Open top menu
Tuesday, March 22, 2016

මේ දවස් වල බුකියේ ජනප්‍රියතම පෝස්ටුවක් බවට පත්ව ඇත්තේ කොටදෙනියාවේ සේයා සදෙවිමි දැරිය සම්බන්ද සිද්දියට අදාලව කිසිදු සාදාරන පරික්සනයක්  නොකර අපරාද පරික්සන දෙපාර්තමේනතුව විසින් අත් අඩංගුවට ගෙන අමානුසික ආකාරයෙන් පහර දි අයිතිවාසිකම් නැතිකර දැමු දුනේස් ප්‍රියසාන්ත හෙවත් මාද්දියකාරයන් විසින් කොන්ඩයා යැයි අනර්තනාමයෙන් හදුන්වනු ලැබු පුද්ගලයා විසින් සිදුකලා යැයි කියනු ලබන සත්ව හිංසාවක් ගැනය. මේ සම්බන්දයෙන් සොයා බලන්නට නියෝජ්ය පොලිපතිවරයෙකු සහ ජේස්ට පොලිස් අදිකාරිවරයෙකු ඇතුලු විසාල පොලිස් කන්ඩායමක් යොදවා ඇති බවට දැන ගන්නට ලැබේ. මේ පුවත දිවයින සහ ලංකාදිප පත්තර වල ලිඩි නිවිස් එක බවට පත් වන්නේ කොහොමද

මේ පත්තරකාරයන් කියන විදිහට සිදුවිම මෙසේය. එක්තරා නාවික හමුදා විශ්‍රාමික නිලදාරියෙකුගේ වත්තේ බැද සිටි එලදෙනක් රාත්‍රියේ කැ ගසා ඇති අතර එම ස්තානයේ සිටි කොන්ඩයා නිරුවතින් දුවනවා තමන් දුටු බවත් සමහර විට කොන්ඩයා මෙම වැස්සිය දුසනය කරන්නට ඇති බවත් මේ පුද්ගලයා පොලිසිට පැමිනිලි කරනවා. දැන් ඒ ගැන නියෝජ්ය පොලිපතිවරයෙකු සහ ජේස්ට පොලිස් අදිකාරිවරයෙකු ඇතුලු විසාල පොලිස් කන්ඩායමක් යොදවා තිබෙනවා. ඒ ඇයි කුමක් සදහා ද ඒ අනුව දැන් පොලිසිය විසින් එලදෙනගෙන් ප්‍රකාස සටහන් කරගෙන එලදෙන වෛද්ය පරික්සනයකට බදුන් කර කොන්ඩයා විසින් ඇය දුසනය කලාද යන්න සාක්සි සහිතව යොසා ගැනිමට නියමිතය. මේ සියල්ල අවසන් වනතුරු කොන්ඩයා රක්සිත බන්දනාගාර ගත කරන්න යැයි පොලසිලිය ඉල්ලා සිටින්න පුලුවන.

පසුගිය දා මෙම සේයා සදෙවි ගේ මරනයට අදාලව අනිතිකව අත් අඩංගුවට ගත් පාසල් සිසුවා ද මත්කුඩු චෝදනාවක් නගමින් අත් අඩංගුවට ගත්තා. දැන් කොන්ඩයාත් අත් අඩංගුවට ගන්නට මාන බලනවා. එම සිදුවිමේ දි ලංකා ඉතිහාසයේ විකාරසහගත ලෙස පොලිස් දෙපාර්තමේන්තුව හාස්සියට ලක් වුනා. වැරදි පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම ඒ අයට අමානුසික ආකාරයෙන් පහරදිම ඇතුලු විසාල චෝදනා රැසක් පොලිසියට එරෙහිව ඉදිරිපත් වුනා. පොලිස් මාද්දිය ප්‍රකාසක රුවන් ගුනසේකර අන්දරේ වර්ගයේ විහිලුකාරයෙක් බවට පත්වුනා. මේ සියල්ල අතර පොලිස් මාද්දිය ප්‍රකාසක විසින් සිය බිරිද සමග එක්ව බිරිද ගේ මාමාට අයත් රුපියල් මිලියන 50 කට අදික දේපල තමන්ගේ නමට ලියාගෙන ඇති බවට අදාල පාර්සවයන් චෝදනා කලා. අමතරව අපරාද පරාක්සන දෙපාර්තමේන්තුව විසින් මොවුන් විසින් හොර ඔප්පු සදා ඇති බවට ලිතිතව දැනුම් දි ඇති බවටත් මේ අය චෝදනා කරනවා.

කොටදෙනියාවේ සිදුවිමේ දි අම්බානක නා ගත් පොලිසිය දැන් තමන් අතින් සිදුවු තුච්ච වැරදි වසා ගන්නට මෙම සිදුවිමට පාදක වුන පුද්ගලයන් සම්බන්දයෙන් විවිද චෝදනා නගමින් පලිගැනිම ආරම්බ කර තිබෙනවා. ලංකාවේ පොලිසිය වැඩ කරන්නේ ගමේ චන්ඩියෙකු ආකාරයෙනි. ඇත්තටම දුනේස් ප්‍රියසාන්ත මෙවැනි වරදක් කර ඇත්නම් කල යුත්තේ ලංකා දන්ඩ නිති සංග්‍රහය පනත යටතේ නඩු පැවරිමයි. එය සත්ව හිංසාව හෝ අස්වාබාවික ක්‍රියා යටතට වැටෙන්නක් වෙනවා. නමුත් පැහැදිලිවම එවන් සිදුවිමක් සිදුවන අවස්තාවේ දිම පොලිස් නිලදාරියෙකු එය දැක අත් අඩංගුවට ගත යුතු වෙනවා. මේ ආකාරයට පැසන්සන් ගිය නාවික හමුදා නාලදාරියෙකු කියන මෙහෙම වෙන්න පුලුවන් මට සැක හිතෙනවා වගේ කරන පැමිනිල්ලක් නිසා විත්තිපාර්සවයට විසාල අගතියක් සිදුවනවා . එය කොන්ඩයාට විතරක් නෙමේ මිනි මරුවෙක් සමම්බන්දයෙන් වුනත් වැරදි වැඩක්.

ඇබිලිපිටියේ සුමිත් ප්‍රසන්නව මරා දැමිමට පොලිසියේ විස්සකට වඩා වැඩි පිරිසක් සම්බන්ද බව බිරිද පැහැදිලිවම පවසා ඇති විටත් එම පාරික්සන තවමත් යන්නේ ඉබි ගමනේ. අත් අඩංගුවට ගත් සහකාර පොලිස් අදිකාරිවරයා බේරා ගැනිම තමයි පොලිසියේ රාජකාරිය වෙලා තියෙන්නේ. හැබැයි කොන්ඩයාගේ පස්සෙන් පොලිසියම පන්නනවා. තමන්ට වුන ලැජ්ජාව වසා ගන්නට මේ ආකාරයෙන් ලාබ ක්‍රමයට පලි ගන්නා පොලිසියක් ඉන්න රටක ජනතාවට දෙවියන්ගේම පිහිටයි. හැබැයි මේ වෙලාවේ කොන්ඩයා වැස්සිය සමග ලිංගික සංසර්ගයේ යෙදුනා යැයි පවසමින් විනෝද වන අය මතක තබාගත යුතු වැදගත්ම කරුනක් තමයි අද කොන්ඩයාට එල්ල කරන චෝදනාව හෙට තමන්ට එල්ල කරන්නට පොලිසිය තමන්ගේ දොරට හෙට තට්ටු කරන්නට නියමිත බව. සමාජ ප්‍රස්න හමුවේ චන්ඩින් වගේ හැසිරෙන ගමේ චන්ඩියෙක් වගේ කතා කරන පොලිස් මාද්දිය ප්‍රකාසකවරයෙක් ඉන්න රටක ජනතාවගේ මානව හිමිකම් කියන්නේ පොතක තියෙන දෙයක් විතරයි.
Tagged
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

5 comments :

  1. ලිඩි නිවිස් කියන්නේ leading news කියන එකට මේ සයිට් එකේ ඇඩ්මින් කියන නමද

    ReplyDelete
  2. එම ස්තානයේ සිටි කොන්ඩයා නිරුවතින් දුවනවා තමන් දුටු බවත් සමහර විට කොන්ඩයා මෙම වැස්සිය දුසනය කරන්නට ඇති බවත් මේ පුද්ගලයා පොලිසිට පැමිනිලි කරනවා

    කොන්ඩයාට දෙවි පිහිටයි!! ගොනා ඇත්තම කියයි! නාවික හමුදා විශ්‍රාමික නිලදාරියෙකු රණවිරුවකු නිසා ගොනා අයිති ඔහුට රජයෙන් වන්දි ගෙවයි . මේවා අහන අපි ගොනාට අඳි.

    ReplyDelete
  3. අප්පච්චියේ දැං ඉතින් අර ඉදුල් මොනවා කියයිද

    ReplyDelete
  4. විශ්‍රාමිකයගේ ඇස් පෙනුම අවුල් නැතුව ඇති නේද? දුව අහල පහල ගැවසෙනව දැක්කේ නැතුවාවත්ද?

    ReplyDelete
  5. මේක පොලිස් උගුලක් විය යුතුයි..

    ReplyDelete

Popular Posts

Popular Posts