Open top menu
Saturday, October 14, 2017

මට උපුල් ශාන්ත සන්නස්ගල හබ්බ වුනෙ තප්පර 30කට. විහාරමහා දේවි එකේ චිත්‍රාල්/චාපා කරපු රොක් කොන්සර්ට් එකේ දි විමල් කැටපේ එක්ක කථා කදයක් ගහගෙන ඉන්නකොට සන්නා එතැන්ට මතු වුනා.
ඒක පුංචි හදුන්වාදීමක් විතරයි.නමුත් මිනිහෙක්ව මැන ගන්න පුළුවන් වචන දෙක තුනක් ඒ හමුවීමේ මම දැක්කා.
අනුන්ගෙ ඕපදුප හොයන එක ජාතියේ ජාන වලින් ආපු දෙයක් නිසා සන්නා ගුරු දිනයේදී වසර 30ක ගුරු දිවියෙන් සමුගන්නා බව ලියපු ෆේස් බුක් සටහනෙ කොමෙන්ට්ස් ටික ඔක්කොම කියෙව්වා.
ජේසූස්ව සුද්ධෝත්තමයෙක් ලෙස ඉහලට එසවීමෙ සිට කුරසයෙ තබා ඇණ ගැසීම දක්වා වු සියල්ල ඒ කොමෙන්ට්ස් වල තිබුනා.මගෙ බ්‍රේක් නැති අතින් සුභ පැතුම් කියලා ලියලා බේක් කර ගත්ත ඔක්කොම කියවලා පස්සෙ දෙන්නම් කියලා හිතාගෙන.
උපුල් ශාන්ත සන්නස්ගල යනු කුමක්ද?
මෙහෙම ප්‍රශ්නයක් අපේ සිංහල පංතියෙ ඇහුවා නම් සන්නා මේ ප්‍රශ්නයේම තියන වැරදි සිංහල පෙන්නලා දෙයි.
නමුත් මගෙ ප්‍රශ්නය හරි..ඔහු කවුද කියලා ඇහුවොත් කෙට් පිළිතුර ටියුෂන් ගුරුවරයෙක්, මනාප ටිකක් ලැබුනා නම් එ.ජා.ප ගරු කටයුතු පාර්ලිමේන්තු මංත්‍රි කෙනෙක් වගෙ එකක් කියන්න පුළුවන්.
නමුත් සන්නා යනු කුමක්ද?
1977 ජේ.ආර් ජයවර්ධන විවෘත ආර්ථක හෙවත් ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම කරනවා.ඊට පස්සෙ ඔහු ජනතාවට යෝජනා කරනවා බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න කියලා.ඒ ජේ.ආර්ම ආයෙත් අහනවා සාහිත්‍යය කන්නද කියලා?
සන්නස්ගල යනු ජේ.ආර් ලබා දුන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ජේ.ආර්ට ඇරපු එකෙක් කිව්වොත් ටිකක් මංඤං වගෙ.
මේක ටිකක් දේශපාලනිකව කියව ගත්තොත් අර ජේ.ආර් ලබා දුන්න මොකක් හරි කරලා සල්ලි හොයා ගනින් කියලා ලබලා දුන්න අවස්ථාව ප්‍රයෝජනයට අරන් , ජේ.ආර් කන්නද කියලා අහපු සාහිත්‍යය විකුණගෙන ලිබරල් ධනවාදය ඇතුලේ සාර්ථක ගේම් එකක් ගහපු කෙනෙක් කිව්වොත් තේරෙයිද මංදා. තවත් සරළ කලොත් ජේ.ආර්ගෙ ක්‍රමය අස්සෙ ඕනම දෙයක්, ඒ කියන්නෙ ජේ.ආර් කන්නද කියලා අහපු සාහිත්‍ය පවා විකුණ ගත්ත එල පොරක්.
මම සන්නගෙන් ඉගන ගෙන නෑ.ඒක ටිකක් වෙනස් විදිහකට කිව්වොත් ඉගන ගන්න අවස්ථාවක් ලැබිලා නෑ.
ඒකට හේතුවක් තිබුනා.අර ජේ.ආර් කිව්ව කථාව අපේ අම්මා මට නිතරම කිව්වා.
සාමන්‍ය පෙලට සිංහල භාෂාවට විශිෂ්ඨ සමාර්ථයක් ගන්න මට උසස් පෙළට කලා විෂයන් කරන්න මගෙ මව ඉඩ දෙන්නෙ නෑ.
පේරාදෙණිය විශ්ව විද්‍යලයෙ රාමනාදන් ශාලාව අක්බාර් ශාලාව පෙන්න පෙන්න, හන්තානෙ සුන්දරත්වය කියව කියව සරත්චන්ද්‍රගෙ වලෙ නාට්‍යය ගැන අපිට කිය කිය , 71 අරගලයෙ මතක අවදි කරමින් පේරාදෙණිය කැම්පස් එක වටේ පොඩි කාලේ මාව අරන් යන අම්මා, හැම වෙලේම කිව්වෙ කලාව කලොත් අනාථයි,මම රක්ෂාවක් නැතුව අවුරුදු 7ක් ගෙදර හිටියා කියලා.
එහෙම බය කරපු මම උසස් පෙළට විද්‍ය විෂයන් තෝර ගන්නවා, බල කරනවා කිව්වොත් වඩා හොදයි.
ඒ නිසා අපේ සිංහල පංතිය මග ඇරෙනවා.ලියන සිංහල භාගයක් වැරදි වෙන්නෙ ඒක ප්‍රගුණ නොකළ නිසා කියන එක තමා ඇත්ත.
නමුත් මම පිනට සන්නගෙන් ඉගන ගන්නවා. එකක් සිද්ධ වෙන අවාසිය නොතකා කියන්න ඕන දේ සුද්ධ සිංහලෙන් මූණටම කියලා දාන එක.
අනිත් එක වයසට යනකොට වැඩියෙන් තරුණයො එක්ක වැඩ කරපං කියන එක.
අර අපි මුලින් කිව්ව ලිබරල් ධනවාදය ඇතුලෙ ගේම ගහන සන්නා, උගන්වලා සල්ලි හොයනවාට වඩා වෙනස් දෙයක් කරනවා.
අපි පංතිවල ඉන්නකොට කෙල්ලෙක්ට චිට් එකක් යවලා අහුවුනොත් දණ ගස්සලා හරි කනට ගහලා හරි අවලාද කරනවා වෙනුවට සන්නා තරුණ තරුණියන්ගෙ ආදරයට ඉඩක් හදනවා.හැබැයි මූ මේකෙනුත් හබ්බ කරනවා.
ඒ තමයි ජේ.ආර් ගෙ අවවාදය.කුඩු පොවලා දරුවො විනාශ කරනවාට වඩා උන්ගෙ හැගිම් එළි පිට කථා කරන එක පට්ට.
සන්නා ආදරණීය වස්සානය විකුණන්නෙ දම්මිවයි සුගත්වයි සේල්ස් රෙප්ලා කරලා.
ඒ වෙලාවෙ පොඩ්ඩක් මල පැන්නට ආයේ දේශපාලනිකව කියව ගන්න කොට ලිබරල් පොරවල් එහෙම තමා කියන එක අපිට වැටහෙනවා.
සන්නා අම්මා එළියට දානකොට ලාල් කාන්ත ගෙන්වනවා, නිර්වාණ විකුණන්නෙ චින්තන එක්ක.
දැන් තේරෙනවා නේද සන්නා යනු කුමක්ද කියලා.සන්නා යනු මේ පවතින ධනේශ්වර රටාව හදලා තියන ඉඩකඩ ඇතුලෙ බඩ පිණුම් ගහපු හාදයෙක්.
වෙන විදිහකට කියනවා නම් පසුගිය මැතිවරණයෙ කොලඹ පිරෙන්න පෝස්ටර ගහන්න ප්‍රාග්ධනයක් තුබුන එක සැරෙ පොල් ගෙඩ් විස්සක් කාර් එකේ ඉදන් ගන්න පුළුවන් ප්‍රාග්ධන හිමිකාරයා,ධනවතා.
සන්නා කුරුසයෙ ඇණ ගැසු සියල්ලම කියවා ගත යුතු එකම දේ තමයි, සන්නා යනු මේ ලිබරල් ධනවාදයෙ තවත් එක් නිෂ්පාධනයක් සහ ඔහු බල්ලො නොමරා ජේ.ආර් කන්නදැයි ඇසු මෙලො රහක් නැති සාහිත්‍යත් විකුණන්න තරම් දක්ෂයෙක් කියන එක.අපි ඒ දේශපාලනය නොකියවාගෙන ඔහුට බිම දාගෙන ගහන එක හරිද?
ඔහු සැගවී වී සිටි කුමාර් ගුණරත්නම් සත්‍යගාරයට කැදවනවා.මාධ්‍ය විසින් මවලා තිබුන කුමාර් කියන රකුසා ලවා ගීත ගායනා කරවලා සමාජය ඉස්සරහා ඔහුගෙ පපුව එළියට ගන්න සන්නා සමත් වෙනවා.ඒ තමා එ.ජා.පක්ෂයෙ රත්මලාන ආසනයෙ මංත්‍රිධූර අපේක්ෂක සන්නා.
දැන් අපි ඒ දේශපාලනය කොහොමද කියව ගන්න ඕනෙ..ඔව් ආයෙත් මාර්කටින් තමා, නමුත් කුමාර් කියලා කෙනෙක් දන්නෙත් නෑ කියන අයටත් ඔහු යමක් උගන්වනවා.
ලංකාවෙ මිනිස්සු දේශපාලන මතවාද වෙනස්කම් තියාගෙන ඒවා අභිබවා හැසිරෙන්නෙ කොහොමද කියන එක.
සන්නාගෙ ෆේස් බුක් සටහන අවසාන කරන්නෙ ඔහු ලංකාවේ ගුරු ගීතය ලියනවා කියලා.
මම යෝජනා කරනවා ලිබරල් ධනවාදයෙ පට්ට මුදලාලි කෙනෙක් වුන සන්නට ලංකාවේ ගුරු ගීතය ලියන්න බැ.ඒක සදාචාරත්මක නෑ.
දුයිෂෙන් කියන්නෙ පරමාදර්ශයක්, පාඩමක්,.අත්දැකීමක්.
මුදලට සියල්ල යට නොවුන ක්‍රමයක් තුල අධ්‍යපනය ලබා ගැනීමේ අයිතිය වෙනුවෙන් අරගල කරපු දුයිෂෙන්ගෙ කථාව ලියන්න , අධ්‍යපනයට මිලක් නියම කල සන්නට අයිතියක් නෑ.
මම අර මුලින් ලිව්වා කියන්න කියන දේ අමුවෙන් කියන එකට මම ටියුෂන් ගත්තෙ සන්නාගෙන්.
මේ ධනේශ්වරය ඇතුලෙ සන්නා ගහපු ගෙම් එක ගහපු එකම කෙනා සන්නා නොවෙයි.නමුත් අන් සියල්ල අභිබවා සන්නා ඒක ගැහුවේ ගුරුවරයෙක් ලෙස මිසක් කුඩු මුදලාලි කෙනෙක් ලෙස නොවෙයි.ඒකට වෙනම පුළුල්,පොදු දේශපාලන විවේචනයක් වෙනම කරමු.
නමුත් වමේ කථාවක් කියන දුයිෂෙන්ගෙ පොපලර් ගස් වසන්තය එනතුරු තියෙන්න අරින්න.වසන්තය එනවා, සත්තයි.
කණිෂ්ක ජයලත් 


Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Recent Posts

Popular Posts

Popular Posts