Open top menu
Monday, July 11, 2016

සමරසේන මුදලිගේ
ශ්‍රී ලංකා දේශපාලන තලයේ යුග නිර්මාණක කාර්යභාරයක්‌ ඉටුකළ එස්‌.ඩබ්.ආර්.ඩී. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් සාපරාධී ලෙස ඝාතනය කර මෙම 26 වැනි දිනට වසර 56 ක්‌ සපිරේ. විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ ලෙස සිදු වූ මෙම ඝාතනය පිළිබඳව චෝදනා ලැබූවන් 07 ක්‌ සිටියහ.

ඔවුන් පොදුවේ ලද චෝදනා වූයේ 1959 සැප්. 25 දාත් සැප්. 26 වැනිදාත්, අතර කාලයේ සොලමන් වෙස්‌ට්‌ රිඡ්වේ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතාගේ මරණය සිදු කිරීමේ හෝ ඊට ආධාර අනුබලදීමේ හෝ එම අපරාධය සිදු කිරීම සඳහා එක්‌ව ක්‍රියා කිරීමේ පොදු අදහසින්. කැලණිය, වැල්ලම්පිටිය, රාජගිරිය, කොළඹ හා වෙනත් ස්‌ථානවලදී එකඟ වී යෑයි ද කුමන්ත්‍රණය කළේ යෑයි දá

1. කැලණිය රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්‌ත හිමි

2. වැල්ලම්පිටිය අවිස්‌සාවේල්ල පාරේ හේමචන්ද්‍ර පියසේන ජයවර්ධන

3. කැලණියේ බියගම පාරේ පලිහක්‌කාරගේ අනුර ද සිල්වා.

4. රාජගිරියේ ඔබේසේකර පුරයේ අමර විහාරයේ තල්දූවේ සෝමාරාම

5. මරදානේ පොලිස්‌ නිවාසයේ වීරසිංහ ආරච්චිගේ නිවුටන් සිල්වා

6. කොළඹ බුලර්ස්‌ පාරේ විමලා විඡේවර්ධන.

7. කොළඹ බේස්‌ලයින් පාරේ අමරසිංහ ආරච්චිගේ කරෝලිස්‌ අමරසිංහ
තල්දූවේ සෝමාරාම

මාපිටිගම බුද්ධරක්‌කිත හිමි අධිකරණ භූමියේදි...

යන හත්දෙනා බණ්‌aඩාරනායක ඝාතන නඩුවෙන් චෝදනා ලැබූ අතර 1959 සැප්. 25 බණ්‌ඩාරනායක මහතාගේ මරණය සිදු කළේ යෑයි තල්දූවේ සෝමාරාම චෝදනා ලැබීය.

කැලණිය රජමහා විහාරාධිපති එක්‌සත් භික්‍ෂු පෙරමුණේ සමලේකම්වරයකු වූ මාපිටිගම බුද්ධ රක්‌ත, වැල්ලම්පිටියේ එච්. පී. ජයවර්ධන, වෛද්‍ය කරෝලිස්‌ අමරසිංහ හා පොලිස්‌ පරීක්‍ෂක නිවුටන් පෙරේරා 1959 ඔක්‌තෝබර් 21 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් අතර නොවැම්බර් 19 වැනිදා එවක මුදල් ඇමැති ස්‌ටැන්ලි ද සිල්වා මහතාගේ සහෝදරයකු වූ ඩිකී ද සොයිසා හා සෞඛ්‍ය අමාත්‍ය විමලා විඡේවර්ධන ද අත්අඩංගුවට ගනු ලැබීය. අවසන් වරට අත්අඩංගුවට ගනු ලැබුවේ කාර්මිකයකු වූ අනුර ද සිල්වාය. 1959 නොවැම්බර් 26 දා අටදෙනාගෙන් 7 දෙනකුට නඩු පවරනු ලැබූ අතර ඩිකී ද සොයිසා නිදහස්‌ කරනු ලැබීය. දෙසැම්බර් 14 දින කොළඹ වැඩ බලන මහෙස්‌ත්‍රාත් ඇන්. ඒ. ද ඇස්‌. විඡේසේකර මහතා හමුවේ මූලික සාක්‍ෂි විභාගය ආරම්භ වූ අතර වෛද්‍ය කරෝලිස්‌ අමරසිංහ, මහතා රජයේ සාක්‍ෂිකරුවකු වීමට කැමැත්ත පළ කළෙන් ඒ සඳහා අධිකරණයේ අවසරය ලැබිණි.

දවස්‌ 124 ක්‌ මුළුල්ලේ පැවැති මූලික සාක්‍ෂි විභාගයේදී පැමිණිල්ලට සාක්‍ෂි 193 ක්‌ද විත්තියට 12 ක්‌ද ඉදිරිපත් විය. මූලික සාක්‍ෂි විභාගය අවසානයේ විමලා විඡේවර්ධන නිදහස්‌ කළ මහෙස්‌ත්‍රාත්වරයා නඩුව ඉහළ උසාවියට තැබීය.

අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්. ඩී. ඇල්. ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ පරිදි අගමැතිවරයාගේ ශරීරයේ තුවාල 7 ක්‌ තිබූ අතර එක්‌ උණ්‌ඩයක්‌ ශරීරය තුළ තිබිණි. මරණය සිදුව තිබුණේ වෙඩි වැදීමේ හේතුවෙන් වූ අධික ලේ ගැලීමත් කම්පනයත් නිසා බවත්, බණ්‌ඩාරනායක මහතාට සිදුව තිබූ තුවාල වෙනත් කෙනකුට සිදු විණි නම් ඔහු රෝහලට ගෙන එන තෙක්‌වත් ජීවත් නොවන බවත් ප්‍රකාශ කළේය.

ජූරි සභාවක්‌ ඉදිරියේ බණ්‌ඩාරනායක ඝාතන නඩුව විභාගය මහාධිකරණයේදී රාජනීතිඥ ටී. එස්‌. ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා ඉදිරිපිට 1961 පෙබරවාරි 22, දින ආරම්භ විය. දින 52 ක්‌ තිස්‌සේ විභාග වූ බණ්‌ඩාරනායක ඝාතන නඩු විභාගය අවසානයේ මිනීමැරීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට වරදකරුවන් කරමින් කැලණිය රජමහා විහාරාධිපතිව සිටි මාපිටිගම බුද්ධරCත හිමි 1962 ජුනි 20 වැනිදාත් එච්. පී. ජයවර්ධන ජුනි 21 වැනිදාත් තල්දූවේ සෝමාරාම 22 දින දීත් වැලිකඩ සිරගෙදර තුළදී හුස්‌ම හිරවෙන තෙක්‌ එල්ලා මැරීමට නියෝග කරන ලදී.

මෙම තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක්‌ ඉදිරිපත් කිරීමට විත්තිකරුවන් තීන්දු කරන ලදහ. ඒ අනුව අග්‍රවිනිශ්චයකාර හේමබස්‌නායක, එච්. ඇන්. ජී. ප්‍රනාන්දු, එල්. බී. ද සිල්වා, එම්. සී. සන්සෝනි හා එන්. සින්නතම්බි යන විනිශ්චයකරුවන් ඉදිරියේ ඇපෑල විභාග කරන ලදී.

ඇපෑලේ තීන්දුවේ මෙසේ සඳහන් වී තිබිණි.

"දිවංගත බණ්‌ඩාරනායක මහතා විසින් කරන ලද ප්‍රකාශය අනුව ඒ මහතාට බෞද්ධ භික්‍ෂුවක්‌ විසින් සිවුරෙන් එළියට ගත් රිවෝල්වරයකින් වෙඩි තබන ලද බව හෙළිවී යෑයි" නඩුවේ ඉතිහාසයත් ඇපැල්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද තර්කත් නඩුවේ සාක්‍ෂිත් විස්‌තර කිරීමෙන් පසු අගවිනිසුරුතුමා පැවැසීය.... මූනිස්‌සන් ඇතුළුවීමෙන් සිදුවූ තුවාල හතරක්‌ ද ඒවා පිටවීමෙන් සිදු වූ තුවාල 03 ක්‌ද විය. ශරීරගතව තිබූ පතරොම් ශල්‍යකර්මය කළ ශල්‍ය වෛද්‍යවරයා ඉවත්කර තිබිණි. පී 1 දරන (නඩුභාණ්‌ඩ අංක) රිවෝල්වරයෙන් වෙඩි තැබීමෙන් බණ්‌ඩාරනායක මහතා මරාදමන ලද්දේ වෙන කිසිවකු නොව සිවුවන විත්තිකරු බව සාක්‍ෂි අනුව තීරණය කිරීම ජූරි සභාවට හැම අතින්ම අයිතිව තිබිණි.... සිවුවන විත්තිකරු පිස්‌කල් භාරයේ රිමාන්ඩ් සිරගෙදර සිටියදී 1959 නොවැම්බර් 14 වැනි දින ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් නිවසේදී මහෙස්‌ත්‍රාත් වරයාට කළ ප්‍රකාශයක්‌ ද සාක්‍ෂි ආඥ පනතේ 24 දරන වගන්තියට අනුව සාක්‍ෂියක්‌ ලෙස ගත්ත ද ඔහුගේ පාපොච්චාරණය විත්තිකරු මිනීමැරුමට වරදකරු කිරීමට හැකි බව ද ප්‍රකාශ කළේය.

"...... ඇපැල්කරුවන් විසින් තම තමන්ගේ ඇපැල් නොතීසිවල ඇපැල් ගැනීමට හේතු ගණනාවක්‌ දක්‌වා තිබිණි. පළමු විත්තිකරු හේතු 48 ක්‌ද දෙවැනි විත්තිකරු හේතු 45 ක්‌ද සිවුවැනි විත්තිකරු හේතු 60 ක්‌ද දක්‌වා තිබිණි.

ඒ බව නඩු තීන්දුවේ සඳහන් විය. තවදුරටත් මෙසේ සඳහන් වූ බව මලල්ගොඩ චන්ද්‍රතිලකගේ "එස්‌.ඩබ්.ආර්.ඩී. බණ්‌ඩාරනායක" කෘතියේ අධිකරණ තීන්දු පරිච්ඡේදයේ සඳහන් වේ.

"....සෝමාරාම සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඔහු අගමැතිට වෙඩි තැබීමට පුරුදු වී යෑයි අමරසිංහ කී සාක්‍ෂිය සෝමාරාම බලසම්පන්න රිවෝල්වරයකින් අගමැතිට වෙඩි තැබීමෙන් තහවුරු වන්නේය..."

මේ අනුව අභියාචනාවේදී සලකා බැලීමට ඉතිරි වූයේ විත්තිකරුවනට නියම කර ඇති දඬුවම නීතියට පටහැනි ද යන්නය. ඊට හේතු වූයේ එතෙක්‌ ක්‍රියාත්මක වූ මිනීමැරීම හා මරණයට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට දෙන ලද මරණ දඬුවම 1958 මැයි 09 වැනි දින ක්‍රියාත්මක වූ මරණ දඬුවම අත්හිටුවීමේ පනත මගින් සංශෝධනය කිරීමයි. මරණ දඬුවම අත්හිටුවීමේ පනත යටතේ මිනීමැරුම ගැන මෙන්ම මිනී මැරීමේ කුමන්ත්‍රණය ගැනද වෙනසක්‌ ඇති කරන ලදී. මේ අනුව එම පනත යටතේ කුමන්ත්‍රණ කිරීමේ චෝදනාවට වරදකරුවන් වන අයට දියයුතු දඬුවම මරණ දඬුවම නොව ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවමය.

කෙසේ නමුත් 1959 දෙසැම්බර් 02 දින සිට මරණ දඬුවම අත්හිටුවීමේ පනත අහෝසි කර නීතිය නැවත වෙනස්‌ කරන ලදී.

ඇපැල් නඩු තීන්දුව අනුව මරණ දඬුවම අත්හිටුවීමේ පනතේ 2 ඡේදය අනුව 1958 මැයි 09 වැනිදා සිට 1959 දෙසැම්බර් 01 දා තෙක්‌ කාලසීමාවේදී ඇති වූ මිනී මැරුම්, මිනී මැරුමට කුමන්ත්‍රණය කිරීම යනාදියට ලැබිය යුතු දඬුවම මරණීය දණ්‌ඩනය බැව් පෙනී ගියත් නීති විග්‍රහ කිරීම පිළිබඳ පනතේ 6 වැනි ඡේදයේ තුන්වැනි අනු ඡේදයේ දැක්‌වෙන අන්දමට එය එසේ නොවන බව තීන්දු කරන ලදී.... මරණ දඬුවම අත්හිටුවීමේ පනත සම්මත වීමෙන් පසුව මිනීමැරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වරදකරුවූ කෙනකුට නියම කළ හැක්‌කේ මරණ දඬුවම නොව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමකැයි ඇපැල් උසාවිය නිගමනය කරන ලදි. අවසානයේ බණ්‌ඩාරනායක ඝාතන නඩුවේ අභියාචනා තීන්දුව මෙසේ විය.

".... මේ අනුව අපි කුමන්ත්‍රණ චෝදනාවට වරදකරුවන් වීමෙන් පළමුවැනි දෙවැනි හා සිවුවැනි විත්තිකරුවන්ට නියම කර ඇති මරණ දඬුවම අවලංගු කොට ඒ වෙනුවට ඔවුන්ට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කරමි...

"... මිනී මැරීමේ චෝදනාවට වරදකරු වීමෙන් සිවුවැනි විත්තිකරුට මරණ දඬුවම නියම කිරීම අනුමත කරමු. මෙසේ දඬුවම් සංශෝධනයට යටත්ව ඇපැල් පෙත්සම් නිශ්ප්‍රභ කරමු...." යෑයි අග්‍රවිනිශ්චයකාරවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.

මේ අනුව 1962 ජුලි 06 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේදී බණ්‌ඩාරනායක ඝාතන නඩුවේ සිව්වැනි විත්තිකාර තල්දූවේ සෝමාරාම එල්ලා මරණ ලදී. එල්ලා මැරීමට පෙර ඔහු ක්‍රිස්‌තියානි පූජකවරයකු විසින් බෞතීස්‌ම කරන ලද බව පුවත්පත් වාර්තා කර තිබිණි. මාපිටිගම බුද්ධ රක්‌ත පළමු විත්තිකරු ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් විඳිමින් සිටියදී බන්ධනාගාරයේදී මියගිය බවත් එච්. පී. ජයවර්ධන ජීවිතාන්තය දක්‌වා වූ සිර දඬුවම පහළොස්‌ වසරකින් නිමාකර නැවත නිදහස ලබා වැල්ලම්පිටියට ගිය බවත් වාර්තා විය.


Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Recent Posts

Popular Posts

Popular Posts