Open top menu
Sunday, March 20, 2016

මේ දින කිහිපය තුල බුකියේ ජනප්‍රියතම විඩියෝව බවට පත්ව ඇත්තේ ස්වර්නවාහිනිය ලයිව් ඇටි 8 යි මගින් විකාසනය කල මාර්ග නිති කඩ කිරිම සම්බන්ද විඩියෝවයි. මෝටර් රථයක් මාර්ගයේ යම් මාර්ග නීතියක් කඩකිරීම නිසා මාර්ග රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙක් විසින් එම මෝටර් රථය නවතා අදාළ රියදුරු අසළට ගොස් වැරැද්ද පෙන්වා දී රියදුරු බලපත්‍රය ඉල්ලත්දී කොහොදේ සිට පැමිණෙන ස්වර්ණවාහිනී සොකඩ කැමරා කරුවෙක් එය වීඩියෝ ගත කරන සහ අදාළ රියදුරුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන වීඩියෝවක් ස්වර්ණවාහිනිය විසින්ම මුදාහැර ''වැරැද්ද කළා මදිවට සද්දෙත් දානවා'' යන්න හුවා දක්වමින් සිය පාදඩ මාධ්‍ය භාවිතාව පෙන්වන වීඩියෝවක් දුටුවෙමි. ඉන් අනතුරුව මේ සම්බන්දයෙන් බුකියේ දැඩි ප්‍රහාරාත්මක ප්‍රතිචාර ලැබිමත් සමගම එම ආයතනය විසින් අදාල විඩියෝව ඉවත් කරන්නට කටයුතු කර ඇත. දැන් එහෙම නම් සියල්ල අවසන්ය.

දැන් ගැටලුව ඇත්තේ මුලින්ම තමන් පොරවල් බව පෙන්වන්නට ට්‍රයි කරමින් විඩියෝ නිකුත් කර පසුව එය ජනතාවගේ පිලිකුලට බදුන් විම නිසා ගලවා දැමිම යනුම ලංකාවේ ජන මාද්දිය වැටි ඇති නින්දිත තත්ත්වය ප්‍රකාසමාන කරවන්නකි. ඉස්සර කාලේ ප්‍රවාත්තියක් යනු බල්ලෙක් මිනිසෙක් සාපා කැම නොව මිනිසෙක් බල්ලෙක් සපා කැම යනුවෙන් හදුන්වන ලදි. නමුත් දැන් කාලේ අප එදිනදා වැසිකිලියේ කරන දේ වලට පවා කැමරා සවිකර ඒවා ටි.වි එකේ පෙන්විම ගවේසනාත්මක ජන මාද්දිය යැයි මෝඩ කොලු ගැටවුන් සිතයි. විසේසයෙන්ම මෙම අදිපතිවාදි ජන මාද්දිය ආයතන විසින් ඉතා අඩු මුදලට ගමේ ගොඩේ කොලු කුරුට්ටන් කොලබට ගෙන්වා මේ හාදයන්ගේ ශ්‍රමය සුරා කනු ලබන අතර මේ අයට තමන් මිඩියා යැයි අනිත් අය ඉදිරියේ පවසන්නට හැකියාව අල්ලසක් ලෙස ලබාදෙයි. මේ නිසා මේ මාද්දියවේදින් යැයි කියා ගන්නා කොලු කුරුට්ටන් ලොකු කාර් ඇති අයට වෛර කරන තමන්ගේ තත්ත්වය ඉහත නංවා ගන්නට මාන බලන දියුනු වෙන්නට ආසා කරන පුද්ගලයන්ය.

මේ අයට විසාල ඉගෝ එකක් ඇති අතර මුලු ජිවිත කාලයම මේ අය මහන්සි වෙන්නේ මේ ඉගෝ එක වැඩි දියුනු කර ගැනිමටය. මේ අකාරයෙන් නුවර සිටි පොඩි කොල්ලක් කොලබට ගෙන්වා ඔහු ස්වර්නවාහිනියේ මහ පුටුවටම ගමන් කරන්නට අවස්තාවක් ලබා දුන් අතර සෝම එදිරිසිංහ මියිගිය වහාම මේ තරුනයාට රට හැර යන්නට සිදු වන්නේ අහම්බයකින්ද ස්වර්නවාහිනය මේ ආකාරයෙන් රටට පෙන්වන මහා සදාචාරය එම ආයතනය තුල ඇති අකාරය ගැන දැන ගන්නට යමෙකු ආසා කරනවා නම් ඒ අය වහාම මෙම ආයතයේ සේවය කර ඉන් ඉවත් වු අයගෙන් ඒ ගැන විමසන්න. අනිත් අතට මාර්ග නිති කඩ කිරිම වැනි දිලික්තමය වරදක් මහා අපරාදයක් සේ හුවා දක්වමින් එය රටටම පෙන්විම මගින් තමන් පොරවල් යැයි පෙන්වන්නට දගලන මේ අයම ඇබිලිපිටිය සුමිත් ප්‍රසන්න මරා දැමිමට අදාල පොලිස් නිලදාරින් තවමත් නිදැල්ලේ සිටිම ගැන තමන්ගේ පැපරාසි කැමරා යොදා නොගන්නේ ඇයි.

අහිංසක මිනිසුන්ට චන්ඩි පාට් දමන මෙම තුච්ච මාද්දිය ආයතන දෙමටගොඩ චමින්දලා සිද්දිලක්ලා වෙලේ සුදාලා විතරක් නෙමෙයි මේ රටේ කුඩු ජාවාරමට සම්බන්ද දේසපාලන චරිත වල රහස් ජිවිතය පටිගත කර නොපෙන්වන්නේ ඇයි මර්වින් සිල්වලා බලය ඇති කාලය පුරා තම ආයතනයට ගෙන්වා පොරවල් කල මේ අය මර්වින්ලා කුඩු බිස්නස් සමග සම්බන්ද බව දන්නේ නැද්ද ගාල්තැන්න දේවාලයේ හොර කපුවා පට්ටපල් බොරු කියමින් මිනිසුන් රවටමින් ස්ත්‍රින්ට අතවර කරමින් කරගෙන යන මහා ජාවාරම ආරක්සා කරන්නේ සෝමා එදිරිසිංහගේ අන්ත තක්කඩි ජන සරන නම් නරුමවාදි වැඩ සටහන මගිනි. මේ ආකාරයෙන් දැනුවත්වම සමාජ විරෝදි ක්‍රියාකාරිකයන්ට සහ තක්කඩි දේසපාලකයන්ට හෙලුවෙන්ම කඩේ යන එදිරිසිංහලා මහ පාරේ කැමරා අටවාගෙන රටට පෙන්වන්නට දගලන අමුතු ඇත්ත මොකක්ද දනවාදය තුල විකිනිම හා විකිනිමට ආදාර අනුබල දිමේ ඇත්ත ඇතුලේ රටේ මෝඩ ජනතාව රවටන්නට මේ වගේ ගොන් පාට් පාරවල් වල රගපාන එදිරිසිංහලාම ඇමති පුත්තු කරන හොර ජාවාරම් වල හවුල් කරුවන්ය. ඇමතිලාගේ විවිද උත්සව වලට ගොස් නිකම් බ්ලැක් ලේබල් බොන්නට පෙරේත මේ මාද්දිය කොලු ගැටවු තමන්ගේ නාලිකාවෙන් ඇමතිලාට වැඩි වෙලාවක් වෙන් කිරිමට නැති පුවත් ඇති දේ බවට පත් කරති. වන්දි බට්ට නිවට මාද්දියවෙදින් යැයි සිතා සිටින අදබාලයන්ට අපි නැවත ඇමරිකාවේ වොටර් ගේට් සිදුවිම වැනි ඓතිහාසික සිදුවිම් ගැන කල්පනා කරන්න යැයි කියන්නෙමු.

අවසන් ලෙස අපට කිමට ඇත්තේ මහ පාරේ රතවාහන නිසා සිදුවන දිලිතමය වැරදි ලංකාවේ නිතිය අනුව අපරාදමය වැරදි වන්නේ නැත. එම වැරදි අප සලකනු ලබන්නේ දිලික්තමය වැරදි ලෙසය. ලංකාවේ සාමාන්ිය නිතිය අනුව මිනි මැරමක් අපරාදමය වරදක් වන අතර එයට දඩුවම මරනිය දන්ඩනයයි. නමුත් මහ පාරේ සිදුවන හදිසි අනතුරු නිසා සිදුවන මරන අප මිනි මැරුම් ලෙස සලකන්නේ නැත. යාන්ගල්මෝදර දුම්රිය බස් ගැටුම වැනි සුවිසේසි අවස්තාවක හැර අනිත් සියලු අවස්තාවක එවැනි මරන මිනි මැරුම් වන්නේ නැත. ඒවා දිලික්තමය වැරදි ලෙස සලකා අගතියට පත් පාර්සවයට වන්දි ලබාදිම කරනු ලබයි. ඒ අනුව ගත් කල මේ ස්වර්නවාහිනියෙන් පෙන්වු සිදුවිම යනු අතිසයින්ම සාමාන්නිය සිදුවිමකි. තින් අතට දිවෙන මාර්ග වැනි දේ රටේ මාර්ග නිති දෛනිකව සිදු කරන වෙන්ස්විමක ප්‍රතිපලකයකි. එවැනි වරදක් කල විට තැපැල් ස්තානයට දඩය ගෙවන්නට පුලුවන. දඩය නොගෙවන්නේ නම් පමනක් එය අදිකරනයට ඉදිරිපත් කරනු ලබයි. අදිකරනයෙන් සිදු කරන්නේත් දඩ මුදලක් අය කිරිම පමනි. එවන් ඉතා කුඩා වරදක් කල අයෙකු මිනි මරුවෙකු ලෙස සලකා විඩියෝ කර පෙන්වන්නට තරම් තම ආයතනය බංකොලොත් විම ගැන ස්වර්නවාහිනය ලැජ්ජාවට පත්විය යුතුය.

කුඩු මුදලාලිලා රේස් බුකි කාරයන් පාදඩ දේසපාලුවන් ආරක්සා කරන ජිවක එදිරිසිංහලා කරන බිස්නස් මොනවාද යන්න සොයා ගැනිම අපහසු නැත. තක්කඩි වැඩ කර ජනප්‍රිය වන්නට දගලන මාද්දිය මල්ලිලාට අපි කියන්නේ ගමේ කුබුරක් කෙටුවා නම් මිට වඩා හොද බවය. නොදන්නා මාද්දිය කෙරුවාවකට ගොස් රටම ඉදිරියේ විහිලුකාරයන් විි එදිරිසිංහලාට මුදල් හම්බකර දුන්නාට අපට කමක් නැත නමුත් අප පවසන්නේ රටේ පිලිගත් පොදු මුලදර්ම සහ සදාචාරය හා මාද්දිය ආචාර දර්ම ආරක්සා කරන්නට මාද්දිය වේදින්නට යුතුකමක් ඇති බවය. එදා රිචඩ් ද සොයිසලා ප්‍රේමකිර්ති ද අල්විස්ලා රෝහන කුමාරලා තම ජිවිතය පරිතාග කලේ තමන් ඇදහු මාද්දිය බාවිතාවක් වෙනුවෙනි. ඒ නිසා නොදන්නා දේ දන්නා අයගෙන් අසාගෙන තවදුරටත් අපි මිඩියා යැයි බොරු චන්ඩි පාට් දාන්නට එපා යැයි අපි මේ කොලු කුරුට්ටන්නට අවවාදයක් කරන්නට කැමැත්තෙමු.
Tagged
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

4 comments :

  1. මොකක්ද දිලිතමය දිලික්තමය කියන්නේ?

    ඔක්කොටම කලින් මේ පුකේ සිංහල හදාගන්නවා ඕයි

    ReplyDelete
  2. මේ සිංහල හදන්න එන එකාත් අරූම වෙන්න පුළුවන්. නැති නම් උගෙ මහ එකා වෙන්න පුළුවන්. මහ ලොකුවට අකුරක ඇල පිල්ලක වෙනස හෙව්වෙ කට උත්තර නැතිවෙන්ඩම ලියවෙලා තියන හන්දයි පාරක් ඉස්කෝයකට ගියානම් දිලිතමය දිලික්තමය කියල මේ ලිපියෙ ලියවෙලා තියෙන්නෙ ඇයි කියල අහගන එනව ඕයි.

    ReplyDelete
  3. කුණු අවුස්ස අවුස්ස රට ගඳ ගස්සන මාධ්‍ය කම්කරුවන්ව පාලනය කරන්න බුකියේ පෙරමුණ ගත් සියල්ලන්ටමත් මේවගේ ලිපියක් ලි්‍යු ලංකා ටීම් එකටත් ස්තුතියි

    ReplyDelete
  4. නියමයි. මේකම තමයි හිරු ගොසිප් ඇතුළු අනික් ගොසිප් සයිට් කරන්නෙත්.

    ReplyDelete

Recent Posts

Popular Posts

Popular Posts