Open top menu
Tuesday, November 19, 2019
2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන - වික්ටර් අයිවන්

මෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරණය දිනීමේ වැඩි හැකියාව තිබෙන්නේ ගෝඨාට නොව සජිත්ට බව මම කීවෙමි.

එහෙත් එය එසේ වූයේ නැත. ගෝඨාභයගේ ජයග්‍රහණය, එහි පරිමාව මට තේරුම් ගැනීමට අමාරු ප්‍රහේලිකාවක් විය. එ නිසා එම ප්‍රහේලිකාව විසඳා ගැනීම සඳහා කරුනු සොයා බලන තැනකට යන්නට සිදු විය. එජාපයට හිතවත් ජනතාවට අතිරේකව දුප්පතුන්ගේ හා පීඩිතයින්ගේ ආකර්ශනය සජිත්ට හිමි වනු ඇති බව මගේ මතය විය. ඔහුගේ පියා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දුප්පතුන්ගේ හා පීඩිතයින්ගේ හිත සුව පිණිස අසම සම සේවයක් කළ ජන නායකයා ලෙස සැලකිය හැකිය.

දැන් සමෘද්ධිය නමින් ක්‍රියාත්මක වන මුලදී ජනසවිය නමින් ක්‍රියාත්මක දුප්පතුන් සඳහා වෙන් වූ සහනාධාර වැඩ සටහන ඔහුගේය. ඔහුගේ නිවාස වැඩ සටහන යටතේ නිවාස හිමි කර ගත් දුප්පතුන්ගේ සංඛ්‍යාව විශාලය. ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරය ද ඔහුගේය. ඉන් ඵල ප්‍රයෝජන ලැබු දුප්පත් තරුණියන්ගේ සංඛ්‍යාවද විශාලය. සජිත් එජාපයට හිතවත් ජනයාට අතිරේකව ඉහත කී ජනයාගේ ආකර්ශනයට හේතු වනු ඇති බව මගේ මතය විය.

සොයා ගත් පිළිතුර මෙසේ පිඩු කළ හැකි ය. 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ලැබූ ජයග්‍රහණය 1956 පෙරළියේ නව සංස්කරණයක් ලෙස සැලකිය හැකිය.

56 පෙරළිය විස්තරාත්මකව විග්‍රහ කරන හොඳම පොත ලෙස සැලකිය හැක්කේ හොවාඩ් රිගින්ස්(Howard Wriggins)ගේ "Ceylon: Dilemmas of a New Nation “ නැමැති කෘතියයි. රිගින්ස්(1918- 2008) කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා අන්තර්ජාතික කටයුතු පිළිබඳ මහාචාර්යවරයෙකි. වසර පණහක් තරම් කාලයක් අන්තර් ජාතික වශයෙන් ඔහු සලකන ලද්දේ ලංකාව පිළිබඳ ප්‍රමුඛ විශාරදයෙකු වශයෙනි. 1977 සිට 1979 දකවා ඔහු ලංකාවේ ඇමරිකානු තානාපති ලෙසද ක්‍රියා කළේය. ඉහත සඳහන් කෘතිය 1960 දී පළ කරන ලද්දක් වන අතර ඔහු මහාචාර්ය. කේ.එම් ද සිල්වා සංස්කරණය කරන ලද ජේ.ආර්.ජයවර්ධන චරිතාපදානයේ සම සංස්කාරකවරයෙකු වශයෙන්ද ක්‍රියා කළේය.

56 පෙරළිය කෙරෙහි බල පෑ සිංහල බෞද්ධ දේශපාලන ආතතිය ගැන හා එම තත්ත්වය ජයගැනීම සඳහා සිංහල බෞද්ධ ව්‍යාපාරය භික්ෂූන් හා රටපුරා තිබෙන පන්සල් යොදා ගනිමින් 1953 සිට 56 ජයග්‍රහණය දක්වා අඛණ්ඩව පවත්වාගෙන ගිය විචක්ෂණ වැඩ සටහන ගැන කදිම විස්තරයක් එම කෘතියට ඇතුලත්‍ ය. ගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා ක්‍රියාවට නගා ඇති වැඩ සටහනද බොහෝ දුරට ඊට සමානය.

1956 පෙරළියේ සේම 2019 පෙරළියේද දේශපාලන යන්ත්‍රය ලෙස ක්‍රියා කර තිබෙන්නේ භික්ෂුන් වහන්සේලාය. පළමු පෙරළියේ සේම මෙම පෙරළියේද මහජනයාගේ ඔලු සෝදන ප්‍රධාන දේශපාලන මණ්ඩප ලෙස ක්‍රියා කර ඇත්තේ පන්සල් ය.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ දේශපාලන සංසිද්ධිය සිංහල බොදු බලවේගයන් අන්ද මන්ද කිරීමට හේතුවිය. එම ප්‍රතිඵලය ඔවුන් දැක්කේ දකුණේ සිංහල බොදු විරෝධී සුලු පිරිසක් දෙමළ-මුස්ලිම් බලවේගයන්ගේ සහය ඇතිව සිංහල බොදු බලවේගයන්ගේ ජයග්‍රහණනය උදුරා ගැනීමක් ලෙසය. එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළකා ගැනීම සඳහා සහ දෙමළ-මුස්ලිම් සහායක් නැතිව සිංහල ඡන්දදායකයින් මත පමණක් මත පදනම් වූ ජයග්‍රහණයක් සඳහා සිංහල බොදු ජනයාගේ මනස සකස් කරන ව්‍යාපාරයක නිරත වූයේය. සිංහල බොදු ජනයා ගොඩනගමින් තිබූ ජාතියේ හා ආගමේ අනාරක්ෂිතභාවය පිළිබඳ බිය, පාස්කු ප්‍රාහාරය වඩා ප්‍රබල බියක් බවට පත් කිරීමට හේතුවිය.

ජනාධිපතිවරණය ප්‍රකාශ කරන අවස්ථාව වන විට සිංහල බොදු මනස සකස් වී තිබුණේ සිංහල ජාතියේ හා බුද්ධාගමේ ආරක්ෂාව සඳහා තනි සිංහල බොදු ඡන්දවලින් ගෝඨාභය තෝරා පත්කර ගත යුතුයි කියන දැඩි මානසික තත්ත්වයකය. පීඩිතභාවය, දුප්පත්කම හෝ ප්‍රජතන්ත්‍රවාදී අයිතීන් ගැන කරුණු සලකා බැලීමට සූදානම් මානසික තත්ත්වයක නොවේ. සිංහල වර්ගය හා බුද්ධාගම අධිනිශ්චය කරණ තැනකය. එම විශේෂ වටාපිටාව තුළ සජිත්ට තබා මොනම අපේක්ෂකයෙකුට වත් ගෝඨාභය පරාජය කිරීමේ ඇත්ත හැකියාවක් නොතිබුණි.
Read more
Tuesday, November 12, 2019
ජනාදිපතිවරනය හා ගෝටාබය -වික්ටර් අයිවන්,

ගෝටාබය පරාජය කිරීම ලන්කාවේ ප්‍රජාතන්ත්‍රවාදි ඉදිරිගනට නැතිවම බැරි අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.එහෙත් අප ඔහු පරාජය කලයුත්තේ එල්ටීරීඊ බෙදුම් වාදි ත්‍ර්ස්තවාදි ව්‍යාපාරය ප්‍රාජය කිරීමට ඔහු විසින් ඉතා වැදගත් කාර්‍ය්බාරයක් ඉටුකරන ලද බවද අමත්ක නොකරමිනි. එහිදී ඔහු. තමන් ට ලැබී තිබුන අති ව්ශාල බලය පටු දේස පාලන අරමුනු සදහා යොදා නොග්ත්තේ නම් ඔහු ගේ කතාව මීට වඩා වෙනස් කතාවක් වෙන්න්ට ඉඩ තිබුනි.

ඔහු රාජ්‍ය නායකත්වයට තරග නොකොට වෙනත් බලවත් තනතුරකට තරග කලේ නම් හෝ තේරී පත්වූයේ නම් මම මෙම විවාද්‍ය මීට වෙනස් වන්නට ඉඩ තිබුනි.ඔහු කොතරම් දක්ෂ වුවත් ඔහු වැනි ප්‍රස්න ගත පුද්ගලයෙකු රටේ රාජය නායකයා නොකර ගතයුතුය.මා මීට පෙර ද ලියා ඇති පරිදි ඔහුට එෆෙහිව ඉදිරි පතව තිබෙන අදි චෝදනා පත්‍ර සන්කියාව අටකි.අන්තර් ගත චෝදනා වල සොබාවයද බිහිසුනුය.අදි චෝදනා යනු කටකතා වලින් කෙරෙන චෝදනා නොවේ.පරීක්ෂ්න බල අදිකාරියක් විසින් කරන පරීක්ෂනවලින් පසුව නීතිපති ගේද අනුමතිව ඇතිව පහලම අදිකරනයක් වෙනුවට මහා අදිකරනයක් වෙත ඉදිරි පත් කෙරෙන චෝදනා වලියකි.

එවැනි චෝදනා ඇති පුද්ගල යෙකු රාජ්‍ය නායකත්වයට තරග කිරීම නුසුදුසුය.තරග කරන්නට ඉඩදීමද නුසුදුසුය.අදිචෝදනා ඇති පුද්ගලයෙකුට රජයේ සේවයේ ඉහල තනතුරකට තබා පහලම තනතුරකටවත් බදවා ගන්නේ නැත.

මෙම අදිචෝදනා ඉදිරි පත් කිරීම පටු දේසපාලන අරමුනකින් කරන ලද ඒ වා වීනම් අබිආයචනා අදිකරනය ඉදිරියට ගොස් ඒ බව සනාත කොට ඒ සියලු චෝදනා නිෂ්ප්‍රබා කරගත යුතුව තිබුනි.එ වැනි නඩු කරයකට දීරග කාලයක් ගන්නේ නැත.එහි දී ඔහු ඔප්පු කල යුතු වන්නේ ඉදිරි පත් කර තිබෙන අදි චෝදනා සත්‍ය පද්නමක් නැති දේසපාලන වශයෙන් පලිගැනීමේ අරමුනින් ඉදිරි පත් කර තිබෙන චෝදනා බවය.ජනාදිපති වරනයට තරග කලයුතුව තිබුනේ ඉන් ප්සුවය.එසේ කිරීමට සමත් වී නම් නිරදෝෂි බාවය සදහා වන අදිකරන සහතිකයක් ද ඇතිව ලොකු තරගයකින් තොරව ජනාදි පතිවරනයෙන් පහසු ජයග්ග්‍රහනයක් ද ලබාගන්නට හැකි වන්නට ඉඩ තිබුනි.අදි චෝදනාවලට සත්‍ය පදනමක් නැති නම් එම කෙටි අදිකරන මාරගය තෝරා නොගත්තේ ඇයි.

පුරවැසි ප්‍රස්නයද නොවිසදුන පුපුරන සුලු ප්‍රස්නයක් ලෙස සැලකි හැකිය.ඒ ගැනද් ඔහු මහජනයාට කරුනු පැහැදිලි කරන්නේ නැත.අදිචෝදනා ඉදිරි පත්වී තිබෙන. හමුදා බුද්දි අන්සවලට ස්ම්බ්න්ද නිලදාරින් කිහිප දෙනා සම්බන්දයෙන් ප්‍රකාෂ කර තිබෙන ප්‍රතිපත්තියද නීත්‍යට සේම යුක්ටියට ද් පටහැනිය.එම නිලදාරින් කිහිප දෙනාට එරෙහිව ඉදිරි පත්වී තිබෙන චෝදනා ජනාදිපති අපේක්ෂකයාට එල්ලවී තිබෙන චෝදනා අතර අන්තර් සම්බන්දයක් ඇතිබව රහස්ක් වන්නේ නැත.චෝදනා ලාබින් වන ඔවුන් නිර්දෝෂි නම් ඔවුන් නිදහස් කලයුතුව තිබෙන්නේ ඊලග ජනාදිපති විසින් නොව අදිකරන පරීක්ෂනයකින් පසු අදිකරන විසිනි.

ආර්ක්ෂ්ක අන්සවලට අදාලව ගෝටාබයගේ පාලන කාලය තුල සිදුවී තිබෙන හොද දේවල ගරුත්වය ගෝටාට ලැබිය යුතු සේම වැරදි හා සීමාන්තික දේවල් සිදු වී ඇතිනම්. එවාහි අගව්‍රයද ඔහු බාර ගත යුතුය.බන්දනාගාර සිද්දියේදී. ලැයිස්තුවකට අනුව තෝරාගත් සිරකරුවන් පිරිසක් මරාදැමීම,රතුපස්වල හා නිදහස් වෙලද කලාපයේ සිදුවූ සහාසික ක්‍රියා,කප්පම් ලබා ගැනීම සදහා තරුනයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමිම,ලසන්ත ගාතනය,එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම,මාද්‍ය වේදින් ගනනාවක් පැහැරගෙන ගොස් ඔවුන් බිහිසුනු වදහින්සාවන්ට ලක්කිරීම,පෙරටුගාමි පක්ෂයෙ ලලිත් හා කුගන් අතුරු දහන් කිරීම,ජනමාද්‍ය අයතන ගනනාවකට පහරදීම වැනි ක්‍රියා මවා පතුරුවා හරින ලද ප්‍රබන්ද නොව මේ මහ පොලොවේ සිදුවූ ඇත්ත කතාය.

මෙවැනි බිසුනු චෝදනා තිබෙන පුද්ගලයෙකු රටේ රාජ්‍ය නායකයා කරගත හොත් ඉන් රටට හා රටේ ග්ව්‍රවයට සිදුවන හානිය අති විශාලය.ඒ සමග නව ජනාදිපතිවරයාට එම අවලස්සන කලු පැල්ලම්. මකාගැනීම සදහා නීතියට පටහැනිව ක්‍රියා කරන්නට සිදුවනු ඇති අතර එම තත්වය රටේ පාලනය හා ගමන් මග කෙරෙහි ඇති කරන බලපෑම ඉතාමත් විනාශකාරි විය හැකිය.

වික්ටර් අයිවන්,
Read more

Popular Posts

Popular Posts