රංගජීවට කෙළැවී ඇත්තේ ඇයි....?
පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අපේ බාප්පාගේ පුතා හෝ නැන්දාගේ මහත්තයාගේ මල්ලී නොවේ එහෙත් ඔහු වෙනුවෙන් යමක් අප ලිවිය යුතුමය. මේ මොහොතේදී රංගජීව ඉන්නේ හිර අඩස්සියේය. දෙදහස් දොළහේදී වැලිකඩ හිර ගෙදර තුළ හටගත් කැරැල්ලකදී රැඳවියන් පිරිසකගේ නම් ලැයිස්තුවක් කැඳවා ඔවුන් ඝාතනය කරනු පිණිස නම් අඬගසන ලද්දේය යන්න ඔහුට එරෙහි චෝදනාවය. ඔහු හිරගත වන මේ මොහොතේදී කුඩුකාරයන් අල්ලන්නට යැමේදී ඔවුන් විසින් තබන ලද වෙඩි නිසා ශරීරයට ඇතුළු වූ උණ්ඩ කැබලි දෙකක් ඔහුගේ පෙණහලු තුළ ඇත. ඒ උණ්ඩ කැබලි කවදාවත් ඉවත් කළ නොහැක.
රංගජීව සිය පෙණහලු තුළ උණ්ඩ කැබලි තබාගෙන ඉන්නේ ඇඟේ කැසිල්ලට නොවේ. ඒවා රජයේ සේවය නිසා ඔහුට ලැබුණු බඩුය. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ ඔහු පුද්ගලිකවම දේශපාලන පළිගැනීමකට ලක්ව සිටින බව පෙනේ. එයට හේතුව ඔහු පොහොට්ටුවට භක්තිය දෙන්නේය යනුවෙන් දැනට පැතිර තිබෙන කටකතාව විය යුතුය. හැබැයි පුරුද්දක් වශයෙන් ඔහු හැමදාමත් මෙවැනි පරිප්පු අනුභව කළේය. වසර 2008 දී ඔහු මුහුණ දුන් පළමුවන ඇබැද්දිය මෙසේයá දිනක් ඔහු කුඩු ප්‍රවාහනය කළ කොටියෙක් අත්අඩංගුවට ගත්තේය. මේකා ආණ්ඩුවේ ලොකු අතුවල එල්ලී මල්වාරම් ගායනා කළ කොටියෙකි. ඉන් කුපිත වූ ආණ්ඩුවේ ලොක්කෝ රංගජීව මෝදර පොලිසියට මාරු කළහ. එතැන් පටන් හැමදාම තොටලඟින් බස් එකෙන් බහින රංගජීවට මෝදර පොලිසියට පයින් යැමට සිදුව තිබිණ. ඔහුගේ ගමන් මග වැටී තිබුණේ ශ්‍රී ලංකාවේ බලගතුම දේශපාලනඥයන් ආශ්‍රය කළ කුඩු රජා වූ කිඹුලා ඇළේ ගුණාගේ නිවස ඉදිරිපිටින්ය. ඒ නයින්, ආණ්ඩුව කිඹුලා ඇළේ ගුණාගෙන් වෙඩි කා මැරෙන අවදානමකට රංගජීව අත්හැර දමා තිබිණ. එහෙත් රංගජීව නොබියව ගුණාගේ ගේ ඉදිරිපසින් පයින් ගියා පමණක් නොව ගුණා පසුපස පන්නන්නටද විය. අන්තිමේදී ගුණා ලංකාවෙන් පැන ඉන්දියාවට ගොස් සැඟව ගත්තේය. රංගජීව මාරු කිරීම නිසා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් හේතුවෙන් පොලිස්පති වික්ටර් පෙරේරාට කල් ඇතිවම විශ්‍රාම යැමට සිදුවිය. රංගජීව ආපසු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට ගියේය. ඉන්පසු දින 6 ක් මහ මුහුදේ යාත්‍රා කළ ඔහු කුඩු ප්‍රවාහනය කළ නැවක් අල්ලා ගත්තේය. රංගජීව නොසිටින්නට වෙලේ සුදා ඇත්තේ හිරේ නොව එළියේ බව කවුරුත් මතක තබාගත යුතුය.
රංගජීවට හිරේට යාමට සිදුව ඇත්තේ ද කුඩුකාරයන් හයදෙනකු ඔහුට විරුද්ධව කී සාක්ෂියක් හේතුවෙනි. හිරගෙදර කැරැල්ල වූ දින රංගජීව වැලිකඩට පැමිණි බව ඔවුහු කියති. එහෙත් එදා ඔහු සිටියේ කොළඹ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේය. ඔහු වැලිකඩ සංහාරයට පැමිණි බවට සාක්ෂි නැති බැවින් ඔහු ඇතුළට දැමීමට බැරි බව පොලිසිය කියද්දීත් නීතිපති දෙපාර්තමේන්තුව කියා ඇත්තේ ඔහු ඇතුළට යෑවිය යුතු බවය. කිසිදු ආණ්ඩුවක් මෙවැනි කාලකණ්ණි නීච වැඩ නොකළ යුතුය. විශේෂයෙන්ම බක් මහ අකුණු සැරටම වදින මෙකල මෙවැනි නීච වැඩවලින් ඉවත්ව සිටීම වැදගත්ය. එය නොතකා මෙවැනි කසඩ වැඩවලට සම්බන්ධ වන අය මේ අකුණු සමයේදී මහ පාරේ ගමන් කරන විට අකුණු සන්නායක අත තබා ගත යුතු බවට අපි නිර්දේශ කරමු. රංගජීව මේ මොහොතේදීත් කුඩු නඩු 200 ක සාක්ෂි දෙන නිලධාරියෙකි. ඔහු නිසා කුඩු මුදලාලිලා 48 ක් හිරේ ළගිති. ඔහුට කෙළැවී ඇත්තේ ඔහුගේ කැපවීම නිසාය.
divaina -

No comments