලේඛිකාවන් පිරිසක් ද ඉදිරිපත්ව සිටිති.

The News Minute නමැති පුවත් සේවාව සමග පැවැති සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී රටින් පිටුවහල්වීම, සිය බී.බී.සී සම්මුඛ සාකච්ඡාව සහ ප‍්‍රකාශන නිදහස ඇතුළු කරුණු පිළිබදව ඇය දැක්වූ අදහස් පෙළගැස්මකි මේ.

ඔබ උපන් රට හැර ගිහින් තිබෙනවා. නමුත් එයින් මේ ප‍්‍රශ්නයට කිසියම් හෝ විසදුමක් ලැබී තිබෙනවාද?

පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් ආකාරයක සැනසිලි සහගත හැගීමක් නම් අපට දැනෙනවා. මට එරෙහිව දියත් කර තිබුණු ක්‍රෝධ සහගත පළිගැනීම් මාලාව විවිධ පැතිවලට පැතිරිලා යනවා කියලා හිතෙනකොට මට දැනුණු හැගීම වුණේ මම මගේ මුළු පවුලම ලොකු අර්බුදයකට දානවා කියන එකයි. ඒ වෙනකොට සාමාන්‍ය මුස්ලිම් ප‍්‍රජාව පවා මා වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. මම කියපු දේ වැරදි විදිහට වටහාගත්තු හුග දෙනෙක් කිව්වෙ මම ගණිකා වෘත්තිය හොද දෙයක් කියලා පිළිගන්නවයි කියලයි. හැබැයි මේ වෙනකොට ලෝකෙ පුරාම ජනතාව මගේ අවංක අදහස්වලට ගරු කරමින්, මගේ හඩ හරහා මතු වුණු කාන්තා ගැටලූ තේරුම් අරගෙන සිටීම ගැන මට සතුටුයි. ජීවිතය පිළිබද ඇති වුණු බිය නිසා රටෙන් පිටවෙන්න සිද්ධ වුණත්, ඒක වෙස් වළාගත්තු ආශීර් වාදයක් බවට පත් වෙලා තියෙනවා.

පර්දාව නැතිව ඔබ පෙනී සිටි ඡායාරූප මුහුණු පොතේ පළ කිරීම සම්බන්ධයෙන් ඔබට චෝදනා එල්ල වී තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව අනවශ්‍ය තරමට දැඩියි හෝ සාම්ප‍්‍රදායිකයි කියා ඔබ සිතනවාද?

මම දන්න විදිහට නම්, අල්-කුරානයේ සුරා අන්නූරයේ 31 වැනි ගාථා පාඨය අනුව, බර්කාවක් අදින්න කියලා නියමයක් ඉස්ලාම් ආගමේ නැහැ. අවාසනාවකට වගේ පීතෘ මූලික සමාජයක ඉස්ලාම් ආගම කි‍්‍රයාත්මක වෙනකොට, සමහර පුද්ගලයො හෝ ඇතැම් කණ්ඩායම් කිහිපයක් මේක අර්බුදයක් හැටියට නිර්මාණය කරනවා. මුළු ලෝකෙ පුරාම විහිදිලා ඉන්න මුළු මහත් මුස්ලිම් ජනතාවම එකම අනන්‍යතාවක් යටතට ගේන්න ඉස්ලාමීය කණ්ඩායම් කිහිපයක් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුවයි මුළු ඇගම වැහෙන්න ඇදුමක් අදින්නයි, මුහුණු වැස්මක් පළදින්නයි බල කරන්නෙ. ශී‍්‍ර ලංකාවේ අරාබි පාසල්වල පවා මේක කි‍්‍රයාත්මක කෙරෙනවා. ඉස්ලාම් ආගම කිසියම් ඇදුමක් හෝ කිසිම ආකාරයක අනන්‍යතාවක් මත පදනම් වෙච්ච ආගමක් නෙවෙයි. ඉස්ලාම් ආගමට පදනම් වෙන්නේ ඉමාන් කියන සංකල්පයයි. ඒකෙන් කියැවෙන්නෙ කිසිම කෙනෙක් විසින් තවත් කෙනෙකුට කිසිම දෙයක් සම්බන්ධයෙන් බලපෑම් කරන්න බැහැයි කියන එකයි.

වසර තුනක් තිස්සේ ඇදී යන මේ ප‍්‍රශ්නය ඇති වුණේ බී.බී.සී සේවයේ සම්මුඛ සාකච්ඡාව සහ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් ඔබ දැක්වූ අදහස් නිසාම පමණක්ද?

මම නම් එහෙම හිතන්නෙ නැහැ. ඒකත් එක හේතුවක් තමයි. කාන්තාවන්ට ස්වාධීනව කටයුතු කරන්න පීතෘමූලික සමාජයක් ඉඩ දෙන්නේ නැහැ. මගේ අදහස්වලින් කාන්තාවන්ගේ නිදහස ගැන සංඥා නිකුත් කෙරුණු නිසා තමයි ඒ අදහස් සමාජයේ උදහසට ලක් වුණේ. ඒකෙන් මාව දෝෂ දර්ශනයට ලක් වුණා. ඔවුන් මං ගැන විමසිල්ලෙන් බලන්න පටන්ගත්තා. මගේ ස්වාධීනත්වය, මගේ නිදහස, මම කතා කරන දේවල්, මම ලියන දේවල්, මම අදින ඇදුම සහ මම ජීවත් වෙන විදිහ කියන මේ හැමදෙයක්ම ඔවුන්ගේ කැමැත්තට අනුව සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඉතින් ඔවුන්ට ඕන වුණා මාව නැති කරලා දාන්න…

ගණිකා වෘත්තිය පිළිබදව ඔබේ අදහස කුමක්ද? එය නීතිගත කිරීමෙන් යහපතක් වෙයි කියා ඔබ සිතන්නේ ඇයි?

යුද්ධයේ බලපෑමට හසුවූ ප‍්‍රදේශවල කාන්තාවන්ගේ ජීවිත හා බැදුණු සැබෑ යථාර්ථයන් සම්බන්ධයෙන් සිදු කළ මගේ පර්යේෂණ අනුවයි මම අදහස් පළ කළේ. උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන රාශියකට මම ගියා. පවතින තත්ත්වයන් යටතේ ගණිකා වෘත්තියට බලෙන් තල්ලූ කරනු ලබන කාන්තාවන් වගේම බාල වයස්කාර ළමයින් පවා මට හමු වුණා. ලිංගික සේවය නීතිගත කිරීම මගින් බලහත්කාරයෙන් ලිංගික වහල් සේවයට පිරිස් යෙදවීම නවත්වන අතරම, අමානුෂික කි‍්‍රයා කලාපයන්ට එරෙහිව කටයුතු කිරීම සදහා පියවර ගැනීම සදහා කාන්තාවන්ට සහාය ලබා දිය හැකියි. කාන්තාවන් සම්බන්ධයෙන් සිදු වන අපරාධ සහ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඒ මගින් අඩු කරගන්න පුළුවන් වෙයි. පවතින තත්ත්වයන් නිසාම කාන්තාවන් ගණිකා වෘත්තියට ඇදී යෑමත් ඒ මගින් වළක්වාගන්න පුළුවන් වෙයි. ගණිකා වෘත්තිය නීතිගත කරපු රටවල් දිහා බැලූවාම පේනවා ඒකෙන් කාන්තාවන්ගේ සුභසිද්ධිය, අපරාධ අනුපාතය පහළ යෑම සහ එයින් සමාජයට ඇති වී තිබෙන බලපෑම මොන වගේද කියලා. අන්න ඒ නිසායි මම කිව්වෙ පූර්ණ වශයෙන් පරිණත ධනවාදී රටක් වන ශී‍්‍ර ලංකාවටත් ඔය කාරණය සම්බන්ධයෙන් ගැටලූවක් තිබිය යුතු නැහැයි කියලා.

‘උම්මත්’ නමැති ඔබේ නවකතාවෙන් කියැවෙන්නේ ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ප‍්‍රජාව තලෙයිබාන්කරණය වීම ගැනයි. අද ඒ සම්බන්ධයෙන් පවතින තත්ත්වය ගැන යමක් අපට කියන්න පුළුවන්ද?

‘උම්මත්’ නවකතාවෙන් කිසිසේත්ම තලෙයිබානු කරණයක් ගැන කියැවෙන්නේ නැහැ. ඒක පොත ලියපු කතුවරියට අපහාස කිරීමේ අරමුණ ඇතිව, නවකතාව විකෘති කරලා අදහස් පළ කරන අය පතුරන දුර්මතයක්. ඇත්තටමිඋම්මත්’ නවකතාවෙන් කියැවෙන්නේ ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධය අත්විදිමින් ජීවත් වූ, වාර්ගික සහ ආගමික වශයෙන් සුළුතරයට අයත් කාන්තාවන්ගේ ඛේදවාචකය ගැනයි. මේ නවකතාව සදහා මම තලෙයිබානුකරණය කියන වචනය යොදාගත්තේ පහසුවෙන් තේරුම්ගත හැකි උදාහරණයක් විදිහටයි. ඇතැම් ආගමික අන්තවාදී සංවිධාන ආගමික නිදහස සීමා කිරීමට පසුබිම සැකසෙන ආකාරයේ මතවාද පතුරුවමින් සිටිනවා. ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් ඔවුන් පළ කරන මතවාද සමස්ත මුස්ලිම් ප‍්‍රජාව විසින්ම අනුගමනය කළ යුතු යැයි විශ්වාස කරන මුස්ලිම් කල්ලි ප‍්‍රමාණයත්් ක‍්‍රමයෙන් වැඩි වෙමින් සිටිනවා. ඒ මතවාදවලට පටහැනි අදහස් දරණ අයව හෙළා දකින යම් ක‍්‍රමවේදයකුත් කි‍්‍රයාත්මක වෙනවා. ඒක තරමක් දුරට තලෙයිබාන්වරු කරන දේටත් සමානයි.

 රාවය -
Read more
Sunday, May 3, 2015
මහින්ද අල්-ජසීරාවට කීවේ ඇත්ත නොවේ – මහින්ද සැඟවූ ඒ බිහිසුණු කුමන්ත‍්‍රණය මෙන්න

(රාවය)

පසුගිය සතියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ‘අල්-ජසීරා’ රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් විය. එහිදී අල්-ජසීරා මාධ්‍යවේදිනිය ඇසූ එක් ප‍්‍රශ්නයක් වූයේ, ජනවාරි 8වැනිදා රාත‍්‍රියේ තමාගෙන් බලය ගිලිහී යන බව දැනගෙන, එය තවදුරටත් තමා වෙතම රඳවා තබාගැනීම සඳහා අරලිය ගහ මන්දිරයේදී, කුමන්ත‍්‍රණයක යෙදුණාය කියන කතාව ඇත්තක්ද යන්නය. ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්‍ෂ මහතා කීවේ, ‘ඒක විහිළුවක්. පැයක කුමන්ත‍්‍රණයකින් රටක බලය අල්ලාගෙන තබාගන්න පුළුවන්ද?’ කියාය. පරාජය වුවහොත්, වහාම රජය භාරදී පිටත්ව යන්නට, පෙර සිටම තමා සූදානම් ව සිටි බව රාජපක්‍ෂ මහතා එම සම්මුඛ සාකච්ඡුාවේදී කීවේය.

එහෙත් ‘රාවය’ පසුගිය ජනවාරි 18වැනිදා පළකළ ‘මහජන බලයට පිටුපා රාජපක්‍ෂ බලයේ රඳවාගැනීමට කළ පැය 72 මෙහෙයුම’ නම් ලිපියෙන් හෙළිවන්නේ සත්‍යය, මහින්ද රාජපක්‍ෂ කියනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවය. රාවයට ලැබුණු සියලූ විශ්වාසදායී හා තහවුරු කරගන්නා ලද තොරතුරු අනුව අරලියගහ මහන්දිරයේදී කුමන්ත‍්‍රණයක් නිසැකවම සිදුවිය. එහෙත් එය මහින්ද රාජපක්‍ෂ මහතා කියන පරිදි ‘පැයක’ කුමන්ත‍්‍රණයක් නොවේ. ඊට දින ගණනකට පෙර රාජපක්‍ෂවරුන්ට හිතැ’ති හමුදා නිලධාරීන් හා අනෙකුත් රජයේ නිලධාරීන් එක්ව සූක්‍ෂ්ම ලෙස සැලසුම් කරන ලද එකක් විය. ජනවාරි 8වැනිදා වන විටත්, ඒ කුමන්ත‍්‍රණය ප‍්‍රකාරව කොළඹ අවට ප‍්‍රදේශ ගණනාවක හමුදා ඛණ්ඩ රාශියක් ස්ථානගත කොට තිබිණි. ජනවාරි 8වැනිදා මධ්‍යම රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේදී රඟදැක්වුණේ එහි අවසාන ජවනිකාවයි.
රටේ වාසනාවකට, එම අවසන් ජවනිකාවට කැඳවනු ලැබූ නීතිපතිවරයා, හමුදාපතිවරයා හා පොලිස්පතිවරයා ඒ කුමන්ත‍්‍රණ ප‍්‍රයෝගයට සම්පූර්ණ විරුද්ධත්වය ප‍්‍රකාශ කළහ. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ද ඒ අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ සිටියේය. කුමන්ත‍්‍රණයේදී කතාකැරුණේ, ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අත්හිටුවා, රටපුරා හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කොට, හමුදාව මහපාරට කැඳවා එල්ලවිය හැකි මහජන විරෝධය මර්දනය කොට මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ රඳවාතබාගත යුතු බවය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වූ පසු මේ කුමන්ත‍්‍රණය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාත් රජයේ විවිධ පුද්ගලයනුත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකත් නිරන්තරයෙන් කතා කළහ. මංගල සමරවීර මහතා කුමන්ත‍්‍රණය ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කළේය. ඒ ගැන පරීක්‍ෂණයක් ඇරඹුණු බව පෙනෙන්නට තිබුණු අතර, උදය ගම්මන්පිළ, හිටපු හමුදාපති දයා රත්නායක වැනි අයගෙන් ප‍්‍රකාශද සටහන් කරගත් බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත්, ඉන්පසු එම පරීක්‍ෂණවලට කුමක් සිදුවීදැ’යි කිසිවකු දන්නේ නැත.

රාවය තොරතුරුවලට අනුව, අරලියගහ මන්දිරයේ පැය 72 මෙහෙයුම පිළිබඳ කුමන්ත‍්‍රණයක් නිසැකවම සිදුවිය. මහින්ද රාජපක්‍ෂ මහතා අල්-ජසීරාවට බොරු කිවූ බව තහවුරු කරන්නට අවශ්‍ය කිසියම් පාර්ශ්වයක් සිටියි නම්, ඒ ලිපියේ තොරතුරු අනුව විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමෙන් එහි ඇත්ත රටට හෙළිකළ හැකිය.
පැය 72 කුමන්ත‍්‍රණය ගැන පළවූ ලිපිය සංස්කරණ සහිතව අප මෙහි නැවත පළ කරන්නේ, රට ගෙවා පැමිණි ඒ බිහිසුණු හෝරාව යළි මතකයට කැඳවීම සඳහා ය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

නාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා වන පත‍්‍රිකා ලක්‍ෂ දෙකක් යුද හමුදාව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හමුදා සෙබළුන්ගේ නිවෙස් වෙත තැපැල් කිරීමේ යෙදී සිටින බවට ‘රාවය’ වාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 28වැනිදාය. දෙසැම්බර් 24 හා 25 දිනවල හමුදා සෙබළුන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඒවාට මුද්දර ඇලවීමේ හා යන්ත‍්‍රානුසාරයෙන් මුද්දර මුද්‍රණය කිරීමේ යෙදී සිටින බවත් එක් ලිපියක බර අනුව රුපියල් 25ක මුද්දර එහි ඇලවිය යුතු බවත්, එම මුදල සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‍ෂ 50ක් ඒ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවත් තවදුරටත් වාර්තාවේ සඳහන් විය. ‘සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝ’ නමින් යුත් පිටු 14කින් සමන්විත එම පත‍්‍රිකාව (පොත් පිංචකි) කියවන්නකුට දැනෙන්නේ එය මුළුමනින්ම මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණයේදී ඡුන්දය දෙන ලෙස කරන නිර්ලජ්ජිත ඉල්ලීමක් බවය. මැතිවරණ සමයකදී රජයේ හමුදාවකට එවැනි දෙයක් කිරීමට නීතියෙන් කිසිදු ඉඩක් නැත. මේ පොත් පිංච මැතිවරණ නීතිය කඩකරමින් තැපැල් කරමින් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයාට ආරංචි වීමෙන් පසු ඔහු මැදිහත්වී තැපැල් කිරීම අත්හිටුවනු ලැබිණි. එහෙත් හමුදාව ඉන් පසුබෑවේ නැත. ඔවුහු කළෝ, එම ලිපි උපතැපැල් කාර්යාල මට්ටමෙන් කුඩා ප‍්‍රමාණයන්ගෙන් තැපැල් කිරීමය. තවත් කොටසක් හමුදා වාහන යොදවා බෙදාහරින ලදි. ඒ ගැනද ආරංචිවී මැතිවරණ කොමසාරිස්වරයා නැවතත් බෙදාහැරීම වැළැක්වූ නමුත් කිසියම් කොටසක් බෙදාහරින ලදි. මහින්ද රාජපක්‍ෂට අමු අමුවේ කඬේ ගිය, ආණ්ඩුවේ බදුමුදලින් මුද්‍රණය කොට පත‍්‍රිකා බෙදාහැරීමේ නිර්ලජ්ජිත මෙහෙයුම පිටුපස සිටියේ මීට පෙර හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙසද කටයුතු කළ යුදහමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ, බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් දෙමටන්පිටිය, බි‍්‍රගේඩියර් රසික කරුණාතිලක හා ලෙෆ්ටිනන්ට් කර්නල් අජිත් වික‍්‍රමසේකර යන අයය. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ග‍්‍රහණය කරවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැපවී සිටි අය වෙති.

මේ ලිපි මෙහෙයුමට අමතරව හමුදාවේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් සෘජුවම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද ව්‍යාපාරයට එක්ව සිටියහ. ඉන් පළමු තැන හිමිවන්නේ යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායකටය. ඔහු හමුදා සෙබළුන් අමතන රැුස්වීම් පවත්වමින් (එරදදච ්ාාරුිිසබට* කරමින් ජනාධිපතිවරණ සමයේදී හමුදා කඳවුරු රාශියක සංචාරය කළ අතර, එහිදී කතාකරමින් මහින්ද යුද්ධය ජයග‍්‍රහණය කළ ආකාරයත්, ඉන්පසු හමුදා සෙබළුන්ට හොඳින් සැලකූ ආකාරයත් කියන ඔහු අවසානයේ කියන්නේ ඒ ජයග‍්‍රහණ රැුකගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ යළි ජයග‍්‍රහණය කරවිය යුතු බවය.

හමුදා කුමන්ත‍්‍රණය

ජනාධිපතිවරණය ආශ‍්‍රිත හමුදා මැදිහත්වීම උච්චතම හා භයානකම අවස්ථාවට පත්වන්නේ ජනාධිපති වරණයෙන් පසු හමුදාව යොදවා මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීම සඳහා දියත්කැරෙන කුමන්ත‍්‍රණයත් සමඟය.

රාවයට වාර්තා වූ අන්දමට මේ වැඩපිළිවෙල පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්. පෙරේරා හා මේජර් ජෙනරාල් පී. සමරසිංහය. වැඩසටහනේ තිර පිටපත ගෝඨාභය රාජපක්‍ෂගේය. එය හැඳින්විය හැක්කේ ‘පැය 72 මෙහෙයුම’ හැටියටය.

පැය 72 මෙහෙයුම

මෙහෙයුමේ වැඩ පිළිවෙල අනුව, ජනාධිපතිවරණය පැවැත්වුණු 8වැනිදා රාත‍්‍රිය වන විට කොළඹ හා රට පුරා ඉතා වැදගත් ස්ථානවල හා ඒ ආශි‍්‍රතව හමුදා ඛණ්ඩ ‘ස්ටෑන්ඞ්බයි’ රැුඳවිය යුතුය. රූපවාහිනී විකාශන කුලූනු, රජයේ රූපවාහිනී ආයතන, දුරකතන සේවා ආයතන එවැනි විශේෂ ස්ථාන අතර විය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත වන්නේ නම්, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතිඵල නිකුත්කිරීම බලය යොදා නැවැත්විය යුතු අතර, එවකටත් ධුරයේ සිටින රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පැනවිය යුතුය. ඉන්පසු රඳවා තැබුණු හමුදා ඛණ්ඩ මහාමාර්ගයට හා අනෙකුත් වැදගත් ස්ථානවලට පැමිණෙන අතර ඒවායේ බලය අල්ලාගත යුතුය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසිසහගත වන පරිදි නිකුත්වන ප‍්‍රතිඵල නැවැත්වුවහොත් ඇතිවිය හැකි මහජන නැගිටීම බලය යොදා මැඬපැවැත්වීම කුමන්ත‍්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව වූ අතර, මෙලෙස පැය 72ක කාලයක් කොළඹ හා රට පුරා ජනතාව එක් රොක් වීම නවතාගෙන සිටියහොත් ජනතා බලය හා උණුසුම දිය වී යනු ඇති අතර ඉන්පසු හමුදාවේ සහාය ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගත හැකිය යන්න කුමන්ත‍්‍රණකරුවන්ගේ තක්සේරුව වී තිබුණි. තවදුරටත් ධුරයේ රැුඳීසිටීම ගැන නීත්‍යනුකූල පසුබිමක් ඇතිකිරීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට නියමිතව තිබුණු අතර, රාජපක්‍ෂ මහතාට හිතවත් අගවිනිසුරුවරයා අතින්, තවත් අවුරුදු දෙකක කාලයක් රාජපක්‍ෂ මහතාට බලයේ සිටිය හැකි බවට මතයක් ප‍්‍රකාශ කරවා ගන්නට නියමිතව තිබිණි. (තවත් අවුරුදු දෙකක් ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමියන් ලවා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට පෙර සූදානමක් ලෙස තබාගත නොහැකිවීම සම්බන්ධයෙන් කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් කනගාටුවට පත්ව තිබුණු බවද වාර්තා වෙයි. එම අතපසුවීම නොවී නම්, නාලක හිමියන් විසින් පවරන ලද නඩුවේ තීරණය පහසුවෙන්ම ජනවාරි 9වැනිදා නිකුත්කරවා ගත හැකිව තිබුණු බව ඔවුන්ගේ මතය වී තිබිණි.)

රාජපක්‍ෂ හමුදා පාලනයක්

මේ සැලැස්ම ක‍්‍රියාත්මක වූයේ නම් රට හමුදා පාලනයකට යටත්වන්නට තිබුණු අතර, මහින්ද රාජපක්‍ෂ තවදුරටත් හමුදා පාලකයකුගේ තත්ත්වයෙන් රට පාලනය කරනු ඇත. ඊට අමතරව රට ලේ විලක් වීමට නියමිතව තිබිණ.

කුමන්ත‍්‍රණ සැලසුම ගැනත්, එය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය ගැනත් සාකච්ඡුා කිරීම සඳහා වූ රැස්වීම් දෙකක් ජනවාරි 7වැනිදා සහ 8වැනිදා පැවැත්විණි.
7වැනිදා රැුස්වීම පැවැත්වුණේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීගේ කාර්යාලයෙහිදීය. ඊට මේජර් ජෙනරාල්වරු 7 දෙනෙක්, බි‍්‍රගේඩියර්වරු 8 දෙනෙක් හා පොලිසියේ ඉහළ නිලධාරීහු දෙදෙනෙක් සහභාගිවූහ. ඔවුන් දෙදෙනා වනුයේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා කොළඹ ප‍්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ය. ඔවුන්ට මේ රැුස්වීම සඳහා සහභාගිවන ලෙස නියම කර තිබුණේ ලංකාවේ සිටි අපකීර්තිමත්ම පොලිස්පති වරයකු වූ, ඒ අවස්ථාවේදී නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ මහින්ද බාලසූරිය විසිනි. ජනාධිපතිවරණ සමය තුළ ලජ්ජා රහිතවම මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා පොලිසිය මෙහෙයවන්නට කටයුතු කළ බාලසූරිය ඒ නියෝගය කර තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නියමයක් ලෙසය. ජනාධිපතිවරණයෙන් පසු බාලසූරිය මහතා රටෙන් පැනගියේය.

8වැනිදා රැුස්වීමේ මූලිකත්වය ගෙන සිටියේ මේජර් ජෙනරාල් පෙරේරාය. ඊට අමතරව මේජර් ජෙනරාල් සමරසිංහ, බි‍්‍රගේඩියර් මඩවල, බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල, බි‍්‍රගේඩියර් ළමාහේවාද එහි සිටි අය අතර වූහ. එම රැුස්වීමේදී පෙරේරා හා ජයසූරිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්කිරීම අතරතුර හමුදාව විසින් රටේ පාලන බලය සියතට ගැනීම ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ බව වාර්තා වන අතර, හමුදාව බලය ලබාගත් පසු නීතිය හා සාමය ආරක්‍ෂාකිරීම පොලිසිය කළ යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදෙන ලදි. මෙහිදී ඊට සහභාගිවූ පොලිස් නිලධාරීන් දෙදෙනා වන සේනානායක හා මතුරට පැහැදිලිවම අවධාරණය කර සිටියේ, රටේ සාමාන්‍ය නීතියට පිටතින් සිදුවන කිසිදු දෙයක් සඳහා පොලිසිය සහයෝගය නොදෙන බවත්, විශේෂයෙන් එවැනි බලහත්කාරී කටයුත්තක යෙදීමට පොලිසියේ පහළ ස්ථරවල නිලධාරීන් කිසිසේත් කැමැත්තක් නොදක්වනු ඇති බවත්ය.

ඒ අතර පොලිස්පති එන් කේ ඉලංගකෝන් සියලූ පොලිස් කොට්ඨාසවලට හා අනෙකුත් සියලූ මට්ටම්වල නිලධාරීන්ට දැනුම් දී තිබුණේ රටේ නීතියට පිටින් යන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට මෙන්ම සහයෝගය නොදීමටද තදින් වගබලා ගත යුතු බවය. ඒ අතර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නගේ මෙහෙයවීමෙන් රටේ වැදගත් ස්ථානවල මෙන්ම ප‍්‍රදේශවලද පොලිස් ආරක්‍ෂාව තහවුරු කරන ලදි.

පොලිසියේ විරෝධය

දෙවැනි රැස්වීම පැවැත්වුණේ ජනවාරි 8වැනිදා සවස යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාර්යාලයේදීය. පෙර දින රැුස්වීමට සහභාගිවූ පිරිසම එදින ඊට සහභාගිවූහ. එහිදී විශේෂයෙන් හමුදා නිලධාරීන් කියා සිටියේ සැලැස්ම අනුව හමුදා සෙබළ පිරිස් අදාල ස්ථානවල ඒ වනවිටත් ස්ථානගත කොට ඇති බවත්, හමුදාව පාලනය භාරගත් පසු පොලිසිය නීතිය හා සාමය ආරක්‍ෂා කළ යුතු බවත්ය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ අවස්ථාවේදීත් සිටියේ සිය දැඩි ස්ථාවරයේය. මේ කුමන්ත‍්‍රණය සඳහා පොලිසියේ සහායක් නැති බවට ඔවුහු පැහැදිලිවම අවධාරණය කළෝය.

කෙසේ වෙතත් මේ රැුස්වීම් දෙකෙහි තොරතුරුත්, හමුදා සැලැස්මේ තොරතුරුත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ තවත් සුළු පිරිසකට දැනගන්නට ලැබිණි. වික‍්‍රමසිංහ මහතා ඒ ගැන අමෙරිකාවද දැනුවත් කරන ලද බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජෝන් කෙරී මහින්ද රාජපක්‍ෂට දුරකථන ඇමතුමක් ලබා දී මහජන මතයට ගරුකරමින් සාමකාමී ලෙස බලය මාරුවන තැනට කටයුතු කරන ලෙස කී බවත් දැනගන්නට තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්‍ෂගෙන් උදේ 4.30ට දුරකථන ඇමතුම ලැබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

අගවිනිසුරුත් එහේ

දුරකථන ඇමතුම ලත් රනිල් වික‍්‍රමසිංහ මහතා කියන්නේ තමා අරලියගහ මන්දිරයට පැමිණෙන්නට සූදානම් බවය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ට අරලියගහ මන්දිරයට යන බව දැනුම් දී එහි යන විටත් අගවිනිසුරු මොහාන් පීරිස් අරලියගහ මන්දිරයේ රැුඳී සිටිනු දැක රනිල් විස්මයට පත්වූ බව කියනු ලැබේ. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්‍ෂක යකුගේ නිවසේ සිටීම ගැනය. කෙසේ වෙතත් ඒ වන විට මහින්ද රාජපක්‍ෂ හා මොහාන් පීරිස්ගේ මුහුණු මැළැවුණු අඳුරු ස්වභාවයක් ගෙන තිබුණු බව ද ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්‍ෂ එදින රාත‍්‍රියේ තමා විසින් පත්කරන ලද අගවිනිසුරුවරයා එහි කැඳවා තිබුණේ කුමකටද? ඉදිරි අවුරුදු දෙකක කාලය තමාට ධුරයේ සිටිය හැකිද යන්න ගැන අදහසක් ලබාගැනීමටය. අගවිනිසුරුවරයා, ‘එය කළ හැකියැ’යි පිළිතුරු දී තිබුණු බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග කියයි.

හමුදාව රඳවයි

මේ සැලැස්ම සාර්ථක කරගත හැකි වන පරිදි හමුදා භට පිරිස් රටේ වැදගත් තැන් සියල්ලේම පාහේ රඳවා තිබුණු බවට තහවුරු කරන ලද වාර්තා තිබේ. යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ බලකාය වන සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථානය වන මෝදර රොක්හවුස් කඳවුර, ජනාධිපතිවරණය දා රැුයෙහි එවැනි ‘ස්ටෑන්ඞ්බයි’ තත්ත්වයේ භටපිරිස් රඳවා තිබුණු එක් ස්ථානයකි. කඳවුර තුළ ගාල්කර තිබූ සන්නාහ සන්නද්ධ රථ කඳවුරෙන් පිටතට ගෙනවුත් ජනතාවට පෙනෙන පරිදි තබන හැටියට බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල විසින් එහි ස්ථානභාර නිලධාරියාට කරන ලද නියෝගයක් එම නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද වාර්තා වෙයි. හමුදා සන්නාහ සන්නද්ධ රථ කොළඹ නගරය පුරා සංචාරය කරවීමට සැලැස්වීමෙන් හා ස්ථානගත කිරීමෙන් නැග එන මහජන බලයක් පහසුවෙන් දුර්වල කළ හැකි බව හා මැඬලිය හැකි බව සාමාන්‍යයෙන් පිළිගැනෙන දෙයකි.

මෙලෙස අඩුම ගණනේ හමුදා බැටෑලියන (බැටෑලියනයකට සාමාන්‍යයෙන් 800 සිට 1100 දක්වා සෙබළු පිරිසක් අයත්වෙති.) 10ක් කොළඹ වටකොට ස්ටෑන්ඞ්බයි තත්ත්වයෙන් තබා තිබිණි. ඉන් බැටෑලියන 4ක් සිටියේ සිවිල් ඇඳුමෙනි. තවත් බැටෑලියනයක් මරදාන ටි‍්‍රපොලි වෙළෙඳ සංකීර්ණයේ රඳවා තිබිණි. තවත් එකක් රැුඳවූයේ මීගමුවේ කඩොල්කැලේ නම් ප‍්‍රදේශයේය. කඩොල්කැලේ හමුදා බැටෑලියනයක් සිටින්නේ ඇයිදැ’යි ඇසූවකුට ලැබුණු පිළිතුර වූයේ ජනාධිපතිවරණයට පසු ලංකාවේ සංචාරයක යෙදුණු පාප්වහන්සේගේ ගමනට ආරක්‍ෂාව සඳහා එලෙස රැඳවූ බවය.

කවර හේතුවක්, බලපෑමක් නිසා හෝ මේ කුමන්ත‍්‍රණ සැලසුම අසාර්ථක වූයේ රටේ වාසනාවටය. එය එසේ නොවිණි නම්, එක් පුද්ගලයකුගේ අධික බල තණ්හාව නිසා මහා ලේ ගංගාවක් ජනවාරි 8න් පසු රටේ ගලායන්නට ඉඩතිබුණි.

මහින්දගේ ඉල්ලීම්

රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණි පසු මහින්ද රාජපක්‍ෂ හා ඔහු අතර පැවැති සාකච්ඡුාවේ සමහර කරුණු ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය. ඒ අනුව, සාකච්ඡුාවට ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද එක්වී තිබේ. රාජපක්‍ෂවරුන්ගේ ප‍්‍රධාන සැකය වී ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇද්ද යන්නය. හමුදා සැලැස්මක් මෙහෙයවූ නිසා රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගතයුතු බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පෙර තානාපති හමුවකදී කියා ඇත යන අදහසක් ඒ සැකයට හේතුවී තිබිණ. කෙසේ වෙතත් කුමාරතුංග මහත්මිය එවැනි දෙයක් තමා නොකී බවට පසුව පැහැදිලි කළාය.

මේ සාකච්ඡුාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා, කිසිදු ගැටලූවකින් තොරව මෘදු ලෙස මෛත‍්‍රීපාල සිරිසේනට බලය පවරන්නේ නම්, රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ පවුලේ අනෙක් සාමාජිකයන්ගේ ආරක්‍ෂාව නියත වශයෙන්ම සලසන බවට සහතික වී තිබේ. එලෙස බලය මාරුකිරීමේ කාලසටහනකට ඒ අවස්ථාවේදී දෙපාර්ශ්වය එකඟ වූහ. මහින්දට ඒ වන විටත් තිබුණු පෞද්ගලික ආරක්‍ෂාව එලෙසම පවත්වාගැනීමට ද එකඟවූහ. ගෝඨාභය රාජපක්‍ෂටද ආරක්‍ෂක ඒකකයක් ලබාදීමට එකඟ විය. වැදගත්ම කාරණය වන්නේ, තමාගේ නිල නිවස ලෙස කොළඹ 2, ජායික් හිල්ටන් හෝටලය ඉදිරිපිට ඇති සුවිසල් ‘ඇක්ලන්ඞ් හවුස්’ (විසුම්පාය) රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටීමයි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති මන්දිරයත්, අරලියගහ මන්දිරයත් යන දෙකම සිය පාවිච්චිය සඳහා යොදාගත් නිසා අගමැති නිල නිවස බවට පත්ව තිබුණේ මේ විසුම්පාය යි. මැලේසියාවේදී අත්අඩංගුවට ගත් කේපී කලක් ගෝඨාභය රාජපක්‍ෂගේ අනුග‍්‍රහය ඇතිව සියලූ සැපසම්පත් සහිතව රඳවා තබා සිටියේද මේ සුවිසල් මන්දිරයේය. කෙසේ වෙතත් සාකච්ඡුාවේ අවසානයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා, දුරකථනයෙන් රාජපක්‍ෂ මහතා අමතා විසුම්පාය ලබාදිය නොහැකි බවත්, වෙනත් නිවෙසක් නිල නිවෙස ලෙස තෝරාගන්නා ලෙසත් දැනුම් දී තිබේ.

ජනවාරි 9වැනිදා කොළඹින් පිටත්වී තංගල්ලට යෑමට හෙලිකොප්ටර් දෙකක් සූදානම් කර දෙන ලෙසද මහින්ද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් සූදානම් කරනු ලැබීය. එදින දහවල් 1.30ට කොළඹ, ආරක්‍ෂක අමාත්‍යාංශ කී‍්‍රඩාපිටියේ සිට තංගල්ලට මහින්ද රාජපක්‍ෂ මහතා සිය පුතුන්ද කැටුව නික්ම ගියේය.

එසේම, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් කිසිදු හානියක් තමන්ට, විශේෂයෙන් සහෝදර ගෝඨාභයට මෙන්ම පවුගේ සාමාජිකයන්ට නොවන පරිදි කටයුතු කරන්නැ’යිද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබිණ.

මේ ආකාරයට ඊට දිනයකට පෙර මහරජකුගේ අභිමානවත් බව පළකළ පුද්ගලයා ආරක්‍ෂාව සඳහා දසත යදින තත්ත්වයක් නිර්මාණය වී තිබිණ. එහෙත් ඒ හොඳින් හෝ නරකින් තවදුරටත් බලයේ රැුඳී සිටීමට ඔහු ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වීමෙන් පසුවය. එනිසා රාජපක්‍ෂ මහතා කොළඹින් පිටත්ව දකුණට ගියේ සාමයෙන් බලය පවරා, මහත්මයකු සේ සිල්රෙද්දක් පොරවාගෙන නොවේ. සියලූ කුමන්ත‍්‍රණ මහජන බලය ඉදිරියේ අසාර්ථක වීම නිසාය. මහින්ද රාජපක්‍ෂ නම් ඒකාධිපති පාලකයා සිහසුනෙන් බස්වා මැදමුලනට යැවීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ වෙනසක් අපේක්‍ෂා කළ මේ රටේ යුක්තිගරුක ජනතාවටය.
Read more
Thursday, April 9, 2015
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

මේ රටේ විපක්‍ෂ නායකයා කවරෙක්‌ ද යන්න අදටත් රහසකි. එහෙත් වැඩි දෙනා මේ දිනවල උනන්දු වන්නේ ඒ රහස දැන ගැනීමට නොව 19 වන සංශෝධනය දිනුවත් නැතත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට යූ.එන්.පී. ඇමැතිවරුන් කියන කතන්දරය ඇත්ත ද යන්න දැන ගැනීමට ය. ඒ අතර රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රුපියල් බිලියන 400 ක්‌ ණය ලබා ගැනීමට ආණ්‌ඩුව ගෙනා යෝජනාව පරාජයට පත් වීමත් සමඟම ජනතාවගේ කුතුහලය වැඩි වී තිබේ. යෝජනාව පරාජයට පත් වීම නිමිති කරගෙන ආණ්‌ඩුව ඉල්ලා අස්‌විය යුතු ද නැද්ද යන්න මේ වෙලාවේදී තිබෙන ප්‍රශ්නයයි. එහෙත් අද අප මේ තීරුව ඔස්‌සේ කතා කරන්නට යන්නේ ඒ එකක්‌ ගැනවත් නොව වෙනත් මානුෂික ප්‍රශ්නයක්‌ ගැන ය. ඒ මෙසේ ය

කොළඹ පිහිටි ඉතා ප්‍රසිද්ධ, ඉතා ජනප්‍රිය ඉතා හයි - ෆයි බාලිකා පාසලක ඇවිදීමට නොහැකි, රෝද පුටුවෙන් යන ආබාධිත දැරියක්‌ ඉගෙනුම ලබන්නීය. ඇය මේ පාසලට ඇතුළු වන්නේ මෙයට අවුරුදු 8 කට පෙර පළමුවැනි ශ්‍රේණියටය. මුල් කාලයේදී ඇගේ පන්තිය බිම් මහලේ තිබූ බැවින් දැරිය රෝද පුටුවක තබා පන්තියට ගෙනවුත් හැරලීමට මාපියනට හැකි විය. ගිය අවුරුද්දේ ඇගේ පන්තිය තිබුණේ දෙවන මහලෙහි ය. වැඩුණු දැරිය දෙවන මහලට ඔසවාගෙන ඒම දුෂ්කර වුව ද, මාපියෝ එය ඉටුකළහ. මේ අවුරුද්දේ දී දැරිය 8 වන පන්තියට සමත් වන අතර දැරියගේ පන්තිය ඇත්තේ පාසල් ගොඩනැඟිල්ලේ තුන්වන මහලේ ය. වැඩුණු දැරිය ඔසවාගෙන මහල් තුනක්‌ නැගීම දුෂ්කර වුව ද, රැකියාවෙන් ද ඉවත් වන දැරියගේ පියා ඇය වෙනුවෙන් සියලු කාලය කැප කරමින් සිය බිරියට සහාය දෙමින් දියණිය තුන්වන මහලේ පන්ති කාමරයට ඔසවාගෙන යැම දිගටම කරයි. ඒ අතර සිය දියණිය සිටින පන්තිය බිම් මහලට ගෙන යන ලෙස ද විදුහල්පතිනියගෙන් ඉල්ලයි. එහෙත් ඇය එම ඉල්ලීම ගණන් ගන්නේ නැත. ඇය කියන්නේ එක්‌ සිසුවියක වෙනුවෙන්, උඩුමහලේ සිට බිම් මහලට පන්ති කාමරයක්‌ රැගෙන යැමට බැරි බව ය. වැඩුණු දැරිය පන්තියට ඔසවාගෙන පැමිණීමෙන් පියා වැළකිය යුතු බව විදුහල්පතිනිය නියෝගයක්‌ කරන්නී ය. ඉන්පසු දැරිය ඔසවාගෙන උඩුමහලට නගිද්දී මව පය පැකිලී දැරිය සමඟ බිම වැටෙයි. දැරිය දැන් පාසල් යන්නේ නැත. ඇය තුන් මාසයක්‌ තිස්‌සේ ගෙදර ය. සිය දියණියගේ පන්ති කාමරය බිම් මහලට ගෙනෙන ලෙස ඉල්ලමින් ඇගේ පියා මානව හිමිකම් කොමිසමට බඩගාන්නේය.

මේ කතාව කියවන ඔබ මේ හයි - ෆයි බාලිකා විදුහලේ විදුහල්පතිනිය ගැන සිතන්නේ කුමක්‌ද? පහත සඳහන් කාරණාවලින් එකක්‌ ද?

1. ඇය මොළ කළඳක්‌ නැති බූරු දෙනක්‌ බව.

2. ඇය හිතක්‌ පපුවක්‌ නැති තිරිසන් ගැහැනියක බව.

3. ඇය දරුවකුගේ අගය නොදන්නා කාලකණ්‌ණි ගැහැනියක බව.

4. ඇයට ලොකු මුදලක්‌ ජරාව ලෙස දුන්නොත් දැරියගේ පන්ති කාමරය පාසලේ පහත මාලයට නොව ගෙදරට වුව ගෙනවිත් දීමට විදුහල්පතිනිය කටයුතු කරන බව.

5. ඇය සියලු ළමයින්ට එක ලෙස සලකන සමානාත්මතාව අගයන විදුහල්පතිනියක බව.

divaina -


Read more
Tuesday, April 7, 2015
පෙරටුගාමී ලෙස පොලිසියෙන් ගුටි කෑම

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ සාමාජිකයන් හෝ ආධාරකරුවන් හෝ ඒ දෙගොල්ලම සහභාගිවූ පෙළපාලියක්‌ අතරමගදී ගුටිකෑම ගැන අප තුළ ඇත්තේ මහත් කනගාටුවකි. එසේ ගුටි කෑ අය අතර ඔබේ දරුවාද සිටින්නට ඉඩ තිබේ. මේ ළමයින් පෙළපාලි ගියේ නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීම සඳහා බවට එක්‌ මතයක්‌ තිබේ. මහපොළ ශිෂ්‍යාධාර ප්‍රශ්නය, මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ ප්‍රශ්නය යනාදී වශයෙන් නිදහස්‌ අධ්‍යාපනයට අදාළ ප්‍රශ්න කිහිපයක්‌ නිදහස්‌ අධ්‍යාපනය
Read more
රාජා හෝ මා හෝ ගංගා හෝ

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ල.නි.ප.ය පිහිටුවා තරග කළ පළමු ඡන්දය වූ 1952 මහ මැතිවරණයෙන් ආසන 9ක් දිනා ගත්තේය. ආචාර්ය එන්.එම්. පෙරේරාගේ ල.ස.ස.ප.යද ඒ ඡන්දයෙන් ආසන 9ක් දිනා ගත්තේය. එහිදී විපක්‍ෂ නායකයා කවුද කියන එක ගැන ප්‍රශ්නයක් මතුවිය. එහිදී බණ්ඩාරනායකට විපක්‍ෂ නායකකම දෙන්න ඇන්. ඇම්. එකඟ විය. 1977දී මහ ඡන්දයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් විපක්‍ෂ නායක විය. ශ්‍රී ල.නි.ප.යට විපක්‍ෂ නායකකම අහිමි විය. 1983දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර අතහැර යද්දී විපක්‍ෂ නායක ලෙස පත් වූයේ අනුර බණ්ඩාරනායකය. මේ වන විට කොමියුනිස්ට් පක්‍ෂය ශ්‍රී ල.නි.ප.යේ මැතිනිය සහ අනුර කණ්ඩායමට එරෙහිව දේශපාලනය කළත් අනුරගේ පත් වීමට කොමියුනිස්ට් පක්‍ෂ මන්ත්‍රි මුත්තෙට්ටුවගම විරෝධයක් දැක්වූයේ නැත. හේතුව විපක්‍ෂ නායක ධුරය ප්‍රධාන විපක්‍ෂයට හිමි විය යුතු නිසාය. 1952දීත් 1983දීත් ශ්‍රී ල.නි.ප.ය. විපක්‍ෂ නායක ධුරය තම පක්‍ෂය තුළ තියාගන්න සටන් කළේ එලෙසය.


එහෙව් ශ්‍රී ල.නි.ප.යේ මහින්දවාදීන් අද කියන්නේ විපක්‍ෂ නායක ධුරය මන්ත්‍රි ආසන 140ක් නියෝජනය කරන ශ්‍රී ල.නි.ප.යට නොදී ආසන 3ක් නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණට දෙන්න කියාය.


"ශ්‍රී ල.නි.ප. මහින්දවාදීන් හදන්නේ පිහිය රත්තරන් කියලා පපුවට ඇන ගන්නද...?".
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි අද ශ්‍රී ල.නි.ප. මහින්දවාදීන් හරහා පක්‍ෂය පාලනය කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රි ධුරයක් හිමි විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාරය. දිනේෂ්ව විපක්‍ෂ නායක කළ යුතු යැයි කියන්නේ ඔවුන්ය. ශ්‍රී ල.නි.ප.යේ අගමැති අපේක්‍ෂකයා මහින්ද විය යුතු යැයි තීරණය කරන්නේ ඔවුන්ය.
වලිගය විසින් බල්ලා වනනවා යැයි ගමේ කතාවක් තිබේ. අද ශ්‍රී ල.නි.ප.යට වෙලා තියෙන්නේත් ඒකමය. 2001 මහ මැතිවරණයෙන් ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුව පරාජයට පත් වූ විට විපක්‍ෂ නායක ධුරයට පත් වූයේ රත්නසිරි වික්‍රමනායකය. ඒ වේලාවේ මහින්ද රාජපක්‍ෂ එවකට ජනාධිපතිනි සහ පක්‍ෂ නායිකා චන්ද්‍රිකාගෙන් විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටියේය. ඒ සඳහා ඔහුට එකල පක්‍ෂ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේනද, ෆවුසි සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේද සහාය පළ කළහ. එහෙත් මහින්ද විරෝධී මංගල එකල පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කළ ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විමල් වීරවංශව අල්ලාගෙන මහින්ද විපක්‍ෂ නායක ධුරයට පත්වීම වැළැක්වීමේ ව්‍යාපාරයක් ගෙන ගියේය. විමල්ලා චන්ද්‍රිකාට කීවේ මහින්දව විපක්‍ෂ නායක ධුරයට පත් කළොත් තමන් ශ්‍රී ල.නි.ප.ය සමඟ පාර්ලිමේන්තුවේ එකට වැඩ නොකරන බවය.

ඒ වේලාවේ චන්ද්‍රිකාට මහින්ද එක්ක ප්‍රශ්න තිබුණත් විමල්ලාගේ ජ.වි.පෙ., ශ්‍රී ල.නි.ප.ය පාලනය කිරීමට උත්සාහ ගැනීම ඇයගේ කෝපයට හේතුවිය. ඇය මහින්දව විපක්‍ෂ නායක ධුරයට පත් කරන්න අකැමැත්තෙන් එකඟ වූයේ විමල්ලාගේ ජ.වි.පෙ. විපක්‍ෂ නායක විය යුත්තේ කවුද කියන එක තීරණය කරන්න ගත් උත්සාහය පරාජය කරන්නටය.
පසුව ශ්‍රී ල.නි.ප.ය සහ ජ.වි.පෙ. එක්ව සන්ධානයක් හදාගෙන 2004 මහ මැතිවරණයට යන විට අගමැති අපේක්ෂකයෙක් නම් කළේ නැත. පසුව ආණ්ඩුවක් පිහිටුවන්න යද්දී යළිත් විමල්ලාගේ ජ.වි.පෙ. මහින්දට අගමැති ධුරය දීමට විරෝධය පළ කළේය. මෙය මෛත්‍රිපාලගේ ඇත්තයි සත්තයි පොතෙහි සටහන් වන්නේ මෙසේය.


"උදේ 9.00ට පමණ හෙලිකොප්ටරයක් පොළොන්නරුවට පැමිණියේය. මෛත්‍රි ගුවන් මඟින් කොළඹට පැමිණ කෙළින්ම ගියේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයටය. ඒ වන විට ලක්‍ෂ්මන් කදිරගාමර් සහ ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි යන මහත්වරුද පැමිණ ජනාධිපතිනිය සමඟ කතා බහ කරමින් සිටියහ. මෛත්‍රි සිනාමුසු මුහුණින් පිළිගත් ජනාධිපතිනිය "ආ මෛත්‍රී එන්න වාඩි වෙන්න" කීවාය.
ඒ වන විට සියලුම මැතිවරණ කොට්ඨාසවල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී හමාරය. සන්ධානයට පැහැදිලි ජයග්‍රහණයක් ලැබී තිබිණි.


"අපි හෙට අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ඕන. අගමැති, ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන්න ඕන." ජනාධිපතිනිය සාකච්ඡාවට මුල පිරුවාය.
"දැන් කවුද අගමැතිකමට පත් කරන්නේ" එතුමිය එක්වරම ඇසුවේ මෛත්‍රි දෙස බලමිනි. මෙය මෛත්‍රි අපේක්‍ෂා නොකළ ප්‍රශ්නයකි. ඔහු කදිරගාමර් මහතාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ මුහුණු දෙස එක්වරම බැලුවේ, මෙවැනි ප්‍රශ්නයක් තමාගෙන් අහන්නේ ඇයිදැයි සිතාගත නොහැකිවය. මඳක් නිරුත්තරව සිට මෛත්‍රි කීවේ "අගමැති කවුද කියලා තීරණය කරන්නේ ඔබතුමියනෙ" කියාය. "දැන් සන්ධානය තුළ ජේ.වී.පී. එක ප්‍රබල වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මන්ත්‍රිවරුන් 40ක් විතර පත් වෙලා ඉන්නවා. ජේ.වී.පී. එකේ ලේකම් ටිල්වින්ගේ අස්සනින් ලියුමක් එවලත් තියෙනවා. ඒගොල්ලන්ගේ දේශපාලන මණ්ඩලයේ තීරණයක් මත ප්‍රමුඛතාව දීලා, අගමැතිකමට පත් කරන්න නම් තුනක් යෝජනා කරලා" යැයි කියමින් ජනාධිපතිනිය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් එවන ලද ලිපිය මෛත්‍රි අතට දුන්නේ ඔහුගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනගනු රිසියෙනි.


මෛත්‍රි ලිපිය ගෙන කියවන්නට විය. එහි අගමැතිකමට නම් තුනක් පිළිවෙළින් යෝජනා කර තිබිණි. එහි පළමු ඉල්ලීම ලෙස සටහන් කර තිබුණේ අගමැති ධුරය සඳහා ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා පත් කිරීමය. අගමැතිකමට කදිරගාමර් මහතා පත් කිරීමට බාධාවක් තිබේ නම් ඒ සඳහා අනුර බණ්ඩාරනායක මහතා පත් කරන්න යැයි දෙවැනි යෝජනාව ලෙස ඉල්ලා තිබිණි. එම දෙදෙනාගෙන් එක් අයකු සන්ධාන ආණ්ඩුවේ අගමැති ලෙස පත් කිරීම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන බව ජ.වි.පෙ. ලිපියෙන් අවධාරණය කර තිබිණි. මේ දෙදෙනාම පත් කිරීමට නොහැකි නම් තවත් විකල්පයක්ද යෝජනා කර තිබිණි. කදිරගාමර් සහ අනුර බණ්ඩාරනායක යන දෙදෙනාම පත් කළ නොහැකි නම් ජ.වි.පෙ. ඉල්ලීම වූයේ අගමැතිකමට ශ්‍රී ල.නි.ප. මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ යුතු බවටය. මෛත්‍රි ජ.වි.පෙ. ලිපිය දෙතුන් වරක්ම එක දිගට කියෙව්වේය. ඔහු කියන්නේ කුමක්දැයි ජනාධිපතිනියත් කදිරගාමර් සහ ජනාධිපති ලේකම්වරයාත් පුල පුලා බලා සිටියහ. ලිපිය ආපසු දුන් මෛත්‍රි දුන්නේ ඍජු පිළිතුරකි. "රටේ ජනතාව මේ වෙලාවේ අගමැති විදියට බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්මයා අගමැති විදියට පත් කිරීමයි" මෛත්‍රි කෙළින්ම කීවේය.


කොතෙකුත් තර්ක විතර්ක ඇති වුවද, අවසානයේ මෛත්‍රිගේ යෝජනාව පිළිගන්නට ජනාධිපතිනියට සිදුවිය. "අගමැතිකමට මහින්ද පත් කරනවා මිසක් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ" එතුමිය කීවේ වෙන කරන්නට දෙයක් නොමැතිවය. "ඒ තීන්දුව තමයි ඔබතුමියගේ නිවැරැදිම තීන්දුව" කියමින් මෛත්‍රිද රජ ගෙදරින් පිටව ගියේය. ඒ අනුව පසුවදා එනම් අප්‍රේල් මස 12 වැනිදා සන්ධාන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාත්, අමාත්‍ය මණ්ඩලයත් ජනාධිපතිනිය ඉදිරියේ සුබ මොහොතින් දිවුරුම් දුන්හ."


ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ආසන 40ක් හිමි කරගෙන ශ්‍රී ල.නි.ප. ආණ්ඩුව ඕනෑම මොහොතක වට්ටවන්න හයියක් තිබියදී ශ්‍රී ල.නි.ප.යේ අගමැති කවුද කියා ජ.වි.පෙ. තීරණය කරන්න යෑම චන්ද්‍රිකා ඉවසුවේ නැත.
"චන්ද්‍රිකා ජ.වි.පෙ. මන්ත්‍රිවරුන් 40කට හිස නැමුුවේ නැත්නම් පක්‍ෂ දෙකක් නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙන්නකු කියන පළියට ශ්‍රී ල.නි.ප.ය විපක්‍ෂ නායකයි අගමැති අපේක්‍ෂකයි නම් කළ යුතුද...?"


අඩුම තරමේ ඔවුන් නිමල් සිරිපාල වෙනුවට ශ්‍රී ල.නි.ප.ය තුළින්ම වෙනත් අයෙක්ව විපක්‍ෂ නායක ධුරයට නම් කරනවා නම් කමක් නැත. නම් කරන්න කියන්නේ පිට පක්‍ෂයක මන්ත්‍රි ආසන තුනක් හිමි දිනේෂ්වය. නිමල් සිරිපාල කියන්නේ ප්‍රේමදාස ආණ්ඩු කාලයේ විපක්‍ෂයේ සිටි ප්‍රබල චරිතයකි. ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහි දූෂණ චෝදනා රටට ගෙන ගිය දෙතුන් දෙනා අතරින් ඔහු ප්‍රධානය. 1993 පොදු පෙරමුණ පිහිටුවද්දීත් 2004 සන්ධානය පිහිටුවද්දීත් ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළේය. කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතය බේරාගත් ශ්‍රී ල.නි.ප. නායකයන් අතර චන්ද්‍රිකාට දෙවැනි වන්නේ නිමල් සිරිපාලය. ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේදී යාපනයේ සංචාරය කරද්දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්විය. ඔහුගේ හිසට සහ සිරුරට බරපතළ තුවාල සිදුවිය. නිමල් බේරුණේ අනූනවයෙනි. මාස කිහිපයක් ඔහුට ප්‍රතිකාර ගැනීමට සිදුවිය. නිමල්ට ශ්‍රී ල.නි.ප.යේ විපක්‍ෂ නායක වීමට සියලු සුදුසුකම් තිබේ. ඔහු විපක්‍ෂ නායක ධුරයට නුසුදුසු යැයි යමකු තර්ක කරනවා නම් සුදුස්සා තෝරාගත යුත්තේ ශ්‍රී ල.නි.ප.ය තුළින්ය. පිට පක්‍ෂවලින් නොවේ.

දිනේෂ් දක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෙකි. හැබැයි ඔහු 1977න් වසර 17කට පසු ශ්‍රී ල.නි.ප.ය යළි ආණ්ඩු බලය ගන්න සූදානම් වූ 1994 මහ මැතිවරණයේදී වක්‍රව එ.ජා.ප.යට සහාය පළ කළේය. ඔහු එම මැතිවරණයේදී තම පක්‍ෂයට අපේක්‍ෂකයන් විශාල ප්‍රමාණයක් ඉල්ලා සිටියේය. චන්ද්‍රිකා එයට එකඟ නොවීය. ඒ වෙනකොටත් දිනේෂ් ශ්‍රී ල.නි.ප.ය තුළ හෙළ උරුමය නමින් වෙනම කල්ලියක් හදාගෙන අනුරව ජනාධිපති අපේක්‍ෂකයා කොට අගමැති වෙන්න සිහින මවමින් සිටියේය. චන්ද්‍රිකා 1994 දකුණු පළාත් සභාව දිනා ශ්‍රී ල.නි.ප.යට දිනන්න නම් සුළු ජාතික ඡන්ද අවශ්‍ය යැයි කියා සුළු ජාතික පක්‍ෂවල සහාය දිනා ගන්න උත්සාහ කරද්දී දිනේෂ් එයට එරෙහිව අනුර ඇතුළු හෙළ උරුමය කල්ලිය එ.ජා.ප.යට එකතු වීම සාධාරණීයකරණය කළේය. 1994දී චන්ද්‍රිකාත් ශ්‍රී ල.නි.ප.යත් පරදවන්න සපථ කළ දිනේෂ්, චන්ද්‍රිකා - ප්‍රභාකරන් සහ චන්ද්‍රිකා - අස්රෆ් හොර ගිවිසුමක් ගැන කියමින් එ.ජා.ප. කොන්ත්‍රාත්තුවක් ඉටු කළේය. එහෙත් දිනේෂ් 1994දී අන්ත පරාජයකට ලක්විය. ඔහුගේ මන්ත්‍රි ධුරයද ඔහුට අහිමි විය. පසුව තනියෙන් තරග කොට මන්ත්‍රි ධුරයක් දිනා ගත නොහැකි බව දැනගත් දිනේෂ් 2000 මහ මැතිවරණයේදී චන්ද්‍රිකාගේ නායකත්වය පිළිගෙන ශ්‍රී ල.නි.ප. කොන්දේසිවලට යටත්ව පොදු පෙරමුණෙන් තරග කළේය.


"එහෙව් දිනේෂ්වද මේ ශ්‍රී ල.නි.ප.යේ විපක්‍ෂ නායක කරන්න කියන්නේ...?"

එහෙම කියන්නේ මහින්ද රාජපක්‍ෂවත්, බැසිල් රාජපක්‍ෂවත්, නාමල් රාජපක්‍ෂවත් නොව රාජපක්‍ෂලා විසින් මෙහෙයවන එක මන්ත්‍රි ධුරයක් නියෝජනය කරන පක්‍ෂ දෙකකි. මේ පක්‍ෂ දෙක රාජපක්‍ෂලාට ශ්‍රී ල.නි.ප.යේ බිලි බෝයිස්ලා ටිකක් එකතු කර දී තිබේ. පසුගියදා රත්නපුර වේදිකාවට නැග්ගේ මේ මන්ත්‍රි බිලි බෝයිස්ලාය. බැසිල්වත්, නාමල්වත්, චමල්වත් අඩුම තරමේ මහින්දවත් මේ වේදිකාවට නැග්ගේ නැත. ඔවුන් පක්‍ෂ විනයට බයය. ඔවුන් හැංගී පාවිච්චි කරන්නේ බිලි බෝයිස්ලාය. 2013 හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට බැසිල් හෝ නාමල් අස්සන් කළේ නැත. හැබැයි ඔවුහු ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන් බිලි බෝයිස්ලා කරගෙන අස්සන් බලෙන් ගත්හ.


අද වෙන්නේත් ඒකය. මේ රටේ තවදුරටත් එ.ජා.ප.ය හෝ ශ්‍රී ල.නි.ප.ය දෙපිල බෙදී අගමැති අපේක්‍ෂකයා නම් කරන්න කියා පක්‍ෂ නායකයාට අභියෝග කරමින් සුළු පක්‍ෂ එකට එකතු කරගෙන ප්‍රසිද්ධ රැස්වීම් පවත්වා නැත. විපක්‍ෂ නායක ධුරයට අස්සන් එකතු කරගෙනද නැත. ඒ තීන්දු තීරණ ගන්නේ එ.ජා.ප.යේ නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේය. ශ්‍රී ල.නි.ප.යේ නම් මධ්‍යම කාරක සභාවේය. ජනාධිපතිවරණ පරාජයට පසු මහින්ද තවම එකදු පක්‍ෂ මධ්‍යම කාරක සභාවකටවත් සහභාගි වී නැත. අගමැති අපේක්‍ෂක හෝ විපක්‍ෂ නායක පත් කරන තීරණ ගැන ඔහු සිය මතය කියන්න ඕන මධ්‍යම කාරක සභාවටය. මහින්ද බයගුල්ලෙකි. ඔහු පරාජය වූ විගස පක්‍ෂ නායකත්වය මෛත්‍රිට දුන්නේ පවුලට එරෙහි චෝදනා වහගන්නටය. පක්‍ෂ මධ්‍යම කාරක සභාවට නොයන්නේ මෛත්‍රිගේ නායකත්වය යටතේ එතැන උපදේශකයන් සඳහා වෙන්කර ඇති අසුනක අසුන් ගන්න තියෙන බය සහ ලැජ්ජාවටය.


"එහෙව් මහින්ද ජනාධිපති මෛත්‍රි යටතේ අගමැති වෙයිද...?"
ඒක අහන්න ඕන මහින්දගෙන්මය. අද මහින්දගේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමරා නාමල්ව ශ්‍රී ල.නි.ප.ය තුළ චරිතයක් කිරීමත්, සහෝදරයන්ව චෝදනාවලින් බේරා ගැනීමටත්ය. මහින්ද මේ හයිය පෙන්වන්නේ ඒකටය.


"මගේ පවුලට ආධාරකරුවන්ට හිරිහැර කරනකොට මට නිහඬව ඉන්න බැහැ...."
මේ මහින්ද හැම තැනම කියන කතාවය. නාමල් මහින්ද අගමැති කරන වේදිකාවට නොයන්නේ තමන්ට පක්ෂය තුළ තැනක් හදා ගන්න තම පියා මහින්දට මෛත්‍රිව එකඟ කරවා ගන්න ඉඩක් හදන්නටය. මෛත්‍රි එයට එකඟ වුවහොත් මහින්ද කඩේ වහලා දැම්මත් පුදුම විය යුතු නැත. මහින්ද මේ කඩේ කරන්නේත් රාජා හෝ මා හෝ ගංගා හෝ කියන්නැහේය. වෙනත් වචනවලින් කියනවා නම් නාමල් හෝ මා හෝ මෛත්‍රි හෝ කියන්නා වගේය.

උපුල් ජොසප් ප්‍රනාන්දු

Read more
Wednesday, April 1, 2015
මහරාජා සමග ගුද රමණය

ලංකාවේ ජනමාධ්‍ය කලාව රස්තියාදුකාර පාදඩ කලාවක් කරනු ලැබූවේ මහරාජාගේ සිරස ඇතුලු මාධ්‍ය ජාලය විසිනි. විවිධ දේශපාලඥයන් පසුගිය දශක දෙක පුරාම මහරාජාගෙන් කප්පම් හා නොමිලේ ප‍්‍රචාරණයන් ලබාගෙන අසූචි නා ගත්තේය. රාජ්‍ය මාධ්‍ය වලට පමණක් නොව පුද්ගලික මාධ්‍ය වලටත් නියාමනයක් අවශ්‍ය බව අපට පෙන්වන්නේ මහරාජාගේ මාධ්‍ය ආයතනවල සේවය කරන පාදඩ මාධ්‍යවේදීන්ගේ ක‍්‍රියා නිසාය.
සිරස ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක අයිතිකරු වන මේ මහරාජා දෙමළෙකි. ලංකාවේ ඇත්ත සිංහල ජාතිවාදීන් වන විමල් වීරවංශ, චම්පික රණවක, කුඩාපොළ හාමුදුරුවන් සහ ඥාණසාර හිමි ඇතුලු කිසිවෙක් මේ මහරාජාගේ චන්ඩි පාට් වලට එරෙහිව වචනයක්වත් කථා නොකිරීම පුදුම හිතෙන ප්‍රෙහේළිකාවකි. පසුගිය කාලයේ මේ මහරාජා තමන්ගේ මුදල් හරහා විවිධ දේශපාලඥයන් අල්ලේ නටවන හැටි අපි දුටුවෙමු. පසුගිය දිනෙක පොදු ඉඩමකට කඩාවැදී තමන්ගේ මාධ්‍ය භාවිතාව ගණිකා සේවනයේ යොදවා එම ඉඩම තමන්ගේ පුද්ගලික භාවිතාවට යොදා ගත්තේය. ලංකාව නැමැති සිංහල භූමියට ආදරය කරන, එම භූමියේ පස් ඉඹ ,ඉඹ ඝෝෂා කළ කිසිදු සිංහල චන්ඩියෙක් කටක් හොලවන්නේ නැත. අනුර කුමාර දිසානායක ඥාව් කියා කියන්නේවත් නැත.
මෙම ඉඩම යම් හෙයකින් මහරාජා විසින් පුද්ගලිකව අත්පත් කරගත්තේ නම්, සිංහල මිනිසුන් ඒ ගැන උද්ඝෝෂණයක් කර මෙම බොරු චන්ඩින් නිරාවරණය කළ යුතු බව අපි පවසන්නෙමු.
යුග පෙරළිය ගැන ලියන භූමි පුත‍්‍රයෙකු, දේශපේ‍්‍රමියකු, සිංහල බෞද්ධ විදුලි ඉන්ජිනේරුවකු වන අශෝක අභයගුණවර්ධන ශ‍්‍රීමතාණන්ද මේ පිළිබදව කිසිවක් කීමට නියමිත නැත.

සාමාන්‍යයෙන් එක් ජනමාධ්‍ය ආයතනයක් තවත් මාධ්‍ය ආයතනයක් විවේචනය කරන්නේ නැත. එය කිසිදු පොතක හෝ ලියවිල්ලක සදහන් නොවන අතර අප විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම වලද එවැන්නක් ප‍්‍රකාශ වී නැත. මෙම නොනිල එකගතාවය නිසා ජනතාවගේ සත්‍ය දැනගැනීමේ පරම නිදහස එක් පැත්තකින් උල්ලංඝනය වී තිබුණි. එම අර්ථයෙන් ගත් කළ පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක හිමිකරුවන් අතර පැනනැගී අර්බුදයන් හේතුවෙන් ජනතාවට මාධ්‍ය ආයතන සිදුකරන ජඩ වැඩ පිළිබදව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. සමාජය තුළ උල්ලංඝනය කළ එසේත් නැතහොත් වාරණයට ලක් වූ අන්ඩර්ග‍්‍රවුන්ඩ් ගේම් පිළිබදව එම මාධ්‍ය ආයතන විසින්ම ස්වයං විවේචනයන් සිදුකරනු ලැබීය.

මෙම අර්බුදයන් නිසා මාධ්‍යවේදීන් අර්බුදයට යනවා වෙනුවට සිදුව ඇත්තේ
එහි කනපිට පැත්තය. මේ සිදුවීම් නිසා අපි සිතුවේ මේ වගේ ඩබල් ගේම් නිසා එම කුලකයට අයත් නොවන ජනමාධ්‍යවේදීන් ලෙස අපද අර්බුදයට යන බවය. නමුත් සිදුවූයේ අප බහුතරයක් දෙනා විසින් අධිෂ්ඨාන කරගෙන සිටින පරිදි තොරතුරු දැන්ගැනීමට ජනතාවට තිබූ අයිතය තවත් තහවුරු වීමය. ලංකාවේ ජනතාව නරුමවාදීය. ඒ නිසා ඔවුන් මෙම සිදුවීම් ඇතිවීමට ආසන්තම සත්‍ය හේතුව මගහරිමින් එම ප‍්‍රවෘත්තීන් දෙස බලමින් යම් විනෝදයක් ලැබීය. සමාවෙන්න මම උත්සහ කරන්නේ එම විනෝදය ගැන කතා කිරීමට නොවේ. මෙම වියමනෙහි මුඛ්‍ය අරමුණ වන්නේ ජනමාධ්‍යවේදීන්ට මග හැරෙන ඹවුන් වැඩකරන රාමූන් පිළිබදව කෙටියෙන් මතක් කරදීමය.

සරළව මම යෝජනා කරන්නේ දැන් ඇති, අපට මාධ්‍ය තුළ සේවය කිරීමට නව රාමුවක් නිර්මාණය කරගත යුතු බවය. එම රාමුව අප තුළින්ම නිර්මාණය වන්නේ නම් මම ඉතා සතුටු වෙමි.

Dasun- 3mana
Read more
දේශද්‍රෝහීන් හෙළිදරව් වීම

සියලු දේශද්‍රෝහීන්ගේ සිත් කම්පා කරවන පුවතක්‌ අපට දැනගන්නට ලැබී තිබේ. ඒ වූ කලී යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තවදුරටත් තහනම් කිරීමේ පුවතය. යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් කොටි ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ මෙයට කලකට පෙර දෙමළ ඩයස්‌පෝරාවේ සල්ලිවලින් යුරෝපා අධිකරණයක නඩුවක්‌ පැවරූහ. ප්‍රමාණවත් පරිදි වගඋත්තර බැඳීමට බැරි වූ නිසා එම නඩුව පැරදුණු අතර කොටි තහනම ඉවත් කරන ලෙස උසාවිය තීන්දුවක්‌ දුන්නේය. එහෙත් ඒ නියෝගය පරදවමින් හෝ එම නියෝගයට පිටින් යමින් හෝ කොටි තහනම යළි ගෙන ඒමට යුරෝපා සංගමයට හැකිව තිබේ. මෙය බෙදුම්වාදයට විරුද්ධ සිංහලයාගේ හෝ මුස්‌ලිම්, දෙමළ සහෝදර ජනතාවගේ ජයග්‍රහණයක්‌ පමණක්‌ නොව ත්‍රස්‌තවාදයට සහ බෙදුම්වාදයට විරුද්ධ සමස්‌ත ලෝක ප්‍රජාවගේම ජයග්‍රහණයකි. ඒ එක්‌කම තවත් පුවතක්‌ තිබේ. ඒ වූකලී ඉන්දියාවේදී සාදන ලද කොටි සංවිධානයට පක්‍ෂපාත චිත්‍රපටයකට සිංහල සහ දෙමළ දෙබස්‌ කවමින් සිටි සිංහලයන් තිදෙනකු සහ දෙමළ ජාතිකයන් දෙදෙනකු නාරාහේන්පිටදී අත්අඩංගුවට ගැනීමය. මෙය සිංහලයා යනු ම්ලේච්ඡ තිරිසනකු ලෙස ඒත්තු ගන්වන චිත්‍රපටයක්‌ බව දැන ගන්නට තිබේ. දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් පමණක්‌ මෙය කළේ නම් ඉවසා සිටිය හැකිය. එහෙත් මෙතැන සිංහලයන් තිදෙනෙක්‌ද සිටියහ. කොටියා යනු දෙමළ ජනයාට පමණක්‌ සීමා වූ සංකල්පයක්‌ නොවන බව නැවත වතාවක්‌ පැහැදිළි වී තිබේ. එයට හේතුව කොටි ත්‍රස්‌තවාදය යන ක්‍රියාවලිය පටන්ගත් දවසේ පටන්ම සිංහල කොටියා යන සංකල්පය ද මේ රටේ තිබීමය. සිංහල කොටියා විවිධ වෙසින් මතු වන්නේය. විටෙක හේ තානාපති නිලධාරියෙකි. නැතිනම් රජයේ පරිපාලන සේවකයෙකි. තවත් විටෙක හේ ඉහළ මට්‌ටමේ දේශපාලනඥයෙකි. නැතිනම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු හෝ මහාචාර්යවරයෙකි. විටෙක හේ ආරක්‍ෂක අංශයක නිලධාරියෙකි. නැතිනම් ආගමික වැස්‌මක්‌ පොරවා ගත් වෘකයෙකි.

ඉහත වර්ගයේ චීවරධාරියෙක්‌ පසුගියදා රූපවාහිනි වැඩසටහනකින් මතු විය. දේශපාලන සංවාදමය වැඩසටහනක්‌ වූ එමගින් උත්තම චීවරයෙන් සඟවාගෙන සිටි කොටියා මතු කළ ඔහු මෙසේ කීවේය. "යුද්ධය අවසන් බැවින් හසලක ගාමිණී කුලරත්න ජීවිතය පූජා කළ යුද්ධ ටැංකිය සහිත රණවිරු ස්‌මාරකය ඉවත් කළ යුතුය... යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතුය.... යුද්ධය සිහිපත් කරවන දෙය ඉවත් කළ යුතුය....

ඉහත සඳහන් නීච ප්‍රකාශ කිහිපය කළ චීවරධාරියා සත්‍ය වශයෙන්ම බෞද්ධ භික්‍ෂුවක්‌ද නැද්ද යන්න සොයා බැලීම සියලු බෞද්ධ බලවේගවලට භාරය. හසලක ගාමිණී කුලරත්න යනු මේ රට සහ ජාතිය වෙනුවෙන් පමණක්‌ නොව රටේ ඒකීයත්වය සහ ජාතික නිදහස යනාදිය සඳහා දිවි පිදූ තරුණයෙකි. කොටි ත්‍රස්‌තවාදීන් අලිමංකඩ කඳවුරට පහර දීමට යුද රථවලින් එන විට පළමුවෙන්ම පැමිණි යුද රථයට බෝම්බ ගැසූ ගාමිණී කොටින්ගෙන් වෙඩි කා මියගියේය. ඔහු තම මෙහෙවර කළේ මරණය ඉතා ළංව තිබෙන බව දැන දැනය. මෙවැනි යුද වීරයකු අමතක කර දමන්නට කෙනකුට හැකි නම් ඒකා අන්තිම නීචයෙකි. හැම රටකම යුද ස්‌මාරක තිබේ. හැම රටකම යුද වීරයෝ වෙති. ඒ රටවල් ඒ වීරයන් සමරන්නේත් ස්‌මාරකවලට මල්කළඹ තබන්නේත් බුදුන් වහන්සේගේ උත්තම නාමය සහ උත්තම ධර්මය විකුණාගෙන කමින් අරක්‌කු බිබී එන්.ජී.ඕ.වලින් සල්ලි ගන්නා ඇතැම් කහකඩයන්ට මෝඩ චූන් සැපයීමට නොව කෘතවේදීභාවයේ අගය ලෝකයට කියා දීමටය. ශුද්ධ වූ ආගමික වැස්‌මෙන් සිය ප්‍රකෘති දේහය සඟවාගෙන සිටින කපටි මුඩු වෘකයන් හෙළිදරව් කිරීමෙන් මේ රටේ රූපවාහිනි සේවාවෝ මහත් සේවයක්‌ කරති. ඒ ගැන තුති පුදමු.

divaina -
Read more
Tuesday, March 31, 2015
යකුන් පළවා හරින යක් නැටුම හෙවත් ඌරාගේ මාළු ඌරාගේ අැගේ තබා කැපීම

මෙවර ඇතිව තිබෙන්නේ වෙනම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රිපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රිපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර කිරීමේ අවශ්‍යතාව එකට ගත් විට, එය වනාහී එක්තරා ආකාරයක සහන ක‍්‍රියාන්විතයක් විය. මෙවර එම සදාචාරමය හයිය ඇති කරගත යුතුව ඇත්තේ තරමක ආයාසයෙනි. එසේම, බලවත් ආන්දෝලනයක් මධ්‍යයේ ය.

ජනාධිපතිවරයා යටතේ, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක කඳවුරකට ගනිමින් ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමේ ආයාසය රට කරවන බලධාරීන්ගේ පැත්තෙන් දැන් මතු වී තිබේ. රටක් අර්බුදයට ලක්ව ඇති අවස්ථාවක ජාතික ආණ්ඩුවක් පිළිබඳ අදහස නැතිවම බැරි, ප‍්‍රශංසනීය අදහසක් වන්නේය. දැන් අප ඉදිරියේ ඇති වඩාත් හදිසි සහ වඩාත් වැදගත් අවශ්‍යතාව වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය මුලිනුපුටා දැමීමයි. ඒ වෙනස සඳහා වන සමාජ සවිඥානකත්වය ඇති කිරීමේ ප‍්‍රශංසාව ගරු මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ජයම්පති වික‍්‍රමරත්න වැනි පිරිසකට හිමි වන්නේය. එම කාරණයත් දේශපාලඥයන්ටම කිරීමට භාර දී සිටියේ නම් අපට තවමත් දකින්ට ලැබෙනු ඇත්තේ, එම තනතුරට පත්වීම සඳහා දේශපාලඥයන් යෙදෙන සංගීත පුටු තරගයක දර්ශනයකි. වඩාත් උගත් සමාජ පංති, වෘත්තීයවේදීන් සහ ලේඛකයන් වැනි පිරිස් රැඩිකල් වෙනසක අවශ්‍යතාව දුටහ. එසේ වැඩෙමින් පැවති ඉල්ලීම සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන නායකත්වය, ගරු සෝභිත හිමියන්ගේ ව්‍යාපාරයෙන් ලැබුණි.

ආණ්ඩුක‍්‍රමය තුළ අරක්ගෙන සිටින මේ යක්ෂයාව දින 100 ක් ඇතුළත පළවා හැරීමට, පොදු අපේක්ෂකයාගේ නායකත්වය යටතේ පත්වෙන අළුත් ආණ්ඩුව කැප වන බවට, පසුගිය ජනාධිපතිවරණයේ දී පොරොන්දු වුණි. එදා ඒ යක්ෂාවේශය ගෙන සිටියේ මහින්ද රාජපක්ෂ වුවත්, ඔහු පරාජය කොට ඔහුගෙන් පසු එම තනතුරට පත්වෙන වෙනත් කෙනෙකු වුව එවැනි යක්ෂයෙකු බවට පත්විය හැකිය. යහපත් මිනිසුන් සහ ගැහැණුන් වුව, මේ ආණ්ඩුක‍්‍රමය යටතේ යක්ෂයන් බවට පරිවර්තනය විය හැකි බව එහි අරුතයි. එහි මූලය ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළම ය. ජනාධිපති පදවියට පත්වීමට පෙර මහින්ද රාජපක්ෂ නරක කෙනෙකු නොවුණි. එහෙත් අති විශාල බලයක් තමන්ගේ අතේ ගොනු වන විට ඔහු අර යක්ෂයා බවට පත්විය. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ එක් සුවිශේෂී සේවයක් කෙළේය: එනම් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒ අපරූපී භයානකත්වය මහජන අවධානයට නිදැල්ලේ ලක්වන සේ කටයුතු කිරීමයි. එම ආණ්ඩුක‍්‍රමය බිහි කළ ජේ. ආර්. ජයවර්ධන යටතේත්, අනතුරුව ආර්. ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරණතුංග යටතේත් එහි අවදානම යම් ආකාරයකින් සමාජයට වැටහී තිබුණත්, මහින්ද රාජපක්ෂ කාලයේ තරම් එය සමාජ දේහයට කාවැදුණේ නැත. මහින්ද රාජපක්ෂ යටතේ ඒ අවදානම ඉස්මොල්ලේ ගියේය. එය, තාර්කික සමාප්තියකට පත්වන ග‍්‍රීක ඛේදාන්තයක් මෙන් විය.

මෛත‍්‍රිපාල සිරිසේනගේ ජයග‍්‍රහණයත් සමගම, දින 100 වැඩ සටහනට සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සඳහාත් සහයෝගය දීමට සියලූ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රොක් වුණි. එහෙත්, වෙන දා මෙන් මාස ගණනින් නොව, දින ගණනින් කාලය ගතවෙද්දී මේ උද්‍යෝගය දියාරු වන්නට විය. පරණ වේදිකා ඇඳුම් ආයිත්තම්වලින්ම සැරසී මහින්ද රාජපක්ෂ නැවතත් කරළියට ඒමේ ශක්‍යතාව හැබෑවටම මතුවන්නට වුණි. අළුත් ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වන ජාතික හෙළ උරුමය පවා, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් කිසි දවසක තමන්ට අවශ්‍ය නොකළ බවත්, එහි ‘අත්තනෝමතික බලතල’ පමණක් ඉවත් කර ගැනීම තම අභිලාෂය වූ බවත් කියන්ට විය. එහෙත් ඇත්ත වශයෙන්ම, මේ ව්‍යවස්ථාවෙන් ලැබී තිබු අවම බලයෙන් සෑහීමට පත්වීමට මහින්ද රාජපක්ෂ මුලින් ලැහැස්ති වී සිටි බව ජාතික හෙළ උරුමය අමතක කරයි. එහෙත් එම ක‍්‍රමයේම තවත් පැත්තකින් විවර වන වෙනත් අවකාශයක් ඔස්සේ එම බලය වඩාත් පුළුල් කර ගැනීමට හැකියාව ඇති බව දුටු විට ඔහු නතර වුණේ අත්තනෝමතික රාජත්වයකිනි. ඒ පරම ජනාධිපතිත්වය තුළ, එක රැයකින් අපරාධකරුවෙකු අහිංසකයෙකු කිරීමටත්, අහිංසකයෙකු අපරාධකරුවෙකු කිරීමටත් ඔහුට හැකි වූ බව අපි දනිමු.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය දියාරු කරගන්නේ නැතිව සම්මත කර ගැනීම සඳහා මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවට යම් අතරමැද තැනකට යාමට සිදුවුණි. එසේ නොවුණොත් සිදුවන්නේ, ව්‍යවස්ථා සංශෝධනයකින් තොරවම ඊළඟ මැතිවරණයකට යාමට වීමයි. එසේ වුවහොත් ඕනෑම අවස්ථාවක තවත් යක්ෂයෙකුට එම පුටුවේ වාඩි වීමට ඉඩකඩ ඉතිරි කෙරේ. මෛත‍්‍රීපාල සිරිසේන එම යක්ෂයා බවට පත්නොවන්නට පුලූවන. එහෙත්, ඔහුගෙන් පසු බලයට පත්විය හැකි කෙනෙකු ගැන අපට එවැනි විශ්වාසයක් තැබිය හැකිද? උදාහරණයක් වශයෙන්, විමල් වීරවංශ වැනි කෙනෙකු එම පුටුවේ වාඩි වුවහොත්? කතාවට කියන්නා සේ, ආණ්ඩුව මෙහිදී මුහුණදී සිටින්නේ, ‘මග සිටියොත් අඹු නසී, ගෙදර ගියොත් තෝ නසී’ වැනි තත්වයකටයි.

මේ නිසා, අපිත් යක්ෂයාගේ තොවිලයම නටමු යන්න, මෛත‍්‍රී-රනිල් දෙබෑයන්ගේ කල්පනාව වන්නට ඇත. ඔවුන් කෙළේ, හිටපු ජනාධිපතිවරයාගේම පොතෙන් පිටුවක් ඉරා ගැනීමයි. මෙහිදී පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන ඡන්ද ප‍්‍රමාණය සඳහා ගෙවන කප්පම, එක්තරා ‘තත්වයකට’ වැඩි දෙයක් නොවේ. එමගින් ඉස්සර මෙන් යමක් හරිහම්බ කර ගැනීමේ හෝ එම බලය අයථා සේ පරිහරණය කිරීමේ හැකියාවක් හෝ නැත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ කරණම්කාරයන් දර්ශන තලයට එන්නේ එයාකාරයෙනි. එයින් එක් ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකුට, ඔහුට ගැළපෙන පරිදිම පිරිනමා ඇති අමාත්‍යාංශය වන්නේ, ‘ආපදා කළමනාකරණයයි’. කෙසේ වෙතත්, තවත් ජ්‍යෙෂ්ඨ ජඩයෙකුට, උගේ පරණ තිප්පොල නොදී තිබීම වැදගත් ය. අළුත් තනතුර හරහා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගව හෙළුවෙන් ඇවිද්දවීමට ඔහුට හැකියාව ලැබෙන්නේ නැත.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ, ඇමතිවරයෙකු වීම අපේ දේශපාලඥයන් මොන තරම් ලොකු දෙයක් වශයෙන් සළකන්නේ ද යන්නයි. මා ජීවත් වන ඔස්ටේ‍්‍රලියාව වැනි රටක නම් දේශපාලඥයන් ඇමති තනතුරු පස්සේ මෙසේ දුවන්නේ නැත. එසේ වන්නේ, රටක ආර්ථිකයේ ස්වභාවය නිසා යැයි මම සිතමි. සුදුසුකම් ඇති මිනිසුන්ට සහ ගැහැනුන්ට හොඳ රැකියා අවස්ථා ද, ව්‍යාපාරික කටයුතු සඳහා හොඳ අවකාශයක්ද ලංකාවේ තිබේ. එසේම අනිත් පැත්තෙන්, මැති ඇමති තනතුරු හරහා එක රැයින් ධන කුවේරයන් වීමේ අවස්ථාවද තිබේ.

ඒ කෙසේ වෙතත්, ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සම්මාදම් කර ගැනීම නරක සහ යම් තාක් දුර්ගන්ධය දනවන ක‍්‍රියාකාරීත්වයක් වන්නේ, අදාළ පුළුල් සන්දර්භයෙන් එය වියෝ කොට සළකතොත් ය. උතුම් පරමාර්ථයක් සඳහා යොදාගන්නා මාර්ගය ඒ පරමාර්ථයට අනුරූපිව තේරුම්ගත යුතුව ඇති අතර, එවැනි මාර්ගයක් ගැනීම තාවකාලික පියවරක් බවද අමතක නොකළ යුතුය. ඇත්ත වශයෙන්ම මේ තොවිලය හරහා යක්ෂයා පළවා හැරිය හැකි නම්, තොවිලයට බැන අඬගැසීමේ තේරුමක් නැත.

ෂ්‍යාමන් ජයසිංහ

*2015 මාර්තු 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ Playing the Devil’s Game to Exorcise the Devil නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි
Read more
Sunday, March 1, 2015
මන්දිරවල වළං හෝදපු අය කියන කතා අපිට වැඩක්‌නෑ! --  අනුර කුමාර දිසානායක

මේ අවස්‌ථාවේ ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කතා කරන්නේ තනතුරු හා වරප්‍රසාද අහිමිවූ පසුගිය ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමැතිවරුන්ට යළිත් එම තනතුරු හා වරප්‍රසාද ලබාගැනීමට හා ඔවුන්ට එල්ල වී තිබෙන දූෂණ චෝදනාවලින් ගැලවීම සඳහා ජාතික ආණ්‌ඩු ලේබලයට මුවාවී ආණ්‌ඩුවේ කොටස්‌කාරයන් වෙමින් ආරක්‍ෂාවීමට යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර
Read more
Thursday, February 19, 2015
මහින්දාගමනයට රට සූදානම්ද?

තරිඳු උඩුවරගෙදර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නැවත දේශපාලනයට ගෙන ඒම සඳහා දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ හතරක නායකයන් විසින් ව්‍යාපාරයක් ආරම්භකර ඇත. එම ව්‍යාපාරයෙහි තේමාව ලෙස හඳුන්වා තිබුණේ ‘මහින්දාගමනයට ඔබ සූදානම්ද?’ යනුවෙන් ය. මේ එම ව්‍යාපාරය පිළිබඳව කරන ලද අදහස් විමසීමකි. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අදහස ද විමසීමට අප උත්සාහ ගත් නමුත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

ආගම වෛශ්‍යා වෘත්තියේ යෙදවීම වැරදියි  – දඹර අමිල හිමි කථිකාචාර්ය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මේ වගේ දේශපාලන ව්‍යාපෘතියකට මහින්දාගමනය වගේ නමක් යොදන එක වැරදියි. ආගම, ජාතිකත්වය, කුලමල භේද දේශපාලනයට පාවිච්චි නොකළ යුතුයි. මහින්ද මීට කලිනුත් ආගම් ජාතිවාදයෙන් තමයි බලය ගන්න හැදුවේ. බෞද්ධ කොඩිය සාටකයක් කරලා කරේ දාගන්න තරම් මහින්දගේ දේශපාලනය ආගම්වාදී වුණා. නමුත් දේශපාලනය කියන්නේ ලෞකික දෙයක්, ආගම කියන්නේ ලෝකෝත්තර දෙයක්. දේශපාලනයට ආගම ගේන එකෙන් ආගමට වගේම විශේෂයෙන් දේශපාලනයට හානි සිද්ධ වෙනවා. දේශපාලනය කියන්නේ සමාජ ආර්ථික දේශපාලන සිදුවීම් මත ඇතිවන සම්මුති සහ ගැටීම් එක්ක යන දෙයක්. මහින්දට නැවත දේශපාලනයට එන්න පුළුවන්. අයිතියක් තියෙනවා. එනවා නම් එන්න ඕනෑ ආර්ථික, සමාජ, දේශපාලන ප‍්‍රතිපත්ත එක්ක. ඒවාගේ තිබුණු වැරදි නිවැරදි කරගෙන සමාජයට ඒවා පැහැදිලි කරලා. ආගම දේශපාලනය වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ යෙදවීම මහින්ද නෙවෙයි, කවුරු කළත් වැරදියි. මහින්ද කියන්නේ හිස් මිනිහෙක්. මහින්දාගමනය කියාගෙන ආපහු බලයට එන එකෙන් පේන්නෙත් කිසිම දේශපාලන දර්ශනයක් නැතිකම, ඔහුගේ හිස්කම. දර්ශනයක් ප‍්‍රතිපත්තියක් නැතිකම නිසා කෙටි පාරවල් හොයාගෙන යනවා. මහින්දගේ බෞද්ධකම පිටින් පොරවගත්ත පිටපලූවක්. දැනුමින් අඩු ගමේ උපාසක මාතාවකගේ තියෙන හික්මීම වත් මහින්දට නැහැ. ඔහුට තියෙන්නේම මේ වගේ කෙටි පාරවල්. ළමයි වඩාගන්න එකෙනුයි කාන්තා ආකර්ෂණය දිනාගන්න උත්සාහ කරන එකෙනුයි ආගම පාවිච්චි කරන විදියෙනුයි ඒක පේනවා. මහින්ද කරන්නේ ජනතා කැමැත්ත පික් පොකැට් ගැහීමක්.

මහින්ද හැම වෙලාවෙම මේ කිසිවක් දන්නෙ නැහැ වගේ පෙන්නන්න තමයි උත්සාහ කරන්නේ. බොදුබල සේනාව සම්බන්ධයෙනුත් එහෙමනේ හිටියේ. දැන් කරන්න හදන්නෙත් ඒක. දැක්කේ නෑ වගේ ඉන්න එක. ඒවා දකින්නේ නැත්නම් රට බාරගන්නේ කොහොමද? ජනාධිපති වෙලා ඉද්දී අහිංසක මුස්ලිම් එල්ල කරලා කරපු විනාශය නොදැක්කේ කොහොමද? ඒවා නොතේරෙන්නේ කොහොමද? දැන් කියන්නෙත් මම වාහන ගත්තේ නැහැ. සල්ලි වෙන් කරගත්තේ නැහැ. මම දන්නේ නැහැ කියලනේ. ඔහු නැහැ කියන දේවල් වැඩක් නැහැ. මේ මහින්ද, විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිළ වගේ අය අනාථවූවන්ගේ සංවිධානයක් හදාගෙන මහින්දගේ නම පාවිච්චි කරලා දේශපාලනයට එන්නයි හදන්නේ.

රනිල් පරද්දන්න පුළුවන් මහින්දට විතරයි  – උදය ගම්මන්පිළ පිවිතුරු හෙළ උරුමය

අපි බලපෑම් කණ්ඩායමක් විතරයි. සන්ධානයේ කොටසක් විදියට අප ඉන්නවා. එළියට බැහැලා නැහැ. වෙනම පෙරමුණක් හදාගෙන නැහැ. අපි කියන්නේ ඉදිරි මැතිවරයේදී මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂකයා කරන්න කියලා. මහින්දාගමනය කියන නම ඒකට යොදාගැනීම වැරැුද්දක් විදියට අපි හිතන්නේ නැහැ. අපි අදහස් කරන්නේ මහින්දගේ පැමිණීම කියන එක. ඒක බුද්ධ වචනයක් නෙවෙයි. සිංහල භාෂාවේ වචනයක්. මේක විවේචනය කරන්නේ හෙළ උරුමය. නමුත් 2014දී හෙළ උරුමය මැතිවරණ වේදිකාවේ බෞද්ධ කොඩිය පාවිච්චි කළා. රාජා භවතු ධම්මිකෝ, කාලෝ අයංතේ වගේ නොයෙකුත් බුද්ධ භාෂිත යෙදුම් මැතිවරණ ව්‍යාපාරවලට ගෙනාවේ හෙළ උරුමය.

අපි මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා සන්ධානයේ නායකයා විදියට පිළිගන්නවා. ඔහුව ඉවත් කරන්න කියලා නෙවෙයි යෝජනා කරන්නේ, මහින්දව අගමැති අපේක්ෂකයා කරන්න කියලා. රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය පරද්දන්න පුළුවන් මහින්ද හිටියොත් විතරයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සඳහා ජනවරමක් ලැබිලා තියෙනවා. ඒවා ඉටු කරන්න අපේ සහයෝගය ලැබෙනවා. හොඳ දේවල් අනුමත කරන්නත් නරක දේවල් විවේචනය කරන්නත් දින සීය තුළ අපි කටයුතු කරනවා.

මහින්දාගමනවලට අපි ලෑස්ති නැහැ – වාසුදේව නානායක්කාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ

අපි උත්සාහ කරන්නේ ඉදරයේදී එන මහ මැතිවරණයට සන්ධානය පණගන්වලා ඒ වටා නැවත ජන පෙළගැසීමක් සමඟ නැවත බලය ලබාගැනීම සඳහා බලපෑම් කණ්ඩායමක් විදියට කටයුතු කරන්න. අපි හිතන්නේ ජනාධිපතිවරණයේ පරාජය එතරම් බරපතළ නැහැ. නමුත් අපි නැවත සන්ධානය පණගන්වන්න ඕනෑ අලූත් වැඩපිළිවෙලක් එක්ක. දිගුකාලීන සහ කෙටිකාලීන ප‍්‍රතිපත්තිමය වැඩසටහනක් එක්ක. මැතිවරණයෙන් පස්සේ ශ‍්‍රීලනිපය නායකයා විදියට මෛත‍්‍රීපාල සිරිසේනව තෝරාගත්තා. එසේ කිරීම අනුමත කළත් නොකළත් දැන් ඒක පිළිගන්න වෙනවා. අපි කියන්නේ මෛත‍්‍රීගේ නායකත්වය යටතේ මහින්දව අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න කියලා. මේ වෙද්දී සිද්ධ වෙන දූෂණ විමර්ශන කටයුතුත් ඉදිරියට කරගෙන යන්න සහ ආයතන ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරන්න ඕනෑ.
ඒ වගේම මහින්ද රාජපක්ෂ ස්වයං විවේචනයකට එන්න ඕනෑ. මමත්වය පෙරටු කරගත්ත පුද්ගලාභිවන්දන දේශපාලනයක නිරත වීම ගැන. හැම දේකටම තමන්ගේ නම යෙදීම එහෙම නැත්නම් එහෙම කරන්න ඉඩ දීම වැරදියි. මහින්ද රාජපක්ෂව වන්දනීය තත්ත්වයට පත්කරන්න ආණ්ඩුව කටයුතු කළා. ඒවා ගැන පාපොච්චාරණයක් සිද්ධ වෙන්න ඕනෑ. අපිම විමර්ශනයක් කරලා වැරදි පිළිගන්නේ නැතිව ඉදිරියට යන්න බැහැ. මහින්දාගමනය කියන නම මේකට යොදාගැනීමට අපේ අනුදැනුමක් නැහැ. ඒකට අපි විරුද්ධයි. මහින්දාගමනවලට අපි ලෑස්ති නැහැ. අපි මේකට සම්බන්ධ වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් යෝජනා කරන්න විතරයි. අපි අලූත් පක්ෂවලට සම්බන්ධ වෙන්නේ නැහැ.

පුද්ගලයන් මත තීන්දු ගන්නේ නෑ  – ඩිව් ගුණසේකර ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

මේ සංවාදයට මාව සම්බන්ධ කරගන්න එකේ ප‍්‍රයෝජනයක් නැහැ. ඒකට පක්ෂව හෝ විපක්ෂව අපි මතයක් දරන්නේ නැහැ. මහින්දව දේශපාලනයට ගෙන ඒම හෝ එසේ නොකිරීම ශ‍්‍රීලනිපයට අයිති වැඩක්. අපි කටයුතු කරන්නේ දේශපාලන පක්ෂ එක්ක මිසක් පුද්ගලයන් එක්ක නෙවෙයි. මහින්දව ගේනවාද නැද්ද කියලා ශ‍්‍රීලනිපයෙන් හරි ඔහුගෙන්ම හරි දැනගන්න ඕනෑ දෙයක්නේ. මම මේ ව්‍යාපෘතියේ නැහැ. එහෙම සම්බන්ධ වෙන්න ඕනෑ නම් දැනටමත් අපි සම්බන්ධ වෙලා. ඉදිරියේදී ගන්නා දේශපාලනික පියවර ගැන අපි තවමත් තීරණය කරලා නැහැ. ඉදිරියේදී බලමු. දැනට කියන්න තියෙන්නේ අපි ප‍්‍රතිපත්ති මත මිසක් පුද්ගලයන් මත තීන්දු නොගන්නා බව විතරයි.

නැවත අගමැති කරන්න බැරි බව දන්නවා – ආචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් ජාතික හෙළ උරුමය

පහුගිය ජනාධිපතිවරණයේදී සන්ධානයේ කොටසක් මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දුන්නා. නමුත් සන්ධානයේ හිටපු බහුතරය මහින්ද රාජපක්ෂට ඡුන්දය දුන්නා. එතනින් කොටසක් සදාචාර සීමා උල්ලංඝනය කරමින් මහින්දට උදව් කළා. තවත් පිරිසක් සාමාන්‍ය ශිෂ්ටත්වයෙන් යුතුව මහින්දට සහාය දුන්නා. තවත් කණ්ඩායමක් නිහඬව හිටියා. මැතිවරණය ඉවර වුණාට පස්සේ ශ‍්‍රීලනිපයේ බලය මෛත‍්‍රීට ලැබුණා. ඒක බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්. ඒත් මෛත‍්‍රීට සිරිසේන ගොයියා කියමින් උපරිමයෙන් අපහාස කළ විමල් වගේ අයටත් කිහිප වරක් පිල් මාරු කරලා අනවශ්‍ය දුරක් ගිය ගම්මන්පිල වගේ අයටත් මෙතනට එකතු වෙන්න බැහැ. මෛත‍්‍රී පිල තුළ ඔවුන්ට ඉඩක් නැහැ. පක්ෂය ගත්ත තීරණය කියලා ආවරණයක් ලබාගන්නත් බැහැ. ඔවුන් කල්පනා කරන්නේ ඊළඟ වාරයේ පාර්ලිමේන්තුවට යන්නේ කොහොමද කියලා. ඒකට ඔවුන් යොදාගත්ත උපාය මාර්ගය තමයි මේ මහින්දාගමනය. ඇත්තටම වාසු දිනේෂ් වගේ දේශපාලනයේ ප‍්‍රාමාණිකයන් මේ මහින්දාගමනයට එකතු වෙන්නේ ඇයිද කියලා අපට තේරෙන්නේ බැහැ. ඔවුන් කොහොමද මෙහෙම හැසිරෙන්නේ? තමන්ගේ දේශපාලන අනාගතය අවදානමක දාගන්නේ?

ශ‍්‍රීලනිපයත් මෛත‍්‍රී සහ චන්ද්‍රිකාට හිමිවෙලා තියෙන නිසා මේ අයට ඉඩක් ලැබෙන්නේ නැහැ. මහින්දගේ කණ්ඩායම වෙනම ඡුන්දය ඉල්ලූවොත් මහින්ද නාමයට ආකර්ෂණය වෙලා ඉන්න සුළු පිරිසක් ඡුන්දය දෙයි. ආසන සුළු ප‍්‍රමාණයක් ලබාගන්න පුළුවන් වෙයි. ඒත් බලපෑමක් කරන්න බැහැ. අනෙක් පැත්තෙන් ප‍්‍රායෝගිකව සිදු නොවුණත් පිරිසක් කියන විදියට මහින්ද, මෛත‍්‍රී, චන්ද්‍රිකා නායකත්වයේ තියාගෙන ඡුන්දයට එනවා කියලා උපකල්පනය කළොත් එතනදී මහින්ද කණ්ඩායම ලෙස මැතිවරණයට එන්න මේ අය උත්සාහ කරනවා. නමුත් මේ වැඩවලින් වෙන්නේ මහන්ද රාජපක්ෂට ගෞරවනීය ලෙස විශ‍්‍රාම ගන්න තියෙන ඉඩ තවතවත් ඇහිරෙන එක. මහින්ද කියන්නේ ලංකාවේ ජනාධිපතිවරණයක් පැරදිච්ච එකම ජනාධිපතිවරයා. ඒ ඔහු කරපු දේවල ප‍්‍රතිඵලය. මේ වෙලාවේ ඔහුට අගමැති අපේක්ෂකයෙක් වෙන්න කවුරුවත් දේශපාලනිකව ඉඩ දෙයි කියලා හිතන්න බැහැ. ඔහුට සන්ධානයේ අගමැති අපේක්ෂකයා වෙන්න බැහැ. ඔය කියන මහින්දාගමනය සිද්ධ වෙලා ඔහු ඡුන්දය ඉල්ලූවත් ඔහුට පත්වෙන්න බැහැ.

ශ‍්‍රීලනිපය නායකයෝ කිහිප දෙනෙක් එක්ක ඡුන්දයට ගියොත් වෙන්නේ පක්ෂය තව තවත් අර්බුදයට යන එක විතරයි. මෛත‍්‍රීට අමතරව මහින්ද නෙවෙයි චන්ද්‍රිකා ආවත් ඒ අවුල එනවා. පක්ෂය ඇතුළේ එක එක්කෙනාගේ කල්ලි හැදෙනවා. එක නායකත්වයක් යටතේ පක්ෂය රීලෝන්ච් කිරීමක් හෙවත් නැවත දියත් කිරීමක් කරන්න ඕනෑ. සංකේතාත්මකව විශාල වෙනසක්, නැවුම් ගතියක් එක්ක මැතිවරණයට නොආවොත් සන්ධානය පරාදවෙනවා. මහින්දාගමනය කරන්න හදන අය මහින්දව නැවත කවදාවත් අගමැති කරන්න බැරි බව දන්නවා. මේක දේශපාලනයෙන් ප‍්‍රතික්ෂේප වෙච්ච කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවේ ආසන ටිකක් දිනාගන්න ගන්න උත්සාහයක් විතරයි.

රජ පිස්සුව හොඳවෙලා නෑ වාගේ – නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ එක්සත් ජාතික පක්ෂය

මොනවා කියන්නද? මහින්දාගමනය කියන එකෙන් වෙන්නේ ශ‍්‍රීලනිපය විනාශ වීම. බංකොලොත් දේශපාලනඥයෝ ටිකක් පරාජය දරාගන්න බැරුව කියවන දෙයක් තමයි මහින්දාගමනය කියන්නේ. ශ‍්‍රීලනිපයෙන් නොමිනේෂන් ලැබෙන්නේ නැති බංකොළොත් දේශපාලනඥයෝ ටිකක් තමයි මේ ශ‍්‍රීලනිපය විනාශ කරන්න යන්නේ.
මහින්දාගමනය කියන්නේ ලංකාවේ ඉතිහාසය එක්ක, ආගම එක්ක යෙදිච්ච නමක්. ඒ නම යොදාගන්න එකෙන් පේන්නේ තාමත් අර රජ පිස්සුව හොඳ වෙලා නැහැ කියලනේ. දැන් නම් මේක විහිළුවක් බවට පත්වෙනවා. මහින්දාගමනය නෙවෙයි මොකක් කියලා ආවත් ඒ අය කරපුවා ගැන ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. මහින්දට කොහොමත් ශ‍්‍රිලනිපයේ අගමැති අපේක්ෂකයා වෙන්න බෑ. කොහොමද එයාට දෙන්නේ? එහෙම පුළුවන් නම් මටත් වෙන්න පුළුවන්නේ. මේ වැඩවල ප‍්‍රතිඵලය අන්තිම අසාර්ථක එකක්. ඒකෙන් වෙන්නේ මහින්ද ලැජ්ජාවට පත් වෙන එක.

මහින්ද රාජපක්ෂ මහත්මයා පෙන්නන්න උත්සාහ කරන්නේ එතුමාගේ අනුදැනීමක් නැතිව විමල්ලා කරන වැඩක් විදියට. හැමදාම එයා කළේ රඟපෑම. මොනාවත් දන්නේ නැති කෙනෙක් වගේ. දැන් ඒවාට ඉඩ නැහැ. මහින්දගේ කාලේ ඉවරයි. මහින්ද රාජපක්ෂට ඡුන්ද ලක්ෂ 58ක් නැහැ. ඒක බොරුවක්. ඔය ඡුන්ද ගාණ ගත්තේ ඉවර වෙච්ච ඡුන්දයකදී. ඒක ලැබුණෙත් අපි ආවොත් කොටියා එනවා කියලා මීඩියා අල්ලගෙන ගෙනිච්ච ප‍්‍රචාරය නිසා. මිනිස්සුන්ට දැන් ඇත්ත පේනවා. මහින්ද රාජපක්ෂ දැන් කරන්න ඕනෑ විශ‍්‍රාම ගන්න එක. දැන් ඔහුට වයස හැත්තෑවක් විතර වෙනවා. රිටයර් වෙන්න කාලේ හරි. හිටපු කාලේදී කරපු දේවල් ටික හොඳටම ඇති. මහින්ද තමයි ජනාධිපතිවරණයක් පැරදිච්ච පළවෙනි ජනාධිපතිවරයා. ඒකෙන් ඔහුට විතරක් නෙවෙයි දේශපාලනඥයන්ට හොඳ පාඩමක් ඉගෙනගන්න තියෙනවා, සීමාව ඉක්මවලා බලයේ ඉන්න උත්සාහ කරන්න එපා කියලා. ඔහු ආපහු එන්න යනවා නම් ඒ පාඩම වඩාත් හොඳට ඉගෙනගන්න පුළුවන් වෙයි.

ravaya
Read more

Popular Posts

Popular Posts