Open top menu
Wednesday, May 11, 2016
අපි මෙතනින් ඉක්මනට යමු - - උපුල් ශාන්ත සන්නස්ගල

අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත‍්‍රපටය නරඹා පේ‍්‍රක්ෂකාගාරය මඟහැර එළියේ පඳුරු අස්සේ කුප‍්‍රකට දුම්බොන්නන් අතරට පිවිසි මම අනෙකාගේ ගින්දර ඉල්ලමි. නො පැකිළ ව මගේ සිගරට් තුඩ ගිනිලෑවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකි. ‘‘හොඳ වෙලාවට වයිෆ් එක්ක ආවෙ නැත්තෙ’’ හෙතෙම අහක බලාගෙන කී ය. ‘‘අපි කාගෙත් කතාව තමයි’’ මැදිවිය ඉක්මවූ තවත් සුප‍්‍රකට විචාරකයෙක් කී ය. අප දහදොළොස් දෙනා අතරට පිවිසි තරුණ සිනමාකරුවෙක් ‘‘මොනව හරි කරනවද?’’ යනුවෙන් ප‍්‍රශ්න කළේ සුපුරුදු ලෙස කලා නිර්මාණයක් රසවිඳ ඉනික්බිති මැදියම් ? වෙන තෙක් කරන කෘතියට අදාල ප‍්‍රශ්න පත‍්‍රය දිගහැරීමේ සුපුරුදු විචාරක මධුසාදය පිළිබඳ ව ඉගිකරමිනි. බොහෝ කලකට පසු මධුසාදයත්, සාද විචාරයත් අපි අත්හළෙමු. අප බොහීමියානු ජීවිත අගය කළ ද බොහීමියානුවෝ නො වූමු. අප හැමට ම ‘කුටුම්බ සෙන්ටර් පොයින්ට් එකක්’ තිබිණ. 
‘‘අපි මෙතනින් ඉක්මනට යමු’’ 
විනාඩි කීපයක දී අපි විසිරී ගියෙමු. හුදෙකලා වූ එකිනෙකා තවමත් ප‍්‍රසිද්ධියේ කතා නො කළ සහ කිසිදා කතා නො කරන ගුප්ත මනසිකාරයේ ගිලී සිටිනවාට සැක නැත. හඳයාගේ චිත‍්‍රපටය නිමා කරන ආගමික සන්දර්භය පුපුරුවා හරින තීව‍්‍රතම සංවාදය හිස්ටරික අවකාශයක දෝංකාර දෙනු මට තවමත් ඇසේ. අනෝරා වැටෙන වැස්සත්, ගහ මරා ගන්නා කුණුහරුපත්, පාතාල වෙඩිහඬත්, බුදුන්ට පිදු, පහන් දැල්වූ පහන් කණු ඔසවා ගෙන ගැහැනු ගහමරාගන්නා අසංස්කෘතික පන්සල අතහැර ‘‘අපි මෙතනින් ඉක්මනට යමු’’ යන මසිතේ තවමත් ගුගුම් දෙන දෙබස නිසා ම මෙය ලියා තබමි. තමන්ට හිතැති සරාගී සිසුවියන්ට පන්ති සාමර්ථ්‍ය දී සහකාර කථිකාචාර්ය තනතුරු ලබා දුන්, උසස්වීම්වලට ලිංගික අල්ලස් ගත්, කවි, කෙටිකතා, නවකථා, විචාර ලියන සිසුවියන් ස්වකීය අතිරික්ත අසහනය සඳහා යොදාගත් ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ අප‍්‍රකට, එහෙත් ‘දන්නෝ දනිති’ වර්ගයේ සිදුවීම් නහුතයක් මසිතේ පෙළ ගැසේ. විශ්වවිද්‍යාල තුළ බහුලවත් වෛද්‍ය හා නීති වෘත්ති තුළ සාපේක්ෂවත් සිදුවන මේ රහසිගත ගුප්ත සිදුවීම් මාලාදාමය ඓතිහාසික දිගුවකි. හඳගම මේ ‘ආරෝපිත රංගන වෙස් මුහුණු’ ගලවා අපේ අතට දී කැඩපත තිරය මත තබන හෙයින් ම බොහෝ දෙනා මේ චිත‍්‍රපටය මගහැර යෑම ස්වාභාවික ය. හඳගමගේ සිනමා විනෝදය වෙනුවෙන් තමන්ගේ සිහින විනෝදය කැප කොට රෙදි ගලවා ගැනීමට ඔවුන් සූදානම් නැත. මේ විනාශකාරී ගතිකය ඔවුනගේ ජීවන විලාසිතාව ය. ගේදොර, යානවාහන, උසස්වීම්, සමාජ නම්බුව, පාසල, පන්සල තව දුරටත් ඔවුනගේ ජීවන විලාසිතා ආකෘතිය ය. එකී සිරගත ආකෘතික රාමුව විසංයෝජනය කොට, අයිසින් ජීවිත හිල් කොට, විසිරී විවෘත වනවා වෙනුවට තව දුරටත් ඒ තුළ ගුලි වී ලඝු වීම ඔවුනගේ ස්වායත්ත යෝජනාව ය. එහෙයින් ම හඳයාගේ චිත‍්‍රපට තේමාව ‘පොදු වස්තුවක්’ නො ව අහම්බයක් ලෙස බැහැර කිරීමට ඔවුනට ශාස්ත‍්‍රාලීය වනපොත් කළ දැනුම කැඳවිය හැකි ය. ෆේස්බුක් සහ අන්තර්ජාල වෙබ් අඩවි තුළ දැනටමත් හඳයා පට්ට ගසන්නේ ‘කොමන් නොවූ දෙයක්’ හඳයාගේ මනසිකාර විකෘතිය තුළ චිත‍්‍රපටයේ පරිකල්පනය කොට ඇති බව කියමිනි. මගේ අදහස නම් මහා පොදු වස්තුවක් මගහැර යා නොදී හඳයා අහුළාගෙන අතැඹුලක් සේ අපගේ සුරතේ තබා පසෙකට වී නිහඬව සිටින බවකි. ‘ඇමරිකන් බියුටි’ චිත‍්‍රපටය වඩා හුරුපුරුදු පේ‍්‍රක්ෂකාගාරයත්, ‘ලොලීටා’ කියවා ඇති පාඨකාගාරයත් වෙනුවෙන් තරුණ කෙල්ලක හා මැදිවිය ඉක්ම වූ වියපත් පිරිමි පේ‍්‍රමයක සර්ප ඇසේ සරාගී ප‍්‍රහේළිකාව විසඳා ගැනීමට පහත සඳහන් දෙස් විදෙස් චිත‍්‍රපට හා සාහිත්‍ය කෘති පරිශීලනය කරන මෙන් යෝජනා කරමි.
Movies
American Beauty| American Pie| An Education| The Graduate| Harold and Maude| Liberal Arts (About a professor at uni)| Lost in Translation|The reader| Fish Tank| White Palace| Magic in the moonlight| The Piano Teacher|Tadpole|How Stella got her groove back|Seeking a friend for the end of the world|Autumn in New York|The Ballad of Jack and Rose| Fair Love| Girl with a Pearl Earring|Elegy (About a lecturer at university)
Novels
On the Island - Tracey Garvis Graves |Undeniable - Madeline Sheehan| Still Life with Bread Crumbs |Nobody's Hero - Kallypso Masters| Kulti - Mariana Zapal |Monster in His Eyes (Series I ) - J. M. Darhower| Soul Deep - Pamela Clare|Sense of Place - N. R. Walker| The Night We Met - Tara Taylor Quinn|The one and only - Emily Giffin|The Girl with a Pearl Earring - Tracy Chevalier|What was she thinking - Zoe Heller|Lolita - Vladimir Nabokow|The Reader - Bern hard Schlink| Constance - Patrick McGarth (About a lecturer)
මේ ලේඛනයේ බහුතරයක ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ හා සිසුවියක අතර ගොඩනැගෙන සම්බන්ධතාව බව ද සිහිකරමි.
මවිසින් ලියා ඇති ‘කොළපාට ඇස්’ නවකථාව ද එවැන්නකි. එහෙයින් ම හඳයාගේ චිත‍්‍රපටයේ තේමාව අහම්බයක් නො ව මඟහැරුණු අසම්පූර්ණතාවේ ප‍්‍රහේළිකා ගැටලූව වෙනත් කෝණයකින් දැකීමකි. එහෙත් එයට කිසිඳු විසඳුමක් නැත. බුදුන්ට, ඕෂෝට, ඇරිස්ටෝටල්ට, ප්‍රොයිඞ්ට, ලැකාන්ට, මාක්ස්ට විසඳීමට නො හැකි වූ විඳවීම තුළ ම විඳීම අත්පත් කොටගන්නා ස්ත‍්‍රී ප‍්‍රහේළිකාව හඳගමට ද කිසිදා විසඳීමට බැරි ය. ‘‘පිරිමියා විසින් හිස ගසා ගන්නා ආදර වස්තුව - ස්ත‍්‍රියයි’’ යනුවෙන් කාල් මාක්ස් පැවසූයේ එහෙයිනි.
‘ඇගේ ඇස අග’ චිත‍්‍රපටය ඇරඹෙන රූප රාමු පෙළත්, චිත‍්‍රපටයේ නිමාව සනිටුහන් කරන රූප පෙළත් එකිනෙකට සමපාත ය. චිත‍්‍රපටයේ සිවුමංසලක චරිත සතරකි. මැදිවිය ඉක්මවූ, වියපත් බවට ආසන්න විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකි. (ද්‍රිතිමත් චැටර්ජි) ඔහුගේ බිරිඳ අපහසුවෙන් හා සංයමයෙන් රූපයත් සම්මත පවුල් ආකෘතියත් රකින ශිෂ්ට බිරිඳකි. (ස්වර්ණා මල්ලවාරච්චි) වැඩිමහල් පුතා විදේශගත ය. දියණිය ස්වකීය ශෝකය කුමක් දැයි දැන නො දැන හුදෙකලා වූ ජාත්‍යන්තර පාසැලකට යතැයි සිතෙන හුදෙකලා දැරිවියකි. (සඳලි හඳගම) මේ සම්මත කුටුම්බයට කඩා පනිනා ග‍්‍රාමීය පසුබිමක් සහිත රැඩිකල්, තරුණ, සරාගී විශ්වවිද්‍යාල සිසුවියකි. (රිතිකා කොඩිතුවක්කු)
මේ සිවුමංසල චරිත සඳහා නිශ්චිත නළුවරණයක් නො කළේ නම් මුළු චිත‍්‍රපටය ම බිඳ වැටීමට ඉඩ තිබිණ. හඳගමගේ නළුවරණ ඉව සහ ප්‍රඥාව ශාස්ත‍්‍රාලීය දුහුනන් සඳහා සබුද්ධික අධ්‍යයන පරිච්ඡේදයකි. ඉංග‍්‍රීසි බස සුරුව උසුරුවන, කැඩිච්ච සිංහල සංයමයෙන් කියන, නිහඬ බව සතර අභිනය තුළ ම තීව‍්‍ර කරන මහාචාර්යවරයාගේ චරිතය චරිතාංග වනස්පතියෙකි. ස්වර්ණාගේ දෙබස් උච්චාරණය, රංගන ප‍්‍රතිවේදය හා කැමරාව ඉදිරියේ දක්වන සංයමය ඈ තවමත් ලාංකේය සිනමාවේ (සිංහල සිනමාවේ නො වේ) විශිෂ්ටතම චරිතාංග නිරූපණ ශිල්පිනිය බව තහවුරු කරන්නකි. සිසුවියගේ චරිතය කිසි යම් ටෙලි නිළියක් කක්කා බෙට්ටක් හලන්නට මෙන් තටමතටමා රඟපෑවා නම් අපේ ඇස අග නෝක්කාඩුව හටගනු නියත ය. සිසුවිය අධ්‍යක්ෂවරයා කී දේට අමතර ව කිසිවක් නො කළ බව පැහැදිලි ය. එහෙයින් ම රූපණය පූර්ණ ය. දියණිය ස්වකීය ගර්භාෂ ඉරියව්වේ සිට පීඩනය පුපුරා යෑමේ වාචික කිනිසි පහර දක්වාත්, ඉනික්බිති ව අසංස්කෘතික පන්සල් රණ්ඩුවේ දී දක්වන නිහඬ ප‍්‍රතිපදාව දක්වාත් රේඛීය සිනමා රංගන වින්‍යාසය අවිච්චින්න ව පවත්වා ගනී. නළු - නිළිවරණ විභාගයෙන් හඳගම ඉහළින් ම සමත් ය.
මහාචාර්යවරයාගේ බිරිඳ පිරිමි දරුවකු ද ගැහැනු දරුවකු ද මධ්‍යම පාන්තික සමතුලිත සිහිනයට දායාද කළ සාම්ප‍්‍රදායික මහාචාර්ය ආකෘතියේ සිරගත ගැහැනියකි. ගේදොර පිළිවෙළ, ආහාර සැකසුම, ඇඳුම්පැළඳුම් විලාසිතා, කතාබහ සියල්ල එකතුකොට සමාජ විලාසිතාවට අදාළව සතරාභිනය සන්ධානගත කිරීමට ඈ සමත් ය. ඇගේ යෝජනාව අහිංසක ගෘහස්ථයකි. ‘ගෘහස්ථ කුටුම්බ ජීවිතය කිසිසේත් අහිංසක නැත’ යන්න ඇයට අවබෝධ වන්නට තරම් පෞද්ගලික ඉතිහාස අත්දැකීමක් තවම හමු වී නැත. විශ්වවිද්‍යාල සිසුවිය මැදිහත් වන තෙක් ඇයට ඇත්ත කුටුම්බය හමු වන්නේ නැත.
‘ගැහැනියකට දරාගන්න පුළුවන් භෞතික ශක්තිය සමච්චල් කරනවා වාගේ තවත් වෙනත් දෙයක් නෑ’
යන ස්වකීය සබුද්ධික පිරිමි මහාචාර්ය ස්වාමියාගේ වාචික සිද්ධාන්තය ඈ ප‍්‍රතික්ෂේප කරන්නේ ‘මහපොළොව වගේ ගැහැනියකට වේදනාව උසුලන්න පුළුවන්’ වර්ගයේ වැඩවසම් ප‍්‍රබන්ධගත දෙබසකිනි.
‘ඇඟට නෙමෙයි හිතට. ඒ වේදනාවට පුළුවන් මහාමේරු පර්වතය උස්සල පොළොවෙ ගහන්න.’
යන්න තුළ ‘වේදනාව’ යනු කුමක් දැයි චිත‍්‍රපටය පුරා ම විස්තෘත ව තිබී නාභිගත කිරීමට චිත‍්‍රපට වියමනට හැකි වෙයි. හඳගමගේ සියලූ කලා සාහිත්‍ය කෘති තුළ ඇති සංවාද බෙහෙවින් ම ප‍්‍රහේළිකා සහගත ය. ප‍්‍රහේළිකා විසඳීමට අසමත් පොදු මිනිසා හඳගම මඟහැර ගොස් චෝදනා කරන්නේ ද ‘මොකක් ද කියන්න හදනව වගේ, තේරෙන්නෙ නෑ.’ යනුවෙන් කියමිනි. ‘සිරීපාදේ කාලේ සමනල්ලූ වන්දනාවේ යනවා’, ‘සම්බා හාල් හරි ගණන් නේ ද?’ වැනි අංජබජල් සංවාද ඔහුගේ කලා කෘති තුළ බහුල ය. ‘සමනල්ලූ’ සහ ‘සම්බා හාල්’ අතර සම්බන්ධය කියවා ගැනීමට පුහුණු කළ පේ‍්‍රක්ෂකාගාරයක්, රසිකාගාරයක්, පාඨකාගාරයක් අත්‍යවශ්‍ය ය. වෙසක් තොරන් වර්ගයේ චිත‍්‍රපට බහුප‍්‍රචාරයට පත් වූ රටක සාංදෘෂ්ටිකවාදී හෝ විඥානධාරා රීතියේ සාහිත්‍ය සංවාද කියවීමේ පරිචයක් සහිත පුරුදු පුහුණු කළ සබුද්ධික බහුතර මානව සම්පතක් අපට නැත. මහාචාර්යවරයාගේ බිරිඳ ‘වේදනාව’ යනුවෙන් අර්ථ ගන්වන ජීවිතය අප සවිඥානික ව කියවන්නේ නැත්තේ එහෙයිනි. ඇගේ වේදනාව කුමක් ද? ‘ඇයට අඬන්න දෙන්න’
ගැහැනුන්ගේ කඳුළ වෙනුවෙන් පිරිමි කියති. වැඩිහිටි පිරිමි ස්වාමියා, අඬන්න හේතුව කුමක් වුවත් ‘මුදා හැරීම’ වේදනාවේ සහනය බව ප‍්‍රත්‍යක්ෂ කොටගත්තෙකු සේ කියන්නේ ය. ස්වාමියා ඔළුවේ කැක්කුමක් යැයි කී විට ‘දේශගුණේ වෙන්නැති’ යැයි කීමත්, නාන කාමරයට එබී තනියම ‘ස්නාන ස්වයං සරාගී මනසිකාර ප‍්‍රීතිය’ බුක්ති විඳින විට එතැනට කඩා පැන ‘ඔයාට උණ හැදීගෙන එනවා ඇති’ යැයි කීමත් අසූචි කේක් ගෙඩියක තවරා ඇති අයිසින් පැණිරස දිව ගෑමක් මිස කුටුම්භ ගැටලූවේ ඇත්ත ගඳ සුවඳ ඉව කිරීමක් නො වන්නේ ය. වෙසක් කාලයේ කොළඹ වාහන තදබදය පිළිබඳවත්, වෙළඳපළ පිළිබඳවත් සැමියා සහ බිරිඳ අතර සිදුවන සංවාදයන් ද විලාසිතා ආකෘතියේ ම ‘හායි ඩාලිං’ වර්ගයේ ව්‍යාජයන් මිස කුණුවෙන කුටුම්බ ජීවිත පතුලේ තුවාල කැළැල් දැකීමක් නො වන්නේ ම ය. ‘කසාද බඳීන්න පිරිමින්ට නියම කරපු වයසක් නෑ’ යන අසම්මත, මුරණ්ඩු ඇත්ත වාක්‍යය ස්වකීය පුත‍්‍රයා පිළිබඳ ව මහාචාර්යවරයා කියන විටත් ලොකු පුතාගේ විවාහය, ආදරය, ජීවිතය, මංගල්‍යය, සතුට පිළිබඳ ව්‍යාජ සිහිනමය විලාසිතා ගොන්නක් සමාජය හමුවේ ප‍්‍රදර්ශනය කිරීමට අනාගත සිහින දකින බිරිඳ ‘ඇහැරෙන්නේ’ නැත. ‘මම මෝඩයෙකු ලෙස ගන්න එපා’ යැයි නිරන්තර ව කීව ද බිරිඳ කිසිසේත් ම දිගුකාලීන විවාහක ශරීර අත්දැකීම් ද මානසික අද්දැකීම් ද ඒ ප‍්‍රකාශය තුළ කිරා මැන බලන්නේ නැත. මේ ලෞකික කුටුම්බයේ අර්බුදයට විසඳුමක් පතා පන්සලට ඈ දක්කාගෙන යෑම ආගම පිළිබඳ ව ලාංකේය ජන විඥානයේ දිශානතිය සලකුණු කරන්නකි. ඈ නිරන්තර ව පන්සල වෙත ඇදී යන්නේත්, ස්වාමියා නිවසට පැමිණෙන හැම මොහොතක ම බුදු පිළිමයක් වඳිනු පෙනෙන්නේත් මේ හුටපට අලකලංචි මැද්දේ ය. ආගමෙන් පිහිටක් නැති බවත් තව දුරටත් ගුප්ත, ගූඪ බෞද්ධ පැවැත්ම තුළ නිසි පිළිතුරක් නො මැති විටත් සවිඥානික ඈ තේරුම් ගන්නේ සිසුවියගේ ප‍්‍රකාශන සියල්ල යථාර්ථය ලෙස තහවුරු වූ පසු ව ය. ආශාවට ඇද නො වැටී කිසිවෙකුට අහිමි වීම තේරුම්ගත නො හැකි ය. මේ අතීතයට අවසානයක් නැත. වර්තමානයක් ද අනාගතයක් ද ඇත.
ඈ වේදනාවේ ක්ෂිතියෙන් මිදෙන්නට ආගමේ කිහිලිකරු විසඳුම මොහොතකට පසෙක තබා කුටුම්බය තුළට සිසුවිය කැඳවා නිවස තුළ ම ගැටලූව පිළිසිඳවා ගැනීමේ ශිෂ්ට උත්සාහයක් ගන්නී ය. ‘පිරිමි දරුවාගේ කාමරය’ ඇයට වෙන් කිරීම ද ලිංගිකත්වය පිළිබඳ පැරණි කියවීම ප‍්‍රශ්නකොට ‘පිරිමි මෙන් ගැහැනියට සිතන්නට ඇති ඉඩ’ අවකාශය විවර කරදීමකි. දැන් චිත‍්‍රපටයේ වචනාර්ථයන්හි අන්තර් විනිවිදීම ජීවිතය පිළිබඳ තෙතමනය මතු කිරීමක් දක්වා පුළුල් පරාසයකට විහිදෙයි. එහෙත් රූපයෙන් උසස් වයස්ගත පිරිමියා හෙවත් මේ ‘සිල්වර් ෆොක්ස්’ නිවැරදි ව කියවීමට දරුවන් වැදූ පළියට, බිරිඳ වූ පළියට, මහාචාර්ය බිරිඳක් වූ පළියට ගැහැනියකට නො හැකි ය.
‘මං ඒ ළමයට කිව්වා මෙහෙ ඉඳගෙන ඔයත් එක්ක ම කැම්පස් යන්න කියලා. එයාට උදව් කරන්න, ඒ ළමයා ඉන්න තැනට ඔයා යන එක ඔයාට හොඳත් නෑ. ඒ ළමයාට හොඳත් නෑ.’
ගැඹුරින් සරාගී ආදරය අත්විඳින්නන්ට උප්පැන්න වයස බලනොපාන බවත් වයස්ගත ව පිරිමි තරුණයන් සේ මියයන්නට කැමැති බවත් ඈ වටහා ගත්තේ නැත. වයස යනු මනසට මිස ක‍්‍රියාවට හේතු කාරණාවක් නො වන්නේ ය. තම සැමියා සිසුවිය සමඟ රැඳී සිටින්නට පරම හේතුව තමාගේ වයසින් අඩකටත් අඩු වයසක ඈ සිටීම යන ප‍්‍රතික්ෂේපිත ඇත්ත ඈ වටහා ගන්නේත් නැත. චිත‍්‍රපටයේ රූප රාමු විශාල ප‍්‍රමාණයක සමාධිගත මෙහෙණියක සේ බුදු පිළිමය වඳින බිරිඳ රාත‍්‍රියට පිරිමියාගේ යටිබඩ අතගාන්නී ය. පිරිමි වාරණයකි. එකී වාරණයෙන් මිදීමට උත්තරයක් ඇයට බුදුන් වැඳීමෙන් ලැබෙන්නේ නැත. චිත‍්‍රපටයේ බොහෝ රූප රාමුවල බිරිඳ ඇස් ඇර අවකාශගත වන අතර පිරිමියා ඇස් වසා සිහින මත යැපෙයි. කුරා කුහුඹුවකුටවත් වරදක් නො කළ සාම්ප‍්‍රදායික ආගම් හිතැති බිරිඳ ඉදිරියේ හැකිළෙන පිරිමි ලිඟුව සිහිනෙන් ඍජු වී පොරෝනය ටෙන්ට් ගසා තිබෙනු දකින බිරිඳ වික්ෂිප්ත වන්නේ තව දුරටත් ‘වේදනාව’ අර්ථ ගන්වමිනි. එහිදී ඇය නැවත ‘ඇත්ත’ හමුවේ.
‘බැල්ලී’
‘පට්ට වේසි වරෙන් කන්න’
යනාදි සියලූ භාෂාමය උක්ති ලෞකික සංයමය ව්‍යාජ ආගමික සීල සමාධියෙන් යටපත් කළ නො හැකි බව සනාථ කරන්නකි. රට්ටුන්ට බණ කියන ඇතැම් භික්ෂූන් කුණුහරුපයෙන් ජනී ජනයා ඇමතීම මේ තත්වයේ ම සමාජ ප‍්‍රකාශනයකි. ලිඟුව කෙළින් වීමේ දර්ශනයත් සමඟ නැවත ඇයට යථාර්ථය මුණගැසේ.
‘අර කෙල්ලත් එක්ක බුදිය ගන්න ඕන නම් යන්න. දොර ඇරලා තියෙන්නේ.’
හඬන බිරිඳ සහ හිනැහෙන කෙල්ල පේ‍්‍රක්ෂකයාට සම්මුඛ වන්නේ එහිදී ය. ඈ නැවත පන්සල් පුනරාගමනය ඇරඹුවත් ස්වකීය තරුණ දියණිය පන්සල් රැුගෙන යන්නේ නැත. දරුවා බුදුන් වඳින විට ‘විකාර කරන්න එපා.’ යනුවෙන් මව කියන්නී ය. ‘මොකක් ද තරුණ ළමයින්ට ඔය තරම් තියෙන පන්සල් පිස්සුව?’ පන්සල් යෑම ‘විකාර’ සහ ‘පිස්සු’ අදහසක් ලෙස දකින ගැහැනිය පන්සල් යන්නේ ඇයි? පිරිමියාගේ ඉරණම පුරෝකථනය කරන්නට බැරි ස්ත‍්‍රියගේ හිස්ටීරියාව ඈ තුළ ම ඈ කුඩුපට්ටම් කරගනිමින්, විශාදයට පත්වෙමින්, ප‍්‍රතිවිරෝධතා මත ම ගැටෙමින් ස්ත‍්‍රිය ආත්මීය අරගලය
කරන්නී ය. ඇයට සබුද්ධික විද්‍යාත්මක ඥාන භාවිතාවක් ලැබෙන තුරු ඈ උත්කර්ෂයට නංවාගෙන ඇති, සදාචාර සහ සංස්කෘතික ජීවන වංචාව කේන්ද්‍රීය වූ බල ව්‍යුහය සහිත ආගමෙන් ගලවා නො ගත යුතු ය. ආගම හෝ වෙන යම් බලයක් හමුවේ ස්ත‍්‍රිය වසඟය තෝරා ගනී. පුරුෂ බල ව්‍යුහයට හා ආධිපත්‍යයට නිතැතින් ම නතුවේ. එයින් ම ප‍්‍රමෝදයට පත්වේ. විද්‍යාත්මක ඥාන භාවිතාවක් එන්නත් නො කොට මෙකී හිස්ටරිකත්වයෙන් හා විපරීත තත්ත්වයෙන් ඈ විසන්ධි කළ හොත් තවත් මාරාන්තික මානසික ව්‍යාධියකට ඈ පත්වනු ඇත. මන්ද බුද්ධික සාම්ප‍්‍රදායික වැඩවසම් හා ගෝත‍්‍රික ඇගයීම් හා ශිෂ්ට ව ගනුදෙනු කරන ගැහැනියක අතර එකම චරිතයක ප‍්‍රතිවිරෝධතාව විසඳුමකින් තොර ව බිරිඳගේ චරිතයෙන් විද්‍යමාන වේ.
සිසුවියගේ විශාදයේ වස්තුව මහාචාර්යවරයා ය. ඔහු ඇයගේ අශ්ශීල ආශාවේ වස්තුව ය. ඔහුට එකී වේදනාවේ ක්ෂිතියෙන් මිදෙන්නට නො හැකි ය. වේදනාත්මක සතුටේ ‘යතුර’ හැම විට ම සිසුවිය අතේ ය. හිස්ටරික ආදර කරදරය මැද ඔවුහු ආත්මරාගී උන්මත්තක පරමෝකර්ෂයක වෙළී සිටිති. ආචාර්යවරයාගේ ශාස්ත‍්‍රාලීය අධ්‍යයන වපසරියේ සවිඥානක දෘෂ්ටියට පූර්වෝක්ත ෆැන්ටසිය දිගේලී වී ආතති මනසිකාරයක හෙතෙම හිරගත වේ. සරාගී ජීවිතයක අර්චනකාමී දිගුකාලීන පැල්ලසය සායම් කවන බව පෙනෙන්නේ සිසුවියගේ බෝඩිමට රිංගා ඇගේ තනපට ඇතුළු යට ඇඳුම් සිඹිමින් ලාලසාත්මක පුරුෂ භාවයේ ශාපය ඔහු වේදනාවක් සේ විඳින විට ය. හෙතෙම ලිංගික පුලන්නෙකු නො වූවත් සිසුවිය ඇතුළු වූ ආත්මරාගී ෆැන්ටසි විභවය ස්වකීය නිවස තුළ නිෂ්ක‍්‍රීය පරාරෝපිතයෙකුගේ ශුන්‍යතා නිහඬ බවකට හෙතෙම තල්ලූ කර දමයි. බිරිඳ යහනට පිවිසෙන හැම විට ම නාභිය මත අත තබා බිරිඳකගේ සින්නක්කර ලිංගික කලාපය ඇයට තහනම් කලාපයක් බවට පත් කරයි. බිරිඳට ලිංගික කලාපය තහනම් කරයි; වාරණය කරයි.
‘සර් මගේ ඇඟේ හැම අස්සක් මුල්ලක් ම දන්නවා. සර් හොයන්නෙ මොනව ද කියලා මට තේරෙන්නේ නෑ. තේරුම් ගන්න ඕනත් නෑ. මැඩම් ළඟ නැති - මං ළඟ තියෙන මොකක් දෝ දෙයක් සර් හොයනවා. මං කැමැතියි සර්ගෙ ආශාව වෙලා ඉන්න. ඒ වෙනුවෙන් මගේ මුළු ජීවිතය ම කැප කරන්න ඕන මට. සර් මගේ ජීවිතේ හරහා චාරිකාවක් යනවා. මං ඒක විඳිනවා. මැඩම් හිතනව ද සර් කරන්නෙ වැරැද්දක් කියලා ? මට එහෙම හිතෙන්නේ නෑ. ඇයි මං එහෙම හිතන්නේ ? තමන්ගේ ජීවිතේ මඟහැරුණු ආශාව තව කෙනෙක් තුළ හොයන එකේ වැරැද්ද මොකක් ද?’
සිසුවිය දුරකථන ඇමතුමකින් පිරිමියාගේ ගෘහමූලික ආත්ම වංචාව හා බිරිඳකගේ ආරක්ෂණවාදී ස්වාමීත්ව සාරය කීතු කීතුකොට දමන්නී ය. ‘බලය පිරිමින් අත ය’ යන පුරුෂ මූලික ජීවන වංචාව පවුල් සංස්ථාව පිළිබඳ ශාස්ත‍්‍රාලීය බොරුව ඈ කුඩුපට්ටම් කරන්නී ය. ධනේශ්වරයේ කුඩා ම ඒකකය වූ පවුලේ කුටුම්බගත අයිසිං ආවරණය සිසුවියගේ ශරීරය හා ලිංගය විසින් පාලනය කරන, ව්‍යාජ ප‍්‍රගතිශීලී ජීවිත කුඩුකරන, කුහක ඊනියා සදාචාරයේ රෙදි ගලවන, අප පැළඳි ආරෝපිත රංගන වෙස් මුහුණ ගලවා අප අතට ම දෙන නාට්‍යෝචිත ගැටුම සිනමා වියමන තුළ තීව‍්‍ර ව නැගෙන්නේ
ඉනික්බිති ව ය. ආචාර්යවරයාගේ කොළපාට ඇස්වලට සම්මුඛ වන සරාගී නිරුවත් රූපය බිරිඳගේ උත්ප‍්‍රාසයට හසුවන්නේ තමන්ට නැති ඇයට ඇති අනෙකා හඹා යන වස්තුව අහිමි වීමේ ස්ත‍්‍රී වේදනාව ජුගුප්සාවෙන් ප‍්‍රකාශ කිරීමෙනි:
‘ඔයා දැන් හීනියට හිටියට පස්සෙ වයසට යනකොට අල ගෝනියක් වගේ මහත් වෙයි.’
වයස් පරතරයේ ආදරය යනු පරම්පරා අතර මිත‍්‍රත්වයේ රෝමාන්තික ස්වරූපය යි. එය පිරිමියාගේ අරුමැසිවාදී කලාපයයි. හුදෙකලා කාමරයක පොරෝනය තුළට ගුලිවෙන සිසුවිය ‘මං කාටත් හොරෙන් සර්ට පෙන්වන්නම්’ කියා ඔහුට සම්මුඛ කරන්නේ ආශාවේ වස්තුව තුළ ඇති රෝමාන්තික සිහින නිමේෂය යි.
‘ඔයාට ජීවිතයක්, මට පවුලක්, මේක භයානක සෙල්ලමක්’ බව ආචාර්යවරයා පුන පුනා සිසුවියට කියද්දී ඈ බිරිඳට දුරකථනයෙන් කියන්නේ ‘සමනල්ලූ’ හා ‘සම්බා හාල්’ පිළිබඳ කතාව ම ය.
‘මං ආසයි සර්ගේ දරුවෙක් මගේ බඬේ දරාගෙන ඉන්න’
විශ්වවිද්‍යාල දේශන මගහරින මහාචාර්යවරයාත් සිසුවියත් නිතර ම යන්නේ මුහුද අද්දර අවන්හල් වෙත ය. මුහුදත් අවකාශයත් අතර ක්ෂිතිජයේ ඔවුන් සොයනා ජීවිතය මායාවක් ව පවතිනු පෙනේ. හඳගම ‘ඇහැරෙන්න’ යැයි කියන්නේ එකී ක්ෂිතිමය සිතුවිල්ලෙන් ද? සාංචි විහාර චාරිකාව, අශෝක අධිරාජ්‍යයේ නිල බිරිඳ සහ පෙම්වතිය, ඡුද්දන්ත ජාතක කතාවේ, සඳත් විල අසබඩ චුල්ල සුභද්‍රා හා මහා සුභද්‍රා කථාව ආදි බෞද්ධ පුරාණෝක්ති කතා සියල්ල ලස්සන සාධුලා ලස්සනට බණ කියන චිත‍්‍රපට කතා ලෙස සිසුවිය බැහැර කරන්නී ය. ආචාර්යවරයාගේ බිරිඳ තරුණ ගෑනු ළමයි පන්සල් යාම ‘පිස්සුවක්’, ‘විකාරයක්’ යැයි කියන්නේ ද බණ කතා තුළ හමුවන ප‍්‍රබන්ධයන්හි යටි අරුත් යට සැඟවුණු ආගමික ස්ථානයන්හි ගුප්ත වනචරකම් දැන නො දන්නා සේ සිටින උවැසි උවැසියන්ගේ ආගමේ අබිං මත සබුද්ධික විචාරය හා ජීවිත විනිස මත්කොට ඇති නිසා ම ය. කුටුම්බ ජීවිත ප‍්‍රශ්නාවලියෙන් ලෞකික ගැටලූ සඳහා ආගමේ පිහිට පැතීම ඔසුවක් නො ව මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීමකි. මෙකී යථ සිසුවියට සම්මුඛ වන්නේ ගැටිස්සී කාලයේ ම ය. නාගරික අසපුවෙන් නො ව සිසුවියට අප තිගස්සවන අවලස්සන ඇත්ත හමුවන්නේ ගමේ පෞරාණික පන්සලෙනි. ලස්සන ස්වර ගායනා සහිත පැණි තැවරුණු බණකථා විහිළු යට ඇති පාදඩ සන්දර්භය ඈ ප‍්‍රත්‍යක්ෂ කොටගන්නී ය.
‘හාමුදුරුවෝ බණ කියනකොට මං ඉස්සරහින් වාඩි වුණා ම බණ වරදිනවලූ. ගමේ ගෑනු මාව එළවනවා.’
කුටුම්බයෙන් බැට කන ගැහැනිය ස්වකීය ජීවිතය ඉල්ලා සිටින බණ දේශන මායාවේ ස්වප්නය, මෙසේ පා පහර දී බිඳ දමනවාට ගැහැනු කැමැති නැත. මහාචාර්යවරයාගේ බිරිඳ බුදුන් වඳින, පන්සල් යන කිසිදු විටෙක බුදු බණ සජ්ඣායනා කරන්නේ නැත. ශබ්ද නගා පන්සිල් ගන්නේ නැත. ත‍්‍රිපිටකය, ධම්ම පදය කියන්නේ නැත. බොහෝ ගැහැනු මෙන් ඈ ද ජීවන වේදනාව රහසින් මුමුණන්නී ය. සිනමා පටයේ දී හඳගම කරන්නේ ඔවුනට හොරෙන් ළැම කුහරයේ කැමරාවක් සහ රෙකෝඩරයක් සඟවා අප හමුවේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ප‍්‍රතිනිෂ්පාදනයක් ලෙස චිත‍්‍රපටය මුදා හැරීම ය. චරිත සතරක් නො දන්නා ගුප්ත ජීවිත පතුල විනිවිදින කැමරාවක් තිබුණ නිසා කිසිවකු අධ්‍යක්ෂවරයාට දොස් කිව යුතු නැත. සිනමාව අප අපව ම කියවන මාධ්‍යයක් වන්නේ ම අප තුළ රහසේ සඟවන ඇස්, කන්, නාසාදි පංචේන්ද්‍රය අනෙකා කියවන නිසා ම ය. එහෙයින් තමාගේ ආත්ම ප‍්‍රතිබිම්බය හෙළි වෙතැයි බියැති කිසිවකු මේ චිත‍්‍රපටය මගහැර යනවා මිස ඒ තුළින් තමා කියවා ගන්නේ නැත. චිත‍්‍රපටයේ සංවාද හා රූපාවලිය යට වියා ඇති යටි වියමන සබුද්ධික දේශපාලන කතිකාවකට දොරගුළු විවර කරන්නේ ය. විශේෂයෙන් ම චිත‍්‍රපටය ආගමික සන්දර්භයක් මත එළා අතුරා තිබීම මේ මොහොතේ සියලූ ආගමික රෙජීම් කියවා ගැනීමට මග හසර කියනා යතුරකි. සිසුවිය ගැටිස්සී කාලයේත් බණ අසනා විට සිටි ඉරියව්ව අප දැක නැත. එය දළ රූපයක් සේ මවාගත හැකි වන්නේ දෙතුන් වතාවක් මහාචාර්යවරයාගේ කාරයේ පිටුපස අසුනේ සිට බෝකුව දමමින් ඈ ඉදිරි අසුනට පනින ජවනිකා සිහිකිරීම ඔස්සේ ය. පන්සලේ ඉදිරි පෙළ වාඩි වී ඈ ‘අපාය’ ප‍්‍රදර්ශනය කළ විට බණ දෙසන්නාගේ නිල ඇඳුම යටින් අපායේ යන්න ආසා කරන ‘පව්කාරයෙකු’ සිටින බව අප සිනමාපටය හරහා කියවා ගත යුතු ම ය.
සුහිතෘ දියණිය සමඟ නිල පිතෘ ගනුදෙනුවක් කරන පියා ‘හායි’ කී පමණින් දියණිය එකී කුටුම්භ සම්ප‍්‍රදානය තුළ දියවී සම්මතය තුළ ආකෘතික ජීවිතයකට පිවිසෙන්නේ නැත. ජාත්‍යන්තර පාසලක උසස් පෙළ කරන වයසේ සිසුවිය තාක්ෂණික මෙවලම් තුළ සොයන්නේ විනෝදය නො ව ජීවිතය බව පැහැදිලි ය. දහදොළොස් වතාවක් පියා චොක්ලට්, සීනිබෝල ගෙනවිත් දී ‘හායි’ කී පමණින් ඈ යුතෝපියාව බිඳ දමා බිත්තර කටුවෙන් එළියට කළ එළි බසින්නේ නැත. රවුම් වේවැල් පුටුවේ ඈ නිරන්තර ව සිටින ඉරියව්වත්, මාතෘ ගර්භාෂයක දරුවෙකු ගුලි වී සිටින ඉරියව්වත් සමාන ය. මේ ගර්භාෂය සිදුරුකොට මහාමේරු පර්වතය පොළොවේ ගසන, සිහින කුඩුකරන ඉවසිය නොහැකි වේදනාවකින් ඈ යථාර්ථයට එළිබැසිය යුතු ය.
‘ඇයි මොකද තමුසෙට රිදෙනව ද?’
යන දියණියගේ ප‍්‍රකාශය පියාට එරෙහි පළමු සිසේරියන් සැත්කමේ පිහිපාර බව පැහැදිලි ය. අනන්‍යතා අර්බුද සතරක, සතරමං සන්ධි නිවසක සතර අත දිවෙන අසංවිධිත සිනමා වියමන සංවිධිත කියවීමක් ලෙස හැදෑරීමට ආචාර්යවරයාගේ රූපවාහිනී සාකච්චාව සියල් මාර්ග නො ව එක් මගක් විවර කරන්නකි. ‘ඒ ළමයා කොහොම පාලනය කරන්න ද තේරෙන්නේ නෑ’ යන අභ්‍යන්තරික වාගාලාප පාපොච්චාරණය සිසුවියට පමණක් නො ව ස්වකීය දියණියට ද අදාළ කියවීමකි. යථාර්ථය යනු සත්‍යය නො වන්නේ ය. යථාර්ථය යනු පවතින සහ පැවතුණු දේ ය.
‘එකවර ම ජීවිතවල අනන්‍යතා ගැටුමක් ඇති වෙනවා. හැම තැන ම මිනිස්සු තමන්ව හොයනවා. මම කවුද? මේ සමාජයේ මගේ ස්ථානය කුමක් ද? යනාදි වශයෙන්; තමන්ගේ දුබලතාව නිසා හැමවිට ම අල්ලා ගන්න යමක් හොයනවා.’
හඳගමගේ චිත‍්‍රපටය මෙන් ම මේ ලියවිල්ල ද අසංවිධිත ය. ‘ඇහැරෙන්න’ යැයි හඳගම හඬ නගා කීව ද මේ මනෝභ‍්‍රාන්තික සිහිනයෙන් අවදි විය නො හැකි ය. සිසුවියගේ විලවුන් සුවඳ සමඟ ආචාර්යවරයාගේ පපුව පහුරු ගෑ නිය පහරවල ලේ සුවඳ තවමත් මට දැනේ. ‘එයා එක්ක එන්න, පාළුයි.’ යන්න තුළ ම කියවෙන්නේ ‘වේදනාවේ විනෝදය’ නැවත ජීවිත තුළට කැඳවීමකි. ඈ ගේ හැම තැනමත් ජීවිත පතුලේත් පිච්ච මල් සුවඳ තවරා ගොස් ය. ‘අර බැල්ලි ආව නේද?’ යන පරස්පරය අනෙක් අතට කියන්නේ ‘බැල්ලිගේ සුවඳ’ මේ මොහොතේත් ස්වකීය ජීවිතවලට අත්‍යවශ්‍ය බව ය. ලේ සහ මල් සුවඳ මෙන් ය. චිත‍්‍රපටයේ කිසිදු චරිතයකට නාම, ග‍්‍රාම, වග වාසගම් නැත. කුල, ගෝත‍්‍ර, දේශ සීමා නැත. ස්ථාන කිසිවක් අනන්‍යතාව සලකුණු නො කරයි. කාලය සහ අවකාශය අවිනිශ්චිත ය. එහෙයින් අපට කැමැති තැනක, කැමැති රූප රාමුවක කැමති කාලයක පෙනී සිටිය හැකි ය. බීජ බිංදු කාර්ය ලෙස කිසිවකුට මුල, මැද, අග සහසම්බන්ධයක් චිත‍්‍රපටයේ නැතත නැත. කිසිදු ජීවිතයකට නිශ්චිත ආරම්භයක් හෝ අවසානයක් නැත.
තවමත් අනෝරා වැටෙන වැස්ස ය. පන්සලෙන් ඇසෙන පාතාල වෙඩි හඬ ය.
‘පට්ට වේසි, දැන් එනව මෙතන රහත් වෙන්න’
කියා ඇරඹෙන පන්සල් සටන මාරාන්තික ව එකිනෙකා මරාගෙන කන අශීලාචාර හයිනා යුද්ධයකි. මල් වට්ටිය බිම දමන උවැසිය බුදුන්ට පහන් පිදු යකඩ කණුව මාරාවේෂයෙන් ඔසවා ගන්නී ය. ඒ අනෙකා මරාගෙන
කන්නට ය. පන්සලේ පමණක් නො ව ලෙඩ සුව කරන කතෝලික ක‍්‍රිස්තියානි පල්ලි ද, ගල් රූප වඳින කෝවිල් ද, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට කිහිලිකරු සපයන ඉස්ලාම් දහම ද ඇතුළු සියලූ ආගම් හා එකී මර්මස්ථාන මේ කියවීමට අයත් ය. ශිෂ්ට ජීවිත සංවාදයක් තුළ සබුද්ධික ප‍්‍රඥාව මෙහෙයවා දෘෂ්ටිවාදී තලයක නොවිසඳුණු ගැටලූවක් පන්සලේ දී; ආගමික මර්මස්ථානයන්හි දී අසංස්කෘතික ව පුපුරා යන්නේ ය. කුටුම්බයට ඇතුළු වූ විට සිසුවියගේ ‘ඉලක්කය’ වරදිනවා සේ ම ආගමික මර්මස්ථානයේ දී ජීවන මග
වරදින්නේ ය. චිංචිමානවිකාවන්ගේ රෙද්ද කැඩූ විට ඇත්තේ දරමිටි නො ව ආශාවේ වස්තුව ය.
චිත‍්‍රපටය නැරඹූ දින මධුවිතක් තොලගා මේ ප‍්‍රශ්න පත‍්‍රය සාකච්ඡා කිරීම අපි හිතාමතා මඟහැරියෙමු.
දැන්; තනි තනිව හුදෙකලාවේ විශාදයට පත් වී ආදම්ගේ ඉල ඇටය සෙවීමේ තේරුමක් නැත.
‘නිකං අඬන්න පුළුවන් නම් හිනාවෙන්න බැරි ඇයි?’ ‘ඇගේ ඇස අග’ දී හඳගම ප‍්‍රශ්න කරන්නේ ය. ඉතිං ‘උඹලට නිකං හිනාවෙන්න පුළුවන් නම් මට අඬන්න බැරි ඇයි?’ යනුවෙන් මම පෙරළා හඬමින් ප‍්‍රශ්න කරමි. හඳගම කීවාට අප ඇහැරෙන්නේ නැත. ඇහැරිය යුතු ද නැත. මට කීමට ඇත්තේ ද හඳගමගේ සම්බා හාල් හා සමනල්ලූ සිරීපාදෙ ගිය කතාව ම ය.
‘අපි මෙතනින් ඉක්මනට යමු.’
- උපුල් ශාන්ත සන්නස්ගල -
Read more
Sunday, May 8, 2016
විරූපලෝලියාගේ සංස්කෘතික නෂ්ටකාමය

 -  සේපාල් අමරසිංහ
විරූපලෝලියා යනු, සුන්දර දෙයට අකමැති, හැමවිටම අසුන්දර, විරූපී දෙයම අගය කරන, ඔජ වඩන පුද්ගලයායි. ඔහුගේ ධර්මය විරූපලෝලයයි. එනම්, libido for the ugly ලෙස හැ`දින්වෙන තත්ත්වයයි. සාමාන්ය ජන ජීවිතයේ දී විරූපලෝලය තමන්ගේ ධර්මය බවට පත්කැර ගත් පුද්ගලයින් අපට හමුවන අතර ඔවුන් තමා දකින සියලූ දේවල්වල සෞන්දර්යය ප්රතික්ෂේප කැර විරූප සොබාවම ඔජ වඩන්නට පෙළැඹෙයි. එයින් එවැන්නන් බලාපොරොත්තු වන්නේ, තමාට සොබාවයෙන් අයත් වූ කායික, මානසික හෝ සමාජයීය විරූප සොබාව තමා අවට සිටින්නන් සහ තවත් අය අතරේ යම් අයුරකින් සාමාන්යකරණය කිරීමකට ලක් කැර ඊට සමාජ වටිනාකමක් එක්කාසු කැර ඉන් ඵලක් ලැබුණා යැයි චිත්ත ප්රීතියට පත් වීමයි. එවැන්නෙකු චිත්රපට නිර්මාණකරුවෙකු වූ විට, තත්ත්වය තරමක් අසාධ්යය. ඒ ගැන කලින් මවිසින්ම ලියනු ලැබූ සටහනක කොටසක් මෙසේ ය:
උපුටා ගැනීම
‘කැත සිනමාවේ ප්රමුඛයා අසෝක හ`දගමයි. ඔහුගේ කැත සිනමාවේ ප්රකට ලක්ෂණ ඔබත් දන්නා දේවල්ය. දත් බොල්ලෑ, කෙස`ග, කැත ගැහැනු සහ පිරිමි, ගැහැනු ලාලිත්යයෙන් තොර රළු ගැහැනු, මූසල වාසස්ථාන, මන්ද බුද්ධික පෙනුමැති ළමයින් වැනි දේ ප්රධානයි. තවද, මෙම කැත සිනමාවේ ප්රධාන ලක්ෂණයක් වන්නේ, එහි චරිත කතා නොකිරීමයි. ගොළුවන් ද නොවන මේ පිරිමි සහ ගැහැනු අවශ්ය අවස්ථාවලදී හෝ කතා නොකරන්නේ ඇයිදැයි විමසිය යුතුය. එසේ කතා නොකිරීම ද කැත සිනමාවේ එක් සම්භාව්ය ලක්ෂණයකි. මොවුන් කතා කරන්නට සැලැස්සුවහොත්, මේ ව්යාජ සම්භාව්ය දැහැන psuedo reverie බිෙ`දනවා. බොහෝ දෙනා මේ කැත සිනමාවට රැුවටී ඉන්නෙ ඔය කියූ ‘ව්යාජ දැහැන’ නිසයි.’
උපුටාගැනීම අවසන් -
libido for the ugly in cinema - සිනමාවේ විරූපලෝලය - alchemist - මැයි/ජුනි 2014
මෙසේ මේ කතාව කියන්නට අවස්ථාව යෙදෙන්නේ, අසෝක හ`දගමගේ අලූත්ම සිනමාව ලෙස ඔහු ඉදිරිපත් කැර ඇති ‘ඇගේ ඇස අග’ zLet Her CryZ නම් උම්මත්තක රූප එකතුවයි. එය එහි නාමකරණයෙහි ශුද්ධ අර්ථයෙන්ම කාන්තාවට හැ`ඞීම පිණිස සමාජය නිර්මාණය කැරවීමේ සාහසික උත්සාහයක්ම බව පැහැදිලිය. එහි ප්රධාන පිරිමි චරිතය වූ විශ්වවිද්යාල මහාචාර්යයා එම තත්ත්වට සහ එම වයසට (පෙනුමෙන් අවුරුදු හැටකට ආසන්න...* ක්රමානුකූලව පත්වූවකු බව වෙනුවට මෙම චිත්රපටය ස`දහාම එතැනට ප්රා¥ර්භූත කරවන ලද චරිතයක් බවට පැහැදිලිය. ඒ නිසාම, මෙම නිර්මාණයේ ජීවත්වන පාත්රයා අතර කිසිදු පාරකාලිකත්වයට අදාල diachronical සබ`දකමක් හෝ හැසිරීමක් හෝ චරිත ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත. ඒ අය සියලූදෙනාම අපට කිසිම අපහසුවකින් තොරව වෙන් වෙන් පුද්ගලයන් වශයෙන් ඔවුනොවුන්ගේ පිටස්තර බව එලෙස රැුකී ඇති පරිදි වෙන් කැර හ`දුනාගත හැකිය. ප්රධාන පිරිමි චරිතය වූ මහාචාර්යයාගේ චරිතය නිරූපණය කිරීම බෙංගාලි රංගන ශිල්පියෙකු වෙතින් සිදුවීම ද ඉහත කී ආගන්තුක තත්ත්වය මොනවට එහි ගැඹුරට සටහන් තබන්නට මහෝපකාරී වී ඇත. මේ අධ්යක්ෂකට අවශ්ය වන්නේ ද එයයි. යම් පවුලක සාමාජිකයන් අතර ඇති දුරස්ථ භාවය තවත් දහස් ගුණයකින් ගුණ කර පෙන්වීම මොහුගේ අධ්යාශයටම තුඩු දෙන්නකි. පවුලක සාමාජිකයන් අතර දුරස්ථභාවය දහස් ප්රමාණයකින් වැඩිකර පෙන්වීමෙන් මෙවැනි අයගේ අරමුණ වන පවුල විරූපී කැරවීම ඉන් පහසු වෙයි.
ඉහත කී මොන්ගල් මහාචාරියාගේ බිරි`දගේ චරිතය නිරූපණය කරන්නේ ස්වර්ණා මල්ලවාරච්චියි. ඒ චරිතය ද අඩුවැඩි වශයෙන් තම සැමියාගේ චරිතයටම සමාන මොන්ගල් එකක් වීම අධ්යක්ෂකගේ විරූපී අරමුණ වෙනුවෙන් යටිතලය සැකසීමකි. එසේම, ස්වර්ණා මල්ලවාරච්චි පිළිබ`ද නිළියක ලෙසද, කාන්තාවක ලෙසද මේ රටේ ජනසමාජය තුළ ඇති පූර්ව නිගමන ද මීටමැ අදාළව මෙම අධ්යක්ෂකගේ දුෂ්ට වුවමනාවන් වෙනුවෙන් අවිඥානිකව පේ්රක්ෂක හිතුවිලි අවශ්ය තැන් කරා ගොනු කරවනවාද වීම මෙහි ඇති තවත් විශේෂ තත්ත්වයකි. එසේම, මෙවර හ`දගම සිනමා බිලි පූජාවේ දී ඊට තම ශරීරය සහ සමාජ ආත්මය එහෙම්පිටින්ම බිලි දෙන්නට රිතිකා කොඩිතුවක්කු නම් තරුණියක ඉදිරිපත් වී සිටීම හ`දගමගේ සිනමා වස`ගය නිසාම සිදු වූවකැයි හිතන්නටත් හැකියි. ඇය ර`ගපාන්නේ වියපත් මහාචාරියා යටතේ විශ්වවිද්යාලයේ උගෙන ගන්නා ශිෂ්යාවකගේ චරිතයයි. ඇය මේ මොංගල් මහාචාරියාට වස`ග වී ඇත්තේ මොන හේතුවකටදැයි කිසිම විටෙක පැහැදිලි වෙන්නේ නැහැ. (සාමාන්යයෙන් විශ්වවිද්යාලවල සිද්ධ වෙන්නේ, කපටි ද`ගකාර හෝ මෝඩ ශිෂ්යාවන් තමන්ගේ උසස් සාමාර්ථ වෙනුවෙන් වියපත් මහාචාරීන් තම වස`ගයට ගැනීමයි.* ඇය කියන්නේ, ඇය ඔහුට වස`ග වී ඇති බවක් පමණයි. ඒ වගේම ඇය පාපොච්චාරණය කරන්නේ, කුඩා කාලයේ පටන්ම ඇය කාමුක චරිතයක් බවයි. ‘‘මම පාරේ යනකොට ගමේ ගෑනු උන්ගේ මිනිස්සු විතරක් නෙමෙයි බල්ලො බළල්ලූත් ගෙට අරගෙන දොරවල් වහගන්නවා.’’ මෙන්න මේ වගේ දෙයක් ඇය කියනවා. එතකොට පැහැදිලියි, ඇය මොන විදිහේ කාමාතුර මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නියක්දැයි කියා.
ඇය කරන දෙයක් තමයි, ඇය අර මොංගල් මහාචාරියා එක්ක ඇසුරු කරන අවස්ථා ගැන දුරකථනයෙන් මහාචාරියාගේ බිරි`දට, මැඩම්ට කියන එක. මෙන්න මෙතනදි අපට ඉතාම පැහැදිලිව පේනවා, මේ අධ්යක්ෂකගේ උපවිඥානික අදහස. ඒ තමයි, යම් පුරුෂයෙකුගේ අනියම් ස්ත්රියකට ඇති බරපතල වුවමනාව වූ පවුල නමැති ඒකකය පිහිටා ඇති පදනම දෙදරවීම ඒ ලෙසම මේ අධ්යක්ෂක තුළ බලවත්ව පිහිටා ඇති බව. ඔහු ඒ ස`දහා මේ මානසික ව්යාධික අනියම් ස්ත්රියට ආවේශ වෙනවා. ඒ අනුව, රිතිකා කොඩිතුවක්කුගේ ශරීරය තමයි, අසෝක හ`දගමගේ ආතුරයා බවට පත්වන්නේ. ඊට ප්රතිපක්ෂව, ‘සාම්ප්රදායික පවුල’ නියෝජනයට ඔහු යොදා ඇත්තේ මොන්ගල් පිරිමියෙකු ලෙස (බෙංගාලි නළුවා මේ චරිතය නිරූපණයට කලින් යෝජනා වී තිබී ඇත්තේ ලංකාවේ ජ්යෙෂ්ඨ රංගන ශිල්පියකු වුවත් ඔහු අවසාන අවස්ථාවේ මෙම චරිත නිරූපණය ප්රතික්ෂේප කොට ඇත. එ් පිළිබඳව ඔහුට අපගේ ස්තුතිය හිමි වේ*. ගොබ්බ ගැහැනියක ලෙස (ස්වර්ණා මල්ලවාරච්චි* සහ නුහුගුණ ගති ඇති දුවක ලෙස පෙනී සිටින ලාබාල යුවතිය. (ස`දලි නම්...* මේ විරූපලෝලී සිනමා අධ්යක්ෂක මිනිස් පවුල පිරිහෙලා ඇත්තේ ඒ තරමටයි. ඒ මුළු පවුලම ඉහත කී කාමිනිය විසින් සිය පාලනයට නතු කැර ගන්නා අන්දමත්, අවසානයේ මේ පවුල තුලට ඒ පිළිලය පවුලේ අය විසින්ම කැ`දවාගෙන ඒමට සලස්වනු ලැබීමෙන් චිත්රපටය නිමාව සටහන් තබන්නේ මොනතරම් පහත් චේතනාවකින්දැයි යන්නත් නරඹන්නාට වටහා ගන්නට කිසිදු අපහසුවක් ඇතතේ නැත. (මේ ලිවීමේ දී මෙකී චරිත අතර සහසම්බන්ධය සැමියා, බිරි`ද, දුව කියා ස`දහන් කැර තිබුණාට, මෙම චිත්රපටයේ කිසිම තැනෙක අධ්යක්ෂක මෙම චරිත අතර එවැනි සබ`දකම් පද ආමන්ත්රණය නොකැරවයි. ඒ නිසාම, ඔහු යම් අවස්ථාවක, ‘‘මෙය එවැනි’ ‘පවුලක්’ නොවේ’’ යැයි කීවද ඔබ පුදුම නොවන්න. කෙසේ වෙතත්, එවැනි ආමන්ත්රණ සහිත නිවසක නම් මෙවැනි ජුගුප්සාජනක ජීවිත බිහි කිරීමට සිනමා අධ්යක්ෂකයෙකුට පවා නොහැකි බව කීම අපගේ යුතුකමයි.* මේ චිත්රපටයේ කතා සාරංශයයි. එහිදී මේ අතරමැද සිදුවන විශේෂ සිදුවීම් කිහිපයක් මෙය කියවන ඔබ විශේෂයෙන්ම දැනගත යුතු යැයි සිතනා බැවින් මෙසේ සටහන් කරමි. මෙම සිදුවීම මෙසේ මෙකී චිත්රපටයට අන්තර්ගත කිරීම ම යනු, ඉහත කී අයුරට ම, සාම්ප්රදායික පවුල කෙරෙහි මෙම අධ්යක්ෂගේ ඇති ද්වේශය සහ එය සදාචාරාත්මකව කෙතෙක් පිරිහුණ ද එසේම පැවතිය හැකි බව අන්යයනට තහවුරු කිරීම උදෙසාම ඇතුළු කළ දර්ශනයි.
තම සැමියා ලිංගික සම්බන්ධතා පවත්වන විශ්වවිද්යාල ශිෂ්යාව සොයා යන මහාචාර්ය බිරි`ද, එම තරුණිය තමන්ගේ ගෙදරටම කැ`දවා ගෙන විත් එහි නවත්වා ගැනීමේදී ඊට හේතුව ලෙස ඇය සැමියාට කියන්නේ, ‘‘ඔය තැන් තැන්වල ගිහින් කතා කර කර ඉන්න එක ඔයාට හො`ද නෑනෙ’’ වැනි දෙයකුයි. එවැනි අරුම පුදුම බිරින්`දෑලා ලංකාවේ ඉන්නවාදැයි කවුරුන් හෝ අපට කියාදිය යුතුය.
උදේට තමන්ගේ දුව සහ සැමියා සම`ගම අර කාමිනිය ද මෙසේ රාජකාරි ස`දහා ද පාසැල ස`දහා ද පිටත් වන අතර, අතරමගදී කාමිනිය සහ දුව අතර ඇතිවන කලහය හෙයින් මාහාචාරියා දුවට පහරක් ගැසූ විට දුව පෙරළා කියන්නේ, ‘‘ඇයි... තමුසෙට රිදුනද...?’’ කියායි. මේ අධ්යක්ෂක තමන්ගේ පුද්ගලික අත්දැකීම් සමාජයට විමධ්යගත කරන ආකාරයයි. ඉන්පසුව වාහනයෙන් පැන දුම්රියට පනින්නට යන මේ දුව බේරාගන්නේ අර කාමිනියයි. ගෙදර ගිය විට මැඩම් ඇයට ස්තූති කරන්නේ තමන්ගේ දුවගේ ජීවිතය බේරා ගැනීම සම්බන්ධයෙනුයි. මෙවැනි මෝඩ විහිලූ මෙම චිත්රපටයට ඇතුළු වන්නේ, එහි ඇති සමාජ විරෝධී, මානව විරෝධී සොබාවය නිසාමයි. ඒ අනුව මේ අධ්යක්ෂක මොනතරම් දුර්වල පෞරුෂයක් ඇති අයෙකු දැයි ඔබට හ`දුනා ගන්නට පහසු වෙයි.
මේ සියල්ල පරයන අපූර්වතම දසුන ඇත්තේ චිත්රපටය අවසානයේ දී යි. මහාචාරියා, බිරි`ද සහ දුව පන්සලට යන අතර කාමිනිය ද වෙනත් තැනෙක සිට මේ පන්සලටම පැමිණෙයි. (එඞී ජයමාන්නලාගේ චිත්රපටියක වගේ...* එවිටම පළාතේ මන්ත්රී යැයි හිතිය හැකි අයෙකු වටිනා වාහනයක තමන්ගේ බිරි`දත් එක්ක එතැනට එයි. එකවරම ඒ බිරි`ද වෙනත් කාන්තාවක දැක යක්ෂාරූඪ වී ඇය සම`ග කෙහෙවලූ අල්ලා ගෙන පරල වෙයි.
”මේක පූජා භූමියක්. පූජා භූමිය කෙළෙසන්න එපා.” හාමුදුරුවෝ බැගෑපත් වෙයි. මන්ත්රී බිරි`ද ඒ නොතකා පහන් දල්වන පහන් වැටක් ගලවා ගෙන අනික් කාන්තාව පිටුපස එළවා ගෙන යයි. ඒ සම`ගම මහා වැස්සක් කඩා හැලෙන අතර මහාචාරියා, බිරි`ද, දුව සහ කාමිනිය එකම රථයේ නැගී ආපසු එන්නට පිටත් වෙයි.
ඉහත සිදුවීම් අතරින්, මහාචාරියාගේ බිරි`ද / මැඩම් තම සැමියාගේ පෙම්වතිය වූ කාමිනිය තමන්ගේ නිවසට කැ`දවාගෙන ඒම තරම් නරුම අධ්යක්ෂණයක් තවත් කොයින්ද? අධ්යක්ෂකට අවශ්ය දේ අපට පැහැදිලිය. ඔහුට අවශ්ය ඔහුගේ හිතැ`ගි පමණට මේ සමාජයේ මිනිස් ජීවිත කුජීත කරන්නටයි. නැත්නම්, එවැනි ගොබ්බ බිරි`දක, අමන ගැහැනියක ඉන්නේ මේ රටේ කොතැනද? ලෝකයේ කොතැනද? (ආගමික අවරසරය අනුව එවැනි දේ කෙරෙන රටවල හැර...* එවැනි ක්රියාවක් ස්ත්රියකට මොනතරම් නින්දාවක් ද? දැන් මේවාට නිදහසට න්යායික කතා ගොතන නඩුකාර කේවට්ටයන් ඉදිරියට විත් තමන් ගෙතූ ව්යාජ න්යායික කතා අපට කියා දෙන්නට වෑයම් කරනු ඇත.
ඊළ`ගට, තමන්ගේ දුවගේ ජීවිතය බේරා ගැනීම සම්බන්ධයෙන් මහාචාරී බිරි`ද කාමිනියට ස්තූති කිරීමත්, සමස්තයක් ලෙස ඒ පවුලම මේ කාමිනියට අමුතු සෙනෙහසකින් බැ`දීමත් යනු, අධ්යක්ෂක හිතා මතාම යෙ¥ තුච්ඡු උපක්රමයි. සදාචාරවත් පවුලක් යනු, යුටෝපියානු අදහසක් බව මේ සමාජයට බලකර කීමට අධ්යක්ෂක උත්සාහ දරයි. එය සිදු කරන්නට ඔහු විවිධ උපවිඥානික උපක්රම යොදයි. ඒත් ඒවාට හසුවන්නේ ඔහුගේම ස්වයං මිත්යාව මිස අන් අය නොවේ.
අවසානයේ දී, විහාරස්ථාන භූමියේ දී තම සැමියාගේ තවත් කාන්තාවක් වෙත යක්ෂාරූඪව කඩා පනින මන්ත්රී (හෝ ඊනියා ප්රභූ යැයි සිතිය හැකි...* බිරි`ද ලවා අධ්යක්ෂක නටවන නාඩගම යනු, බෞද්ධයා තරම් පහත් ගති ඇති ගෝත්රිකයන් තවත් නැති බව ලෝකයාට කියාපා සම්මාන එකතු කිරීමේ තක්කඩි වෑයම වෙනුවෙන් කළ ඇතුළු කිරීමකි. අනික, මේ සිදුවීම ඉතාම අභව්ය, දුෂ්ට ප්රබන්ධයකි. විහාරස්ථානයක දී එසේ හැසිරෙන සිංහල බෞද්ධ කාන්තාවක් මගේ ජීවිතය පුරාවට දැක නැති අතර මේ ගැන අදහස් පළකළ කිසිවෙකු දැක හෝ අසා නැත. අධ්යක්ෂකගේ මේ කෲර ආගමික ප්රහාරය මේ රටේ බෞද්ධාගමිකයන් කිසිසේත්ම ඉවසිය යුතු නැත. මෙම දර්ශනය සහිතව මෙම චිත්රපටය ප්රදර්ශනය වන්නේ නම්, ක්රිස්තියානි පල්ලියේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් මෙවැනි දර්ශන රූගත කරන්නටත්, ඒවා රට පුරා, ලෝකය පුරා ප්රදර්ශනය කරන්නටත් අන් අයට ද ඉඩ ලබා දිය යුතුයි.
මෙම චිත්රපටයේ දී ප්රමුඛව සිදු වී ඇති දුෂ්ට ක්රියා දෙකකි. එකක් නම්, විශ්වවිද්යාල ශිෂ්යාවක ලෙස රංගනයට යොදා ඇති රිතිකා කොඩිතුවක්කු නමැති තරුණිය ඉතාමත් ජුගුප්සාජනක අන්දමින් නිරුවත් කැර ඇයගේ මුළු ජීවිතයම අලෙවි කැර දමා ඇති අන්දමයි. (පසු කාලයක දී ඇය මේ පිළිබ`දව සාප කිරීම දෙවනුව සිදුවනු ඇත. මේ අධ්යක්ෂකට කලින් අවස්ථාවේ දී තම සහකාරියගෙන්ම එම අත්දැකීම ලැබුණු ආකාරය කවුරුත් දනී. මෙහිදී ධම්මි ෆොන්සේකාගේ මතකය ද ඒ ගැන දන්නා අයට අමතක කළ නොහැකිය.*
දෙවැන්න, බෞද්ධයාගේ පූජා භූමිය ඉතාමත් සාහසික ලෙස කෙලෙසා, උපහසයට ලක් කිරීමෙන් බරපතල ලෙස පොදු අවකාශ ආගමික බිමක් අවභාවිත කිරීමයි. ඒ සාහසිකත්වයට ඉඩ දිය යුත්තේ ඇයිදැයි මෙය කියවන ඔබ හිතා බලන්න. කලාව යනු, මිනිසාගේ එක් ක්රියාකාරකමක් මිස එකම ක්රියාකාරකම නොවේ. ඒනිසා, කලාව නාමයෙන් මිනිසුන්ගේ අන් වටිනාකම් විනාස කැර දැමීමට මෙවැනි නෂ්ටකාමීන්ට ඉඩ දීම කොහෙත්ම කළ යුතු නැත. නෂ්ටකාමය යනු, ලිංගික බෙලහීනතාවම පමණක් නොවේ. රටක සංස්කෘතියක් පිළිබ`දව ඇති නරුම විරෝධය ද නෂ්ටකාමයකි. එය සංස්කෘතික නෂ්ටකාමයයි. එබැවින්, නරුම ලිංගිකත්වයම ඔජ වඩවමින්, තමාගේ ඇති සංස්කෘතික නෂ්ටකාමී බව සන්තර්පණය කැර ගන්නට උත්සුක වන මෙවැනි විරූපලෝලීන්ගේ සංස්කෘතික නෂ්ටකාමයට කලාවේ නාමයෙන් ඉඩදීම යුක්ත සහගත නොවන බව මෙයින් අවධාරණය කරමි.
- සේපාල් අමරසිංහ
Read more
Saturday, May 7, 2016
අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස......අනුර කුමාරගේ පැටිකිරිය දිවයින දිගඅරී....

* අයර්ලන්ත ගමනේ 'රස රහස්‌ මොකක්‌ද?

දෙවියන් වහන්සේ ගැන කියන වාරයක්‌ පාසා යක්‌ෂයා මතක්‌ කරන්නා සේ විප්ලවය පසුපස පාවාදීම පන්න පන්නා එන බව වාමාංශික සාහිත්‍යයෙන්ම පෙනේ. විප්ලවය ගැන කතා කරමින් සිටින වාමාංශිකයාගේ මනසට, කතාවේ ඊළඟ වචන සඳහා මොළයේ පෙළ ගැසෙන අනිවාර්ය වචනය වන්නේ පාවාදීමය. මේ කියනු ලබන කතාව එවැන්නකි. මෙය පාවාදීමක්‌ ද අතපසුවීමක්‌ ද යන ප්‍රශ්නය තවම විසඳී නැත. නමුත් මෙතෙක්‌ ලංකාවේ බිහිවුණු අතිශය විනයවත් දේශපාලන ව්‍යාපාරයේ සන්ධිස්‌ථානගත ගැටලු බවට මෙය පත්වී තිබේ.

අපේ කතානායක, වාමාංශික නායකයා පසුගිය කාලය පුරාම තම ව්‍යාපාරයේ බරට වඩා වැඩි බරකින් රටේ දේශපාලන තීන්දු තීරණ සදහා මැදිහත් වූවෙකි. ඔහුගේ නම සමග ඇදුනු ගනුදෙනු කතා පසුගිය කාලයේ රටේ ප්‍රචලිත විය. ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධ කතාබහක්‌ දුර දිග යැමේ ප්‍රතිපලයක්‌ ලෙස ඇමැති විඡේදාස රාජපක්‌ෂ විසින් මේ ව්‍යාපාරයේ මුල් තැනේ සිටින දෙදෙනකුට තමන් රුපියල් ලක්‌ෂ විසිපහක මුදලක්‌ ලබා දුන්නා යෑයි චෝදනා කළේ ප්‍රසිද්ධියේය. ඒ පිළිබඳ විවාදයකට එන්නැයි ඇමැතිවරයා අභියෝග කරද්දී මේ වාමාංශික නායකයා හෝ මුදල ලබා ගත් අනිත් සගයා ඒ තැනට ගොස්‌ ඇමැතිවරයාට මුහුණ දෙනවා වෙනුවට සුපුරුදු පරිදි 'තනි ටෝකෙන්' ඉවත් විය.

මේ නායකයා පසුගිය අප්‍රේල් මාසයේ හදිස්‌සියේම විදේශගත විය. සාමාන්‍යයෙන් මෙවැනි වාමාංශික නායකයෝ 'ආතල් එකට' රට යන පුද්ගලයෝ නොවෙති. එය, එවැනි ව්‍යාපාර හි ගති ස්‌වභාවයට සහ චර්යාවට ඉඳුරාම පටහැනිය. මෙවැනි 'ආතල්' සාමාන්‍යයෙන් වාම ව්‍යාපාරයේ හඳුන්වන්නේ සුළු ධනේශ්වර මානසිකත්වය වැනි එම ව්‍යාපාරය තුළ කුණුහරුප බඳු වචන යොදමිනි. ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ අප්‍රේල් දෙවැනිදා එමිරේට්‌ස්‌ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මේ රතු නායකයා එතෙර බලා ගිය බවය. ඔහුගේ ගුවන් ගමන් පන්තිය වූයේ, සාමාන්‍ය මගින් ගමන් කරන 'ඉකොනොමික්‌ ක්‌ලාස්‌ එකේ' නොව ධනපතියන් ගමන් කරන බිස්‌නස්‌ ක්‌ලාස්‌යේ බවද සදහන්ය. අනුන්ගේ බැංකු ගිණුම්, හරි හම්බ කර ගත් ආකාරය ගැන උදේ හවා කතා කරන, ගෙදර තිබෙන ෆයිල් කවරයක්‌ රැගෙන හෝ නිතරම අල්ලස්‌ කොමිසමට යන රතු පිලේ මේ නායක සහෝදරයා බිස්‌නස්‌ ක්‌ලාස්‌ එකේ යැම සඳහා මුදල් සොයා ගත්තේ කොහොමද...?

ඔවුන්ම කියන පරිදි ඔවුන් තම මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරන්නේ පක්‌ෂයටය. හොඳ රැකියාවක්‌ කරන ඉහළ වැටුපක්‌ ලබන කෙනකුට පවා මේ ලෙස ව්‍යාපාරික පන්තියේ ගමන් බිමන් යැම අසීරු කටයුත්තකි. එසේ තිබියදී විප්ලවීය නායකයා සුපිරි පන්තියේ ගුවන් ගමන් යන්නේ කෙසේද යන ප්‍රශ්නය තිබේ. මේ සඳහා වියදම දැරුවේ පක්‌ෂයෙන්ද...? පක්‌ෂයෙන් වියදම දැරුවා නම් එතැන තිබෙන ප්‍රශ්නය සඳහා එක්‌ උදාහරණයක්‌ මෙසේය. ගාල්ල ප්‍රදේශයේ විප්ලවීය පéයක කාර්යාලයේ අතිශය දරුණු විනය කතාබහකි. ඊට පෙරදා රාත්‍රියේ පක්‌ෂයේ පෝස්‌ටර් ඇලවීම සඳහා ගිය පක්‌ෂ කාඩර්වරුන් පක්‌ෂ අරමුදලෙන් රාත්‍රි ආහාරය සදහා කොත්තු ආහාරයට ගැනීම මේ විනය පරීක්‌ෂණය සදහා හේතුවය. පක්‌ෂයේ වැඩක්‌ සඳහා ගිය සහෝදරයන් පිsරිසක්‌, පක්‌ෂ අරමුදලෙන් කොත්තු කෑම බරපතල විනය ප්‍රශ්නයක්‌ නම්, නායකයා පක්‌ෂයේ අරමුදලින් සුපිරි පන්තියේ ගුවන් ගමන් යැම කොයිතරම් බරපතල ප්‍රශ්නයක්‌ද...?

රතු නායකයා මේ ගමන හදිස්‌සියේ යැම පක්‌ෂයේ කටයුත්තක්‌ බව මෙතෙක්‌ පෙනී ගොස්‌ නැත. ඒ සඳහා මේ වන විට කතාවක්‌ ගොතාගෙන තිබෙනවා විය හැකි වුවත්, එම විදේශ ගමනේදී පක්‌ෂයට හෝ වාමාංශික ව්‍යාපාරයට අදාළ කිසිදු කර්තව්‍යයක ඔහු නියෑළී නැත. සාමාන්‍යයෙන් මෙම පක්‌ෂයේ නායකයකු එතෙර යන්නේ පක්‌ෂයේ වැඩකටය. එසේ යන විට ඔහු එහිදී, එතෙර සිටින ජවිපෙ සාමාජිකයන් ඇමතීම, එම රටේ තම මතවාදී වම්මුන් මුණ ගැසීම සිදු කරන අතර ඒ සදහා පක්‌ෂයෙන්, මාධ්‍ය ඔස්‌සේ සහ සිය වෙබ් අඩවි මාර්ගයෙන් ප්‍රසිද්ධිය ලබා දේ. එවැනි කිසිදු ප්‍රසිද්ධියක්‌ රතු නායකයාගේ මේ ගමන වෙනුවෙන් පක්‌ෂයෙන් ලැබුණේ නැත.

මේ පිළිබඳව අප්‍රේල් 27 වෙනිදා රතු පක්‌ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදීන් විසින් පක්‌ෂ ලේකම්ගෙන් ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය - (රතු නායකයාගේ නම සඳහන් කරමින් ) ... මහතා මුල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණ නිසා අයර්ලන්තයට ගියා කියලා, වෙබ් අඩවි විසින් තොරතුරු වාර්තා කරලා තිබුණා. මේක ඇත්තක්‌ද...?

පිළිතුර - මොකක්‌ද ..... සහෝදරයාට විරුද්ධව තිබෙන මූල්‍ය වංචාව...ඔය වෙබ් අඩවි කියන්නේ වෙබ් අඩවිත් නෙවෙයි. බංකොලොත් වුණ දේශපාලනඥයන් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්නවා... ඔවුන්ගේ කාර්යය තමයි, තමන්ට විරුද්ධ අය බල බලා බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන එක. තමන්ගේ නෝනා එෆ්.සී.අයි.ඩි. එකට මුල්‍ය වංචා පිළිබඳව කට උත්තර දෙන්න යන කොට, ඒගොල්ලන්ට ඒවා දරාගන්න බැරි නිසා, ඒවා හොයන්න බල කරන අයට විරුද්ධව නිර්මාණය කරන ප්‍රවෘත්ති තමයි මේ. ------ සහෝදරයා පමණක්‌ නෙවෙයි, අපි ඔක්‌කොම පහුගිය දවස්‌වල හිටියේ විදේශ ගතවෙලා. මමත් ආවේ පෙරේදා.

ප්‍රශ්නය - වෙබ් අඩවි වාර්තා කරලා තිබ්බා, ----- ----- මහතා තමන්ගේ පරණ පෙම්වතිය ළඟට ගිහිල්ලා තියෙන්නේ කියලා.

පිළිතුර - ඔය ජාතියේ අසනීප තියෙන පිරිසක්‌ අපේ රටේ ඉන්නවා. තමන් වගේ අනිත් අයත් කියලා, හිතන අය, ලියන වාර්තා ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ... ඒවා ඔක්‌කොම අයිති ලියන කට්‌ටියට..

ලේකම්ගේ කතාව තුළ රතු නායකයා විදේශගත වූයේ ඇයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්‌ නොමැති බව පෙනුණි. යම් හෙයකින් ඔහු විදේශ ගත වූයේ, පක්‌ෂයේ පැහැදිලි කාර්යභාරයකට නම්, ඒ බව ලේකම්වරයා ප්‍රකාශ කරනු ඇත. එසේ නම් රතු නායකයා හදිස්‌සියේ විදේශ ගත වූයේ ඇයි...?

අනුන්ගේ දූෂණ ගැන සෙවීම, විප්ලවයටත් වඩා ප්‍රමුඛ කාර්යය කරගත් රතු නායකයා වෙත පක්‌ෂයෙන් දූෂණ චෝදනාවක්‌ එල්ලවීම, ඔහුගේ එතෙර ගමන සඳහා ප්‍රධාන හේතුව වූ බව පක්‌ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මේ රතු නායකයා විවාහ වී සිටින්නේ නෑකමට තමන්ගේ නැන්දා වන කාන්තාවක සමඟය. මේ කතාව දේශපාලන ක්‌ෂේත්‍රයේ කාලයක්‌ තිස්‌සේ කතා බහ වෙමින් තිබුණු මාතෘකාවකි. ඔහුට චෝදනාව එල්ල වන්නේ ඔහුගේ බිරිඳගේ, පැරණි කසාදේ දරුවාගේ බැංකු ගිණුමේ, රුපියල් කෝටි ගණනක තැන්පත් මුදලක්‌ තිබීම සම්බන්ධවය. එවැනි මුදලක්‌ දරුවාගේ බැංකු ගිණුමට බැර වූයේ කෙසේද...? මේ සම්බන්ධයෙන් පක්‌ෂය වෙත තොරතුරු වාර්තා වී තිබුණ අතර පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයේදී සහ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන නායකයාගෙන් ප්‍රශ්න කරන්නට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරිපත් විය. ඒ සමගම නායකයා වෙත පක්‌ෂයේ තිබූ අවනතභාවය නැතිවූ අතර පක්‌ෂයේ ඉහළ මණ්‌ඩල දෙකේ බහුතරය ඔහුට අහිමි විය. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කට උත්තර නොමැති වූ නායකයා විසින් කරන ලද්දේ තමන් බැහැර යන බව පවසා පක්‌ෂයට ලියුමක්‌ ලියා, වහාම අයර්ලන්තය බලා පලා යන්නට විය.

රතු නායකයගේ පලා යැමේ ගමනාන්තය අයර්ලන්තයම වූයේ ඇයි...? එතෙර ගමනක්‌ සඳහා නමක්‌ ලෙස මතක්‌ නොවන අයර්ලන්තය, ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායකයෙක්‌ වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සේවා ස්‌ථානය පිහිටි රටය. ඔහු ඇමරිකානු පුරවැසියකු සේ ජීවත් වූවාට සේවයේ යෙදෙන්නේ අයර්ලන්තයේය. ශ්‍රී ලාංකිකයන් හැට හැත්තෑවක්‌ වැනි සීමිත පිරිසක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ජීවත් වන නිසා තම රහසිගත කාර්යයන් සදහා අතිරේක පහසුවක්‌ ඩබ්ලින් නගරයේදී රතු නායකයාට ලැබෙන්නට ඇත. සුරේන් සුරේන්ද්‍රන් සිංහල භාෂාව සැහෙන දුරකට කතා කළ හැකි අයෙකු හෙයින් දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවන් කතා කළ නොහැකි රතු නායකයාට 'වන් ටු වන් ටෝකක්‌' සඳහා සුරේන්ද්‍රන් හොඳටම ගැලපෙන බව කිව යුතුය.

රතු පක්‌ෂයේ ලේකම් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියා විසින් එක්‌ තැනකදී ප්‍රශ්න කරනුයේ, රතු නායකයා තම පැරණි පෙම්වතිය හමුවීම සදහා අයර්ලන්තයට ගියාද යන්නය.

උසස්‌ පෙළ නිමා වී විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ මේ රතු නායකයා කාලය ගත කළේ, කෑගල්ල ප්‍රදේශයේ අවන්හලක සේවය කරමිනි. එහිදී තරුණියක සමග හාදකමක්‌ ඇතිකරගත් රතු නායකයා මේ සම්බන්ධය පාලනය කර ගත නොහැකි දුරකට ගෙන ගියේය. එහි ප්‍රතිපලය වූයේ තරුණියට රතු නායකගෙන් දරුවෙක්‌ ලැබීමට සිටීමය. පැවැති තත්ත්වය හමුවේ ධෛර්යවන්ත තරුණිය එංගලන්තය බලා ගිය අතර රතු නායකයගේ දරුවාද ඇය විසින් හදා බලා ගත්තාය. මේ තරුණිය රතු නායකයාට හදවතින්ම ආදරය කළ නිසා ඔහු සමග සන්නිවේදනය දිගටම සිදුවූ බව කියෑවේ. තම පැරණි පෙමවතිය සහ දරුවා බලන්නට රතු නායකයා සිය අයර්ලන්ත ගමන උපයෝගී කර ගත් බව කිව හැක්‌කේ තරුණිය සහ දරුවා ඒ දිනවල අයර්ලන්තයේ සිටි බැවිනි.

නායකයාගේ අමුතු ගමන පක්‌ෂයේ පහළ කාඩර්වරුන්ට ප්‍රශ්නයක්‌ ඇති නොකළේය. ආරංචි පැතිරී ගියත් ඒවා විශ්වාස නොකරන මානසික අභ්‍යාසයක්‌ පක්‌ෂය විසින් මුල සිටම කාඩර් වරුන්ට ලබා දී ඇති නිසා පක්‌ෂය...පක්‌ෂය...කියනා මන්තරයෙන් පිට කිසිවක්‌ ඔවුහු විශ්වාස නොකරන තත්ත්වයක සිටියෝය. මේ කාඩර්වරුන් සහ පිටත සතුරන්ගෙන් ගැලවීම සඳහා පක්‌ෂයේ නායක ගොටුවාදින් කිහිපදෙනකු නායකයා වෙත කතා කරමින් කියා සිටියේ ප්‍රශ්නය විස¹ ගන්නා තෙක්‌ ලංකාවට පැමිණෙන ලෙසය. පවතින තත්ත්වය හමුවේ, නායකයා අයර්ලන්තයේ රැඳුනහොත්, සිය දේශපාලන විරුද්ධවාදීන් එය පාවිච්චි කරණාකාරය අනෙක්‌ නායකයෝ කල්පනාවට ගෙන තිබුණි. මේ නිසා පක්‌ෂය දණ, නායකයා ඉදිරියේ නම්මන්නට ඔවුන් කිහිප දෙනකු පියවර ගන්නා ලදී. නමුත් නායකයාගේ මතය වූයේ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩල බහුතරය තමනට නොමැත්තේ නම් යළි පැමිණීමෙන් පලක්‌ නොමැති බවය.

එසේ වුවත් නායකයා දිවයිනෙන් බැහැරව යන්නේම අප්‍රේල් විසි නවවෙනිදා යළි දිවයිනට පැමිණීම සඳහා ගුවන් ටිකට්‌ පත් වෙන් කරගෙනය. රතු නායකයා සියරට බලා පැමිණීමට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපළට පැමිණ, සිය ගමන් බලපත්‍රය ඉදිරිපත් කරන විට එහි සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්‌ විසින් රතු නායකයා හඳුනා ගනු ලැබීය. ඔවුන් දෙදෙනා විසින් රතු නායකයාගේ සියලු ක්‍රියා පිළිවෙත් තමන්ගේ කැමරා දුරකතනයෙන් මතකගත කරනු ලැබීය. මේ දෙදෙනා රතු නායකයා සමග කතාබහට වැටෙන්නේ ඩබ්ලින් ගුවන් තොටුපළෙනි. එම දුරකථන පටිගත කිරීම මේ වනවිට යු ටියුබ් මාර්ගයෙන් කාටත් නැරඹිය හැකිය. එහිදී රතු නායක සහ අනෙක්‌ දෙදෙනා අතර ඇතිවන දෙබස මෙසේය.

දෙදෙනා සහ රතු නායකයා කතා කරනා අතර ඔවුන් නායකයා හඳුනාගෙන කතා කරන බව පෙනේ. ඒ අතර තවත් පුද්ගලයකු පැමිණෙන අතර ඔහු ද රතු නායකයා සමග කතා බහ කරයි.

පුද්ගලයෙකු - - ආ...කොහොමද...?

රතු නායක - ඉතිං ඉන්නවා...ඉන්නවා...හොඳින් ඉන්නවා... (සිනාසී) එහෙනම් අපි යන්නද...? මට චුට්‌ටක්‌ පරක්‌කු වෙලා තියෙන්නේ...එහෙනම් අපි පස්‌සේ හම්බුවෙමු.

එක්‌ පුද්ගලයකු යමක්‌ අසන්නට උත්සාහ කරන අතර ඒ කතාව අතරේම

රතු නායක - ( ඔවුන්ට සමුදීමට උත්සාහ කරමින්...) චුටි ප්‍රශ්නයක්‌ තියෙනවා...(මේ අතරේ දී පැමිණි පිරිසේ අය තවමත් කතා කරන බව ඇසේ .) පොඩි කේස්‌ එකක්‌ තියෙනවා... පොඩි ගමනක්‌ ඇවිල්ලා තියෙන්නේ...ඒකයි ... (කතා කරමින්ම නික්‌ම යන බව පෙනේ.)

ඒ අනුව රතු නායකයා යළි සිය රට පැමිණි අතර, මැයි පෙළපාලියට සහ රැලියට ද පෙර ලෙසම උජාරුවෙන් සහාභාගී වෙනාකාරය දකින්නට ලැබුණි. එය, සිය පක්‌ෂ කාඩර්වරුන් වෙත ශුභාරංචියක්‌ ගෙන යන බව පක්‌ෂ නායකයෝ දැන සිටියහ. එම බලාපොරොත්තුව අකුරටම ඉටු කරමින් රතු නායකයා සිය පක්‌ෂ බල ඇණිය ඇමතුවේය. මතුපිටට එසේ වුවත් 'සිල් බිඳගත්' නායකයා සමග පක්‌ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුදය තවම විසඳී නැත.

විශේෂ ලියුම්කරුවෙක්‌ විසිනි
Read more

Popular Posts

Popular Posts