Header Ads

චින්තන ධර්මදාසව මරාගෙන කෑම හා දේශානුරාගය..

Samanola Wijayarathna
අප කවුරුත් දන්නා දුටුගැමුණු රජු පිළිබඳව චින්තන ධර්මදාස Chinthana Dharmadasa විසින් කරන ලද විග්‍රහය දේශප්‍රේමීන් කෝපාවිෂ්ඨ කොට චිනතකගේ ජාතකයටම පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කොට චින්තනව මරංකන තැනට පැමිණ තිබේ. ඔහුගේ ඔය ප්‍රකාශය මා ද නැරඹුව අතර ඔහුව මරං කනවාට වඩා ඒ පිළිබඳ විචාර බුද්ධියෙන් බැලිය යුතු බව හැඟිණ.
අතිශය උදාර සිතුවිලි ජනනය කරන මුලසිට අගටම කරුණාව මෛත්‍රි වෑහෙන සම්බුද්ධ දර්ශනය සුරකිනුවස් ඇඳිවත ද කරට ගෙන මරාගෙන මැරෙන සටනට බසින සෙයියාවේ ඇති යතාර්ථය යළිත් ඔහුගේ ප්‍රකාශයෙන් ඉස්මතු කෙරිණ.
දුෂ්ඨ ගාමිණී හෙවත් දුටුගැමුණ චරිතය සමාජය තුළත් ජනතාව අතරත් ඇතිකර ඇති චිත්‍රයට වඩා ඒ තුළ වූ නොපෙනුනු අඳුරු පැති ගැන චින්තන අමුවෙන්ම පහදයි. දුෂ්ඨ පුද්ගලයකු ලෙස නම් දරා සිටි දුටු ගැමුණු, යහපත් පාලකයකු වූ එළාරව මරා දමා රජකම ගත් පසු යුධයේ දී තමන් අතින් මියගිය මිනිසුන්ගේ රැධිරයෙන් දැඩි ආත්මීය කම්පනයකට ගොදුරුවන ඔහු, ඔහුගේ පාපය ගොඩ ගැසුවේ රුවන් වැලි සෑය ලෙස බව කියයි. එසේම ඔහු මතු කළ වැදගත්ම කාරණාව වන්නේ බුදු දහම නොව කවර කාරණය උදෙසා හෝ මිනී මැරීම බුදදහමට අනුව බරපතල සාංසාරිකව විදවන පාපයක්ම වන බව අවසානයේ දී දුටු ගැමුණු විසින් අවබෝධ කොට ගත්ත ද දැන් ඉන්නා එවුන් ඒ ගැන අබමල් රේණුවකින් තරම් හෝ අවබෝධ කර ගෙන නොමැති බවයි.
මෙහිදී දේශවාතසල්‍යෙයන් ඔද්දල් වූ පිරිස් රුවන්වැලි සෑයටත් දුටුගැමුණු උදාර චරිතයටත් පරිභව කොට විනාස කලා යැයි කුපිත වී සිටිති. එහෙත් බුදු දහමට අනුව ගැඹුරින් කල්පනා කළ විට ඔහුගේ ප්‍රකාශයෙන් සම්බුද්ධ ශාසනයට හෝ රුවන් වැලි සෑයට හෝ දුටු ගැමුණුට කිසිදු හානියක් වී නැත. හානිය සිදු වී ඇත්තේ සමහර දේශානුරාගීන්ගේ සිත්වල වැඩ විසූ බුද්ධාගම, රුවන්වැලි සෑය සහ දුටුගැමුණුටය. මේ දෙක දෙකකි. චින්තනගේ ප්‍රකාශයෙන් අපේ හිත්වල විරාජමාන ප්‍රතිරූප දෙදරුව ද ඉන් ඔබ්බෙහි වූ යතාර්ථ බුදු දහම හෝ රන්වැලි සෑය දුටුවේ නැත. කට්ටියම නැට්ට කරට ගෙන චින්තන සමග ලේ කෝප වී සටනට බැස තිබේ. එද මුළාවකි. පන්සිල් පදයක්වත් නොරකින උපතින් සිංහල බෞද්ධයෝ බුද්ධාගම හෝ ජාතිය රැකීම පිණිස ජිහාඩ් බෞද්ධයින් වී ඇති සෙයකි.
සම්බුද්ධ දේශනාවට අනුව මිනිසුන් එසේ හැසිරෙන තාක් උතුම් සදහම් වළාකුලින් වැසුනු සඳ මඬල මෙන් වැසී යනු ඇත. එවැනි අඳුරු වලා පට බිඳ හෙළීමට ඉඳහිට හෝ මෙවැනි අකුණක් ගැසීම වැදගත් බව නිකමට මෙන් සිතේ.
Samanola Wijayarathna -

3 comments:

  1. super saying... i am totally agreed with you

    ReplyDelete
  2. අනේ තෝ දන්න ඉතිහාසය .. යකෝ එලාර යහපාලනය කලේත් උගේ රටක් නෙවෙයි ඒ සිංහල රට, ඌ ආක්‍රමණය කල රට.... එහෙම තත්වයකින් රට මුදා ගත්තා, ඒ අහවල් කෙන්ගෙඩියක් හින්දා නෙවෙයි, තමන් උපන් රට පරගැතියන්ගෙන් නිදහස් කිරීම ඒකායන අරමුණ වීම, ඒක සිංහලයගෙ වගකීම නිසා... යකෝ මිනිසුන් 999 ක් මරලත් අංගුලිමාල මාර්ගඵල ලබාගත්තා ඉතිං කොහොමද කියන්නෙ රුවන්වැලිසෑය පවක් කියලා.... මේ පොන්න අලුත් පරපුරේ ගොන් වස්සො ටික මේක අනුමත කරන්න කලින් රුවන්වැලිසෑයේ පරිවර්තනය කර ඇති සෙල්ලිපිය කියවපල්ලා......

    ReplyDelete
  3. අනේ තෝ දන්න ඉතිහාසය .. යකෝ එලාර යහපාලනය කලේත් උගේ රටක් නෙවෙයි ඒ සිංහල රට, ඌ ආක්‍රමණය කල රට.... එහෙම තත්වයකින් රට මුදා ගත්තා, ඒ අහවල් කෙන්ගෙඩියක් හින්දා නෙවෙයි, තමන් උපන් රට පරගැතියන්ගෙන් නිදහස් කිරීම ඒකායන අරමුණ වීම, ඒක සිංහලයගෙ වගකීම නිසා... යකෝ මිනිසුන් 999 ක් මරලත් අංගුලිමාල මාර්ගඵල ලබාගත්තා ඉතිං කොහොමද කියන්නෙ රුවන්වැලිසෑය පවක් කියලා.... මේ පොන්න අලුත් පරපුරේ ගොන් වස්සො ටික මේක අනුමත කරන්න කලින් රුවන්වැලිසෑයේ පරිවර්තනය කර ඇති සෙල්ලිපිය කියවපල්ලා......

    ReplyDelete

Powered by Blogger.