Open top menu
Wednesday, October 18, 2017

සන්නස්ගල ටියුෂන් නවත්තනවා කියපු පොස්ට් එකට විවිධාකාර ප්‍රතිචාර තිබෙනු දුටුවා. ඉන් වැඩිමනක් තිබුනේ ගුරු තරුව බැස ගියාය / වාවනු කෙලෙස මේ දුක/ මල් දහසක සිරස නැවෙයි / පීතෘ සෙනෙහෙන් සිප් කියා දුන්, ගුරු පාද පියුම් සුවදයි / ඔබට සුබ ගමන්/ ආදරෙයි අහස තරම්// වගේ අදෝනා සහ විලාප පමණයි. ඒ අතර Isuru Arunabha කුමාර
[ගෝලයො නෙමෙයි ශිෂ්‍යයො හදන්න කියා දෙන්නෙ අලුත් දැනුම] යනුවෙන් සන්නස්ගල
කියපු ප්‍රකාශයට අදාලව වැදගත් ප්‍රශ්නයක් අසා තිබුණා. ඒ තමයි වසර 30ක් තිස්සේ උගන්වපු සිංහල භාෂාවට සන්නස්ගල මහතා එකතු කර තිබෙන නව ප්‍රවාද මොනවා ද යන්නයි. ඉතිං ඒකට උත්තරයක් නම් දීලා තිබුණේ නෑ. සිංහල භාෂාවට කළ ශාස්ත්‍රීය සම්ප්‍රදාන කෙසේ වෙතත් විද්වතුන්ගේ ශාස්ත්‍රීය පර්යේෂණවල බුද්ධිමය කරුණු නම් තම කෘතිවලට උරා ගැනීමට සෑහෙන්න දක්ෂතා තිබෙන බව පියසේන කහඳගම සූරීන්ගේ අත්දැකීම් අනුව අපිදු දනිමු.
ඊළගට ගුත්තිල මුසිල ගැන කියා ඇති මරි මෝඩ කතාවට Yohan Nalaka විශිෂ්ට පිළිතුරක් දී තිබෙනු දුටිමි. එනිසා ඒවා ගැන කිසිවක්ම නොකියා පන්ති නතර කිරීම ගැන ඔහු සමාජයට කියන බොරුව හෙළිදරව් කිරීම පමණක් මෙහි සීමාව කර ගන්නවා. සන්නස්ගල කියා තිබුනේ පන්ති නැවත්වීම ඔස්සේ තමා අත්හැරීම පුරුදු කළ බව. ඒ අත්හැරීම ඉගෙන ගත්තේ පන්සලේ හාමුදුරුවන්ගෙන් නොව ඔඩෙල් එකේ ඔටරාගෙන් බවයි. මේ බොරුව අපට විග්‍රහ කරගන්න හරිම පහසුයි එයාගෙම උදාහරණයකින්. සමහරු ඇත්ත හේතුව වහලා වෙන වෙන දේවල් කියනවා. උදාහරණයක් විදිහට ඉස්කෝලේ යන ළමයෙක් ගෙදර ඇවිල්ලා කියනවා අම්මේ ඒ ඉස්කෝලේ හරි නෑ.හොදට උගන්වන්නේ නෑ ගුරුවරු හොද නෑ ඒ නිසා වෙන ඉස්කෝලයක් හොයලා දෙන්න කියලා. ඇත්ත හේතුව තමයි ළමයට ස්කුල් වෑන් එකේ චූ ගිහිල්ලා . ඔහු ඒ ඇත්ත හේතුව නොකියා ගෙදර ඇවිත් වෙන වෙන කතා කියනවා. ඒ වගේ තමයි සන්නස්ගලත් අත්හැරීම ඔටාරාගෙන් පුදුරු වුණා කියන කතාවත්.
ඇත්තටම ඔහුට සිද්ද වුණේ යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති වෙන්න ඡන්දය ඉල්ලන්න ගිහින් සාර්ථකව කරගෙන ආව පන්ති ටික බංකොළොත් වීම. එයා කළේ ගෝලයෝ උගන්වන්න දාලා පොකැට් මීටීන් අමතන්න යාම. ඡන්දය තිබ්බේ අගෝස්තු නිසා මැතිවරණ ප්‍රචාරණ කාලය කියන්නේ උසස් පෙළ සිසුන්ට වැදගත්ම මාස කීපයක්. ඔහු ඡන්ද කරන අතරේ ළමයි වැඩි දෙනා වෙනත් ගුරුවරු ළගට ඇදුනා. කුරුණෑගල වගේ පන්ති නම් පේරාදෙණියේ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් වැනි වෙනත් ගුරුවරුන්ගේ අතික්‍රමණය නිසා කල්තියා වැහුණා. ගම්පහ සහ නුවර පන්තිවල ඉරණමත් ඒකයි. අන්තිමට ඉතුරු වෙලා තිබුනේ නුගේගොඩ පන්තිය විතරයි. ඒකත් ඡන්ද ඉල්ලන්න ගිහිං නැතිවුණා. ඊට පස්සේ ඔබට මතක ඇති පසුගිය අප්‍රේල් 30 දා royal තැප්‍රෝබේනියන් කියලා නමක් දාගෙන ලංකාවේ හොදම ගුරුවරු සෙට් එක කියාගෙන විජේරාමේ පන්ති පටන් ගන්න හැදුවා. (දාපු සද්දය නම් විශ්වවිද්‍යාලයක් විවෘත්ත කරන්න හදනවා වගේ.) ඒක හරි ගියෙත් නෑ. මට යාලුවෙක් කිව්වා මාලබේ පැත්තෙත් පන්ති කරන්න ගිය බව. මොකද එතකොට හෝකන්දර අතුරුගිරිය මාලබේ වගේ පැතිවලින් නුගේගොඩට අනෙක් ගුරුවරුන්ට ඇදෙන ළමයි ටික වළක්වන්න පුළුවන්. ඒක සාර්ථක වෙලත් නෑ ඉස්සර බයිපාස් සැත්කම කරාට පස්සෙත් කිව්වේ මට බය නැතුව තව අවරුදු 20 උගන්වන්න පුළුවන් කියන එක.
එහෙම කෙනා තමයි දැන් කියන්නේ පන්සලේ හාමුදුරුවන්ගෙන් නෙමේ ඔටාරාගෙන් අත්හැරීම ඉගෙන ගත්තු බව.ඇත්තටම ඔහු අතෑරිම ඉගෙන ගත්තේ ඒ දෙන්නගෙන්ම නෙමේ. අර උඩ පැනලා බැරිම තැන මිදිත් තිත්තයි කියලා අතෑරපු නරියගෙන්. ළමයි 1500ක් විතර හිටපු පන්තියක් ළමයි 30කට 40කට වැටුණාම කළිසමක් ඇදගෙන උගන්වන්න බෑ තමයි.
.
රත්තනදෙණියේ මේධානන්ද හිමි




Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

This is the most recent post.
Older Post

1 comment :

  1. Himiyani,

    Very good explanation. Thank you very much for the valuable information & interesting article. This Sannasgala is one of the real idiots who made this country suffers like this. Shame on this rascal, the history will keep this useless idiot at the place due.

    ReplyDelete

Recent Posts

Popular Posts

Popular Posts