Open top menu
Thursday, October 12, 2017

පසුගිය දිනක සිරස ප්‍රවෘත්ති ප්‍රකාශනයක් අතරතුර රෙෂාන් වටවල කියන මාධ්‍යවේදියා ගේ සංදර්ශනය ගැන බොහෝ කතා බහ ආරම්භ වී තිබේ. මාධ්‍යක වගකීම සහ මාධ්‍ය කරුවාගේ කාර්යභාරය යන්න කුමක්ද කියා අවාසනාවකට මෙන් අපේ රටේ මාධ්‍යවේදීන්ගෙන් දන්නේ ඉතා කීපදෙනෙක් පමණි. පෞද්ගලික නාලික ආරම්භ වීමත් සමග මේ මාධ්‍ය සහ මාධ්‍යකරුවන් විසින් අපේ රටට සිදු කර ඇති හානිය සුඵ පටු නොවේ. මහජනතාව අවරසිකත්වයකට කැන්දා ගනිමින් හරසුන් මුග්ධ ටෙලිනාට්ය්, වැඩසටහන්, ගීත, සාකච්ඡා, තරග, සහ රියලිටි ෂෝ මෙන්ම දේශපාලන සාකච්ඡා දක්වා මහජනතාවට සිදු කළේ ඔළුවල මැටි පුරවමින් ඔවුන්ගේ බුද්ධිමය සහ භාවමය විකසිත භාවය දුරු කිරීමයි. එමගින් මේ සියලු මාධ්‍ය නාලිකාවලට පිංසිද්ධ වෙන්න දැන් අපිට ඉතුරු වී ඇති මහජනතාව සහ තරුණ ප්රජාව හද්ද මෝඩ, ප්රතිගාමී, ආත්මාර්ථකාමී, වෛරී සහගත, ජාතිවාදී, වර්ගවාදී, මුග්ධ පිරිසක් ය. ඒ මේ මාධ්‍ය අයියලා සහ අක්කිලා අපට කළ එක දෙයකි.
රොෂාන් වටවල බබෙකු නොවේ. රොෂාන් බැසිල් රාජපක්ෂට මඩ ගසන්නට එකවරම මැදිරියට පැමිණෙන්නේ පූර්ව සැලසුම් පිටපතකට අනුවය. ඒ බව පසුබිමින් සැලසුම් කළ රූපාවලියෙන්ම මනාව තේරෙන දෙයකි. ප්ර්ධාන ප්ර වෘත්ති ප්රාකාශයක් අතරතුරදී මැදිරියට කඩා පනිමින් බැසිල් රාජපක්ෂගේ කතාවට උත්තර දීමට අවශ්ය යැයි ඔහු පෙනී සිටියි. ප්‍රවෘත්ති ප්‍රකාශය

ඇරඹෙන්නේද මිස්ටර් 10% යැයි කියන බැසිල් රාජපක්ෂ මෙවැනි දෙයක් ප්‍රකාශ කළා යැයි කියමිනි. ආරම්භයේදී සිටම මොවුන් කරන්නට ගිය දේ පැහැදිලිය. බැසිල් රාජපක්ෂ යනු කම්බ හොරෙකු විය හැකිය. ඒ බව බොහෝ දෙනා දන්නා කරුණකි. බැසිල් සුධීමතෙකුද නොවේ. ඒ බවද සමස්ත සමාජයම දනී. අපේ ප්‍රශ්නය එය නොවේ. සිරස ගරුකටයුතු මාධ්‍යක් විදියට මේ කාරණයේදී ක්‍රියා කළ යුතු ආකරයයි.
ගමේ චණ්ඩි දෙකක් දාගෙන සරම උස්සගෙන කියන ඒවා සිරස ප්රවෘත්ති මැදිරියේ ටයි එකක්, කෝට් බෑයක් දාගෙන රොෂාන් වටවල දෙකක් දාගෙන වගේම කියාගෙන ගියේය. වෙනසකට තිබ්බේ සරමක් වෙනුවට කෝට් එකක් ටයි එකක් ඇඳගෙන සිටීම පමණි. ප්‍රවෘත්ති විකාශයක් අතරතුර ''අඩෝ'' කියා ආමන්ත්‍රණය කරනවා මා දැක්කේ ජීවිතයේ පළමු වතාවටයි. දැන් අපේ මාධ්‍ය සදාචාරයේ දිශානතිය එයයි. රටක ප්‍රවෘත්ති ප්‍රකාශයක් යනු ඒ රටේ පුරවැසියන්ට වැදගත් වන කාලපරාසයකි. ඒ අතර එක එකාගේ පෞද්ගලික ඇරියස් නැරඹීමට බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව සූදානම් නැත. ලොව කොහේවත් සිදුනොවන අයුරින් ප්රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුර තව එකෙක් පැමිණ තව එකෙක්ට බැණගෙන බැණගෙන යාම විහිළු සහගතය. සිරස හිතන්නේ බැසිල්ගේ රෙදි ගැලවුණා කියාය. නමුත් රෙදි ගැලවුණේ ඔවුන්ගේමය.
රොෂාන් වටවලගේ අතේ තිබුණු මහරාජාගේ පිටපතට අනුව අපිට පෙනී ගිය කරුණු කීපයකි.

1. සිරස නාලිකාව ප්‍රශ්න කිරීමට කිසි කෙනෙක්ට බැරිය. එසේ වුවහොත් සිදුවන්නේ මෙසේය.
2. අපිට කේන්ති ගියොත් අපි ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයක හෝ ''අඩෝ'' කියා කියන්න මැලිවෙන්නේ නැත. 
3. අපිට ගැහුවොත් අපි බොගේ ඒවා එළියට දානවා ය. 
4. ප්‍රශ්නවලට උත්තර අපි දෙන්නේ නැත. අපි දන්න උඹ යන මාතෘකාවෙන් අප රචනාවක් ලියන්නේය.

මේ අනුසාරයෙන් ගත්කළ හත්පොලේ ගා ගත්තේ බැසිල් නොව සිරසයි. සිරස විසින් මතුකරන බැසිල් සම්බන්ධ චෝදනා සමාජයට වගකිව යුතු මාධ්යක් විදියට කළ යුතුව තිබ්බේ දිගින් දිගටම දේශපාලනිකව ප්‍රශ්න කිරීමයි. බැසිල්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ආකාරයට ජනතාව තුළ සබුද්ධික පෙළගැස්මක් ඇති කිරීමයි. ඒත් සිරස සරම උස්සන්නේ දැන් ය. මෙතෙක් කල් එයාලා නිදි ය. අනෙක් කාරණාව බැසිල්ගේ ප්‍රකාශයට අභියෝග කරමින් එය එසේ නොව ඒ කාරණයේදී සත්යය මෙයයි යන්න කීමට සත්්‍යෙය් සටහන බුද්ධියේ විමසුමට ගේන මෙයාලට බැරි විය. ඒ වෙනුවට කළේ දෙන්නම් බැටේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. අපි දන්න උඹ යන මාතෘකාවෙන් මහරාජා ලියපු රචනාවක් රොෂාන් වටවල කියන ගොබ්බ මාධ්ය්වේදියා කියවගෙන යාම යි. බැසිල් රාජ්්‍ය දේපළ අවභාවිතා කරමින් රටේ මිනිස්සුන්ගේ දේපළ තමන් සන්තකයට ගනිමින් කොමිස් ගසමින් ස්වකීය මඩිය තරකර ගැනීමේ ක්‍රියාවලියේ නිරත වූවෙක් බව මහජනතාව තුළ මතයක් තිබුණද ඔහු සුධීමතෙකු නොවුනද වගකිව යුතු මාධ්යක් හැසිරිය යුතු නියාවට වඩා චණ්ඩි කමක් ප්‍රදර්ශනය කිරීම ලැජ්ජා සහගත කටයුත්තකි. ඒ වගේම රටේ මාධ්‍ය කලාවේ වර්තමාන දිශානතිය පිළිබද ඉඟි සපයන්නකි. මේ සිදුවීම් හුදෙක් ජනතාවාදී මාධ්‍ය කලාවක පෙර නිමිති නොවන්නේය. මේ තවත් චණ්ඩින් පිරිසකට සේවය කරන මාධ්‍ය කලාවක පෙරනිමිතිය. මීට පෙර දෙරණ මාධ්‍යයේ සංක අමරජිත් ද නිදහස් දිනය දා කී ගීතයක් ගැන තරුණියකට අපහසා කළේය. නමුත් ඔහු ද තවමත් ඒ නාලිකාවේම සේවය කරයි. මාධ්‍යවේදීන් කියා අපේ රටේ දරුවන්ට දැන් දැකගැනීමට ඇත්තේ මෙවන් අඳ බොළද අඥාන තකතීරු තක්කඩියන්ය. එය රටේ අවාසනාවකි.

සිරස සමූහ ව්‍යාපාරයේ මහරාජාගේ දේශපාලනික භූමිකාව මීට වඩා අප සිහිනුවණින් විමසා බැලිය යුත්තකි. ඔහු මුලින්ම බුද්ධික පතිරණව දේශපාලනයට ගෙනාවේය. ඊට පස්සේ සුසාර දිනාල්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයට දැම්මේය. ඊට පස්සේ ශ්‍රී රංගාව දමිළ දේශපාලන නායකයෙකු කළේය. ඉන් අනතුරුව එස්. එම්. මරික්කාර්ව යූ. එන්. පී යෙන් ජනතා නියෝජිතයෙකු කළේය. පසුව සුසිල් කි‍දෙල්පිටියව ෆොන්සේකාගේ පක්ෂයෙන් පළාත් සභාවට ගෙනාවේය. මහරාජෙගේ උවමනාව කුමක්ද? බූවල්ලෙක් මෙන් සෑම දිශාවකටම අතුපතර විහිදමින් තමන්ගේ ඉත්තන් ඒ ඒ ස්ථානවල ස්ථානගත කිරීමයි. මීට අමතරව ප්‍රධාන පක්ෂ සමග ඒ ඒ කාලවලදී ඇතිකරගන්නා සම්මුතීන් අනුව මාධ්‍ය මෙහෙයවීමට කටයුතු සූදානම් වෙයි. රනිල්ගේ ගල ඒකට
උදාහරණයක් පමණි.
බැසිල් සහ රාජපක්ෂ රෙජීමය අපේ පොදු හතුරෙකි. ඔවුන් රටට කළ භෞතික සහ ආධ්‍යාත්මික විනාශයෙන් ගැලවීමට අපට සෑහෙන කාලයක් ගතවනු ඇත. එහෙත් මාධ්‍යක් හැසිරිය යුත්තේ ජනතාවාදී පුර්වාදර්ශ පෙරදැරිව මිසක් ගමේ සෝමේ අයියා කසිප්පු කාලක් බිව්වම නටන නාඩගමක් සේ නොවේය.
ඉතිං සිරස.. සත්‍යයේ සටහන ඔයාලගේ බුද්ධියේ විමසුමට...

Prasad Weerasekara 

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Recent Posts

Popular Posts

Popular Posts