Open top menu
Friday, June 28, 2019
දෙරණේ හිගන සම්මාන පූජාවේ කතාවක් - දුලීකා මාරපන කියයි

කලාකරුවාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම.
---------------------------------------------------
මම කවුරුත් දැයි මුලින්ම හදුන්වා දීමට කැමැත්තෙමි .
මම නමින් දුලීකා මාරපන වෙමි.
උපතේදී මට වඩා දීර්ඝ නමක් හිමි විය. . නමුත් සියලු දෙනා මා හදුනන්නේ ඉහත දුලීකා මාරපන නමිනි.
මම රන්ගන ශිල්පීණීයක් ලෙස, අද වනවිට 21 වසරක් කටයුතු කර ඇත්තෙමි. 1998 කැළණි සරසවියෙන් ආරම්භ කල රන්ගන දිවිය තවමත් දිරියෙන් ඉදිරියට ගමන් කරමි.

ඔබ මා වැඩියෙන්ම හදුනාගන්නේ මලී හා අත්තම්මා ටෙලි නිර්මාණ හරහාය.
ඒ දෙරණ නාලිකාවේ ප්‍රචාරය වූ ඒවාය . මා කියන්නට යන කතාවටද දෙරණ සම්බන්ධයෙන් ය.
අද දෙරණ සිනමා සම්මාන උලෙළ තිබිණ.
වසර කිහිපයක් දෙරණ සම්මාණ උලෙළට ඇරයුම් ලැබුවත් මා සහභාගි නොවූයේද තරමක් අමිහිරි අත්දැකීම් ලැබු හෙයිනි .නමුදු ඉදහිට හෝ සහභාගි වූයේ අපේ සගයන් හමුවන නිසාමය.
( අමිහිරි යන්නෙහි තේරුම සම්මාන සම්බන්ධයෙන් නොවන බව කිව යුතුමය. )
සම්මාන උළෙලට ආරාධනා පත් ලබන්නේ VIP හෝ VVIP ය. සහභාගි වූ විට වාඩි වීමට අසුන් නැතිය.
අදද එසේ විය. VIP ආරාධනා පත්‍ර වලට අමතර නොමිනී ( Nominated ) පත්‍රයක් ද ලැබී තිබිණි . එනිසා අපි සහභාගි වූයේ අප සිනමා පටයේ නිෂ්පාදිකාවද එක්කර ගෙනය. එය ඇය ප්‍රථම වරට සහභාගී වූ ලාංකීය සිනමා සම්මාන උලෙළ විය.
හිතවතුන් බොහෝ විය. හැමට කතාකරමින් ගියෙමි . සoවිධායක වරුන් විසින් අපිව කැදවාගෙන ගොස් ආසන පෙන්වීය . අප අසුන් ගත්තෙමු. සෙනග බොහෝවිය. බහුතරයක් නාදුනති.
උලෙළ ආරම්භ විය. අතරමගදී දෙරණ නාලිකාවේ රධිකා හෝ රාජිකා නම් කාන්තාව පැමින අපට අසුනින් ඉවත් වන ලෙස කීවාය. එය විමසන විට එම ආසන ජූරියට වෙන්කර ඇතිබව කීවාය.ඔවුන් එය වෙන් කර නොතිබුනි. එසේනම් අපට වෙන්කල ආසන ලබදෙන ලෙස කියූවද එම අසුන්ද පිරී ඇතිබව කීය. ????
නමුත් මාත් මගේ ස්වාමියාත් එම අසූනින් නැගිට ඔවුන් සපයා දුන් වෙන් වෙන්ව ස්තාන දෙකක අසුන් ගතිමි.
රාධිකා හෝ රජික ඇසුවේ අප දෙදෙනා එක ලග වාඩිවෙන්න උවමනා නෑනෙ යනුවෙන් අසමිනි.
තව සම්මාන වාර දෙකක් ගිය තැන් නැවත ඔවුන් පැමින මාගේ ස්වාමියා නැගිටවූයේ එම ආසනයද ඔවුන්ට ඇවැසි බව පවස්මිනි. ඔහු නැගිට ප්‍රධාන දොරටුවෙන් යන්නම ගියේය.

ඇසීමට ඇත්තේ එක්දෙයකි.
ආරාධනා කොට අපව ගෙන්වා සමස්ථ සමාජයක් හා මාධ්‍ය ඉදිරියේ කලාකරුවන් වන අපව අපහසුවට පත් කිරීමට දෙරණ සoවිධායක මණ්ඩලයට ඇති නෛතික අයිතිවාසිකම කුමක්ද????
ඇතැමුන් මාගෙන් ඇසුවේ මොකද්ද ප්‍රශ්නය ?
Invitation නැද්ද ????
ඇයි නැගිට්ටෙවුවේ ????
මා මෙතෙක් ගොඩනගාගත් වෘත්තීය ජීවිතයට හා ගෞරවයට ඇතිවූ හානිය හිමිකම් කඩවීමක් නොවන්නේද????

මෙවැනි උලෙළක , යම් තැනැත්තෙකුට අසුනක් පනවා ඔහු හෝ ඇය ඉන් ඉවත්කොට වෙන අයෙකුට එම අසුන ලබාදීම , ( පූජ්‍ය පක්ෂය නම් කම් නැත) කෙතරම් පහත් ක්‍රියාවක්ද?
මෙම තත්වය දෙරණ සම්මාන උලෙළ තුල මීට ඉහතදීද සිදුවිය .
මට ලැජ්ජාවක් ඇතිවිය. ජීවිතයේ ප්‍රථම වතාවට මට ලැජ්ජාවක් ඇතිවිය. ඒ මන්ද යත් සෑම විටම සමානාත්මතාවයට ගරුකරන , අනෙකාට අපහසුවක් ඇතිනොවන ලෙස ජීවත්වන්නට උත්සාහ කරන මම , බොහෝ ගෞරවයෙන් සහභාගි වු දෙරණ සිනමා උලෙළ තුල මට කල අගෞරවයයි.
රධිකා , ඔබ පාවිච්චි කලා මගේ නම ..... එය ඔබකල දෙවන වරද . දුලිකා මරපන නැගිටලා ගියානම් ඇයි ඔයාට යන්න බැරි යනුවෙන් පවසා, බොහෝ ගෞරවනීය කන්තාවක් එම ආසනයෙන් නැගිටවා ඇයද වෙනත් අසුන කට යවා තිබුනා .
ඔබලා විනාශ කරන්නේ සමස්ථ කලකරුවාගේම ගෞරවයයි.
ඔබලාගේ සැබෑ ස්වරූපය හදුනාගන්නට සැලැස්වූවාට බොහෝ පින්......

දෙරණ ප්‍රධානියාගේ කීර්තිනාමයට පවා ඔබ ඉතා හානිකර බව සoවිධායක කණ්ඩායම තේරුම් ගන්නේ නම් මැනවි.මන්ද ඔබලාගේ ක්‍රියාවලිය තුලින් ප්‍රතික්ෂේප වන්නේද අගෞරවයට පාත්‍ර වන්නේද දෙරණ නාමයයි.
ආයතනක් ඇතිවන්නේත් නැතිවන්නේත් ඔබ වැනි මිනිසුන්ගේ ක්‍රියාවන් නිසය.

දුලීකා මාරපනගේ ෆේස්බුක් සටහනකි
2019/06/28

 https://www.youtube.com/watch?v=NK_OseLCmgo
Read more
Tuesday, June 4, 2019
ආගමික අන්තවාදය මිනිස් නිදහස සීමා කළා |රටින් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකා ෂර්මිලා සෙයියිද්

රාවය පුවත්පත - 
අජිත් නිශාන්ත
ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛිකාවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ලේඛනයේ හෝ නිර්මාණකරණයේ යෙදෙන මුස්ලිම් කාන්තාවන් හිග වීමය. එහෙත්, ද්‍රවිඩ සහ ඉංගී‍්‍රසි බසින් මෙන්ම සිංහලෙන් ලියන මුස්ලිම් ලේඛිකාවන් ද අතළොස්සක් පමණ පිරිසක් හෝ අප අතර සිටීම සතුටට කරුණකි. ඒ කෙසේවූවද, ලංකාවේ එවැනි එක් මුස්ලිම් ලේඛිකාවක් මේ වන විට බරපතළ අර්බුදයකට මැදිව සිටින්නීය. ෂර්මිලා සෙයියිද් නම් වන ඇයට පසුගිය වසර කිහිපයක් තිස්සේ මෙරට මුස්ලිම් මූලධර්මවාදීන්ගෙන් දිගින් දිගටම එල්ල වෙමින් පැවැති තර්ජන ගර්ජන සහ තාඩන පීඩන නිසාම ඇයට ලංකාව අත හැර යන්නට පවා සිදුවී තිබේ.

ද්‍රවිඩ බසින් නිර්මාණකරණයේ යෙදෙන ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකාවක, කිවිදියක සහ සමාජ කි‍්‍රයාකාරිණියක වන ෂර්මිලා මේ වන විට සැගවී ජීවත් වන්නියක බවට පත්ව සිටියි. එරාවුර් හි ප‍්‍රජා කටයුතු පිළිබද සංවිධානයක් වන සමාජ සංවර්ධන සංවිධානයේ නිර්මාතෘවරිය වන ඇය 30 හැවිරිදි, එක් දරු මවකි. සිවිල් යුද්ධය නිමා වීමෙන් පසු ගෙවී ගිය වසර තුනක කාලය පුරා ඇය නැගෙනහිර පළාතේ සුළු ජාතික කාන්තාවන් සමග සමීපව කටයුතු කළාය.

ඇය විසින් රචනා කරන ලදුව, 2012 වසරේදී පළ වූිසිරගු මුලයිත්ත පෙන්’ සහ 2015 වසරේදී පළ වූිඌව්ව’ යන කාව්‍ය සංග‍්‍රහයන් දෙකට මෙන්මිඋම්මත්’ නමින් 2014 වසරේදී පළ වූ ඇගේ ප‍්‍රථම නවකතාවට ද තමිල්නාඩුවේ ප‍්‍රගතිශීලී ලේඛක සහ කලා සංගමයෙන් සම්මාන පිරිනැමිණි.

‘පියාපත් වැඩුණු ගැහැනු’ යන අදහස සහිත ඇගේිසිරගු මුලයිත්ත පෙන්’ කාව්‍ය සංග‍්‍රහය පළ වීමෙන් පසුව, 2012 නොවැම්බර් 18 වැනිදා බී.බී.සී. ද්‍රවිඩ (BBC
Tamil) සේවය සමග ඇය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකින් පසුව ඇගේ ජීවිතය කණපිට පෙරැළිණි. කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබදව එම සම්මුඛ සාකච්ඡාවේදී අසන ලද ප‍්‍රශ්නයකට අවංකව පිළිතුරු දෙමින්, ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ඔවුන්ට කිසියම් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි ඇය කියා සිටියාය. ඇගේ එම ප‍්‍රකාශය මගින්, ඉස්ලාම් ආගමට අනුවිහරාම්’ හෙවත් තහනම් වෘත්තියක් ලෙස සැලකෙන ගණිකා වෘත්තිය පිළිගන්නා බවක් කියැවෙන්නේ යැයි කියමින් මූලධර්මවාදී කණ්ඩායම් හඩ නගන්නට වූහ. මේ සම්බන්ධයෙන් සමාව ගැනීමට සේයිද් එකග වූ නමුදු, මූලධර්මවාදී කණ්ඩායම් තරයේ කියා සිටියේ එම ප‍්‍රකාශය ඇය විසින් ඉල්ලා අස්කරගත යුතු බවය. එහෙත් ඇය එයට එකග වූයේ නැත.

ඇගේ එම ස්ථාවරය නිසා බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත විය. ඇයත්, ඇගේ සොයුරියත් එක්ව පවත්වාගෙන ගිය ඉංගී‍්‍රසි අධ්‍යාපන ආයතනයකට පහර දී අලාභ හානි සිදු කළ මූලධර්මවාදී කණ්ඩායම් විසින් දිගින් දිගටම එල්ල කරන ලද බලපෑම් හේතු කොටගෙන ඇයටත්, ඇගේ පවුලේ සියලූ දෙනාටත් රටෙන් පිටවීමට සිදුවිය.
පසුගිය මාර්තු මාසයේදී පර්දාව නොමැතිව ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ (Facebook) පළ වූ අතර, ඒවා ඉවත් කරගන්නැයි මූලධර්මවාදීන් විසින් ඇයට කරන ලද බලපෑම් ද ඇය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසුව, මූලධර්මවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් ඇගේ මරණය පිළිබද ප‍්‍රවෘත්තියක් ද සමග දූෂණය කර මරා දමන ලද’ ඇගේ සිරුර සේ පෙනෙන පරිගණක පොටෝෂොප් තාක්ෂණ යෙන් නිර්මාණය කළ පින්තූර ද ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි.
මේ සියල්ල මෙසේ සිදු වන අතර, ශී‍්‍ර ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් ඇයට සහාය පළ කිරීමට මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් පිරිස් සහ ලේඛක ලේඛිකාවන් පිරිසක් ද ඉදිරිපත්ව සිටිති.

The News Minute නමැති පුවත් සේවාව සමග පැවැති සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී රටින් පිටුවහල්වීම, සිය බී.බී.සී සම්මුඛ සාකච්ඡාව සහ ප‍්‍රකාශන නිදහස ඇතුළු කරුණු පිළිබදව ඇය දැක්වූ අදහස් පෙළගැස්මකි මේ.

ඔබ උපන් රට හැර ගිහින් තිබෙනවා. නමුත් එයින් මේ ප‍්‍රශ්නයට කිසියම් හෝ විසදුමක් ලැබී තිබෙනවාද?

පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් ආකාරයක සැනසිලි සහගත හැගීමක් නම් අපට දැනෙනවා. මට එරෙහිව දියත් කර තිබුණු ක්‍රෝධ සහගත පළිගැනීම් මාලාව විවිධ පැතිවලට පැතිරිලා යනවා කියලා හිතෙනකොට මට දැනුණු හැගීම වුණේ මම මගේ මුළු පවුලම ලොකු අර්බුදයකට දානවා කියන එකයි. ඒ වෙනකොට සාමාන්‍ය මුස්ලිම් ප‍්‍රජාව පවා මා වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. මම කියපු දේ වැරදි විදිහට වටහාගත්තු හුග දෙනෙක් කිව්වෙ මම ගණිකා වෘත්තිය හොද දෙයක් කියලා පිළිගන්නවයි කියලයි. හැබැයි මේ වෙනකොට ලෝකෙ පුරාම ජනතාව මගේ අවංක අදහස්වලට ගරු කරමින්, මගේ හඩ හරහා මතු වුණු කාන්තා ගැටලූ තේරුම් අරගෙන සිටීම ගැන මට සතුටුයි. ජීවිතය පිළිබද ඇති වුණු බිය නිසා රටෙන් පිටවෙන්න සිද්ධ වුණත්, ඒක වෙස් වළාගත්තු ආශීර් වාදයක් බවට පත් වෙලා තියෙනවා.

පර්දාව නැතිව ඔබ පෙනී සිටි ඡායාරූප මුහුණු පොතේ පළ කිරීම සම්බන්ධයෙන් ඔබට චෝදනා එල්ල වී තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව අනවශ්‍ය තරමට දැඩියි හෝ සාම්ප‍්‍රදායිකයි කියා ඔබ සිතනවාද?

මම දන්න විදිහට නම්, අල්-කුරානයේ සුරා අන්නූරයේ 31 වැනි ගාථා පාඨය අනුව, බර්කාවක් අදින්න කියලා නියමයක් ඉස්ලාම් ආගමේ නැහැ. අවාසනාවකට වගේ පීතෘ මූලික සමාජයක ඉස්ලාම් ආගම කි‍්‍රයාත්මක වෙනකොට, සමහර පුද්ගලයො හෝ ඇතැම් කණ්ඩායම් කිහිපයක් මේක අර්බුදයක් හැටියට නිර්මාණය කරනවා. මුළු ලෝකෙ පුරාම විහිදිලා ඉන්න මුළු මහත් මුස්ලිම් ජනතාවම එකම අනන්‍යතාවක් යටතට ගේන්න ඉස්ලාමීය කණ්ඩායම් කිහිපයක් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුවයි මුළු ඇගම වැහෙන්න ඇදුමක් අදින්නයි, මුහුණු වැස්මක් පළදින්නයි බල කරන්නෙ. ශී‍්‍ර ලංකාවේ අරාබි පාසල්වල පවා මේක කි‍්‍රයාත්මක කෙරෙනවා. ඉස්ලාම් ආගම කිසියම් ඇදුමක් හෝ කිසිම ආකාරයක අනන්‍යතාවක් මත පදනම් වෙච්ච ආගමක් නෙවෙයි. ඉස්ලාම් ආගමට පදනම් වෙන්නේ ඉමාන් කියන සංකල්පයයි. ඒකෙන් කියැවෙන්නෙ කිසිම කෙනෙක් විසින් තවත් කෙනෙකුට කිසිම දෙයක් සම්බන්ධයෙන් බලපෑම් කරන්න බැහැයි කියන එකයි.

වසර තුනක් තිස්සේ ඇදී යන මේ ප‍්‍රශ්නය ඇති වුණේ බී.බී.සී සේවයේ සම්මුඛ සාකච්ඡාව සහ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් ඔබ දැක්වූ අදහස් නිසාම පමණක්ද?

මම නම් එහෙම හිතන්නෙ නැහැ. ඒකත් එක හේතුවක් තමයි. කාන්තාවන්ට ස්වාධීනව කටයුතු කරන්න පීතෘමූලික සමාජයක් ඉඩ දෙන්නේ නැහැ. මගේ අදහස්වලින් කාන්තාවන්ගේ නිදහස ගැන සංඥා නිකුත් කෙරුණු නිසා තමයි ඒ අදහස් සමාජයේ උදහසට ලක් වුණේ. ඒකෙන් මාව දෝෂ දර්ශනයට ලක් වුණා. ඔවුන් මං ගැන විමසිල්ලෙන් බලන්න පටන්ගත්තා. මගේ ස්වාධීනත්වය, මගේ නිදහස, මම කතා කරන දේවල්, මම ලියන දේවල්, මම අදින ඇදුම සහ මම ජීවත් වෙන විදිහ කියන මේ හැමදෙයක්ම ඔවුන්ගේ කැමැත්තට අනුව සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඉතින් ඔවුන්ට ඕන වුණා මාව නැති කරලා දාන්න…

ගණිකා වෘත්තිය පිළිබදව ඔබේ අදහස කුමක්ද? එය නීතිගත කිරීමෙන් යහපතක් වෙයි කියා ඔබ සිතන්නේ ඇයි?

යුද්ධයේ බලපෑමට හසුවූ ප‍්‍රදේශවල කාන්තාවන්ගේ ජීවිත හා බැදුණු සැබෑ යථාර්ථයන් සම්බන්ධයෙන් සිදු කළ මගේ පර්යේෂණ අනුවයි මම අදහස් පළ කළේ. උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන රාශියකට මම ගියා. පවතින තත්ත්වයන් යටතේ ගණිකා වෘත්තියට බලෙන් තල්ලූ කරනු ලබන කාන්තාවන් වගේම බාල වයස්කාර ළමයින් පවා මට හමු වුණා. ලිංගික සේවය නීතිගත කිරීම මගින් බලහත්කාරයෙන් ලිංගික වහල් සේවයට පිරිස් යෙදවීම නවත්වන අතරම, අමානුෂික කි‍්‍රයා කලාපයන්ට එරෙහිව කටයුතු කිරීම සදහා පියවර ගැනීම සදහා කාන්තාවන්ට සහාය ලබා දිය හැකියි. කාන්තාවන් සම්බන්ධයෙන් සිදු වන අපරාධ සහ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඒ මගින් අඩු කරගන්න පුළුවන් වෙයි. පවතින තත්ත්වයන් නිසාම කාන්තාවන් ගණිකා වෘත්තියට ඇදී යෑමත් ඒ මගින් වළක්වාගන්න පුළුවන් වෙයි. ගණිකා වෘත්තිය නීතිගත කරපු රටවල් දිහා බැලූවාම පේනවා ඒකෙන් කාන්තාවන්ගේ සුභසිද්ධිය, අපරාධ අනුපාතය පහළ යෑම සහ එයින් සමාජයට ඇති වී තිබෙන බලපෑම මොන වගේද කියලා. අන්න ඒ නිසායි මම කිව්වෙ පූර්ණ වශයෙන් පරිණත ධනවාදී රටක් වන ශී‍්‍ර ලංකාවටත් ඔය කාරණය සම්බන්ධයෙන් ගැටලූවක් තිබිය යුතු නැහැයි කියලා.

‘උම්මත්’ නමැති ඔබේ නවකතාවෙන් කියැවෙන්නේ ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ප‍්‍රජාව තලෙයිබාන්කරණය වීම ගැනයි. අද ඒ සම්බන්ධයෙන් පවතින තත්ත්වය ගැන යමක් අපට කියන්න පුළුවන්ද?

‘උම්මත්’ නවකතාවෙන් කිසිසේත්ම තලෙයිබානු කරණයක් ගැන කියැවෙන්නේ නැහැ. ඒක පොත ලියපු කතුවරියට අපහාස කිරීමේ අරමුණ ඇතිව, නවකතාව විකෘති කරලා අදහස් පළ කරන අය පතුරන දුර්මතයක්. ඇත්තටමිඋම්මත්’ නවකතාවෙන් කියැවෙන්නේ ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධය අත්විදිමින් ජීවත් වූ, වාර්ගික සහ ආගමික වශයෙන් සුළුතරයට අයත් කාන්තාවන්ගේ ඛේදවාචකය ගැනයි. මේ නවකතාව සදහා මම තලෙයිබානුකරණය කියන වචනය යොදාගත්තේ පහසුවෙන් තේරුම්ගත හැකි උදාහරණයක් විදිහටයි. ඇතැම් ආගමික අන්තවාදී සංවිධාන ආගමික නිදහස සීමා කිරීමට පසුබිම සැකසෙන ආකාරයේ මතවාද පතුරුවමින් සිටිනවා. ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් ඔවුන් පළ කරන මතවාද සමස්ත මුස්ලිම් ප‍්‍රජාව විසින්ම අනුගමනය කළ යුතු යැයි විශ්වාස කරන මුස්ලිම් කල්ලි ප‍්‍රමාණයත්් ක‍්‍රමයෙන් වැඩි වෙමින් සිටිනවා. ඒ මතවාදවලට පටහැනි අදහස් දරණ අයව හෙළා දකින යම් ක‍්‍රමවේදයකුත් කි‍්‍රයාත්මක වෙනවා. ඒක තරමක් දුරට තලෙයිබාන්වරු කරන දේටත් සමානයි.

අජිත් නිශාන්ත
ajith_vithana@yahoo.com


 https://www.youtube.com/watch?v=EQHnywKiz0M&t=2s
Read more
Sunday, June 2, 2019
කොළඹ නගර සභා ඉතිහාස රස

: රාවය -
රේඛා නිලුක්ෂි හේරත්
අපි කොටුව කඩවීදි දිගේ ඇවිද යමින් සිටියෙමු. කඩවීදි අතර අතරින් පතර පැරණි ගොඩනැඟිලි දකින්නට ඇත. පැරණි කොටුවට අයත් අංග දිරාපත් වෙමින් කොළඹ කට්ට අව්වේ වේලෙමින් සිටින්නේ ‘අපේ වටිනාකම දකින්නට කවුරුවත් නැද්දෝ’ යැයි අසමින් මෙන්ය. ඒ සියල්ල පසුකරමින් කෙළින් වීදියට ඇතුළු වූ අපි කෙළින් වීදිය දිගේ ගමන් කළෙමු. කයිමන් දොරකඩත් පසු කළෙමු. කයිමන් දොරටුව හෙවත් කිඹුල් දොරටුව ගැන පසුව ලියන්නට ඉටාගෙන අපි පැරණි ගොඩනැඟිල්ලක් අසළ නතර වුණෙමු. කෙළින් වීදිය දිගේ එන අපට මුණගැසෙන්නේ පැරණි නගර ශාලාවයි. ගිනි නිවන වාහන කිහිපයක් එය ඉදිරිපිට නවත්වා ඇත.
ලංකාවේ පැරණිතම පළාත් පාලන ආයතනයට අයත් වන ගොඩනැඟිල්ල වන මෙයයි. ගොඩනැඟිල්ල ඉදිරිපිට කොළඹ නගර සභාවට අයත් ලාංඡනය තිබුණි. ගොඩනැඟිල්ලෙන් ඇතුළුවෙද්දී අප අසා ඇති දේවල් සිහිපත් කරගත්තෙමු. ගොඩනැඟිල්ලෙන් පිටතට පැමිණි අපි කොළඹ නගර සභාවේ ඉතිහාසයෙනුත් විකිපීඩියා වෙබ් අඩවියෙන් මෙන්ම කොළඹ නගරයේ ඉතිහාස කතා ලියන බ්ලොග්කරුවෙකු වන කොළොම්පුරේ සවාරියක් බ්ලොග් අඩවියේ අසංග රණසිංහ ආරච්චිගෙනුත් සහාය ලබාගෙන පැරණි නගර සභා ශාලාවේ මතකයන් එකතු කරගන්නට උත්සාහ කළෙමු.
පැරණි නගර සභාවේ තවමත් කොළඹ නගර සභා ලාංඡනය ඇත. 1873දී සිට 1928 මැයි මාසය දක්වා වසර පනස්පහක පමණ කාලයක් තිස්සේ පැරණි නගර සභා ගොඩනැගිල්ල කොළඹ නගරය පාලනය කළ අතර 1979දී ආර්. ප්‍රේමදාස මහතාගේ අදහසක් අනුව මෙම නගර සභා ගොඩනැඟිල්ල තුළ කෞතුකාගාරයක් තනා 1984 දෙසැම්බර් මාසයේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මහජන ප්‍රදර්ශනයට විවෘත කළ බව එක් පරම්පරාවකට අයත් පිරිසකගේ මතකයක් බවට පත්ව ඇත. නව පරම්පරාවේ බොහෝ දෙනෙක් මේ කෞතුකාගාරය ගැන හෝ පැරණි නගර සභා ගොඩනැඟිල්ල ගැන දන්නේ නැත.
මහජන ප්‍රදර්ශනයට විවෘත කළත් මේ කෞතුකාගාරය දකින්නට එන්නේ අතරින් පතර විදේශිකයෙකු සහ උනන්දුවක් දක්වන ලාංකිකයෙකු දෙන්නෙකු පමණකි. ලාංකිකයන් පැරණි නගර ශාලාව බලන්නට පැමිණීම පුදුමයක් විය හැකිය. අප පැරණි පල්ලියක් සේ දිස්වන ගරාවැටීමට නියමිත ගොඩනැගිල්ල දෙස බලමින් එබිකම් කරද්දී ඉදිරිපිට ත්‍රීවීලර් නැවතුම්පලක සිටි දෙන්නෙකු ‘අරාබි රටකින් ආ දෙන්නෙක් වෙන්න ඇති’ කියා කීවේ ඒ නිසා විය හැකිය.
නගර ශාලාවේ කෞතුකාගාරයේ ඇත්තේ කොළඹ නගරයේ මුලින් භාවිත කළ යන්ත්‍ර, උපකරණ ආදි දේවල්ය. කොළඹ නගර සභා පුස්තකාලයේ ජංගම පුස්තකාලය ලෙස මුල්වරට භාවිත කළ වෑන්රිය, මුල්ම ගල් තලන යන්ත්‍රය, පැරණි බෝක්කු, මුලින්ම ළමා උයනක් වෙනුවෙන් භාවිත කළ සීසෝවක්, මුලින්ම කොළඹ නගරයේ කුණු අදින්නට භාවිත කළ කරත්තයක්, පැරණි ලොරියක්, පැරණි මඟ සලකුණු කණු, ජලාපවහනය වෙනුවෙන් භාවිත කළ උපකරණ මෙහි තැන්පත් කර ඇත.
මේ සියල්ල පැරණි කොළඹ කෙසේ වීදැයි අපට අතීතකාමී හැඟීමක් ඇති කරවන සංකේතයි. අපි මේ කෞතුකාගාරයේ සිට පැරණි කොළඹ මවාගත්තෙමු.
කොළඹ ගෝල්ෆේස් පිටිය මුලින්ම විවෘත කළ අවස්ථාවේ එහි තැබූ සමරු ඵලකය අද ඇත්තේද පැරණි නගර ශාලාවේ ඇති කිසිවෙකු නොදකින කෞතුකාගාරයේය. එමෙ න්ම නව නගර ශාලාව වෙනුවෙන් සර් එස්. ජේ. එඞ්වර්ඞ්ස් විසින් සකස් කළ සැලැස්මේ අනුරුවක්ද මෙහි ඇත. මුලින්ම නගර සභා ක්‍රීඩා තරගාවලි වෙනුවෙන් භාවිත කළ පදක්කම්ද මෙහි ඇත.
මේ කෞතුකාගාරය ඉදිකරන්නට හේතුව ඒ වනවිට නගර පැරණි ශාලා ගොඩනැගිල්ල දිරා පත්වෙමින් පැවති නිසාය. එහෙත් කෞතුකාගාරයක් බවට පත්වීමෙන් පසුව මේ ගොඩනැගිල්ල දිරාපත්වීමේ වේගය වැඩි වී ඇතිදැයි සිතේ. බුරුමයෙන් මේ ගොඩනැගිල්ල සඳහාම ගෙන්වූ ලීවලින් තැනුණු දොර ජනෙල් සහ භාණ්ඩ දිරාපත් වෙමින් තිබේ. ගොඩනැගිල්ලේ ඇති ලී පඩිපෙළ කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇත. මෙය වසරකට වරක් තීන්ත ගා අලුත්වැඩියා කළ යුතු වුණත් මේ වසරේ තවමත් අලුත්වැඩියා කර නැත. පැරණි යන්ත්‍ර සූත්‍ර පවා දිරාපත්ව ඇත. කොළඹ බලන්නට චාරිකා එන්නෝ ගෝල්ෆේස් පිට්ටනියත්, ග්‍රහලෝකාගාරයත්, සත්තුවත්තත් බලා කොළඹින් යන්නේ මේ වටිනා තැන දැකබලා ගන්නේ නැතිවමය.
පැරණි නගර ශාලාවේ සිට වසර විසිහයක් තිස්සේ නගරාධිපතිවරුන් විසිහය දෙනෙකු කොළඹ නගරයේ පරිපාලන කටයුතු සිදුකර ඇත. ඒ සියලුදෙනාම ඉංග්‍රීසි ජාතිකයෝ වූහ. සියල්ලන් අතරින් පළමුවැන්නා ගැන මඳක් කතා කළ යුතුය. පළමුවැනි නගරාධිපතිවරයා වන්නේ කීර්තිමත් පරිපාලකයෙකු ලෙස නමක් දිනාගනිමින් පසුව නයිට් පදවියෙන්ද පිදුම් ලැබූ චාල්ස් පීටර් ලෙයාඞ් මහතායි. ඔහුගේ පුත්‍රයා වන චාල්ස් පීටර් මහතා ලංකාවේ දහසය වැනි අගවිනිසුරුවරයා බවට පත්විය. ඔහුගේ පියා යාපනයේ සේවය කළ රාජ්‍ය නිලධාරියෙකි. ලෙයාර්ඞ් පරම්පරාවම ලංකාවේ සිවිල් සේවයට කැපවී සිටි අතර සී.පී. ලෙයාර්ඞ් නම් පළමු නගරාධිපතිවරයා ලන්ඩන යේදි මියගිය පසුව ඔහුගේ අවසන් කැමැත්ත වූයේ ලංකාවේ තමන්ව මිහිදන් කරනු දැකීමයි. ඒ අනුව ඔහු කොළඹ කොටුවේ ඇති, 1801 දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මුලින්ම රැස්වූ ගොඩනැඟිල්ලෙහි දැන් පවතින ශාන්ත පීටර්ස් පල්ලියේ මිහිදන් කර ඇත.
මේ නගර සභාව ජේ.ජී. ස්මිනර් විසින් සැලසුම් කළ ගොඩනැගිල්ලක් වුණත් එය සැලසුම් කිරීම මුලින්ම භාර වුණේ ජී. බර්ටන් මහතාටයි. ඒ 1850 දී කොළඹ නගරයට නගර සභාවක් අවශ්‍ය බවට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවක් සහ ඒ අනුව 1865දී ප්‍රසිද්ධ කළ නිවේදනයක් අනුවයි. කොළඹ නගර සභාව ආරම්භ වූයේ 1865 අංක 17 දරන පනතනි. ජී. බර්ටන් ගිනි පනහක් අයකොට ඉදිකළ සැලසුම ගොතික් ක්‍රමය අනුව සැකසුණු ගොඩනැගිල්ලකි. නගර සභාවේ සභා ගර්භය හා කාර්යාල උඩුමහලත්, පුස්තකාලය සහ මහේස්ත්‍රාත් කාමරයත් ඉන් එහා පැත්තේ එඩින්බරෝ වෙළෙඳ සැලත් ඔහු සැලසුම් කර තිබුණු අතර සම්පූර්ණ සැලැස්මට පවුම් 15,000ක වියදමක් ඇස්තමේන්තුගත කොට තිබුණි. එහෙත් එම සැලසුම වියදම් අධික බව පෙන්වා දුන් නිසා ජේ.ජී. ස්මිනර් මහතාගේ දෙවැනි සැලැස්මක් අනුව නගර සභාවේ ඉදිකිරීම් ආරම්භ විය. වසර තුනකින් පවුම් හත්දාහක් වියදම් කරමින් ඒ අනුව මේ ගොඩනැගිල්ල ඉදිවිය. මේ ගොඩනැගිල්ලත් සමඟම ඉන් එහා පැත්තේ එඩින්බරෝ වෙළෙඳසැලත් ඉදිවිය.
මෙසේ ඉදිවූ නගර සභාවේ පළමු වරට නගර සභාව රැස්වුණේ 1866දී පැවති නගර සභා මැතිවරණයෙන් පසුවයි. නගර සභාවට කොල්ලුපිටිය, කොම්පඤ්ඤ වීදිය, කොටුව, ශාන්ත බස්තියම, පිටකොටුව, ශාන්ත පාවුලු, කොටහේන, නිව් බසාර්, මරදාන නියෝජනය කරමින් එක් නියෝජිතයෙකු බැගින් සීමිත ඡන්දයෙන් තෝරාගෙන තිබුණි. ඊට අමතරව ආණ්ඩුකාරවරයා විසින් තවත් නියෝජිතයෙකු පත් කරගෙන තිබුණු අතර පළමු නගර සභා රැස්වීම 1866 ජනවාරි 12 වැනිදා රැස්ව ඇත. නගර සභාව වසර එකසිය පනහක දීර්ඝ ඉතිහාසයක් පසු කරද්දී ඉන් වසර පනහක් නගර සභාව ලෙස පැවතුණේ මේ ඓතිහාසික ගොඩ නැගිල්ලයි.
ඒ ඉතිහාසයෙහි රසය විඳිමින් කොළඹ පාලනය කළවුන් ආ ගිය ලී පඩිපෙළෙහි පහළට අපි බසින්නට පටන් ගත්තෙමු. ඒ තව වසර කීයක් යන තෙක් මේ රසය විඳින්නට හැකිවේද යන්න කල්පනා කරමින්ය. කිසිවෙකුට වැදගත් නැතිනම් මේ වටිනා ඓතිහාසික සාක්ෂිය අකාලයේ මියැදෙනු ඇත.■


 https://www.youtube.com/watch?v=EQHnywKiz0M&t=2s
Read more
Saturday, June 1, 2019
මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා.  -  සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට සමන් එදිරිමුණී. කියපු කතාව

පුද්ගලික සම්බන්ධකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශට පත් කිරීමේ න්‍යාය මා උගත්තේ සන්නාගේ අම්මා පොතෙනි. මේ ඔහුව අමතන්නේ ඒ රචනා ශෛලීයෙනි.

# සන්නා ගැන නොදත් වටේ සිටින පැපොල් ඇට ලොන්තයෝ.......

සන්නා අසල දැන් ගැවසෙමින් සිටින අවුරුදු විසි තිස්ගණන් වයස පැපොල් ඇට ලොන්තයෝ කියනා පරිදි ඔවුන්ගෙ සම්බන්ධකම ඔවුන්ගේ වයසට වඩා හත් අටගුණයකින් වයසය. සන්නා ගැන උන් දන්නේ සන්නා තාත්තාගේ වෘශණ කෝෂ වල ශුක්‍රාණුවක්ව තිබියදීය. සන්නා මාව දන්නා බවත් මා සන්නාව දන්නා බවත් නොදත් ඒ ලොන්තයින්ට මෙසේ අමතමි. අසාගනින් පකයිනි,

මම මල්කතා කරුවෙක්මි. මා ලියු නවකතා සහ ටෙලිනාට්‍ය මල්කතා ගණයට වැටෙයි. නමුදු මා මේ ගමන් කරණා පෙරහැරේ දළ ඇතා සන්නාය. අපි ගුරුකොට ගත්තේ සන්නලා, බන්ධුල පුස්ප කුමාරලා ආරම්භ කල මල්කතා කලාවය. අවශ්‍ය නම් සන්නාගේ වස්සානය නැවත කියවා බලන්න. සන්නා වටා දැන් සිටින පැපොල් ඇටලොන්තයෝ හිතාගෙන ඉන්නේ උන් ප්‍රබුද්ධ කඳවුරක ඉන්නවා කියලාය. සන්නා අයිති අපේ මල්කතා පරපුරටය. මා දෙරණ මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙද්දී ඒ වනවිටත් දෙරණට යම් යම් වැඩ කල සන්නාගෙන් දෙරණ ගැන උපදෙස් ලබා ගතිමි. ඒ අදහස් මට මනා පිටිවහලක් විය. ඔහු අපි වැනි මල්කතා මල්ලිලාට සදාදරණීය, අයියා කෙනෙකු බව කිවයුතුය. පුකට පයින් ගහලා කියන්නෙ විශ්වාස කරපල්ලා. කරුණාකර ඒ් මහතාව අපිට දීපල්ලා පකයිනි. ඔහු ඔහුගේ මුද්‍රණාල ධනය ප්‍රබුද්ධ පොත් කීපයක් සඳහාද පුද්ගලික ධනය හඳයාගේ චිත්‍රපට 3ක් සඳහාද වියදම් කර ඇත. ඔබ විසින් කර ඇත්තේ ත්‍රිපිටකයක් අච්චු ගැසුවා කියා මුද්‍රණාලයේ හිමිකරු බුදුන් වහන්සේ ලෙස තේරුම් ගැනීමේ වරදයි. අමුතු පොත් අච්චු ගසන්නට මුදල් වියදම් කල පලියට ඒ මිනිසා අමුතු මිනිසෙකු නොවේ. ඔහු විවිධ පොත් අච්චු ගසයි. මීට වසර ගණනකට පෙර සාහිත්‍ය මාසය කිට්ටු වෙද්දි සන්නා මට ඇමතුමක් දී මාගේ නවකතා පොතක් අච්චු ගසා ප්‍රකාශයට පත් කරන්නට තමා තීරණය කර ඇති බව මට කීවේය. මම එවැන්නක් තීරණය කර නොමැති බව මම කීවෙමි. ඉන් පසු පිට පිට වසර 3 ක් ඔහු සාහිත්‍ය මාසය ලං වෙද්දී මට ඒ ආරාධනය කල අතර මම එය ප්‍රතික්ෂේප කලබව ඇත්තක්දැයි ඔහුගෙන් දැනගත හැකිය.

# සන්නාගෙන් ඇමතුමක් - ඉන්න තැනකින් හරවන් මා ගාවට වරෙන්.

2015 ජනාධිපතිවරණයෙන් පසු එළැඹුණු මහ මැතිවරණයට සන්නා කොළඹින් තරග කරන්නට යන බවක් මම මාධ්‍ය මගින් දැනගතිමි. ජනාධිපතිවරණයෙන් පසු මහ ඡන්දය ගැනද මගේ එතරම් උනන්දුවක් නොතිබිණි. කෙසේ වෙතත් මහමැතිවරණයට ආසන්න දිනක, මම අධීවේගී මාර්ගයේ කළුතර බලා යමින් සිටියෙමි. මොරසූරණ මහ වැසි දවසකි. අතරතුරදී සන්නා මා ඇමතුවේය.
සමන් කොහෙද ඉන්නේ
හයිවේ එකේ ඉන්නෙ
කොයි හරියෙද
කහතුඩුව එන්ට්‍රන්ස් එක පේන මානේ
හරි එලිය දාලා දෙල්කඳ ඔෆිස් එකට එන්න, මට ඔයාට කියලා වැඩක් කරවගන්න තියෙනවා.
එන්නං
මම කහතුඩුවෙන් පිටවී දෙල්කඳට ගියෙමි. එහි යන විට , එතන කොල්ලන් කෙල්ලන් 15 ක් 20 ක් වැඩ කරමින් සිටියේය. ඒ වන විට සන්නාට අන්තර්ජාලයේ සංවිධානාත්මකව දැවැන්ත මඩ ප්‍රහාර එල්ලකරමින් සිටියේ. අජිත් වාගේ නමක් ඇති සිනාමා විචාරකයෙක් පෙරමුණේ සිටියේය. ඔහු ලියු ලිපියකින් සන්නාගේ හිත හොඳටම රිදී තිබිණ. සන්නා ඒ වන විට ජනප්‍රියම ජාතික පුවත්පතේ අතිරේකයක් මුදල් දී සතියක් සඳහා හයර් කර තිබිණ. එබැවින් ඒ අතිරේකයේ සම්පුර්ණයෙන්ම සන්නා ගැන සන්නා ලියනවා වාගේ ස්වැයං චරිතාපදානයක් ලිවීම මට පැවරුණු කාර්යය විය.
උඹ ලියන ඒවා මාරම රහයි සමන්. ඒ ස්ටයිල් එකට මං කැමතියි. ඒකයි මේකට ඔයාව තෝරගත්තෙ.
ඔහු ඒ වචන කීවේය. නැවත ගෙදර විත් පසුදා නැවත ගියෙමි. ලියන්නට ගතිමි. එහිදී ඔහු මාරි පෙට්ටියක දැමූ පැරැණි ඡායාරූප එකතුවක් මට පෙන්වුයේය. ඒවා අතිශය පුද්ගලිික ඡායාරූපව ඔහු කීවේය. සන්නාට තිබු චෝදනා මම කරුණු වශයෙන් ගොනු කල ඒවාට පිළිතුරු ලීවෙමි. ඊට ගැලපෙන ඡායාරූප සන්නා සොයා දෙයි. ඒ අතර අන්තර්ජාලයේ ඔහුට විරුද්ධව පලවන සත්‍ය හෝ අසත්‍ය අවාසි සහගත කමෙන්ට් වලට කුණු හරුපෙන් හෝ වෙනත් ශිෂ්ඨ භාෂාවකින් පිළිතුරු සපයන්නට චුටි මල්ලිලා 15 ක් පමණ කාමරයක් තුල පරිඝණකාගාරයක් තුල වැඩ කලේය. උන්ට ෆේක් profile ගණනාවක් තිබිණ. ඒ profile මම අදටත් සන්නාගේ පිටුවේ විරුද්ධවාදීන්ට බනින අය අතරේ මම දකිමි. ඉතින් ඒ ගොඩනැගිල්ලෙ උඩම මහලේ වාඩියක් අටවා අලි තඩි කල්දේරම් වල බත් හැලි ඉදෙයි. පරිප්පු අල ව්‍යංජන ඉදෙයි. හාල්මැස්සන් බැදෙයි. ගංජා කූරු ගැසෙයි. ශිෆ්ට් එකට කන්නට උඩට එන ඈයෝ ප්ලාස්ටික් පිගානේ කා වතුර බී පහල බසියි. නැවත වැඩ කරයි. ඒ අතරේ අනාගත ඇමතිවරයාගෙන් පසුකාලීනව වැඩක් කරගන්නට සිතා පැමිණ සිනාසී බොරුවට නියවා යන මිනිස්සුද වෙති. සන්නා මට හොරෙන් කියයි.
ඔකුන් එන්නේ පස්සෙ මොනව හරි බලාපොරොත්තුවෙන්.
මමද එය විශ්වාස කලෙමි. සන්නා කොළඹින් රනිල් වික්‍රමසිංහව පවා පරද්දන බව මට ඉඳුරාම විශ්වාසයක් විය. මම ගැම්මෙන් ලීවෙමි. එය ඉතාම දිර්ඝ ලිවිල්ලකි. දවස් දෙකක් හෝ තුනක් මට ඊට ගත විය. මම සියල්ල ලියා සන්නාට බලන්නට දුන්නෙමි. ඒ ලියවිල්ල මා ළග තවම ඇත. ඔහු ඒ දෙස ආදරණීයව බලා ඇස් පුංචි කර සිනාසී මෙසේ කීවේය.
ඒකනේ සමන් මං උඹටම මේක දුන්නෙ. මේක මරු
ඡායාරූප කිහිපයක් දුන් සන්නා මට මෙසේද කීවේය.
මේ ඉන්නෙ ඔය මට පැලෙන්න ගහන සිනමා විචාරක අජිත්. මේ ඉන්නේ ...... අවුරුද්දේ මගේ පංතියේ ෆ්‍රී කාඩ් පෝලිමේ. මගේ ෆ්‍රී කාඩ් අරන් ඉගෙන ගෙන ඌ මටම ගහනවා. මේ ෆෝටෝ එක දාන්න,
මේ ඉන්නේ ෆ්‍රී කාඩ් පෝලිමෙමයි කියලා ඔයා කොහොමද කියන්නෙ.
මමනේ කියන්නේ. ඔයා දාන්නකෝ
මම ඉන් එහා කිසිත් නෑසුවෙමි. මගේ වැඩේ අහවර කර තඹ සතයක්වත් නොගෙන ගෙදර ආවෙමි. ඔහු ඡන්දය ජයග්‍රහණය කලයුතු යැයි හදවතින්ම පැතුවෙමි. නමුත් ඔහුවත් සිහිනයකින් වත් නොසිතූ විරු ලෙස ඔහුව කොළඹ ජනතාවත්, ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාව විසිනුත් ප්‍රතික්ෂේප කර දැමීය. සන්නා වෙනුවෙන් දැන් මැරෙන්න යන පැපොල් ඇට ලොන්තයන් පවා එදා ඡන්දය භාවිතා කලේ සන්නාට විරුද්ධව බව ඔවුන් ගේ හදවත් දනියි. මම සුසුමක් හෙලමි. එය එසේ සිදුවිය.

# ඡන්දයෙන් පසු චේන් පැන්නා.....

ඡන්දයෙන් පසු සන්නා නැමැති ආදරණීය සොඳුරු මිනිහා අනිවාර්ය ලෙසම මිය ගියේය. එහෙත් ආගමක් දහමක් නැති පවුලක් පංසලක් නැති, හැගීමක් බැදීමක් නැති, ලේ නෑකම ගැන විශ්වාසයක් නැති ජීවත්ව සිටියදීත් මලවුන් සේ හැසිරෙන මළවුන් යදින පරම්පරාවක් සන්නාගේ නාමික මියයෑමෙන් පසු ඔහුගේ අධ්‍යාත්මික මෘත දේහය රැගෙන වන්දනාමාන කරමින් සිටියි. මට දැන් ඔහු ඔහේ වැනෙන සෙවනැල්ලක් පමණි. ලංකාවේ ඉහලම පන්නයේ දේශපාලකයින්, ව්‍යාපාරකයින්, කලාකරුවන්, හොරුන් , තක්කඩියන්, ජ්‍යෝතීර් වේදීන් මාධ්‍යට ගෙන්වා ඔවුන්ව ප්‍රශ්න කර ආධ්‍යාත්මිකව රෙදි ගලවා යමාමහා පෙලහර පෑ ඒ අභීත මිනිසා, දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිපල එනතුරු කාලය කා දමන්නට Facebook ආ හුජ්ජ කොල්ලන්ගේ කමෙන්ට්ස් වල කුණුහරුපෙන් බනියි. අම්මගෙන් අහපන් යැයි කියයි. තෝ දැන් බැදලා ඉන්නේ මං ඉස්සර ගහපු එකී නේදැයි වාගේ කතා අසයි. සරම උස්සා පුක පෙන්වයි. අතීත ආදරණීය සන්නා ගැන කිසිත් නොදන්නා අර වටේ සිටින පැපොල් ඇට ලොන්තයෝ, විසිල් ගසති. හූ කියති. උසි උසි යැයි කියති. සන්නාණෝ බුරති.
මම දන්නා සන්නා, අසාධාරණයට විරුද්ධය, කිපෙන්නේ නැත., වාග් විලාශය අති සුන්ඳරය. අහිංසක සිනහවක් ඇත. කොණ්ඩය කොටට කපා පැත්තට පීරා ඇත. තැනකට එක්කාගෙන ගොස් මේ ඉන්නේ මහත්මයෙක් යැයි හදුන්වාදිය හැකිය. හැබැයි දැන් ඉන්නා එකා වෙනස්ය. ඔහුට මුලින්ම ඉරාජ් ගීතයකින් පොඩි විහිලුවක් කලේය. සන්නා ඊට තරවටු කලේය. අලුත්ගම මිහිරිපැන්න නගරයේ මුස්ලිම් ගැටුම වේලාවේ සන්නා බොදුබල සේනාව ඇමතුවේ ජාතිවාදීපකයිනි., කියලාය. ඒ අපි දන්නා සන්නාය. එහෙත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් 250 කට අධික පිරිසක් මිය පරලෝ යැව්වේ අන්තවාදී මුස්ලිම් ඇත්තන්ය. එතනදී අන්තර්ජාලික සන්නා අන්තවාදී මුස්ලිම් පකයිනි කියා කීවේ නැත. ඔහු එදා පටන් අද දක්වා ඒ ගැන වචනයක් නොකියු ඔහු, පොඩි පොඩි හුරිජ්ජ කොල්ලන්ගේ පෝස්ට් ශෙයාර් කරමින්, බබා හුකුං දානවාය. නමුත් මා දන්නා ඇත්ත සන්නා එහෙම නැත. සන්නාගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් වී ඇතැයි මම සැක කරමි. එය සැක හැර දැනගන්න මම කලේ ඔහුට පණිවිඩයක් යැවීමය. ඔහු ඒවාට දුන්නේ ඉදුරාම වෙනදා දෙන පිලිතුරු නොවේ. හිටි ගමන් සන්නා මාව unfriend කර තිබිණ. මම නැවත පණිවිඩයක් යවා ඇසුවේ ඇයි මාව unfriend කලේ කියලාය. ඊට පිලිතුරු නැත. මන්ද යත් ඒ සැබෑ සන්නා නොවන බව මම ඉඳුරාම දනිමි.
සන්නා ගේ ෆේස්බුක් පිටුව හැක් වෙලාද, එසේත් නැතිනම් සම්පූර්ණයෙන් සන්නාවම හැක් වෙලාදැයි මට කියා දෙන්න. මේ ඉන්නේ මා ගෞරවයෙන් ආශ්‍රය කල සන්නා නම් නොවේ. හුජ්ජ කොල්ලන්ගේ හූවකට සරම උස්සා පුක පෙන්වන මෙවැනි බාලයෙකු ආශ්‍රය කිරීමට තබා රිටකින් වත් ඇල්ලීමට මම ප්‍රිය නොකරමි. සන්නාගේ මුවාවෙන් රැවුලක්ද වවාගෙන නටන පකයාගේ පුකට පයින් ගසා කියමි. උඹට සන්නාගේ මයිලක් තරම් දෙයක් වත් කරන්නට නුපුලුවන. කරුණාකර ඒ ශ්‍රෙෂ්ඨ මිනිසාගේ ෆේස්බුක් ෆ්‍රොෆයිල් එක ඒ මනුස්සයාට දියං. රැඩිකල් පක්කුන්ට නමක් තිබුනේ නැත. මනුස්සයෙක් ආදරය කලේ නැත. උන් ඒ ඉරිසියාවට රටක් ආදරය කල මිනිසෙක්ව විනාශ කර දමා , ඔහුට ආදරය කල අපිට හිනා වෙමින් සිටිති.

- සමන් එදිරිමුණී.
මල්කතා රචක

 https://www.youtube.com/watch?v=EQHnywKiz0M&t=2s

Read more

Popular Posts

Popular Posts