Open top menu
Monday, January 25, 2016

සුදේශ් කරුණාතිලක
(පසුගිය සතියේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ ගීයක් ගැයූ යුවතියක 'යුගයේ ගායිකාව ලෙස' හඳුන්වා දුන්නේ යුගයේ එළදෙනකි. මේ ඒ ගැන කෙටි සහ සරල විරෝධයකි)
ජාතියේ යශෝරාවය වූ නන්දා මාලනියගේ ගීතයක් උමාරා, උමාරියා ස්ටයිල් එකට ගයලා, පොඩි චේගුවෙරා ඇක්සන්ට් එකක් දාලා, ගීතයේ වචන ටික ලංසි ප්‍රනවුන්සේෂන් එකක දාලා පොඩ්ඩක් තුප්පහි කරලා, ඇස් පොඩි කරලා කට උල් කරලා කිව්ව ගමන් මේ ගායිකාව යුගයේ ගායකාව කරපු යුගයේ එළදෙනකට මුලින්ම මාගේ දැඩි විරෝධය පළ කරමි.
මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවක ආධුනික ශිල්පියකු විසින් ගයන ගීතයක හොඳ නරක කියා දෙන්නට සංගීතය විෂයෙහි දැනුමක් හැදැරීමක් ඇති කෙනෙක් විනිශ්චය මණ්ඩලයට පත් නොකොට 'ලස්සනට වචන ගැලපීම පමණක්' සුදුසු කමක් කොට ගත් නිවේදිකාවකට භාර දීම පිළිබඳව සිරසටද විරෝධය පළ කරමි.
අනික ජනතාවගේ SMS මනාපයෙන් සුපිරි තරු තෝරන තරඟයක යුගයේ ගායිකාව තරඟ වදිනකොට අනෙක් තරඟ කරුවන්ට යන කළ දසාව කුමක්ද? මේ නොකියා කියන්නේ අනිත් එවුන් පැත්තකට දාලා යුගයේ ගායිකවට SMS යවපල්ලා කියලා නොවේද
භාෂි මධුභාෂිණී තරඟකාරිය, යුවතිය ගැන විවාදයක් නෑ. ඇය දක්ෂයි. ස්ටාර් පෙරහැර වේදිකාවේ සිට ඇය ජනතාවට අලුත් ට්‍රෙන්ඩ් එකක් හඳුන්වා දෙනවා විරෝධාකල්ප ගී සහ ගීය ගැයුමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කරන කළින් සකසා ගත් හිතට දැනෙන වචන කීපයක් හරහා. අනිත් තරඟ කරුවන් ගීතය ගයනවා හැරෙන්න එහෙම වචන මාකට් කරන්න උත්සාහයක් ගන්නවා පෙනෙන්නට නැහැ.
නන්දා මාලනිලා, කපුගේලා, ජයතික බණ්ඩාරලා මීට අවුරුදු විස්සකට කළින් දහසකුත් එකක් තර්ජන මැද්දේමේ විරෝධාකල්ප ගී ගයද්දී රෝම කූප කෙළින් කරන් අහං හිටපු අපිට මේවා අරුමයක් නොවුනාට අද පරපුරට මේක අලුත් වැඩක්. ඔවුන් ඉතා විමසිළිමත්ව මේ දිහා බලං ඉන්නවා. ඒ හින්දාම මේ ගායිකාවන් උස්සා තියන්න භාවිතා කරන වචන ගැන විනිශ්චය මණ්ඩල වල සාමාජිකයින් හැටියට ඉන්න අය සහ මෙවැනි විනිශ්චය මණ්ඩල වලට එන මිනිස්සු වග කියන්නට ඕනේ.
නන්දා මාලිනියගේ ගීතය පොඩි තුප්පහි ස්ට්යිල් එකක් දාල කියපු මේ විසේකාර කෙල්ල යුගයේ ගායිකාව කරපු 'යුගයේ එළදෙන' එතකොට නන්දා මාලනිය හඳුන්වන්නේ යුගයේ කවුරු කියලද...?
ඇය මීළඟ වැඩසටහනේදී මේ ප්‍රශ්ණෙට උත්තර දිය යුතුයි...
මේ වගත් එසේම,
සුදේශ් කරුණාතිලක ~ ෆේස්බුක් -අඩවිය -
-----------------------------------------------------------
පසුව ලියමි: පහත ලින්ක් ඔස්සේ ගී දෙකම අහන්න විඳ ගන්න.
ඔබටත් ජාතියේ ගායිකාව වීමට අවශ්‍ය නම් තුප්පහි ස්ට්යිල් එකට සිංදු කියන්න පටන් ගන්න.

-----------------------------------------------------------
නන්දා මාලනිය විසින් මීට වසර ගණනාවකට පෙර ගැයූ 'හන්තාන අඩවියේ'




---------------------------------------------------------------
භාෂි මධුභාෂිණි ගැයූ නන්දා මාලනියගේ 'හන්තාන අඩවියේ'

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

15 comments :

  1. nodakin me kalakanni sinduwa kanawa. munta hena gahanawa me sinduwata karana aparadeta.

    ReplyDelete
  2. ඇත්තටම ඇය උමාරා උමාරියෝ මට්ටමේ නෑ.. මා අසා තිබෙන උමාරියෝ අමරදේව ගීතයේ උමාරියෝ මනා සංයමයකින් ගීත ගායනා කරනවා..ඇය බොහෝ සමීප වන්නේ සෝබනයට පමණයි.. මා සිතා සිටියා තනුජාට මිට වඩා රසඥතාවයක් ඇති කියලා..ඒත් ඉතිං තිබුනත් ඒවා ඉතිං සිරසේ ගල් රොල් වලට යට වෙලා තැලිලා ඇති..

    ReplyDelete
  3. ඔබේ මේ ප්‍රබල කරුණු දැක්වීම ඉතා ඉහලින් අගය කරනවා. අනුන්ගේ සින්දු කියා ජනප්‍රියවී, දිගටම ඒ අසික්කිත වැඩේ කරමින් සල්ලි හොයන පරපුරක් බිහිකරන, තමන්ගේ රූපවාහිනී නාලිකාව මගින්, මෝඩ තරුණ පරපුර නොමග යවන, සියල්ලට පෙර සල්ලි යන අදහස පමණක් පිළිගන්න, මෙවැනි අමන සින්දුකාරයන් හා ඔවුන් උලුප්පන සංගීත පිම්පියන් දැඩිව හෙළාදැකිය යුතුයි. ඔවුනට තවදුරටත් මේ අමන ක්‍රියාවේ නොදෙන්නට ලැජ්ජා හිතෙන ලෙස ප්‍රචාරයක් දියයුතුයි.

    ReplyDelete
    Replies
    1. නුතනත්වය අර්ථ පුහු ප්‍රදර්ශකාමයෙන් විකුණා කමින් තමන්ගේ හිස් බව ලෝකයට පෙන්නට තරම් මෙවන් බහුභුත විචාරකයන් නුතනත්වය ලෙස දැකිම අමනයන්ට හොඳමය.මේ වෙළඳ මාෆියාවේ තමන්ට ඕනෑ විධියට විකුණන අපි වගේ අංගවිකල සමාජයක සංගිතය ගැන මේලෝම හරසක් දන්නේ නැති තනුජා වගේ උන්ට සහතික දෙන්න ඇති සදාචාරාත්ම අයිතිය මහා රාජා වීම ද

      Delete
    2. නුතනත්වය අර්ථ පුහු ප්‍රදර්ශකාමයෙන් විකුණා කමින් තමන්ගේ හිස් බව ලෝකයට පෙන්නට තරම් මෙවන් බහුභුත විචාරකයන් නුතනත්වය ලෙස දැකිම අමනයන්ට හොඳමය.මේ වෙළඳ මාෆියාවේ තමන්ට ඕනෑ විධියට විකුණන අපි වගේ අංගවිකල සමාජයක සංගිතය ගැන මේලෝම හරසක් දන්නේ නැති තනුජා වගේ උන්ට සහතික දෙන්න ඇති සදාචාරාත්ම අයිතිය මහා රාජා වීම ද

      Delete
  4. 1.ගීතයකින් යම් පණිවිඩයක් සමාජයට දෙන්නයි උත්සහ ගන්නේ.
    2.ගීතයක වචනාර්ථයක් කියා දෙයක් ද ඇත.
    3.විශාරද නන්දා මාලිනී මහත්මිය එය හඳුනාගනිමින් ගී ගයන්නේ

    හුදෙක් සංගීතය පිළිබඳ ඥානය හෝ වෙනත් දැුනම් පෙන්වීමට උත්සහ දැරීම තුළ 1,2,3 කරුණු උල්ලංඝනය වේ නම් එය ගායනයක් ද?

    නැතැත් ඔය තරම් දගලන්නේ ඇයි ද කියා විමසිය යුතුයි.
    කන්තලේ අරුණ

    ReplyDelete
  5. ඒ ලස්සන ගීතවලට වසුරු එකතු කරනවට නඩු දාන්න ඕන.

    ReplyDelete
  6. The people who says stuff like this, says them exactly expecting a reaction like this...
    And you are giving them the recognition, marketing they expect free of charge and at the expense of your time, your money and you data !!!

    ReplyDelete
  7. mewata kauruth nadu daanne nadda???

    ReplyDelete
  8. This woman Thanuja is thinks she is it. This cow does not know what she is talking about.

    ReplyDelete
  9. She sang like a woman who was possessed by a weak demon! I do not see a new trend in her. But a pathetic performance. The judge who praised her saying she is the 'Yugaye Gaikawa' is also undoubtedly a woman with the same confused frame of mind as the singer, who is purposely struggling to pronounce Sinhalese with a fake accent.

    ReplyDelete
  10. මෝඩ තකතීරු හැත්ත නිතරම ටීවී එකේ ඉන්නකොට උන්ට හිතෙනව ඇති "අපි තමයි පොර" කියලා .... ඒ පොරත්වයට විනිශ්චයක් කල හැකිනම්, සමහර කොමිනිකේෂන් වල සිංදු හුවමාරු කරන කොල්ලන්ටත් පුලුවන් ඒ විනිශ්චය කරනන.... හෙ හෙ මොකද උන් කරන්නෙත් වක්‍රාකාරව ඔය බඩු කෑලි කරන දේම තමයි.....

    ReplyDelete
  11. මෝඩ තකතීරු හැත්ත නිතරම ටීවී එකේ ඉන්නකොට උන්ට හිතෙනව ඇති "අපි තමයි පොර" කියලා .... ඒ පොරත්වයට විනිශ්චයක් කල හැකිනම්, සමහර කොමිනිකේෂන් වල සිංදු හුවමාරු කරන කොල්ලන්ටත් පුලුවන් ඒ විනිශ්චය කරනන.... හෙ හෙ මොකද උන් කරන්නෙත් වක්‍රාකාරව ඔය බඩු කෑලි කරන දේම තමයි.....

    ReplyDelete

Recent Posts

Popular Posts

Popular Posts