Open top menu
Sunday, February 28, 2016
උබේ සපත්තුව වැළඳ බදා  උබේ සබුක්කුවෙ පහර කකා  ගතකල මනරම් සොඳුරු දිවිය ඒ  දෙවියනි මුන් අද කරති නිගා ....


උබේ සපත්තුව වැළඳ බදා උබේ සබුක්කුවෙ පහර කකා ගතකල මනරම් සොඳුරු...
උබේ සපත්තුව වැළඳ බදා උබේ සබුක්කුවෙ පහර කකා ගතකල මනරම් සොඳුරු දිවිය ඒ දෙවියනි මුන් අද කරති නිගා ....කලකට පෙර මියැදුනාට හතර රියනෙ වැළලුනාටඋඹෙ උත්තම රාජකීය උණුසුම මට දැනේ තාමඋඹේ සපත්තුව වැළඳ බදා.. උඹේ සබුක්කුවෙ පහර කකා//ගතකල මනරම් සොඳුරු දිවිය ඒදෙවියනි මුන් අද කරති නිගා
Posted by Sri lanka team on Sunday, February 28, 2016
Read more
Thursday, February 25, 2016
සයිටම් [SAITM] අවුලේ ඇත්ත කතාව - 1

කාලෙකින් ලියන්න හිතුනා.. නිකං නෙවෙයි... රටේ අනාගතය සම්භන්ධ දෙයක් ගැන..
මේ දවස් වල තියෙන ලොකු ප්‍රශ්නයක් නේ සයිටම්. මහ ඉරිසියාකාර හැත්තක් වන ආණ්ඩුවේ කැම්පස් එකේ ඉගන ගන්න උං ඕකට උදැල්ලමයි දාන්නෙ.. මොන ලබ්බකටද එහෙම කරන්නෙ කියල මට නං තේරෙන්නෙ නෑ.. උං කැමති නෑ අනිත් ළමයි ඉගන ගන්නවට.. ඉතිං, උදලු දානව....කාලකණ්ණි යක්කු. ඔන්න ඔය විදියට සාරාංශ ගත කරන්න පුලුවන් මේ දවස්වල ඇහුනු සියලුම කතිකාවන්.
පිළිවලකට කියවගෙන යමංලා...
තේරුම් කරන්නං උබල ඔක්කොටම, ඔය පෞද්ගලික වෙද විදුහලේ තියන ප්‍රශ්නෙ ලස්සනට, උබලට දැනෙන විදියට.
අපි මුලින් මේ කතාව කොටස් වලට බෙදා ගමු.
1)රජයේ වෛද්ය විද්යාලයේ ඉන්නෙ මොන වගේ පවුල් වලින් ආපු අයද සහ සයිටම් එකෙ ඉන්නෙ මොන වගේ අයද
2)ඔය දෙකේ උගන්නන්නෙ කොහොමද
3)ඔය දෙකේ ඉගන ගන්න උන්ගෙ අරමුණුවල වෙනස
4)රාජ්ය වෛද්ය පීඨයේ ඉගන ගන්න අයට මේ අය තරගයක්ද?
5)සාමන්ය ජනතාවට මේ දේවල් බලපාන විදිය
ඕකේ....
දැං මුලින්ම බලමු,
රජයේ වෛද්ය විද්යාලයේ ඉන්නෙ මොන වගේ පවුල් වලින් ආපු අයද සහ සයිටම් එකෙ ඉන්නෙ මොන වගේ අයද කියල.
රජයේ වෛද්ය විද්යාලය කියන්නෙ දුප්පත් අපිට උරුම තැනක් කියල තමයි හැමොටම පේන්නෙ. පැහැදිලිවම වැරදියි. මෙතෙන්ට එන්න ‍තෝරන විභාගෙ ඒ ලෙවල් මිස තාත්තගෙ පඩි පත නෙවෙයි. ඉතිං,තොරල ගන්නෙ දුප්පත් මිනිහගෙ වගේම පොහොසත් මිනිහගෙ පුතාටත් කිසි වෙනසක් නොකර. මොකද..මේක නිදහස් අධ්යාපණය නිසා. දැං බලමු, සයිටම් එකට යන්නෙ කවුද කියල. සයිටම් එකට යන්න නං උබලගෙ වත්කම අඩුමගානෙ මිලියන 1.2ක් වත් එව්න්න ඕනෙ. ඒ කිව්වෙ, පාඨමාලා ගාස්තුව විතරක් ඒ ගාන. ඊට අමතරව යන වියදම් ගන්නෙ නැතුව ගාන හදමුකෝ බලන්න.. සම්පූර්ණ වියදම ලක්ෂ 120ක් වෙනකොට, අවුරුද්දකට ලක්ෂ 24 ක්, ඒ කියන්නෙ මාසෙකට ලක්ෂ 2ක් ඕන. ඔය කියන්නෙ පාඨමාලා ගාස්තු විතරයි. ඉතිං, මට තේරෙන විදියට (සහ උබලටත් තෙරෙන විදියට) මධ්යම පන්තියේ මිනිහෙක්ගෙ (රුපියල් 30,000 මාසෙට ගන්න තත්තගෙ) ළමයෙකුට යා ගන්න නං බෑ. දුප්පත් සිරිපාලගෙ ළමයට නං හීනෙන් වත් බෑ.
ඔන්න, උබලගෙ ඉරිසියාව, උබලගෙ කුහක කම. ඔය පේන්නෙ.. පෝසත් අපිට ඉරිසියා කරනව නේ...
නෑ මහත්තයෝ.... අපිට උබලගෙ සල්ලි ලොකු නෑ.. අපිට ඔය මිලියන 1.2 ක් නෙවි.. ඊටත් වඩා වටින්නෙ අර අහිංසක සිරිපාලගෙ ළමයගෙ අයිතිය.. උබ ඔය කුහකයි කියන්නෙ, දුප්පත් මනුස්සයගෙ දරුව හොදට ඉගන ගන්න විදිය දකින අපිට මහත්තයෝ..
දැං උබේ හිත කියනව ඇති, සයිටම් එකේ ඉගන ගත්තම, දුප්පත් ළමයට වෙන අසාධාරණය මොකක්ද කියල....
හරි... තේරෙන්න කියන්නං...
ඒ ලෙවල් ලිව්ව නේ.. මෙහෙමයි... උබත් එක්ක ඒ ලෙවල් ලියන අනිත් එකා සල්ලි දීල පේපරේ කලිං අරං ලියනව... නෑ බං... ඒක සම්පූර්ණ සාධාරණයි, ඔය සයිටම් එක සාධාරණ නං.
2
දැං බලමු මොකක්ද කියල මේ දෙකේ උගන්නන විදිය අතර වෙනස...
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් ලෙඩ්ඩු බලන්න පුරුදු වෙච්ච,එතනින් ඉගන ගත්තු උං දන්නව කොච්චර නං ලෙඩ්ඩුංව අත පත ගෑවද කියල. සාමන්යයෙන් දවසකට අඩුම, අයිස ගහන අපි වගේ උනුත් ලෙඩ්ඩු 50කට වඩා බලනව.. ඉගන ගන්නව. ඒක පැහැදිලිවම ලෙඩ්ඩුන්ට කරදර කරමින් ඉගන ගැනීමක්. මේක තමයි වෛද්ය වරයෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් පුහුණුව ලැබීම පිළිබද ඇත්ත තත්වය.
ඔය ගමන් පොඩ්ඩක් හිතාපං...
නෙවිල් ප්‍රනනාන්දුගේ ඉස්පිරිතාලෙට සල්ලි දීල එන ලෙඩෙක්, කවදාවත් කැමති වෙයිද ඔය ක්‍රියාවලියට. ඒ කියන්නෙ, ශිෂ්යෙක්, ඉගන ගැනීම සදහා තමාව අත පත ගානවට.. කිසිසේත් නැත. ඒකෙන් පෙන්නන්නෙ නොපුහුණු වෛද්යවරුන් බිහි කිරීමක් නොවේද?... ඔබේ හිතට එකගව තීරණය කරන්න.
අපේ උංට, මුත්‍රා මාර්ගයට නලයක් දමා..හිරවුණ මුත්‍රා එලියට ගැනීම හරියට ටැප් එකක් ඇරීමක් වැනිය. නමුත් නුපුහුණු අයෙක් එය කිරීමට යාම, ඉතාමත් භයානක ප්‍රතිපල ගෙන දෙන්නක් විය හැක. ඩමියකට දමා පුරුදු වීමත්, සැබෑ ජීවිතයේ එය සිදු කිරීමත් මුලුමණින් වෙනස් වූ අවස්ථා දෙකකි.
හරි...
කොහොම හරි මේ සයිටම් උදවිය, ඉගනගෙන අහවර වෙලා එලියට ආව කියමුකෝ..
දැං මේ අයට මොකක්ද කරන්න ඕන. පුලුවං තරං හම්බ කරං, තමන් වියදම් කරපු ගාන පියව ගන්න. ඒ කියන්නෙ, මේ අයගෙ අරමුණ පුලුවං තරං හම්බ කිරීම තමයි. මේක අනිත් අය ගාවත් නැතුව නෙවෙයි නේ....රාජ්ය වෛද්ය පීඨයෙන් ඉගන ගන්න අය අතරත් තියනව. තියෙන්නෙ.. අනුපාත අතර වෙනසක්.
ඒ කියන්නෙ..... රාජ්ය වෛද්ද්ය විද්යාල වලින් ඉගන ගන්න පිරිසෙන් මිනිස්සුන්ට සේවයක් කරන්න අවශ්ය අයගෙ අනුපාතය, පෞද්ගලික වෛද්ය පීඨයේ අයට වඩා වැඩියි කියන දෙය.
ඉතිං ඔය වියදම් කරපු ගාන හොයා ගන්න පාමසි කාරයෙක්ගෙ ජරා බෙහෙතක් ලියන්න විතරයි තියෙන්නෙ. මිලියන ගානක් එහෙම්මම අතට ගන්න පුලුවන්. මිනිස්සුන්ගෙ ජීවිත් විනාස කරල. ඔය දෙවල් කිරීමේ අවදානම වැඩි, සල්ලි දීල ඉගන ගත්ත අයගෙ කියන එක පැහැදිලියි නේද...
- 3
අපි දැං බලමු සයිටම් අය තරගයක් වෙනවද කියල අපේ අයට. කලින් කියපු දේවල් වලින් පැහැදිලි වෙනව නේ..අඩු පුහුණුවක් තියෙන අය, අපේ කැම්පස් එකේ, අයිස ගහන එකාටවත් තරගයක් නොවෙන බව.
අඩු තක්සේරු කරන්නෙ නෑ බං.. ඔය දේ උබලගෙ වැ‍රැද්ද නෙවෙයි.. නෙවිල්ගෙ වැ‍රැද්ද...
හා.... දැං බලමු මේ දේවල් මිනිස්සුන්ට බලපාන ආකාරය...
කඩයකට බඩු ගන්න සෙනග එන්නෙ, කඩේ ප්‍රතිලාභ තියෙනව නං විතරයි. ඉතිං මේ උපාධි කඩේ පාස් වෙන අය අඩුයි නං, ඇතුලට එන අයත් අඩු වෙනව. ඉතිං මේ දේ නවත්තන්න, උපාධි කඩේ පරිපාලන අංශය අඩු සුදුසුකම් තියන පිරිසත් සමත් කරන්නට වෙනව.. මෙලෝ රහක් නැති, අඩුම සුදුසුකම් තියන අය විතරක් ෆේල් කරාවි..වෙන කරන්න දෙයක් නැති කම නිසා.
ඉතිං..මේ අඩු සුදුලුකම් තියන, නුපුහුණු වෛද්යවරුන්ගෙන් බෙහෙත් ගන්නට පැමිනෙන මිනිසුන් ගැන කියන්නට දෙයක් නැත. ඔවුනට බුදුසරණය.
සල්ලි හොයන්න ජරා බෙහෙතක් ලිවීම අනිත් කැපී පෙනෙන ගැටලුවකි. ඒ කියන්නෙ, මිනිස්සු අතරට අතුරුපල බහුල බෙහෙත් පාවිච්චියට යාම නිතැතකි.
තවද, සෞඛ්ය සේවයේ ගෞරවය පිරිහීම ආදී එකී මෙකී නොකී කරුනු රාශියක් මේ සයිටම් රකුසා තුල සැගව සිටී..
ඌව පොඩි අවදියේ මරා නොදමා, හුරතල් කර.. අනෙක් අහින්සක මිනිසුන් දඩයම් කරන්නට පටන් ගත් විට හූල්ලා වැඩක් නැත. පසු තැවී වැඩක් නැත.
මේ දේවල් තෙරුම් අරගෙන.. අනාගාතය ගැන සිතා වැඩ කරොත් නං.............
ණුවනට හුරුය.........................................
Read more
Tuesday, February 23, 2016
බල්ලන්ට ගිය ඔපෙරාව

පෙබරවාරි 4 වැනි දා නිදහස් දින රාජ්‍ය උත්සවයේ දී ජනතාව අතර බොහෝ කළක් ජනප්‍රියව තිබු කැපී පෙනුන ගීත කිපයක්ම ගායනා විය. ඒ අතරින් වඩාත් අවධානය දිනාගත්තේ ඔපෙරා ශෛලියෙන් කිෂානි ජයසිංහ ගැයු දන්නෝ බුදුන්ගේ ගීතයයි.

සමාජ ජාල වෙබ් අඩවිවල මෙන් පහත් අකාරයේ විවේචනයක් නොවුන ද දෙරණ නාලිකාවේ සංඛ අමරජීත් මාධ්‍යවේදියා ද ඒ ගීතය අසා කිෂානි ජයසිංහ ගැන දැඩි විවේචනයක් එල්ල කළේය. මේ ඔහු තම රුපවාහීනි වැඩසටහනේ කියු වදන්ය.

"ඥාව් ඥාව් කියා බැළලියෝ හිටපු ගමන් සද්ද කරනව රෑට එතකොට අපි මොකද කරන්නේ ගඩොල් භාගයක් අරන් ඒ සද්දේ එන පැත්තට ගහනව. නේද ? මූසලයි මුස්පෙන්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ. දන්නෝ බුදුන්ගේ ගීතය ටවර් හෝල් යුගයේ ඉඳන් ඉතාමත් උත්තරීතර ගීතයක් විදියට බොදු බැති ගීයක් විදියට දන මන පුබුදුවාලන ඉතාමත් උතුම් ගීතයක් විදියටයි සැළකුනේ. අපේ අමරදේව මහත්තාගේ පටන් අපේ ගායක ගායිකාවෝ ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් යුතුව මෙම ගීතය ගායන කළා."

අද මෙම ප්‍රකාශය ගැන සංඛ පසු තැවෙනු ඇතැයි සිතන්නෙමි. එහෙත් ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීම නිසා රටක් ආදරය කරන ගීතයකට හානියක් අවමානයක් සිදු වි ඇතැයි ඔහුගේ හිතට නැගුණු මතය වෙනස් නොවී ඇතැයි ද කල්පනා කරන්නෙමී. එය රටේ සෑහෙන පිරිසකගේ මතය ද වී තිබේ.

ඊට පසු දා දෙරණ නාළිකාවේ චතුර අල්විස් දෙරණ ආයතනය හා සංඛ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. සමාජ ජාල වෙබ් අඩවි වල ද, පුවත් පත්වල ද දන්නෝ බුදුන්ගේ ගීතය හා ඔපෙරා ශෛලියෙන් ගායනය කිරීම ගැන පිළිබඳ විවිධ මතවාද දැකගන්නට ලැබුණි. කිෂානිට අපහාස කෙරුණු ෆේස්බුක් සටහන් කිහිපයකට විරුද්ධවම එම Posts වලට පහලින් කිෂානිව අගය කරමින් බුද්ධිමත් හා තර්කානුකූල අදහස් දැක්වු Comments රැසක්ම කියවන්නට ලැබුණි.

අපහාසය, උපහාසය හෙළා දකිමින් ඒවා ප්‍රතික්ෂේප කොට වඩාත් හරවත් සංස්කෘතික සංවාදයක් බවට ලක්විය හැකිව තිබු මේ සිදුවීම දේශපාලන අවියක් කර ගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහය. මහින්ද රාජපක්ෂලාට හිතවත් කම් පෙන්වන්නේ යයි යහ පාලන රජය සිතන දෙරණ නාලිකාව සමඟ දැඩි කෝපයෙන් පසුවන අගමැතිවරයා දෙරණේ සේවය කරන සංඛ අමරජීත් ගැන මෙසේ කීවේය.

"ප්‍රවෘත්තිවලදි නිදහස් දිනයෙන් පස්සෙ දන්නෝ බුදුන්ගේ ගීතය ගයනා කළා කියල ඒ ගායිකාවට බැල්ලියක් කෑගහනවා වගේ කියලා කිව්වා. ............. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලූ වැඩ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ."

තරුණ මාධ්‍යෙවිදියෙකු වන සංඛගේ බැළලි කතාව මෙන් නොව පරිණත දේශපාලඥයෙකු වන අගමැතිවරයාගේ බලූ කතාව කෙතරම් ලැජ්ජා සහගත එකක් ද යන්න අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ.

ප්‍රවීණ පුවත් පත් ලේඛකයෙකු වන The Island පුවත්පතේ කීර්ති වර්ණකුලසුරිය ගෙම්බා කියමින් අපහාස කල අගමැතිවරයාගෙන් මීට වඩා වෙනස් දෙයක් බලාපොරෙත්තු වීමට පුළුවන් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. වඩාත් දුෂ්ඨ අපහාසය "ගෙම්ඛෙක් වගේ" කීමද නො එසේ නම් "බැළලියක් වගේ" කීමද කියා අගමැතිගෙන් විමසන්නට කෙනෙකු නැති වීම කණගාටුවට කරුණකි. සංඛ කීව්වේ "ඥාව් ඥාව් කියන බැළලියෝ" කියාය. සංඛගේ කටින් පිටවු බැළලිය, අගමැතිගේ කටින් බැල්ලිය බවට පත් වුයේ අහම්බයකින්, හෝ අත්වැරදීමකින් නොවන බව මගේ මිත්‍ර දේශපාලක විචාරකයෙක් කිවේය.

"රනිල් බැළලිව බැල්ලි කරල කිව්වේ අත් වැරැද්දකින් නොවෙයි. දෙරණ මාධ්‍යවේදියාගෙ ප්‍රකාශය බරපතල කරන්නයි. එය පහත් ප්‍රකාශනයක් බව රටට අඟවන්නයි. ඊටත් වඩා රනිල්ට ඕන වුනේ දෙරණ බලධාරීන්ට බල්ලන් කියන්නයි"

අගමැතිවරයා සිය බලූ කතාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් තර්ජනාත්මකව කියා සිටියේ දෙරණ ආයතනයේ ප්‍රධානීන් ගෙන්වා සංඛ අමරජීත් පිළිබඳව ගත් පියවර කුමක්දැයි විමසන බවය. ඔහු පිළිබඳ පරීක්ෂණයක් කළේ දැයි විමසන බවය. දැන් මේ වන විටත් දෙරණ බලධාරීහු සංඛ ගේ වැඩ තහනම් කොට එම සිදුවීම පිළිබ`ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි. අගමැතිවරයාගේ උපාය වී ඇත්තේ විවේචන ගෙන එන මාධ්‍යවේදීන්, හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම බවට සැකයක් නැත.

රාජපක්ෂ සමයේදි රටේ සියළුම ජනමාධ්‍ය රජයට පක්ෂපාතීිත්වය පෙන්නුම් කළ බව සැබෑය. එදා විපක්ෂය කියා සිටියේ රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය නිදහස උදුරා ගෙන ඇති බවය. අරලිය ගහ මැදුරට ගෙන්වා කන්න බොන්න දී, දිනාගන්නට බැරි වෙන මාධ්‍යවේදින් හා මාධ්‍ය ආයතනවලට තර්ජනය කොට හෝ බිය ගන්වා ජනපති මහින්ද ඔවුන් නිහඬ කර ගත් බව එදා විපක්ෂය කියා සිටියේය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම විපක්ෂයේ ප්‍රබල සටන් පාඨ බවට පත්විය. රටේ ජනතාව රාජපක්ෂ පාලනය පරාජය කරන්නට තුඩු දුන් හේතු අතරට, යහපාලනයෙන් පොරෙන්දු වු මාධ්‍ය නිදහසද එක්විය. එහෙත් දැන් සිදු වන්නේ එම පොරොන්දුවල අනෙක් පැත්තය.

ඔපෙරා ගායනයක රස විඳින්නට හැමදෙනාටම නොහැකිය. 2013 වසරේ හොලන්ඩ් ගොට් ටැලන්ට් සුපිරි තරගයේ වේදිකාවට නව හැවිරිදි දැරියක් පැමිණියාය. ඇය ඔපෙරා ගීතයක් ගයනා කරන බව කී විට විනිසුරු මඬුල්ල ද ප්‍රේක්ෂකාගාරය ද පුදුමයට පත් විය. දැරිය ලෝක ප්‍රකට ඔපෙරාවක් වන O Mio Babbino Caro ගීතය ගයනා කරන්නට පටන් ගත්තාය. එම ගීතය අවරුදු 200ක් තරම් පැරණි ගීතයකි. Amira දැරියගේ ඔපෙරා ගී රාවයෙන් ප්‍රේක්ෂකාගාරය මවිතයට පත් විය. ඇයගේ ගායන විශිෂ්ඨත්වය කෙතරම්ද යත්, විනිශ්චය මණ්ඩලය ඇයට ගොල්ඩන් ටිකට් නම් අවසන් වටයට සෘජුව ඉදිරිපත් විමේ අවස්ථාවක් ලබා දුන්නේය. අවසන් වටයේ දී තවත් ප්‍රකට ඔපෙරා ගීතයක් ගැයු දැරිය තරගයේ ජයග්‍රාහිකාව වෙමින් ලොව ප්‍රකට ගී තරුවක් පත්ව සිටින්නීය. එම දැරිය එදා ප්‍රථම වරට වේදිකාවට ගොඩවු විට විනිසුරු ගෝඩන් සියළු දෙනා හිනස්වමින් කියා සිටියේ "ඔයා කියන්නේ ඔපෙරා සින්දුවක් නම් මට කණේ ඇබ දෙකක් ගහගන්නට සිදු වේවි නේද" කියාය.

මේ ලිපිය කියවන ඔබට අප ළමා අවධියේ කිය වු ටින් ටින් චිත්‍ර කතා පොත් අමතක නැතැයි සිතන්නෙමි. එම චිත්‍ර කතා වලදී අපට හමුවන අපුරු චරිතයක් වන බියංකා (Biyanka Castfaiore) ඔපෙරා ගායිකාවකි. ඇය ඔපෙරා ගායනයක් ආරම්භ කරන්නට සැරසෙත්ම කැප්ටන් හැඩොග් කන්වල ඇබ ගසා ගනියි. එක්කෝ ඇයගේ හඩ නැසෙන දුරක සැඟවෙයි. මන්ද බියන්කාගේ ඔපෙරා ගායනයේ උච්චතම ස්වරයේදි අවට ඇති වීදුරු පවා පිපිරී යන නිසාය.

මා ඉහත උදාහරණ ගෙන දක්වන්නේ බොහෝ දෙනෙකුට ඔපෙරා ගායනය විඳගන්නට අසීරු බව පෙන්වා දීමටයි. කිෂානි අපේ රටට ආඩම්බර විය හැකි ගායිකාවකි. 2008 වසරේ ජාත්‍යනතර ගායනා තරගාවලියේ දී ඈ ඉදිරිපත් කළ Signore Ascolta ගීතය ඉතා උසස් ගායනයක් ලෙස පිළිගනු ලැබීය.

ගැහැනුන්ට හා දරුවන්ට අවමන් කරන ජාතිය ශිෂ්ඨ සමාජයක් නොවේ. පසුගිය නිදහස් දිනය දවසේ කිෂානි ජයසිංහ නම් ශ්‍රී ලාංකේය ඔපෙරා ගායිකාව දන්නෝ බුදුන්ගේ ගීතය ගයනා කිරීම නිසා සමාජ ජාල වෙබ් අඩවි වලින් ඇයව උපහාසයට හා අපහාසයට ලක් කරමින් පරිභව කල සියළු දෙනා එය දැනගත යුතුය. ඔවුන් ලැජ්ජා විය යුතුය. කණගාටු විය යුතුය.

කිෂානිගේ ගායන ප්‍රතිභාවට ගරු කළත් ඇගේ දන්නෝ බුදුන්ගේ ගීතය මගේ ප්‍රසාදය දිනා ගත්තේ නැත. කිෂානි දන්නෝ බුදුන්ගේ ගායනා කරද්දි ඇයට පියානෝවෙන් සහාය වු සවුන්දරී ඩේවිඩ් තම Soul සංගීත කණ්ඩායම සමග ගැයු දන්නෝ බුදුන්ගේ ගීතය තරම් වත් කිෂානි ගේ ගීතය මගේ හදවතට ලං වුයේ නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ උදම් අනන හියුබට් රාජපක්ෂ 1920 දී පමණ ගැයු දන්නෝ බුදුන්ගේ ගායනය රසවත් එකක් නොවේ. තිස්ස අබේසේකර කියන්නේ කොළඹ ඉහළ පන්තියට රස විඳින්නට පහසුව පිණිස පියානෝ වාදනය කරන්නට පුළුවන් සේ හියුබට් රාජපක්ෂ දන්නෝ බුදුන්ගේ ගීතය සකස් කරගත් බවයි. මට නම් එය බටහිර තාලයට ගැයුනු නීරස ගායනයකි.

මගේ මේ විවේචනය නිසා මටත් බලූ බැනුම් අහන්නට සිදුවේදැයි කල්පනා කරමින් මේ ලිපිය අවසන් කරන්නෙමී.

asianmirror
Read more
Sunday, February 21, 2016
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්

මේක සෑහෙන්න දිග කතාවක් වර්ෂය 2005
ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.

ඊට පස්සේ යළිත් උඩුවේ ධම්මාලෝක හිමියන් මගේ ඇස් ඉදිරිපිට සත්‍ය වශයෙන් ම පෙනී සිටින්නේ 2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ.
ඒ කතාව මෙන්න මෙහෙමයි.

මමත්, බිරිඳත් දරුවන් හා අම්මාත් සමග කොළඹ ගියේ අපේ මල්ලී Nadeeka Jayanath Wijeweera ගේ නිවසට. ඇදිරි වැටීගෙන එද්දී අපි තීරණය කළා බිරිඳගේ නංගීගේ Madhavi Lokukaravia නිවසට රාත්‍රී නවාතැන් සඳහා යාමට තලවතුගොඩ තිබූ මල්ලිගේ නිවසේ සිට මගේ වාහනය පාරට දමා මද දුරක් යද්දී ඉස්සරහා අසුනේ සිටි පොඩි පුතා කෑ ගහනවා.
‘‘අප්පච්චී, අප්පච්චී. අන්න අලි පැටියෙක්.“
ඇත්තමයි. පුංචි අලිපැටියෙක් කොළඹ ප්‍රධාන මාර්ගයක යන ලොරියක පටවගෙන යනවා. ඒ වනවිට සිදුවෙමින් පැවති අලි ජාවාරම ගැන මා කරුණු සොයමින් සිටියේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව මේ තරම් පොඩි අලියෙක් සිටිය නොහැකි නිසා මා වහාම ඒ බව දැනුම් දීමට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් කතාකළත් 119 සුපුරුදු පරිදි කාර්ය බහුලයි. අවසානයේ දී කරන්නට දෙයක් තිබුණේ නැහැ. තලවතුගොඩ පසුකර මද දුරරක් යන විට අලි ලොරිය පසු කර ගිය මම කාරය නවතා ලොරියේ ඡායාරූප කිහිපයක් ගත්තා.
නමුත් එයින් සෑහීමකට පත් නොවූ මම බත්තරමුල්ල ඉසුරුපාය පසු කර ගිය විට ඇති පාලම් තුන අසළ දී මේ ලොරිය නවතා ගැනීම සඳහා මගේ කාරයේ එක් පැත්තක් ලොරියේ ගැටීමට සැලුස්වුවත් ලොරිය නවැත්තුවේ නැහැ. අවසානයේ ඇතුල්කෝට්ටේ හන්දිය අසළ දී පාරේ සිටි පොලිස් නිලධාරියකුට මේ ලොරිය ගැන දන්වා ලොරිය නවතා ගැනීමට මට හැකිවුණා.
ඒ වනවිට මම මගේ මල්ලිටත්, Madura De Silva , Nadika Hapuarachchi , Jagath Gunawardana, Sajeewa Chamikara, Karyawasam Thilak (තිලක් කාරියවසම්), Pubudu Weerarathna වැනි කිහිප දෙනකුට මේ පණිවිඩය දී අවසන්. ඔවුන් ද එතැනට පැමිණෙමින් සිටියේ මගේ සහයට. (එදා ඔවුන් නොපැමිණෙන්නට අද මා ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබුණා.)

ලොරිය නැවැත්වූ වහාම එහි රියදුරා සහ ඇත්ගොව්වා පැමිණ කීවේ මේ අලියා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලට අරගෙන යන බවයි. අලියා ගෙන ආවේ පන්නිපිටියේ විහාරස්ථානයකින් (සියල්ලෝම දනිති) බවත් ඔවුන් කීවා. නමුත් ඔවුන් සතුව අලියාගේ බලපත්‍රයේ පිටපතක් හෝ අලියා ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් හෝ තිබුණේ නැහැ.
මේ වේලාවේ වාහන තදබදය හේතුවෙන් අලියා සහිත ලොරියටත් මටත් වැලිකඩ පොලිසියට යන ලෙස පොලිස් නිලධාරියා උපදෙස් දීම නිසා අපි එහි ගියෙමු. නමුත් පොලිසියට ගිය වහාම අපිට දෝෂාරෝපණය කළ පොලිසි ස්ථානාධිපතිවරයා කියා සිටියේ හාමුදුරුවන් තමන්ට කෝල් කළ බවයි. වහාම අලියා රැගෙන යන ලෙසත් පිස්සු නටන්නේ නැතිව ඉන්නා ලෙසත් පොලිසිය මටත් ඒ වනවිට එහි පැමිණි මගේ මිතුරන් කිහිප දෙනකුටත් දෝස්මුරයක් දැම්මා.
ලොරිය කඩිනමින් පොලිසියෙන් ඉවත්ව ගියත් අපේ Nadika Hapuarachchi තවත් කිහිප දෙනකු සමග ලොරිය පසුපස හඹා ගොස් ලංකා හොස්පිට්ල් ඉදිරිපිට දී යළිත් ලොරිය කොටු කර ගත්තා.
මේ වනවිට රටේ මාධ්‍ය ආයතන රැසකට මා මේ පිළිබඳ දැනුම් දුන්නේ වනයෙන් ගෙන ආ පුංචි හොර අලි පැටවකු ප්‍රවාහණය කරමින් සිටිය දී පරිසරවේදීන් පිරිසක් විසින් අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරන බවයි. සියළු මාධ්‍ය ආයතනවලින් පුදුමාකාර සහයෝගයක් ලැබුණේ මොහොතකින්.
වනජීවී වැටලීම් නිලධාරීන් ද ක්ෂණයකින් එතැනට පැමිණිය. ඒ පැමිණි මොහොතේ පටන් රට පුරා සිටින වනජීවී විෂය භාර ඇමතිවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රබලයන්, වෙනත් දේශපාලකයන් කතා කරමින් අලියා මුදා හරින ලෙස දැනුම් දුන්නා.
නමුත් මාධ්‍ය හමුවේ ඊට ඉඩක් ලැබුණේ නැහැ.
පැය ගණනක මහන්සියක ප්‍රතිඵලය වුණේ අලියා වනජීවී භාරයට පත්කර බත්තරමුල්ලට රැගෙන යාමයි. නමුත් අලි ජාවාරම් කරුවන් මෙය අවසන් කළේ නැහැ.
මා හැමදාමත් ගරු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට වැඩියා.
උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙතෙක් අසා තිබුණේ ධර්මය පිළිබඳ කරුණු පමණයි. නමුත් එදා අපි අපේ අම්මලා තාත්තලාගේ උප්පැන්න සහතිකත් අහ ගත්තේ ඒ ශ්‍රී මුඛයෙන්මයි.
අවසානයේ
අපේ කණ්ඩායමත් 40ක් පමණ වුණා. ( කොළඹ සිටි මගේ යහළුවන් හා පරිසරයට හිතැති බොහෝ දෙනකු මෙතැනට පැමිණ විශාල සහයක් ශක්තියක් සැපයුවා මට මතකයි.)
මේ අතර එක් මිතුරෙක් සිය පුතු වඩාගෙන මධ්‍යම රාත්‍රිය පසුවන තුරු සිටියේ පරිසරයට ඇති ඇල්ම නිසා. පුතුට නින්ද ගිහින් තිබිය දී එතැනට ගිය හාමුදුරුවෝ මෙහෙම අහනවා.
‘‘මේ දරුව කාගෙද ? “
‘‘මගේ හාමුදුරුවනේ“
‘‘ වෙන්න බෑ. උඹලවගේ අවලම් එවුන්ට දරුවො ලැබෙන්නේ නැහැ. මේ අලි පැටියා මම කවලා පොවලා හදා ගත්තේ. උඹලා ඒවා විනාශ කරනවා. මේ දරුවෝ උඹලගේ නෝනා වල් කමේ ගිහින් හදා ගත්තුවා.“
මගේ මිත්‍රයා මෙහෙම කිව්වා. - ‘‘හාමුදුරුවනේ ඒ කාලේ ඡන්දෙ ඉල්ලද්දී මම ඇවිත් වැඩ කළේ මේ වගේ කතා අහගන්න නෙවෙයි. ඔබ වහන්සේලා වගේ අය පාර්ලිමේන්තු යවලා උස්සල තියපු අපිට මේව හොඳ පාඩම් “
මා මෙහි සඳහන් කළේ එදා කී දේ වලින් ලිවිය හැකි දේ පමණයි. අනිත් දේවල් ලියන්න තියා අහගෙන ඉන්නවත් බැහැ.
මධම රාත්‍රියත් පසුවන තුරු අලියා නීති විරෝධී බව හැඟවීමට අප කළ සටන අවසන් වුණේ රටේ ඉහළම පුරවැසියකුගෙන් ලැබුණු ඇමතුමක් සමගින්.
එදා අපි ගෙවල්වල යන්න එළියට බහිද්දී වනජීවී නිලධාරීන් කීවේ මහත්තයෝ යන්න එපා. වාහනවල ටයර් කපලා. එළියේ ලොරිවල ඉන්නවා පොලු තියාගෙන කණ්ඩායමක්. මහත්තයලාට ගහන්න ඇවිත්.
මෙන්න බෞද්ධ පිරුවටයට සැඟවී සිටින අලි ජාවාරම් කාරයන්ගේ කෙරුවාව.
අවසානයේ අපිට සිදුවුණා පොලිස් ආරක්ෂාව ඉල්ලන්න. පොලිසිය පැමිණ ලොරිවල සිටි පොලු සහිත මැරයන් යළි හරවා යැවූ පසු අපි ගෙවල්වල ගියේ පොලිස් ආරක්ෂාවත් සහිතව.
මේ තමයි එදා ක්‍රියාත්මක වූ අලි ජාවාරමේ සැබෑ තත්ත්වය.
මේ අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.

රුපියල් ලක්ෂ හතරක් පමණ වැය කරමින් පුවත් පත් දැන්වීම් දමා පන්සලට ගෙනවිත් දැමූ අලියා වෙනුවෙන් නඩු කියන්න රුපියල් 10 ඉල්ලන අපේ හාමුදුරුවනේ දෙසනවා ද බුදු බණ ඩිංගිත්තක්

Read more
Saturday, February 20, 2016
ලංකාවේ පොර චරිත ෆේස්බුක් ඇතුලේ චූ වෙන හැටි.......



ලංකාවේ පොර චරිත ෆේස්බුක් ඇතුලේ චූ වෙන හැටි.......
Posted by Sri lanka team on Tuesday, February 16, 2016
Read more
Monday, February 15, 2016
ඔපෙරා සහ කොස් ඇට

දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැන තාමත් සාකච්ඡා වෙන හින්ද තවත් පොඩි දෙයක් කියන්ඩ ඕනෙ කියල හිතුන. සමහරු ඒ ගායනය කරපු කිශානි ජයසිංහට විවිධ නරක වචන කියමින් බැනල තිබ්බ අතරෙ ඒ ගායනය විවේචනය කරල තිබ්බ අයව ගල් වැද්දන්ට සමාන කරමින් රටේ සංස්කෘතියට ගරහන්ඩ අවස්ථාවක් උදාකරගත්ත අයත් හිටිය.

මේ ගායනය ගැන හිතද්දි මට මතක් වුනේ කාලෙකට ඉස්සෙල්ල ජාතික රූපවාහිනියෙ විකාශය වෙච්ච කන්දෙ ගෙදර-2 ටෙලි නාට්ටියෙ කුඩා සිද්ධියක්. මේ නාට්ටියෙ කතානායකය "බාල මහත්තය" (රෝහණ බැද්දගේ). බාල මහත්තය ගමේ හැදිච්ච, ගමේ නම්බුකාර චරිතයක් වුණු සර්ව සම්පූර්ණ ගැමියෙක්. බාල මහත්තයගෙ ලොකු පුතත් ගමේ හැදුනු වැඩුණු කෙනෙක් වුනාට නගරෙ උසස් රැකියාවක් කරන කෙනෙක්. බැඳල ඉන්නෙ නගරෙ හැදිච්ච, අර අපි කියන පොෂ් පැලැන්තිතියෙ කෙනෙක්. ඉතින් මේ දෙන්නගෙ ළමයිනුත් (විශේෂයෙන් දුව) හැඳි ගෑරප්පුවලින් විතරක් කන, නගරෙ විදිහට හැදිච්ච අය. වරක් මේ ලොකු පුතාගෙ පවුල යනව ගමේ, ඒ කියන්නෙ බාල මහත්තයගෙ ගෙදර. අර ලොකු පුතාගෙ දුවට ගමේ දේවල් පුරුදු නැති හින්ද පොඩි පොඩි අකරතැබ්බවලට මුහුණ දෙන්ඩ වෙන්ඩ දෙන අතරෙ හොඳම වැඩේ වෙන්නෙ කෑම මේසෙදි. කෑම මේසෙ තියෙන්නෙ ඉතිං බාල මහත්තයල කන ගමේ කෑම තමා. ඒ වුනාට අර දුවට හැඳි ගෑරප්පුවලින්ම කන්ඩත් ඕනෙ. බොහොම අමාරුවෙන් කන අතරෙ බත් පිඟානෙ තිබ්බ තම්බපු කොස් ඇටයක් කන්ඩ කියල ගෑරප්පුවෙන් ඇනපි. කොස් ඇටේ පිඟානෙන් එළියට විසික් වෙලා යනව නිකං අර කොටින්ට ගහපු මල්ටි බැරල් රොකට් එකක් වගේ. බාල මහත්තය ඇතුළු පිරිසට හිනා. ඕක තමා සිද්ධිය.

දැන් අර වෙච්ච වැඩේට හිනාගිය බාල මහත්තයට ගල් වැද්ද කියල බැනල හරියන්නෙ නෑ. එක්කො කොස් ඇටේ ඇඟිලිවලින්ම ඇරං කන්ඩ ඕනෙ. ගෑරප්පුවෙන්ම කන්ඩ ඕන්නං කොස් ඇටේ හොඳටම තම්බල ගන්ඩ ඕනෙ ගෑරප්පුවෙන් ඇනල ගන්ඩ පුළුවන් ගාන වෙනකං. නිදහස් දවසෙ දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැනත් මේ වගේ දෙයක් තමා කියන්ඩ තියෙන්නෙ. එතන වුනේ සිංහල ගීතයක් අමුවෙන්ම ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමක් විතරයි. එතන කිසිම නිර්මාණාත්මක දෙයක් වෙලා තිබ්බෙ නෑ. ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් හූ කියනව වගේ ඒක අපිට ඇහෙන්නෙ ඒ හින්ද. අර ඉතාලි ඔපෙරාවල කරනව වගේ "ර්"යන්න වැඩියෙන් උච්ඡාරණය කිරීමෙන්ම පේනව එතන වුණේ අමුවෙන්ම අනුකරණයක් කියල. නමුත් කේමදාස මාස්ටර්ගෙ සිංහල ඔපෙරාවල මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒවා ඔපෙරා වුනාට ඒවායේ සිංහල හෝ උත්තර භාරතීය සංගීතයේ මුද්‍රාව තිබ්බ. ඔපෙරා අනුකරණය කරන්ඩ ගියේ නෑ. ඔපෙරා ශෛලිය අඩුපාඩු සහිතව හරි අපේම දෙයක් කරගත්ත එක කරේ. කේමදාසයන්ගේ ඔපෙරාවල සිංහල වචන උච්ඡාරණය වෙන විදිහ අහල බලන්ඩ. සාමාන්‍ය සිංහල උරුවක් තියෙන්නෙ. නමුත් ඔපෙරාවල වගේ යම් යම් වචන/ශබ්ද අලංකරණ යොදාගන්නව, ඇක්සන්ට් නෑ. කේමදාසයන්ගෙ විශිෂ්ඨම ඔපෙරාවක් වෙච්චි "පිරිනිවන් මංගල්‍යය" අහල බලන්ඩ. ගමේ සාමාන්‍ය උපාසක අම්ම කෙනෙක්ට වුනත් වැඩි අපහසුවකින් තොරව අහං ඉන්ඩ පුළුවන්. කේමදාස මාස්ටර් සංගීතවත් කරපු නාට්‍ය සහ චිත්‍රපටිවලත් මෙම ඔපෙරා ශෛලිය යොදාගත්තත් සාමාන්‍ය කෙනෙක්ට ඒක වැඩිපුර ඉස්මතු වෙලා පේන්නෙ නෑ. මොකද ඒවා අමු ඔපෙරා නොව, අපේම කරගත්ත ඔපෙරා වෙච්චි හින්ද.

ඉතිං ඕක තමා කතාව. කේමදාස මාස්ටර්නං කොස් ඇටේට ගෑරප්පුවෙන් අනින්ඩ කලින් හොඳටම තම්බගත්ත. අඩුම ගානෙ එහෙම කරන්ඩ උත්සාහ කරා. කිශානි ජයසිංහ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇන්න කොස් ඇටේට ගෑරප්පුවෙන්. ඉතින් කොස් ඇටේ විසිවෙලා ගියා. කොස් ඇටේ විසිවුනා නේද කියල අපි ඇහුවම, කිශානි නෝන හැඳි ගෑරප්පුවලින් ඉංග්‍රීසි කෑම කාල ගත්ත සම්මානවලින් අපිට දමල ගහල වැඩක් නෑ. ඕං ඔහොමයි මට මේ වැඩේ දැනුනෙ.

ප.ලි: බාල මහත්තයගෙ මිනිපිරීගේ කෑම පිඟානෙ මුරුංග ව්‍යංජනයකුත් තිබ්බද කියල හරියටම මතක නෑ.

-සධීර බණ්ඩාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Read more
Sunday, February 14, 2016
මද්දුම බණ්ඩාර ජාතක වීරයෙක්ද -චින්තන ධර්මදාස

හෙඩිම මෙහෙම ලිව්වෙ ළාබාල උන්ව අවුස්සන්න හිතාගෙනමයි. ඇත්තටම මම ජාති ද්‍රෝහියෙක් වීමෙන් කොයිතරම් නම් ජාතික ප‍්‍රබෝධයක් දල්වන්න උදව්වෙලා තියෙනවද. පිංපොං වගේ ජාතික වීරයන් පහළ වුනේ මම දුෂ්ටයෙක් වීම නිසා නෙමෙයිද. කොයි වෙලාවකවත් වීරයා නිර්මාණය කරන්න දුෂ්ටයා විසින් කරපු මැදිහත්වීම අමතක කරන්න නරකයි. බුදුන් නිර්මාණය කරන්න දේවදත්ත ඉටු කරන කොටස සහ ජේසුන් නිර්මාණය කරන්න ජුදාස් කළ කොටස වගේම දුටුගැමුණු නිර්මාණය කරන්න එළාර විසින් කළ කොටසත් සුළුපටු නෙමෙයි. මෑතකම නම් මහින්ද නිර්මාණය කරන්න ප‍්‍රභාකරන් ඉටු කළ කොටසත්.

ලංකාවෙ ජාතික කැක්කුමේ හරි පුදුම හිතෙන තැන් තියෙනවා. උදාහරණයක් විදිහට මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක් වෙන්නෙ කොහොමද කියල මට තාම තේරුම් ගන්න බෑ. මද්දුම බණ්ඩාර කියන්නෙ මේ රටේ අවසාන රජු වෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහව ඉංග‍්‍රීසීන්ට පාවා දෙන ඇහැලේපොල නිලමෙගෙ පුතා. ඒ කියන්නෙ කන්ද උඩරට මහා පාවාදීම සිද්ධ වෙන්නෙ මද්දුම බණ්ඩාරගෙ තාත්තා අතින්. ඕනම නං ජාතියේ වීරවංසය ලියන විමල් වීරවංසගෙන් වුණත් අහලා බලන්න පුළුවන්. ඇහැලෙපොල පවුල මේ දඩුවමට ලක්වෙන්නෙ නිලමෙව අල්ලගන්න බැරි වෙන හින්දා. ඒත් මද්දුම බණ්ඩාර මැරෙන හැටි මං පෙන්නන්නං කියපු හින්දා ජාතියේ වීරත්වයට පත්වෙනවා. වෙන කිසි හේතුවක් නැතුව.

මේ පාවාදීම් සහ කුමන්ත‍්‍රණ පිටිපස්සෙ මීට වඩා සංකීර්ණ කතාවක් තියෙන බව මම බැහැර කරනවා නෙමෙයි. ඒත් මේක තමයි ව්‍යවහාරික ජනප‍්‍රිය ඉතිහාසයේ කතාව. මට පුද්ගලිකව ඇහැලේපොල දුෂ්ටයෙක්වත් මද්දුම බණ්ඩාර වීරයෙක්වත් නෙමෙයි. ඒත් මේ ප‍්‍රචලිත ඉතිහාසය ඇතුලෙම ජීවත්වෙන සිංහල බෞද්දයාට මේ විදිහෙ පරස්පරයන් එකට පවත්වාගන්න පුළුවන් වීම විශේෂයක්. තවත් උදා විදිහට මේ වෙද්දි පට්ට ගහපු දුටු ගැමුණු චරිතය ගන්න පුළුවන්. ඉතිහාස කාරණා ගැන සංවාද විවාද ඔක්කොම පැත්තකින් තිබ්බත් දුටු ගැමුණු කියන නමෙන් සංකේතවත් කරන්නෙ මොකක්ද. ඒක දෙටු හෙවත් ජ්‍යෙෂ්ට යන්නෙන් බිඳී ආවා වගේ බොළඳ කතා නොකියා බැලුවොත් අපි නිතරම ගැමුණුව හඳුන්වන්නෙ දුෂ්ට කියන විශේෂණයත් එක්ක. ඒත් එයා දුෂ්ටයි කියල පිළිගන්න අපිට බෑ. කාටවත් ඕන වෙන්නෙත් නෑ දුටු ගැමුණුගෙ නම සුදු ගැමුණු වගේ වෙනස් කරන්නත්.

දුටු ගැමුණුගෙ සහෝදරයා සද්ධාතිස්ස. නමෙන්ම කියවෙන විදිහට බොහොම බුදු දහමට ළැදි ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරපු රජෙක්. ඒත් කාටවත් සද්ධාතිස්ස ජාතික වීරයෙක් නෙමෙයි. කාටවත් තිස්ස මහා රාමයෙන් රැස් විහිදෙන්නෙවත්, බුදු රැස් පේන්නෙවත් නෑ. නම සද්ධාතිස්ස වුණත් ජනතාව කැමති දුෂ්ට ගාමිනීට. අපේ දෙවිවරු වුනත් අරං බලන්න. බාගෙට බාගයක් හරක් හොරු. මැරුනට පස්සෙ යකා සහ දෙවියා හැටියට පෙනී ඉන්නවා. මේ මිත්‍යාවෙ තියෙනවා අතාර්කික ගැඹුරක්. මගේ අදහස මේ නොගැලපීම වෙනස් කරගත යුතු දෙයක් නෙමෙයි කියලයි. මේක අපේ ජාතික සංස්කෘතික ලකුණක්. මම සිංහල කියන ජනවර්ගය ගොඩක් කැමති ගතියක් මේක. පරස්පරයන් එක්ක ජීවත් වෙන්න පුළුවන් වීම. තාර්කික නිවැරදිවීම් වලට මැළිවීම. ඒකෙ පොඩි පොයෙටික් ගතියක් විඳිනවා මම. මේ ගතිය අපේ ඉතිහාසය පිළිබඳ විශ්වාසවල ඉඳන් එදිනෙදා ජීවිතයේ පැවතුම් දක්වාම සම්බන්ද වෙනවා.

ඒකයි මේක ජාතික සංස්කෘතික ලකුණක් වෙන්නෙ. සංස්කෘතියක් කියන්නෙ පොතක ලියපු හෝ ගලක කොටපු දෙයක් නෙමෙයි, ඒක ජීවන ක‍්‍රමය ඇසුරෙන් යළි යළිත් නිර්මාණය වෙන දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් අයට මේ කාරණය පැහැදිලි වෙයි. ජාතික හැගීම් වලට පොඩ්ඩක් හරි රිද්දන සුළු පෝස්ට් එකක් දාපු ගමන් වැටෙන කමෙන්ට්ස් වලින් අපේ සංස්කෘතිය ගැන ගොඩක් සියුම් ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බුද්ධ ශාසනය බේරා ගැනීමේ උදාර අරමුණෙන් කමෙන්ට් කරන ගොඩක් අය කතා කරන්නෙ ජාතකේ ගැන. ඒත් බුදුන් වදාරන්නෙ යමෙක් ජාතියෙන් බමුණෙක් හෝ වසලයෙක් නොවේ කියල. ඒක වෙසක් වලට ලොකුවට තොරන්වලත් ගහනවා. ඒත් බුදුන්ගෙ ධර්මය බේරගන්න නම් සිංහල බෞද්දයාට ජාතකේ නැතුව බෑ. ඒක බුදුන්ට තේරෙන සත්‍යයක් නෙමෙයි.

මගේ අදහස මේ දේවල් නිවැරදි විය යුතුයි කියන එක නෙමෙයි. මේ තමයි අපි. ඒකෙ ලස්සනක් තියෙනවා. තාර්කික විධිමත් සිතීමක් නැති වුණත් උණුසුම් හැගුම්බර ජාතියක් අපි. නලින්ද සිල්වා නම් මේක යුරෝ-ඇමෙරිකානු චින්තනයට නතු නොවුණු ස්වදේශීය මොකක් හරි කියල ගන්න ඉඩ තියෙනවා. ඒත් මං හිතන්නෙ දැනුමත් එක්ක සංවිධානය වෙන්න අපිට ඔරිජිනල් අත්දැකීම් තිබුනෙ නෑ. ඒක නිසා දැනුමත් නොදැනුමත් දෙකම තිබුනෙ එක වගේ මිත්‍යාවක. දැන් අපි උත්සාහ ගන්න ඕන ඒක ආර්ට් එකක් කරගන්න. හොඳට හිතලා බැලුවොත් අපි ආඩම්බර වෙන දේවල් ගැන මේ කතාවෙ තවත් පැත්තක් පේන්න ගන්නවා.

ඇත්තටම වර්තමානයේ භෞතිකව අපිට ආඩම්බර විය හැකි කිසිම දෙයක් නිෂ්පාදනය කරන්න රටක් විදිහට බැරි වෙලා තියෙනවා. තාක්‍ෂණික විද්‍යාත්මක දේවල් නෙමෙයි අඩුම තරමෙ සිංදුවක්වත් අපිට අපේම කියල හදාගන්න අමාරුයි. විදග්ධ මහා නිර්මාණකරුවො පවා නිර්මාණාත්මකයි කියල කියන්නෙ අමු අමුවෙ කොපි කරලා හොයා ගන්න බැරි වෙන එකට. කොපි කිරීමකින් සාර්තක ප‍්‍රතිඵල ලැබෙන්න නම් ඒක කොපියක් කියල පිළිගැනීම අවශ්‍යමයි. එහෙම නැත්තං ඒක හොරකමක්. ජාතික ගීය දෙමළෙන් කිව්වා කියල පුදුමාකාර සෝකෙකින් ජනතාව පෙළෙන්න ගත්තා. ඒත් මේ ජාතික ගීය ලියවෙන්නෙ බෙංගාලි භාෂාවෙන්. ඒක ලියන්නෙ රවින්ද්‍රනාත් තාගෝර්. ඒකට තනුව දාන්නෙත් තාගෝර්. ආනන්ද සමරකෝන් කරන්නෙ ඒක සිංහලට පරිවර්තනය කරන එකයි. ඒත් ඒක දෙමළෙන් කියන එක අපිට වාවන්න අමාරු කාරණයක් වෙනවා.

අපි ඇත්තටම ආඩම්බර වෙමින් ඉන්නෙ මොනවා ගැනද. අපේ අතීතය ගැන. අපි නොදන්නා කාලෙක නොදන්නා ඉතිහාසයක් ගැන. සාමාන්‍ය එදිනෙදා ජීවිතේදි තමන්ගෙ අතීතය ගැන පාරම්බාන මෙලෝ වැදගැම්මකට නැති මිනිහෙක් මුණගැහුනොත් අපිට දැනෙන්නෙ කොහොමද. ඒත් අපි ජාතියක් විදිහට ඒ දේම කරමින් ඉන්න එක ගැන අපිට කිසි අවුලක් නෑ. මේ අතාර්කික හැගුම්මය අතීතයක ජීවත්වෙන ජාතියක් විදිහට අපිට නිර්මාණශීලී දේවල් තියෙනවා. ඒත් ඒ දේවල් නිර්මාණ විදිහට පිළිගන්නත් අපිට අමාරුයි. හරියට දැනුමෙන් ඛණ්ඩනය වෙලා නැති හින්ද යුග ගානක දේවල් එකට පැටලිලා තියෙන්නෙ.

ගොඩක් අය නොපිලිගත්තා වුණත් ලංකාවෙ අයට ක‍්‍රියේටිව් විදිහට කුණුහරුප කියන්න තියෙන හැකියාව ඇත්තටම අගය කළ යුත්තක්. භාෂාවෙ හැමෝම දන්න හත අටක් කුණුහරුප කියන වචන වලින් ගොඩක් කතන්දර ගලපලා කියන හැටි රසවිඳින්න පුළුවන් ආර්ට් එකක්. මට දැනට හම්බුවෙලා තියෙන අය අතරින් මේ ටැලන්ට් එක හොඳටම තිබුනෙ අම්පිටියෙ සුමනට. මේ අතාර්කිකත්වය සහ ඉමෝෂනල් වීම නොදියුණු හෝ වෙනස් කළ යුතු තත්වයක් හැටියට දකිනවට වඩා ශක්‍යතාවයක් විදිහට පාවිච්චි කරන එකයි ට‍්‍රයි කරන්න ඕන. නරක පැත්තට වුණත් මහින්ද මේක සාර්ථකව කරලා පෙන්නුවා. උදා විදිහට මහින්දට ඕන නම් පුළුවන් දුටු ගැමුණුව ජාතිද්‍රෝහියෙක් කරන්න වුණත්. මහින්ද විසින් ලංකාවෙ ඉතිහාසය යළි නිර්මාණය කළා. අනුරාධපුර යුගයෙ දුටුගැමුණුට පස්සෙ කෙලින්ම රාජාවලියෙ ඉන්නෙ මහින්ද. ඒ අතරෙ මැද්දක් නෑ.

හොඳට බැලවොත් පේනවා අපේ රට ගැන ජාතිකත්වය ගොඩක් තියෙන්නෙ රටෙන් පිට. කොහොම හරි වෙන රටක පදිංචියට යන හීනෙ ඇතුලෙ හෙම්බත් වෙලා වෙන රටකට රිංග ගන්න ගොඩක් අය ටික කාලෙකින් ජාතික හැගීම්වලින් ඔද්දල් වෙනවා. පරණ නන්දා මාලනී අහන්න ගන්නවා. මේක ජාතිවාදයක් නෙමෙයි. පුංචි වෙමින් යන තමන්ගෙ ජීවිතය ලොකු විශාල යමකට ගැටගහලා තියන්න දැනෙන උවමනාව. ආඩම්බර වෙන්න තමන්ගෙන් පිට යමක් ඕන. ජීවිතේ ඇකිලෙන්න ඇකිලෙන්න ආඩම්බරේ ලොකු වෙනවා. බන්දු සමරසිංහ කියපු ආඩම්බරයි තේරුමක් නැතුව කියන ලයින් එක ලංකාව ගැන මාර තේරුම් ගැනීමක් වෙන්නෙ ඒ හින්ද. මේ ලිපියෙ ඇත්ත හෙඩිම වෙන්න තිබුනෙ ඒක.

ජාතිවාදය කියන්නෙ දේශපාලනිකව කෘතිමව නිර්මාණය කරන තත්වයක් මිස ඇත්තක් නෙමෙයි. තියෙන්නෙ යම් කිසි සමාජ මානසික උවමනාවක ප‍්‍රකාශනයක් විතරයි. පැහැදිලිවම ඒකෙ ලොකු කොටසක් තියෙනවා සෙක්ස්වලට අදාලව. අවුරුදු දහයක් පුරා මහින්ද ලංකාවෙ ජනතාව නෂ්ටකාමී කළා. ලෞකික සැප විඳින කාමී පිරිස වුනේ රාජපක්ෂවරුන් සහ ඒ ආශ‍්‍රිත නිළමෙවරුන් විතරයි. ජනතාව සිය කැමැත්තෙන්ම දුක්ගන්නා රාළලා වුණා. ලිංගිකත්වය ඇහිරෙන්න ඇහිරෙන්න ජාතිවාදය ලොකු වෙනවා. ඒකයි ගොඩක්ම ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය පැතිරෙන්නෙත්. මෙතනදි ලිංගිකත්වය කියන්නෙ සංසර්ගය විතරක්ම නෙමෙයි. අපි ලෞකික ජීවිතේ අත්විඳින සුඛයන්. බ‍්‍රා එකට කුපිත වීමේ ඉඳන් සිංහලේ දක්වා දුවන්නෙ ආශාව ඇහිරීමේ එකම ව්‍යාධියක්. මේක සදාචාරය නෙමෙයි. මේක ලෙඩක්.

නදීෂා හේමමාලි මේ දවස්වල ඒ ඇත්ත එක්ක කෙලින් ගනුදෙනු කරනවා. තොල් සිපගැනීමෙන් රටේම සිල් බිඳිලා ඉන්න අතරෙ එයා අඩ නිරුවත් ඡායාරූප පෙළකුත් කිසි පැකිලීමක් නැතුව මුදාහැරියා. තවදුරටත් ලංකාවෙ නිළියකගෙ පරාසය පරණ සංස්කෘතික සීමාවෙ රැඳෙන්නෙ නෑ. නදීෂා කල්චරල් බෝඩර් එක වෙනස් කරනවා. අනේ ඒක කළේ මං දන්නෙ නැතුව කිය කිය බබා වෙන්න හදන බොළඳ නිළි පෙලක් මැද්දෙ එයා තනියම හිටගෙන සිංහල බෞද්ධයා අන්දමන්ද කරනවා. මේ ෆේස්බුක් වල ඇවිලෙන කාරණා සංස්කෘතියෙ සංවේදී තැන් විදිහට තේරුම් ගැනීමම නොමග යාමක්. අපි මේ අත්දකිමින් ඉන්නෙ අවුරුදු දහයක් තිස්සෙ වපුරපු සාර්ථක කැම්පේන් එකක විත්ඩ්රෝවල් සිම්ප්ටම්ස්. අධිපති සංස්කෘතික කතිකාවක් වෙනත් අදහස් ධාරාවක් විසින් විස්තාපනය කරමින් තියෙනවා. ඒක සුහද මාරුවක් නෙමෙයි. ලොකු ගෝෂාවක් ලොකු ප‍්‍රතික්‍ෂේප කිරීමක් ලොකු පහරදීමක් මැද්දෙයි ඒක සිද්ධ වෙන්නෙ. ඒත් අනිවාර්යෙන්ම ඒ වෙනස සිද්ධ වෙන්න නියමිතයි.

අනෙක් අතට මේ ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශය ගොඩක් හොඳ දේවල් කරනවා. උදාහරණයක් විදිහට ඉතිහාසය සම්බන්ධ ලොකු කතිකාවන් ඇරඹෙනවා. ජාතිවාදී පාර්ශ්වයෙන් න්‍යායාත්මක ගොඩනැංවීම් කිසිවක් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා තේරුමක් නැති කුණුහරුප ගොඩක් මැද්දෙ සාර්ථක ඉතිහාස සංවාදයක් සිද්ධ වෙනවා. දේවල් වඩා ශක්තිමත් විදිහට සමාජගත වෙනවා. මං පුද්ගලිකව කවර හෝ ජාතිකවාදයකට අකමැතියි. ඒත් ජාතිකවාදී අදහස් වල පැවැත්මට මම ගරු කරනවා වගේම ඒකෙ අවශ්‍යතාවයකුත් දකිනවා. ඒත් දැන් ජාතික කියල තියෙන්නෙ අමු විහිළුවක් විතරයි.

එල්ලෙන්න ප‍්‍රධාන ධාරාවෙ ඉතිහාසය අවශ්‍යම නං මං යෝජනා කරන්නෙ රුවන්වැලි සෑය වෙනුවට සීගිරිය තෝර ගන්න කියල. ලෞකික රාජ්‍යයක් වෙනුවෙන් වැඩකරපු ඉතිහාසයක්. ලෝකෙ ඕනම රටක මිනිහෙකුට ගරු කරන්න පුළුවන් ඉතිහාසයක්. අනෙකාව මැඩීම වගේ පටු තැනක නැතුව වඩා යහපත් මනුස්ස සමාජයක් වෙනුවෙන්, ලෞකික ජීවිතයක් වෙනුවෙන් අපේ ඉතිහාසයෙන් කළ එකතු කිරීම් වලට යන්න. ඇත්තටම සීගිරිය අපේ ඉතිහාසයේ කේන්ද්‍රයක් වෙන එක ගොඩක් වටිනවා. ජාතියක් විදිහට අපි කරපු ගොංකං වල එල්ලිලා ඉඳලා තේරුමක් නෑ. ඊටත් වඩා සාර්ථක වෙන්නෙ අපේ චූල ඉතිහාසයෙන් සංකල්ප ගොඩනගන එකයි. ඒ කියන්නෙ හිස්-ස්ටෝරි (ඔහුගේ කතාව) වෙනුවට හර්-ස්ටෝරි (ඇගේ කතාවට) යන්න. අපේ සාමාන්‍ය ගැමි ජන ජීවිතයේ චර්යාවන් සහ සංකල්ප ගැන කරන නැවත කියවීමක් ඇසුරෙන් වෙනස් ඉතිහාසයක් ගොඩනගන්න පුළුවන්. නිදහස් ලිංගික ජීවිතයක්, නිදහස් සරල සාමකාමී පැවතුම්, ගොඩක් දේවල් එකවර කියන විවෘත සිනහව වගේ දේවල් එක්ක නව සංකල්ප නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක වඩා අර්ථවත් නූතන හිපි එළඹුමක් වෙන්න පවා පුළුවන්.

ජාතිකත්වය කියන්නෙ ඉස්සර තිබුණ දෙයක් නෙමෙයි. ඒක අපි විසින් මේ මොහොතේත් නිර්මාණය කරමින් පවතින දෙයක්. ඒ වෙනුවෙන් අපි කරමින් ඉන්න වැඩකොටස මොකක්ද කියල අපි අපෙන් අහන්න ඕන. හරියටම නම් සෝම හාමුදුරුවන්ගෙ කාලෙන් පටන් ගත්ත මහරජ කැම්පේන් එකේ අවතාර තව ටික දවසක් ප‍්‍රතිවාදීව නැගී සිටිමින් අපිට උදව් කරයි. කුණුහරුප රැප් කරන්න. පුළුවන් තරම් බොරු කියන්න. ෆේස් බුක් එක කුඹුරක් කරන්න. හොඳ ඵලදායී සංවාදයක් බුද්ධිමය බිත්ති ඇතුලෙ විතරක් සිද්ද වෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒ හින්ද දේශපාලන කුලී හේවායන් නොවු අවංක ප‍්‍රකෝප වුණු සිංහල බෞද්දයන් අපිට අවශ්‍යයි. මේ ඔක්කොම මැද්දෙන් වසන්තය එනවා සත්තයි.

මූලාශ්‍ර‍ය කල්ට්
Read more
Saturday, February 13, 2016
මම කවදාවත් මගේ ආගමට ජාතියට අගෞරවකරන්නේ නැහැ........... ඔපෙරා ශෛලියෙන් දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ කිෂානි කතා කරයි * මම ජෝන් ද සිල්වාගේ මිණිබිරියක්‌

මම කවදාවත් මගේ ආගමට ජාතියට අගෞරවකරන්නේ නැහැ
ඔපෙරා ශෛලියෙන් දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ කිෂානි කතා කරයි

* මම ජෝන් ද සිල්වාගේ මිණිබිරියක්‌

නිදහස්‌ දින පැවැති සංස්‌කෘතිය උළෙලේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස්‌ පළවී තිබෙනවා. ඇතැමුන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. මේ අතර මේ ගීතය ගායනා කළ තරුණිය කවුද කියා තවත් පිරිසක්‌ විමසනවා. ඇත්තටම ඇය කවුද?

ඔබේ සම්පූර්ණ නම ?

කිෂානි ජයසිංහ

ගම ?

කොළඹ, මම උපතින්ම ශ්‍රී ලාංකිකයෙක්‌.

බෞද්ධයෙක්‌ද?

ඔව්. මම හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්‌.

අධ්‍යාපනය හැදෑරුවේ ?

පාසැල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. අපොස උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය හැදෑරුවා. පසුව මම උසස්‌ අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියා. එහිදී මම නීතිඥ උපාධිය හැදෑරුවා. එතැනදී මට ශිෂ්‍යත්වයක්‌ ලැබිලා අවස්‌ථාවක්‌ උදාවුණා මහාචාර්යවරයෙක්‌ යටතේ සංගීතය පිළිබඳව හැදෑරීමට. තවද මට අවස්‌ථාවක්‌ උදාවුණා ලෝකයේ තිබෙන ප්‍රබල ඔපෙරා ආයතනයක සංගීතය හැදෑරීමට.

මෙච්චර කාලයක්‌ විදෙස්‌ගත වෙලාද හිsටියේ ?

ඔව්. මම නීතිය පිළිබඳව හැදෑරීමට සහ සංගීතය පිළිබඳව හැදෑරීමට අවුරුදු දහයක්‌ විදෙස්‌ගත වෙලා හිටියා. පසුගිය අවුරුද්දේ තමයි ලංකාවට ආවේ.

විවාහකයි කියන්නේ ඇත්තද?

ඔව්. මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක්‌ ඉන්නවා.

සංගීතය පිළිබඳව හදාරලා තියෙනවාද?

ඔව්. මම ජාත්‍යන්තර ඔපෙරා ගායිකාවක්‌.

නිදහස්‌ දින සංස්‌කෘතික උළෙලේදී ගීත ගායනා කරන්න ඔබට අවස්‌ථාව ලැබුණේ කොහොමද?

මම ගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවේ ඔපෙරා සෝලෝ ප්‍රසංගයක්‌ පැවැත්වූවා. ඒක දැකලා එක්‌තරා සංවිධානයකින් මට නිදහස්‌ දින සංස්‌කෘතික උළෙලේදී ගීත ගායනා කරන්න ආරාධනාවක්‌ කළා. මම ඒ ආරාධනාව භාරගත්තා. මොකද මම ලංකාවේ කාන්තාවක්‌නේ.

ඔබට කවුරු හරි කිව්වාද දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කරන්න කියලා ?

මම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පැවැති මගේ ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා. එය නරඹන්න ඇවිත් හිටපු පිරිසට එම ගීතය ඉතාමත්ම ප්‍රීතිදායක වුණා. ඊට පසුව මේ ප්‍රසංගයේදී මට ආරාධනාව ලැබුණාට පසුව පෙර පුහුණුවීමක්‌ සිදුකළා. එතැනදී තමයි මම මේ ගීතය ගායනා කළේ.

ඔබ මේ ගීතය ගායනා කළ ආකාරයට ගොඩක්‌ දෙනෙක්‌ දොස්‌ කියනවා?

මට ඒ ගැන ඇත්තටම පුදුමයි. මගේ ලංකාවේ මගේ භාෂාවෙන් සින්දුවක්‌ ගායනා කරන්න බැරි ඇයි. අන්තර්ජාලයේ ඔය ප්‍රශ්නය දිගින් දිගටම අහලා තියෙනවා මමත් දුටුවා.

ඔබ මේ ගීතය විකෘති කළා කියලත් චෝදනාවක්‌ නැඟෙනවා නේද?

ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. ඔය චෝදනාව කරන මිනිස්‌සුන්ගෙන් මමත් අහන්න කැමැතියි මම මොකක්‌ද කරපු විකෘතිය කියලා. නමුත් කවුරුත් ඒකට උත්තර දෙන්නේ නැහැ.

ඔබ මෙහි මුල් ගීතය අසා තියෙනවාද?

ඔව්. මම විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්‌. මට මේක අලුත් දෙයක්‌ නෙමෙයි. අනික මම මේ ගීතය පුංචි කාලයේ පටන් ගායනා කරලා තියෙනවා.

මේ නිසා ඔබට අන්තර්ජාලය හරහා මඩගැසීම් පවා සිදු වෙනවා?

මම දන්නවා මේ තත්ත්වය ඇතිවුණේ කොහොමද කියලා.

ඒ කොහොමද?

පවතින රජයට විරුද්ධව පවත්වාගෙන යන සමාජ ජාල වෙබ් අඩවියක්‌ හරහා තමයි මට මුලින්ම මඩ ගැසීම් සිදුකළේ. අන්තර්ජාලයේ පවසලා තියෙනවා මම මේ ගීතය විකෘති කළා කියලා. ඔවුන් කොහොමද එහෙම කියන්නේ. මම මේ ගීතය ගායනා කළේ ඔපෙරා ශෛලියකින්.

ඔබ කියන්න හදන්නේ ගීතයට හානියක්‌ කළේ නැහැ කියලාද?

කිසිසේත්ම නැහැ. කෙහොමද හානියක්‌ වුණේ.

නමුත් ඔපෙරා ශෛලිය අපේ රටට එතරම් හුරු නැහැ නේද?

මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන ආකාරය කවුරුත් දන්නවාද කියන්න මම දන්නේ නැහැ. මුලින්ම මේ ගීතය ගායනා කරලා තිබුණේ ඔපෙරා ශෛලියෙන්. ඉතිං මම කළේ නැවත මුලට ගිය එක විතරයි. එහෙම ගායනා කළහම මම ඒ ගීතය විකෘති කළා කියන එක කොච්චර වැරදිද?. මම කරපු වෙනස මොකක්‌ද?. වෙනස්‌ කළා නම් කරපු එකත් මම කියන්නම්. මම ඔපෙරා ගායිකාවක්‌. ඒ වගේම සොප්‍රානු කෙනෙක්‌.

ඒ ගැන පැහැදිළි කළොත් ?

ඔපෙරා කලාවේදී විවිධ කටහඬට වෙනස්‌ ටයිටල් තියෙනවා. නමුත් උච්ච ස්‌වරයෙන් උච්චාරණය කරලා ගායනා කරන කෙනෙකුට තමයි සප්‍රානුවෙක්‌ කියන්නේ. ඉතිං මම මේ ගීතය ගායනා කළේ උච්ච ස්‌වරයෙන්. ඒක කොහොමද විකෘතියක්‌ වෙන්නේ.

හියුබට්‌ රාජපක්‍ෂ, අමරදේවශූරීන්, රුක්‌මණී දේවි මේ ගීතය ගායනා කරලා තියෙනවා. ඒ විතරක්‌ නෙමෙයි නන්දා මාලනී මහත්මියත් ගායනා කරලා තියෙනවා. ඒවා සියල්ලම අහන්න. එකිනෙකට වෙනස්‌ ආකාරයෙන් තමයි ගායනා කරලා තියෙන්නේ. මගේ කටහඬ අනුව තමයි ගීතය ගායනා කළේ. වෙනසක්‌ කළේ නැහැ. මම ආපහු අතීතයට ගිය එක විතරයි කළේ.අපි අපේ අතීතය සංසAකෘතිය ගැන මහලොකුවට කතා කරනවා. මම අතීතයෙන් උකහාගත් දෙයට මෙලෙස මඩ ප්‍රචාර එල්ල කරනවා නම් කොහොමද ඔවුන් කියන්නේ අතීතයේ අපිට අනන්‍ය වූ දේවල් ආරක්‍ෂා කරන්න කියලා. ඒක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.

ඔබ ගීතයට හානියක්‌ කළේ නැතිද?

අතීතයෙන් උකහාගත්ත දෙයකට කොහොමද කියන්නේ විකෘතියක්‌ කියලා. ඒ කතාව කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මේ ගීතය නූර්ති ගීතයක්‌නේ. මගේ ඇඳුමෙන්, හැසිරීමෙන්, භාෂාවෙන් පවා

වැරැද්දක්‌ කළේ නැහැ. අනික මම ලංකාවේ ඉපදුණ හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්‌. මම හොඳට දුරදිග හිතලා බලලා තමයි මේ ගීතය තෝරාගෙන ගායනා කළේ. මම මේ ගීතය ගායනා කරන්නෙ අපේ ජාතික ඇඳුම ඇඳගෙන. එහි වර්ණය පවා තෝරාගත්තේ අපේ ජාතික කොඩියේ වර්ණවලට සුදුසු ආකාරයට. ඉතාමත්ම ගෞරවයෙන්, ආදරයෙන් තමයි මම මේ ගීතය ගායනා කළේ.

මේ ශෛලිය ගායනා කරන්න කියලා කවුරු හරි ඔබට උපදෙස්‌ දුන්නාද?

මම මුලින්ම සඳහන් කළා වගේ මේ ගීතය මගේ ප්‍රසංගයකට ගායනා කරලා තිබුණා. ඒක මේ අවස්‌ථාවට සුදුසුයි කියලා මට හිතුණා. ඊට පසුව ගාලු මුවදොර පිටියේ පැවැති පෙර පුහුණුවීම්වලදී මම දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා. එතැනදී අපේ රටේ සොල්දාදුන් පවා පෙර පුහුණුවීම්වල නියෑළී සිටියා. ඒ වගේම වේදිකාව සකස්‌ කරන පිරිස වගේම විශාල පිරිසක්‌ සිටියා. ඇත්තම කියනවා නම් මෙච්චර ඝෝෂාකාරී ස්‌ථානයක ඉතාමත්ම ගෞරවයෙන් හැමෝම මේ ගීතය අහගෙන හිටියා. එතැනට අල්පෙනෙත්තක්‌ වැටුණත් ඇහෙනවා. ඒ තරමටම නිශ්ශබ්දයි. ඔවුන් පුදුමාකාර විදිහට ඒ ගීතය වින්දා. එහෙම කරලා තමයි අපි මේ ගීතය තෝරාගත්තේ.

මේ ගීතය ගායනා කළේ ඔබේ තනි තීරණයට නෙමෙයිද?

නැහැ. සියලු දෙනාගේම එකඟත්වයක්‌ ඇතිව තමයි ගායනා කළේ. මට ඇත්තටම පුදුමයි. එදා මම ගීත හයක්‌ ගායනා කළා. දන්නෝ බුදුන්ගේ, මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා දරු නැලවිලි ගීතයක්‌, බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට, නමෝ මරියනි සහ ඔපෙරා ශෛලියේ මගේම නිර්මාණයක්‌ ගායනා කළා. ඉතිං මේ ගීතය විතරක්‌ අල්ලාගෙන මෙහෙම කෑගහන එක මට පුදුමයි.

මට එල්ල වුණ තවත් චෝදනාවක්‌ තමයි බෞද්ධ ගීතයක්‌ ක්‍රිස්‌තියානි ඔපෙරා ශෛලියට ගායනා කළා කියලත්. මම නැවතත් කියනවා බෞද්ධ කාන්තාවක්‌. කවරදාකවත් මගේ ආගමට, ජාතියට ගෞරවයක්‌ ඇතිවෙන වැඩක්‌ කරනවා මිසක්‌ අගෞරවයක්‌ ඇතිවෙන වැඩක්‌ කරන්නේ නැහැ.

මේ දේවල් හින්දා ඔබ ගායනයෙන් සමුගන්නවාද?

අයියෝ නැහැ. මම අවුරුදු පහළොවක්‌ මහන්සිවෙලා තමයි මෙතැනට ආවේ. අනික මට ලෝක ප්‍රසිද්ධියක්‌ ලැබිලා තියෙනවා.

ජනප්‍රිය වෙන්න හිතාගෙනද මේ වගේ උත්සවයකදී ඔපෙරා ශෛලියෙන් ගීත ගායනා කළේ ?

එතැනදී කාරණා දෙකක්‌ තියෙනවා. එක අතකින් දුක්‌වෙනවා ඇයි මේ සිද්ධිය නිසා ප්‍රසිද්ධ වුණේ කියලා. අනෙක්‌ පැත්තෙන් හිතන්න පුළුවන් මිනිස්‌සුන්ගේ නොදැනුවත්කම කියලා. කොහොමත් මම කරන දේවල් හරියාකාරව සිදු කරනවා. මම කවරදාකවත් කාගෙවත් හිත රිදවන වැඩක්‌ කරලා නැහැ. අනික මට එහෙම කරන්න වුවමනාවකුත් නැහැ. ඒ වගේම දේශපාලනයද මට අදාළ නැහැ.

ඔබ දේශපාලනය කරන කාන්තාවක්‌ කලාකාරිණියක්‌ නෙමෙයිද?

ලංකාවේ අවුරුදු දහයක්‌ හිටියේ නැහැ. විදෙස්‌ගතවෙලා නීතිය හැදෑරීම සහ සංගීතය හැදෑරීම තමයි සිදුකළේ. මම පිළිගන්නවා අපේ ලංකාවේ ඔපෙරා සංගීතය එතරම් ජනප්‍රිය ශෛලියක්‌ නෙමෙයි කියලා. ගොඩක්‌ දෙනෙක්‌ කියනවා ඔපෙරා සංගීතය බටහිර කලාවක්‌ කියලා. ඔපෙරා කලාව ලෝකයේම ජනප්‍රිය කලාවක්‌. අපි ඒ ගැන එතරම් දැනුවත්කමක්‌ නැහැ. ඒක ඇත්ත. නමුත් ලෝකයේ බොහෝ රටවල් අද මේ ශෛලිය හදාරනවා.

ඔය විවිධ චෝදනා කරන පිරිසගෙන් මම අහන්න කැමැතියි ඔය කියන ජනප්‍රියත්වය කොහොමද සිදු වන්නේ කියලා. අනික මම ඒ වගේ පටු මානසිකත්වයක නැහැ. මේ වගේ විශිෂ්ට අවස්‌ථාවක්‌ මගේ ජනප්‍රියත්වයට පාවිච්චි කළේ නැහැ. මම දුක්‌ වුණ හේතුවක්‌ තියෙනවා.

ඒ මොකක්‌ද?

මේ ගීතය විවෘත මනසකින් අහන්නේ නැතිව විවිධ හේතූන් නිසා කවුරු හරි කියන දෙයක්‌ අහලා චෝදනා කරන එක වැරදියි. මට හිතෙනවා මෙතැන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්‌ කියලා.

මේ ගීතය ගැන අහලා ලංකාවේ සංගීතඥයන් ඔබට කතා කළාද?

මේ ගීතය ගායනා කළාට පසුව ගොඩක්‌ දෙනෙක්‌ මට කතා කරලා කිව්වා අපි ඉතාමත්ම කැමැති වුණා ඔබ කරපු දෙයට. අවසානයේ මම කවරදාකවත් අහලා නැති පරුෂ වචනයෙන් අන්තර්ජාලයේ මඩ ප්‍රහාරවලට ලක්‌වුණා. තමන්ට මොකුත්ම නොකරපු කාන්තාවකට ඇයි මෙහෙම කරන්නේ කියලා මට හිතෙනවා. ඇත්තටම මෙතැන ගොඩක්‌ම දුක්‌වුණ කාරණාව තමයි ඉතාම අප්‍රසන්න විදිහට මට ගොඩක්‌ චෝදනා එල්ල කළේ කාන්තාවන්. මම මවක්‌ වගේම දුවක්‌. එහෙම කතා කරන කාන්තාවන් හිතන්න ඕනෑ තමනුත් කවදාහරි දවසක මවක්‌, දුවක්‌ වෙනවා කියලා. ඒ ගීතය මගේ ඥතියෙක්‌ වන ජෝන් ද සිල්වා මහතාගේ. ඔහු මට සීයා වන්නේ. මේ වගේ දේවල් මට හාස්‍යජනක වෙන්නේ ඒ නිසයි. ඒ ගීතය නිවැරදිවම ගායනා කරන්න ඕන වුණ නිසා මම ඔහුගේ මිණිබිරියට කතා කළා. ජෝන්ද සිල්වා ගීතය සටහන් කර තිබූ පොතෙන්ම ඇය මට වචන දුන්නා. මෙහෙම කියන්න. විසන්ධි කරන්න ඕනෑ මෙහෙමයි. සන්ධි කරන්න ඕනෑ මෙහෙමයි කියන එක ඇය මට කීවා. ඇය කීවේ මෙය නිවැරදිව ගායනා කරන්න කියන එක විතරයි. එතුමාට අගෞරව කරන්න මගේ කිසිම අදහසක්‌ නැහැ.

දිනේෂ් විතාන
divaina -
Read more
මරණ තුනක් ඇති මිනිසා

සිංහල සුභාවිත ගී මංසල තුළ අමරණීය මතක සටහන් තැබූ පිරිස් අතුරින් රන්බණ්ඩා සෙනෙවිරත්නයන් මෙන්ම ලුෂන් බුලත්සින්හලයන්ට හිමි වෙන්නේ අද්විතීය තැනකි.
මිනිස් ජීවිතය දෙස ඇස නොගැසුණු ඉසව් සොයා ගවේෂණාත්මක ලෙස පද්‍යකරණයේ නියැලුණු විරල ගනයේ පදරචකයන් දෙපලක් ලෙසද හැඳින්වීම අසාධාරණයක් නොවන බව මට හැඟේ. රන්බණ්ඩා සෙනෙවිරත්න ඔහු ගේ “ළඳුනේ “ගීතය තුළ මෙසේ ලියන්නේය

ලය පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ළඳුනේ …..

කප්පරක් වැරදි සිදුවන සමාජයක, ඒ සමාජයේම පිරිස් විසින් පිළිකෙව් කරන තවත් එක් මනුෂ්‍ය ආත්මයක් දෙස සැබෑ මිනිසෙකු ලෙස බලන ආකාරය අපට ඔහු පෙන්වයි . ලුෂන් බුලත්සිංහලද සෞන්දර්යයේ රීතින් අතික්‍රමණය කරමින් මිනිස් ආත්මයට කිඳා බසින්නේ අපගේ හදවත් මොහොතකට නතර කරමින්ය. එයයි නිර්මාණකරුවෙකුගේ කලාකරුවෙකුගේ සැබෑ පෞරෂත්වය.

ලුෂන් අතින් ලියවුනු මේ ගීතයේ යොදා ඇති උපමා රූපක මෙන්ම ඉපැරිණි සාහිත්‍යයේ ඇති සියුම් තැන් ආභාෂයෙන් ලබාගත් දැනුම , මිනිස් සිතේ ගැඹුරුම පතුලින් නැගෙන හැඟීම් පිළිබඳව උද්දීපනය කිරීමට යොදාගෙන ඇත. ගීතයට ප්‍රවිෂ්ඨය තබන්නේ පැරණි ජනකවියකින් මතුවන චිත්ත රුපකයකින්ය .

” වනේ ගිජිදාය දුටුවොත් වනසාය

ලිඳේ පනිදාය වැටුනොත් ඌ කාය

අතකින් කරවැලකි අතකින් දඬුබෑය

මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය ”

මේ ගීතය රසවිඳීමට නම් අපට උපකල්පන යොදාගත යුතුමය . එය ගීයේ යතාර්තයට වඩා උචිත ප්‍රවේශයක් වනු ඇත. සමාජයේ අප බොහෝ විට වැඩිහිටියන්ගේ තිරිසන් ආශාවන් වෙනුවෙන් හිරිමල් කැකුළු බිලිගන්නා පුවත් නොඇසෙන දවසක් හෝ වෙලාවක් නැති තරම්ය. මේ ගීය තුලින් කියවෙන්නේ පාසලක සංගීත ගුරුවරයෙකු යයි සිතන්න . තමාගෙන් වෙණ වැයුමට පැමිණෙන හිරිමල් යුවතියදෙස රාගයෙන් මුසපත්වූ නිරුවත් වූ දෑසින් බලන ගුරෙකු දෙස ලුෂන් දකින්නේ මෙලෙසය …

” මිනිසා …..මරණ තුනක් ඇති මිනිසා ..බලාසිටී …

නිරුවත් දෑසින් බලන්න….. කන්‍යාවී …

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝදර තුඩු ඉකිබිඳිද්දී …සන්තාශයෙන් …”

මේ මිනිසා ඉදිරියේ ඇත්තේ මරණ තුනකි. තමා , බිරිඳ හා දරුවන්ය . මොහු විවාහක පියෙකි. තමන්ගේ ආත්මය තුල සැරිසරන රාගික සිතුවිලි මෝහනය වන්නේ තම ගෝලයාගේ වීණාවෙන් නැගෙන මධුර ස්වරයෙනි. ඔහුගෙන් නැගෙන අසංවේදී සුසුම් පොද වීණාවේ රිද්මය පරයා නැගී ඒ…යතාර්ථයට අනුව අති අමානුෂික සිදුවීමකට ඉස්මත්තේ සිටිමින් ලුෂන් වඩා ඉස්මතු කරන්නේ මිනිසාගේ සිතය. මේ ගීය පියදෝර් දොස්තොව්ස්කිගේ පොතක් බඳුය. තම දියණිය විය යුතු හිරිමල් කැකුල ඔහුගේ නග්න වූ ආශාවන් ඉදිරියේ මෝහයෙන් අන්ධවී ඇත. වීණාවේ තත් අතර වේගයෙන් දිවයන සියුමැලි අතැඟිලි ඔහු ගේ වත ස්පර්ශකරන්නාක් මෙන් දැනෙනු ඇත. තව තවත් වයන්න …කන්‍යාවී ….අසන්වාදී රිද්මයෙන් ….යැයි ලියවෙන්නේ ඒ නිසා විය හැක.

” නියඟලා මල් පාට දේදුනු

දෙබෑ කරගෙන එනු …ගිරා පොව්වන්

පියුම් කැකුලක් තුඩින් පාරා

බලෙන් පුබුදන හංසයා …..

බලන්න නිරුවත් දෑසින් .”

මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය . මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.

“ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කල එලි ගන්වා

වයන්න වීණා …කන්‍යාවී ….”

තම ලෞකික ආශ්වාදයන් පිරිමසා ගැනීමට , මිනිසාගේ සියලු බැඳීම් නිමේෂයකින් සිඳ දමන ආකාරය මේ ගීය තුල සිත්තම් කර ඇත. මෙවන් සිදුවීම් මේ ජරාපත් , වියපත් සමාජය තුල අපගේ දෑස් පෙනෙන මානයේ කොතෙක් නම් දිස්වී ඇතිද? මේ රටේ පාසල් තුල ගුරුවරුන් අතින් කෙතරම් සිසුසිසුවියන් කෙළසී ඇතිද ? ඒ පිළිබඳව සමාජය තුල පුළුල් කතිකාවක් ගොඩනැගී ඇතිද ?

ලාංකේය සංගීතයේ කඩතුරාවන් විවර කළ ගාන්ධර්වයා වූ ප්‍රේමසිරි
කේමදාස මේ ගීය වෙනුවෙන් තමාගේ ප්‍රතිභාව නොපිරිහෙලා ඉටුකර ඇත. අමරසිරි පීරිස් ගේ මෝහනීය හඬට කෙතරම් වටිනාකමක් ගෙනාවාද යත් ” සිරිමැදුර ” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේ ගීයට 1989 සරසවි සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් “වසරේ හොඳම ගායකයා ලෙසද පිදුම් ලැබීය.

– චූලක බණ්ඩාරවත්ත –

ඉතින් රස විඳින්න මේ ගීය
Read more
Tuesday, February 9, 2016
ප්‍රබුද්ධ වීමේ රහස

රත්තනදෙණියේ මේධානන්ද හිමි.
නඩු විභාගයක දී එල්ලුම් ගස් නියම වූ "මල්ටි ගෝල්" හා කාලිදාස යන දෙදෙනාගෙන් විනිසුරු ඔවුන්ගේ අවසන් කැමැත්ත විමසීය.
විනිසුරු :-
තමුන්ලා හෙට දිනයේ එල්ලා මැරීමට පෙර අවසන් වරට රුචි දෙයක් තිබේ නම් කියන්න. හැකි දෙයක් නම් එය ඉටුකර දීමට ගරු අධිකරණයට හැකියාව තිබෙනවා.
මල්ටි ගෝල්:-
එසේය ස්වාමීනි.. එංගලන්ත මහ රැජින ඉදිරියේ පවා කුසලතා විදහා පෑ මේ මෑතක දන්නෝ බුදුන්ගේ ගීතය සහ දොයි දොයි දොයි දොයිය බබා ගීතය ගැයු ගායිකාව ලවා බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතයත් ඔපරා තාලයට ඇගේ හඬින්ම ඇසීමට කැමතියි.
විනිසුරු:-
හොදයි.. හෙට ඔබගේ අවසන් කැමැත්ත ඉටුකර දීමට ගරු අධිකරණයට හැකියාව තිබෙනවා.
කාලිදාස මල්ටි ගෝල්ගෙන් කනට කර විමසුවේ මචං උඹට ඇගේ ගීත අහන්න පුලුවන්ද ?
බෑ මචං. ඒත් අවසන් මොහොතේ හෝ ඉතා දියුණු මනසක් ඇති ප්‍රබුද්ධ මිනිසකු සේ මිය යන එක වටිනවා.
කාලිදාස:- ඒ කොහොමද මචං
මල්ටි ගෝල් :-
ඇයි මචං අපේ තියෙන හීනමානය වහ ගන්න පුළුවන් කෙටිම ක්‍රමය නේ අර විදිහේ ගායනයක් අහලා අති විශිෂ්ටයි කියන එක. මචං පට ගාලා දියුණු මනසක් තියෙන බව ඒත්තු ගන්වන්න පුළුවන් කෙටිම ක්‍රමය තමයි ඒ. ඒනිසයි මං ඒ ඉල්ලීම කලේ.
විනිසුරු :-
ඊළගට කාලිදාටත් අවසන් වරට කළයුතු ඉල්ලීමක් තිබේද ?ඒ ගැනත් ගරු අධිකරණය සලකා බලන්න කැමතියි.
එසේය ස්වාමීනි ...
විනිසුරු :- කුමක්ද එය?
සුවාමීනි ..අර ගායිකාව සිංදුව පටන් ගැනීමට මොහොතකට පෙර මාව එල්ලා මරන්න .
------------------------------------------------------------------------------
රත්තනදෙණියේ මේධානන්ද හිමි.
Read more
Sunday, February 7, 2016
යෝෂිත කොටු කළ FCID මෙහෙයුම

කාලවේලා නොසලකා අප‍්‍රමාදව රට වැසියාට යුක්තිය හා සාධාරණය ඉටු කිරීම සඳහා නිදන කාමරේ ඇඳට ඉහළින් සීනුවක් සවිකරගත් පාලකයකු පිළිබඳ ඉතිහාසයේ කියැවේ. මහාවංශයට අනුව මේ පාලකයා එළාරනම් රජුය.
රජුගේ යුක්තිය ඉටු කිරීමේ විනිවිද භාවය පෙන්වීම සඳහා මහාවංශ කතුවරයා ‘වහු පැටියා හා අශ්ව කරත්තය’ පිළිබඳ පුවතක් ගෙන හැර පාන්නේය.

ඒ කතාවට අනුව දිනක් එළාර රජුගේ පුත‍්‍රයා සිය අශ්ව කරත්තයට වහු පැටියකු යටකරගෙන යන්නේය. රජුගේ නිදන කාමරයට ඉහළින් සවිකර ඇති සීනුවේ රැහැන්පට මාලිගාවේ ඉදිරි දොරටුවේ ගැටගසා ඇත්තේය. එළදෙන පැමිණ මේ ලණුපට සොලවා සීනුව නාද කරන්නේය. කරුණු සොයා බැලූ එළාර රජුට දැනගන්නට ලැබුණේ සිය පුත‍්‍රයා අශ්ව කරත්තයට වසු පැටියකු යටකර ඇති බවය. විනිසුරු මඬුල්ල කැඳ වූ රජු වහාම නියෝග කළේ සිය පුත‍්‍රයා ද වහු පැටියා මෙන් අශ්ව කරත්තයේ හප්පා යට කරන ලෙසය. මහා වංශ කතුවරයා මෙසේ කීවද ඇතැම් විට සීනුව නාද කරන්නට ඇත්තේ එළදෙනගේ හිමිකාරයා නොහොත් ගව හිමියාය. මහාවංශයේ සියල්ල සත්‍යය යැයි පිළිගන්නා සියල්ලෝ එළාර රජුගේ මේ යුක්ති සහගතභාවය පිළිබඳ කතාව ප‍්‍රවාදයක් යැයි කියති. රාජාවලියේ ඇතැම් රජවරු උත්කර්ෂයට නංවන්නෝ එළාර නම් රජ කෙනෙකු රට පාලනය කළ බව අමතක කර දමන්නේය. නීතියත් යුක්තියත් පසිඳලූ ශ්‍රේෂ්ඨ පාලකයන්ගේ ලැයිස්තුවේ එළාර අතහැර දැමූ පාලකයෙකි. දණ්ඩනයට යටත් කළ යුතු නම් සිය සහෝදරයා ද පුත‍්‍රයා ද නොවිමසා කටයුතු කළ පාලකයෝ පිළිබඳව සොයා බැලීමේ දී එවැනි හමුවීම් ඉතිහාසයේ අතිශයින්ම දුලබය. රට වැසියාට යුක්තිය ඉටු කිරීමේ විනිවිදභාවය පෙන්වීම වෙනුවෙන් තම පුත‍්‍රයා වහු පැටියකු සේ අශ්ව කරත්තයට යට කළ එළාර රජු පිළිබඳ පුවත ගෙනහැර පෑවේ හත් වන මහින්ද නම් විශ‍්‍රාමික රජුගේ පුත‍්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම පිළිබඳව ඔබට කියන්නටය. එළාර රජුගේ පාලනයේ යුක්තිසහගත භාවය ඉතිහාසයෙන් එළියට ඇද පෙන්වා දුන්නත් හත් වන මහින්දගේ රාජ්‍ය පාලන සමය පිළිබඳ අප කිසිවක් නොලියමු. මක්නිසාදයත් මේ යුගයේ ජීවත් වන සියල්ලෝ ඔහුගේ පාලන සමය පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවන් වන බැවිනි.

අවනීතිය, අසාධාරණය, අයුක්තිය කි‍්‍රයාවෙහි යෙද වූ පාලකයකු නීතිය හඳුනන්නේ නැත. සාධාරණය හඳුනන්නේ නැත. යුක්තිය හඳුනන්නේ නැත. මේ නිසා නීතිය කි‍්‍රයාත්මක කෙරෙනවාට ඔහු බිය වන්නේය. සිය පාලන සමයෙහි අවනීතිය කි‍්‍රයාත්මක වූ නිසා නීතිය නිසියාකාරයෙන් කි‍්‍රයාවෙහි යොදවන විට හෙතෙම එය අර්ථ ගන්වන්නේ අවනීතිය කියාය. යුක්තිය, සාධාරණය පවා හෙතෙම අයුක්තිය අසාධාරණය ලෙස පෙන්වාදීම පුදුම නැත.

එකල්හි බහුල ලෙස දේශපාලන පළිගැනීම් කළ නිසාම සාධාරණ පරීක්ෂණයකින් පසුව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පවා මුග්ධ පාලකයකු අර්ථ ගන්වන්නේ දේශපාලන පළිගැනීම් කියාය. මක්නිසාද ඔහුගේ භාවිතාව නැවත ඔහු කරා පැමිණේවි යයි යන අනිසි බිය නිසාය. හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ කඳුළු පෙරමින් තැන තැන දේශනාකරන්නේ එයයි. ඔහුගේ කේවට්ටයෝ ද ඇම්බැට්ටයෝ ද කහකඩයෝ ද අද දවසේ කරන දේශනාවල සාරය මෙය හැර අන්කවරක්ද?

මූල්‍ය අපරාධ චෝදනාවකට හිටපු විධායක ජනාධිපතිවරයකුගේ පුත‍්‍රයකු අත්අඩංගුවට ගත්තේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවටය.

දැන් ඉතින් ඒ අවනම්බුව ඉතිහාසයට එකතු වී අවසන්ය.


පැමිණිල්ල

සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසියෝ නම් සංවිධානය 2015.03.15 වන දින සීඑස්එන් නාලිකාවට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එකී පැමිණිල්ලෙන් කියා තිබුණේ මුදල් විශුද්ධිකරණය, රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සීඑස්එන් නාලිකාවට එරෙහිව චෝදනා ඇති බවයි. එම චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර අපරාධකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ද පැමිණිල්ලේ සඳහන් විය.


විමර්ශන සහ අධිකරණ නියෝගය

2015 සැප්තැම්බර් මස 31 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සීඑස්එන් නාලිකාවට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක 9823/15 දරන නඩුව යටතේ ලබා ගත් එම නියෝගයෙන් කියැවුණේ සීඑස්එන් ආයතනය ආරම්භ කරන අවධියේ නීත්‍යානුකූල නොවන අන්දමින් උපයාගත් මුදල් යොදාගෙන ඇති බවට පැමිණිල්ලක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබීමෙන් පසුව එහි විමර්ශන පවත්වාගෙන යන බවයි. නාලිකාව ආරම්භ කිරීම හා පවත්වාගෙන යෑම සඳහා නීත්‍යානුකූල නොවන අන්දමින් උපයා ගත් මුදල් යොදවා ඇති බවට අනාවරණය වී ඇති නිසා එකී විමර්ශන අවසන් වන තෙක් සීඑස්එන් සමාගම සතු සියලූම නිශ්චල චංචල දේපළ විකාශන උපකරණ, සංඛ්‍යාත විකිණීම, පැවරීම අන්සතු කිරීම කුලියට හෝ බද්දට දීම හා ඒ සම්බන්ධව වෙනත් පාර්ශ්වයන් සමඟ ගිවිසුමකට එළඹීම අධිකරණයේ අවසරයකින් තොරව සිදු නොකරන ලෙසයි. තව ද ආයතනය පවත්වාගෙන යන අංක 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත බත්තරමුල්ල ලිපිනයේ පිහිටි ස්ථානය ඉවත් නොකරන ලෙස ද 1979 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග‍්‍රහ පනතේ වගන්ති 124 ප‍්‍රකාරව නියෝග කර තිබිණි.


විමර්ශන වාර්තා 20ක්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කරන ලද විමර්ශනයන්ට අනුව විමර්ශන වාර්තා විස්සක් මඟින් කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.


ප‍්‍රාග්ධනය යෙදවීම

සීඑස්එන් නාලිකාව ආරම්භ කිරීම සඳහා මුදල් යෙදවීම පිළිබඳ කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ මෙම නාලිකාව ආරම්භක ප‍්‍රාග්ධනය සඳහා රුපියල් මිලියන 234ක් ලබාගෙන තිබූ බවයි. එයින් සමාගමේ මූලික කොටස් සංඛ්‍යාව හත්ලක්ෂ හතරකි. ඉතිරි ප‍්‍රාග්ධනය ව්‍යාජ ගනුදෙනු සහ විදේශ රටක සිට නීත්‍යානුකූල නොවන කි‍්‍රයා මඟින් උපයාගන්නා ලද මුදල්ය. ඒ සඳහා කොස්මෝස් ටෙක්නොලොජි, කොස්මෝස් පි‍්‍රන්ටින් චෙස්මි කොන්සොලිඬේට්ස් යන සමාගම් හවුල් වී ඇත.


සීඑස්එන් ආරම්භක ලිපිනය

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් අංක 260/12 ටොරිංටන් ඇවනිව් කොළඹ 05 කාල්ටන් පෙර පාසල් සමූහය. කාල්ටන් ක‍්‍රීඩා සමාජය, තාරුණ්‍යයට හෙටක්, සිරිලිය සවිය යන රාජපක්ෂ සමාගමේ සියලූ ව්‍යාපාර ලියාපදිංචි කර තිබුණේ මෙම ලිපිනයේය. මෙම ඉඩම අයිතිව තිබුණේ ප‍්‍රභාත් නානායක්කාර නමැති ව්‍යාපාරිකයාටය. ඩී.අයි.අබේවික‍්‍රම නම් ප‍්‍රසිද්ධ නොතාරිස් විසින් සහතික කරන ලද 676 දරන ඔප්පුවට අනුව රුපියල් මිලියන 35කට මෙම ඉඩම මිල දී ගෙන තිබුණේ මේරි ලෝඩ් වික‍්‍රමසිංහ (535233314V) හෙවත් යෝෂිත රාජපක්ෂගේ මව්තුමිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියය.


සීඑස්එන් පවත්වාගෙන යන ලිපිනය

අංක 236/01 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තරමුල්ල. මෙම ස්ථානය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යාබද ඉඩමය. 2003 අපේ‍්‍රල් 05 වන දින එවකට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා බස්නාහිර ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය එම්.එච්. මොහොමඩ් මහතාගෙන් මෙම ඉඩම ඉල්ලා සිටියේ රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සංස්කෘති හා සමාජ සේවා පදනමේ මූලස්ථානය ඉදිකිරීම සඳහාය.
1998 අංක 23 දරන රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සහ සමාජ සේවා පදනම (සංස්ථා ගත කිරීමේ) පනත උල්ලංඝනය කරමින් සීඑස්එන් පවත්වාගෙන ගියේ එහිය.


විද්‍යුත් ලිපිනය

සීඑස්එන් නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබුණේ නිශාන්ත රණතුංග මහතාය. එහෙත් සමාගමේ ප‍්‍රධාන ගනුදෙනුවලට අදාළ විද්‍යුත් ලිපිනය සමාගමේ සභාපති ලෙස තීරණ ගන්නා ප‍්‍රධානියාගේ නමින් තිබුණි.
එම ලිපිනය www.yosita@CSN.lkය. මෙම විද්‍යුත් ලිපිනය මඟින් ගනුදෙනු කර තිබුණේ නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාය.


සීඑස්එන් නාලිකාවේ කොටස්කරුවන් හෙවත් ආරම්භක අධ්‍යෂවරුන් වූයේ

රොහාන් වැලිවිට
කවිශාන් දිසානායක
රබිනාත් ප‍්‍රනාන්දු
සාධ්‍යාකරුණාජීව යන මහත්ම මහත්මීන්ය.


සැකරුවන් අත්අඩංගුවට ගැනීම

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග,රොහාන් වැලිවිට, අශාන් රබිනාන් ප‍්‍රනාන්දු, කවිශාන් දිසානායක යන සැකකරුවන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් ජනවාරි 30 වන සෙනසුරාදාය. සෙනසුරාදා දිනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් රටේ ජනතාව නොමඟ යවන ප‍්‍රකාශ නිකුත් කරන්නට ඇතැම්හු කි‍්‍රයාළහ. ඒවා දේශපාලන වුවමනාව වෙනුවෙන් කරන ලද ප‍්‍රවාදය.


සෙනසුරා, ඉරිදා, පොහෝ දිනවල අධිකරණය අක‍්‍රිය ද

උක්ත සැකරුවන් සෙනසුරාදා දිනයේ අත්අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නිවාඩු දිනවල අධිකරණ පවත්වන බවත් දේශපාලන පලිගැනීම් සඳහා රටේ නීතිය උල්ලංඝනය කළ බවටත් චෝදනා නැගීය. එහෙත් ව්‍යවස්ථාපිත නීතිය අනුව බලඅපරාධයකට සම්බන්ධ (මිනීමැරුම්, ස්ත‍්‍රීදූෂණ, මංකොල්ලකෑම්) සැකකරුවන් පමණක් පොලීසියට පැය 48ක් යනතුරු රඳවා තබා ගැනීමට අවසර ඇත. එසේ නොවන අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පැය 24ක් යන්නට මත්තෙන් දවසේ ඕනෑම මොහොතක මහෙස්ත‍්‍රාත්වරයා හමුවට, නැතහොත් වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ යුතුය. පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගත්තත් සැකකරුවන් පිළිබඳ අයිතිය ඇත්තේ මහෙස්ත‍්‍රාත්වරයාටය. අධිකරණ කටයුතු පවත්වන දිනයක නම් අධිකරණයටත් එසේ නොමැති නම් මහෙස්ත‍්‍රාත් වරයාගේ හෝ වැඩ බලන මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල නිවසට හෝ අධිකරණ අභිමතය මත අධිකරණයටත් සැකකරුවන් ඉදිරිපත් කළ යුතුය. පොලීසිය ඉදිරිපත් කරන ‘බී’ වාර්තාව සලකා බලා රක්ෂිත බන්ධනාගාර ගතකිරීම හෝ ඇපදීම පිළිබඳ තීරණය මහෙස්ත‍්‍රාත්වරයා සතුය. එබැවින් දවසේ පැය 24 පුරාම නිවාඩු දින නොසලකා මහෙස්ත‍්‍රාත්වරයා හෝ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා සූදානමින් සිටිය යුත්තේය. අධිකරණය ආසන්නයේ ?කඩ පවත්වාගෙන යන්නට නන්දෙඩවූ අයට දිය හැකි පිළිතුර මෙයයි. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකින් තොරව යම් යම් විමර්ශන කටයුතු සාර්ථකව හා නිවැරැදි ලෙස සිදු කිරීමට නොහැකි නම් එම පදනම මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලීසියට ඉල්ලීමක් කළ හැකිය. එම ඉල්ලීම සලකා බැලීම අධිකරණ අභිමතය සතුයි. සීඑස්එන් ප‍්‍රධානීන් අත්අඩංගුවට ගත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ උක්ත ඉල්ලීම සලකා බැලීමෙනි.


චෝදනා

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාවලට අනුව සීඑස්එන් ප‍්‍රධානීන්ට කූට ලේඛන පිළියෙල කිරීම, සාපරාධී විශ්වාසයන් කඩකිරීම. සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම. සමාගම් පනත උල්ලංඝනය කිරීම රාජ්‍ය දේපළ අවභාවිතය කළු සල්ලි සුදු කිරීම නොහොත් මුදල් විශුද්ධි කරණය කිරීම යන චෝදනා එල්ල වී ඇත.


මුදල් විශුද්ධිකරණය හෙවත් කළු සල්ලි සුදු කිරීම යනු කුමක්ද?

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත් මුදල් නීත්‍යානුකූල ව්‍යාපෘති සඳහා යොදා ගනිමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම මුදල් විශුද්ධි කරණයයි. මෙම අපරාධ සංවිධානාත්මකව සිදු කෙරෙන බරපතළ ගණයේ අපරාධයක් ලෙස සැලකේ. මෙම වරද මුදල් විශුද්ධ කරන පනතට අනුව ද ඇප දිය නොහැකි වරදක් ලෙස දක්වා තිබේ. කොටස් හත්ලක්ෂ හත හැරුණු කොට ඉතිරි රුපියල් මිලියන 217 සීඑස්එන් නාලිකාවට ලැබුණේ කෙසේද යන්න පෙන්වාදීමට එම නාලිකාවේ ප‍්‍රධානීන් අපොහොසත් වී ඇත.

මුදල් විශුද්ධි කිරීමේ වරද සිදු කර ඇති බවට සීඑස්එන් ප‍්‍රධානීන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීමේ දී ඔවුන් එම වරද සම්බන්ධව ප‍්‍රකාශ කරන ලද කරුණු ඔවුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්නට අසමත් වී ඇත. එකී ප‍්‍රකාශ සාවද්‍ය බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබෙන්නේය.


රක්ෂිත බන්ධනාගාරයට

උක්ත චෝදනා අනුව මුදල් විශුද්ධිකරණය රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු චෝදනා සැලකිල්ලට ගනිමින් අපරාධ නඩුවිධාන සංග‍්‍රහයේ 32 වගන්ති ප‍්‍රකාරව කටයුතු කරමින් නඩුවිධාන සංග‍්‍රහය පනතේ 109 (05) උපවගන්තිය යටතේ පොලිස් නිලධාරියකු සතු නෛතික බලය ඉෂ්ට කිරීම සඳහා සැකකරුවන් කඩුවෙල මහෙස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2016.02.11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.


කුමක් සිදුවේද

සීඑස්එන් නාලිකාව ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 224ක් හෙවත් රුපියල් ලක්ෂ 2240ක් උපයා ගත්තේ කෙසේද යන්න යෝෂිත රාජපක්ෂ ඇතුළු බන්ධනාගාරගත වී සිටින සීඑස්එන් බලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතුය. එසේ පැහැදිලි කළ හැකි නම් ඔවුන්ට නිදහස ලබා ගැනීමට කිසිදු නීතිමය බාධාවක් නැත. සීඑස්එන්. නාලිකාව ආරම්භ කිරීම සඳහා විදෙස් රටකින් මුදල් ලැබුණේ නම් අදාළ සමාගම, මුදල් ලබාදුන් ආකාරය මුදල් ලැබුණු දිනවකවානු ගිණුම් අංක ආදිය මුදල් ලබාදුන්නේ කුමන පදනමකින් ද? යන්න ඉදිරිපත් කළ යුතුව තිබුණි. එසේ කළ හැකිව තිබුණා නම් කඩුවෙල මහෙස්ත‍්‍රාත් හමුවට යෝෂිත ඇතුළු පිරිස (FCID) ඉදිරිපත් නොකිරීමට ද ඉඩ තිබුණි. එසේ කළේ නැත. යම් හෙයකින් යෝෂිත ඇතුළු සීඑස්එන් බලධාරීන් නාලිකාව ආරම්භ කිරීම සඳහා යෙදවූ ආරම්භක ප‍්‍රාග්ධනය වන රුපියල් ලක්ෂ 2240ක මුදල තමන්ට ලැබුණු ආකාරය නිරවුල්කර නොදුන හොත් මුදල් විශුද්ධිකරණ පනත හා පොදු දේපළ පනත යටතේ අවුරුදු පහකට වැඩි, අවුරුදු විස්කට අඩු බරපතළ වැඩසහිත සිරදඬුවමකට යටත් කෙරෙන්නේය. ඊට අමතරව එසේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ලබා ගත් මුදල මෙන් තුන් ගුණයක් දක්වා දඩයකට ද යටත් කළ හැකිය. එසේම එකී දේපළ රාජසන්තක කිරීමට ද යටත් කෙරෙන්නේය.


දේශපාලන පලිගැනීමක් ද?

අත්අඩංගුවට ගත්තේ යෝෂිත රාජපක්ෂ පමණක් නොවේ. වත්මන් ආණ්ඩුවේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදර නිශාන්ත රණතුංග ද මාධ්‍යවේදී රොහාන් වැලිවිට ද රබිනාත් ප‍්‍රනාන්දු කවිශාන් දිසානායක යන මහත්වරුන් ද සිටින්නේ බන්ධනාගාරයේය.

නාවික හමුදාවේ ‘දක්ෂතම’ කැඩෙට් නිලධාරියා වූ යෝෂිත රාජපක්ෂට දින දෙකක් හිරබත් කන්නට බැරි වුණේය. සෙස්සන්ට කොහොම දැයි දන්නේ නැතත් යෝෂිතට තුන්වේලම ගෙදරින් කන්නට වරප‍්‍රසාදයක් ලැබී ඇත්තේය. මහින්ද රාජපක්ෂ කඳුළු වගුරමින් රට්ටුන්ට කීවේ මෙය දේශපාලන පලිගැනීමක් බවයි. 2007 පෙබරවාරි 09 වන දා විපක්ෂයේ අසුන්ගත් ශ‍්‍රීපති සූරියාරච්චි එම වසරේ මාර්තු 17 හිරේ දැම්මේ මේ මහින්ද රාජපක්ෂය.

2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වරදට අභූත චෝදනා නගා සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන කි‍්‍රයාකාරීන් හිරේ දැම්මේ මේ මහින්ද රාජපක්ෂය. අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරෙන් අත්තනෝමතික ලෙස නෙරපා දැමුවේ මේ මහින්ද රාජපක්ෂය. මාධ්‍යවේදීන් හතළිස් දෙදෙනකු මරා දැමුවේත් මාධ්‍ය ආයතන නවයකට පහර දී ගිනි තැබුවේත් මාධ්‍යවේදීන් 43 දෙනකුට පහර දී අතපය කඩා දත් ගලවූයේත් මේ මහින්ද රාජපක්ෂය. උන්නැහේ දැන් හැසිරෙන්නේ ගමරාළගේ අමුඬේ කැතකළ එකා සොයන්නා වාගේය.

-  දයා නෙත්තසිංහ
Read more
Friday, February 5, 2016
පිරිත් කියා පැන් වඩා සුන්නත් දූවිලි කළ  ලේ තැවරුණු ඇත් දළ...

ලංකාවේ වනජීවී සංරක්‍ෂණ ක්‌ෂේත්‍රයේ ඉතිහාසගත වූ තීන්දුවක්‌ පසුගිය (ජනවාරි) 26 වැනිදා ගාලු මුවදොර පිටියේදී ගනු ලැබීය. ලෝක රේගු දිනය යෙදුණු මෙදින මෙසේ වනජීවී සංරක්‍ෂණයට නව පරිච්ඡේදයක්‌ එක්‌කළ සිදුවීම නම්, 2012 වසරේ පටන් වසර තුනක්‌ (අනාරක්‍ෂිතව) ගබඩා කර පැවැති නීති විරෝධී අප්‍රිකානු ඇතුන්ගේ දළ තොගයක්‌ මෙහිදී දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන්, පරිසර ක්‍රියාකාරිකයන් ඉදිරියේදී තලා කැබලි කර වටිනාකම ශූන්‍ය කර දැමීමය.

කිලෝ ග්‍රෑම් 1500 ක්‌ බර, වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 368 ක්‌ බවට ගණන් බලා තිබූ මෙම ඇත් දළ 359 ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන වසර තුනකුත් මාස 8 යි දින 14 ක්‌ ගෙවීයන මොහොතේ මෙසේ කැබලි කර විනාශ කරන පුවත ඇසූ ඇතැම් අය කීවේ නම්, "අහෝ! ඇයි මේ අපරාධය කරන්නේ.... මේ දළ තොගය පන්සල්වලටවත් බෙදා දුන්නා නම් හොඳයි" කියාය.

තවකෙකු කීවේ මෙම දළ තොගය මුදල් කර එම මුදල් ප්‍රයෝජනවත් වෙනත් කටයුත්තකට යොදා ගත හැකිව තිබුණා නොවේදැයි ලෙසිනි.

සැබැවින්ම උගත්, නූගත් බහුතරයක්‌ කීවේම මේ දළ තොගය තලා, කැබලිකර, පුළුස්‌සා විනාශ කිරීම අපරාධයක්‌ බවය.

එහෙත් පරිසරවේදීන් කිහිප දෙනකුගේ සහ රේගු දෙපාර්තමේන්තුවේද අවශ්‍යතාව පරිදි, මෙන්ම තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේද දැඩි අවශ්‍යතාව සහ දැඩි තීරණය වූයේම මෙම ලේ තැවරුණු දළ තොගය (ඊකදදා ෂඩදරහ) විනාශ කිරීම හැර ඊට මූල්‍යමය වටිනාකමක්‌ නොදිය යුතු බවය. නොහොත්, සාහසික අන්දමින් වෙඩිතබා හෝ වෙනයම් අයුරකින් මරා දමා එහෙමත් නැතිනම් අඩපණ කර පණපිටින්ම මෙම දළ හිමිකාර ඇතුන් මිහිතලය මත දණින් වැටෙද්දී සාහසික මිනීමරුවන්ගේ පොරෝ පාරට ගොදුරුව ගැලවී බිම වැටෙන ලේ තැවරුණු දළ හිමිකරුවන්ගේ (ඇතුන්ගේ) ජීවත් වීමේ අයිතිය පෙන්නුම්කරනු වස්‌ විනාශ කරනු හැරෙන්නට වෙන කළ යුතුව ඇත්තේ කුමක්‌ද? ලොව කොතැනක දිවි ගෙවූවද ඒ සියලු සත්ත්වයාම මහී කාන්තාවගේ දරුවෝය. අපට මෙන්ම සියලු සතා සිව්පාවාට මේ මිහිතලය මත ජීවත් වීමේ අයිතිය තිබේ. ඒ අතරින්ද මිනිසාගේම අත්තනෝමතික කටයුතු හේතුවෙන් වඳවී යැමේ තර්ජනයට ලක්‌ව සිටින ශාක හා සතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගනු ලැබූ ඒ උත්තුංග මානව පරිත්‍යාගය පරිසර හිතකාමී කවුරුන්ද අනුමත කරනු ඇත.

ලේ තැවරුණු, ජාවාරමකට ගොදුරු වූ දළ තොගයේ හිමිකාර ඇතුන් වෙනුවෙන් සදාචාරාත්මක තීන්දුවක්‌ ලෙස 26 වැනිදා ශ්‍රී ලංකාවේ වනජීවී සහ රේගු බලධාරීන් එසේ ගත් තීන්දුව ලෝ ප්‍රකට වනු නොඅනුමානය. එය වනජීවී සංරක්‍ෂණ ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක්‌ සනිටුහන් කරනු ඇත.

ගාලුමුවදොර දී 26 දා පෙරවරුවේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමය වෙනුවෙන් ලොවට හඬ හා කී පණිවිඩය නම්, වඳවී යැමේ තර්ජනයට ලක්‌ව සිටින සමස්‌ත ජීවී වර්ගයාගේ විමුක්‌තිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස අප පෙනී සිටින බවය.

එසේම ලෝකයේ ප්‍රථම වතාවට බෞද්ධ ආගමික වතාවත් ප්‍රමුඛව සර්වාගමික වතාවත්වලට මුල්තැන දුන් මෙවන් "පුණ්‍යකර්මයක්‌" ලොවේ තවත් නැත. "සියලු සත්වයෝ නිදුක්‌ වෙත්වා..." යනුවෙන් අධිෂ්ඨානශීලී ප්‍රාර්ථනයක්‌ සිදුකරන අපගේ බෞද්ධ වත් පිළිවෙත් අනුව යමින් ලොවේ කොතැනක හෝ දිවි ගෙවූවද ජීවිතයේ සැඳෑ සමය ගෙවන මෙවන් වටිනා ජීවිතවලට පිං අනුමෝදන් කිරීම බෞද්ධ අප ලැබූ භාග්‍යයකි. ගාලු මුවදොර පිටියේදී අප ලොවට හඬගා කීවේ බෞද්ධයන්ගේ අපිරිමිත සත්ව කරුණාව නොවන්නේද? ඒ නැතිව දළ යුගලක්‌ නිසා අකල්හි ජීවිතයෙන් සමුගත් ඒ දැවැන්තයන්ගේ අකාරුණික මරණය ගැන ළතෙත් හදවත් නැතිව එම දළවලට මිලක්‌ නියම කරන්නේ කෙලෙසින්ද?

2012 වසරේ මැයි මස 15 වැනිදා කෙන්යාවේ සිට ඩුබායි දක්‌වා නාවික මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ ටොන් 1500 ක්‌ වන මෙම ඇත්දළ 359 ක ප්‍රමාණය ශ්‍රී ලංකාවට (කොළඹ වරාය) එන්නේ කොළඹ හරහා නැවත (ප්‍රති) නැව්ගත කිරීම සඳහාය. එනම්, වෙළෙඳ නාවික මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් කොළඹ යොදාගන්නා නිසාය. එහිදී සැක සහිත මෙම ඇත් දළ කන්ටේනරය ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට භාජනය වන අතර, ඒ තුළ මෙම තහනම් දළ ඇති බවට හඳුනා ගන්නා ලදී. "ලෝකයේ වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙ¹ම පිළිබඳ සම්මුතිය (ක්‍ෂඔES ඤබඩැබඑසදබ දබ ෂබඑeරබ්එසදබ්ක ඔර්de සබ Eබාaබටැරුd Sචැජසැs දෙ උසකා Faමබ් aබා Fකදර්) ට අත්සන් කර, එම සම්මුතියේ සාමාජික රටක්‌ සේ කටයුතු කරන ශ්‍රී ලංකාව මෙසේ මෙම ඇත්දළ තොගය අත්අඩංගුවට ගනු ලබන්නේ එම නීතිමය ප්‍රතිපාදන සැලකිල්ලට ගෙනය.

සාමාන්‍යයෙන් මෙසේ අත්අඩංගුවට පත්වන නීති විරෝධී වන සත්ත්ව හා ශාක කොටස්‌ විනාශ කර දැමීම සදාචාරාත්මක තීන්දුවක්‌ ලෙස ලොව පිළිගනී. මෙසේ වරක්‌ පිලිපීනය මගින් මේ ආකාරයේම ප්‍රති නැව්ගත කිරීමට පැමිණි අප්‍රිකානු ඇතුන්ගේ දළ තොගයක්‌ එරට රජය මගින් ප්‍රසිද්ධියේ ගිනිතබා වනසා දැමීය. එහි අර්ථය වන සත්ත්ව කොටස්‌ සඳහා මිලක්‌ නියම නොකර වටිනාකම ශූන්‍ය කර දැමීමය.

කවුරුන් මොනවා කීවද 26 දා පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදී වනජීවී, රේගු අංශ හා එක්‌ව පරිසරවේදීන් කිහිප දෙනකුගේ බලවත් පරිශ්‍රමය මත, ඉහත කී ඇත්දළ (ඊකදදා ෂඩදරහ) තොගය විනාශ කිරීම (වටිනාකම ශූන්‍ය කිරීම ශ්‍රී ලංකා රජය ගත් අතිශය වැදගත් තීන්දුවකි. අපේ වනජීවී සංරක්‍ෂණයේ තරම හා ආකල්පය ලොවට හඬගා කී අවස්‌ථාවකි. ලෝ සතුන්ට බුදුහිමි දෙසූ මහා කරුණාව, බෞද්ධ රාජ්‍යයක්‌ වශයෙන් පතළ කළ අවස්‌ථාවකි.

එහි ගෞරවය සිංහල, දෙමළ, මුස්‌ලිම් හෝ බෞද්ධ, ඉස්‌ලාම්, හින්දු, බර්ගර් යෑයි නොකියා ලැබෙන්නේ සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ටය.

මෙම දළ තොගය විනාශ නොකර එය ආර්ථික වටිනාකමකට හරවා ගත යුතුව තිබුණේ යෑයි නෝක්‌කාඩුවෙන් පසුවන අයටද මෙහිදී යමක්‌ කියා දිය යුතුය. එනම් මෙසේ ලෝක වන සත්ව සංරක්‍ෂණයට මෙන්ම එවන් ලෝක සම්මුති සන්ධානවලටද රටක්‌ හැටියට අප ගරුකරන බව මෙම දළ තොගය විනාශ කිරීම (ආර්ථික වටිනාකම ශූන්‍ය කිරීම) මගින් ප්‍රදර්ශනය කිරීමය. එමෙන්ම ඉන් ලැබෙන අතිමහත් ලෝක කීර්තිය හමුවේ ඉදිරියේදී අප රටේ වන සත්ත්ව සංරක්‍ෂණය උදෙසා සැලකිය යුතු අරමුදල් ලැබිය හැකි බව ප්‍රත්‍යක්‍ෂ වීමය. නොහොත් එම අරමුදල් සඳහා ප්‍රමුඛත්වය අප රටට නිතැතින් හිමිවීමය. රුපියල් මිලියන 370 ක්‌ වෙනුවට ඊටත් වඩා මූල්‍යමය හා අවස්‌ථාමය ප්‍රතිලාභ රැසක්‌ ඉදිරියේදී අපට අත්පත් වනු ඇතැයි පාරිසරික හා ආර්ථික විද්වත්තු පෙන්වා දෙති.

2012 මැයි මස දී අත්අඩංගුවට පත්වන මෙම දළ තොගය මේ දක්‌වා වසර තුනකට වැඩි කාලයක්‌ විනාශ නොකර තබා ගැනීමම අප රටට කැළලක්‌ ඇති කළ කාරණයකි. එදා අත්අඩංගුවට ගැනීම සිදුකළ මොහොතේ ජාත්‍යන්තර මාධ්‍ය ඊට ප්‍රචාරයක්‌ ලබාදුන් අතර මේ දක්‌වා ලෝක ප්‍රජාව බලා සිටියේ ශ්‍රී ලංකාව මෙම දළ තොගය සඳහා සදාචාරාත්මක තීන්දුව ලබා දෙන්නේ කෙලෙසද යනුවෙනි.

සැබෑව නම් ඉකුත් රජය මගින් ඊට සදාචාරාත්මක තීන්දුවක්‌ ලබා නොදීමය. ඒ වෙනුවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයකින් එවකච රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අමතන අතිරේක ජනාධිපති ලේකම් දන්වා සිටින්නේ අදාළ දළ තොගය "කලම්බු ලොජිස්‌ටික්‌" නම් ආයතනයක්‌ වෙත භාරදෙන ලෙසයි. එහෙත් එහි ඇති බරපතළ වරද හා මාධ්‍ය මගින් ලබාදුන් ප්‍රචාර හේතුවෙන් දළ තොගය තවදුරටත් කන්ටේනරයක්‌ තුළම ගබඩා කරන්නට රේගුව කටයුතු කරයි.

වත්මන් රජය සමයේදීද යෝජනා වන්නේ මෙම දළ තොගය මුදල් බවට පත්කර එම මුදල ජාතික වකුගඩු අරමුදලට බැර කරමුය යන්නය. එහෙත් ඒ සඳහා පරිසරවේදීන් දැඩි විරෝධතාව ප්‍රකාශ කරන්නේ ලේ තැවරුණු දළවල හිමිකරුවන්ගේ මරණයට ගෞරවයක්‌ ලබාදෙනු පිණිස හා ජාත්‍යන්තර "සයිටීස්‌" සම්මුතියේ පාර්ශ්වකරුවකු ලෙස අපට ඇති වගකීම සම්බන්ධයෙනි.

මීට පෙර ඔක්‌තෝබර් මස 4 වැනිදාට යෙදුණු ලෝක සත්ත්ව දිනයේදී මෙම දළ තොගය විනාශ කරන බවට යෝජනා වුවත්, එය යළිත් කල් ගියේය. මේ ඇත්දළ තොගයේ "රස" කාට කාටත් වැටහුණු නිසා විය හැකිය. එනමුත් රේගු ජෛව විවිධත්ව අංශයේ නිර්මාතෘ මෙන්ම එහි හිටපු ප්‍රධානී සමන්ත ගුණසේකර, පරිසරවේදී විද්‍යා අබේගුණසේකර ඇතුළු පරිසරවේදීන්ගේ හා රේගුවේ බලවත් ඉල්ලීම පරිදි පසුව රජය තීරණය කරනු ලැබුවේ ජාත්‍යන්තර රේගු දිනය යෙදෙන ජනවාරි 26 දා ගාලු මුවදොර පිටියේදී තලා කුඩුකර විනාශ කර දැමීමටය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා "සයිටීස්‌" සම්මුතියේ ලේකම් "ජෝන් ස්‌කැන්ලොන්" මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කළ අතර තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මීට නොමඳ සහය ලබා දුන්නේය. ඔහුගේ දැඩි තීරණය නිසා නොවන්නට මෙසේ ඇත්දළ විනාශ කිරීම සිදු නොකෙරෙනුද ඇත.

26 දින පෙරවරුවේ පෙර සඳහන් කළ පරිදි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොපැමිණියද සයිටීස්‌ මහ ලේකම් සහ වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් දළ විනාශ කිරීමට අදාළ කටයුතු ආරම්භ වූයේ විශේෂයෙන්ම බෞද්ධ වතාවත් පරිදිs මියගිය ඇතුන්ට පැන් වඩා පිං අනුමෝදන් කරමිනි. පූජ්‍ය ඕමල්පේ සෝභිත, කැලණි විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද ධම්මරක්‌ත හිමි, පූජ්‍ය අතුරලියේ රතන යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති බෞද්ධ වතාවත්හිදී සයිටීස්‌ මහලේකම් ජෝන් ස්‌කැලෝන් මහතාද පැන් වැඩීමට එක්‌වීම විශේෂයකි. මෙය ජාත්‍යන්තර මාධ්‍යයට අති සුවිශේෂ ප්‍රවෘත්ති විශේෂාංගයක්‌ වූවාට සැක නැත.

අනතුරුව පෞද්ගලික ආයතනයක්‌ මගින් සවිකර තිබූ කැබලි කිරීමේ යන්ත්‍රයක්‌ මගින් එකින් එක දළ කැබලි බවට පත්වූයේ ආරාධිතයන් ඊට ආරම්භය ලබාදීමෙන් පසුවය. මෙසේ පැය කිහිපයක්‌ තිස්‌සේ කැබලි කරන ලද ඇත් දළ තොගය සුරක්‍ෂිතව එකතු කර, ආරක්‍ෂිත විධි විධාන යටතේ ගබඩා කර පසුදා පුත්තලමේ "ජියෝ සයිකල්" ආයතනයට අයත් සිමෙන්ති නිෂ්පාදන උඳුනේ බහා සෙන්ටිග්‍රේට්‌ අංශක දෙදහසකට වැඩි උෂ්ණත්වයකදී 27 දා දහනය (ආදාහනය) කරනු ලැබීය.

මෙවන් සුවිශේෂ අවස්‌ථාවක්‌ ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි කතාබහට ලක්‌වූ අතර ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි බලනු ඇත්තේ සත්ව සංවේදී රටක්‌ විලසය. එහි ප්‍රතිලාභ අත්කර ගැනීමද ඉදිරියේදී රජයේ වගකීමකි. මෙවන් අවස්‌ථාවකට රාජ්‍ය නායකයන් දෙපළ සහභාගි වූයේ නම් එම ප්‍රතිඵල දෙගුණ තෙගුණ වනවාට සැක නැත. එහෙත් සිදුවූ දේ වී හමාරය. කවුරුන් හෝ අනේ අපොයි කීමට හේතුවක්‌ නැත.

මන්ද, මෙම දළ ලබාගැනීම සඳහා අප්‍රිකානු) ඇතුන් තම ජීවිත පූජා කළ අයුරු මේ කවුරුනුත් නොදුටු නිසාය. එවන් පාපතර දර්ශන දැක බලාගන්නට වුවමනා නම් ඔබට ඒ වෙනුවෙන් ඇති අන්තර් ජාල වෙබ් අඩවි පීරා නිරීක්‍ෂණය කළ හැකිය. අපට කිව හැක්‌කේ බෞද්ධ පසුබිමක සිට මෙවන් අකල් මරණ වනේ වන සතකුටවත් සිදු නොවේවා" යන යන පැරණි හෙළ ප්‍රාර්ථනාවය.

ජගත් කණහැරආරච්චි
Read more
Thursday, February 4, 2016
කඳුළු හුරතල් වැඩිද මන්දා...  --  උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගහට ගහක් මොරටුවේදී හමු වෙනවා යැයි කතාවක් තිබේ. මහින්ද සහ ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ හමු වීම ගහට ගහක් මොරටුවේදී හමු වූවා වාගේය. ෆොන්සේකා පාර්ලිමේන්තු යන්නේ මහින්ද ඔහුව හිර ගෙට දමා හරියටම වසර 6ක් පිරෙන පෙබරවාරියේය. ෆොන්සේකා පාර්ලිමේන්තු යද්දී මහින්දගේ පුතා යෝෂිත ඉන්නේ හිර ගෙදරය.


ෆොන්සේකා හමුදාවට බැඳෙන්නේ 1970 දීය. යෝෂිත නාවික හමුදාවට බැඳෙන්නේ 2006දීය. යෝෂිත නාවික හමුදාවට බැඳීම මහින්ද පෙන්වන්නේ තමා රට ජාතිය වෙනුවෙන් අභීතව සටන් කරන්න තම පුතාව හමුදාවට දුන්නා සේය. යෝෂිතගේ විසිර යෑමේ පෙළපාළියට යන මහින්ද එය දේශපාලන සන්දර්ශනයක් බවට පත් කර ගත්තේ පුතාව යුද්ධයට යවපු එකම රාජ්‍ය නායකයා තමා බව පෙන්වමිනි. එකල මාධ්‍යද එය පෙන්වන්නේ මහා වීර කාව්‍යයක් ලෙසය.


2006 වසරේ දෙසැම්බර් 14 නාවික හමුදාවට බැඳුණු යෝෂිත ඉන් හරියටම දෙසතියකට පසු එනම් 2007 ජනවාරි 01 මහ බි්‍රතාන්‍ය තරුණ නිලධාරි පුහුණු පාඨමාලාවට සහභාගි වීම සඳහා ගියේය. යෝෂිත හමුදාවට බැඳී දවස් 14කින් ඔහුට බි්‍රතාන්‍යයෙන් පුහුණු පාඨමාලාවකට යන්න අවස්ථාව ලැබුණේ කෙසේදැයි, ඔහුට ජේ‍යෂ්ඨ නාවික හමුදා භටයන් ප්‍රශ්න කරද්දී ප්‍රචාරය කළේ ඔහුට විශේෂ ශිෂ්‍යත්වයක් ලැබුණා කියාය. නමුත් ඔහුගේ බි්‍රතාන්‍ය පාඨමාලාව වෙනුවෙන් නාවික හමුදාව හැට දෙලක්‍ෂ අසූහතර දහසක මුදල් වැය කොට ඇති බව හෙළි වූයේ මහින්ද පරාජය වීමෙන් පසු යෝෂිත ගැන හොයන්න නාවික හමුදාපති පත් කළ කමිටු වාර්තාවෙන්ය. ඔහු බි්‍රතාන්‍ය පාඨමාලාව නිමවා ලංකාවට එන්නේ 2007 දෙසැම්බර් 7ය. ඒ, උතුරේ යුද්ධය ඇවිළී දහස් ගණන් යුද, නාවික, ගුවන් හමුදා භටයන්ගේ මළ සිරුරු මිනී පෙට්ටියෙන් කොළඹට එන කාලයේය. 2007 දෙසැම්බර් 07 ලංකාවට එන යෝෂිත ලංකාවේ ඉන්නේ මාස 5ක් වැනි සුළු කාලයකි.

2008 මැයි 15 ඔහු යළි විදේශගත වන්නේ උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව හැදෑරීම සඳහාය. ඔක්තෝබර් වන තෙක් ඔහු විදේශගත වී පාඨමාලාව හදාරා ලංකාවට එන්නේ 2008 ඔක්තෝබරයේය. ඔහුට ලැබුණු එම විදේශ සංචාරය ගැනත් නාවික හමුදාව තුළ කසු කුසු යද්දී ප්‍රචාරය කරන්නේ එයත් ඔහුටම ලැබුණු විශේෂ ශිෂ්‍යත්වයක් කියාය. එහෙත් වත්මන් ආණ්ඩුව පත් කළ කමිටුව සොයා ගෙන ඇත්තේ ඔහුගේ එම පාඨමාලාව වෙනුවෙන් නාවික හමුදාව රුපියල් පනස් තුන් ලක්‍ෂ තිස්හත්දහස් හයසීයයි ශත හැත්තෑවක් වියදම් කොට ඇති බවය. 2008 ඔක්තෝබරයේ ලංකාවට ආ යෝෂිත එක් දිනක්වත් උතුරු - නැඟෙනහිර යුද බිමෙහි සිටි බවට වාර්තා වී නැත.

යුද්ධය අවසන් වූවාට පසුව 2009 නොවැම්බර් 11 යළි ඔහු යුක්රේනය බලා යන්නේ විශේෂ අධ්‍යයන නිලධාරි පාඨමාලාවක් හැදෑරීම පිණිසය. ඒ සඳහා වැය කොට ඇති මුදල තිස්හත් ලක්‍ෂ හැත්තෑතුන් දහස් අටසීයයි සත හැත්තෑහයකි. 2009 මාර්තු 07 මහින්ද රාජපක්‍ෂ විසින් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේදී යෝෂිතට වසරේ හොඳම ර්ඪඤඵඩඪනථචද ථචද සම්මානය පිරිනමා ඇත. ඔහුට එම සම්මානය පිරිනමා ඇත්තේ ඔහු නාවික හමුදාව වෙනුවෙන් කළ උදාර සේවය වෙනුවෙනි. එසේම ඔහුට ඉඹධපඤ ධට ඩ්ධදධභප සම්මානයද පිරිනමා ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරන්නේ රට ජාතිය බේරා ගන්න කැප වූ උතුම් වීරයන්ට පිරිනමන මෙම සම්මාන යෝෂිතට පිරිනමන්න ඔහුගේ පියා සහ මව පැමිණීම සංවේදීජනක සිද්ධියක් බවය. ත්‍රිවිධ හමුදා ප්‍රධානි මහින්ද සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභයගේ උපදෙස් මත, නාවික හමුදාව මෙම සම්මාන යෝෂිතට පිරිනමන්න ඇත්තේ යුද්ධයේදී දිවි දුන් අංගවිකල වූ ගම්වල අහිංසක නාවික හමුදා භටයන්ට සමච්චල් කරමින්ය.


"අද රටක කඳුළු පිස දැමූ මිනිසාගේ ඇස්වල කඳුළු ගැන කතා කරන දේශප්‍රේමීන් යෝෂිත සම්මාන ගන්න කොට සම්මාන පමණක් නොව දරුවන්ද අහිමි වූ රණවිරුවන්ගේ අම්මලා තාත්තලා කඳුළු සලද්දී වචනයක් කතා කළාද...?"


ඒ වෙලාවේ පමණක් නොව රට ජාතිය ත්‍රස්තවාදයෙන් මුදා ගත් අභීත රණවිරුවා ජෙනරාල් ෆොන්සේකා කුදලාගෙන යද්දී මේ දේශප්‍රේමීන් කළේ හුරේ දමන එකය. ෆොන්සේකා දෙවරක්ම ත්‍රස්තවාදීන්ගෙන් ජීවිතය බේරා ගත් අයෙකි. වරක් යුද බිමේදීත් වරක් යුද හමුදා මූලස්ථානයෙදීත් ඔහු ප්‍රභාකරන්ගේ බෝම්බවලින් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි. ඔහු යළි යුද බිමට ආවේ වෛද්‍යවරුන් විවේක ගන්නා ලෙස ඔහුට අවවාද කර තිබියදීය.
වෛද්‍ය උපදෙස් පිළි නොගෙන ෆොන්සේකා යුද බිමට ගියේ නැතිනම් ප්‍රභාකරන් අදටත් ජීවතුන් අතරය. එය හොඳ හැටි පැහැදිලි වන්නේ ෆොන්සේකා නැතිව යුද්ධය දිනන්න බැහැ යැයි එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ෆොන්සේකාව දැඩි ලෙස විවේචනය කළ පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ නියෝජිතයන්ට කී කතාවෙන්ය. ඔහු එදා කීවේ ෆොන්සේකාට ගහන අය කොටි හිතවාදීන් කියාය.


එහෙත් යුද්ධය දින්නට පසු මහින්ද ෆොන්සේකාව හමුදාපති ධුරයෙන් ඉවත් කළේ ඔහුට රට තුළ ඇති ජනප්‍රියතාව ගැන බුද්ධි අංශ දුන් වාර්තාවලට බය වෙලාය. ඔහු ෆොන්සේකාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙසද පත් කළේය. ෆොන්සේකා මහින්දට එරෙහිව ජනාධිපති සටනට එන්න තීරණය කළේ යුද්ධය දිනල දුන්න ඔහුට කළ කුඩම්මාගේ සැලකිලි නිසාය. රාජ්‍ය බලය පමණක් නොව හමුදා නිලධාරීන්ද දේශපාලනයට යොදවා ගෙන ජනාධිපතිවරණය දින්න මහින්ද ෆොන්සේකාව බල්ලෙක් ලෙස ඇද ගෙන ඇවිත් කූඩුවට දමන්නේ ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් නොකරමින්ය. ඔහු තමාට එරෙහි චෝදනා දැන ගත්තේ සිරගත වූවාට පසුවය. හැබැයි යෝෂිතට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් පරීක්ෂණ කළේය. කටඋත්තර ගත්තේය. මහින්ද ඔහුගේ ජෙනරාල් පදවිය, විශ්‍රාම වැටුප, ඉතිහාසයෙන් ඔහුට හිමිකම අහිමි කරන්නේ උමතුවෙන් වාගේය. එසේම ඔහු දිනාගත් මන්ත්‍රි ධුරයද ඔහුට අහිමි කොට ඔහුගේ ප්‍රජා අයිතියද නැති කරනු ලැබීය.
එකල මෙරට මාධ්‍ය මඟින්ද ෆොන්සේකාගෙන් පළි ගැනීම සාධාරණීයකරණය කරන්නේත් උමතුවෙන්ය. ලංකාදීප පුවත්පත 2010 මැයි 20 පැවැති යුද ජයග්‍රහණය සමරන දිනයේ ෆොන්සේකා යුද්ධය දිනන්න කළ මෙහෙය ගැන ලියවුණු ගුරුදා විග්‍රහය තහනම් කරනු ලැබීය. එය 2010 මැයි 23 ලංකා පුවත්පත සඳහන් කර ඇත්තේ මෙසේය.


විග්‍රහයට කැපිල්ලක්
ලංකාවේ ජනප්‍රිය ලංකාදීප පුවත්පත සෑම බ්‍රහස්පතින්දාවකම පළවන ගුරුදා විග්‍රහය පසුගිය බ්‍රහස්පතින්දා එම පුවත්පතේ පළ වී තිබුණේ නැත. එයට හේතුව වී ඇත්තේ යුද ජයග්‍රහණයට සෙන්පතියා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ගැන එහි සඳහන් වීමයි.
23.05.2010


ඒ වගේම ලංකාදීප පුවත් පත එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව වචනයක්වත් ලියන්න දුන්නේ නැත. 2008 ජනවාරි 31 ගෝඨාභය විවේචනය කොට ලියැවුණු ගුරුදා විග්‍රහයත් තහනම් කළ ආකාරය ඉරුදින පුවත් පත වාර්තා කළේ මෙසේය.
ගෝඨාභය ගැන කිසිවක් ලියන්න බැහැ.
ඉහළ අණකින් ගුරුදා විග්‍රහය ගැලවේ.


03.02.2008
ඉරුදින
ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසු මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරු එයට එරෙහිව දළදා මාලිගාව අසල සඟ සමුළුවක් පවත්වන්න ගිය විට මහින්ද එය කඩාකප්පල් කිරීම සාධාරණය කරමින් දිවයින පුවත්පත 2010 පෙබරවාරි 21 සිය පුවත්පතේ කතුවැකිය ලීවේ මෙලෙසය.


මෙම සඟ සමුළුව අතිගරු මහනාහිමිවරුන් විසින්ම කැඳවන ලද්දක්ද නොඑසේ නම් එය වෙනත් දේශපාලන අවශ්‍යතාවක් විසින් සංවිධානය කරන ලද්දක්ද යන්න අපි නොදනිමු. මහනාහිමිවරු දේශපාලන අදහස් අනුව ක්‍රියා නොකරති. උන්වහන්සේ දේශපාලන නූල් සූත්තරවලට භාවිත වීමෙන් ඒ ගෞරවයට හානි සිදුවේ.
21.02.2010
දිවයින
එසේම ෆොන්සේකාට එරෙහිව චෝදනා ඇත්නම් සිවිල් නීතිය යටතේ ඒ චෝදනා විභාග කළ යුතු බවට ඇමෙරිකාව කළ ප්‍රකාශය හෙළා දකිමින් දිවයින එම පුවතට හෙඩිම දැම්මේ මෙසේය.


නීතිය ක්‍රියාත්මක කරන හැටි
ඇමෙරිකාව අපට උගන්වයි
25.02.2010
දිවයින
කොටි බෝම්බ දෙකකින් සිය ජීවිතය අනූනවයෙන් බේරා ගෙන යුද්ධය දිනල දුන් ෆොන්සේකාට වඩා දේශප්‍රේමියෙක් ලංකාවේ සිටිය නොහැකිය. එහෙත් මහින්දගේ දේශප්‍රේමී නඩය සහ දේශප්‍රේමී කියාගන්නා මාධ්‍ය එදා ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සාධාරණීයකරණය කරමින් ඔහුට ගැහුවේ දේශප්‍රේමී වස්ත්‍ර උනා දමලාය. එකල ෆොන්සේකා උසාවියට පැමිණ මාධ්‍යයන්ට ප්‍රකාශයක් දෙන විට මෙරට කිසිදු මාධ්‍යයක් එම ප්‍රකාශය පළ කළේ නැත.

බය නැතිව එම ප්‍රකාශය පළ කළේ සිරස මාධ්‍ය පමණය. එදා ඔහු සුදු කොඩි සිද්ධිය ගැන කළ කතාවේ මුල් පිටපත නොදී සංස්කරණය කරන ලද පිටපත උසාවියට දුන්නේ අද දේශප්‍රේමය තනි භුක්තියට ලියාගන්න හදන විද්‍යුත් මාධ්‍යයකි. එදා මෙම මාධ්‍යයන්ට ෆොන්සේකා වෙනුවෙන් සටන් කරන හැමෝම දේශද්‍රෝහීන්ය. හැබැයි අද මහින්ද වෙනුවෙන් සටන් කරන අය දේශප්‍රේමීන්ය. එදා ෆොන්සේකා වෙනුවෙන් සඟ සමුළුව තියන්න යෑම බුද්ධ ශාසනයට අගෞරවයකි. අද මහින්දලාට පන්සල්වල දේශපාලනය කරන්න ඉඩදීම භික්‍ෂූන්ගේ යුතුකමකි. එදා ෆොන්සේකාගේ ප්‍රකාශ තහනම් කොට අද මහින්දගේ කටින් පිටවෙන වචනයන් රත්තරන් සේ සලකා පළ කරන්නේ ප්‍රධාන පුවත් ලෙසය.


එදා යෝෂිත නාවික හමුදාපතිට නොදන්වා නිවාඩු ගෙන විදේශ සංචාර යද්දී නාවික හමුදා සල්ලිවලින් විදේශ ශිෂ්‍යත්ව ලබා ගනිද්දී යෝෂිතට තියෙන වරප්‍රසාද හමුදාවට බැඳෙන අහිංසක ගමේ ගොවියාගේ පුතාට නැත්තේ ඇයි කියා ඇසුවේ නැත. එය හමුදා විනය උල්ලංඝනය කිරීමක් නේදැයි ඇසුවේ නැත. යෝෂිත හමුදාවේ සිටිමින් සී.එස්.එන්. වැනි ක්‍රීඩා නාළිකා පවත්වාගෙන යමින් ව්‍යාපාර කළේ කොහොමද කියා ඇසුවේ නැත.


යෝෂිත දේශප්‍රේමියෙක් කළ, ෆොන්සේකාව දේශද්‍රෝහියෙක් කළ මේ නාඩගම් දේශප්‍රේමීන්ගේ වස්ත්‍ර ගලවන තීන්දුවක් අද ස්වභාවධර්මය ලබාදී තිබේ. ඒ යෝෂිත හිර ගෙදර සිටියදී ෆොන්සේකාට පාර්ලිමේන්තුවට යන්න සැලැස්වීමෙන්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Tuesday, February 2, 2016
සරත් විජේසුරිය උපාසක මහතාගේ බණ

රත්නදෙණියේ මේධානන්ද හිමි
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු කියාගන්නා මහාචාර්ය සරත් විජේසූරිය යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ වහ වහා මාධ්‍ය හමුවක් කැඳවා ඔහු මුදල් අවභාවිත කිරීම ගැන කරුණු පැහැදිලි කළේය. නීතිය හමුවට පුද්ගලයන් කැඳවීම පලිගැනීමක් නොවන බවත් කොටින්ම මෙය කැලෑ නීතිය නොවන බව කීවේය. වංචා දුෂණ සම්බන්ධයෙන් වැරදි කරුවන් නීතිය හමුවට පමුණුවන බවට ජනතාවට පොරොන්දු වී බලයට පත් මේ ආණ්ඩුව එම කාර්ය මෙතෙක් නොකළේ මන්ද යන්නත් මේ මහාචාරි තැන ප්‍රශ්න කළේය.
වංචා දුෂණ සම්බන්ධ වැරැදිකරුවන් සාධාරණ ක්‍රමයකට නීතිය හමුවට පමුණුවන්නේ නම් යෝෂිතට කලින්ම වැලිකඩ සිටිය යුත්තේ මේ උගත් මහාචාරියාය. මන්ද ඔහු ශාස්ත්‍රීය මංකොල්ල කාරයෙකි. මේ මහත්මයා විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය යයි ප්‍රකාශන ආයතනයක් අරඹා ලේඛකයකු ඉතා මහන්සියෙන් දුක්විද පළ කරන කෘතියකට ලැබෙන 10% ඉතා සුළු මුදල (කර්තෘ භාගය) පවා කොල්ල කෑ මෘග්ධයකු වෙයි. අනුන්ගේ බුද්ධිමය ශ්‍රමය සහාසික ලෙස කොල්ලකෑමට ලක්වූ ප්‍රකටම ලේඛිකාව වන්නේ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිය. ඇය මියගිය විට පෙට්ටියක් ගැනීමට වත් මුදල් නොදුන් මේ ශාස්ත්‍රීය මංකොල්ලකරු කිසිම සදාචාරයක් නැති ගානට ප්‍රථම මුද්‍රණය ලෙස නව මුද්‍රණ වර්ෂ සඳහන් නොකොට අවුරුදු පතා පොත් අච්චු ගසමින් ඇගේ කෘති අයථා ඉපැයීම් මාර්ගයක් කර ගත්තේය. දැන් අනුන්ගේ මුදල් අවභාවිතය ගැන මාධ්‍ය සාකච්ඡා කැදවා රටවැසියන්ට කරුණු කියන්නේ තම උගත්කමටත් නොගැලපෙන හොරවැඩ කළ තක්කඩියකි.තමන් ශිල්ප උගත් පොත-පතම අයථා මුදල් ඉපැයීමේ මාර්ගයක් කර ගැනීම ගැන ඔහු අන් කාටත් වඩා ලජ්ජා වියයුතුය. මෙවැන්නකු පෙරටු කොටගෙන අද මේ සංවිධානය පවා කරන්නේ "සාධාරණ සමාජයක්" යන වචන දෙක පවා අපහරණය කිරීමකි. අද ලංකාදීපයේද මේ මාධ්‍ය සාකච්ඡාව ගැන වාර්තා කර තිබෙන අයුරු දුටු විට අපට සිහිපත් කරවන්නේ සක්විති රණසිංහ දඩුවම් මුදලාලි වැන්නෙකු සොරකමේ අදීනව ගැන ජනතාවට බණ කියාදෙන ආකාරයකි.
පහත පළවන්නේ මේ මාධ්‍ය සාකච්චාව 2016.02.02 ලංකාදීප වාර්තා කරතිබූ ආකාරය සහ චින්තා ලක්ෂ්මී ගේ පොත් හොරා කෑ ආකාරය රිවිර පුවත්පත ප්‍රශ්න කළවිට පළමුව දුරකථනය විසන්ධි කොට නැවත නැවතත් ගත්විට ඕක පත්තරෙන් කතා කරලා තේරුමක් නැහැ. ඔය සාකච්චාවෙන් මාව අයින් කරලා දාන්න. ඕකට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ කියා නැවතත් දුරකථනය විසන්ධි කොට පලා ගිය ආකාරය පුවත්පත වාර්තා කර තිබූ අයුරු.

රත්නදෙණියේ මේධානන්ද හිමි
Read more
Monday, February 1, 2016
අපේ ගෙදර ආ මහගම සේකර

කලකට පෙර අපේ ගෙදර සුවිශේෂ වීදුරු බන්දේසියක් තිබුනේය. වටේට හැඩ දමා  ගොතන ලද වේවැල් රාමුවක් මැද්දේ ලස්සන චිත්‍රයක් වීදුරුවක ඇඳලා තිබුනේය . අපේ තාත්තාට ට්‍රේනින් කොලිජියේ යාලුවෙක් මේ බන්දේසිය තෑගී කරදදී කියා තිබුනේ  චිත්‍රය ඇන්දේ ඔහු හඳුනන ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන මහගම සේකර බවයි . මහගම සේකර බන්දේසිවල චිත්‍ර ඇන්දා කියා විශ්වාස කරන්නට බැරි වුනත්  අපේ ගෙදර වහරට එකතු වූ 'මහගම සේකර' යන නමට නොදන්නා වටිනාකමක් ලැබී තිබිණි .මෙකී හේතුව නිසාම ඒ වීදුරු බන්දේසිය පසුකලෙක ඉස්තෝප්පු බිත්තියේ චිත්‍රයක් මෙන් එල්ලා තිබුනේය.

ලා කොළ පාට පසුබිමක සුදු පාටින් නටන නළඟනක්  එහි සිටියාය. පසෙකින් ඇදෙන රතුපාට මල්වැල මා සිතා සිටියේ නළඟන ගිල දැමීමට සැරසෙන මකර  රුවක් සේය. මල්වැල අගිස්සෙන් පැන මතුවූ අතු දෙක කට අරින්නා සේ නැට්ටුක්කාරියගේ  හිස පැත්තට යොමු වී තිබිණි . මම විටින් විට බන්දෙසියට ලං නොවී වුනත් සොයා බැලුවේ මේ මකරා  බවලතාගේ ඔලුවට අවදානම් ලෙස ලං වී ඇත්දැයි කියලාය.

මහගම සේකර කියන විට මුලින්ම මගේ කල්පනාවට ආවේ  අපේ අයියාට ටිකක් වැඩිමල් කොලු ගැටයෙක්ගේ රුවකි . ඒ වුනත් ඔහු අපේ තාත්තාටත් වඩා අවුරුදු කීපයක් වැඩිමල් රටම පිළිගත් අයෙක් බව මා දැන ගත්තේ සේකර මලාටත් පසුවය.

ඔහුගේ මරණයත් සමග මහගම සේකරගේ කවි ගීත ගැන උනන්දුව ඇවිලෙද්දී අර වීදුරු බන්දේසිය දෙස මම බැලුවේ දිනෙන් දින වැඩිවන ආදරයකිනි .
++++++

මම අම්මා හා තාත්තා බැලීමට ගමේ ගිය මෑත කාලයේ දිනෙක අර බන්දේසිය එල්ලා තිබු බිත්තිය දෙසම බලාගෙන ගෙට ඇතුල් වුනෙමි. එහෙත් බිත්තිය හිස් වී තිබුණ අතර අම්මා කුස්සියේ කුමක්දෝ කරමින් සිටින හඬ ඇසිණි .
මළහිරුගේ අවසන් රැස් දහර සපුගස් මණ්ඩියට හොරෙන් අපේ සාලයට පෙරී ඇවිත් තිබුනෙන් වේවැල් හාන්සි පුටුවේ අමුත්තෙක් වාඩී  වී සිටින බව මට පෙනිණි. ඔහුගේ සාක්කුවේ තිබුන අලුත්ම පාකර් පෑනටද  හිරු රැස් කැරැල්ලක් පතිත වී තිබුනේය. ඔහුගේ අතේ තිබ්බ ත්‍රී රෝස් සිගරැට් පැකට්ටුව නිසා මගේ කුතුහලය තවත් වැඩි විය .

'මම සේකර' ඔහු සිනාසුනේය . 'එනවා කියල ආරංචි වුන නිසා මම පොඩ්ඩක් කතා කරලා යන්න හිටිය' . ඔහු නිරෝගී දසන්පෙල දක්වා ලෙන්ගතුව සිනාසුනේය. මා සිතා සිටියාට වඩා ඔහු තරුණය. කඩවසම්ය.

'වෙන්ඩ  බෑ' . මම මටම කියා ගත්තෙමි .
සේකර කියන්නේ පාකර් පෑන් එපා කියපු දුප්පත් කලකාරයෙක්නේ. අනික සංවේදී මිනිහෙක්නේ . හොඳට බොන්න ඇති. මීට වඩා දිරා ගිහින් ඉන්න එපැයි .

මගේ සිත කියෙව්වාක් මෙන් ඔහු මා ඇමතීය .

'මම ආවේ පණිවිඩයක් කියල යන්න' .
මොකක්ද ? මම ගරුසරු ඇතිව අසීමි .
'අලුත් සේකරලා හොයාගන්න කියල සමාජෙට කියන්න' .

'ඒ වුනාට ඔබ තරම් අව්‍යාජව ලියපු. බෞද්ධ දර්ශනයෙන් පදම්  වෙච්ච  ගැමි කමෙන් මටසිලිටි වෙච්ච විශ්ව සාහිත්‍යයෙන් පෝෂනයවෙච්ච කලාකරුවෙක් ඊට පස්සේ බිහි වුන් නෑනේ'.

ඔහු මහා හඬින්  හිනා වුනේය.

'හිටියා බ්‍රෑන්ඩ් වුන් නෑ . එක්කෝ උන් විසින් විනාශ වුනා නැත්නම් සමාජේ ඒ මිනිස්සුන්ගේ පොඩි අඩුපාඩුවක් ලොකුවට අරන් නොසලකා ඇරියා'.

'ඒත් ඔබට ඉතිහාසේ තියෙන්න ඕනි ප්‍රතිරුපේ?' .

'ඒකට හානියක් වෙන එකක් නෑ පුතා . මම අවංකව මිනිස්සුන්ට ආදරේ කළා . රස අඳුනා ගත්තා .හිතට එන දේ ලිව්වා. මටම තේරෙන විදිහට ඒවායින් බොහොමයක් සෞන්දර්ය අගයෙන් ඉහළයි' .

'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .

'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.

එහෙනම් ?

'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.

මේ කතාව මොන තරම් බරපතලේට මට දනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ  කියා මම හඬ නගා අම්මා ඇමතීමි .

අම්මේ !

චීත්තයෙන් අත්ල පිසලමින් අම්මා කුස්සියේ සිට දිව ආවාය.

' අම්මේ මේ ' මම සේකර වාඩි  වී සිටි තැන අම්මාට පෙන්වීමි.

මොකක්ද පුතා ?

අම්මා විපිලිසරව එසේ අසන විට මොහොතකට කලින් සිටි පුටුවේ සේකර නැති බව මට පෙනිණි .

අම්මා පුදුමයෙන් මා දෙස බලද්දී මම  ඇයගෙන් මෙසේ ඇසුවෙමි .

'අම්මේ ඔතැන බිත්තියේ  එල්ලලා තිබ්බ පරණ වීදුරු බන්දේසිය කොහෙද' ?

'ආ ඒක මේ ගෙයි සමර ගාන්න ආපු වෙලාවෙ කවුදෝ ගලවලා අයින් කරලා . හොයලා දෙන්නද ආයේ එල්ලන්න?' .

' එපා අම්මේ. අලුත් පින්තුරයක් එල්ලන්න කියල තමයි සේකරත් කිව්වේ'


(මා වැඩියෙන්ම  ආදරය කරන ලාංකික කලාකරුවාවන මහගම සේකරයන්ගේ හතලිස්වන ගුණ සැමරුම වෙනුවෙනි )

-http://thilakasitha.blogspot.co.uk/2016/01/blog-post_14.html
Read more

Recent Posts

Popular Posts

Popular Posts