Header Ads

කොරෝනා වසන්ගතය:ඒකාදිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය - වික්ටර් අයිවන්

කොරෝනා වසන්ගතයට මුහුන දීමේදී ඒකාදිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය.එය එසේ වී ඇත්තේ ඇයි කියා තේරුම් ගැනීම අවශ්‍ය වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකට වඩා ඒකාදිපති ක්‍රමයක් කිසිසේත්ම යහපත් නොවන බවද තේරුම් ගැනීම අවශ්‍ය වේ.

නූතන තාක්ෂනය හිමිකර ගෙන තිබෙන අති විශාල දියුනුව ප්‍රජාතන්ත්‍රවාදී ‍රටවල් කෙරෙහි සේම ඒකාදිපති රටවල් කෙරෙහිද බලපා තිබෙනවා.ප්‍රජාතන්ත්‍රවාදි රටවල් මහජන යහපත හා දියුනුව සදහා යොදාගන්නා විට ඒකාදිපති පන්නයේ රටවල් ඊට අතිරේකව මහජනයා මත පවත්වාගෙන යන ඒකාදිපති බලය තරකර ගැනීම සදහා ද තාක්ෂනික දියුනුව යොදාගන්නවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පුරවැසියන්ගේ ආදායම් වලට අදාල සියලු තොරතුරු එකතු කරන ලබන මුත් පුරවැසියන්ගෙ පුද්ගල ජීවිතවලට අදාල තොරතුරු එකතු කරන්නෙ නැහැ.එහෙත් ඒකාදිපති රටවල් ඒ වර්ග දෙකටම අයත් තොරතුරු එකතු කරනවා.දුරකතන සන්වාද පටි ගත කරනවා.සමාජ ජාලා ඔස්සේ පලකරන අදහස් එකතු කරනවා.යන ගමන් බිමන් පරීක්ෂාවට ලක් කරනවා.ඒ සියලු දේවල් සිදුවන්නෙ නවීන තාක්ෂනය යොදාගෙන.පුද්ගලයෙකුට අදාල ඒ සියලු තොරතුරු ඒ පුද්ගලයා සදහා පවත්වාගෙන යන ව්ද්‍යුත් ගිනුමකට එකතු වෙනවා. චීනයට කොරෝනා මර්දනයේදී ආසාදිතයෙකු හමුවූ විට ඔහු සම්බන්දකම් පැවැත්වූ සියලු දෙනා දැන ගැනීමේ හැකියාව චීන බලදාරින්ට තිබුනා.කොරෝනා මර්දනයේදී චීනයට තිබුන වාසිය ප්‍රජාතන්ත්‍රවාදී රටවලට තිබුනෙ නැහැ.චීනය පවත්වාගෙන ගිය ජනතා විරෝදි සම්ප්‍රදායක් මේ විශේෂ මොහොතේදී ඒ රටේ වාසියට හේතුවුනා.අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවත්වාගෙන ගිය ජනතා හිතවාදි සම්ප්‍රදායක්. මේ මොහොතේදී අවාසියට හේතුවුනා.ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකට වඩා ඒකාදිපති ක්‍රමයක් හොද බව. ඉන් සනාත වන්නෙ නැහැ.

මිනිසුන් මොන තරම් දියුනු වුනත් මිනිසුන්ට වහාම හෝ පසුව පාලනය කලනොහැකි දේවල් තිබෙනවා.පරිසර පද්දතියේ මහා වෙනස්කම් මනුෂය වර්ගයා පහල වීමට පෙර යුගවලත් සිදුවී තිබෙනවා.මනුෂය වර්ගයා පහලවී ඔහු ගේ මොලය දියුනු වීමත් සමග සොබාව දර්මයට හා පරිසරයට සවින්ඥානකව අබියෝග කරන එකම සත්ව වර්ගයා වු යේ මනුෂය වර්ගයාය.මනුෂය වර්ගයා අත්පත් කරගත් දියුනුව කෙරෙහි බල පෑවේද එම අරගලයයි. එය නොකඩවා ගලායන මනුෂ්‍ය වර්ගයා සොබාව දර්මයට දඩුවම් කරන,දීර්ග කාලයක් ඉවසාසිටීමෙන් පසු සමහර විට සත වර්ෂයකට පමන පසු. සොබාව දර්මය විසින් මනුෂය වර්ගයාට පෙරලා දඩුවම් කරන නිම නොවන ගැටුමක් ලෙසද සැලකිය හැකිය.මනුෂ්‍ය වර්ගයා එම අනවරත අරගලයේ ඇතැම් අවස්තාවලදී පරිසරය හා සොබාව දර්මයේ ආරක්ෂාව වෙනුවෙන් කන් කෙදිරි ගානු ඇතත් සියලුම මනුෂය වර්ගයා කෙසේ වෙතත් අඩුම වශයෙන් සියයට දහයක්වත් පරිසරයේ හෝ සොබාව දර්මයේ ආරක්ෂාව සදහා ගල් යුගය කරා ආපස්සට යනු ඇතැයි සිතිය නොහැකිය.

මේ මොහොතේ මනුෂය වර්ගයා මුහුන දී සිටින්නේද සොබාව දර්මය සත වර්ෂයකට එක් වරක් සමස්ත මනුෂය වර්ගයා අබියෝගයට ලක් කල අවස්තාවකය.සිය වසකට වරක් සිදුකරන එවැනි අබියෝගයක්දී සියලු සත්ව වර්ගයා අතරින් නිර්බීතම හා උද්දච්චම සත්ව වර්ගයා ලෙස සැලකිය හැකි මිනිස් වර්ගයා බීතියට හා ත්‍රාසයට පත්වන අතර විශාල මිනිසුන් සන්කියාවක් මරනයට පත්වනමුත් මනුෂ්‍ය වර්ගය සමස්තයක් ලෙස විනාශ වන්නේ නැත.සිදුවන මහා විනාශයෙන් ඉතුරු වන අය සොබාව දර්මයේ ආරක්ෂාව සදහා පරන ගල් යුගයට යන්නේද නැත.දැන් ලන්කාවේ අපට මුහුන දෙන්නට සිදුවී තිබෙන්නේ එම අර්බුදයටය.කොරෝනා අර්බුදයට පෙරත් ලනකාව තිබුනේ ශක්තිමත් තත්වයක නොව දුර්වල තත්වයකය.කොරෝනා වසන්ගත තත්වය නිසා දැන් අප ඉන්නෙ ඉතාමත් දුර්වල තත්වයකය.

ලන්කාව දේවල් බලන විදියේ අවුලක් පවතී.ලෝකයේ ඕනෑම රටක් රෝහල් ක්‍රමය සකස්කරන්නේ රටක ජනගහනයෙන් විවිද හේතු මත ප්‍රතිකාර ලැබිය යුතු රෝගින් සන්කියාව ප්‍රක්ෂේපණය කොට ඊට ගැලපෙන ප්‍රමානයකටය.කවදා හෝ කිසියම් අවස්තාවක සමස්ත ජගහනය හෝ ඉන් බාගයක් හෝ කාලක් රෝහල් ගතකිරීමට සිදුවනු ඇතැයි ප්‍රක්ෂේපණය කොට ඊට ගැලපෙන. රෝහල් පද්දතියක් හා සුව සේවක පද්දතියක් ඇති කරන්නේ නැත.දනාවදි ක්‍රමයක් යටතේ ඇති නොකරනවා සේම සමාජවාදි හෝ රදල වැඩවවසම් ක්‍රමයක් යටතේද ඇති කරන්නේ නැත.ඕනෑම රටක( දනවාදි සමාජවාදි හෝ වෙනත් ) දොස්තරවරුන් සිටිය හැක්කේ ජනගනනයේ දාහකට 5 ත් දෙකක් අතර ගනනකි.මොනම රටක් වත් මොනම ක්‍රමයක් යටතේ වත් ජනගහනයේ 1000 කට දොස්තර වරුන් 50ක් හදන්නේ නැත.ICU ඇදන් තිබෙන්නේද. ජනගහනයෙන් ලක්ෂයකට ඇදන් 30 ත් 5 ත් අතර ගනනකි.

ඉතාමත් කලා තුරකින් සමහර සතවර්ෂයකට වරක් ඇතිවන වසන්ගත තත්වයක් නිසා පිලිගත් ඇස්තමේන්තු කිහිප ගුනයකින් ඉක්මවා ගිය ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් ඇතිවන තත්වයක් ඇතිවිය හැකිය.එය සාමාන්‍ය තත්වයක් නොව අසාමාන්‍ය තත්වයකි.දැන් අපේ රට සේම සියලු රටවල් මුහුන දී තිබෙන්නේ එවැනි අර්බුදයකටය.එවැනි අර්බුදයක් ක්‍රමයේ අර්බුදයක් ලෙස සැලකිය නොහැකිය.කුමන ක්‍රමයක් තුබුනද මෙවැනි අති විශේෂ අවස්තාවකදී අර්බුදයට යන්නේය.ලන්කාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ දාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගින්ගේ සන්කියාව ඉහල නොයෑම නසාය.ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය,ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජදානිය. ඇද වැටී සිටින අසරන තත්වයට පත්වන්නට ලන්කාවටද සිදු වන්නේය.

වයිරසය සුව කිරීම සදහා යොදාගත හැකි ඖෂධ ගැනද ලන්කාවට තිබෙන්නේ සුරංගනා කතාය.වයිරසය මර්දනය කිරීම සදහා Avigan පෙති 5000 ක් ලන්කාවට වහාම ලබා ගැනීමට ජපානය කැමති කරවා ගත් බව රාජ්‍ය. ඖෂද සන්ස්තාවේ සබාපතිවරයා ප්‍රකාෂ කරතිබුනි.එය රනිල් වික්‍රමසින්හගේ යෝජනාවක් අනුව සිදුවන්නක් බවද තවත් තැනක ප්‍රකාෂවී තිබුනි.චීනයට ව්‍යිරසය ජයගැනීමට හැකි වූයේ එම ඖෂදය නිසා බව කියන වාර්තාද පලවී තිබුනි.

ජපන් සමාගමක් විසින්(Fuji Flim joyama Chemicals) 2014 වසරේදී නිපදවා තිබෙන Avigan නැමති ඖෂද පෙත්ත නිපදවා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව ආස්‍රිත රෝග සදහාය එය කහ උන හා ඉබෝලා උන සදහා පාවිච්චි කරතිබේ.එය වෙනත් ඖෂධ සමග කොරෝනාවලට ප්‍රතිකාර කිරීම සදහා සාර්තක ලෙස යොදාගත් බව චීනය ප්‍රකාෂ කර ඇතත් ජපානයේ සවුක්‍ය අමාත්‍යාංශය ප්‍රකාෂකර ඇත්තේ කොරෝනා අසාදිතයින් හැත්තෑවක් පදනම් කරගත් සායන පරීක්ෂනයක් කර ඇතත්. සාර්තක ප්‍රතිපල පෙන්වා නැතිබවය.ලන්කාවට පෙර ඉන්දුනීසියාව මෙම ඖෂදය කොරෝනා මර්දනය සදහා යොදාගෙන ඇතත් සාර්තක ප්‍රතිපල පෙන්නුම් කිරීමට හැකිවී නැත.

කියුබාව නිපදවා තිබෙන Intagarferon Alfa- 2B යන ඖෂදය ගැන සේම කියුබාව ඒ මගින් කොරෝනාව ජයගත් බව කියන කතාද නිවරදි නැත .මෙම ඖෂද විශේෂ දෙක සමග කොරෝනා සදහා සොයාගත් ඖෂද ගනනාවක්ම තිබෙන්නෙ සායන පරීක්ෂණ වලට ලක්වෙමින් තිබෙන තත්වයකය.තවමත් කොරෝනාවලට ඖෂදයක් සොයාගෙන නැත.කියුබාව කොරෝනාව ජය ගත් රටක් ලෙස හැදින්වීමද වැරදිය .කියුබාවට වසන්ගතය එන්නට පටන් ගෙන ඇත්තේ දැන්‍ ය.මාරතු 11 වනදා පලමු අසාදිතයා හමුවී තිබෙන අතර මාර්තු 24 වනදා වන විට අසාදිතයින්ගේ සන්කියාව 40 දක්වා වර්දනය වී තිබෙන අතර පලමු මරනය සිදුවී තිබෙන්නේද එදිනය.

- වික්ටර් අයිවන්

No comments

Powered by Blogger.