Open top menu
Thursday, October 5, 2017

"අද උදේ 9.43ට ජනාධිපති මන්දිරයේදී මම අගමැති වශයෙන් දිවුරුම් දුනිමි. බේ‍රවර්හිල්හි සිට කොළඹ කොටුව දක්වා මඟ දෙපස විශාල ජනකායක් පෙළ ගැසී සිටියහ. 1874 දී වයස 70ට පත්ව සිටි එංගලන්තයේ අගමැති පදවියට පත් බෙන්ජමින් ඩිස්රේලි ප්‍රකාශ කළ අන්දමට මමද ලිස්සන ගහේ අන්තිම මුදුනට නැග්ගෙමි"
මෙහෙම ලියන්නේ ජේ.ආර්.ය. 1977 ජූලි මස 23 වැනි දින සිය දින පොතේ ඔහු එහෙම ලියන්නේ 77 පෙරළිය දාට පහුවැනිදාය.

1977 ජූලි 22 බ්‍රහස්පතින්දා රාත්‍රියේ මහ මැතිවරණ ප්‍රතිඵල එනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජේ.ආර්.ය. ඒ වෙනකොට ඔහුට අවුරුදු 70ට කිට්ටුය. 78 බලයට එන ජේ.ආර්.ට ඕනෑ වුණේ ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් හදා ගන්නටය. 1956දී මහජන එක්සත් පෙරමුණ අබියසත් 1970දී සමඟි පෙරමුණ අබියසත් "අලියා" කූඹියෙක් වෙනකොට ජේ.ආර්. කල්පනා කළේ අලියා අලියෙක් විදියටම තියන්නේ කොහොමද කියලාය. 78 ව්‍යවස්ථාව කාටත් හොරා ගෙන එන්නේ "තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චා ගන්න"ටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමෙන් අනතුරුව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කළේය. බලය විමධ්‍යගත කිරීම සඳහා 1980දී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයද, එය අසාර්ථක වීමෙන් පසුව 1987දී වට මේස සාකච්ඡා හරහා යෝජනා වූ පළාත් සභා ක්‍රමයද ඇති කළේය. ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදාහැරීමේ මොඩලය සමීපයෙන් අනුගමනය කළ නව නීතිය, ශ්‍රී ලංකාවේ පළාත් නවයක් තුළ පළාත් සභා ක්‍රමයක් නිර්මාණය කරමින් ජේ.ආර්.ලා 1987 නොවැම්බරයේදී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකළ 13 වැනි සංශෝධනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කරනු ලැබීය.
ජේ.ආර්. ඉන්දු - ලංකා ගිවිසුම ගෙනැවිත් අමුතු නාඩගමක් නැටුවේය.

මූලික අරමුණු දෙකක් මත ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් තැබීය. පළමුවැන්න ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය නිමා කිරීමය. දෙවැන්න වූයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ බලතල බෙදාහැරීම මඟින් සුළුතර දෙමළ ප්‍රජාවට කලාපීය ස්වයංපාලනය ප්‍රදානය කිරීමය. ඒ වෙනකොට වාර්ගික යුද්ධය තිබ්බේ තීරණාත්මක ඉමකය. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මෙහෙයවීමෙන් 7000ක භට පිරිසක් වඩමාරච්චි මෙහෙයුම දියත් කරනු ලැබ තිබූ අතර ප්‍රභාකරන් හිටියේ තීරණාත්මක අවසානය ඉදිරියේය. වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට කියා සිටියේ ඔය අතරය. ඉන්දීය තර්ජනය ජේ. ආර්. ගනන් ගත්තේ නැත. ඔහු හිතුවේ ඇමෙරිකාව තමන්ට සහාය දෙයි කියලාය. ඒ වෙනකොටත් ඔහු "යැංකි ඩිකී"ය. කී දේ නාහන ජේ.ආර්.ට ඉන්දියාව උත්තර දුන්නේ මෙරට ගුවන් සහ මුහුදු සීමා ආක්‍රමණය කරමින්ය.

"ඉන්දියාවේ මේ ක්‍රියාමාර්ගයට එරෙහිව අපට කළ හැකි දෙයක් නැහැ. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ 17 වැනි වතාව මෙයයි." ජේ.ආර්. ජයවර්ධන කීවේය.
අන්තිමට ජේ.ආර්. ඉන්දීය ගැටේට හසුවිය.
මේ ගිවිසුමට රටම එරෙහි වූයේ දෙවැන්න හින්දාය.
ගිවිසුම් ප්‍රකාරව කොටි අවි භාර දුන්නේ නැත. චීන වරායට පහර දුන්නේය. භික්ෂුන් ඝාතනය කරනු ලැබීය.
අන්තිමට රජීව්ට ප්‍රභාකරන් එපා විය.

"ප්‍රභාකරන් ගැන මට විශ්වාසයක් නැහැ. ඔහුට වෙඩි තබන ලෙස අණදෙන නිලධාරියාට කියන්න" යැයි රජීව් ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත්ට කීවේය. ඉන්දීය සාම හමුදා ප්‍රධානියා වූ මේජර් ජෙනාල් හරිකිරාත් සිං රජීව්ගේ අණ පැත්තකට දැම්මේය.
"ඉන්දීය හමුදාව මිනිසුන්ගේ පසුපසින් වෙඩි තියන්නේ නැහැ. මම ගාන්ධිගේ නියෝගය ක්‍රියාත්මක කරන්නේ නැහැ."
ඔහු කීවේය.
අන්තිමට රටම රජීව්ගේ උගුලේ වැටිණි. ජේ.ආර්. කරකියා ගන්නට දෙයක් නැතිව තවත් දශක දෙකක් දිවෙන යුද්ධයක් ස්ථාපිත කළේය.
එදා වුණේ ඉන්දු ලංකා ගිවිසුම නිසා මිනිසුන්ට මහා විනාශයක්ය.
එහෙම බැලුවම ජේ.ආර්. ඉන්දියානු බලහත්කාරයට යටත්ව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවෙත් අවි දරපු බෙදුම්වාදී කල්ලි හීලෑ කර ගැනීමටය. එය සම්මත කර ගැනීමට ජේ.ආර්. ගත්තේ සුළුපටු උප්පරවැට්ටි නොවේය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය අනුව ජනමත විචාරණයකට නොගොස්, එදා සිටි නීතිපතිවරයාගෙන් උපදෙස් අරගෙනය.
පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කරන්න ආණ්ඩුව ගැසූ ගේමට එරෙහිව දැන් කතාබහක් ඇති වෙලාය. දෙවැනි වර කියැවීමේදී නොතිබූ සංශෝධන තෙවැනි වර එකතු කරමින් "නංගී පෙන්නා අක්කා දීමේ" වැඩේ ආණ්ඩුව අපූරුවට කරලාය. ඒ ජේ.ආර්.ගේ ඉතිහාසයේ ස්වරූපය නැවත රඟ දැක්වීමක්ය. ශේ්‍රෂ්ඨාධිකරණය වෙත යවනු ලබන පනත් කෙටුම්පත ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය සහිතව පාර්ලිමේන්තුවට ගෙන ආ විට කාරක සභා අවස්ථාවේදී එයට සංශෝධන ගණනාවක් ඇතුළත් කරවීමට ආණ්ඩුව කටයුතු කළේ කූට ලෙසටය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න යන්නෙත් මෙහෙම නොවේ යැයි කාටවත් සහතික දෙන්න බැරිය. එහෙම වුණොත් දෙවියන්ගේම පිහිටය.

"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව" යන නමින් පසුගිය 21 වැනිදා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතේ ඇතුළත් නිර්දේශ ටික ක්‍රියාත්මක කළාම මේ රටේ මධ්‍යම ආණ්ඩුව කියා එකක් ඉතිරි වන්නේ නැහැ. නමට පමණක් මධ්‍යම ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් තිබෙනවා. නමට පමණක් ජනාධිපතිවරයකු ඉන්නවා. සමගාමී ලැයිස්තුව අහෝසි කර එහි තිබූ බොහෝ විෂයයන්ට අදාළව නීති හැදීමේ බලයද පළාත් සභාවලට දෙනවා. පොලිස්, ඉඩම්, පරිපාලන, මුදල් පාලනය පිළිබඳ බලය යන සියල්ලම පළාත් සභාවට දෙනවා. මේ නිර්දේශවලින් පළාත් සභා දෙකක් ඒකාබද්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් කියා තිබෙනවා. "උතුරු - නැඟෙනහිර එක පළාත් සභාවක් ලෙස සලකලා වැඩ පටන් ගනිමු" කියා මේ වාර්තාවෙන් කියා තිබෙනවා."
මෙහෙම කීවේ විමල් වීරවංශය.

එජාපයට තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෙල්ලමට ගත්ත ඉතිහාසයක්ය. එකී ඉතිහාසය ලේ, කඳුළු, මළ මිනීවලින් පිරී ගිය එකක්ය. 1982 කුප්‍රකට ජනමත විචාරණය මඟින් පාර්ලිමේන්තු ඡන්දය වසර හයකට කල් දැමීම කළේ ජේ.ආර්.ය. ඡන්දයක් ඕනද එපාද අහන්න ජනමත විචාරණයක් තිබ්බ ලොව එකම රට මේකය. අදත් කැරකෙන්නේ ඒ ඉතිහාසයය. අදත් ඡන්ද කල් දමලාය. අදත් ජනතා පරමාධිපත්‍ය වනසා දමලාය. එදා ජේ.ආර්. යැංකි ඩිකී නම අරගෙන ඇමෙරිකාවට ගැති වුණත් ඉන්දියාවේ පදේට නැටුවේය. අද රනිලුත් ඇමෙරිකන් ගැති වෙලා ඉන්දියාවේ පදේට නටන්නේය.

අද වෙනකොට අපේ රටට වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය අහිමි වෙලාය. ඉන්දියාවේ ටාටා, මහේන්ද්‍රා, ටී.වී.එස්, බජාජ්, හීරෝ හොන්ඩා, මරුටි සුසුකි වගේ කොම්පැනි ඒක අල්ලාගෙනය. අපේ මාළු සම්පත මුළුමනින්ම ඉන්දියාව අල්ලාගෙනය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වීමේ "ලාභය" සම්පූර්ණයෙන්ම ගන්නේ ඉන්දියාවය.
අපිට පිරිපහදු කළ තෙල් එම මිලටම බෙදන්නේ ඉන්දියානු තෙල් සමාගම්ය. දැන් බැලුවම රටම "රූකඩ රාජ්ජයක්ය"
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

Recent Posts

Popular Posts

Popular Posts