Open top menu
Thursday, February 25, 2016

කාලෙකින් ලියන්න හිතුනා.. නිකං නෙවෙයි... රටේ අනාගතය සම්භන්ධ දෙයක් ගැන..
මේ දවස් වල තියෙන ලොකු ප්‍රශ්නයක් නේ සයිටම්. මහ ඉරිසියාකාර හැත්තක් වන ආණ්ඩුවේ කැම්පස් එකේ ඉගන ගන්න උං ඕකට උදැල්ලමයි දාන්නෙ.. මොන ලබ්බකටද එහෙම කරන්නෙ කියල මට නං තේරෙන්නෙ නෑ.. උං කැමති නෑ අනිත් ළමයි ඉගන ගන්නවට.. ඉතිං, උදලු දානව....කාලකණ්ණි යක්කු. ඔන්න ඔය විදියට සාරාංශ ගත කරන්න පුලුවන් මේ දවස්වල ඇහුනු සියලුම කතිකාවන්.
පිළිවලකට කියවගෙන යමංලා...
තේරුම් කරන්නං උබල ඔක්කොටම, ඔය පෞද්ගලික වෙද විදුහලේ තියන ප්‍රශ්නෙ ලස්සනට, උබලට දැනෙන විදියට.
අපි මුලින් මේ කතාව කොටස් වලට බෙදා ගමු.
1)රජයේ වෛද්ය විද්යාලයේ ඉන්නෙ මොන වගේ පවුල් වලින් ආපු අයද සහ සයිටම් එකෙ ඉන්නෙ මොන වගේ අයද
2)ඔය දෙකේ උගන්නන්නෙ කොහොමද
3)ඔය දෙකේ ඉගන ගන්න උන්ගෙ අරමුණුවල වෙනස
4)රාජ්ය වෛද්ය පීඨයේ ඉගන ගන්න අයට මේ අය තරගයක්ද?
5)සාමන්ය ජනතාවට මේ දේවල් බලපාන විදිය
ඕකේ....
දැං මුලින්ම බලමු,
රජයේ වෛද්ය විද්යාලයේ ඉන්නෙ මොන වගේ පවුල් වලින් ආපු අයද සහ සයිටම් එකෙ ඉන්නෙ මොන වගේ අයද කියල.
රජයේ වෛද්ය විද්යාලය කියන්නෙ දුප්පත් අපිට උරුම තැනක් කියල තමයි හැමොටම පේන්නෙ. පැහැදිලිවම වැරදියි. මෙතෙන්ට එන්න ‍තෝරන විභාගෙ ඒ ලෙවල් මිස තාත්තගෙ පඩි පත නෙවෙයි. ඉතිං,තොරල ගන්නෙ දුප්පත් මිනිහගෙ වගේම පොහොසත් මිනිහගෙ පුතාටත් කිසි වෙනසක් නොකර. මොකද..මේක නිදහස් අධ්යාපණය නිසා. දැං බලමු, සයිටම් එකට යන්නෙ කවුද කියල. සයිටම් එකට යන්න නං උබලගෙ වත්කම අඩුමගානෙ මිලියන 1.2ක් වත් එව්න්න ඕනෙ. ඒ කිව්වෙ, පාඨමාලා ගාස්තුව විතරක් ඒ ගාන. ඊට අමතරව යන වියදම් ගන්නෙ නැතුව ගාන හදමුකෝ බලන්න.. සම්පූර්ණ වියදම ලක්ෂ 120ක් වෙනකොට, අවුරුද්දකට ලක්ෂ 24 ක්, ඒ කියන්නෙ මාසෙකට ලක්ෂ 2ක් ඕන. ඔය කියන්නෙ පාඨමාලා ගාස්තු විතරයි. ඉතිං, මට තේරෙන විදියට (සහ උබලටත් තෙරෙන විදියට) මධ්යම පන්තියේ මිනිහෙක්ගෙ (රුපියල් 30,000 මාසෙට ගන්න තත්තගෙ) ළමයෙකුට යා ගන්න නං බෑ. දුප්පත් සිරිපාලගෙ ළමයට නං හීනෙන් වත් බෑ.
ඔන්න, උබලගෙ ඉරිසියාව, උබලගෙ කුහක කම. ඔය පේන්නෙ.. පෝසත් අපිට ඉරිසියා කරනව නේ...
නෑ මහත්තයෝ.... අපිට උබලගෙ සල්ලි ලොකු නෑ.. අපිට ඔය මිලියන 1.2 ක් නෙවි.. ඊටත් වඩා වටින්නෙ අර අහිංසක සිරිපාලගෙ ළමයගෙ අයිතිය.. උබ ඔය කුහකයි කියන්නෙ, දුප්පත් මනුස්සයගෙ දරුව හොදට ඉගන ගන්න විදිය දකින අපිට මහත්තයෝ..
දැං උබේ හිත කියනව ඇති, සයිටම් එකේ ඉගන ගත්තම, දුප්පත් ළමයට වෙන අසාධාරණය මොකක්ද කියල....
හරි... තේරෙන්න කියන්නං...
ඒ ලෙවල් ලිව්ව නේ.. මෙහෙමයි... උබත් එක්ක ඒ ලෙවල් ලියන අනිත් එකා සල්ලි දීල පේපරේ කලිං අරං ලියනව... නෑ බං... ඒක සම්පූර්ණ සාධාරණයි, ඔය සයිටම් එක සාධාරණ නං.
2
දැං බලමු මොකක්ද කියල මේ දෙකේ උගන්නන විදිය අතර වෙනස...
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් ලෙඩ්ඩු බලන්න පුරුදු වෙච්ච,එතනින් ඉගන ගත්තු උං දන්නව කොච්චර නං ලෙඩ්ඩුංව අත පත ගෑවද කියල. සාමන්යයෙන් දවසකට අඩුම, අයිස ගහන අපි වගේ උනුත් ලෙඩ්ඩු 50කට වඩා බලනව.. ඉගන ගන්නව. ඒක පැහැදිලිවම ලෙඩ්ඩුන්ට කරදර කරමින් ඉගන ගැනීමක්. මේක තමයි වෛද්ය වරයෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් පුහුණුව ලැබීම පිළිබද ඇත්ත තත්වය.
ඔය ගමන් පොඩ්ඩක් හිතාපං...
නෙවිල් ප්‍රනනාන්දුගේ ඉස්පිරිතාලෙට සල්ලි දීල එන ලෙඩෙක්, කවදාවත් කැමති වෙයිද ඔය ක්‍රියාවලියට. ඒ කියන්නෙ, ශිෂ්යෙක්, ඉගන ගැනීම සදහා තමාව අත පත ගානවට.. කිසිසේත් නැත. ඒකෙන් පෙන්නන්නෙ නොපුහුණු වෛද්යවරුන් බිහි කිරීමක් නොවේද?... ඔබේ හිතට එකගව තීරණය කරන්න.
අපේ උංට, මුත්‍රා මාර්ගයට නලයක් දමා..හිරවුණ මුත්‍රා එලියට ගැනීම හරියට ටැප් එකක් ඇරීමක් වැනිය. නමුත් නුපුහුණු අයෙක් එය කිරීමට යාම, ඉතාමත් භයානක ප්‍රතිපල ගෙන දෙන්නක් විය හැක. ඩමියකට දමා පුරුදු වීමත්, සැබෑ ජීවිතයේ එය සිදු කිරීමත් මුලුමණින් වෙනස් වූ අවස්ථා දෙකකි.
හරි...
කොහොම හරි මේ සයිටම් උදවිය, ඉගනගෙන අහවර වෙලා එලියට ආව කියමුකෝ..
දැං මේ අයට මොකක්ද කරන්න ඕන. පුලුවං තරං හම්බ කරං, තමන් වියදම් කරපු ගාන පියව ගන්න. ඒ කියන්නෙ, මේ අයගෙ අරමුණ පුලුවං තරං හම්බ කිරීම තමයි. මේක අනිත් අය ගාවත් නැතුව නෙවෙයි නේ....රාජ්ය වෛද්ය පීඨයෙන් ඉගන ගන්න අය අතරත් තියනව. තියෙන්නෙ.. අනුපාත අතර වෙනසක්.
ඒ කියන්නෙ..... රාජ්ය වෛද්ද්ය විද්යාල වලින් ඉගන ගන්න පිරිසෙන් මිනිස්සුන්ට සේවයක් කරන්න අවශ්ය අයගෙ අනුපාතය, පෞද්ගලික වෛද්ය පීඨයේ අයට වඩා වැඩියි කියන දෙය.
ඉතිං ඔය වියදම් කරපු ගාන හොයා ගන්න පාමසි කාරයෙක්ගෙ ජරා බෙහෙතක් ලියන්න විතරයි තියෙන්නෙ. මිලියන ගානක් එහෙම්මම අතට ගන්න පුලුවන්. මිනිස්සුන්ගෙ ජීවිත් විනාස කරල. ඔය දෙවල් කිරීමේ අවදානම වැඩි, සල්ලි දීල ඉගන ගත්ත අයගෙ කියන එක පැහැදිලියි නේද...
- 3
අපි දැං බලමු සයිටම් අය තරගයක් වෙනවද කියල අපේ අයට. කලින් කියපු දේවල් වලින් පැහැදිලි වෙනව නේ..අඩු පුහුණුවක් තියෙන අය, අපේ කැම්පස් එකේ, අයිස ගහන එකාටවත් තරගයක් නොවෙන බව.
අඩු තක්සේරු කරන්නෙ නෑ බං.. ඔය දේ උබලගෙ වැ‍රැද්ද නෙවෙයි.. නෙවිල්ගෙ වැ‍රැද්ද...
හා.... දැං බලමු මේ දේවල් මිනිස්සුන්ට බලපාන ආකාරය...
කඩයකට බඩු ගන්න සෙනග එන්නෙ, කඩේ ප්‍රතිලාභ තියෙනව නං විතරයි. ඉතිං මේ උපාධි කඩේ පාස් වෙන අය අඩුයි නං, ඇතුලට එන අයත් අඩු වෙනව. ඉතිං මේ දේ නවත්තන්න, උපාධි කඩේ පරිපාලන අංශය අඩු සුදුසුකම් තියන පිරිසත් සමත් කරන්නට වෙනව.. මෙලෝ රහක් නැති, අඩුම සුදුසුකම් තියන අය විතරක් ෆේල් කරාවි..වෙන කරන්න දෙයක් නැති කම නිසා.
ඉතිං..මේ අඩු සුදුලුකම් තියන, නුපුහුණු වෛද්යවරුන්ගෙන් බෙහෙත් ගන්නට පැමිනෙන මිනිසුන් ගැන කියන්නට දෙයක් නැත. ඔවුනට බුදුසරණය.
සල්ලි හොයන්න ජරා බෙහෙතක් ලිවීම අනිත් කැපී පෙනෙන ගැටලුවකි. ඒ කියන්නෙ, මිනිස්සු අතරට අතුරුපල බහුල බෙහෙත් පාවිච්චියට යාම නිතැතකි.
තවද, සෞඛ්ය සේවයේ ගෞරවය පිරිහීම ආදී එකී මෙකී නොකී කරුනු රාශියක් මේ සයිටම් රකුසා තුල සැගව සිටී..
ඌව පොඩි අවදියේ මරා නොදමා, හුරතල් කර.. අනෙක් අහින්සක මිනිසුන් දඩයම් කරන්නට පටන් ගත් විට හූල්ලා වැඩක් නැත. පසු තැවී වැඩක් නැත.
මේ දේවල් තෙරුම් අරගෙන.. අනාගාතය ගැන සිතා වැඩ කරොත් නං.............
ණුවනට හුරුය.........................................
Tagged
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

8 comments :

  1. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය , රෝගීන්ට මානුශිකව සැලකීම ,රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ , කෙන්‍යාවේ , ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. මාධ්‍යවේදී සුගත් රාජපක්‍ෂ පවසන පරිදි ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්‍ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය​. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද ,ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ.

    ReplyDelete
  2. සයිටම් එකේ ළමයි බදවා ගැනීමේ සහ ඉගැන්වීම ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් එකට කරන ඕනේ එක වහන එක නෙවෙයි. ඔබල දන්නේ නැතුවට examinations වලට ඉන්නවා external examiner කෙනෙක්. එක වෙනත් දේශීය විදේශීය විශ්විද්යාලයක් වෙන්නත් පුළුවන්.ඉතින් බදවා ගැනීම සහ විභාග වලදී රජයේ වෛද්‍ය පීඨයකට හෝ GMOA එකට පුළුවන් external examiner/external auditor වෙන්න. එතකොට රජයේ පීඨයේ ගුණාත්මක භාවයම තියාගන්න පුළුවන්. ඒ ගුණාත්මක තත්වයට නැති අය අසමත් කරන්නට පුළුවන්.

    ප්‍රශ්නේ එක නෙවෙයි. ඔබලට ඕනේ එකේ කොලිටිය හදල තත්වේ නිවැරදිව උසස් කරලා රජයේ උපාධියේ ගුණාත්මක තත්වයට ඉදිරියට ගෙනියන එක නෙවෙයි. වහන්න හේතුවක් කියන එක. සයිටම් එකේ ගැටළු තිබෙන බව ඕනේ කෙනෙක්ට පේනවා. නමුත් වසදුම වසා දැමීම නොවෙයි.

    පේපර් එක කලින් අරගෙන ලිව්වම වෙන්නේ හරියට උත්තර නොදැන, දැනුම නැතුව වෙන්න කෙනෙක්ට කියල උත්තර ලියාගෙන ඇවිත් පස්ස වෙන එක. සල්ලි දීල ඉගෙන ගත්තම එක වෙන්නේ නැහැ.

    අනික, පස්ස ලෑල්ල වෙනකම් 3 පාරක් ඒ එල් කරන්න අවුරුදු 5ක් ටියුෂන් ගිහින් නාකිවෙලා යන්තම් ආණ්ඩුවේ මෙඩිකල් ෆැක් රිංගුව ගමන් පුද්ගලික අධ්‍යාපන අසාධාරණ කියල අනික් එවුන් කියනවට ඔහේ කියවන්නේ ඇයි ?

    "ආණ්ඩුවේ නොමිලේ දෙන උපාධියට" ප්‍රවේශ වෙන්න තියන විභාගයට මුදලට ටියුෂන් දීම නිසා සිදුවෙන අසාධාරණේ එක්ක බලනකොට සයිටම් එකෙක් වෙන අසාධාරණේ ඉතා කුඩයි.

    //ඉතිං ඔය වියදම් කරපු ගාන හොයා ගන්න පාමසි කාරයෙක්ගෙ ජරා බෙහෙතක් ලියන්න විතරයි තියෙන්නෙ//
    පාමසි කාරයෙක්ගෙ ජරා බෙහෙතක් බෙහෙතක් ලියල සල්ලි හම්බ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙච්චරකල් ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය ගතිපු අය එහෙම කරන්න නොහැකි වෙන ලෙස නීති හදල නැති නිසා/හදන්න දුන්නේ නැති නිසා. මෙච්චර කල් ඒ නීති නොහැදුවේ සයිටම් එකේ එවුන් ඇවිල්ලද ? මේවා කොළඹ මේඩ් ෆැක් එකේ පාමකොලොජි දෙපාර්තුමේන්තුව යටතේ නියාමනය ක්‍රියාත්මක වෙන්නේ. NDQL ලැබ් අයිති සයිටම් එකට නෙවෙයි නේ. එකේ ඉන්නේ සයිටම් එවුන් නෙවෙයි ආණ්ඩුවේ උපාධිය ගතිපු එවුන්. ඉතින් නීති හදපු නැති එක කාගේ වරදක් ද ?

    //අපේ උංට, මුත්‍රා මාර්ගයට නලයක් දමා..හිරවුණ මුත්‍රා එලියට ගැනීම හරියට ටැප් එකක් ඇරීමක් වැනිය. නමුත් නුපුහුණු අයෙක් එය කිරීමට යාම, ඉතාමත් භයානක ප්‍රතිපල ගෙන දෙන්නක් විය හැක. ඩමියකට දමා පුරුදු වීමත්, සැබෑ ජීවිතයේ එය සිදු කිරීමත් මුලුමණින් වෙනස් වූ අවස්ථා දෙකකි.//
    ඔබලා ඕක කියන්නේ කලිසමක් ඇදගෙනද ? ඔවුන්ට හරි හමන් ට්‍රේනින් ගන්න ඉඩ දෙන්නකෝ එහෙම නොවෙන්න. සයිටම් එවුන්ට ආණ්ඩුවේ ඉස්පිර්තලේ ට්‍රේනින් දෙන්න කියල උසාවිය නියෝග දීල තියෙද්දිත් ට්‍රේනින් නොදී ඉන්නේ අපි ද ? ඔබලම උන්ට ට්‍රේනින් නොදී උන්ගේ ස්කිල්ස් අඩුයි කියන්න උබල ලැජ්ජාවක් නැතිද හැබෑටම ? අනික සයිටම් වෛද්‍ය උපාධිදාරීන් එවැනි වැරදීම් සිදු කරනවා නම් නිපුණත්වය නොමැති අයගේ බලපත්‍ර අවලංගු කල හැකි ලෙස නීති සෑදීමයි කල යුත්තේ. ඊට අදාළ නීති සැදීම GMOA එකට මැදිහත්වී කරන්නට පුළුවන්. ශිෂ්ට සම්පන්න වෛද්‍යවරුන් ගේ සංගමයන් නම් ඒවාට නීති පනවා තිබෙනවා. ලංකාවේ වේ නම් එලෙස බලපත්‍රය අහමි වූ වෛද්‍යවරයෙකු ගැන මෑත ඉතිහාසයේ මතක් කල නොහැකි තරම්. මේ තිබෙන්නේ මෙඩිකල් ප්‍රැක්ටිස් සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ එවැනි නීති ගැන පොතක් http://www.mbc.ca.gov/about_us/laws/laws_guide.pdf. GMOA එකට ඇති ප්‍රශ්නය එවැනි නීති වලින් "සුප්‍රසිද්ධ වම දකුණ මාරු කර කපා දැමීම වැනි" තමුන් කරන වැරදි වලටත් දඩුවම් ලැබේවී යයි ඇති බිය පමණයි. ඒ නිසා නීති සම්පනයට සහ ඒවා ක්‍රියාවට නැංවීමට GMOA එක බයයි.

    ඒක නෙවෙයි ලංකාවේ ගොඩක් දොස්තරලට තියෙන පර්ශ්නේ. නොදැනුවත්කම හෙළිවෙයි ඇති බය. ඔය බය නිසා තමයි කලින් ආණ්ඩුවේ පැරා මේඩ් ඩිග්රියේ කාලය/පුහුණුව අඩු කරන්න වලි කෑවේ. පැරා මේඩ් අයගේ පුහුණුව අඩු කලාම රෝගියාට හොද සේවයක් ලැබෙන්නේ නැහැනේ. දැන් සයිටම් එකේ පුහුණුව ගැන කියමින් රෝගීන් ගැන කිබුල් කදුළු හෙලන තමයි නලින්ද තමයි පැරා මේඩ් ඩිග්රියේ කාලය/පුහුණුව අඩු කරන්න අවශ්‍ය බව රුපවාහිනි සංවාද වලදී පවා කිව්වේ. එක්කෝ නලින්දට ලැජ්ජාවක් නැහැ නැති නම් GMOA එකට ලැජ්ජාවක් නැහැ. ..................

    ReplyDelete
    Replies
    1. ..................ලංකාවේ උපාධිදාරීන්ගේ සායනික දැනුම ඉතාමත්ම හොදයි නමුත් වෛද්‍ය විද්‍යාත්මක දැනුම අඩුයි. ගොඩක් අයට ස්ටෙත් එකයි ප්‍රෙෂර් මොනිටර් එකයි ඇරෙන්න වෙන ටූල්ස් හරියට පාවිච්චි කරන්න බැහැ. බයෝ-මෙඩිකල් දැනුම ගොඩක් දුර්වලයි. එන්ඩස්කෝප් එකෙක් වත් ඔපරේට් කරගන්න අමාරුයි. මොලිකියුලර් ඩයග්නොසිස් එහෙම දන්නේ නැහැ. බයෝ කෙමෙස්ට්‍රි දැනුම අඩුයි. ඩිවෙලොප්මන්ටල් බයිලොජි වගේ දේවල් දන්නවා ගොඩක් අඩුයි. හැබැයි ඔවුන්ගේ සායනික දැනුම ගොඩක් හොදයි කියන මමත් පිලිගන්නවා.

      මේ තියෙන්නේ PGIM එකේ වෙබ් ලින්ක් එක. ලංකාවේ වෛද්‍ය වරු MD වලට කල Thesis/Dissertations මෙහි තිබෙනවා.
      http://pgimrepository.cmb.ac.lk:8180/handle/123456789/3030

      මේකට ගිහින් බලන්න MD වලට පවා ලංකාවේ වෛද්‍ය උපාධිදරියෝ කරලා තිබෙන්නේ ස්ටැට්ස්ටිකල් රිසර්ච්. ඉතින් මේවගේ තමුන්ගේ අඩුපාඩු වහගන්න තමයි මේ ලියුම් කරු කියන " ටැප් එක අරිනවා වැනි කැතීටර් සවිකරන අපේ උන්" වෙනත් ආයතන වලින් වෛද්‍ය උපාධිදාරීන් බිහිවීම වලක්වන්න හදන්නේ. සයිටම් වෛද්‍ය උපධිදරීන්ගේ කොලිටිය ගැන කතා කරන්න කලින් අඩුම ගන්නේ GMOA එකේ ඉන්න පශ්චාත් MD උපාධිදරියෝන්ගේ කොලිටිය වත් හදාගන්න බැලුවොත් හොද නැද්ද ?

      Delete
    2. Nirupama Samaradiwakara කියන මේක ලියපු මනුස්සය එන්නේ නැහැ වගේ උත්තර දෙන්න.

      Delete
  3. poor people can not spend money on A/L tuition. only rich and middle class people can afford that. There are meany sutdents in SAITM from middle class families . their parents spend their life savings, EPF or sell valuable lands to educate their children .

    ReplyDelete
  4. සයිටම් එකට සායන පුහුණුව සුදුසු නැති රෝහලක කරන්න වෙලා තියෙන්නේ GMOA එක නිසා නම් ...,

    රජයේ වෛද්‍ය සේවයේ වසර ගණනාවක නොකැලැල් සේවා ඉතිහාසයක් ඇති වෛද්‍ය රුවන් ජයතුංග ඔහුගේ බ්ලොග් අඩවියේ (Transylvania)කීප වරක්ම අදහස් දක්වා තිබුනා වෛද්‍ය වෘත්තියට නොගැලෙපෙන හැසිරීම් බොහොවිට සිදුකරන්නේ දුෂ්කර ප්‍රදේශවලින් බිහිවූ ක්ෂණිකව පොහොසත් ජීවිතයේ එකම අරමුණ කරගත් වෛද්‍යවරුන් වෙතින් බව.

    රජයේ සීමිත සම්පත් යොදවා හැකි පමණ රජයේ වෛද්‍යවරුන් පුහුණු කරවද්දී, නිසි සුදුසුකම් ලබා තිබියදිත් දුෂ්කර දිස්ත්‍රික්ක වලට ඇති කෝටාව නිසා අවශ්තාව අහිමිවූවන් පෞද්ගලික වියදමින් වෛද්‍ය සුදුසුකම් ලබා ගැනීමේ ඇති වරද කුමක්ද? එය මහජන සේවාවන්ට සැහැල්ලුවක් නොවේද?

    මා පෞද්ගලිකව කැමති සයිටම් වගේ ආයතන වලට මුදල් ආයෝජනය කරනවාට වඩා එම මුදල් රජයේ වෛද්‍ය විද්‍යාල වලටම අයෝජනය කර මුදල් ගෙවා ඉගෙනගන්නා සිසුන්ට ද ඒවායේම ඉගෙනගැනීමට ඉඩ සලස්වාදීමටයි. ඔබ එයට කැමති ද? නැතිනම් ඇයි.

    ReplyDelete
    Replies
    1. //වෛද්‍ය වෘත්තියට නොගැලෙපෙන හැසිරීම් බොහොවිට සිදුකරන්නේ දුෂ්කර ප්‍රදේශවලින් බිහිවූ ක්ෂණිකව පොහොසත් ජීවිතයේ එකම අරමුණ කරගත් වෛද්‍යවරුන් වෙතින් බව.//
      ඔබ හිතනවද මෙවැනි ගෝත්‍රික අදහස් ඇති ලෝකය නොදුටු වෛද්‍ය/වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාවක් සමග මුදල් ගෙවා ඉගෙනගන්නා සිසුන්ට ද ඒවායේම ඉගෙන ගනීමට ඉඩ දීම සිදු කළහැකි දෙයක් යයි කියා ?

      Delete

Popular Posts

Popular Posts