Open top menu
Sunday, May 8, 2016

 -  සේපාල් අමරසිංහ
විරූපලෝලියා යනු, සුන්දර දෙයට අකමැති, හැමවිටම අසුන්දර, විරූපී දෙයම අගය කරන, ඔජ වඩන පුද්ගලයායි. ඔහුගේ ධර්මය විරූපලෝලයයි. එනම්, libido for the ugly ලෙස හැ`දින්වෙන තත්ත්වයයි. සාමාන්ය ජන ජීවිතයේ දී විරූපලෝලය තමන්ගේ ධර්මය බවට පත්කැර ගත් පුද්ගලයින් අපට හමුවන අතර ඔවුන් තමා දකින සියලූ දේවල්වල සෞන්දර්යය ප්රතික්ෂේප කැර විරූප සොබාවම ඔජ වඩන්නට පෙළැඹෙයි. එයින් එවැන්නන් බලාපොරොත්තු වන්නේ, තමාට සොබාවයෙන් අයත් වූ කායික, මානසික හෝ සමාජයීය විරූප සොබාව තමා අවට සිටින්නන් සහ තවත් අය අතරේ යම් අයුරකින් සාමාන්යකරණය කිරීමකට ලක් කැර ඊට සමාජ වටිනාකමක් එක්කාසු කැර ඉන් ඵලක් ලැබුණා යැයි චිත්ත ප්රීතියට පත් වීමයි. එවැන්නෙකු චිත්රපට නිර්මාණකරුවෙකු වූ විට, තත්ත්වය තරමක් අසාධ්යය. ඒ ගැන කලින් මවිසින්ම ලියනු ලැබූ සටහනක කොටසක් මෙසේ ය:
උපුටා ගැනීම
‘කැත සිනමාවේ ප්රමුඛයා අසෝක හ`දගමයි. ඔහුගේ කැත සිනමාවේ ප්රකට ලක්ෂණ ඔබත් දන්නා දේවල්ය. දත් බොල්ලෑ, කෙස`ග, කැත ගැහැනු සහ පිරිමි, ගැහැනු ලාලිත්යයෙන් තොර රළු ගැහැනු, මූසල වාසස්ථාන, මන්ද බුද්ධික පෙනුමැති ළමයින් වැනි දේ ප්රධානයි. තවද, මෙම කැත සිනමාවේ ප්රධාන ලක්ෂණයක් වන්නේ, එහි චරිත කතා නොකිරීමයි. ගොළුවන් ද නොවන මේ පිරිමි සහ ගැහැනු අවශ්ය අවස්ථාවලදී හෝ කතා නොකරන්නේ ඇයිදැයි විමසිය යුතුය. එසේ කතා නොකිරීම ද කැත සිනමාවේ එක් සම්භාව්ය ලක්ෂණයකි. මොවුන් කතා කරන්නට සැලැස්සුවහොත්, මේ ව්යාජ සම්භාව්ය දැහැන psuedo reverie බිෙ`දනවා. බොහෝ දෙනා මේ කැත සිනමාවට රැුවටී ඉන්නෙ ඔය කියූ ‘ව්යාජ දැහැන’ නිසයි.’
උපුටාගැනීම අවසන් -
libido for the ugly in cinema - සිනමාවේ විරූපලෝලය - alchemist - මැයි/ජුනි 2014
මෙසේ මේ කතාව කියන්නට අවස්ථාව යෙදෙන්නේ, අසෝක හ`දගමගේ අලූත්ම සිනමාව ලෙස ඔහු ඉදිරිපත් කැර ඇති ‘ඇගේ ඇස අග’ zLet Her CryZ නම් උම්මත්තක රූප එකතුවයි. එය එහි නාමකරණයෙහි ශුද්ධ අර්ථයෙන්ම කාන්තාවට හැ`ඞීම පිණිස සමාජය නිර්මාණය කැරවීමේ සාහසික උත්සාහයක්ම බව පැහැදිලිය. එහි ප්රධාන පිරිමි චරිතය වූ විශ්වවිද්යාල මහාචාර්යයා එම තත්ත්වට සහ එම වයසට (පෙනුමෙන් අවුරුදු හැටකට ආසන්න...* ක්රමානුකූලව පත්වූවකු බව වෙනුවට මෙම චිත්රපටය ස`දහාම එතැනට ප්රා¥ර්භූත කරවන ලද චරිතයක් බවට පැහැදිලිය. ඒ නිසාම, මෙම නිර්මාණයේ ජීවත්වන පාත්රයා අතර කිසිදු පාරකාලිකත්වයට අදාල diachronical සබ`දකමක් හෝ හැසිරීමක් හෝ චරිත ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත. ඒ අය සියලූදෙනාම අපට කිසිම අපහසුවකින් තොරව වෙන් වෙන් පුද්ගලයන් වශයෙන් ඔවුනොවුන්ගේ පිටස්තර බව එලෙස රැුකී ඇති පරිදි වෙන් කැර හ`දුනාගත හැකිය. ප්රධාන පිරිමි චරිතය වූ මහාචාර්යයාගේ චරිතය නිරූපණය කිරීම බෙංගාලි රංගන ශිල්පියෙකු වෙතින් සිදුවීම ද ඉහත කී ආගන්තුක තත්ත්වය මොනවට එහි ගැඹුරට සටහන් තබන්නට මහෝපකාරී වී ඇත. මේ අධ්යක්ෂකට අවශ්ය වන්නේ ද එයයි. යම් පවුලක සාමාජිකයන් අතර ඇති දුරස්ථ භාවය තවත් දහස් ගුණයකින් ගුණ කර පෙන්වීම මොහුගේ අධ්යාශයටම තුඩු දෙන්නකි. පවුලක සාමාජිකයන් අතර දුරස්ථභාවය දහස් ප්රමාණයකින් වැඩිකර පෙන්වීමෙන් මෙවැනි අයගේ අරමුණ වන පවුල විරූපී කැරවීම ඉන් පහසු වෙයි.
ඉහත කී මොන්ගල් මහාචාරියාගේ බිරි`දගේ චරිතය නිරූපණය කරන්නේ ස්වර්ණා මල්ලවාරච්චියි. ඒ චරිතය ද අඩුවැඩි වශයෙන් තම සැමියාගේ චරිතයටම සමාන මොන්ගල් එකක් වීම අධ්යක්ෂකගේ විරූපී අරමුණ වෙනුවෙන් යටිතලය සැකසීමකි. එසේම, ස්වර්ණා මල්ලවාරච්චි පිළිබ`ද නිළියක ලෙසද, කාන්තාවක ලෙසද මේ රටේ ජනසමාජය තුළ ඇති පූර්ව නිගමන ද මීටමැ අදාළව මෙම අධ්යක්ෂකගේ දුෂ්ට වුවමනාවන් වෙනුවෙන් අවිඥානිකව පේ්රක්ෂක හිතුවිලි අවශ්ය තැන් කරා ගොනු කරවනවාද වීම මෙහි ඇති තවත් විශේෂ තත්ත්වයකි. එසේම, මෙවර හ`දගම සිනමා බිලි පූජාවේ දී ඊට තම ශරීරය සහ සමාජ ආත්මය එහෙම්පිටින්ම බිලි දෙන්නට රිතිකා කොඩිතුවක්කු නම් තරුණියක ඉදිරිපත් වී සිටීම හ`දගමගේ සිනමා වස`ගය නිසාම සිදු වූවකැයි හිතන්නටත් හැකියි. ඇය ර`ගපාන්නේ වියපත් මහාචාරියා යටතේ විශ්වවිද්යාලයේ උගෙන ගන්නා ශිෂ්යාවකගේ චරිතයයි. ඇය මේ මොංගල් මහාචාරියාට වස`ග වී ඇත්තේ මොන හේතුවකටදැයි කිසිම විටෙක පැහැදිලි වෙන්නේ නැහැ. (සාමාන්යයෙන් විශ්වවිද්යාලවල සිද්ධ වෙන්නේ, කපටි ද`ගකාර හෝ මෝඩ ශිෂ්යාවන් තමන්ගේ උසස් සාමාර්ථ වෙනුවෙන් වියපත් මහාචාරීන් තම වස`ගයට ගැනීමයි.* ඇය කියන්නේ, ඇය ඔහුට වස`ග වී ඇති බවක් පමණයි. ඒ වගේම ඇය පාපොච්චාරණය කරන්නේ, කුඩා කාලයේ පටන්ම ඇය කාමුක චරිතයක් බවයි. ‘‘මම පාරේ යනකොට ගමේ ගෑනු උන්ගේ මිනිස්සු විතරක් නෙමෙයි බල්ලො බළල්ලූත් ගෙට අරගෙන දොරවල් වහගන්නවා.’’ මෙන්න මේ වගේ දෙයක් ඇය කියනවා. එතකොට පැහැදිලියි, ඇය මොන විදිහේ කාමාතුර මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නියක්දැයි කියා.
ඇය කරන දෙයක් තමයි, ඇය අර මොංගල් මහාචාරියා එක්ක ඇසුරු කරන අවස්ථා ගැන දුරකථනයෙන් මහාචාරියාගේ බිරි`දට, මැඩම්ට කියන එක. මෙන්න මෙතනදි අපට ඉතාම පැහැදිලිව පේනවා, මේ අධ්යක්ෂකගේ උපවිඥානික අදහස. ඒ තමයි, යම් පුරුෂයෙකුගේ අනියම් ස්ත්රියකට ඇති බරපතල වුවමනාව වූ පවුල නමැති ඒකකය පිහිටා ඇති පදනම දෙදරවීම ඒ ලෙසම මේ අධ්යක්ෂක තුළ බලවත්ව පිහිටා ඇති බව. ඔහු ඒ ස`දහා මේ මානසික ව්යාධික අනියම් ස්ත්රියට ආවේශ වෙනවා. ඒ අනුව, රිතිකා කොඩිතුවක්කුගේ ශරීරය තමයි, අසෝක හ`දගමගේ ආතුරයා බවට පත්වන්නේ. ඊට ප්රතිපක්ෂව, ‘සාම්ප්රදායික පවුල’ නියෝජනයට ඔහු යොදා ඇත්තේ මොන්ගල් පිරිමියෙකු ලෙස (බෙංගාලි නළුවා මේ චරිතය නිරූපණයට කලින් යෝජනා වී තිබී ඇත්තේ ලංකාවේ ජ්යෙෂ්ඨ රංගන ශිල්පියකු වුවත් ඔහු අවසාන අවස්ථාවේ මෙම චරිත නිරූපණය ප්රතික්ෂේප කොට ඇත. එ් පිළිබඳව ඔහුට අපගේ ස්තුතිය හිමි වේ*. ගොබ්බ ගැහැනියක ලෙස (ස්වර්ණා මල්ලවාරච්චි* සහ නුහුගුණ ගති ඇති දුවක ලෙස පෙනී සිටින ලාබාල යුවතිය. (ස`දලි නම්...* මේ විරූපලෝලී සිනමා අධ්යක්ෂක මිනිස් පවුල පිරිහෙලා ඇත්තේ ඒ තරමටයි. ඒ මුළු පවුලම ඉහත කී කාමිනිය විසින් සිය පාලනයට නතු කැර ගන්නා අන්දමත්, අවසානයේ මේ පවුල තුලට ඒ පිළිලය පවුලේ අය විසින්ම කැ`දවාගෙන ඒමට සලස්වනු ලැබීමෙන් චිත්රපටය නිමාව සටහන් තබන්නේ මොනතරම් පහත් චේතනාවකින්දැයි යන්නත් නරඹන්නාට වටහා ගන්නට කිසිදු අපහසුවක් ඇතතේ නැත. (මේ ලිවීමේ දී මෙකී චරිත අතර සහසම්බන්ධය සැමියා, බිරි`ද, දුව කියා ස`දහන් කැර තිබුණාට, මෙම චිත්රපටයේ කිසිම තැනෙක අධ්යක්ෂක මෙම චරිත අතර එවැනි සබ`දකම් පද ආමන්ත්රණය නොකැරවයි. ඒ නිසාම, ඔහු යම් අවස්ථාවක, ‘‘මෙය එවැනි’ ‘පවුලක්’ නොවේ’’ යැයි කීවද ඔබ පුදුම නොවන්න. කෙසේ වෙතත්, එවැනි ආමන්ත්රණ සහිත නිවසක නම් මෙවැනි ජුගුප්සාජනක ජීවිත බිහි කිරීමට සිනමා අධ්යක්ෂකයෙකුට පවා නොහැකි බව කීම අපගේ යුතුකමයි.* මේ චිත්රපටයේ කතා සාරංශයයි. එහිදී මේ අතරමැද සිදුවන විශේෂ සිදුවීම් කිහිපයක් මෙය කියවන ඔබ විශේෂයෙන්ම දැනගත යුතු යැයි සිතනා බැවින් මෙසේ සටහන් කරමි. මෙම සිදුවීම මෙසේ මෙකී චිත්රපටයට අන්තර්ගත කිරීම ම යනු, ඉහත කී අයුරට ම, සාම්ප්රදායික පවුල කෙරෙහි මෙම අධ්යක්ෂගේ ඇති ද්වේශය සහ එය සදාචාරාත්මකව කෙතෙක් පිරිහුණ ද එසේම පැවතිය හැකි බව අන්යයනට තහවුරු කිරීම උදෙසාම ඇතුළු කළ දර්ශනයි.
තම සැමියා ලිංගික සම්බන්ධතා පවත්වන විශ්වවිද්යාල ශිෂ්යාව සොයා යන මහාචාර්ය බිරි`ද, එම තරුණිය තමන්ගේ ගෙදරටම කැ`දවා ගෙන විත් එහි නවත්වා ගැනීමේදී ඊට හේතුව ලෙස ඇය සැමියාට කියන්නේ, ‘‘ඔය තැන් තැන්වල ගිහින් කතා කර කර ඉන්න එක ඔයාට හො`ද නෑනෙ’’ වැනි දෙයකුයි. එවැනි අරුම පුදුම බිරින්`දෑලා ලංකාවේ ඉන්නවාදැයි කවුරුන් හෝ අපට කියාදිය යුතුය.
උදේට තමන්ගේ දුව සහ සැමියා සම`ගම අර කාමිනිය ද මෙසේ රාජකාරි ස`දහා ද පාසැල ස`දහා ද පිටත් වන අතර, අතරමගදී කාමිනිය සහ දුව අතර ඇතිවන කලහය හෙයින් මාහාචාරියා දුවට පහරක් ගැසූ විට දුව පෙරළා කියන්නේ, ‘‘ඇයි... තමුසෙට රිදුනද...?’’ කියායි. මේ අධ්යක්ෂක තමන්ගේ පුද්ගලික අත්දැකීම් සමාජයට විමධ්යගත කරන ආකාරයයි. ඉන්පසුව වාහනයෙන් පැන දුම්රියට පනින්නට යන මේ දුව බේරාගන්නේ අර කාමිනියයි. ගෙදර ගිය විට මැඩම් ඇයට ස්තූති කරන්නේ තමන්ගේ දුවගේ ජීවිතය බේරා ගැනීම සම්බන්ධයෙනුයි. මෙවැනි මෝඩ විහිලූ මෙම චිත්රපටයට ඇතුළු වන්නේ, එහි ඇති සමාජ විරෝධී, මානව විරෝධී සොබාවය නිසාමයි. ඒ අනුව මේ අධ්යක්ෂක මොනතරම් දුර්වල පෞරුෂයක් ඇති අයෙකු දැයි ඔබට හ`දුනා ගන්නට පහසු වෙයි.
මේ සියල්ල පරයන අපූර්වතම දසුන ඇත්තේ චිත්රපටය අවසානයේ දී යි. මහාචාරියා, බිරි`ද සහ දුව පන්සලට යන අතර කාමිනිය ද වෙනත් තැනෙක සිට මේ පන්සලටම පැමිණෙයි. (එඞී ජයමාන්නලාගේ චිත්රපටියක වගේ...* එවිටම පළාතේ මන්ත්රී යැයි හිතිය හැකි අයෙකු වටිනා වාහනයක තමන්ගේ බිරි`දත් එක්ක එතැනට එයි. එකවරම ඒ බිරි`ද වෙනත් කාන්තාවක දැක යක්ෂාරූඪ වී ඇය සම`ග කෙහෙවලූ අල්ලා ගෙන පරල වෙයි.
”මේක පූජා භූමියක්. පූජා භූමිය කෙළෙසන්න එපා.” හාමුදුරුවෝ බැගෑපත් වෙයි. මන්ත්රී බිරි`ද ඒ නොතකා පහන් දල්වන පහන් වැටක් ගලවා ගෙන අනික් කාන්තාව පිටුපස එළවා ගෙන යයි. ඒ සම`ගම මහා වැස්සක් කඩා හැලෙන අතර මහාචාරියා, බිරි`ද, දුව සහ කාමිනිය එකම රථයේ නැගී ආපසු එන්නට පිටත් වෙයි.
ඉහත සිදුවීම් අතරින්, මහාචාරියාගේ බිරි`ද / මැඩම් තම සැමියාගේ පෙම්වතිය වූ කාමිනිය තමන්ගේ නිවසට කැ`දවාගෙන ඒම තරම් නරුම අධ්යක්ෂණයක් තවත් කොයින්ද? අධ්යක්ෂකට අවශ්ය දේ අපට පැහැදිලිය. ඔහුට අවශ්ය ඔහුගේ හිතැ`ගි පමණට මේ සමාජයේ මිනිස් ජීවිත කුජීත කරන්නටයි. නැත්නම්, එවැනි ගොබ්බ බිරි`දක, අමන ගැහැනියක ඉන්නේ මේ රටේ කොතැනද? ලෝකයේ කොතැනද? (ආගමික අවරසරය අනුව එවැනි දේ කෙරෙන රටවල හැර...* එවැනි ක්රියාවක් ස්ත්රියකට මොනතරම් නින්දාවක් ද? දැන් මේවාට නිදහසට න්යායික කතා ගොතන නඩුකාර කේවට්ටයන් ඉදිරියට විත් තමන් ගෙතූ ව්යාජ න්යායික කතා අපට කියා දෙන්නට වෑයම් කරනු ඇත.
ඊළ`ගට, තමන්ගේ දුවගේ ජීවිතය බේරා ගැනීම සම්බන්ධයෙන් මහාචාරී බිරි`ද කාමිනියට ස්තූති කිරීමත්, සමස්තයක් ලෙස ඒ පවුලම මේ කාමිනියට අමුතු සෙනෙහසකින් බැ`දීමත් යනු, අධ්යක්ෂක හිතා මතාම යෙ¥ තුච්ඡු උපක්රමයි. සදාචාරවත් පවුලක් යනු, යුටෝපියානු අදහසක් බව මේ සමාජයට බලකර කීමට අධ්යක්ෂක උත්සාහ දරයි. එය සිදු කරන්නට ඔහු විවිධ උපවිඥානික උපක්රම යොදයි. ඒත් ඒවාට හසුවන්නේ ඔහුගේම ස්වයං මිත්යාව මිස අන් අය නොවේ.
අවසානයේ දී, විහාරස්ථාන භූමියේ දී තම සැමියාගේ තවත් කාන්තාවක් වෙත යක්ෂාරූඪව කඩා පනින මන්ත්රී (හෝ ඊනියා ප්රභූ යැයි සිතිය හැකි...* බිරි`ද ලවා අධ්යක්ෂක නටවන නාඩගම යනු, බෞද්ධයා තරම් පහත් ගති ඇති ගෝත්රිකයන් තවත් නැති බව ලෝකයාට කියාපා සම්මාන එකතු කිරීමේ තක්කඩි වෑයම වෙනුවෙන් කළ ඇතුළු කිරීමකි. අනික, මේ සිදුවීම ඉතාම අභව්ය, දුෂ්ට ප්රබන්ධයකි. විහාරස්ථානයක දී එසේ හැසිරෙන සිංහල බෞද්ධ කාන්තාවක් මගේ ජීවිතය පුරාවට දැක නැති අතර මේ ගැන අදහස් පළකළ කිසිවෙකු දැක හෝ අසා නැත. අධ්යක්ෂකගේ මේ කෲර ආගමික ප්රහාරය මේ රටේ බෞද්ධාගමිකයන් කිසිසේත්ම ඉවසිය යුතු නැත. මෙම දර්ශනය සහිතව මෙම චිත්රපටය ප්රදර්ශනය වන්නේ නම්, ක්රිස්තියානි පල්ලියේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් මෙවැනි දර්ශන රූගත කරන්නටත්, ඒවා රට පුරා, ලෝකය පුරා ප්රදර්ශනය කරන්නටත් අන් අයට ද ඉඩ ලබා දිය යුතුයි.
මෙම චිත්රපටයේ දී ප්රමුඛව සිදු වී ඇති දුෂ්ට ක්රියා දෙකකි. එකක් නම්, විශ්වවිද්යාල ශිෂ්යාවක ලෙස රංගනයට යොදා ඇති රිතිකා කොඩිතුවක්කු නමැති තරුණිය ඉතාමත් ජුගුප්සාජනක අන්දමින් නිරුවත් කැර ඇයගේ මුළු ජීවිතයම අලෙවි කැර දමා ඇති අන්දමයි. (පසු කාලයක දී ඇය මේ පිළිබ`දව සාප කිරීම දෙවනුව සිදුවනු ඇත. මේ අධ්යක්ෂකට කලින් අවස්ථාවේ දී තම සහකාරියගෙන්ම එම අත්දැකීම ලැබුණු ආකාරය කවුරුත් දනී. මෙහිදී ධම්මි ෆොන්සේකාගේ මතකය ද ඒ ගැන දන්නා අයට අමතක කළ නොහැකිය.*
දෙවැන්න, බෞද්ධයාගේ පූජා භූමිය ඉතාමත් සාහසික ලෙස කෙලෙසා, උපහසයට ලක් කිරීමෙන් බරපතල ලෙස පොදු අවකාශ ආගමික බිමක් අවභාවිත කිරීමයි. ඒ සාහසිකත්වයට ඉඩ දිය යුත්තේ ඇයිදැයි මෙය කියවන ඔබ හිතා බලන්න. කලාව යනු, මිනිසාගේ එක් ක්රියාකාරකමක් මිස එකම ක්රියාකාරකම නොවේ. ඒනිසා, කලාව නාමයෙන් මිනිසුන්ගේ අන් වටිනාකම් විනාස කැර දැමීමට මෙවැනි නෂ්ටකාමීන්ට ඉඩ දීම කොහෙත්ම කළ යුතු නැත. නෂ්ටකාමය යනු, ලිංගික බෙලහීනතාවම පමණක් නොවේ. රටක සංස්කෘතියක් පිළිබ`දව ඇති නරුම විරෝධය ද නෂ්ටකාමයකි. එය සංස්කෘතික නෂ්ටකාමයයි. එබැවින්, නරුම ලිංගිකත්වයම ඔජ වඩවමින්, තමාගේ ඇති සංස්කෘතික නෂ්ටකාමී බව සන්තර්පණය කැර ගන්නට උත්සුක වන මෙවැනි විරූපලෝලීන්ගේ සංස්කෘතික නෂ්ටකාමයට කලාවේ නාමයෙන් ඉඩදීම යුක්ත සහගත නොවන බව මෙයින් අවධාරණය කරමි.
- සේපාල් අමරසිංහ
Tagged
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. What is the difference between Ugly and Beauty ? How do you Interpret the difference..?

    ReplyDelete

Popular Posts

Popular Posts