ජරපත් දේශපාලනයේ කණකොක් සුද - විමල් විරවංශ
ප්‍රකට තුර්කි නාට්‍යවේදී මෙහමත් මුරාත් ඉර්දාන් අප සැම හට අගති විරහිතව එකඟ විය හැකි යමක් පවසා ඇත්තේය.
එනම් ''දේශපාලකයන් වෙනුවට වඳුරන් හට රටවල් පාලනයට ඉඩක් දෙන්න- අඩුතරමින් උන් සොරාගනු ඇත්තේ කෙසෙල් ගෙඩි පමණි''.
සියලු රටවැසියන් ගෘහවාසීන් ලෙසින් නිවෙස්ගත ව සිටින පශ්චාත්තාපී පෙරදින,කොළඹ ඩාලි පාරේ පිහිටි දෙරණ රූපවාහිණි මැදිරියේදීත්, ඊටත් පෙරදින පිරිවරාගත් මාධ්‍යකරුවන් අභියසත් මැතිවරණ කොමිසම වෙත කඩා පණින ජලභිතිකා රෝගියෙකුගේ උමතු රූපකායක් දුටුවෙමි. එමතු නොව සෙය්‍යමානී අදහස් දරාගත් පෞරුෂලාභීන්ගේ ප්‍රගතිය උසුලාගත නොහී, බෑගිරි ගසන දේශපාලකයෙකුගේ ශෝකී බොල් හඬක් ද ඇසුවෙමි. එය අත්‍යන්තයෙන්ම තමන් හා රති කෙලියේ නිරත ගැනුම්කරුවෙකු, ප්‍රතිඥාගත සොච්චම් මුදල නොදී පැනගිය කලෙක අසරණ කතක්, එකී සල්ලලයා වෙත පුදන අක්‍රෝෂ පරිභවයෙන් සපිරි වදන් සංග්‍රහයක් හා සමය. එකල නුගේගොඩ පරසිදු බෝගස අභියස එවන් වදන් සංග්‍රහ සුලභය. දැන් දැන් එවන් හඬවල් ඇසෙන්නේ තෙමංසල් මැද්දේ අටවාගත් මයික් කටවල් ලඟය -ධනපති මැති ඇමති මැදුරු අස්සේය.
හේ විමල් වීරවංශය. ජාති භ්‍රෂ්ඨ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් දෙපලු කොට පරසක්වල ගසන්නෙමැයි ශපථ කොට ජාතියේ වීරවංශය ලියන්නට ආ දියසෙන් රදු ඔහුය. පංචායුධ කුමරුය ද ඔහුම වන්නේය.
ඔහු මෙසේ කියන්නේය. 'මැතිවරණ කොමිසමෙන් අපි ඉල්ලනවා අපේ මනුස්ස කමට බැරියර් දමන්නත් - අමනුස්ස නිවේදන වලින් අපේ සමාජ යුතුකම නතර කරන්නත් එන්න එපා' කියා''
දේශප්‍රේමය සියොළඟම අග්නි දාහයක් සේ ඇවිලීගත් භීම සමයක අනේකවිධ වේශයෙන් පෙනී සිටි කොලුගැටයෙකුගේ විශ්මිත කැපවීමත්, ප්‍රතිභාසම්පන්නවු නිබය ප්‍රතිපදාවේත් ජීවමාන සාක්ෂියක් වන් විමල් විරවංශ, අනෙකුන් මෙන් අසමත් දේශපාලකයෙකු නොවේ. ඔහු නිසැකවම මෙරටේ කවර හෝ දේශපාලකයෙකු හට ලංවිය නොහැකි දුරක ස්ථානගත වූවෙකි.
මිනී කඳු ගොඩගැසුණු අධම සමයක, ජීවිතය යදින තරුණ සනුහරයකට හේ අපේක්ෂා මාත්‍රයක් රැගෙන ආවේය. ලියුමේත්, කියුමේත් පාරප්‍රාප්ත ආත්මයක් සඟවාගත් විමලසිරි ගම්ලත්, විමල් වීරවංශ නම් වූ දේශපාලකයා ලෙසින් රූපාන්තරණය වීම යනු අහම්බයක් නොවේ. එය මෙරටේ වාමාංශික දේශපාලනය දරා ගත් ''කඩිකුලප්පු විප්ලවකරුවන්ගේ'' සදාතනික උරුමය හා දෛනික ජීවිකාව බව සැවොම දත යුත්තේය.
ඇඟට වස්ත්‍රයක් හෝ කුසට අහරක් හෝ නොලද්දේ වුව, කවර ධනපති වරදානයක් හෝ අභියස තම ආත්මය පරදුවට නොතැබූ සුවහසක් යෞවන යෞවනියෝ හැත්තෑ එකේදීත් අප මව් පොළොව සිප ගත්තේය. අසුඅට - අසූ නවයේත් එවන් ගණයේ තවත් දහසක් දෙනා අප දෙරණතට ම පස් විය. එවන් අපරාජිත ආත්ම මත්තේ නැගී සිට එකී අත්මගත වේදනා දේශපාලන වේදිකා මත්තේ තොග ගණනට විකුට, දේශප්‍රේමියෙක් යැයි නාමෝපලක්ෂිත විමල් හට යළි ආපසු බැලිය හැකිද?
එවන් සිංහාවලෝකනයක් කිරීමේ අවම වරම හෝ තමන්ගෙන් ගිලිහී ඇතැයි නිමේශයකට හෝ නොසිතන විමල්, මැතිවරණ කොමිසමට උඩුබුරලන්නේ මන්ද? විමල් හා විමල් අනුදත් දේශපාලන ප්‍රවාහයට හිරිඔතප් ඇත්තේදැයි සැකය. වරෙක නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හිස්වැසුම් ගලවා තග දමන මේ හාදයා තවත් වරෙක තම නෑ සනුහරයට ගෙවල් බෙදන්නේය. එය විමසන එකා හට දේශවාත්සල්‍යය නම් යගදාවෙන් දමා ගැසීමට මැලි නොවන ඔහු තමන් හැර මෙලොව හැමෙකාම පල් සොරුන් හා දුෂකයන් යැයි සිතන්නේය.
එවන් චර්යාවක් වර නැගිය යුත්තේ ප්ලේටෝ දර්ශනයෙන් හෝ මාඕ දහමින් නොවේ. මහැදුරු සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනියට මෙසේ ලියන්නේය.
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න - ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් - කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්...
එවන් අලුත් ලොවක් ගැන සිතූ පරපුරක කරපිටින් විත් ජීවිතය දිනා (?) එමග ආ පරපුරට දත නියවූ විමල් යදින යුක්තිය කුමක්ද? මැතිවරණ කොමිෂන් සභාව ම නොවේ. මෙරටේ කවර හෝ රාජ්‍ය ආයතනයක්, නිලධරයෙක් වේවා එවැන්නක් හා සබැඳි චෝදනා තම තමනට රිසිසේ තැන තැන විචාරීම රාජ්‍යතාන්ත්‍රිකබව නොවේ. මයිලක් දුරට ඇසෙන බොල් හඬින් එවැනි චෝදනා ඇතැයි දක්වා අපටද ජාතියට අනුප්‍රාණය දෙන්නට වරම් දෙන්නැයි ඉල්ලන්නා එක්කෝ උමතු එකෙකි, නැත්නම් වාචාල බම්මන්නෙකි.
''තමන් ඉපදුණු රටත් -වැදූ මවත් ස්වර්ග රාජ්‍යයටත් වඩා අගනේ'' යැයි පැවසුවෝ මහා කවි කාලිදාසයෝය. එයම අප කථානායක වීරවංශයන් නිමන්ත්‍රණය කරන විටෙක ඔබ හට හැඟෙන හැඟීම කවරාකාරද? දේශමාමකත්වයෙන් ඔද වැඩුණු හෙළයා කිසිදිනෙක තම ජන්මය සඟවා ගෙන නැත්තේය. විමල් එයද කරන්නට මැලි වූයේ නොවේද?
කොවිඩ් 19 යනු ගෝලීය ආපදාවකි. ඉන් විපතට පත් ජනී ජනයාගේ දුකසැප බැලීම රජයේ පරම වගකීමයි - වගවීමයි. එය ජනාධිපතිවරයා රාජ්‍ය යාන්ත්‍රණයේ සහයෙන් නිවැරදිව සිදුකරන්නේය. විමල්ද ඉන්නේ කැබිනට්ටුවේය. එසේනම් බඩු බෙදන්නට නොහැක්කේ මන්ද? ඔහු මැතිවරණ අපේක්ෂකයෙකි. එහෙත් මේ වසංගතයක් නොවැ. සැබෑය. කැබිනට්ටුවේ හා කාර්ය සාධක බලකායේ ගන්නා තීරණ ක්‍රියාවට නගන මහජන සේවකයන් දාහතර ලක්ෂයක් සිටින රටකට විමල් නැතිවම බැරිද?
මේ සරල ගණිතය නොතේරෙන්නට නම් විමල් කුක්කු පැටියෙක් විය යුතුය. රහස එය නොවේ. 'මේ 'මට ගැහුවොත් තොට ගහන'' තියරියයි. අලජ්ජි දේශපාලුවන්ගේ ජාගර චිත්තවේග හමුවේ මෙරටේ කිසිදු නිලධරයෙක් පසුනොබැසිය යුත්තේය. කොමිෂන් සභා මතුනොව සකල නිලධාරී පැලැන්තියටම මෙය කදිම පාඩමකි. දේශපාලකයන් හා කවර මිත්‍රසන්ථව පැවැත්වුවද ස්වාමියා උසිගන්වන නිමේෂයේ ඒකා හපකන්නේය. එනයින් පාඩම් උගෙන දිගේලි කොට ඇති ගවයන් හා මිමන් ගැටගසන්නට මැතිවරණ කොමිෂන් සභාවට කොන්දක් හා අධිෂ්ඨානයක් තිබිය යුත්තේය.
මහදවල් මැතිවරණ කොමිසම තමන්ට බඩුබෙදන්නට නොදෙනවා යැයි කියා වැළලෙන්නට වලි කෑවද , මෙරටේ දහස් සංඛ්‍යාත මහජන නියෝජිතයන් පිරිසක් දැනුදු රජයේ සහන සැලසීමේ ක්‍රියාන්විතය හා අත්වැල්බැඳ ගෙන ඇත්තේය. ඒ හුදු ප්‍රචාරය ගැනීමේ බාල දේශපාලන උපක්‍රමය සඳහා නොව සැබෑ හැඟීමෙනි. එලෙස විමල්ටද මෙකී යාන්ත්‍රණයේ ඇන මුරිච්චියක් වීමට නොහැකිද?
කොමිසම තහනම් කොට ඇත්තේ එතුළින් ලබන අනිසි ප්‍රචාරයයි. පක්ෂ නායකයෙක්ව අනෙකාගේ අමුඩයේ වර්ණය ගැන දෙසුවා මිසක් මැතිවරණ නීතිය හෝ මාර්ගෝපදේශ ගැන මෙලෝ අලබෝලයක් මෙතුමා දන්නා බවක් නම් නොපෙණෙන්නේය. රජයේ හෝ පෞද්ගලික සන්තකය සතු කවරක් හෝ රජයේ නිල යාන්ත්‍රණයක් ඔස්සේ බෙදන්නට කවර බාධා ද? එය මේ විප්ලවවාදියයාට පමණක් සිමා වුවක් නොවේ. අපේක්ෂක සැමටය. මේ දක්වන නාටකය වෙනකකි. ණුවනැත්තෝ වටහා ගනිත්වා!
බැනඅඬ ගැසීම හා අවලාද නැගීම ජාත්‍යානුරාගීන්ගේ ජන්ම පුරුද්දකි. නිදසුන් අවැසිනම් ගෙවිඳුට ද සවන් දිය හැකිය. ඒ හමුවේ උකටලී වීම නොවටී. උපේක්ෂාසහගත වීම යෙහෙකි. ඒ ගස් නැති රටේ එඬරු ගස ද යෝධ ගසක් බැවිනි. අප සැබවින්ම පසුතැවිලි විය යුතුව ඇත්තේ එක් කරුණකට පමණි. මෙවැනි කෙසෙල්බඩ වන් අරටු නැති ගස් වුව වැටීමට නියමිතව ඇත්තේ අපගේ හා අප දරු පරපුරේ හිස් මතට වීමයි.
මංජුල ගජනායක

No comments